2010–2019
“නුඹ සඳහා මට කාර්යයක් තිබේ”
2017 ඔක්තෝම්බර්


“නුඹ සඳහා මට කාර්යයක් තිබේ”

දෙවියන්වහන්සේගේ කාර්යය ඉදිරියට ගෙන යෑමේ දී අපි හැම කෙනෙකුටම අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇත.

“නුඹ සඳහා මට කාර්යයක් තිබේ.”(මෝසෙස් 1:6) දෙවියන්වහන්සේ, මෝසස්ට ප්‍රකාශ කළ සේක. ඔබට දෙවියන්වහන්සේගෙන් කාර්යයක් ඇතැයි කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? විශේෂයෙන් ඔබට - ඉටු කිරීමට - එතුමන් ඔබව සුදානම් කර ඇති වැදගත් දේවල් තිබේ ද? මා සාක්ෂි දරනවා පිළිතුර ඔව්!

රූපය
ගිරිශ් ගිමිරේ

නේපාලයේ උපත ලබා හැදී වැඩුණු, ගිරිශ් ගිමිරේ, ගැන සලකා බලන්න. යෞවනයෙක්ව, ඔහු චීනයේ ඉගෙන ගත්තේය, එහිදී පන්තියේ යාළුවෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔහුව හඳුන්වා දුන්නේය. අවසානයේදී, උපාදිධාරී කාර්ය සඳහා ගිරිශ් බ්‍රිග්හැම් යං විශ්ව විද්‍යාලයට පැමිණ ඔයුගේ අනාගත සහකාරිය මුණ ගැසුනි. නේපාලයෙන් දරුවන් දෙදෙනෙකු හදාගන්නට ගෙන සෝල්ට් ලේක් නිම්නයේ ඔවුන් පදිංචි වූහ.

වසර ගණනාවකට පසු, නේපාලයෙන් සරණාගතයින් 1500 ට වැඩි දෙනෙක් යුටා හි,1 ස්ථානගත වන විට, ගිරිශ් උපකාර කිරීමට පෙළඹවුණී. සිය-බස නිපුනත්වය හා සංස්කෘතික අබබෝධය සමඟ ගිරිශ් පරිවර්තකයෙක්, ගුරුවරයෙක් හා දැනමුත්තෙක් ලෙස සේවය කළේය. කාලයත් සමඟ සමාජයේ නැවත පදිංචි කිරීමෙන් පසු, ශුභාරංචිය කෙරෙහි නේපාල සරණාගතයින් ගණනාවක් උනන්දුවක් පෙන්නුම් කළේය. නේපාල බසින් ශාඛාවක් සංවිධානය වුණි, පසුව, එහි ශාඛා සභාපති ලෙස ගිරිශ් සේවය කළේය. මෝර්මන්ගේ පොත නේපාලි භාෂාවට පරිවර්ථනය කිරීමට ද ඔහු සාධකයක් විය.

රූපය
ගිරිශ් ගිමිරේ නේපාලි මෝර්මන් පොත සමග

ගිරිශ්ව පියාණන්වහන්සේ සුදානම් කල හා භාවිතා කල අන්දමත් ඔබට පෙනෙනවා ද?

අප, එක් එක්කෙනා සඳහා දෙවියන්වහන්සේට කාර්යයක් ඇත.

සහෝදර, සහෝදරියනි, දෙවියන්වහන්සේ හට අප එකිනෙකා සඳහා වැදගත් කාර්යයක් ඇත. සැමට අදාළ සත්‍යයන් උගන්වමින් සහෝදරියන්ට කතා කර, සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්, කිම්බල් මෙසේ ඉගැන්වීය: “අප මෙහි පැමිණීමට පෙර, අපිට සමහර පැවරුම් ලැබුණා..... ඒවායේ විස්තර අපට අමතක වුවත්, අප වරක් එකඟ වූ දේවල තේජවත් යථාර්ථය වෙනස් නොකරයි.”2 මෙය මොන තරම් සත්‍යයක්ද! ඔබටත් මටත් ඉටු කිරීමට වැදගත් හා විශේෂිත දේවල් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සතු සේක.(එපීස 2:10) බලන්න)

