2010–2019
අවසානයේදී - නුඔලා සර්වසම්පූර්ණ වන්න
2017 ඔක්තෝම්බර්


අවසානයේදී - නුඔලා සර්වසම්පූර්ණ වන්න

අපි නොපසුබට වී සිටියෝතින්, සදාකාලයේ කොතැනකදී හෝ අපගේ පිරිපුන්වීම සර්ව සම්පූර්ණ වේ, නිමා වේ.

ශුද්ධ ලියවිලි සටහන් තබනු ලැබුවේ අපිට ආශිර්වාද කර, දිරිමත් කරන්නටයි. එය සාර්ථක වී ඇත. අපිට දායාද වී ඇති සෑම පරිච්ඡේදයකටම, පේළියකටම අපි ස්තූතිවන්ත වෙමු. නමුත් කළින් කලට, අපේ අඩුපාඩු මතක් කර දෙන්නට සමත් වැකියක් අපිට හමුවන බව ඔබට වැටහී තිබෙනවාද? උදාහරණයකට, කන්ද උඩ දේශනාව ඇරඹෙන්නේ මෘදු, ලස්සන පැදි පෙළවල් වලිනි. නමුත් ඉන්පසුව - තවත් කරුණු වලට අමතරව- ප්‍රාණ ඝාතයෙන් වැළකීම පමණක් නොව කෝප වන්නටත් එපා යැයි පවසනවා. අපෙන් ඉල්ලා සිටින්නාට අපේ ලෝගුවත්, කබායත් ත්‍යාග කළ යුතුයි. අපගේ හතුරන්ට අපි ප්‍රේම කළ යුතුයි, ශාප කරන්නන්හට ආශිර්වාද කළ යුතුයි.1

එය ඔබේ උදෑසන ශුභාරංචි ඉගැනීම විය හැකිය, ඒ තරම් දුර කියවීමෙන්, අපේ සුභාරංචි ලකුණු පොතේ හොඳ ලකුණු ලැබෙන්නැති බව අපිට පෙනුනත්, අවසන් පහර එල්ල කරන්න අණපනත් වල අවසානයේදී පැවසෙන්නේ; “ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ සර්ව සම්පූර්ණව සිටින්නාක් මෙන් ඔබද සර්ව සම්පූර්ණ වන්න”2 බවයි. එම කාරණය සමඟ අවසන් වූ පසුව, අපි සියළු දෙනාම නැවත ඇඳට ගිහින් ඇඟම වැහෙන්න පෙරවගන්න අපට සිතෙනු ඇති. එවැනි දිව්‍යමය අරමුණු අපේ ග්‍රහණයෙන් එහා බවයි දැනෙන්නේ. නමුත්, අපට රැකගන්නට බැරි අණ පණත්, සමිඳානන්වහන්සේ අපට නොදෙන සේක. මෙම පැටලැවිල්ලේ අවසානය සොයා බලමු.

“මම කොතරම් අසාර්ථක වුණාද.” “මම එතරම් යහපත් නැහැ.” “මට කවදාවත් ඒක කරන්න බැරිවෙයි.” යන ප්‍රශ්නයෙන් සභාවේ බොහෝ දෙනෙකු පෙළෙන බව මට ඇසී තිබෙනවා. මෙය යෞවනයින්ගෙන් මම අසා ඇත. ධර්මදූතගෙන් මට එය ඇසී ඇත. නව හැරී එන්නන්ගෙන් මට එය ඇසී තිබෙනවා. ජීවතයේ මුල පටන් සාමාජිකයන්ට සිටි අයගෙන් මට ඇසී තිබෙනවා. එක් ඥාණවත් පසුදවස්වල ශුද්ධවන්ත සහෝදරියක් වූ ඩාර්ලා අයිසැක්සන් වරෙක දරා සිටියේ, සාතන් කෙසේ හෝ ගිවිසුම් හා අණපනත් ශාපයන් හා අවමානයන් යැයි දන්වන්නට හැකිවී තිබෙන බවයි. ඔහු සමහරුන්ට, ශුභාරංචියේ චින්තනය හා අනුභාවය, ස්වයං පිළිකුලට හා විලාපයට හේතුකාරකයක් කර තිබෙනවා.3

