2010–2019
ස්වර්ගයේ සිට පැමිණි ජීවමාන ආහාරය
2017 ඔක්තෝම්බර්


ස්වර්ගයන් පහළ වන ජීවනදායක ආහාරය

අප ක්‍රිස්තුස්වහන්සේ තුල ජීවත්වීමට උත්සාහ දරනවා නම් හා උන්වහන්සේ හට අප තුල වෙසෙන්නට ඉඩ දෙනවා නම්, එවිට අප සොයන්නේ ශුද්ධවන්තභාවයයි.

යේසුස්වහන්සේ ගැලීලියේදී “යව බාර්ලි රොටි පහක් ද මසුන් දෙදෙනෙකු ද”1 පමණක් මඟින් ප්‍රාතිහාර්යක් පා 5000කට ආහාර දුන් දිනට පසු, උන්වහන්සේ නැවතත් කැපර්නෝම් ජනයාට කතා කළ සේක. බොහෝදෙනෙකු නැවත ආහාර ලැබීම තරම් උන්වහන්සේගේ ඉගැන්වීම් හා ප්‍රාතිහාර වලට වැඩි අවධානයක් නොතිබුණු බව ගැලවුම්කරුවාණන්වහන්සේට වැටහුණෝය.2 ඊට අනුරූපව, “සදාතන ජීවයට ඉවහල් වන ආහාරය” හි ඉතා වැඩි වටිනාකම ගැන ඔවුන්ට ඒත්තු ගැන්වීමට උන්වහන්සේ උත්සාහ කළ සේක. “මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය පුත්‍රයාණෝය.”3 යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක:

“ජීවනදායක ආහාරය මමය.

“ඔබේ පියවරු කාන්තාරයේදී මන්නා කෑහ; ඔවුහු දැන් මියගොස් ඇත.

“මෙම පාන් වනාහි ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නොමැරෙන්නේය.

“ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහටම ජීවත් වන්නේය. මා විසින් දෙනු ලබන එම ආහාරය මාගේ මාංසය වේ. එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසය.”4

උන්වහන්සේගේ අදහස් කරන ලද කියමන වචනානුසාරයෙන් තේරුම්ගත් උන්වහන්සේගේ ස්‍රාවකයන් මත ගැලවුම්කරුවාණන් වහන්සේගේ අදහස සම්පූර්ණයෙන් මුළා විය. එම අදහසින් පසුබට වී, “මේ මිනිහා, ඔහුගේ මාංසය අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේද?”5 යි ඔවුහු සිතුවෝය. යේසුස්වහන්සේ කාරණය තව දුරටත් කී සේක.

“ඒකාන්තයෙන් මම ඔබට කියමි. ඔබ මනුෂ්‍යය - පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නොමැති සේය.

“යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතනික ජීවනය ඇත. තවද, මම ඔහුට අන්තිම දවසේදී උපස්ථාන කරන්නෙමි.

“ මන්ද මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ.”6

ඉන්පසු උන්වහන්සේ උන්වහන්සේගේ රූපකයේ ගැඹුරු තේරුම ප්‍රකාශ කළ සේක:

“මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තා මා තුළින් ජීවත් වන්නේය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.

“ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන්වහන්සේ නිසා ජීවත් වන ලෙසම, මා අනුභව කරන තැනැත්තා, මා නිසා ජීවත් වෙයි.”7

එවිටත් යේසුස්වහන්සේ කී දේ උන්වහන්සේගේ ස්‍රාවකයන් වටහා ගත්තේ නැත. “එය ඇසූ විට... බොහෝ දෙනෙක්… , මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාටදැ’ යි කතා කරගත්හ. ... එවක් පටන් උන්වහන්සේගේ ශ්‍රාවකයින් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන්වහන්සේ අනුව නොගියහ.”8

අප එකා වන ලෙස අපේ ජීවිතය තුළට - අපේ පැවැත්ම තුළට - ගැලවුම්කරුවාණන්වහන්සේව කෙතරම් පූර්ණව ගෙන ආ යුතු ආකාරය ප්‍රකාශ කිරීමට උන්වහන්සේගේ මාංශය අනුභවය හා රුධිරය පානය කැපී පෙනෙන ආකාරයකි. මෙය සිදුවන්නේ කෙසේද?