ලිංගභේදය, වයස, ජාතිය, පුරවැසි භාවය, ආදායම් මට්ටම, සභාවේ කැඳවීම් හා සමාජ තත්වය කුමක් වුවත් - මෙම දිව්‍යයමය පැවරුම් වරප්‍රසාද අතලොස්සක් සඳහා පමණක් වෙන් කර නැතිමුත් සියල්ලන් සඳහාමය. දෙවියන්වහන්සේගේ කාර්යය ඉදිරියට ගෙන යෑමේ දී අපි හැම කෙනෙකුටම අර්ථවත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇත.(මෝසෙස්1:39 බලන්න)

වැදගත් දායකත්වයක් දීමට ස්වර්ගීක පියාණන්වහන්සේහට අපව යොදා ගත හැකි දැයි අප සමහරක් ප්‍රශ්ණ කරනවා. නමුත් සිහි කරන්න, අසාමාන්‍ය දේවල් ඉටු කරන්න උන්වහන්සේ සැම විට සාමාන්‍ය මිනිසුන් යොදා ගත් සේක.(1 කොරින්ති 1:27–28{; දහම සහ ගිවිසුම 35:13; 124:1) “වඩා ධර්මිෂ්ඨබව ගෙන හැර දැක්වීම” සඳහා “බලය අප මතය” සහ “අප නියෝජිතයන්ය.”(දහම සහ ගිවිසුම 58:27–28 ).3

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැහැදිලි කළේය:

“ඔබ, ඔබ වෙනුවෙන් දෙන අවධානයට වඩා වැඩි අවධානයක් ස්වාමීන්වහන්සේ හට ඔබ වෙනුවෙන් ඇත. මෙම කාලයටත් ස්ථානයටත් ඔබව වෙන්කර සංරක්ෂණය කර ඇත. …

“ඔබ ලෝකය වෙනස් කිරීම, ස්වාමීන්වහන්සේ හට අවශ්‍යයි, උන්වහන්සේගේ කැමැත්ත ඔබ පිළිගෙන අනුගමනය කරන කල, ඔබට නොහැකි දේ ඉටුකරනා බව ඔබ දැන ගනීවි!”4

ඉතින්, දෙවියන්වහන්සේ අප උදෙසා අදහස් කරන කාර්යය ඉටු කරන්නේ හා තේරුම් ගන්නේ කේසේ ද? මේ සඳහා උපකාර වන මූලධර්ම හතරක් ඔබත් සමඟ බෙදා ගන්න මට ඉඩ දෙන්න.

අන් අයට අවධානය යොමු කරන්න

පළමුව අන් අය වෙත අවධානය යොමු කරන්න. “ලෝකයේ.... යහපත සඳහා දේවල් පමණක් කළ” ක්‍රිස්තුස් වහන්සේ අපට අනුගමනය කළ හැකියි. (ක්‍රියා 10:38; 2 නෙපි 26:24).

පූර්ණ කාලීන ධර්මදුත සේවයෙන් ආපසු පැමිණිමෙන් පසු, මා ප්‍රිය කළ දිනපතා අරමුණු මට මඟ ඇරුනි. පැහැදිලිව, අධ්‍යාපනයක් ලබා ගැනීම, පවුලක් පටන් ගැන්ම, ආදායම් මාර්ගයක් , මගේ ගිවිසුම් පවත්වා ගැනීම මට අවශ්‍යයි. නමුත්,........ , ස්වාමීන්වහන්සේ මට කරන්න ඕනේ කියලා, විශේෂිත වැඩි යම් දෙයක් තිබේ දැයි මා කල්පනා කළා. මාස කිහිපයක් මෙනෙහි කිරීමෙන් පසුව, මට මේ වාක්‍යය හමුවිය “නුඹ කැමති නම්, මේ පරම්පරාවේ බොහෝ යහපත කිරීම් සඳහා මාර්ගයක් වනු ඇත”(දහම සහ ගිවිසුම 11:8). දිව්‍යමය පැවරුම්වල මූලික අරමුණු “යහපත් දේ කරමින්” අනෙක් අය ආශිර්වාද කිරීම බව තේරුම් ගැනීමට ආත්මයාණන්වහන්සේ මට උපකාරී වූ සේක.