දෙවියන්වහන්සේ අපට පවරා ඇති එක අණ පණතක්වත් මා කියන දෙයින් අවබල හෝ අහෝසි වන්නේ නැත. මම උන්වහන්සේගේ සර්වසම්පූර්ණ බව විශ්වාස කරන අතර, උන්වහන්සේ හා සෑම වීමට දිව්‍යමය විභවය සහිත උන්වහන්සේගේ ආත්මික පුතුන්, දියණියන් අපි බව මම දන්නෙමි. තවද අපි දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන්, තම තමන්ව අවමාන හෝ තමන් දුෂ්ඨයෙකු කර ගැනීම නොකළ යුතුයි. මක්නිසාද තමන්ටම මැරෙන සුළු සමයේදී දඬුවම් කිරීමෙන්, සදාකාලයේ දී දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන චරිතය බවට අපි පත්වන්නේද? නැහැ! පසුතැවිල්ලට කැමති සිතකින් හා අපගේ හදවතේ වැඩිවන ධර්මිෂ්ඨකමට උවමනාවෙන්, බඩේ වත, නැත්නම් මුලිමියාව, සාංකාව නැත්නම් අපගේ අභිමානය විනාශ වීමට ඉඩ නොදී පෞද්ගලික දියුණුව අපි හඹායනු ඇතැයි බලාපොරොත්තු තබමි. හිතට අවංකව, “යේසුස්වහන්සේ මෙන් වීමට මම උත්සහ කරමි”4 යැයි ගායනා කරන ප්‍රාථමිකයේ දරුවන්ටත්, අනෙක් අයටත් ස්වාමින්වහන්සේට උවමනා වී ඇති දේ මෙය නොව.

මෙම ගැටළුවේ පසුබිම පිළිබඳව සැලකුවොත්, අපි ඇදවැටුණු ලෝකයක ජීවත්වන, දැනට ඇදවැටුණු පිරිසක් බවට මා මතක් කරනවා. අපි “” යන්නෙන් නොව “” යන්නෙන් ඇරඹෙන ටෙලෙස්ටියල් රාජධානියේ වාසය කරන්නෙමු. සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ පරිදි, මෙම මැරෙන සුළු සමයේදී සර්වසම්පූර්ණත්වය “මඟ එමින් පවතී.”5

මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ විෂය පිළිබඳව යේසුස්වහන්සේ තම දේශනාව, සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේ යනු කවරෙක් දැයි යන්නත්, අපිට සදාකාලයේ අත්කරගත හැකි දේ පිළිබදව කතිකාවතක ස්වරූපයක් ගත් මිසක, මැරෙන සුළු සමයේදී අපගේ දුර්වලකම් වලට පහර එල්ල කරන වාචික ගල් මිටි ප්‍රහාරයක් සිදු නොකළ බවයි. කෙසේ වෙතත්, මගේ බොහෝ අඩුපාඩුකම් මධ්‍යයේ, දෙවියන් වහන්සේ සර්වසම්පූර්ණ බව - උදාහරණයක් වශයෙන්, තමන්ගේ හතුරන්ටත් ප්‍රේම කළ හැකි බව දැන සිටීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙමි. මම එසේ කියන්නේ, අපි තුළ සිටිනා “ස්වභාවික මනුෂ්‍යයා”6 හා ගැහැණිය නිසා බොහෝ අවස්ථාවලදී ඔබත් මමත් ඒ සතුරා බවට පත්වන්නෙමු. නොදැනුවත්ම වුණත් උන්වහන්සේව අපි සැම අපගේ උවමනාවලට යොදවාගන්නා නිසා, උන්වහන්සේව තම තමන්ගේ උවමනා වලට යොදවාගෙන, උන්වහන්සේව නොසලකා හරින්නට දෙවියන්වහන්සේ හරි ආශිර්වාද කරන්නට සූදානම් බව දැන සිටීම පිළිබඳ මම ස්තූතිවන්ත වෙමි. දෙවියන් වහන්සේගේ කරුණාවන්ත බවටත්, සාමකාමී ගුණයටත් මම ස්තූති වන්නේ, මට කරුණාව අවශ්‍ය නිසාත්, ලොවට සාමය අවශ්‍ය නිසාවෙනි. පියාණන්වහන්සේගේ විස්තර කෙරෙන යහගුණ සියල්ල, උන්වහන්සේගේ ඒකජාතක වූ ඒ සර්වසම්පූර්ණත්වයෙන් ජීවත් වී මියගිය පුත්‍රයාණන් සතුයි.

