2010–2019
සැලැස්ම හා ප්‍රකාශය
2017 ඔක්තෝම්බර්


සැලැස්ම හා ප්‍රකාශය

පවුල් ප්‍රකාශය යනු, අපේ පවුල් වල ඇති වර්තමාන අභියෝග තුලින් අපව ශක්තිමත් කිරිමට, ස්වාමීන්වහන්සේගේ ශුභාරංචි සත්යයන්ගේ නැවත අවධාරණය කිරීමකි.

අපේ පවුල් ප්‍රකාශයේ පැහැදිලි වන පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු දවස්වල ශුද්ධවන්තයින් අනන්‍ය මුලධර්ම හා ලෝකය දෙස බැලීමේ වෙනස් ක්‍රමයකින් ආශිර්වාද ලත්වේ. අපි බොහෝ ලෞකික ක්‍රියාවලට සහභාගි වෙමු හා ඒවායේ විශිෂ්ටතා දක්වමු. නමුත් සමහර විෂයන්හි අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ගේ, පැරණි හා වර්තමාන, ඉගැන්වීම් අනුගමනය කිරීමට සොයන විට සහභාගි වීම ප්‍රතික්ෂේප කරමු.

උපමාවක යේසුස්වහන්සේ “පණිවුඩය අසා“ නමුත් එම වචනය “මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන්ද“ “යටපත්“ වූ විට “ඵල නොදර(න)” (මතෙව්13:22) අය ගැන විස්තර කළ සේක. පසුව, යේසුස්වහන්සේ පේදුරුව නිවැරදි කලේ, “මිනිසුන් සිතන විදියට මිස දෙවියන්වහන්සේ සිතන විදියට”, ප්‍රකාශ කලේ “ යමෙකු මුළු ලෝකයම ලබාගත්තත්, තම ආත්මය නැතිකරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක් ද?”(මතෙව් 16:23,26) ප්‍රකාශ කරමිනි. උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට මෙසේ කී සේක, “ ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකට අයිති නොවන නිසාත්… ලෝකයා ඔබට ද්වේෂ කරති.”(යොහාන් 15:19; සහ යොහාන්17:14,16).

එලෙසම, යේසුස්වහන්සේගේ ප්‍රථම ප්‍රේරිතවරුන්ගේ ලිවීම් වල ශුභාරංචි ඉගැන්වීම්වලට විරුද්ධ දේ නියෝජනය කිරීමට “ලෝකයා” යන රූපය බහුලව භාවිත වේ. “ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැ(සෙන්න)”(රෝම 12:2) ප්‍රේරිතවර පාවුලු ඉගැන්වූයේය, “මන්ද, මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි.”(1 කොරින්ති 3:19) සහ, “ පරිස්සම් වන්න“, ඔහු අනතුරු ඇඟවූයේය, “ක්‍රිස්තුස්වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායන් ලෝක භූතාධිපතීන් පදම් කොටගත්... උගුල් අටවන අයගෙන්.”(කොලොස්සි 2:8) ප්‍රේරිතවර යාකොබ් මෙසේ ඉගැන්වුයේය, “ලෝකය සමඟ මිතුරුකම්, දෙවියන්වහන්සේ සමඟ සතුරුකමයි... එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය” (යාකොබ් 4:4).

මෝර්මන්ගේ පොතද “ලෝකයාගේ “ විරුද්ධකම යන රූපය බොහෝ විට භාවිතා කරයි. “ලෝකයේ ඇස් ඉදිරියේ ජනප්‍රිය වීමට ගොඩනැගී සිටින්නන්ද, ... සහ ලෝකයේ දේවල් සොයන්නන්ද “ යන අයගේ අවසාන විනාශ වීම ගැන නෙපි අනාවැකි ඵල කළේය(1 නෙපි 22:23 සහ 2 නෙපි 9:30). ඇල්මා “ ලෝකයේ නිෂ්ඵල වූ දේවල් සමඟ... උඩඟුව“ සිටි අයට දොස් කීවේය(ඇල්මා 31:27). යකඩ පොල්ල වූ, දෙවියන්වහන්සේගේ වචනය, අනුගමනය කිරීමට සොයන්නන්ට, ලෝකයේ විරුද්ධකමට මුහුණ දීමට සිදුවන බව ලෙහිගේ සිහිනය පෙන්වයි. ලෙහි දුටු “බලවත් හා විශාල ගොඩනැගිල්ලේ“ සිටි අය “සරදම් කරමින් ඇඟිල්ල දිඟු “කරමින් සිටියහ(1 නෙපි 8:26–27,33). මේ සිහිනය අර්ථ දැක්වූ දර්ශනයේ, මේ ගැරහීම හා විරුද්ධ බව“ පොළවේ ජන සමූහයන් ... ලෝකයත් එහි වූ ප්‍රඥාවත්,... ලෝකයේ උඩඟුම“ මඟින් පැමිණි බව නෙපී දැනගත්තේය. (1 නෙපි 11:34–36)