අනෙක් අයට උපකාර කිරීමේ සම්බන්ධතා තුළ - අධ්‍යනය කරන්නේ කුමක්ද, රැකියාවක් ලෙස කුමක් කළ යුතුද, නැත හොත් ජිවත් වන්නේ කොහේ ද, වැනි අපේ ජිවිතේ තීරණාත්මක කරුණු වෙත ප්‍රවේශ විය හැකිය.

එක පවුලක් අලුත් නගරක පදිංචියට ගියේය. ඔවුන් ධනවත් වටපිටාවක නිවසක් සොයනවාට වඩා, ආර්ථික අවශ්‍යතා මත හා සැලකිව යුතු පරිසරයක ස්ථානයක් සොයා ගත යුතු බව ඔවුන්ට හැඟුණි. වසර ගණනාවක් පුරා ස්වාමින්වහන්සේගේ විවිධ පුද්ගලයන් බොහෝ දෙනෙකුට උපකාරවන්නට හා ඔවුන්ගේ කොට්ඨාශය ශක්තිමත් කරන්නට ද ඔවුන් මාර්ගයෙන් ස්වාමින්වහන්සේ ක්‍රියා කල සේක.

සාමාන්‍ය වෛද්‍ය සේවයක් පවත්වාගෙන ගිය වෛද්‍ය වෘත්තිකයෙක්ට, සෞඛ්‍ය රක්ෂණයක් නොමැති පුද්ගලයන්ට නොමිලේ සේවය සපයන්න සතියේ එක් දිනක් වෙන් කරන්නට හැඟුණි. මෙම මිනිසා හා ඔහුගේ බිරිඳට , අනෙක් අයට ආශිර්වාද කිරීමට තිබුණු කැමැත්ත නිසා, ඔවුන්ගේ ලොකු පවුල රැක බලා ගන්නා අතර වෛද්‍ය සේවය අවශ්‍යය සිය ගණනාවකට උපකාර කිරීමේ මාර්ගයක්, ස්වාමීන්වහන්සේ ඔවුන්ට සපයා දුන් සේක.

අධ්‍යාත්මික දීමනා සොයන්න හා වර්ධනය කරන්න

දෙවනුව, අධ්‍යාත්මික දීමනා සොයා එය වර්ධනය කරන්න. ස්වර්ගීක පියාණන්වහන්සේ මෙම දීමනා අපට ලබා දී තිබෙන්නේ උන්වහන්සේ අප වෙනුවෙන් තබා ඇති කාර්යය හඳුනා ගැනීමටත්, ඉටු කිරීමටත්, භුක්ති විඳීමටත්, උපකාර කිරීමටයි.

අපගෙන් සමහරක් සිතනවා, “මොන යම් හෝ දීමනාවක් මට තිබෙනවාද? ” නැවතත්, පිළිතුර “ඔව්!” “සෑම පුරුෂයෙකුට හා ස්ත්‍රියකට දෙවියන්වහන්සේගේ ආත්මිකයන් දීමනාවක් දී ඇත.... මක්නිසා ද සියලු දෙනාටම ලාභ ලැබෙනු පිණිසයි”(දහම සහ ගිවිසුම46:11–12; අවධාරණය කිරීම් ඇතුලත්). 5ආත්මික දීමනා ගණනාවක් ශුද්ධ ලියවිල්ල තුළ සටහන් වී තිබේ, (1 කොරින්ති 12:1–11,31; මොරෝනි 10:8–18; දහම සහ ගිවිසුම 46:8–26 බලන්න), නමුත් තවත් බොහොමයක් ඇත. 6අනුකම්පාව, බලාපොරොත්තුවක් ප්‍රකාශ කිරීම, මිනිසුන් සමඟ හොඳින් සම්බන්ධ වීම, ඵලදායි ලෙස සංවිධානය කිරීම, නිවරදිව කතා කිරීම හෝ ලිවීම, පැහැදිලිවම ඉගැන්වීම, හා වෙහෙස වී වැඩ කිරීම, උදාහරණ සමහරක් ඇතුළත් විය හැකිය.