තවද, මම උනන්දුවෙන් පවසන්නේ පියාණන්වහන්සේ හා පුත්‍රයාණන්වහන්සේගේ ජයග්‍රහණයන් වලට අවධානය දී අපගේ පරාජයන් නොසලකා හැරීම යනු අවිනීත ජීවිතයකට හෝ අපගේ ප්‍රමිතීන් පහත් කිරීමට පොඩ්ඩකටවත් නිදහසට කරුණක් නොවේ. නැහැ, ආරම්භයේ පටන් ඉගැන්වී, වර්තමානයේදී නැවත ස්ථාපිත ශුභාරංචිය උගන්වා ඇත්තේ “අපි ක්‍රිස්තුස් වහන්සේගේ සර්වසම්පූර්ණත්වයට හා පෞරුෂය හා ප්‍රමාණාත්මකව ... අපි ... ළඟා වන ... හැකිවන්නට ශුද්ධවන්තයින්ට සර්ව සම්පූර්ණ කරවාගැනීමටයි.”7 මම යෝජනා කරන්නේ ඇතැම්විට ශුද්ධ ලියවිල්ලක්, උපමාවක්, අණපනතක් පිටුපස ප්‍රධාන අරමුණ වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණත්වය කෙතරම් ආශ්චර්යමත්ද යන්න මතක් කර දී, උන්වහන්සේ කෙරෙහි ඉමහත් ප්‍රේමයක් හා ප්‍රසාදයක් ඇතිකර උන්වහන්සේ වගේ වෙන්නට වැඩි උවමනාවක් අප තුළ ඇති කරවීමට, විය හැකි බවයි. නිසැකවම කන්ද උඩ දේශනාවේදී “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළ සර්ව සම්පූර්ණ බවට”8 එනම් සදාකාලයේ සර්ව සම්පූර්ණත්වයට, මෙලොව තුළදී සැලකිය හැකි දියුණුවක් වීමටත් යතුර වන්නේ උන්වහන්සේ කෙරෙහි වැඩිවන ඇදහිල්ලයි.

අපගේ සීමාවන් අභිබවා යන්නට අපිට නොහැකි වන්නට පුළුවන්, නමුත් පියාණන්වහන්සේට, පුත්‍රයාණන්වහන්සේට හා ශුද්ධාත්මයානන්වහන්සේට පුළුවනි. “ බලව, ක්‍රිස්තුස් වහන්සේට පැමිණෙන්න උන්වහන්සේ මඟින් පරිපූර්ණ වන්න… ” මොරෝනි ඉල්ලීමක් කරයි. “දෙවියන්වහන්සේට මුළු ශක්තියෙන්ම, මනසින් හා ජවයෙන් ප්‍රේම කරන්න, එවිට ... උන්වහන්සේගේ මහිමයෙන් නුඹ ක්‍රිස්තුස්වහන්සේ තුළින් සර්වසම්පූර්ණ වනු ඇත” එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ පරිපූර්ණ කෙරෙනා තිලිණයන් අපට ශෝකය, පාපය හා මරණයෙන් ගැලවීම පමණක් නොව අපගේ ‍නොනිමෙන ස්වයං - විවේචනයෙන්ද ගැලවීම සලසයි. 9 සැබෑ පරිපූර්ණත්වය පැමිනෙන්නේ ස්වර්ගයෙන්ම පමණි. අපේ එකම බලාපොරොත්තුව එයයි. අපට එය අප විසින් පමණක්ම ලබාගත හැකිවන්නේ නැත.

මඳක් වෙනස් ආකාරයකින් මෙය ගැලවුමකරුවාණන්වහන්සේගේ උපමා කතාවක් මඟින් විස්තර කරන්නෙමි. සේවකයෙකු තම රජුට මුදලින් 10,000 ක ණයකින් බර වී සිටියේය. කරුණාව හා ඉවසීම ඉල්ලා බැගෑපත් වූ සේවකයා දැකීමෙන් පසුව “සේවකයාගේ ස්වාමියා අනුකම්පා වූ අතර, ... ණයට  … සමාව … දුන්සේක. එනමුත් තමන්ට ශත 100 ක් ණය වී සිටි මිත්‍ර සේවකයෙකුට එම සේවකයාම සමාව දුන්නේ නැත. මෙය දැනගත් පසු, රජතුමා සමාව දීම ගැන පසුතැවුණි. “මා නුඹට අනුකම්පා කළාක් මෙන්ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේද?”10

මෙහි සඳහන් මූල්‍යමය ඒකක වල වටිනාකම පිළිබඳව මතවාද කිහිපයක්ම විශාරදයින් අතර තිබුණත්, ගණන් පහසුවෙන් වටහා ගැනීමට, සමාව නොලැබුණු ශත 100 අද කාලයේ ඩොලර් 100 ක් නම්, නිදහසේ සමාව දුන් 10,000 සේ ණය ඩොලර් බිලියනයක් හෝ ඊට වැඩියෙනුත් පහු කරන්නත් තිබුණා!