පළමුව, උන්වහන්සේගේ මාංශය හා රුධිරය කැප කිරීමෙන්, යේසුස්වහන්සේ අපේ පවු සඳහා වන්දි ගෙවා ශාරීරික හා ආත්මික මරණය ජය ගත් බව අපට වැටහේ.9 එනම් පැහැදිලිව, අපි ඒ වන්දිගෙවීමේ බලය හා ආශිර්වාද එතුමන්ගෙන් ලබන විට අපි උන්වහන්සේගේ මාංශය අනුභව කරමු හා උන්වහන්සේගේ රුධිරය පානය කරමු.

වන්දිගෙවීමේ කරුණාව ලබා ගැනීමට අප කළ යුතු දේ ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය ප්‍රකාශ කරයි. එය නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසය හා ඇදහිල්ල තිබීමයි, පසුතැවිලි වී බෞතිස්ම වීමයි, හා ශුද්ධාත්මයාණන්වහන්සේව ලබා ගැනීමයි. “එවිට නුඹලාගේ පාපයට පව්කමාව ගින්දරෙන් ද, ශුද්ධාත්මයාණන්ගෙන් ද, පැමිණෙන්නේය.”10 මෙම දොරටුව ගැලවුම්කරුවාණන් වහන්සේගේ වන්දිගෙවීමේ කරුණාවට හා උන්වහන්සේගේ රාජධානියට යන සෘජු හා පටු මාර්ගයට අපේ පිවිසුමයි.

“එම නිසා, නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ වචන භුක්ති විඳිමින් ( මාර්ගය ඔස්සේ) ඉදිරියට ගොස් අවසානය දක්වා විඳ දරාගන්නේ නම් බලන්න; පියාණන් වහන්සේ මෙසේ කියන්නේය; නුඹලාට සදාතන ජීවනය ලැබෙන්නේය.“

“…  තව ද, ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය මෙයය සහ එකම සහ සත්‍ය වූ පියාණන්වහන්සේගේ ද, පුත්‍රයාණන්වහන්සේගේ ද, ශුද්ධාත්මයාණන්වහන්සේගේ ද, එනම් අවසානයක් නොමැති එකම දෙවියන්වහන්සේගේ ධර්මය ද මෙය වන්නේය.”11

ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජනයේ සක්‍රමේන්තුවේ සංකේතවත් බව මෙනෙහි කිරීම උත්කර්ශවත්ය. රොටි හා වතුර මඟින් ජීවයේ රොටි හා ජීවන ජලය,{12 වන උන්වහන්සේගේ මාංශය හා රුධිරය නියෝජනය කරන්නේ අපව මුදවා ගැනීමට උන්වහන්සේ ගෙවූ මිල දැඩිව අපට මතක් කරමිනි. සභාපති ඩාලින් එච්. ඕක්ස් මෙසේ නිරීක්ෂණය කළේය, “සෑම පාන් කැබල්ලක්ම ඉරන විට එම කැබලි එකිනෙකට අනන්ය වේ, එයින් පිළිඹිඹු වන්නේ එය ලබාගන්නා අයද එකිනෙකාට වෙනස් වූ අනන්ය අයවළුන් බවයි. ඇපි සෑම කෙනෙක්ටම පසුතැවිලි වීම සඳහා වෙනස් වූ පාපයන් අත. ‍යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් ශක්තිමත් වීම සඳහා අපි එකිනෙකාට වෙනස් වූ හේතු ඇත.13 අප ජලය පානය කරන විට, උන්වහන්සේ ගෙත්සෙමනෙහිදී හා කුරුසය මතදී හෙළූ රුධිරය හා එහි පවිත්‍ර කිරීමේ බලය ගැන අපි සිතමු.”14 අපවිත්‍ර දෙයක් උන්වහන්සේගේ රාජ්‍ය තුළට ඇතුළත් වීමට නොහැකි” බව දැන, “ ඔවුන්ගේ වස්ත්‍රයන් (ගැලවුම්කරුවාණන්ගේ) රුධිරයෙන් සෝදාගත්තවුන්ද, ඔවුන් ඇදහිල්ලද ඔවුනගේ සියළු පාපයන්ට පසුතැවිල්ලද, අවසානය දක්වා ඔවුන්ගේ ඇදහිලිවන්ත භාවය ඇත්තවුන් අතර සිටීමට අපි අධිෂ්ඨාන කරමු.”15