ඉතින් අපි අපේ දීමනා ගැන දැන ගන්නේ කෙසේද? අපිව අපේ ආදිපිතෘ ආශිර්වාදයට යොමු විය හැකිය, අපව හොඳින් හඳුනන අයගෙන් විමසන්න, සහ අපේ හැකියාවන් හා සතුටක් ලබන දේ පෞද්ගලිකව හඳුනා ගන්න. වඩාත් වැදගත්, අපට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකියි(යාකොබ් 1:5; දහම සහ ගිවිසුම 112:10 බලන්න). උන්වහන්සේ අපට දුන් නිසා, එතුමන් අපේ දීමනා දන්නා සේක( දහම සහ ගිවිසුම 46:26 බලන්න).

දෙවියන්වහන්සේ හට අපව ඵලදායි ලෙස භාවිතා කිරීමට නම්, අපි අපේ දීමනා සොයා ගත් විට, ඒවා ප්‍රගුණ කිරීමේ වගකීමද අපට ඇත ( මතෙව් 25:14–30). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වුවත්, “පළමුවෙන් පූර්ණත්වය නොලැබුණි, නමුත් කරුණාවෙන් කරුණාවට වර්ධනය වූ සේක”( දහම සහ ගිවිසුම 93:13).

රූපය
බෙන් සයිමන්සන් කල ගැලවුම්කරුවාණන්වහන්සේගේ චිත්‍රයක්

එක් තරුණයෙක් ඔහුගේ කොට්ඨාශයේ සක්‍රමෙන්තු රැස්වීම් වැඩසටහන සඳහා රූප සටහන් ඉදිරිපත් කළේය. මා කැමතිම ගැලවුම්කරුවාණන්ගේ චිත්‍රයටයි, එහි කොපියක් මාගේ නිවසේ එල්ලා තිබේ. මේ සහෝදරයා ඔහුගේ කලාත්මක දීමනාව ප්‍රගුණ කර භාවිතා කළේය. ඔහු තුළින් ක්‍රියා කරමින්, දෙවියන්වහන්සේ කොට්ඨාශ සමාජකයින්ට ඔවුන්ගේ නමස්කාරය හා ගෝලත්වය වැඩිදියුණු කිරීමට පෙළඹීමක් කළේය.

විශේෂිත දීමනාවක් අපට නැතැයි සමහර විට අපට දැනේවි. එක් දිනක අධෛර්යමත් කාන්තාවක් මෙසේ කන්නලව් කළාය “ස්වාමීනි, මාගේ පෞද්ගලික මෙහෙය කුමක්ද?” උන්වහන්සේ උත්තර දුන් සේක, “අනෙක් අයට අවධානය දෙන්න.” එය අධ්‍යාත්මික දීමනාවකි! ඒ අවස්ථාවේ සිට නිතරම අමතක වී ඇති අය තුළ අවධානය දෙමින් ඈ සතුට සොයා ගෙන ඇත, දෙවියන්වහන්සේ ඇය හරහා ක්‍රියා කර බොහො දෙනෙක්ව ආශිර්වාද කළ සේක. අපේ සමහරක් අධ්‍යාත්මික දීමනා ලෝක සම්මතයෙන් අපව කැපී නොපෙනෙන්නට පුලුවන් එහෙත් දෙවියන්වහන්සේට හා උන්වහන්සේගේ කාර්ය සඳහා ඒවා අත්‍යවශ්‍යයි.7

විපත් භාවිතයට ගන්න

තුන්වැන්න, විපත් භාවිතයට ගන්න. දෙවිපියාණන්වහන්සේ අපට තබා ඇති කාර්ය සොයා ගෙන හා සුදානම් වීම සඳහා අපේ පරික්ෂා අපට උපකාරී වෙනවා. ඇල්මා පැහැදිලි කළේ, “බලවත් විපතෙන් පසු, ස්වාමීන්වහන්සේගේ හස්තයෙහි..... මා උපකරණයක් කොට ගත්තේය.”(මොසායා 23:10).8) වන්දි ගෙවීමේ පුජාවෙන් අපට පිහිටවන්නට එතුමන්ට පුලුවන් වු ගැලවුම්කරුවාණන්වහන්සේ මෙන්(ඇල්මා 7:11–12), අසීරු පරික්ෂා වලින් අප ලබා ගත් දැනුම භාවිතා කර, අන් අයට ආශිර්වාද කරන්න උපකාර හා ශක්තිමත් කරන්න අපට පුලුවනි.

