2010–2019
වෙන් වුවත්, එක්සත්ව
2017 ඔක්තෝම්බර්


වෙන් වුවත්, එක්සත්ව

සභාව තුළ අපගේ වෙනස්කම් කුමක් වුවත්, අපි එක්සත් වනු ඇතැයි ස්වාමීන්වහන්සේ බලාපොරොත්තු වන සේක.

1994 ජුනි මාසයේ, ලෝක කුසලානයේ දී අපගේ ජාතික කණ්ඩායම ක‍්‍රීඩා කරන අයුරු රූපවාහිණියෙන් නැරඹීමට මම ලහි ලහියේ රිය පැදෙව්වෙමි. මම ගමන යන අතරතුරේදී, ඈත ඉඳන් එක් මිනිසෙක් බ‍්‍රසීල් ජාතික කොඩියෙන් ඔහුගේ රෝද පුටුව සරසාගෙන හදිසියෙන් ඉදිරියට එන අයුරු දුටුවෙමි. තරඟය බැලීමට ඔහුද ඔහුගේ නිවස කරා යන බවක් මට හැඟිණි.

අපි එකිනෙකා පාර මාරුවන විටදී, එකිනෙකාගේ නෙත් ගැටිණි. සුළු වේලාවකට ඒ මනුෂ්‍යයා සමග ශක්තිමත් බැදීමක් මට දැනුනි. අපි වෙනස් පැතිවලට ගමන් කරමින් සිටි අතර, එකිනෙකා අඳුරන්නේ නැති වුවත්, වෙනස් සාමාජීය හා ශාරීරික තත්ව වල සිටියත්, ඒ මොහොතේ දී අපේ රටටත්, පාපන්දු වලටත් අපේ තිබුණු ආදරය නිසා එකමුතු බවක් මට දැනිණි. ඉන්පසු මට ඔහු නැවත හමුනොවිණි, නමුත් අද, දශක ගණනාවකට පසුවුවත්, ඒ මනුෂ්‍යයා සමග තවමත් ඒ බැඳීම හා ඒ ඇස් මට දැනෙයි, ඒ කෙසේ නමුත් ඒ අවුරුද්දේ අපි ලෝක කුසලානය ජයගත්තෙමු!

සභාව තුළදීත් අපගේ වෙනස්කම් තිබුණත්, අපි එක්සත් වන ලෙසට ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වන සේක. දහම හා ගිවිසුමේ දී උන්වහන්සේ පවසන්නේ “එක්සත් වන්ත, එසේ නොවුනහොත් නුඹලා මාගේ නොවන්නේය” යනුවෙනි.1

කණ්ඩායමක් වශයෙන් සභාවට ඇතුළු වන විටදී අපි අපගේ ජාතිය, සමාජ තත්වය , දේශපාලන අදහස්, අධ්‍යාපනික හා වෘත්තීමය ජයග‍්‍රහණ ඇතුළු සියළු වෙනස්කම් අතහැර, ඒ වෙනුවට අපගේ පොදු අධ්‍යාත්මික අරමුණු පිළිබඳව අවධානය දිය යුතුයි. අපි එකට එකතු වී ගිතීකා ගයන්නෙමු, සක‍්‍රමේන්තුවේදී එකම ගිවිසුම මෙනෙහි කරන්නෙමු, කථාවන්, පාඩම් සහ යාච්ඤා අවසානයේ දී එකට “ආමෙන්” යැයි පවසන්නෙමු, මන්ද ඒ බෙදාගත් දෙය අපි පොදුවේ පිළිගත් බව ට අපි එකඟ වන්නෙමු.

සභිකයන් තුළ ශක්තිමත් එකමුතු බවක් ඇතිකරන්නට අපි මේ දේවල් එක්රැස්ව කරන්නෙමු.

එනමුත්, අපේ එකමුතුකම ශක්තිමත් කිරීමට , විනාශ වීමට, තීරණාත්මක සාධකය වන්නේ අපි අපගේ සහෝදර සභිකයන්ගෙන් ඈත්වී ඉන්නා විට අපි ක‍්‍රියාකරන ආකාරයයි. අපි එකිනෙකා ගැන කතා කිරීම නවත්වන්නට බැරී සාමාන්‍ය දෙයක් බව අපි දන්නෙමු.

