2010–2019
දෙවියන් සමඟ සිටීම හා කඩ කිරීම් අලුත්වැඩියා කිරීම
2017 ඔක්තෝම්බර්


දෙවියන් සමඟ සිටීම හා කඩ කිරීම් අලුත්වැඩියා කිරීම

පියාණන්වහන්සේ හා එකිනෙකා සමග ප්‍රේමබර මිත්‍රත්වයකට අප ගෙන යාමට ක්‍රිස්තුස්වහන්සේට බලය ඇත.

අපි ස්වර්ගික පියාණන්වහන්සේට හා උන්වහන්සේ පිළිබඳ අපගේ දැනුම ගැඹුරු කරගත යුතු වෙමු. උන්වහන්සේ සමග අපේ බැඳීම සදාතනික නොවෙනස් වන බැඳීමකි. අප උන්වහන්සේගේ ප්‍රේමණීය දරුවන්ය. එය කිසිදා වෙනස් නොවේ. මේ ජීවිතයේ හා පැමිණෙන්නට ඇති ලෝකයේ උන්වහන්සේ අපට දීමට බලාසිටින ආශීර්වාද භුක්ති විඳීමට හැකිවන ලෙස උන්වහන්සේ කරා පැමිණෙන ලෙසට, උන්වහන්සේගේ ආරාධනය මත අප පූර්ණ ලෙස ක්‍රියා කරන්නේ කෙසේද?

ස්වාමීන්වහන්සේ මෙසේ පැරණි ඊශ්‍රායලයට කියු අතර අපටද කියන සේක, “ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි ; මම නුඹලාව කාරුණික ආදරයකින් ලඟාකරගෙන ඇත්තෙමි..”1 පියාණන්වහන්සේ පවසන පරිදිම උන්වහන්සේ අපට පවසන සේක, “නුඹ මා තුල සිටින්න, සහ මම නුඹ තුල සිටිමි; එබැවින් මා සමඟ ඇවිදින්න.”2 උන්වහන්සේ තුල සිටීමටත්, උන්වහන්සේ හා සමග ඇවිදීමටත් තරම්, අපි උන්වහන්සේව විශ්වාස කරනවාද?

අප මේ පොළව මත සිටින්නේ ඉගෙනීමට හා වර්ධනය වීමටය, එසේම වඩා වැදගත්ම ඉගෙනීම හා වර්ධනය වීම පැමිනෙන්නේ දෙවිපියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් හා සම්බන්ධතාවයන් මගිනි. උන්වහන්සේලා සමඟ අපේ ඇදහිලිවන්ත බැඳීමෙන් දිව්‍යමය දැනුම, ප්‍රේමය, බලය හා සේවය කිරීමට වැඩි වූ හැකියාවක් ලැබේ.

“දෙවියන්වහන්සේ තමන්වහන්සේ ගැන එළි කළ සියල්ල ඉගෙනීමට අපි වගකීමකින් බැඳී සිටිමු.”3 පියාණන් වන දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුතණුවන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව, ලෝකය නිර්මාණය කිරීමට යොමු කළේ අපේ වර්ධනය, සඳහා වන බවත්, දෙවිපියාණන්වහන්සේ අපේ ගැලවීම, සඳහා යුක්තියේ ඉල්ලීම් පියවීමට උන්වහන්සේගේ පුතණුවන්ව දුන් බවත්, සහ පියාණන්වහන්සේගේ පුජකවර බලය හා අවශ්‍යය නියෝග සහිත පුත්‍රයාණන්වහන්සේගේ සැබෑ සභාව නැවත ස්තාපිත කළේ අපේ ආශිර්වාදය සඳහා බවත් අප තේරුම් ගත යුතුයි. අපේ ප්‍රීතිය හා වර්ධනය සඳහා සුදානම තුළ දිව යන ප්‍රේමයේ ගැඹුර ඔබට දැනෙනවා ද? අපි ශූභාරංචියේ නියෝග පිළිපැද සදාතනික ජිවිතය ලබා, එමඟින් දෙවියන්වහන්සේ මෙන් වීම දෙවිපියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම බව දැන ගත යුතුයි.4 මෙයයි දෙවියන්වහන්සේ අපට ඉදිරිපත් කරන සත්‍යය හා කල් පවතින ප්‍රීතියයි. වෙනත් කිසිදු සත්‍ය හා කල්පවතින ප්‍රීතියක් නැත.

