2010–2019
අප උන්වහන්සේව විශ්වාස කරනවාද? අසීරුතා යහපතකි
2017 ඔක්තෝම්බර්


අප උන්වහන්සේව විශ්වාස කරනවාද? අසීරුතා යහපතකි

කාරණය කුමක් වුවද, ඇදහිල්ලෙන් ඉදිරියට යන, ස්වාමින්වහන්සේව හා උන්වහන්සේගේ සැලසුම මත විශ්වාස තබන්නට, අසීරුතා අපට යහපත් ලෙස බලපානු ඇත.

මම පටන් ගැනීමට පෙර, භූමිකම්පා හා සුළි කුණාටු වලින් වියසනයට ලක්වූ අපි සැවම නියෝජනය කරන්නෙක් වශයෙන්, අපට උපකාර කල හා බලපොරොත්තුවක් දුන් සෑම උදව්වේ අත් හා පහසුකම් සැපයූ සැමට මගේ හදපිරි ස්තූතිය පුදකරන්නෙමි.

2006 ඔක්තෝම්බර් වලදී මම මගේ පළමු ප‍්‍රධාන සම්මන්ත‍්‍රණය ඇමතීම සිදුකළෙමි. ලෝකය පුරා පැතිරුණු සභාවට වැදගත් යැයි මට දැනුනු පණිවිඩයක් විය; “ස්වාමීන්වහන්සේ අපව විශ්වාස කරන සේක!”

බොහෝ ආකාර වලින් උන්වහන්සේ අපව විශ්වාස කරන සේක. අපට යේසුස්වහන්සේගේ ශුභාරංචියද මේ වකවානුවේ දී එහි සම්පුර්ණතාවයද දී තිබෙන සේක. උන්වහන්සේගේ පුජකවර බලතලත්, එහි නිසියාකාරයෙන් යෙදවීමට යතුරුත් අප හට භාර දී තිබෙන සේක. ඒ බලය තුළින් අප හට ආශිර්වාද කරන්නට, සේවය කරන්නට, නියෝග ලබන්නට, ගිවිසුම් තබන්නට හැකි වී තිබේ. ශූද්ධ වු දේවමාළිය ඇතුළු උන්වහන්සේගේ නැවත ස්ථාපිත සභාවත් ගැන අප විශ්වාසය තබා ඇත. පොළවේදී මුද්‍රා තබා, ස්වර්ගයේදීත් එලෙසම තිබෙන මුද්‍රා තැබීමේ බලයත් උන්වහන්සේගේ සේවකයන්ව විශ්වාස කරමින් ලබා දී තිබේ. උන්වහන්සේගේ දරුවන්ගේ ලෞකික ගුරුවරුන්, දෙමව්පියන් හා රැකගන්නන් වනු ඇතැයි අපව විශ්වාස කර තිබේ.

ලෝකයේ බොහෝ ප‍්‍රදේශයන් හි ප‍්‍රධාන අධිකාරිකයෙකු වශයෙන් වසර ගණනාවක් සේවය කිරීමෙන් පසුව, වඩාත් ස්ථිරව මම ප‍්‍රකාශ කරන්නෙමි; උන්වහන්සේට අපව විශ්වාසයි.

මෙම සම්මන්ත‍්‍රණය සඳහා ගැටළුව වන්නේ “අප උන්වහන්සේව විශ්වාස කරනවාද?” යන්නයි.

“අප උන්වහන්සේව විශ්වාස කරනවාද?”

තෝමස් එස්. මොන්සන් සභාපතිතුමා අපිට නිතර මතක් කරන්නේ “නුඹේ නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.

“නුඹේ සියලු මාර්ග වලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සඳහා මගපෙන්වන සේක.

“නුඹ ඥානවන්තයෙක් යැයි නුඹම සිතානොගන්න”(හිතෝපදේශ 3:5–7).

උන්වහන්සේගේ අණපණත් අපගේ යහපත පිණිස ඇති බවට අපි විශ්වාස කරන්නෙමුද? උන්වහන්සේගේ නායකයන් , අඩුපාඩුකම් තිබුණත් හොඳ නායකත්වයක් දෙනු ඇති බවද? උන්වහන්සේගේ පොරොන්දු ස්ථිර බවද? දෙවිපියාණන්වහන්සේ හා යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ අපිව හඳුනන බවද අපට උපකාර කරන්නට සිටිනා බවද අපි විශ්වාස කරන්නෙමුද? අභියෝග, පරික්ෂණ, හා දුෂ්කර කාලවලදී අපි උන්වහන්සේව විශ්වාස කරන්නෙමුද?

