2010–2019
උන්වහන්සේ අපට ප්‍රේම කළ සේ එකිනෙකාට ප්‍රේම කරන්න
2017 ඔක්තෝම්බර්


උන්වහන්සේ අපට ප්‍රේම කළ සේ එකිනෙකාට ප්‍රේම කරන්න

සැබෑ ප්‍රේමයෙන් අනුන්ට සේවය කිරීමෙන් හා සමාව දීමෙන්, අපට සුවවීමට හා අපගේ අභියෝග වලින් ජයගැනීමට අපට ශක්තිය ලැබිය හැකිය.

අවසාන භෝජනයේදී, ගැලවුම්කරුවාණන්වහන්සේ මෙසේ කියමින්, උන්වහන්සේගේ ගෝලයන්ට නව ආඥාවන් දුන් සේක.

“මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.

“ඔබ එකිනෙකාට ප්‍රේම කරන්නාහු නම්, එයින් ඔබ මාගේ ශ්‍රාවකයන් බව සියල්ලෝ දැනගනිතියි.”1

වැඩියෙන් දේවල් කිරීමට, හොඳ දේවල් කිරීමට, හා වඩා දිව්‍යමය දේවල් කිරීමට ගැලවුම්කරුවාණන්ගේ ගෝලයන්ට නව ආඥාවක් දෙනු ලැබුණි. මේ නව ආඥාව හා ආරාධනය “මා ඔබට ප්‍රේම කළාක් මෙන්” යන මුල පදයෙන් සාරාංශගතව ඇත.

ප්‍රේමය ක්‍රියාවයි ; ප්‍රේමය සේවයයි

“ප්‍රේමය; ගැඹුරු කැපවීම, සැලකිල්ල, හා ලයාන්විත බවේ හැඟීමකි. උන්වහන්සේගේ දරුවන් සඳහා දෙවියන්වහන්සේගේ ප්‍රේමයට කදිම නිදසුන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනන්තවත් වන්දි ගෙවීම හමුවේ,2 “දෙවියන්වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්,” යොහාන් සඳහන් කළේය, “ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ, උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය.”3 “දෙවියන්වහන්සේ හා සගයින් සඳහා ප්‍රේමය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයින්ගේ ගුණාංගයකි.”4

වසර කිහිපයකට පෙර, අපේ වැඩිමහල්ම මුණුබුරා, ජෝස්, සතර හැවිදිරි වූ විට, ඔහු මගේ බිරිඳ සමඟ සෙල්ලම් කරමින් සිටියේය. ඔවුන් සිනාසෙමින් සතුටින් සිටින විට, අපේ මුණුබුරා “ආච්චි, ඔයා මට ආදරෙයි ද?” ඇසුවේය.

ඇය ඔහුට පිළිතුරු දුන්නාය. “ඔව්, ජෝස්, මම ඔයාට ආදරෙයි.”

එවිට ඔහු ඇයගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය: “ඔයා මට ආදරෙයි කියලා ඔයා කොහොමද දන්නෙ?”

ඇය ඔහුට ඇයගේ හැඟීම් පහදා ඔහු වෙනුවෙන් ඇය සිදු කළ හා සිදු කිරීමට කැමති දේ සියල්ල කීවාය.

පසුව මගේ බිරිඳ එම ප්‍රශ්නයම ජෝස් ගෙන් ඇසුවාය, මේ පසාරු කරන ප්‍රශ්නය: “ඔයා මට ආදරෙයි කියලා ඔයා කොහොම ද දන්නේ?“

අහිංසක නමුත් අවංක ප්‍රතිචාරයෙන්, ඔහු කීවේය, “මම ඔයාට ආදරේ, ඒක මගේ හදවත් ඇතුළේ දැනෙන නිසා.” ඔහුගේ ආච්චි කරා ජෝස්ගේ ප්‍රේමබර හැසිරීම එදා හා සැමදාම ප්‍රේමය ක්‍රියා සහ ගැඹුරු හැඟීම්වල මිශ්‍රණයක් බව පෙන්වා දෙයි.