අපේ අභියෝග මෙම ප්‍රිතියේ මාර්ගයෙන් අපව ඉවතට ඇද දැමිය හැකිය. අභියෝගවලට මුහුණ දීමට සිදුවන අවස්ථා අපව අපේ දණහිස් මතට යවනවා වෙනුවට, අපව ව්‍යාකූල කරන්නේ නම් දෙවියන්වහන්සේ සමඟ අපේ විශ්වාසවන්ත සම්බන්ධය අපට අහිමි විය හැකිය.

මේ සරල යුගලය අපට ප්‍රමුඛතා තෝරාගැනීමක් සිදු කරන ලෙස ඉල්ලයි:

සමහර දේවල් වැදගත්; සමහර දේවල් එසේ නොවේ.

සමහර දේවල් කල් පවතී, ඒත් බොහෝ දේ එසේ නොවේ.5

සහෝදරියනි, ඔබට වටින්නේ කුමක්ද? ඔබට වඩා කල්පවතින්නේ කුමක්ද? පියාණන්වහන්සේට වැදගත් දේ නම් අපි පොළොව මත අත්දැකීමෙන් උන්වහන්සේ ගැන ඉගෙන ගන්නා බව, නිහතමානී වන බව හා උන්වහන්සේට කීකරුව වැඩෙන බවයි. අපි අපේ ආත්මාර්ථකාමිත්වය - සේවයටත්, අපේ බිය - ඇදහිල්ලටත් වෙනස් කිරීම උන්වහන්සේට වුවමනා වන සේක. මෙම කල් පවතින කාරණා අපව අපේ අභ්‍යන්තරයටම පරීක්ෂා කළ හැක.

එහෙත් දැන්, අපේ ලෞකික සීමාවන් සහිතවද, පියාණන්වහන්සේ ඉල්ලන්නේ ප්‍රේම කිරීමට වඩාත් අපහසු වූ විට, ප්‍රේම කරන ලෙසටය, සේවය කිරීම අපහසු වු විට, සේවය කරන ලෙසටය, සමාවදීම ආත්මයට අසීරු වන විට, සමාව දෙන ලෙසටය. කෙසේද? කෙසේද අපි එය කරන්නේ? අපි ඕනෑකමින් යුතුව උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමයෙන්, දෙවිපියාණන්වහන්සේගේ උපකාර අයදිමෙන් හා ස්වාධීනව හා අහංකාරව අපේ කැමැත්ත කරනවා වෙනුවට, උන්වහන්සේගේ මාර්ගයෙන් දේවල් කිරීමෙනි.

රූපය
වතුර- භාජනය

සභාපති එස්ස්‍රා ටෆ්ට් බෙන්සන් අභයන්තර තැනැත්තා පවිත්‍ර කිරීම ගැන කතා කළ විට, මම මාගේ අහංකාරකම අඳුරගත්තෙමි. 6 මම මාව භාජනය ලෙස මවා ගත්තෙමි. මම මගේ භාජනයෙන් අහංකාරකමේ අවශේෂ වූ කොටස ඉවත් කරන්නේ කොහොමද? මම බලයෙන් නිහතමානී වීම හා බල කිරීමේන් අනුන්ට ප්‍රේම කිරීමට උත්සහ කිරීම ව්‍යාජයි සහ හිස් සහිතයි, සරලව කීවෝතින් වැඩ නොකරයි. අපේ පව් හා අහංකාරකම මඟින් අප හා සියලු ප්‍රේමයේ පෙරමුණ, අප දෙවිපියාණන්වහන්සේ අතර කඩවීමක් හෝ පරතරයක් ඇති කරයි.

අපව අපේ පව් වලින් පවිත්‍ර කර ඒ කඩවීම හෝ පරතරය වැසිය හැක්කේ ගැලවුම්කරුවාණන්වහන්සේගේ වන්දි ගෙවීමට පමණි.