ආපසු හැරී බලන විටදී , අසීරුම කාලවලදී මම වඩාත්ම වැදගත් පාඩම් ඉගෙනගත් බව පෙනෙයි. තරුණයෙකු කාලයේ දී ධර්මදූතයෙකුව සිටියදී, නව වෘත්තියක් අරඹන විටදී, මාගේ කැඳවීම් සම්පූර්ණ කරන්නට වෙරදරන විටදී, විශාල පවුලක් නඩත්තු කරන විටදී, නැත්නම් ස්වාධීනව සිටින්නට උත්සහ කරන විටදීත් “අසීරුතා යහපතකි!” යන බව පැහැදිලිවම පෙනෙයි.

අසීරුතා යහපතකි

අසීරුතා අපව ශක්තිමත් කරයි, නිහතමානී කරයි, හා අපට අභිමානයක් ලබන්නට අවස්ථාවන් හිමිකරදෙයි. තම තමන්ගේ දුෂ්කරතා මධ්‍යයේ දී අත් කරත්ත සහිත අපගේ දයාබර පුරෝගාමින් දෙවියන්වහන්සේ පිළිබඳව හඳුනා ගන්නට සමත් වුණි. නෙපි හා ඔහුගේ සහෝදරවරුන්ට ලෝකඩ තහඩු අත්කරගන්නට පරිච්ජේද දෙකක් ගත වුවත්, ඔවුන් සමග කාන්තාරයේ සිටින්නට ඉශ්මයෙල්ගේ පවුල කැඳවාගන්නට පේළි තුනකින් පුළුවන් වුයේ කෙසේද? (1 නෙපි 34; 7:3–5 බලන්න). අසීරුතා මැද තහඩු අත්කර ගැනීම තුළින් නෙපිව ශක්තිමත් කරන්නට ස්වාමින්වහන්සේට අවශ්‍යව තිබුණා යැයි පෙනේ.

අපගේ ජීවිතවල අසීරු දෑ පැමිණෙන විට පුදුම නොවිය යුතුය. අපි ස්වාමින්වහන්සේ සමග ඇතිකර ගන්නා මුල්ම ගිවිසුම් වලින් එකක් වන්නේ කැපකිරිමේ නීතියට අනුගාමී වන්නය. කැපකිරීම යන්නෙහි අර්ථය වන්නේ ප‍්‍රිය දෙයක් අත හැරීමයි. අපිට අත්දැකීමෙන් පසුව තේරෙන්නේ, ඊට පසුව පැමිණෙන ආශිර්වාද හා සසඳන විට එය සුළු පාඩුවක් බවය. ජෝසෆ් ස්මිත්ගේ මගපෙන්වීම යටතේ ප‍්‍රකාශයක් කළේය “සියළු දේ කැප කරන්නට අවශ්‍ය නැති ධර්මයකට, ජීවිතය හා ගැලවීම කෙරෙහි අවශ්‍ය ඇදහිල්ල ඇතිකරන්නට සමත් බලයක් සතුකරන්නට නොහැකිය.”1

අසීරු දේවල්වලට දේවශීර්ෂයේ සාමාජිකයන් නවකයින් නොවේ. කුරුසයට ඇණ ගැසීම හා වන්දි ගෙවීමෙන් කුරිරු වේදනාවට දෙව්පියාණන්වහන්සේ තම එකම පුත්‍රයාණන් කැප කළ සේක. ශුද්ධ ලියවිලි පවසන පරිදි, යේසුස්වහන්සේ උන්වහන්සේ දුක්විඳි දේ තුලින් කීකරුකම ඉගෙනගත් සේක.”(හේබ්‍රව් 5:8) උන්වහන්සේ ස්වකැමැත්තෙන්ම වන්දිගෙවීමේ වේදනාව දරාගත් සේක. යම් අවස්ථාවන්හිදී අපේ නොසලකා හැරීම්, වැරදියට තේරුම් ගැනීම්, අමතක කර දැමීම් සියල්ලම විඳ ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ සැමවිටම අපට ඥානය දීමට, අනතුරු ඇඟවීමට, මගපෙන්වීමට කටයුතු කරන සේක.