බෙන්ජමින් රජු මෙසේ ඉගැන්වුයේය, “තවද බලන්න, මා මෙම දේවල් නුඹලාට කියන්නේ, එනම් නුඹලා ප්‍රඥාව ඉගෙනගන්නා පිණිසය; එනම් නුඹලා නුඹලාගේ සහෝදර මනුෂ්‍යයන්ගේ සේවයෙහි යෙදී සිටින විට නුඹලා සත්‍යයෙන්ම දෙවියන්වහන්සේගේ සේවයෙහි යෙදී සිටින බව නුඹලා ඉගෙනගන්නා පිණිසය.”5

විවිධ තත්වයන් නිසා  මෙතරම් විඳවීම් සහිත වර්තමාන ලෝකයේ, සිනායන මුහුණු පින්තූරයක් සමඟ කෙටි පණිවිඩයක් යැවීම හෝ “මම ඔයාට ආදරෙයි” යන වචන සහිත ලස්සන පින්තූරයක් පළ කිරීම යහපත් සහ වටිනවා. නමුත් අප බොහොමයක් කළයුතු වන්නේ අපේ ජංගම උපකරණ පසෙක තබා, අපේ අත් හා දෙපයින් දැඩි අවශ්‍යතාවයින් පෙළෙන්නන්ට උපකාර කිරීමයි. සේවය රහිත ප්‍රේමය, හරියට කාර්යයන් රහිතව ඇදහිල්ල මෙන්; එය සැබැවින්ම මියැදුණ දෙයකි.

ප්‍රේමය සමාව දීමයි

දයාව මත, ක්‍රිස්තුස්වහන්සේගේ පවිත්‍ර ප්‍රේමය,6 ක්‍රියාවට නැගීමට හා සේවය සැපයීමට පමණක් නොව, අවස්ථාව කෙසේ වුවද, සමාව දීමට ශක්තිය තිබීමටද අපට  පොළඹවයි. මගේ ජීවිතයට බලපෑම් කර වෙනස් කළ අත්දැකීමක් මට ඔබ සමඟ බෙදා ගැනීමට අවසර දෙන්න. ටෙඩ් සහ ෂැරන්, කූපර්ගේ දෙමාපියෝ, ඔවුන් අද මෙහි සිටිති, ඔවුන්ගේ පවුලට වසර නවයකට වඩා කළින් සිදු වූ දේ ගැන බෙදා ගැනීමට මට අවසර දුන්නෝය. මම ඒ අත්දැකීම ටෙඩ් කූපර්ගේ පියාගේ දෘෂ්ඨි කෝණයෙන් කියන්නෙමි:

අගෝස්තු 21, 2008, පාසලේ පළමු දිනය වූ අතර, කූපර්ගේ වැඩිමහල් සොහොයුරන් තිදෙනා, අයිවන්, ගැරට්, හා ලෝගන්, බස්වලට නැගීමට බස් නැවතුම්පොළෙහි සිටියහ. සතර හැවිදිරි, කූපර්, ඔහුගේ බයිසිකලය මත සිටියේය; මගේ බිරිඳ, ෂැරන් පයින් ගියාය.

මගේ බිරිඳ පාරේ අනෙක් පැත්තේ සිට කූපර්ට පාර පනින ලෙසට ඇඟවූවාය. ඒ වේලාවෙහිම, කාර් රථයක් ඉතා හෙමිහිට වමට හරවා කූපර් උඩින් ගියේය.

කූපර් කාර් රථයකට හැප්පුණු බව කියමින් මට අසල්වැසියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. මම ඔහුව බැලීමට ඉක්මනින් බස් නැවතුම්පොළට රිය පදවා ගියෙමි. කූපර් හුස්ම ගැනීමට අරගල කරමින්, තණකොළ මත වැතිර සිටි නමුත්, පෙනිය හැකි තුවාල නොතිබුණි.