අපට උවමනා වන්නේ දෙවිපියාණන්වහන්සේගේ ප්‍රේමයේ හා මග පෙන්වීම තුල වෙළී සිටීමටයි. ඒම නිසා අපි උන්වහන්සේගේ කැමැත්ත ප්‍රමුඛව තබමු. අපේ භාජනයට පවිත්‍ර කිරීමේ ජලයේ ධාරාවන් වක් කරන ලෙසට ක්‍රිස්තුස්වහන්සේගෙන්, කැඩුණු හදවතකින් බැගෑපත්ව අපි ඉල්ලමු. මුලදී එය බින්දුවෙන් බින්දුව පැමිණේවි. නමුත් අප එය සොයන විට හා ඉල්ලන විට, එය වැඩියෙන් පැමිණේවි. මෙම ජීවමාන ජලය අපව පිරවීමට පටන් ගනිවි. උන්වහන්සේගේ ප්‍රේමයෙන් එය කටටම පිරවෙන විට, අපව හා අපේ ආත්මයේ භාජනය පිරිසිඳු වන කල්හි, එය ඇල කර එහි අඩංගු දේ සුව කිරීම, බලාපොරොත්තුව හා අයිතිවීම සඳහා පිපාසයෙන් සිටින්නන් සමඟ බෙදා ගත හැක. අප ඇතුලාන්තයේ භාජනය පිරිසිඳු වනවාත් සමගම අපගේ ලෞකික බැඳීම්ද සුව වේවි.

අපේ පුද්ගලික වැඩ සටහන්වල කැප කිරීම දෙවියන්වහන්සේගේ සදාතනික සැලැස්මයන් සඳහා ඉඩකඩ සෑදීමට අවශ්‍යය වේ. පියාණන්වහන්සේ වෙනුවෙන් කතා කරන, ගැලවුම්කරුවාණන්, “මා කරා ලංවෙන්න, එවිට මම නුඹ කරා ලං වෙන්නෙමි.”7 කියා බැගෑපත්ව ඉල්ලන සේක. පියාණන්වහන්සේ කරා ලංවීම යන්නෙන් අදහස් වන්නේ, උන්වහන්සේගේ සත්‍යය ගැන ශූද්ධ ලියවිලි තුලින් ඉගෙනීම, අනාගතවක්තෘ උපදේශයෙන් පිළිපැදීම හා උන්වහන්සේ කැමැත්ත සම්පූර්ණ ලෙස ඉටුකිරීමට උත්සහ කිරීමයි.

පියාණන්වහන්සේ සමග හා එකිනෙකා සමග, අපව ප්‍රේමබර මිත්‍රත්වයක් කරා ගෙන ඒමට ක්‍රිස්තුස්වහන්සේට බලය ඇති බව අප තේරුම්ගන්නවාද? උන්වහන්සේට, ශූද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙන්, අපට සම්බන්ධතා තුළ අවශ්‍ය අභ්‍යන්තර දැක්ම ලබා දිය හැක.

ප්‍රාථමිකයේ ගුරුවරයෙක් ඔහුගේ එකොළොස් හැවිරිදි පිරිමි ළමුන්ගේ පන්තිය සමඟ වූ බලවත් අත්දැකීමක් මට කීවේය. ඉන් එක් අයෙක්, මම ඔහුට ජීමී කියන්නම්, පන්තියේ අසමඟිව තනිව සිටි අයෙකු විය. එක් ඉරු දිනක, ඔහුගේ පාඩම පසෙක තබා ඔහු ජිමීට ප්‍රේම කළ හේතු කීමට පෙළඹුණි. ඉන්පසු පන්තියේ සමාජිකයන්ට ඔවුන් ජිමි ගැන අගයන කරුණක් ඔහුට කියන ලෙසට ගුරුවරයා පැවසුවේය. පන්තියේ සමාජිකයන්, එකින් එක, ජිමී ඔවුන්ට විශේෂ යැයි කියා ජිමීට කියන විට, එම දරුවා හිස පහත් කර ගත් අතර, ඔහුගේ කම්මුල් දිගේ කඳුළු බේරෙන්නට විය. ජිමීගේ තනි වු‍ හදවතට මේ ගුරුවරයා හා පන්තිය පාලමක් තැනුවේ ය. සරල ප්‍රේමය, අවංකව ප්‍රකාශ කළ විට, අනුන්ට බලාපොරොත්තුව හා වටිනාකමක් ගෙන දෙයි. මා මෙය හඳුන්වන්නේ “කඩ කිරීම් හෝ පරතරය අලුත්වැඩියා කිරීම ” ලෙසයි.