සාර්ථක මානව සම්පත් විධායකයෙක්ව අස් කළ පසු, ඔහුට ඔහුගේ ආදිපිතෘ ආශිර්වාදය කියවා වෙනත් වෘර්තිකයන්ට රැකියා සොයන්න උපකාර කිරීම සඳහා කාර්යාලක් පටන් ගන්නට හැඟී ගියේය. (ධර්මදූත සේවයෙන් පසු අපේ පවුල නැවත නිවහනට ආ පසු රැකියාවක් සොයා ගැනීමට ඔහු මටත් උපකාර කළේය.) වඩා අර්ථවත් රැකියාවක් ඔහුට ස්වාමීන්වහන්සේ සපයා දුන් අතරම ස්වාමීන්වහන්සේ ඔහුගේ පරික්ෂාව වෙනත් අයට දියුණු වීමේ අත්තිවාරමක් ලෙස භාවිතා කළ සේක.

තරුණ යුවලක් අජීවී දරු උපතක අත්දැකීමක් ලැබුහ. එවැනීම අත්දැකිම් දරා සිටින දෙමාපියන්ට උපදේශ හා දිව්‍යම උපකාර සපයමින් තම දියණියට උපකාර දක්වන්නට, බිඳුණු හඳවත් සමඟ, ඔවුන් තීරණය කළහ. විපත්ති ඔස්සේ වර්ධනය වු ඔවුන්ගේ සංවේදනය විශේෂිත නිසා ස්වාමින්වහන්සේ මේ යුවල හරහා ක්‍රියා කල සේක.

දෙවියන්වහන්සේ මත යැපෙන්න

හතරවැන්න, දෙවියන්වහන්සේ මත යැපෙන්න. සැබෑ අරමුණකින් ඇදැහිල්ලෙන් අප එතුමන්ගෙන් අයදින්නේ නම්, උන්වහන්සේ අපගේ දිව්‍යමය පැවරුම අපට එළිදරව් කරනු ඇත.9 වරක් අපි එය සොයා ගත් විට, එම පැවරුම් ඉටුකරන්න උන්වහන්සේ අපට උපකාර කරන සේක. “උන්වහන්සේගේ දෑස් ඉදිරියේ හි සියල්ල ඇත”(දහම සහ ගිවිසුම 38:2; ආබ්‍රහම් 2:8), සහ නිවැරදි කාලයේදී උන්වහන්සේ අපට අවශ්‍යය දොරවල් විවිර කරන සේක.(එළිදරව් 3:8 බලන්න). උන්වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේද එවු සේක. එමනිසා අපගේ ස්වාභාවික හැකියාවන්ට වඩා ඉක්මවා ගිය ශක්තියක් සඳහා උන්වහන්සේ මත අපට රැදිය හැකිය(පිලිප්පි 4:13; ඇල්මා 26:12 බලන්න).

එක සහෝදරයෙක්, ප්‍ර‍දේශයේ ආණ්ඩුවල තීන්දු සම්බන්ධව කණගාටුවට පත්ව, මහජන කාර්යාලය සඳහා තරඟ වැදීමට හැඟීමක් ඇති විය. බියකරු උද්ඝෝෂන ක්‍රියාවලියක් තිබියදීත්, ඇඳහිල්ල ක්‍රියාවට නංවමින් තරඟ වැඳිම සඳහා සම්පත් එක් කළේය. අවසානයේ ඔහු දිණුවේ නැත. නමුත් සමාජයට වැදගත් වන ගැටළු මතු කරන්න ස්වාමීන්වහන්සේ ඔහුට මඟපෙන්වීම හා ශක්තිය දී තිබූ බව හැඟුනේය.

තනි මවක් විකසන ආබාධිතාවයෙන් පෙළෙන දරුවන් ඇති දැඩි කරමින් ඇයගේ පවුලේ අවශ්‍යතා සපුරාලීමට ඇයට හැකි දැයී ප්‍රශ්ණ කළාය. එය දුශ්කර වී ඇතැත්, ඇගේ මෙම ඉතා වැදගත් වූ මෙහෙය සාර්ථකව සපුරා ලීමට ස්වාමීන්වහන්සේ විසින් ඇය ශක්තිමත් කරන බවක් ඇයට දැනිණි.

