2010–2019
ප්‍රාතිහාර්යේ දවස නැවතී ඇත්ද?
2017 ඔක්තෝම්බර්


ප්‍රාතිහාර්යේ දවස නැවතී ඇත්ද?

අපේ වඩා වැදගත්ම අවධානය දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුටම ලබා ගත හැකි ආත්මික ප්‍රාතිහාර සඳහා විය යුතුය.

වසරකට පෙර කැලිෆෝනියා ජනපදයේ ඇගයීමකදී, ක්ලාර්ක් හා හෝලී ෆේල්ස් සහ ඔවුන්ගේ පවුල බැහැ දැකීමට, ඔවුන්ගේ නිවසට, මම ස්ටේක සභාපතිවරයෙකු සමග ගියෙමි. ඔවුන් මෑතකදී ප‍්‍රාතිහාරයක් අත්විඳි බව මට කියන ලදී. අපේ පැමිණිම මත, ක්ලාර්ක්, පිට බන්ධනයක් , ගෙල බන්ධනයක් හා ඔවුගේ අත්වල බන්ධන පැළඳ සිටි බැවින් අමාරුවෙන් සිටගෙන අපව පිළිගැනීමට උත්සහ කලේය.

මාස දෙකකට පමණ පෙර , ක්ලාර්ක් හා ඔවුගේ පුතු ටයි හා වෙනත් තරුණ පුරුෂයින් හා නායකයන් 30 දෙනෙක් පමණ අධික අවදානම් ස්ටේක ක‍්‍රියාකාරකමක් සඳහා පිටත් විය. කැලිෆෝනියාවේ උසම කඳු මුදුනක් වන අඩි 14180 (4,322 m) උස ශස්ටා කඳු මුදුනට පයින් යාමයි. දුෂ්කරව පයින් යාමේ දෙවන දවසේ දී ඉන් බෝහෝ දෙනෙක් කඳු මුදුනට පැමිණියහ. මෙය මාස ගණනාවක සුදානම් වීම නිසා කළ හැකි වු ත‍්‍රාසජනක ජයග‍්‍රහණයකි.

එදින මුදුනට ගිය ප‍්‍රථමයන්ගෙන් එක් අයෙක් ක්ලාර්ක් විය. කඳු මුදුනේ ගැට්ට අසල කෙටි විවේකයකට පසු, ඔහු සිටගෙන ඇවිදින්නට ඇරඹුවේය. ඔහු එසේ කළ විට, ඔහු පැටලී කඳු ගැට්ටකින් පිටුපසට වැටුණේය. ඔහු අඩි 40ක් (12 m) නිදැල්ලේ වැටීමකින් හා ඉන්පසුව තව අඩි 300 ක් (91 m) ඔස්සේ හිම සහිත බෑවුමක පාලනයක් රහිතව පෙරළී යාමක් වින්දේය. පුදුමයට, ක්ලාර්ක් ජිවතුන් අතර සිටි නමුත් දැඩි ලෙස තුවාල වී හා චලනය වීමට නොහැකිව සිටියේය.

මෙම අප‍්‍රසන්න සිදුවීමේදී ක්ලාර්ක් අත්විඳි ප‍්‍රාතිහාර ඇරඹුනා පමණි. ඔහු කරා පළමුව ළගා වු සමහරු කඳු මුදවා ගැනීම් මග පෙන්වන්නන් හා හදිසි වෛද්‍ය වෘර්තීවේදීන් ඇතුළත් “වූ” පයින් යන්නන්ගේ කණ්ඩායමක් වන්නට විය. ඔවුහු වහාම කම්පනය සඳහා ක්ලාර්ක්ට ප‍්‍රතිකාර කර ඔහුව උණුසුම්ව තබා ගැනීමට අවශ්‍ය උපකරණ සැපයුවෝය. මේ කණ්ඩායම නව සන්නිවේදන උපකරණයක් පරික්ෂා කරන්නට “වූ” අතර, ජංගම දුරකථන වලට සංඥාවක් ලබා ගත නොහැකි ප‍්‍රදේශයක සිට උදව් සඳහා හදිසි ඉල්ලීමක් යවන්නට විය. පැයකට ඉවතින් සිට ෂස්ටා කන්ද වෙත කුඩා හෙලිකොප්ටර් යානයක් වහාම පිටත් කරන ලදී. අහස් යානයේ සීමා තල්ලු කළ, උසකින් ගොඩ බැසීම භයානක නමුත් අසාර්ථක ප‍්‍රයත්න දෙකකට පසු හා භයානක සුළං තත්ව හා අරගල කරමින් නියමුවා තෙවන හා අවසාන ප්‍රයත්නයක් ඇරඹුවේය. වෙනත් කෝණයකින් හෙලිකොප්ටරය ළගා වන විට සුළඟ වෙනස් “වූ” අතර, නියමුවාගේ අසුන පිටුපස කුඩා කොටස තුළට ඉක්මනින් හා වේදනාජනක ලෙස ක්ලාර්කව තෙරපීමට අහස් යානය ගොඩ බැස තිබුණි.