සැලැස්මේ අංගයක්

අසීරුතාව යනු ශුභාරංචි සැලසුමේ අංගයකි. අපට මෙම ජිවිතයට එක් හේතුවක් වන්නේ අපි සනාථ කර දැක්වීමය (ආබ්‍රහම් 3:25බලන්න). ඇල්මාගේ ජනතාව තරම් අසාධාරණ ලෙස දුක් විඳි පිරිසක් සොයන්නට අසීරුය. දුෂ්ඨ නෝවා රජුගෙන් පලාගොස් ඔවුන් ලාමන්වරුන්ගේ වහලුන් බවට පත්වුණි! මේ පිරික්සුම් තුළින් ස්වාමින්වහන්සේ ඔහුගේ පිරිසට අවවාද කරන අතර “තම තමන්ගේ ඉවසීම හා ඇදහිල්ල පරික්ෂා කරන බව” ඔවුන්ට ඉගැන්වු සේක (මොසායා 23:21).

ලිබර්ටි බන්ධනාගාරයේ ඛේදනීය දවස්වලදී ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් හට “හොඳින් දරා සිටින්න” යි(දහම සහ ගිවිසුම 121:8) උගන්වා එසේ කළහොත් “නුඔගේ යහපත වෙනුවෙන් මේ සියළු දේම නුඹට ඇත්දැකීම් දෙනු ඇති”(දහම සහ ගිවිසුම 122:7) බව පොරොන්දු වු සේක.

තෝමස් එස්. මොන්සන් සභාපතිතුමා ඉල්ලා සිටියේ “පහසු වැරැද්ද නොතකා අපි අසීරු සත්‍යය තෝරා ගනිමු”2 යනුවෙනි. අපගේ දේවමාළිගා ගැන සැලකු කළ “දේවමාළිගා ආශිර්වාද ලබන්නට, මොනයම් කැපකිරීමක්වත් වැඩි නැත, කිසිදු වියදමක්වත් බරවැඩි නැත, මොනයම් වූ අරගලයක්වත් අමාරු නැත”3

ස්වභාවධර්මය තුළ, අසීරුතාව ජිවන චක‍්‍රයේ අංගයකි. කුරුළු පැටවකු, සවිමත් බිත්තර කටුව කඩාගෙන එළියට ඒම අසීරුය. නමුත් කාර්යය පහසු කරන්නට කෙනෙකු උත්සහා කලොත්, ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ඒ පැටවා වර්ධනය කරගන්නේ නැත. එලෙසින්ම කෝෂයකින් එළියට එන්න සමනලයා වෑයම් දැරීමෙන් ඉදිරි ජීවිතය ගත කරන්නට ශක්තිය ඇති කරගැනේ.

මේ උදාහරණ සැලකූ කල අසීරුතා නියතයක් බව පෙනෙයි! අපි සැමටම අභියෝග ඇත. විචලනය වන්නේ එය හමුවේ අපගේ ප‍්‍රතිකි‍්‍රයාවයි.

එක්තරා අවස්ථාවකදී මෝර්මන්ගේ පොතෙහි සමහර පිරිස් “මහා වදහිංසා” හා “බොහෝ පීඩා” විඳවුහ (හිලමන් 3:34). ඔවුන් ප‍්‍රතිචාර දුන්නේ කෙසේද? “ඔවුහු නිතර නිරාහාරව සහ යාච්ඤා කළහ, තවද වඩාත් ශක්තිමත්ව වැඩෙමින්ද, ඔවුන්ගේ යටහත්කමෙහි ජීවත් වූහ. තවද ස්ථීරව සහ වඩාත් ස්ථීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුල ඔවුන්ගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් සහ සහනයෙන්ද ඔවුන්ගේ ආත්මයන් පවිත්‍රකමින් ශුද්ධවන්ත බව පූර්ණ විය.” (හිලමන් 3:35) එසේය වසර ගණනාවක යුද්ධයකින් පසුව තවත් උදාහරණයක් ඇත; “එහෙත් බලන්න, නෙපිවරුන් සහ ලාමන්වරුන් අතරවූ බෙහෙවින් බලවත් වූ දිගු යුද්ධය නිසා බොහෝ අය දැඩිභාවයට පැමිණුනෝය, බෙහෙවින් බලවත් වූ දිගු යුද්ධය නිසා; තවද බොහෝ අය ඔවුන්ගේ පීඩාවන් නිසා මෘදුවූහ, එපමණකින් එනම් ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුහු තමන්වම යටහත් කරගත්හ” (ඇල්මා 2:41).