අපේ පවු හා අප තුළ ඇති ඒ පවුවල පැල්ලම් ඉවත් කිරීමට ගැලවුම්කරුවාණන් වහන්සේගේ වන්දි ගෙවීමේ කරුණාව ලබා ගැනීම ගැන මම කතා කර ඇත්තෙමි. නමුත් රූපික ලෙස උන්වහන්සේගේ මාංශය අනුභව කිරීම හා උන්වහන්සේගේ රුධිරය පානය කිරීම යන්නෙහි අර්ථයක් වැඩිදුරටත් ඇත. එය නම් ස්වභාවික මිනිසා ඉවත දමා "ස්වාමීන් වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින්”16 ශුද්ධවන්තයන් වෙමින් ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග හා චරිතය අභ්‍යන්තර කර ගැනීමයි. අප සෑම සතියකම සක්‍රමේන්තු පාන් හා ජලය ලබා ගන්නා විට, අපේ ජීවිතය හා පැවැත්ම තුළට උන්වහන්සේගේ පවුවලින් තොර ජීවන රටාව කෙතරම් පූර්ණ ලෙස අන්තර්ගත කළ යුතුද යන්න අපි සළකා බැලීම යහපතකි. උන්වහන්සේ පවුවලින් තොර වූයේ නැතිනම් යේසුස්වහන්සේට අනුන්ගේ පවු සඳහා වන්දි ගෙවිය නොහැක. යුක්තියට උන්වහන්සේ ගැන හිමිකමක් නොතිබූ බැවින්, යුක්තිය පසිඳලීමට හා ඉන්පසුම මහිමය දිගු කිරීමට උන්වහන්සේට අප වෙනුවෙන් තමන්වහන්සේව පිදිය හැකි විය. උන්වහන්සේගේ වන්දිගෙවීමේ කැප කිරීම සිහි කරන විට හා එයට ගෞරව කරන විට, උන්වහන්සේගේ පවුවලින් තොර ජීවිතයද අප මෙනෙහි කළ යුතුය.

මෙමඟින් අපේ කොටසේ මහඟු උත්සාහයක් සඳහා අවශ්‍යතාවය අඟවයි. අප සිටින ආකාරයෙන් සිටීම ගැන අපට සතුටු විය නොහැක. නමුත් “ ක්‍රිස්තුස් වහන්සේගේ පරිණත භාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වය”17 කරා නොනවත්වා අප ගමන් කළයුතුය. මෝමන්ගේ පොතෙහි සඳහන් ලමෝනිගේ පියා මෙන්, අපේ පවු සියල්ල ඉවත් කර18 ස්වාමින්වහන්සේ අපගෙන්, පුද්ගලිකව හා එකමුතුව, බලාපොරොත්තු වන දේ ගැන අවධානය යොමු කිරීමට අප කැමති විය යුතුව ඇත.