මම කූපර් ළඟ දණ ගසා “සියල්ල හරියාවි. අල්ලගෙන ඉන්න” වැනි ධෛර්යගන්වන දේවල් කීවෙමි. ඒ මොහොතේදී මගේ උසස් පූජකවර කණ්ඩායමේ නායක, නේතන්, ඔහුගේ බිරිඳ සමඟ පැමිණියේය. අපි කූපර්ට පූජකවර ආශිර්වාදයක් දෙන ලෙසට යෝජනා කළෙමු. අපි අපේ අත් කූපර්ගේ හිස මත තැබුවෙමු. මම ආශිර්වාදයේ දී කියූ දේ මට මතක නොතිබුණත්, අප වටා අන් අයගේ පැවැත්ම මට හොඳින් මතකය. ඒ මොහොතේ දී කූපර් මිය යන බවට මම දැන ගත්තෙමි.

කූපර්ව හෙලිකොප්ටරයක් මඟින් රෝහලට ගෙන ගිය ද, සැබැවින්ම, ඔහු මිය ගියේය. මගේ ලෞකික භාරකාරකම අවසන් වූ බව හා කූපර් උන්වහන්සේගේ උවටැනෙහි සිටින බව දෙවිපියාණන්වහන්සේ මට පවසන බව හැඟුණි.

රෝහලේදී අපට කූපර් සමඟ කුඩා කාලයක් සිටීමට ලැබුණි. එහි සේවකයෝ අපට ඔහුව අල්ලා සමුගැනීමට හැකි වන ලෙස ඔහුව සූදානම් කර අපට කැමති ලෙස, ඔහු සමඟ හැකි තරම් කාලයක් සිටීමට අපට අවසර දුන්නෝය.

නිවසට යන විට, මගේ ශෝකයට පත් බිරිඳ හා මම එකිනෙකා දෙස බලා වාහනය පැදවූ තරුණයා ගැන කතා කරන්නට ගත්හ. ඔහු එහා පාරේ ජීවත් වූ අතර අපේ කොට්ඨාශ සීමාවේ සිටියද, අප ඔහුව හැඳිනුවේ නැත.

ඊළඟ දිනය අපට හුඟක් අසීරු වූයේ අප ශෝකයෙන් මුසපත් වූ නිසාය. මම මගේ දණහිස් වලට වැටී මම කවදාහෝ පූජාකළ අවංකම යාච්ඤාව කළෙමි. ගැලවුම්කරුවාණන්වහන්සේගේ නාමයෙන් මගේ අධික ශෝකය ඉවත් කරන ලෙසට මම දෙවිපියාණන්වහන්සේගේ නාමයෙන් ඉල්ලුවෙමි. උන්වහන්සේ එසේ කළ සේක.

පසුව එදිනම අපේ ස්ටේක සභාපතිත්වයේ එක් උපදේශකවරයෙක් - වාහනයේ රියදුරා වන තරුණයා හා ඔහුගේ දෙමාපියන් සමඟ හමුවක් උපදේශකවරයාගේ නිවසේදී සංවිධානය කළේය. ෂැරන් සහ මම තරුණයා හා ඔහුගේ දෙමාපියන් පැමිණෙන තෙක් බලා සිටියෝය. පළමු වතාවට අපට ඔවුන්ව හමු විය. දොර ඇරුණ විට, සභානායකවරයා මගේ කනට මෙසේ කෙඳුරුවේය, “ඔහු ලඟට යන්න” ෂැරන් හා මම, ඔහුව වැළඳ ගත්තෝය. දීර්ඝ කාලයක් අපි එකට හැඬුවෙමු. සිදු වූ දෙය හදිසි අනතුරක අර්ථ දැක්වීමක් බව අපි දැන සිටි බව අපි ඔහුට කීවෙමු.