පෞද්ගලික ණයකට එය අදහාගත නොහැකි අගයක්.(කිසිවෙකුට එතරම් මුදලක් වියදම් කිරීමට නොහැක්කක්!) නමුත් මේ උපමාව වෙනුවෙන් එය අදහාගත නොහැක්කක් විය යුතුයි; අපිට ගෙවාගන්නට තියා එය ගැන සිතාගන්නටවත් නොහැකි විය යුතුයි. මක්නිසාද, මෙය අළුත් ගිවිසුමේ බහින්බස් වූ දාසයන් දෙදෙනෙකුගේ කතාවක් නොවන නිසායි. එය ඇදවැටුණු මනුෂ්‍ය පවුල, මරණයේ ණය කරුවන්, වැරදිකරුවන් හා සිරකරුවන් වන අපි ගැන කතාවකි. අපි සියළු දෙනා ණයකාරයින් බව මතක් කළේ සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති. තීන්දුව වූයේ අපි සියළුදෙනාගේ සිරගත වීමයි. තවද, අපිට ප්‍රේම කරන නිසාවෙන්, “අපි කෙරෙහි දයාවෙන් යුතු”11 නිසාවෙන් අපව නිදහස් කරනා රජතුමාගේ මහිමය නැතිව අපිව දිගටම එහි සිරවී සිටන්නට තිබුණි.

යේසුස්වහන්සේ මෙහිදී මැනිය නොහැකි මිම්මක් භාවිතා කරන්නේ උන්වහන්සේගේ වන්දිගෙවීම අදහාගත නොහැකි තිළිණයක්, තේරුම්ගන්නට බැරි වියදමකින් දරුණු දෙයක් නිසාය. මට දැණෙන අයුරින්, එය යේසුස්වහන්සේ අපට සර්ව සම්පූර්ණ වීමට නියෝග කළ, හේතුවේ කොටසකි. පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද අපෙන් මෙලෙස ඉල්ලීම මහා ලොකු දෙයක් නොවේ. කුඩා දේවල් වලින් අපිට දිව්‍යමය වන්නට, ක්‍රියාකිරීමෙන් හා සමාව දීමෙන්, අපේ මැරෙන සුළු බවේ ශත 100 ක මට්ටමේ තුළ වර්ධනය වෙමින්, ප්‍රේම කිරීමෙන්, මුදලින් 10,000 මට්ටමේ සර්වසම්පූර්ණත්වයෙන් යුක්ත අපිට විදහා දක්වන්නා දෑ අනුකරණය කරන්නට අපි පටන්ගමු.

මාගේ සහෝදරවරුනි, යේසුස්වහන්සේ හැර, අපි සිටිනා ලෝකයේ ජීවිත තුල කිසිඳු වැරැද්දක් නැති ප්‍රදර්ශනයක් පැවති නැති හෙයින්, “විෂකුරු ලෙස සර්වසම්පූර්ණත්වය හඹායෑම”12 යැයි හැසිරීම් අධ්‍යනය කරන විද්‍යාඥයින් හඳුන්වන ලක්ෂණය නොසලකමින්, අඛණ්ඩව වැඩිදියුණු වෙන්න මේ මැරෙනසුළු සමයේදී අපි උත්සාහ කරනු ඇතැයි මම බලාපොරොත්තු තබමි. අපි තුළින්, අනුන් තුළින් සර්වසම්පූර්ණත්වය බලාපොරොත්තු නොවෙමු. තවද සභාවේ සේවය කරන්නට කැඳවීම් ලත් අයගෙන් - එනම් හැමදෙනාම, - කොතැනක හෝ සේවය කිරීමට කැඳවා ඇත.