එකිනෙකා ගැන කියන්නට අපි තෝරාගන්නා දේවල් මත, අපගේ වචන මෝර්මන් නදියේ බෞතීස්ම වූවන්ට ඇල්මා ඉගැන්වූවා මෙන්, “හදවත් එකමුතුව යාවී”2 අපට සිටින්න පුළුවන් වගේම අපි අතර පේ‍්‍රමය, විශ්වාසය හා යහපත් චේතනාව විනාශ වෙන්නටද පුළුවනි.

“ඔව්, එයා හොඳ සභානායකයෙක්, එත් ඔයාට මතක නැද්ද එයා තරුණයෙක්ව උන් කාලයේ දී සිටිය විදිය!” වැනි එක්සත්කම නිහඬව විනාශ කෙරෙන අදහස්ද තිබේ.

“සභානායකයා හරිම හොඳයි, මේ කාලය තිස්සේ එයා සෑහෙන්න පරිණතව හා නැණවත්ව වර්ධනය වී තිබෙනවා.” යැයි පැවසීම වඩා යහපත් දෙයකි.

බොහෝ අවස්ථාවලදී අපි එකිනෙකා නොමැකෙන නම් පටබඳිනවා, උදාහරණයකට, “අපේ සභන සමිතියේ සභාපතිනියව හදන්න බැහැ, එයා මුරණ්ඩු වැඩියි!” යැයි කියන්නට පුළුවන්. ඒ වෙනුවට “සහන සමිතියේ සභාපතිනිය මේ දවස්වල ටිකක් නම්‍යශීලී බවින් අඩුයි, මොකක් හරි ප‍්‍රශ්නයක් වෙලාද දන්නෑ උදව් කරමු අපි එයාට!” යැයි කියන්න පුළුවන්.

ප‍්‍රමිතියක් නැති නිෂ්පාදනයක් ලෙස කවුරුන්ව හෝ විශේෂයෙන්ම සභාව තුළ කෙනෙකුව පෙන්වා දීමට අපට අයිතියක් නැත. ඒ වෙනුවට යේසුස් ක‍්‍රිස්තුස්වහනසේගේ වන්දි ගෙවීම හා උන්වහන්සේ කෙරෙහි වු අපගේ විශ්වාසයන් උන්වහන්සේ මගින් හා තුළින් අපිට සැමවිටම යහපත් වන්නට පුළුවන් බව, අපගේ සහෝදර පිරිස් ගැන අපි කථා කරන වචන තුළ තිබිය යුතුයි!

කුඩා කාරණා නිසා ඇතැමුන් සභාවේ නායකයින් හා සාමාජිකයින් විවේචනය කරමින් ඔවුන්ගෙන් බෙදීමක් ඇතිකර ගනී.

සයිමොන්ඩ්ස් රයිඩර් නමැති 1831 දී සභාවේ සාමාජිකයෙක් වූ කෙනෙකුගේ කථාවත් ඒ වාගේමයි. ඔහුට වැදගත් වූ අනාවරණයක් කියවීමෙන් පසුව ඔහුගේ නම “Rider”, වශයෙන් “y” අකුර නැතිව “i” අකුර ලියා තිබුනු නිසා සිත් වියවුල් විනි. මේ සිද්ධියට ඔහුගේ ප්‍රතිචාරය නිසා ඔහු අනාගතවක්තෘවරයාණන් පිළිබඳව අවිශ්වාෂයක් ඇතිකරගත් අතරම ජෝසෆ් ට පීඩාකාරී වෙමින් සභාවෙන් ඉවත්වීමෙන් අවසන් විය.3

අපගේ සභාවේ නායකයින්ගෙන් කිනම් ආකාරයෙන් හෝ නිවැරදි කිරීමක් අපි බොහෝ විට අත්දකින්නෙමු. , එකල අපි ඔවුන් සමග කොතරම් එක්සත්ද යන්න පරික්ෂාවට ලක්වනු ඇත.

වසර 44 කට කලින්, මට වයස 11ක් විටදී, මම ඇතුළු මාගේ පවුල සහභාගි වු සභාව විශාල ප‍්‍රතිසංසකරණයක් කරන්නට තිබු බව මට මතකයි. එසේ කිරීමට පෙර, ප්‍රාදේශීය හා කොට්ඨාශ නායකයින් සහභාගීවු රැස්වීමකදී සාමාජිකයින් තම දායකත්වය දෙන්නේ කෙසේදැයි සාකච්ඡා කරනු ලැබීය. වසර ගණනාවක් එහි මුලසුන හෙබවු මාගේ පියා, මෙම ක‍්‍රියාව ආධුනිකයන්ගෙන් නොව වෘත්තිකයන් යොදවා ගැනීම වඩා සුදුසුයි යන ඔහුගේ දැඩි මතය ප‍්‍රකාශ කර සිටියේය.