අසීරුතාව ඉදිරියේ ප‍්‍රතිචාරය, අපට තෝරාගත හැකිය.

පහසුබව සමග ප්‍රවේශම්වන්න

මෙම කැඳවීමට පෙරාතුව මම ටෙක්සස් හි හෝස්ටන් නුවර මූල්‍ය උපදේශකවරයෙක් ලෙස රැකියාවක් කළෙමි. තමන්ගේම ව්‍යපාරයක් තිබුණ දස කෝටිපතියන් සමග මම බොහෝවිට වැඩකළෙමි. ඔවුන් සියළු දෙනාම පාහේ ස්ව උත්සාහයෙන් අසීරුතා මධ්‍යයේ වැඩකර තම තමන්ගේ ව්‍යපාර සාර්ථක කරගත් අය වූහ. තමන්ගේ දරුවන්ට කාර්යය පහසු කරන්නට ඔවුන් කැමති බව ඔවුන් සමහර දෙනෙක් පවසන විට මට දුකක් ඇතිවුණි. ඔවුන් දුක් වින්ඳා මෙන් තම දරුවන්ට දුක් විඳින්න දෙන්න ඔවුන් කැමති වුයේ නැත. වෙනත් අයුරකින් කිවහොත් ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වු සාධකයම තම දරුවන්ට අහිමි කරන්න ඔවුන් කැමති වුයෝය.

ඊට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත් පවුලක් අපි දැන සිටියෙමු. ‘ජේ. සී. පෙන්නෙයි, වයස අවුරුදු 8 වන විට දී ඔහුගේ තාත්තා ඔහුට පැවසුවේ, මූල්‍යමය වශයෙන් ඔහු, ඔහු ගැන බලා ගතයුතු බව කියවෙන කතාවකින් ප්‍රවේශය ගත්’ මෙම දෙමව්පියන් තමන්ගේම ක්‍රමකින් වැඩපිළිවලක් පටන් ගත්හ.. ඔවුන්ගේ එක් එක් දරුවා පාසලින් සමත් වු පසුව උසස් අධ්‍යාපනය හා සාමාන්‍ය වියදම් වලට ඔවුන්ට සහයෝගය නොමැති විය (දහම සහ ගිවිසුම 83:4). දරුවන් කැළ බුද්ධිමත්ව ක‍්‍රියාකිරීම සතුටට කරුණකි. ඔවුන් සියළු දෙනාම විශ්ව විද්‍යාල උපාධිධාරීන් වන අතර, තවත් කිහිපදෙනෙක් පශ්චාත් උපාධි සම්පුර්ණ කළෝය. එය පහසු නොවිය, නමුත් ඔවුන් එය කළහ. ඇදහිල්ලෙන් සහ අසීරුතාවයෙන් ඔවුන් එය සිදු කළහ.

උන්වහන්සේව විශ්වාස කරන්නට ඇදහිල්ල

“අප උන්වහන්සේව විශ්වාස කරනවාද?” යන ප‍්‍රශ්නය ”අපිට උන්වහන්සේව විශ්වාස කරන්නට ප‍්‍රමාණවත් ඇදහිල්ලක් තිබේද?” ලෙස ඇසීම වඩාත් නිවැරදිය.

තනිවම අපගේ ආදායම් 100‍% තබා ගැනිමට වඩා, අපගේ ආදායමෙන් 90% ක් සමග ස්වාමින්වහන්සේගේ උපකාරය, වඩාත් වටිනා බවට දහයෙන් කොටස හා සම්බන්ධ උන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කිරීමට ප‍්‍රමාණවත් ඇදහිල්ලක් අප සතුව තිබේද?

අපගේ කරදර මැදදී අපව බැහැදකින බවට, (මොසායා 24:14 බලන්න) අපි සමග තරහ බඳින්නන් හට විරුද්ධ වන බවට, (යෙසායා 49:25; 2 නෙපි 6:17 බලන්න) අපගේ ලාභයන් අරඹයා අපේ පීඩාවන් වෙන් කෙරෙන බවට, (2  නෙපි 2:2 බලන්න) උන්වහන්සේව විශ්වාස කිරීමට ප‍්‍රමාණවත් ඇදහිල්ලක් අප සතුව තිබේද?