මෑතකදී, මිතුරෙක් මට ඔහු ධර්මධූත මෙහෙයුම් සභාපතිවරයෙක් ලෙස සේවය කළ කාලයේ ලැබුණ අත්දැකීමක් කීවේය. ඔහු සති කීපයක් සුවය ලැබීමට අවශ්‍ය වන සැත්කමකට භාජනය විය. ඔහුගේ සුවය ලැබීමේ කාලය තුළ, ශුද්ධ ලියවිලි කියවීමට හා මෙනෙහි කිරීමට ඔහු සැලකිය යුතු කාලයක් යෙදුවේය. එක් සැන්දෑවක ඔහු 3 නෙපි හි 27 වන පරිච්ඡේදයක් ඇති ගැලවුම්කරුවාණන්ගේ වචන මෙනෙහි කරමින් සිටි විට, ඔහුට නින්ද ගියේය. ඉන්පසු ඔහු කීවේය;

“මාගේ ජීවිතයේ පැහැදිලි, පරිදර්ශික දර්ශනයක් මට ලබා දුන් හීනයට මම වැටුණෙමි. මගේ පවු, වැරදි තීරණ,... නොඉවසීමෙන් අනුන්ට සැලකූ අවස්ථා, හා මට කීමට හෝ කරන්නට හැකි වූ එක් නොකියූ හෝ නොකළ දේ මට පෙන්වන ලදී. ... විනාඩි කිහිපයකින් මගේ ජීවිතය (ගැන) ... පුළුල් ... ( විචාරයක් ) මට පෙන්වුව ද, එය ඊට වඩා දිගු බව දැනුණි. මම තිගැස්සී ඇහැරී ... වහාම ඇඳ අසල මගේ දණහිස්වලට වැටී සමාව අයැදීමට , මම පෙර නොකළ ආකාරයට මගේ හදවතේ තිබුණු හැඟීම් පිටතට වත් කරමින්, මම යාච්ඤා කරන්නට ගත්තෙමි.

“හීනයට පෙර, මට පසුතැවිලි වීමට එතරම් විශාල අවශ්‍යතාවයක් (තිබුණු) බව මා දැන සිටියේ නැත. මාගේ වැරදි හා දුර්වලතා මට කොතරම් පැහැදිලි වුණාද කියනවා නම් මා වූ පුද්ගලයා හා දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ බව හා යහපත් බව අතර පරතරය සැතපුම් මිලියන ගණනක් බව මට හැඟුණි. ඒ හැන්දෑවේ මගේ යාච්ඤාවේ, දෙවිපියාණන්වහන්සේ හා ගැලවුම්කරුවාණන්වහන්සේ වෙත උන්වහන්සේලා මා වෙනුවෙන් කළ සියල්ල සඳහා සහ මගේ බිරිඳ හා දරුවන් සමඟ මා වටිනා කියන පවත්වාගෙන යන සම්බන්ධතා සඳහා මම මගේ ගැඹුරුම ස්තූතිවන්ත බව ප්‍රකාශ කළෙමි. දණහිස් මත සිටින විට මා එතරම් නුසුදුසු යැයි හැඟුණ ද ඉතා හෘදයාංගම වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය හා කරුණාව මට දැනුණි. …

“එදා සිට මා වෙනස් වූ බව මට කිව හැක... මගේ හදවත වෙනස් විය. ... ප්‍රේම කිරීමට වැඩි හැකියාවත් සමඟ, ශුභාරංචිය දෙසීමේ අවශ්‍යතාවක් හා එක් වූ, අනුන් කරා වැඩි සහානුකම්පිත බවක් මා තුළ වර්ධනය වීම ඉන් පැමිණිය. ... පෙර නොවිරූ (අයුරින්) මට මෝර්මන්ගේ පොතෙහි හමු වූ ඇදහිල්ලේ, බලාපොරොත්තුවේ, හා පසුතැවිල්ලේ ත්‍යාගයේ පණිවුඩ හා සම්බන්ධ වීමට මට හැකි විය.”19