රූපය
අනාගතවක්තෘ තෝමස්එස්. මොන්සන්

“ලෝකයේ” නොවීමට ශුභාරංචි අනතුරු ඇඟවීම් හා ආඥාවේ හෝ “ලෝකය අතහැරීමට”(දහම සහ ගිවිසුම 53:2) යන වර්තමාන ආඥාවේ තේරුම කුමක්ද? සභාපති තෝමස් එස්. මොන්සන් මෙම ඉගැන්වීම සාරාංශගත කළේය: “ආධ්‍යාත්මික වන දෙයින් ගොඩක් ඉවතට ගිය ලෝකයක අපි අවධානයෙන් සිටිය යුතු වෙමු. අපේ තත්වයට අනුකූල නොවන, දෙවියන්වහන්සේගේ රාජධානියේ සදාතනික ජීවිතයෙන් අපව ඈත් කරන ඕනෑම දෙයක් අපි ප්‍රතික්ෂේප කිරීම වඩාත් වැදගත්ය.”1

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සැලැස්මට අනුව මෙම පෘථිවිය නිර්මාණය කළේ උන්වහන්සේ ප්‍රිය කරන උන්වහන්සේගේ ආත්මික දරුවන්ට, මහිමය ලබාගැනීමේ අත්‍යවශ්‍ය පියවරක් වන මරණීයත්වය අත්දැකීමක් ලබා දෙන පිණිසය. විවිධ රාජධානි හා මහිමයන් ඇති නමුත්, දෙවිපියාණන්වහන්සේගේ උත්තම ආශාව නම්, , සභාපති මොන්සන් පැවසූ ආකාරයට “දෙවියන්වහන්සේගේ රාජධානියේ සදාතනික ජීවය“ ලෙස හැඳින්වූ පවුල් හි උත්කර්ෂවත්භාවයට ගෙන ඒමයි. මෙය ගැලවීමට වඩා විශාල දෙයක්. සභාපති රසල් එම්. නෙල්සන් අපට මෙසේ මතක් කළේය, “ දෙවියන්වහන්සේගේ සදාතනික සැලැස්මේ, ගැලවීම පුද්ගලික කාරණයකි; (නමුත්) උත්කර්ෂවත්භාවයට පත්වීම පවුලේ කාරණයකි.”2

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත ස්ථාපිත කරන ලද ශුභාරංචිය හා, පසුව මා සාකච්ඡා කරන, පොළඹවන ලද පවුල් ප්‍රකාශනය, උසස් වීම සඳහා මරණීය සුදානමට මඟ පෙන්වන අත්‍යවශය ඉගැන්වීම් වේ. පරිහානියට පත් වන ලෝකයක විවාහ නීති හා වෙනත් සම්ප්‍රදායන් සමඟ අපට ජීවත් වීමට සිදුවනවා සමඟම, උසස් වීම කරා ගමන් කරන පිරිසට පවුල් ජීවිතයේ දී ලෝකයට වෙනස් වන සැමවිටම ස්වාමින්වහන්සේගේ ක්‍රමයට අනුව පුද්ගලික තීරණ ගත යුතුයි.

මේ මරණීය ජීවිතයේ දී, අපේ උපතට පෙර කිසිවක් ගැන අපට මතකයක් නැති අතර, අප වර්තමානයේ විරුද්ධකාරයාට මුහුණ දෙමු. නිවැරදි තීරණ පෙළකින් දෙවියන්වහන්සේගේ ආඥාවන් පිළිපැදිමට තීරණය කිරීමෙන් අපි අධ්‍යාත්මිකය වර්ධනය හා පරිණත වෙමු. අපට වැරදුණු විට අවශ්‍යය ගිවිසුම් හා නියෝග හා පසුතැවිල්ල මෙයට ඇතුළත්ය. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස, අපට දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන ඇදහිල්ල නැති නම් හා එයට අවශ්‍යය ක්‍රියාවලට අකීකරු හෝ සිතා මතා නොකර සිටිනවා නම්, අපි එම වර්ධනය හා පරිණත බවට විරුද්ධ වෙමු. “මෙම ජීවිතය මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේව මුණ ගැසීමට සූදානම් වීමේ කාලය” (ඇල්මා 34:32)යි කියා මෝර්මොන්ගේ පොත අපට උගන්වයි.