අනතුරු ඇඟවීමේ වචනය

දිව්‍යමය වගකීම් ඉටු කරන්න දෙවියන්වහන්සේ අපට උපකාර කරන අවස්ථාවේදීම, අර්ථවත් ජීවිතයෙන් අපව දුරස්කරන්න හා අවධානයෙන් ඈත් කරන්න විරුද්ධවාදියා ක්‍රියා කරයි.

ශූද්ධාත්මයාණන්වහන්සේ හට ඇති අපේ සංවේදිතාවය බිද දමන සහ අධ්‍යාත්මික බලය සඳහා අපේ ප්‍රවේශය සීමා කරන, පාපය සමහරක් විට අපේ ලොකුම බාධාවයි. ස්වර්ගීය පියාණන්වහන්සේ අප සඳහා තිබෙන කාර්ය ඉෂ්ට කිරීමට, අප සුදුසු වීමට උත්සහ කළ යුතුයි(3 නෙපි 8:1බලන්න). අප ජීවත් වන්නේ දෙවියන්වහන්සේ හට අප තුලින් ක්‍රියා කළ හැකි ආකාරයකින් ද?

තවද, නොවැදගත් දේ සමඟින් අපව නොමඟ යැවීමට සාතන් උත්සහ කරයි. මුල් සභා සමාජිකයෙකුට ස්වාමින්වහන්සේ අනතුරු ඇගවූ සේක “නුඹව කැඳවා තිබෙන මෙහෙ කිරීමේ කාර්යට හා .... මාගේ දේවල් මත තිබෙන අවධානයට වඩා නුඹේ මනස තිබෙන්නේ පොළොවේ දේවල් මතයි.....”(දහම සහ ගිවිසුම 30:2). ලෞකික දේවල් නිසා අපි අපගේ දිව්‍යමය පැවරීම් වලින් හැරවිලා ද?

ඊට අමතරව, දුර්වල හැඟිම්වලින් සාතන් අපව නොමඟ යවයි. අපේ කාර්යය ඔහු ඉතා අසීරුව පෙන්වා, තැතිගන්වයි. එසේ වුවත් අපට දෙවියන්වහන්සේ විශ්වාස කල හැකියි.! උන්වහන්සේ අපට ප්‍රේම කරන සේක. අප සාර්ථක වනවා දැකීමට උන්වහන්සේට උවමනාය. “ස්වාමීන්වහන්සේ .... අප පෙරටුවෙන් යන්නේය; උන්වහන්සේ අප සමඟ වැඩසිටින සේක, අප අත් නොහරින සේක.”(ද්විතීය කථාව 31:8; ගීතාවලිය 32:8; හිතෝපදේශ 3:5–6; මතෙව් 19:26; දහම සහ ගිවිසුම 78:18).

අනෙක් උදවියට නියමවූ කාර්යයට වඩා අපේ කාර්යය නොවටිනා බව විශ්වාස කිරීමට ද සාතන් ඔබව පොළොඹවයි. නමුත් දෙවියන්වහන්සේගේ සෑම කැඳවීමක්ම ඉතා වැදගත්වේ සහ එනම් අපට දුන් එම ආඥාවන් තුල අප මහිමවත් වන කල අප ප්‍රීතිය අත් දකින්නෙමු"(ඇල්මා 29:9).

දෙවියන්වහන්සේ අප තුළින් ක්‍රියා කරන විට ඕනෑම ජයග්‍රහණයන් සඳහා පැසසුම අපට ගැනීමට විරුද්ධකරු අපව පොළඹවනු ඇත. කෙසේ වුවත්, පුද්ගලික ප්‍රශංසාව ප්‍රතික්ෂේප කර, පියාණන්වහන්සේ මහිමවත් කර, ගැලවුම්කරුවාණන්වහන්සේගේ නිහතමානීකම අපට අනුකරණය කළ හැකිය.(මතෙව් 5:16; මෝසෙස් 4:2බලන්න). තෙරේසා මව්තුමියගේ දුප්පතුන්ට උපකාර කිරීමේ ජීවන මෙහෙවර වාර්ථාකරුවෙක් පිළිගන්න උත්සහගත් විට, “ඒක දෙවියන්වහන්සේගේ කාර්යයක්. උන්වහන්සේගේ හස්තයේ..... මා පැන්සලක් වාගේයි, සිතන්නේ උන්වහන්සේයි. ලියන්නේ උන්වහන්සේයි. පැන්සලට ඒ සමඟ කිසි සම්බන්ධයක් නැහැ. පැන්සලට ඇත්තේ එය භාවිතා කිරීම සඳහා අවසර දීම පමණි.”10