මෙම යහපත් මිනිසාට ඔහුගේ පව් හා අඩුලුහුඬුකම් වල පැහැදිලි හෙළි කිරීම් ඔහුව අධෛර්යමත් හෝ ශෝකයට පත් කළ හෝ නැති බව හඳුනා ගැනීම වැදගත්ය. ඔව්, ඔහුට පුදුමය හා දුකක් ඇති විය. පසුතැවිලි වීමේ ඔහුගේ අවශ්‍යතාවය ඔහුට තීව්රව දැනුණි. ඔහුව නිහතමානි කළද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ස්වර්ගයෙන් පහළ වූ ජීවනදායක ආහාරය”20 නිසා ඔහුට ස්තූතිවන්ත බව, සාමය, හා බලාපොරොත්තුව දැනුණි.

ඔහුගේ හීනයේ මොහොතේ දී ඔහු හා දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ බව අතර පරතරය ගැන මගේ මිතුරා කතා කලේය. ශුද්ධ වූ බව සුදුසු වචනයයි. ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය අනුභව කිරීම හා රුධිරය පානය කිරීම යනු ශුද්ධ වූ බව කරා යාමයි. දෙවියන්වහන්සේ අණ කරන සේක, “ මා ශුද්ධ ව සිටින හෙයින් ඔබත් ශුද්ධව සිටිය යුතුය.” 21

ඊනොක් අපට උපදේශ කළේය, “නුඹගේ දරුවන්ට එය උගන්වන්න, සියලු මනුෂ්‍යයා, සෑමතැනකම, පසුතැවිලි කළ යුතු බව. නැතිනම් ඔවුන්ට කිසිදු ලෙස දෙවිඳුන්ගේ රාජධානිය උරුමකරගත නොහැකි වේ. මන්ද එහි හෝ උන්වහන්සේ ඉදිරියේ හෝ කිසිදු අපවිත්‍ර දෙයකට වෙසිය නොහැක; මන්ද ආදම්ගේ බසින්, ශුද්ධ බවේ මිනිසා උන්වහන්සේගේ නාමයයි, හා උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාගේ නාමය මනුෂ්‍යයාගේ පුත්‍රයාය, තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, කාලයේ මුදුන්පතෙහි පැමිණෙන්නාවූ, ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙකි.”22 කුඩා කල, අළුත් ගිවිසුම යේසුස්වහන්සේව (උන්වහන්සේ උන්වහන්සේව) මනුෂ්‍යයාගේ පුත්‍රයා ලෙස උන්වහන්සේ සැබැවින්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වු බවත් සඳහන් කිරීමට හේතුව ගැන මම සිතුවෙමි. නමුත්, ඊනොක්ගේ කියමන මඟින් උන්වහන්සේගේ දිව්‍යමය බව හා ශුද්ධාවන්තබවේ හඳුනාගැනීමක් ලෙස එම සඳහන් කිරීම් පැහැදිලි කෙරේ- උන්වහන්සේ ශුද්ධ බවේ මනුෂ්‍යයාගේ, පියාණන් වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ය.

අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ වෙසීමට හා උන්වන්සේට අප තුළ වෙසීමට අපට කැමැත්තක් ඇත්නම්,23 අප සොයන්නේ කායික හා ආත්මික යන දෙකෙහිම, ශුද්ධ වූ බවයි.24 “සමිඳානන්වහන්සේට කැපයි“ ලෙස කොටා ඇති දේව මාළිඟා තුළ අපි එය සොයමු. අපි එය අපේ විවාහය, පවුල හා නිවස තුළ සොයමු. අපි ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ දිනයේ ප්‍රීතිය ලබන විට එය සෑම සතියකම සොයමු.25 දෛනික ජීවිතයේ තොරතුරුවල පවා අපි එය සොයමු: අපේ කතාබහ, අපේ ඇඳුම්, අපේ සිතිවිලි සභාපති තෝමස් එස්. මොන්සන් කියූ ලෙසට, “ අපි, අපි කියවන සියල්ලේ , අපි දකින සියල්ලේ, අපි අසන සියල්ලේ හා අපි සිතන සියල්ලේ නිෂ්පාදනය වෙමු.”26 අපි දෛනිකව අපේ කුරුසය ඔසවන විට අපි ශුද්ධ වූ බව සොයමු.27