පූජකවරයෙකු, තමන් විය යුතු පරිද්දෙන් අඩුපාඩු ඇති බවට චෝදනා කළ සභිකයෙකුගේ කතාවක් ලියෝ ටොල්ස්ටෝයි ඉදිරිපත් කළේය. එහිදී විවේචනය වූයේ අඩුපාඩු තිබුණු පූජකවරයා ඉගැන්වූ ශුභාරංචියේද වැරදි තිබෙන්නට පුළුවන් හෙයින් විශ්වාස නොකළ යුතු බවයි.

විවේචනයට විරුද්ධව, ටොල්ස්ටෝයි “ මාගේ දැන් ජීවිතය දෙසත් පෙර ජීවිතයත් දෙස බලා සසඳන්න. මා ප්‍රකාශ කරන දෙය අනුව මා ජීවත් වන්නට දරන බව ඔබට පෙණෙනු ඇත. එනමුත් ඉගැන්වූ චින්තනය අනුව ජීවත් වීමට නොහැකිව, පූජකවරයා අසමත් වූ බව පිළිගනියි. එනමුත් ඔහු අඳෝනා දෙයි, “ උදව් කරන්න, මම ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් සපුරන්නම්.”

“ මට පහරදෙන්න, මෙය මගේ වරදක්” ඔහු පවසයි, “නමුත් මට පහර දී, මම යන මාර්ගයට කිසිවක් නොකරන්න... ගෙදර යන මඟ දැනදැනත් එහි බීමතින් ඇවිදින්නේ නම්, මම දෙපසට වැනි වැනී යාම නිසා මාර්ගයේ වැරැද්දක් තිබේද?

“ එයා දෙස බලන්න ! ... එයා මඩවලකට ( බඩගාගෙන) යනවා!‘ යැයි සතුටින් කෑගසන්න එපා. උපහාස බස් දොඩවන්න එපා, ඒ වෙනුවට ( නැවත දෙවියන්වහන්සේ කරා යන මාර්ගයේ ) ඇවිදින්නට ඔබගේ උදව් දෙන්න.”13

සහෝදර සහෝදරියනි, අපි ජීවත්වන මට්ටමට වඩා උසස් මට්ටමකින් ක්‍රිස්තුස් වහන්සේ මෙන් සිටීමට අප සියලු දෙනාම උත්සාහ කරන්නෙමු. එය අපි අවංකව පිළිගන්නේ නම්, අපි කුහකයින් නොව; මනුෂ්‍යයින් වන්නෙමු. අපගේ මැරෙන සුළු බවේ අවඥාණකම් හා, අප අවට සිටින්නන්ගේ යහපත් අරමුණු තිබුණත්, ඔවුන්ගේ නිසැකවම ඇති අඩුපාඩුකම් නිසා දෙවියන් වහන්සේගේ සර්ව සම්පූර්ණ බවත්, සදාකාලයේදී උන්වහන්සේ හා සැමවිටම අපගේ අසහාය ප්‍රයන්තය සම්බන්ධයෙනුත් විවේචනාත්මක නොවෙමු. අපි දරාගෙන සිටියොත්, එය අපට හමුවේ, එනම් අපගේ පිරිපහදුව සර්ව සම්පූර්ණ වේ, නිමා වේ, අඩුපාඩුවෙන් තොරව හමුවේ, අපිට පාවුළුතුමන්ගේ බසින් කිවහොත්, “කීර්තියේ ධනය, හෙවත් ක්‍රිස්තුස් වහන්සේ“ අවසානයේදී සොයාගන්නට හැකි වේ.14

“දයාවෙන් දයාවට”15 දිගටම හිඳ, තම අමරණියත්වය16 තුළින් සර්වසම්පූර්ණ සෙලෙස්ටියල් මහිමය අතකරගත් යේසුස්වහන්සේ පිළිබඳව මම සාක්ෂි දරමි.17 ඒ මහිමය අත්කරගත් යේසුස් වහන්සේ පිළිබඳව මම සාක්ෂි දරමි. ඒ මහිමය, ඇණ වලින් පළුදු වූ දෑතින්, අප වෙත දිගුකරමින් උන්වහන්සේ හා දෙවිපියාණන්වහන්සේව වැළඳගන්නට ආරක්ෂාකාරී නිවෙසට පැමිණෙන දා තෙක් අපව මේ වෙලාවේදිත් උන්වහන්සේ අල්ලගෙන ඉන්නා බවට මම සාක්ෂි දරමි. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.