අවසානය

මාගේ ප්‍රේමනීය සහෝදර, සහෝදරියනි, අප එකිනෙකාට මා ආරාධනා කරන්නේ “(අපම) දෙවියන්වහන්සේ හට යටහත් වී..... ධර්මිෂ්ඨකමෙහි ආයුධ වන ලෙසය”(රෝම 6:13). යටහත් වීමට අපට අවශ්‍ය වන්නේ එතුමන්ගේ මඟ පෙන්වීම සොයමින් හා එතුමන්ගේ ශක්තියට ප්‍රවේශ වෙමින් අපව භාවිතා කිරීමට කැමති බව උන්වහන්සේ හට දැන ගැනීමට සැලැස්වීමයි.

සෑම විටම මෙන්, අපගේ පරිපුර්ණ ආදර්ශය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමට අපට පුළුවණි. පොළොවේ ජීවිතයට පෙර ජීවිතයේදී, “මා කවුරුන් යවන්න දැයි?” ස්වර්ගීය පියාණන්වහන්සේ ඇසූ විට.

යේසුස්වහන්සේ උත්තර දෙමින්, “මම මෙහිය, මා යැව්ව මැනව” කී සේක(ආබ්‍රහම් 3:27; යෙසායා 6:8).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, පිළිගත් සේක, සුදානම් වූ සේක. එතුමන් ගැලවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන් ලෙස පෙර නියම වු කැඳවීම සිදු කළ සේක. පියාණන්වහන්සේගේ කැමැත්ත ඉටු කළ සේක.( යොහාන් 5:30; 6:38; 3 නෙපි 27:13) සහ උන්වහන්සේගේ දිව්‍යමය පැවරුම සම්පූර්ණ කළ සේක.

අප ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කර සහ හෘද සාක්ෂියට එකඟව දෙවියන්වහන්සේ වෙත යටහත් වන විට, උන්වහන්සේගේ කාර්යය ඉදිරියට ගෙන යෑමට හා අන් අයට ආශිර්වාද කිරීමට එතුමන් අපව භාවිතා කරන බවට මම සාක්ෂි දරමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමේන්.

සටහන්

  1. Refugee Processing Center, “Admissions and Arrivals,” ireports.wrapsnet.org/Interactive-Reporting බලන්න.

  2. ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල්, “The Role of Righteous Women,” Ensign, Nov. 1979, 102.

  3. සභාපති ගෝර්ඩ්න් බී. හින්ක්ලි මෙසේ ධෛර්යමත් කලේය: “ඔබ කෙරෙහි විශ්වාස කරන්න. උතුම් දේ කිරීමට ඇති ඔබේ හැකියාව ගැන විශ්වාස කරන්න… ඔබ අසීමිත හැකියාවන්ගෙන් යුත්, දෙවියන්වහන්සේගේ දරුවෙකි” (Teachings of Presidents of the Church: Gordon B. Hinckley [2016], 77).

  4. රසල් එම්. නෙල්සන්, Accomplishing the Impossible: What God Does, What We Can Do (2015), 147.

  5. සභාපති ඩියේටර් එෆ්. උච්ට්ඩ්‍රොෆ් මෙසේ සටහන් කළේය:

    “අපගේ පියාණන්වහන්සේට අපගේ සැබෑ හැකියාව පෙනෙනා සේක. ඇපි අප ගන නොදන්නා දේ උන්වහන්සේ දනී. අපේ ජීවිත කාලයේදී අපට කල හකි දේ සම්පූර්ණ කිරීමට උන්වහන්සේ අප මගපෙන්වන සේක. …

    අපි වීමට යුතු පුද්ගලයා වීමට අපි ගැලවුම්කරුවාණන්වහන්සේ අනුගමනය කරමින් යුහුසුළු වෙමු. අපි ශුද්ධාත්මයාණන්වහන්සේගේ හඬට ඇහුම්කන් දී කීකරු වෙමු. ඇපි එසේ කරනා විටදී, අපි අප ගැන නොදත් දේ පියණන්වහන්සේ අපට එළිදරව් කරන සේක. උන්වහන්සේ අපගේ මාවත දීප්තිමත් කර අපට සිතගත නොහැකි හා අප නොදන්නා හැකියාවන් අපට පෙන්වා දෙන සේක(“Of Regrets and Resolutions,” Liahona, Nov. 2012, 22, 23).