කැරොල් එෆ්. මකොන්කි සොහොයුරිය, මෙසේ නිරීක්ෂණය කළාය: “දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ හා වර්ණනාවට සුදුසු සියල්ලෙන් අපව ඉවතට ඇඳ දැමිය හැකි පරීක්ෂා, පොළඹවීම්, හා අභායෝග රාශිය අපි හඳුනමු. නමුත් අපේ මරණීය අත්දැකීම මඟින් ශුද්ධ වූ බව තේරීමට අවස්ථාව අපට ලබාදෙයි. බොහෝ විට අපි අපේ ගිවිසුම් රැකීමට කරන කැපවීම් අපව පවිත්‍ර කර හා ශුද්ධ කරයි.”28 එසේම අප කරන කැපවීම්වලට, අප දෙන සේවාව, එකතු කරන්නට මම කැමැත්තෙමි.

අපි දන්නවා, “අපි අපේ සහෝදර මනුෂ්‍යයන්ගේ සේවයෙහි යෙදී සිටින විට ( අපි ) සත්‍යයෙන්ම (අපේ) දෙවියන් වහන්සේගේ සේවයෙහි යෙදී සිටන බව.”29 එසේම එවන් සේවය උන්වහන්සේගේ ජීවිතට හා චරිතයට කේන්ද්‍රීය බව උන්වහන්සේ අපට මතක් කරන සේක - “ කුමක් හෙයින් ද මනුෂ්‍යය- පුත්‍රයාණන් වුවද වැඩියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමටය.”30 සභාපති මැරියන් ජී. රොම්නී නැණවත් ලෙස විස්තර කළේ: “සේවය යනු සෙලෙස්ටියල් රාජධානියේ වෙසීමට අයිතිය ලබා ගැනීමට මේ පොළව මත දරා සිටින දෙයක් නොව. සේවය නම් සෙලෙස්ටියල් රාජධානියේ උසස් කළ ජීවිතයක් සාදන කෙන්දයි.”31

ස්වාමින්වහන්සේගේ සහස්‍රවර්ෂ පාලනයේ දී, අශ්වයන්ගේ සීනු වල පවා “සමිඳාණන්වහන්සේට කැපය.”32 යන්න කොටා තිබෙන බව සෙකරියා අනාවැකි ඵල කළේය. එම ආත්මයෙන්, මෙම මිටියාවත් වල පුරෝගාමී ශුද්ධාවන්තයෝ, “සමිඳාණන්වහන්සේට කැපය,” යන එම සිහි කිරීම බැලූ බැල්මට පොදු හෝ සාමාන්‍ය හෝ දේ මත සහ ඇදහිල්ල හා ආගම, ප්‍රතිපත්තිය හා වඩා සෘජුව සම්බන්ධ වන දේ මත ස්ථාපිත කළහ. එය සක්‍රමේන්තු කෝප්ප හා පිඟන් මත කොටා තිබූ අතර, හැත්තෑවරුන්ගේ පත්වීමේ සහතිකයේ හා සහන සමිතියේ බැනරයක මුද්‍රණය කර තිබුණි. “සමිඳානන්වහන්සේට කැපය“ යන්න සයනයේ සමූපකාර වෙළඳ සමාගමේ, ZCMI දෙපාර්තමේන්තු ගබඩාවේ ප්‍රදර්ශන කුටීරවලට ඉහළින්ද පෙනී තිබුණි. එය භාවිතා කළ මිටියක හිසේ හා බෙරයක එය හමුවිය. “සමිඳාණන්වහන්සේට කැපය” සභාපති බ්‍රිග්හැම් යංග් නිවසේ, දොර අඟුලුවලට අච්චු ගසන ලදී. බැලූ බැල්මට අසමාන හෝ නොසිතූ ප්‍රදේශ වල ශුද්ධභාවය ගැන මේ සඳහන් කිරීම් සමහරුන්ට නුසුදුසු බව පෙනුණි. නමුත්, ශුද්ධ වූ බව මත අපේ අවධානය කෙතරම් පැතිරී පැවතිය යුතුද හා නිරන්තර විය යුතු ද බව මෙයින් ඇඟවෙයි.