දෙවියන්වහන්සේගේ ආඥාවලට හේතුව, උන්වහන්සේගේ අවශ්‍යය වන නියෝග වල නොවෙනස් වන ස්වභාවය, හා අපේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මූලික කාර්යභාරය දැකීමට උදව් කරන අනන්‍ය ලෝක දැක්මක්, දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම තේරුම්ගන්නා පසු දවස්වල ශුද්ධවන්තයින්ට ඇත. අපේ ගැලවුම්කරුවාණන් වහන්සේගේ වන්දිගෙවීම අපව මරණයෙන් බේරාගෙන හා, අපේ පසුතැවිල්ලට භාජනය වී, අපව පාපයෙන් බේරා ගනියි. එම ලෝක දැක්මෙන්, පසුදවස් වල ශුද්ධවන්තයින්ට විශේෂ වූ ප්‍රමුඛතා හා පුරුදු ඇත. මරණීය ජීවිතයේ භංගත්වය හා වේදනාව දරාගැනීමට ශක්තියෙන් ඔවුන් ආශිර්වාද ලත්වේ.

අවිකල්පයෙන්, දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම අනුගමනය කිරීමට උත්සාහ කරන්නන්ගේ ක්‍රියා එහි මූලධර්ම විශ්වාස නොකරන පවුල් සාමාජිකයන් හෝ මිතුරන් සමඟ වරදවා වටහා ගැනීම් හෝ ගැටුම් ඇති කළ හැක. එවන් ගැටීම් සැමවිටම එසේය. දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව යාමට සෙවූ සෑම පරපුරකටම අභියෝග තිබුණි. ඵෙතිහාසිකව අනාගතවක්තෘ යෙසායා ඔහු “ධර්මිශ්ඨකම දන්නා... සිත්වල මගේ අණපනත් නිදන් කර ඇත” ලෙස හැඳින් වූ ඊස්‍රායල ජනයාට, “මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න,”(යෙසායා 51:7;2 නෙපි 8:7) කියා ප්‍රකාශ කරමින් ශක්තිය දුන්නේ ය. නමුත් දෙවියන්වහන්සේගේ සැලැස්ම තේරුම් නොගත් හෝ විශ්වාස නොකරන අය සමඟ ගැටුමට හේතුව කුමක් වුවත්, එසේ කළ අයට ලෝකයේ ක්‍රමය වෙනුවට ස්වාමින්වහන්සේගේ ක්‍රමය තෝරා ගන්නා ලෙසට ආඥා කර ඇත.

සදාතනික ජීවය හා උසස් වීම සඳහා සූදානම් වීමට සෑම පවුලක්ම අනුගමනය කළ යුතු ශුභාරංචි සැලැස්ම සභාවේ 1995 ප්‍රකාශයේ, “ පවුල: ලොවට ප්‍රකාශයකි”3 යන්නෙහි සටහන් කර ඇත. එහි ප්‍රකාශ, සැබැවින්ම, හොඳින්ම පැහැදිලි වන්නේ විවාහය රහිතව එකට වාසය කිරීම, සමලිංග විවාහ, හා එවන් සම්බන්ධ වල දරුවන් පෝෂණය කිරීමය. උසස් වීම ගැන විශ්වාස නොකරන හෝ එය අපේක්ෂා නොකරන්නන් හා ලෝකයාගේ ක්‍රම මඟින් වඩාත් ඒත්තු ගැන්වූවන් මෙම පවුල් ප්‍රකාශය වෙනස් කළ යුතු ප්‍රථිපත්තියක් ලෙස සලකයි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස අපේ සදාතනික වර්ධනයේ වඩාත් වැදගත්ම කොටස් සිදුවිය හැකි පවුල් සම්බන්ධතා පවුල් ප්‍රකාශයෙන් අර්ථ දක්වන බව පසුදවස් වල ශුද්ධවන්තයෝ සහතික කරති.