කම්පන මධ්‍යස්ථානයක ක්ලාර්ක්ව ඇගයීමට ලක් කළ විට ඔහුගේ බෙල්ලේ , පිටේ, පර්ශූවල හා මැණික් කටුවල බහු කැඩුම් බිදුම්, සිදුරු වු පෙනහැල්ලක් සහ කැපුම් හා සිරීම් රාශියක් ඔහු ලබාගෙන ඇති බව පරික්ෂණ මගින් හෙළි විය. කීර්තිමත් ස්නායු කම්පන ශල්‍ය වෛද්‍යවරයෙක් එදින කටයුතු කරන්නට "වූ” අතර, ඔහු එම රෝහලේ සිටින්නේ වසරකට කිහිපවතාවක් පමණි. සුෂුම්නාවට හා ශීර්ෂපේශී ධමනිවලට එතරම් හානි ලබා ජීවත් වු කිසිවෙකු, ඔහු කිසි දිනක නොදුටු බව මෙම වෛද්‍යවරයා පසුව ප‍්‍රකාශ කළේය. ජීවත් වීමට පමණක් නොව පූර්ණ ක‍්‍රියාකාරීත්වයට නැවත ඒමට ද ක්ලාර්ක්ව අපේක්ෂා කරන ලදී. තමාව නාස්තික දෘෂ්ඨිකයෙක් ලෙස විස්තර කරමින්, ක්ලාර්ක්ගේ අවස්ථාව ස්නායු තුවාල ගැන ඔහුගේ සෑම විද්‍යාත්මක ඉගෙනීමකට විරුද්ධ ගිය බව හා එය ප‍්‍රාතිහාරයක් ලෙස පමණක් විස්තර කල හැකි බව ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේය.

ක්ලාර්ක් හා හොලී එම දැඩි කතන්දරය කීම අවසන් කළ විට, මට කතා කිරීමට අපහසු විය. එය පැහැදිලි ප‍්‍රාතිහාරයක් නිසා පමණක් නොව, ඊට වඩා මහඟු එකක් නිසාය. එදින ප‍්‍රතිඵලය කුමක් වුවත් එය පිළිගෙන ඔවුන්ට ඒ වුණත් අධ්‍යාත්මිකව දියුණු වන්නට හැකිවන ලෙස හොලීට හා සාලයේ තම දෙමාපියන් වටා ඉඳ සිටි ලස්සන දරුවන් පස්දෙනාගෙන් එකිනෙකාට එතරම් ඇදහිල්ලක් ඇති බව මට ගැඹුරු හැඟීමකින් ආත්මික සාක්ෂියක් හැඟුණි. ක්ලාර්ක් හා හොලී සහ ඔවුන්ගේ වැඩිමහල් ම දරුවන් දෙදෙනා, ටයි හා පෝර්ටර් අප සමග අද සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානයේ සිටී.

ෆේල්ස් පවුලේ අත්දැකීම මෙනෙහි කරන විට බොහෝ අනෙක් අයගේ අවස්ථා ගැන මම ගොඩක් සිතා බැලූවෙමි. ඇදහිල්ල පිරි, පුජකවර ආශිර්වාදලත්, නොනවත්වා-යාච්ඤා කරන, ගිවිසුම්-රකින, බලාපාරොත්තු -පිරි ඔවුන්ගේ ප‍්‍රාතිහාරය කිසි දිනක නොඑන ගණනයක කළ නොහැකි තරම් අනෙක් පසුදවස්ව ශූද්ධවන්තයින් ගැන කුමක්ද? ඔවුන් ප‍්‍රාතිහාර තේරුම් ගන්නා ආකාරයට, අනුන්ට ප‍්‍රාතිහාර ලැබෙන බව පෙනෙන ආකාරයට.