රූපය
සක්‍රමේන්තු කෝප්පය
රූපය
සක්‍රමේන්තු දීසිය
රූපය
ZCMI ප්‍රදර්ශණ තිරය
රූපය
මිටිය
රූපය
බෙරය
රූපය
දොර අදිනය

ගැලවුම්කරුවාණන්වහන්සේගේ මාංශය අනුභව කිරීම හා උන්වහන්සේගේ රුධිරය පානය කිරීම යනු අප ජීවිත වලින් ක්‍රිස්තුස්වන් චරිතයක් සමඟ නොගැළපෙන සියල්ල ඉවත් කිරීම හා උන්වහන්සේගේ ගතිගුණ අපේ කර ගැනීමයි. මෙය පසුතැවීමේ පුළුල් තේරුමයි. අතීතයේ පවුවලින් හැරී ඒමක් පමණක් නෙව “හදවතේ හා කැමැත්තේ දෙවිඳුන් කරා හැරීමක්,”33 හා ඉදිරියට යාමකි. ඔහුගේ එළිදරව් කිරීමේ සිහිනය තුළ මගේ මිතුරාට සේ, දෙවියන්වහන්සේ අපට අපේ වැරදි හා අසාර්ථක වීම් පෙන්නාවි. නමුත් දුර්වලතා ශක්තියක් බවට හැරවීමට උන්වහන්සේ අපට උදව් කරාවි.34 අපි අවංක ලෙස, “තව මට අඩු කිමෙක් දැ?”35 යි ඇසුවහොත් උන්වහන්සේ අපට අනුමාන කරන්නට තබන්නේ නැත. නමුත් ප්‍රේමබරව අපේ සතුට පිණිස උන්වහන්සේ පිළිතුරු දෙන සේක සහ උන්වහන්සේ අපට බලාපොරොත්තුව දෙන සේක.

එය භාරදුර උත්සාහයකි. එසේම ශුද්ධ වූ බව කරා යාමේ දී අප තනිවුයේ නම් එය භයානක ලෙස පසුබට කරවන්නකි. මහඟු සත්‍ය නම් අප තනිව නොසිටින බවයි. අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය, ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහනය හා මඟ පෙන්වීම හා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ අනෙක් සහෝදර ශුද්ධවන්තයින්ගේ මිත්‍රත්වය හා උනන්දු කිරීම අපට ඇත. අප සිටින තැන ගැන අපි සතුටු නොවුනත් ඒ ගැන අධෛර්යමත් නොවෙමු. සරල නමුත් ගැඹුරු ගීතිකාවක් අපව පොළොඹවන්නා සේ.

ධාර්මික වන්නට කාලය ගන්න, ලෝකය වේගයෙන් ගමන් කරයි.

රහසින් යේසුස්වහන්සේ සමග තනිව බොහෝ වේලාවක් ගත කරන්න.

යේසුස්වහන්සේව ඔබ සොයනවිට, ඔබ එතුමන් මෙන් වන්නේය;

ඔබේ මිතුරන් ඔබේ හැසිරීම තුලින් එතුමන්ගේ සමාන කම දකිනු ඇත.36

“ස්වර්ගයෙන් පහළ වන ජීවමාන ආහාරය”37 වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, හා “යමෙක් (උන්වහන්සේ) මාංසය අනුභව කරන්නේ ද, (උන්වහන්සේගේ) රුධිරය පානය කරන්නේද, ඔහුට සදාතන ජීවනය,”38 ඇති බව මම සාක්ෂි දරමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.