විවාහය රහිතව එක්ව වාසය කිරීමේ හා සමලිංග විවාහයේ සීඝ්‍ර හා වැඩිවන මහජන පිළිගැනීමක් අප දුටුවෙමු. ඒ හා සම්බන්ධ මාධ්‍යයේ පක්ෂව කතා කිරීම, අධ්‍යාපනය, හා රැකියාමය අවශ්‍යයතා පසු දවස්වල ශුද්ධවන්තයින්ට අසීරු අභියෝග දෙයි. අප සැමට ප්‍රේමය දැක්වීමට සොයන අතරම අපේ පුද්ගලික ජීවිත වල හා ඉගැන්වීම්වල ශුභාරංචියේ නීතිය පිළිපැදීමේ තරඟ කරන ඉල්ලීම් සමබර කිරීමට අපි උත්සාහ කළ යුතු වෙමු.4 එසේ කරන විට, අපට සමහර විට යෙසායා “ මිනිසුන්ගේ නින්දා“ ලෙස හැඳින්වූ දේට මුහුණ දීමට සිදු වුවද ඊට බිය විය යුතු නැත.

හැරුණු පසු දවස්වල ශුද්ධවන්තයෝ, සියවස් කාලකට පෙර පමණ මුද්‍රිත, පවුල් ප්‍රකාශය, පවුලට වර්තමාන අභියෝග තුළ අපව දරා සිටින ශුද්ධලියවිලිවල සත්‍යයන් වල ස්වාමින්වහන්සේගේ නැවත අවධාරණය කිරීම බව විශ්වාස කරති. සමලිංගික විවාහ හා විවාහය රහිත එක්ව වාසය කිරීම නිදසුන් දෙකකි. පවුල් ප්‍රකාශයට වසර 18 ට පසුව, එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංග විවාහයට අවසර දුන්නේ, විවාහය පුරුෂයකුට හා කාන්තාවකට සීමා වීමේ වසර දහස් ගණනක් පෙරළමිනි. එක්සත් ජනපදයේ පියා හා විවාහ නොවූ මවකට උපන් දරුවන්ගේ පුදුම හිතෙන ප්‍රතිශතය වේගයෙන් වැඩිවිය: 1960,5 සියයට 32 ක්, හා 1995,6 සියයට 407 ක් දක්වා එය වැඩි වී ඇත.

පවුල් ප්‍රකාශය ඇරඹෙන්නේ “ පුරුෂයෙකු හා කාන්තාවක අතර විවාහය දෙවියන්වහන්සේ නියම කරන ලද්දක් ලෙස හා උන්වහන්සේ දරුවන්ගේ සදාතනික දෛවය සඳහා මැවුම්කරුවාණන්වහන්සේගේ සැලැස්මට පවුල කේන්ද්‍රීය” බව ප්‍රකාශ කරමිනි. “පෙර ජීවිතයේදී, ස්ත්‍රී පුරුශ භාවය ඉතා වැදගත් කරුණක්ව තිබිණි, එය මේ ජීවිතයේදීත්, සදාකාලික හන්දුනාගැනීමේත් අරමුණකි.” තවදුරටත් එහි “ නීතිමය ලෙස සැමියා හා බිරිඳ ලෙස විවාහ වූ, පුරුෂයෙකු හා කාන්තාවක් අතර පමණක් ඉපදවීමේ ශුද්ධ වූ බලය ක්‍රියා කර යුතු බව දෙවියන්වහන්සේ අණ කළ“ බව ප්‍රකාශ වේ.

ගුණනය වී හා පෘථිවිය නැවත පිරවීමට සැමියා හා බිරිඳගේ නොනවතින වගකීම හා එකිනෙකාට හා ඔවුන්ගේ දරුවන්ට ප්‍රේමකිරීමේ හා සැලකිල්ල දැක්වීමේ උතුම් යුතුකම, ප්‍රකාශනය තහවුරු කරයි: “දරුවන්ට, විවාහ බන්ධනය තුළ ඉපදීමේ, හා විවාහ ගිවිසුම්වලට පූර්ණ විශ්වාසයෙන් ගෞරවය කරන පියෙකු හා මවක මඟින් ඇතිදැඩි වීමේ හිමිකම් ඇත. එය භාරධූර ලෙස විවාහකයාට හෝ දරුවන්ට හෝ හිංසා කිරීමට එරෙහිව අනතුරු අඟවන අතර, “ස්වාමීන්වහන්සේ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මත ගොඩනැගූ විට පවුල් ජීවිතයේ ප්‍රීතිය කරා ළඟා වීමට හැකි වන බව“ එය තහවුරු කරයි. අවසානයට එය, “ සමාජයේ මූලික ඒකකය ලෙස පවුල පවත්වා ගෙන යාමට හා ශක්තිමත් කිරීමට නිර්මාණය කළ“ නිල ක්‍රියාමාර්ග වල ප්‍රවර්ධනය ඉල්ලයි.