අපිට ලෞකිකව හා අධ්‍යාත්මිකව දෙයාකාරයෙන්ම ආශිර්වාද ලබන්නට උන්වහන්සේගේ අණපනත් රැකීමට අවශ්‍ය ඇදහිල්ල අපට ක‍්‍රියාකරවීය හැකිද? තවද උන්වහන්සේ අප අභියසට පැමිණි කල, පිළිගන්නට හැකිවන පරිදි අවසානය තෙක් දිගටම ඇදහිලිවන්තව අපි සිටින්නෙමුද? (මොසායා 2:41බලන්න).

සහෝදර සහෝදරියනී, උන්වහන්සේව විශ්වාස කරන්නට අපට ඇදහිල්ල තබා ගන්නට පුළුවනි! අපිට හොඳම දේ දෙන්නට උන්වහන්සේට උවමනාය (මෝසෙස් 1:39 බලන්න). උන්වහන්සේ අපගේ යාච්ඤා වලට පිලිතුරු දෙන සේක (දහම සහ ගිවිසුම 112:10 බලන්න). උන්වහන්සේ තම පොරොන්දු රැකගන්නා සේක (දහම සහ ගිවිසුම 1:38 බලන්න). ඒවා රැකගන්නට බලය උන්වහන්සේ සතුය (ඇල්මා 37:16 බලන්න). උන්වහන්සේ සියල්ලම දන්නා සේක! විශේෂයෙන්ම, වඩා යහපත් දෙය උන්වහන්සේ දන්නා සේක (යෙසායා 55:8–9 බලන්න).

භයංකර ලෝකයක්

අපගේ වර්තමාන ලෝකය අසීරුය. අපිට නොසැඟවුණු දුෂ්ඨකම සෑම රටකම වංචාව හා දුෂණය, සුරක්ෂිත ස්ථාන වල වුවද ත‍්‍රස්තවාදය, සිවිල් යුද්ධ, අත්තනෝමතික නායකයින් සහ තවත් දේ මේ ලෝකය සතුය. කුමක් කළ යුත්තේද? පැන යනවාද? සටන් කරනවාද? නිවැරදි කුමක්ද? තීරණ සැවම පාහේ භයානකය. ජොර්ජ් වොශින්ටන් හා ඔහුගේ සෙබළුන්ට යුද්ධ කිරීම භයානක වු සේම,අපගේ පුරෝගාමී මුතුන්මිත්තන්ගේ පැන යාමද භයානක විය. නිදහස වෙනුවෙන් අරගල කරන්න නෙල්සන් මැන්ඩෙලාට අනතුරුදායක විය. දුෂ්ඨකමෙහි පැවැත්මට අවශ්‍ය වන්නේ, යහපත් මිනිසුන් ක‍්‍රියාත්මක නොවීම පමණක් බව කියැවී තිබේ.4

බිය නොවන්න!

අපි කුමන හෝ දෙයක් කළද, භය සිතැතිව අපි කිසිවිටෙක තීරණ ගැනීම හෝ ක‍්‍රියා කිරීම නොකළ යුතුයි. සැබැවින්ම “භයෙහි ආත්මය දෙවියන්වහන්සේගෙන් නොලද්දකි”(2 තිමොති 1:7). (ශුද්ධ ලියවිලි පුරාවටම “බිය නොවන්න”යි ලියැවී තිබෙන බව ඔබ දැනසිටීද!) ස්වාමින්වහන්සේ මට උගන්වා තිබෙන්නේ අධෛර්යමත් කිරීමත්, බියත් ප‍්‍රතිවාදියාගේ ආයුධ බවයි. දුෂ්කර කාල වලදී ස්වාමින්වහන්සේගේ පිලිතුර වන්නේ ඇදහිලිවන්තව ඉදිරියට යාමයි.

අසීරු කුමක්ද?

අපි අතර අසීරුතාවයට විවිධ අදහස් තිබෙන්නට පුළුවන්. ආර්ථීකය අයහපත් කාලයේදී දසයෙන් කොටස ගෙවීම සමහරුන්ට අසීරුයි. දුප්පත් පිරිස් දසයෙන් කොටස් ගෙවනු ඇතැයි බලාපොරොත්තු වීමට සමහර නායකයින්ට අසීරු විය හැකියි. ඇදහිල්ලෙන් ඉදිරියට යන්නට, කසාද බඳින්නට, පවුලක් හදන්නට අපි අතර සමහරුන්ට අසීරු දෙයකි. මේ දේ අසීරු ලෙස දකින අය ස්වාමීන්වහන්සේ අපට පවරා දී තිබෙන දේ සමග සෑහීමකට පත්විය යුතුය(ඇල්මා 29:3). අපගේ වර්තමාන කැඳවීම ගැන සතුටුවීම අසීරු වන්නට පුළුවන් ( ඇල්මා 29:6 බලන්න). සභාවේ විනය අසීරු යැයි සිතෙන්නට පුළුවන්, නමුත් සමහරුන්ට එය සැබෑ පසුතැවිලිවීමේ ක‍්‍රියාවලියේ ආරම්භය සනිටුහන් කරන්නට පුළුවනි.