ඔහුගේ මතය ප‍්‍රතික්ෂේප වුවා පමණක් නොව, ඔහුට දැඩි ලෙස පොදුවේම දොස් ලැබුණු බව අපිට දැනගන්නට ලැබුණි. මොහු සභාවට ඉතා කැපවුනු මනුෂ්‍යයෙන් පමණක් නොව, තමන් විශ්වාස කළදේ වෙනුවෙන් සටන් වදින්නට හුරුපුරුදු දෙවන ලෝක යුද්ධ කාලයේදී යුරෝපයේ සිටි සොල්දාදුවෙකි. මෙම සිද්ධියෙන් පසුව ඔහුගේ ප‍්‍රතිචාරය කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවනි. තම මතයේම හිදිමින් ගෙන ඇති තීරණයට ඔහු විරුද්ධ වී ඔහුගේ මතයේම රැඳී සිටිනවාද?

නායකයන් සමග වැඩ කිරීමට නොහැකි නිසා ශුභාරංචියේ දුර්වල වු පවුල්, අපගේ ශාඛාවේ අපි දැක තිබෙනවා. තමන්ගේ තරුණ වියේදී, සභාව තුළ සිටි අයගේ වැරදි හොයමින් සිටිය දෙමව්පියන්ගේ දරුවන් වු මාගේ ප‍්‍රාථමිකයේ යහළුවන් ඇදහිල්ල අහිමි කරගත් අවස්ථා මම දැක තිබුණි.

එනමුත් මාගේ පියා අපගේ සහෘද ශූද්ධවන්තයින් හා එක්සත්ව සිටින්නට තීරණය කළ අතර, යම් දින කිහිපයකට පසුව, ගොඩනැගිලි ඉදිකිරීමට සාමාජිකයින් රැස්වන විටදී , කිනම් හෝ අයුරකින් උපකාර වන්නට ඔහුත් සමග රැස්විම් පලට එන්නට ඔහු “ආරාධනාවක්” අපිට කළේය.

මම ටිකක් තරහින් සිටියෙමි. “සාමාජිකයන් මේක කරනවාට තාත්තා විරුද්ධ වුණා නම් ඇයි අපි උදව් කරන්න යන්නේ?” මට ඔහුගෙන් අහන්නට තිබුණා. නමුත් ඔහුගේ මුහුණ දෙස බැලූ විට මට එසේ අසන්නට සිතුනේ නෑ. නැවත කැපකිරීම සඳහා හොඳින් සිටීමට මට උවමනා වී තිබූ නිසා, මම නිශ්ෂබ්දව ගොඩනැගිල්ල සෑදීමට උපකාර වුනෙමි.

වැඩ නිමා වන්නට පෙර තාත්තා මිය ගිය නිසා අලුතින් සම්පුර්ණ කෙරුණු සභාව දැකගන්නට ඔහුට නොහැකි විය. මව විසින් මෙහෙයවෙනා පවුලේ ඉතිරි අපි එය අවසන් කරන තෙක් දායකත්වය දුන්නෙමු. එයින් අපි අපගේ පියාත්, සභාවේ සහෝදර සාමාජිකයන්, අපේ නායකයින් හා විශේෂයෙන්ම ස්වාමින්වහන්සේ සමග එකමුතුව සිටියෙමු.

තම වේදනාකාරී ගෙත්සෙමනි අත්දැකීමට මඳක් පෙරාතුව, තම ප්‍රේරිතවරුන් හා සියළු ශූද්ධවන්තයින් වෙනුවෙන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේට යාච්ඤා කරමින් සිටියදී මෙසේ කී සේක; “පියාණෙනි, මා ඔබවහන්සේ තුලද, ඔබවහන්සේ මා තුලද මෙන්, ඔවුන් සියල්ලෝම එකතු වනු මැනව.”4

සහෝදර සහෝදරියනි, සභාවේ නායකයින් හා සාමාජිකයින් සමග රැස්ව සිටියදීත් විශේෂයෙන්ම වෙන් වෙන්ව ඉන්නා විටදීත්, එක්සත් වන්නට අපි තීරණය කරනා විට, ගැලවුම්කරුවාණන්වහන්සේ හා දෙවිපියාණන්වහන්සේ සමගින් අපි වඩාත් එක්වුණා යැයි අපට දැනෙන බවට මම සාක්ෂි දරමි. යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.