  6. වැඩිහිටි බෲස් ආර්. මැකොන්කි මෙසේ පැහැදිලි කලේය: “ආත්මීය ත්‍යාග අසීමිතය සහ විවිධාකාරය. දෙවියන්වහන්සේට ප්‍රේම කරන සහ සේවය කරන අයට උන්වහන්සේ වචනයෙන් එළිදරව් කර ඇති දිව්යමය දයාව නිදර්ශනය කරන සේක” (A New Witness for the Articles of Faith [1985], 371).

  7. වැඩිහිටි මර්වින් ජේ ඇශ්ටොන් මෙසේ ඉගැන්වූයේය:

    “තෝරාගත් හෝ අහඹු වූ, වඩාත් විශිශිත වූ ත්යාග කීපයක් සඳහන් කරන්නට මට අවසර දෙන්න. මෙම ත්යාග අතර ඔබ සොයා නොගත් එනමුත් සැබෑ වටිනාකමින් යුත් ඔබේ ත්යාගද තිබිය හැකිය.

    “මෙම ත්යාග අතරින් අඩු ලෙස කැපී පෙනෙන ත්යාග ගැන අපි සොයාබලමු: ඉල්ලාසිටීමේ ත්යාගය; ඇහුම්කන්දීමේ ත්යාගය; නිහඬ්, සියුම් හඬ ඇසීමෙහි හා භාවිතා කිරීමේ ත්යාගය; වැලපීමට හැකියව තිබීමේ ත්යාගය; ප්‍රතිවාදය මගහැරීමේ ත්යාගය; එකඟවන සුළු වීමේ ත්යාගය; නිෂ්ඵල සිදුවීම් මගහැරීමට හැකිවීමේ ත්යාගය; ධර්මිශ්ඨ බව සෙවීමට හැකිවීමේ ත්යාගය; විනිශ්චය පසු නොකිරීමේ ත්යාගය; මගපෙනිවීම සඳහා දෙවියන්වහන්සේ සෙවීමට හැකිවීමේ ත්යාගය; අනුගාමීකමේ ත්යාගය; අන් අය ගැන සොයාබැලීමට හැකිවීමේ ත්යාගය; මෙනෙහි කිරීමට හැකිවීමේ ත්යාගය; යාඤ්ඤා කිරීමට හැකිවීමේ ත්යාගය; බලසම්පන්න සාක්ශියක් බෙදගැනීමට හැකියාව සහිත ත්යාගය; සහ ශුද්ධාත්මයණන්වහන්සේ ලැබීමට හැකි ත්යාගය”(“There Are Many Gifts,” Ensign, Nov. 1987, 20).

  8. පාවුලු තුමා මෙසේ උපදෙස් දුන්නේය, “කරදරයෙන් සිටින අන් අය සනසන පිණිස, අපගේ සෑම කරදරයකදීම දෙවියන්වහන්සේ අප සනසන සේක”(2 කොරින්ති 1:4).

  9. වැඩිහිටි රිචර්ඩ් ජී. ස්කොට් මෙසේ පැහැදිලි කළේය: “ අපගේ ජීවිතයට නිශ්චිත සැලැස්මක් දෙවියන්වහන්සේට ඇත. නිරතුරු කීකරුකමින් අප එය සොයන විට උන්වහන්සේ කොටසින් කොටස එය අපට එළිදරව් කරන සේක” (“How to Live Well amid Increasing Evil,” Liahona, May 2004, 102).

  10. Mother Teresa, in Edward W. Desmond, “Interview with Mother Teresa: A Pencil in the Hand of God,” Time, Dec. 4, 1989, time.com.