කාරණය කුමක් වුවත්, ඇදහිල්ලෙන් ඉදිරියට යන , ස්වාමින්වහන්සේව හා උන්වහන්සේගේ සැලසුම මත විශ්වාස තබන්නන්ට අසීරුතා යහපතකි.

මගේ සාක්ෂිය

මාගේ සහෝදර සහෝදරියනි, මාගේ පිටුපස සිටින නායකයින් දෙවියන්වහන්සේගෙන් කැඳවීම් ලත් බවට මම සාක්ෂි දරමි. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ හොඳින් ස්වාමීන්වහන්සේට සේවය කර අපගේ හදවතේ ශුභාරංචිය ස්ථාපනය කිරීමයි. මම ඔවුන්ට පේ‍්‍රම කරමි, ඔවුන් දරා සිටිමි.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස්වහන්සේට මම පේ‍්‍රම කරමි. උන්වහන්සේ දෙවිපියාණන්වහන්සේටත් අපටත් කෙතරම් පේ‍්‍රම කළාද කිවහොත්, උන්වහසේ අපගේ ගැලවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන් වීමට ඉදිරිපත් වී ඒ නිසා “වේදනාවෙන් වෙව්ලෙමින් ලෙයින් දහඩිය දවමින්, ආත්මයෙනුත්, ශරීරයෙනුත් විඳවීමට” (දහම සහ ගිවිසුම 19:18) සිදුවු බව මට පුදුමාකාර දෙයකි. නමුත් මේ අනාගතය හා එහි අවශ්‍යතාවය ඉදිරියේ, උන්වහන්සේ තම පියාණන්වහන්සේට “මාගේ කැමැත්ත නොව නුඹවහන්සේගේ මනාපය ඉෂ්ඨ වේවා” (ලූක් 22:42) යි සනාථ කළ සේක. “උන්වහන්සේ මෙහි වැඩසිටින්නේ නැත. මක්නිසාද ඔහු නැගිට ඇත” යි යන දේවදුතයාගේ වචන වෙනුවෙන් මම ප‍්‍රීතිමත් වෙමි (මතෙව් 28:6).

උන්වහන්සේගේ ආදර්ශය සැබැවින්ම “මාර්ගයයි, සත්‍යයි, ජීවනයයි” (යොහාන් 14:6). ඒ ආදර්ශය අනුගමනය කිරීමෙන් පමණක් අපහට “මෙලොව දී සැනසීමත්, මතුලොවේදී සැදාතනික ජීවයත්” සොයාගන්නට පුළුවනි (දහම සහ ගිවිසුම 59:23). මම උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරද්දීත් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් අදාල කරගනිද්දීත් උන්වහන්සේගේ “ඉතා විශිෂ්ඨ වූ හා ඉතා වටිනා පොරොන්දු” (2 පේත්‍රැස් 1:4) පිළිබඳව ඉගෙනගත්තෙමි.

මගේ ඉහළම කැමැත්ත වන්නේ යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයකු වශයෙන් මෝර්මන් සමග සිටගෙන, (3 නෙපි 5:13 බලන්න) උන්වහන්සේගේ මුවින් “ඉතා හොඳයි, මාගේ විශ්වාසදායී සේවකය” (මතෙව් 25:21) යන වචන දිනකදී අසන්නට ලැබීමයි. යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. Lectures on Faith (1985), 69.

  2. තෝමස් එස්. මොන්සන්, “Choices,” Liahona, May 2016, 86.

  3. තෝමස් එස්. මොන්සන්, “The Holy Temple—a Beacon to the World,” Liahona, May 2011, 92.

  4. John Stuart Mill, Inaugural Address: Delivered to the University of St. Andrews, Feb. 1, 1867 (1867), 36 බලන්න.