1995 දී, සභාවේ සභාපතිවරයෙක් හා ස්වාමින්වහන්සේගේ වෙනත් ප්‍රේරිතවරු 14 දෙනෙක් මේ වැදගත් ධාර්මික කියමන් ප්‍රකාශ කළෝය. එම අපෝස්තලුවරු අතරින් ජීවත් වන හත්දෙනාගෙන් එක් අයෙක් වශයෙන්, එය සලකන සැමගේ දැනුම පිණිස පවුල් ප්‍රකාශය කරා මඟ පෙන්වූ දේට හේතුව බෙදා ගැනීමට බැඳී සිටින බව මට හැඟේ.

පවුල ගැන ප්‍රකාශයක් සඳහා අවශ්‍යතාවය හඳුනා ගැනීමේ පෙළඹවීම වසර 23 කට පෙර සභාවේ නායකත්වයන්ට ලැබුණි. විවාහය හා පවුල ගැන ශුභාරංචි සත්‍යන් නැවත කීමක් රහිතව හොඳින් තේරුම්ගෙන තිබූ බව සිතූ සමහරුන්ට මෙය පුදුමයක් විය.8 කෙසේවුවත්, අපට තහවුරු කිරීම හැඟුණ අතර අප කාර්යයෙහි නිරත වුණෙමු. වසරක් පමණ දොළොස්දෙනාගේ ඝන පූර්ණය මාතෘකා හඳුනාගෙන ඒවා සාකච්ඡා කළහ. භාෂාව යෝජනා කරන ලදී, හා සංශෝධනය කරන ලදී. යාච්ඤා බරව අපි කුමක් කිව යුතු ද හා එය කුමන ලෙස කිව යුතු ද යන්න ගැන උන්වහන්සේගේ පොළඹවීම් සඳහා නිරතුරුවම උන්වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලුවෙමු. ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ලෙස අපි සැවොම “ පෙළ මත පෙළ, උපදේශය මත උපදේශය,“ ඉගෙනගත්තෙමු (දහම සහ ගිවිසුම98:12)

රූපය
සභාපති ගෝර්ඩ්න්බී. හින්ක්ලි

සැප්තැම්බර් 23, 1995 කාන්තා රැස්වීමේ දී, ඔහු ප්‍රකාශය හැඳින්වූවේ මේ වචන වලිනි: “සත්‍යය ලෙස සලකන බොරු තර්ක බොහොමයක් සමඟ, ප්‍රතිපත්ති හා සාරධර්ම ගැන රැවටීම් බොහොමයක් සමඟ, ලෝකයේ මන්දගාමී පැල්ලම ලබා ගැනීමේ ආකර්ෂණය කිරීම් හා පෙළඹවීම් බොහොමයක් සමඟ, අනතුරු ඇඟවීමට හා පෙර අවවාද කිරීමට අපට හැඟුණි.”9

පවුල ගැන ප්‍රකාශය සදාතනික සත්‍යයේ, උන්වහන්සේගේ දරුවන් සඳහා ස්වාමින්වහන්සේගේ කැමැත්තේ, නිවේදනයක් බව මම සාක්ෂි දරමි. අවසාන වසර 22 තුළ, හා අනාගතයට ද එය සභාවේ ඉගැන්වීම් හා ක්‍රියාවට නැංවීම් වල මූලය වී ඇත. එයට එසේ සලකන්න, එය උගන්වන්න, එය අනුව ජීවත් වන්න, ඔබ ආශිර්වාද ලබාවි.

වසර හතළිහකට පෙර, “සෑම පරම්පරාවකටම එහි පරීක්ෂා හා නැගී සිට එය ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙන“ බව සභාපති තුමා විසින් ඉගැන්වූයේය.”10 පවුල් ප්‍රකාශය කෙරෙහි අපේ ආකල්ප හා එහි භාවිතය මේ පරපුරට ඇති එක් අභියෝගයක් බව මම විශ්වාස කරමි. සෑම පසුදවස්වල ශුද්ධවන්තයෙකුම එම පරීක්ෂණයේදී ස්ථීරව සිටින ලෙසට මම යාච්ඤා කරමි.