වසර ගණනාවක් හෝ දශක ගණනාවක් හෝ ඔවුන්ගේ මරණීය ජිවිතය පුරාවටම හෝ කායිකව, මානසිකව , චිත්තවේගීව දැඩි ගැටළුවලින් පීඩා විඳින්නන් ගැන කුමක්ද? ඉතා තරුණ ලෙස මිය යන්නන් ගැන කුමක්ද?

මාස දෙකකට පෙර, පුර්ණ කාලීන ධර්මධූත දරුවන් තිදෙනෙක් හා තවත් දරුවන් පස්දෙනෙක් ඇති, දේවමාළිගා -සුදුසුකම් දරණ විවාහක යුවල් දෙකක් කෙටි පියාසැරියක් සඳහා කුඩා අහස් යානයකින් ගියහ. ගමනට පෙර ආරක්ෂාව පතා ඔවුන් යාච්ඤා කළ බව හා අනතුරට පෙර ඔවුන්ගේ අහස් යානය බරපතල යාන්ත‍්‍රික දෝෂවලට මුහුණ දුන් විටද ඔවුන් දැඩි ලෙස යාච්ඤා කළ බව මට විශ්වාසයි. කිසිවෙකු බේරුණේ නැත. ඔවුන් ගැන කුමක්ද?

යහපත් මිනිසුන්ට හා ඔවුන්ගේ පේ‍්‍රමවන්තයින්ට මොර්මොන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නය ඇසීමට හේතුවක් තිබේද “ප්රාතිහාර්යේ දවස නැවතී ඇත්ද?”1

සමහර අවස්ථාවලදී දිව්‍යමය අතරමැදි වීම් තිබීම හා අනෙක් විට එසේ නොතිබීම මගේ සීමිත දැනුමෙන් විස්තර කළ නොහැක. නමුත් සමහර විට හාස්කමේ අඩංගු දේ ගැන වැටහීමක් අපට නැතුව ඇති.

නිතරම වෛද්‍ය විද්‍යාවෙන් පූර්ණ විස්තර කිරීමක් රහිතව සුවය ලැබීම හෝ පැහැදිලි පෙළඹවීමකට සවන්දීමෙන් ඉතා භයානක අවධානමක් මඟ හරවා ගැනිම ලෙස අපි ප්රාතිහාර්ය විස්තර කරමු. එසේ වුවද, “මරණීයන්ට නොවැටහෙන දිව්‍යමය බලයෙන් ගෙන ආ වාසිදායක සිද්ධියක්”2 ලෙස ප්රාතිහාර්යක් අර්ථ දැක්වීම ස්වභාවයෙන් වඩා සදාතනික කාරණා තුළට පුළුල් කරන ලද දෘෂ්ඨි කෝණයක් ලබා දෙයි. මේ අර්ථ දැක්වීම මගින් ප්රාතිහාර්යක් ලබා ගැනීමේ දී ඇදහිල්ලේ අත්‍යවශ්‍ය කාර්යභාරය ගැන මෙනෙහි කිරීමට ද අපට හැකි වෙයි.

මොරෝනි ඉගැන්වුයේය, "තවද කිසිම කාලයක කිසිවෙකු ඔවුන්ගේ ඇදහිල්ල ක‍්‍රියාත්මක වනතුරු කිසි ප්රාතිහාර්යක් පමුණුවනු නොලැබුවේය.”3 ඇමොන් ප‍්‍රකාශ කළේය, "මෙසේ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් ඒ ආකාරයෙන් මනුෂ්‍යයන්ට බලවත් ප්රාතිහාර්ය ක‍්‍රියාවන් කිරීමට උපක‍්‍රමයක් සපයා දුන් සේක”4 ස්වාමීන්වහන්සේ ජෝසෆ් ස්මිත්ට හෙළි කළ සේක, "මන්ද මම දෙවියන්වහන්සේ වෙමි..... මාගේ නාමය මත විශ්වාසය තබන සියල්ලන් හට, මා ප්රාතිහාර්ය දක්වන්නම්...”5

නෙබුචන්ඩ්නෙසාර් රජු, ඔහු දෙවියන් ලෙස ස්ථාපිත කළ රත්තරන් රූපයට වන්දනා කරන ලෙස ශඩ්‍රාච්, මෙශාච්, සහ අබෙඩ්-නෙගො ට නියම කළේ, තර්ජනය කරමිනි, “ඔබ නමස්කාර නොකළොත් , එකෙනෙහිම ඇවිලෙන ගිණි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත.” ඉන්පසු ඔහු “මාගේ අත් වලින් ඔබ ගලවන දෙවියෝ කවුරු ද කියා බලමු.” මගින් ඔවුන්ට සරදම් කළේය.?”6