සමහරවිට, මැරෙන සුලු ජීවිතයට පෙර ප්‍රේමබර පෙර ලෝකයෙහි අපේ ජීවිතය, සමහර විට, මෙම පොළොව මත සත්‍යය, කල් පවතින ප්‍රේමය සඳහා ආශාවක් අප තුළ ඇති කරන්නට ඇති. අපව දිව්‍යයමය ලෙස නිර්මාණය කර ඇත්තේ ප්‍රේමය දීමට හා ප්‍රේමය ලැබීමටයි. එසේම, ගැඹුරුම ප්‍රේමය එන්නේ අප දෙවියන්වහන්සේ හා එක් වු විටයි. මෝර්මන්ගේ පොත අපට “ක්‍රිස්තුස්වහන්සේ[ගේ]….. වන්දි ගෙවීම තුළින් උන්වහන්සේ වෙතට සමඟි කර ගන්න.”8 කියා ආරාධනා කරයි.

ඇදහිලිවන්තව උපවාසයේ නීතිය පිළිපදිමින් ඔවුන්ගේම දරු පරම්පරාවට “කඩ කිරීම් අලුත්වැඩියා කරන්නෙකු” වන පුද්ගලයන් පිළිබඳව යෙසායා කතා කළේය. “නටබුන්ව තිබුණු තැන් ගොඩනැගු[ව]”9 අය, ඔවුන් වන බව යෙසායා පොරොන්දු විය. ඊට සමාන ආකාරයකට, අප හා දෙවිපියාණන්වහන්සේ අතර තිබු කඩ කිරීම් ගැලවුම්කරුවාණන්වහන්සේ අලුත්වැඩියා කළහ. උන්වහන්සේ, උන්වහන්සේගේ මහඟු වන්දි ගෙවීමේ කැප කිරීම හරහා, අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය බලය භුක්ති භූක්ති විඳීමට හා එවිට අපේ පුද්ගලික ජිවිතවල “නටබුන්ව තිබුණු තැන්” අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ප්‍රේමයට මාර්ගය විවර කරන සේක. එකිනෙකා අතර හැඟීම්වල දුරස්බව සුව කිරීමට පියාණන්වහන්සේගේ ප්‍රේමය අප පිළිගැනීමත් හා අපේ ස්වාභාවික ආත්මාර්ථකාමී හා බියසුලු පුරුදු වල කැප කිරීමත් අවශ්‍ය වේ.

එක් මතක සිටින රාත්‍රියක, නැදෑයෙකු හා මම දේශපාලන කාරණයක් ගැන එකඟ නොවීය. ඇය වරකට එක් හා සම්පූර්ණයෙන්ම මගේ අදහස් බිඳ දැමුවාය. පවුල් සාමාජිකයන්ගේ ඇසෙන සීමාව තුළ මා වැරදියි කියා ඔප්පු කළාය. මා මෝඩයි හා දැනුමක් නැති බව මට හැඟුණි. මා එසේ වන්නට ද ඇති. එදා රෑ මා යාච්ඤා කිරීමට දණ ගසන විට, මේ නැදෑයා කෙතරම් අපහසු ද කියා දෙවිපියාණන්වහන්සේට පැහැදිලි කිරීමට මා ඉක්මන් විය. මම දිගටම කතා කළෙමි. මම මාගේ පැමිණිල්ල අතර මැද නවතින්නට ඇති. එයින් ශූද්ධාත්මයාණන්වහන්සේට මාගේ අවධානය ගන්න හැකි වන්නට ඇති. මන්ද, මගේ පුදුමයට, මම ඊළඟට, “ඔබට අවශ්‍යය මා ඇයට ප්‍රේම කිරීම වෙන්න ඇති.” කියා කීවෙමි. ඇයට ප්‍රේම කරන්න? මම මෙවැනි යමක් කරමින්, දිගටම යාච්ඤා කළෙමි, “මම කොහොමද ඇයට ප්‍රේම කරන්නේ ? මම ඇයට කැමතියි කියාවත් මට හිතෙන්නේ නෑ මගේ හදවත ගල් වී, මගේ හැඟීම් වේදනාවෙන් ඇත. මට එය කරන්න බෑ.”