පවුල් ප්‍රකාශය නිවේදනය කර වසර දෙකකට පසු කියවුණු සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලිගේ ඉගැන්වීම් සමඟ මම අවසන් කරමි. ඔහු කීවේය: “ අස්ථාවර ලෝකයක ඉතා ආශ්චර්යමත් අනාගතයක් මට පෙනෙයි. අපි අපේ ප්‍රතිපත්තිවලට එල්ලී සිටියහොත්, අපි අපේ උරුමය මත ගොඩනැගුවොත්, අපි ස්වාමින්වහන්සේ ඉදිරියේ කීකරුව ගමන් කළහොත්, අපි සරලවම ශුභාරංචියේ ජීවත් වුවහොත් පුදුමාකාර හා ආශ්චර්යමත් ආකාරයකින් අපිට ආශිර්වාද ලැබේවි. විශේෂ සතුටකට යතුර හමු වූ විශේෂ පුද්ගලයන් ලෙස අප දෙස බලාවි.”11

උන්වහන්සේගේ දරුවන්ගේ උසස් වීම සඳහා ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් උන්වහන්සේගේ ප්‍රේරිතවරයන්ට හෙළි කළ, පවුල් ප්‍රකාශනයේ සත්‍යය හා සදාතනික වැදගත්කම (දහම සහ ගිවිසුම 131:1–4) ගැන මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සාක්ෂි දරමි, ආමෙන්.

සටහන්

  1. තෝමස් එස්. මොන්සන්, “Stand in Holy Places,” Liahona, Nov. 2011, 83.

  2. රසල් එම්. නෙල්සන්, “Salvation and Exaltation,” Liahona, May 2008, 10.

  3. පවුල: ලෝකයට ප්‍රකාශණයක් ලියහෝනා, Nov. 2010, 129.

  4. ඩාලින් එච්. ඕක්ස්, “Love and Law,” Liahona, Nov. 2009, 26–29 බලන්න.

  5. “‘Disastrous’ Illegitimacy Trends,” Washington Times, Dec. 1, 2006, washingtontimes.com බලන්න.

  6. Stephanie J. Ventura and others, “Report of Final Natality Statistics, 1996,” Monthly Vital Statistics Report, June 30, 1998, 9 බලන්න.

  7. Brady E. Hamilton and others, “Births: Provisional Data for 2016,” Vital Statistics Rapid Release, June 2017, 10 බලන්න.

  8. අප තරුණ කාන්තා සභාපතිනිය වසර 20 කට පසු පැවසූ පරිදි: “ මෙම සරල ප්‍රකාශණයේ උවමනාව ඒ දවස් වලදී අප සුලුවෙන් තේරුම් ගත්තද, මාධ්‍යයෙන්, අන්තර්ජාලයෙන්, විද්වතුන්ගෙන්, රූපවාහිනියෙන් හා චිත්‍රපට තුලින් සහ තවද නීති සම්පාදකයන්ගෙන්, පැමිණෙන ලෞකික ආධානය අපට මෙමගින් විනිශ්චය කල හැකිය. පවුල සඳහා වූ ප්‍රකාශය දර්ශනවාදීන්ව විනිශ්චය සඳහා මිණුම් ලකුණකි, මෙම ප්‍රකාශයේ සඳහන් සෑම මූලධර්මයක්ම සත්යය හා වසර 20 කට පෙර දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් මගින් එය අපිට ලැබුනු බවද මම සාක්ශි දරමි. ” (බොනී එල්. ඔස්කාර්සන්, “Defenders of the Family Proclamation,” Liahona, May 2015, 14–15).

  9. ගෝර්ඩ්න් බී. හින්ක්ලි, “Stand Strong against the Wiles of the World,” Ensign, Nov. 1995, 100.

  10. එස්‍රා ටෆ්ට් බෙන්සන්, “Our Obligation and Challenge” (address given at the regional representatives’ seminar, Sept. 30, 1977), 2; in ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “On the Lord’s Side: Lessons from Zion’s Camp,” Liahona, July 2017, 19.

  11. Teachings of Presidents of the Church: Gordon B. Hinckley (2016), 186; see also Gordon B. Hinckley, “Look to the Future,” Ensign, Nov. 1997, 69.