මේ කැපවුණු ගෝලයෝ තිදෙනා මෙසේ කිවේය. “ඇවිලෙන ගිණි උදුනෙන් අප ගලවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටත් නම්, ඒ අප වැඳුම් පිඳුම් කරන දෙවියන්වහන්සේමය... එසේ නොකළත් අප ඔබේ දෙවිවරුන්ට වැඳුම් පිඳුම් කරන්නේ... නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.”7

දෙවියන්වහන්සේ ට ඔවුන්ව බේරා ගත හැකි බව ඔවුන්ට පුර්ණ විශ්වාසයක් තිබුණි. “එසේ නොකළත්” ඔවුන්ට උන්වහන්සේගේ සැලැස්ම තුළ පූර්ණ ඇදහිල්ල තිබුණි.

එසේම එක් වරක් පුජකවර ආශිර්වාදයක් ඉල්ලූ තරුණයෙකුගෙන් වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඇසුවේය, "ඔබව ඔබේ තාරුණ්‍යයේදී ඔබේ මෙහෙ කිරීම දිගටම සිදු කිරීම සඳහා මරණය මඟින් ඔබව ආත්මික ලෝකයට යැවීම අපේ දෙවිපියාණන්වහන්සේ ගේ කැමැත්ත නම්, උන්වහන්සේගේ කැමැත්තට ඉඩදී සුවය නොලැබීමට ඔබට ඇදහිල්ල තිබේද?”8අප සදාතනික ලෙස සුවය ලබන ලෙසට අපේ ලෞකික ගැටලු වලින් "සුවය නොලැබීමට ” අපට ඇදහිල්ල තිබේද?

මෙනෙහි කිරීමට වැදගත් ප‍්‍රශ්නයක් නම්, “අපි අපේ ඇදහිල්ල තබන්නේ කොහේද?” අපේ ඇදහිල්ල දුක් හා පීඩාවන්ගෙන් මිඳීමට වුවමනා වීම මත ඉලක්ක කර තිබෙනවාද, නැතිනම් එය පියාණන් වු දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ශූද්ධ වු සැලැස්ම මත සහ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ වන්දිගෙවීම තුළ ස්ථිරව කේන්ද්‍රගත වී ඇත්ද? අප සදාතනය සඳහා සුදානම් වන විට පියාණන්වහන්සේ හා පුත‍්‍රයාණන්වහන්සේ තුළ ඇදහිල්ල මගින් අපට උන්වහන්සේලාගේ කැමැත්ත තේරුම් ගැනීමට හා පිළිගැනීමට හැකියාව ලැබෙයි.

අද මම ප‍්‍රාතිහාර ගැන සාක්ෂි දරමි. දෙවියන්වහන්සේගේ දරුවෙක් වීම ප‍්‍රාතිහාරයකි.9 උන්වහන්සේගේ රූපයෙන් හා සමානකමින් යුත් ශරීරයක් ලබා ගැනීම ප‍්‍රාතිහාරයකි.10 ගැලවුම්කරුවාණන්ගේ ත්‍යාගය ප‍්‍රාතිහාරයකි.11 යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ගේ වන්දි ගෙවීම ප‍්‍රාතිහාරයකි.12 සදාතන ජිවිතය සඳහා විය හැකියාව ප‍්‍රාතිහාරයකි.13

අපේ මරණීය පැවැත්මේ දී කායික ආරක්ෂාව හා සුවය සඳහා යාච්ඤා කිරීම හා වැඩකිරීම යහපත් වන අතර, අපේ වඩාත්ම වැඩි අවධානය දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුටම ලබා ගත හැකි ආත්මික ප්‍රාතිහාර්ය මත විය යුතුය. අපේ ජන වර්ගය කුමක් වුවත්, අපේ ජාතිය කුමක් වුවත්, අප කුමක් කළ තිබුණත් අප පසුතැවිලි වුවහොත්, අප කරා කුමක් කර තිබුණත් මෙම ප්රාතිහාර්ය සඳහා අප සැමට සමාන ප‍්‍රවේශයක් ඇත. අප ජීවත් වන්නේ ප්‍රාතිහාර්යකය, හා ඉදිරියටත් තවත් ප්‍රාතිහාර්ය ඇත. යේසුස් ක‍්‍රිස්තුස්වහනසේගේ නාමයෙනි, ආමෙන්.