එසේනම්, නිශ්චිතව ම ආත්මයාණන්වහන්සේගේ උපකාරයෙන්, මට නව හැඟීමක් ඇති විය මා මෙසේ කී විට, “ඒත් ඔබ ඇයට ප්‍රේම කරනවා, ස්වර්ගික පියාණන්වහන්ස, ඇය සඳහා ඔබේ ප්‍රේමයෙන් පංගුවක් - මටත් ඇයට ප්‍රේම කරන්න හැකි වන ලෙසට - දෙනවාද?” මගේ ගල් වූ හැඟීම් මෘදු වී මගේ හදවත වෙනස්වන්නට විණි, මට මේ පුද්ගලයා වෙනස් ලෙස පෙනෙන්නට විණි. ස්වර්ගික පියාණන්වහන්සේ ඇය තුල දුටු සැබෑ වටිනාකම මට දැනෙන්නට විය. යෙසායා මෙසේ ලියුවේය, “සමිඳාණන්වහන්සේ තමන් සෙනඟට ගේ බිඳුම් බැඳ, ඔවුන්ගේ තුවාලයේ පහර සුවකරන සේක.”10

කාලයක් සමග අප අතර තිබු පරතරය වැසුණි. එහෙත් ඇය මගේ වෙනස් වූ හදවත ප්‍රතික්ෂේප කළා නම්, අප දෙවිපියාණන්වහන්සේගේ උදව් බැගෑපත්ව ඉල්ලුවහොත් ප්‍රේම කළ නොහැක කියා සිතූ අයටත් ප්‍රේම කිරීමටත් උන්වහන්සේ අපට උපකාර දෙන බව මම ඉගෙන ගත්තෙමි. ගැලවුම්කරුවාණන්වහන්සේගේ වන්දි ගෙවීම අප ස්වර්ගයේ වැඩ සිටින පියාණන්වහන්සේගේ ප්‍රේමයේ නියත ධාරාවට සන්නායකයකි. සියලු දෙනා සඳහා ප්‍රේමය තිබීම සඳහා මෙම ප්‍රේමය පිළිගැනීමට හා එයට බැඳී සිටීමට අපි තෝරාගත යුතු වෙමු.

අපි අපේ හදවත පියාණන්වහන්සේට හා පුත්‍රයාණන්වහන්සේට දෙන විට, අප අපේ ලෝකය වෙනස් කරයි. අප වටා තිබුණු තත්වය වෙනස් නොවුවත්. අපි ස්වර්ගික පියාණන්වහන්සේ කරා ළඟා වන අතර ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් වීමට අපේ උත්සාහ සඳහා උන්වහන්සේගේ මෘදු වූ පිළිගැනීම දැනේ. අපේ අවබෝධය, ආත්ම විශ්වාසය, හා ඇදහිල්ල වැඩි වේ.

මෙම ප්‍රේමය සඳහා හදවතේ පූර්ණ ශක්තියෙන් යාච්ඤා කරන විට එය එහි මුලයෙන් - ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය අපට ලැබෙන බව මෝර්මන් අපට කියයි.11 අපට පොළව මත සම්බන්ධතාවල කඩ කිරීම් අලුත්වැඩියා කරන්නෙකු විය හැක්කේ එවිට පමණි.

අපේ පියාණන්වහන්සේගේ අනන්ත වූ ප්‍රේමය අප වෙත දිගු වී, උන්වහන්සේගේ මහිමය හා ප්‍රීතිය කරා අපව ආපසු අරගෙන යයි. උන්වහන්සේ උන්වහන්සේගේ ඒක ජාතික පුත්‍රයා වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව, අප හා උන්වහන්සේ අතර පළල් ව ඇති කඩකිරීම් අලුත්වැඩියා කිරීමට එවු සේක. ස්වර්ගයේ පියාණන්වහන්සේව නැවත හමු වීම කල්පවතින ප්‍රේමයේ හා සදාතනික අරමුණේ සාරයයි. සැබවින්ම වැදගත් වන දේ ඉගෙනීමට, උන්වහන්සේ ප්‍රේම කරනවා සේ ප්‍රේම කිරීමට හා උන්වහන්සේ සේ වැඩීමට අපි දැන් උන්වහන්සේ සමඟ සම්බන්ධ විය යුතු වෙමු. දෙවිපියාණන්වහන්සේ හා ගැලවුම්කරුවාණන්වහන්සේ සමඟ අපේ ඇදහිලිවන්ත සම්බන්ධය උන්වහන්සේලා හට අප සදාතනික ලෙස වැදගත් බව මම සාක්ෂි දරමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමේන්.