අප දෙදෙනාටම එසේ හැඟුණ බව හා තවමත් අපට එසේ හැඟීම, ෂැරන්ට හා මට හාස්කමක් විය. දෙවියන්වහන්සේගේ මහිමය තුළින්, අපට විශාල මාර්ගය, පැහැදිලි මාර්ගය, එකම මාර්ගය ඔස්සේ ගොස්, මේ යහපත් තරුණ පුරුෂයාට ප්‍රේම කිරීමට හැකිවිය.

වසර ඔස්සේ අප ඔහු හා ඔහුගේ පවුල සමඟ හුඟක් සමීප විය. ඔහු ඔහුගේ ඉතා වැදගත් සිද්ධි අප හා බෙදා ගත්තේය. ඔහු ඔහුගේ ධර්මදූත සේවයට සූදානම් වන විට අපි ඔහු සමග දේවමාළිගාවට පවා ගියෙමු.7

සහෝදර සහෝදරියනි, අපේ ස්වර්ගීක පියාණන්වහන්සේ අපට ප්‍රේම කරන බව කිසිදු සැකයක් නැතිව ටෙඩ් දන්නේය. සමාව දීමට හැකිවීම, හා ඒ ආකාරයෙන් ඔහුගේ බර ඉවත් කිරීම, සමාව ලැබීම තරම් මිහිරි බව ඔහු දන්නේය. මේ මිහිරි බව පැමිණෙන්නේ අපේ මහඟුම ආදර්ශයේ ආදර්ශය අනුගමනයෙනි. මෝර්මන්ගේ පොතෙහි, ඇල්මා ගැලවුම්කරුවාණන්වහන්සේ ගැන ප්‍රකාශ කළේය: “තව ද උන්වහන්සේ සියලු ආකාරයේ වේදනාවන් හා පීඩාවන් ද, පරීක්ෂාවන් ද, විඳිමින් ඉදිරියට යන සේක; තවද මෙය එනම් උන්වහන්සේ තමන්වහන්සේ මත උන්වහන්සේගේ ජනතාවගේ වේදනාවද, ලෙඩ රෝග ද ගන්නා බව කී වචනය සම්පූර්ණ වන පිණිසය.”8

සහෝදර සහෝදරියනි, මෙම කතාව සැබෑ ප්‍රේමයේ හා සමාවදීමේ කෙතරම් අපූරු කතාවක්ද, අප අනුන්ට සේවය කරන විට හා සමාව දෙන විට අපටත්, එසේම, ප්‍රීතිය හා සතුට ලැබිය හැකිය. ග්‍රෙගරි, අපේ තවත් මුණුබුරෙක්, බොහෝ විට කියයි, “අපි මොන වගේ පවුලක් ද?” ඔහු ප්‍රතිචාර දෙයි, “අපි සතුටින් ඉන්න පවුලක්!”

සභාපති තෝමස් එස්. මොන්සන් මෙසේ කියමින් අපට උපදේශයක් දී ඇත, “අපි අපේ ජීවිත පරීක්ෂා කර කරුණාවන්ත, ප්‍රේමබර හා ත්‍යාගශීලී වීමෙන් ගැලවුම්කරුවාණන්වහන්සේගේ ආදර්ශය පිළිපැදීමට තීරණය කරමු.”9

අපේ දෙවිපියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපට ප්‍රේම කරන බව හා උන්වහන්සේලා අපට ප්‍රේම කරනවා සේ එකිනෙකාට ප්‍රේමකිරීමට හැකිවන ලෙස අපට උපකාර කරන බව මම දනිමි. සැබෑ ප්‍රේමයෙන් අනුන්ට සේවය කිරීම හා සමාව දීම තුළින්, අපට සුවය හා අපේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙන බව මම දනිමි. එසේම මම මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරමි, ආමෙන්.