2010–2019
ස්වාමීන්වහන්සේගේ හඬ
2017 ඔක්තෝම්බර්


ස්වාමීන්වහන්සේගේ හඬ

ස්වාමීන්වහන්සේගේ හඬ මෙම සම්මන්ත්‍රණයේදී අපට ඇසුනු බවට මම සාක්ෂි දරමි. අප හැමදෙනාටම ලැබෙන පරීක්ෂණය නම් අප එයට ප්‍රතිචාර දක්වන ආකාරයයි.

පළමුවෙන්, කුඩා දරුවන්ට කරුණාවන්ත වචනයක් මම කියමි. ඔව් අවසාන කතිකයා මමය, සහ ඔව්, මෙයයි සම්මන්ත‍්‍රණයේ අවසාන වාරය.

මෑතකදී ප්‍රෝවෝ සිටි සෙන්ටර් දේවමාළිගයට මා ගිය විට,ඈතින් පෙනුණු “පළමු දර්ශණය” යනුවෙන් නම් කළ චිත‍්‍රයක් මම අගය කලෙමි. පියාණන් සහ පුත‍්‍රයාණන් තරුණ ජෝසෆ් ස්මිත්ව බැහැදකින විට ස්වර්ගයෙන් ලැබු ආලෝකය සහ බලය එම චිත‍්‍රය පෙන්නුම් කලේය.

රූපය
ඈතින් පෙනුණු පළමු දර්ශණය

නැවත පිහිටුවීමට ප‍්‍රවේශයක් වූ ඒ ඉතා පුජනීය සිද්ධිය සමග සම නොකළත් මට එය හා සමාන දර්ශනයක් සිතා ගත හැකිවිය. එනම් මේ ප්‍රධාන සම්මන්ත‍්‍රණය මත දෙවියන්වහන්සේගේ ආලෝකය සහ ආත්මීක බලය පහළ වි සහ එම බලය ලෝකය පුරා පැතිර යන ආකාරයයි.

රූපය
ආලෝකය සහ ආත්මීක බලය ප්‍රධාන සම්මන්ත‍්‍රණය මත වැටීම
රූපය
බලය සහ ආලෝකය ලොවපුරා එහා මෙහා යන අයුරු

යේසුස්වහන්සේ ක‍්‍රිස්තුස්වහන්සේ බවද මේ පුජනීය කාර්යවල කටයුතු සඳහා එතුමන් මග පෙන්වන බවද එතුමන්ගේ සභාවට සහ අපට පුද්ගලිකව උපදෙස් දෙන ඉතා වැදගත් කාලයන්ගෙන් ප්‍රධාන සම්මන්ත්‍රණය ද එකක් බවට මම මාගේ සාක්ෂිය ඔබට දෙමි.

ඉහලින් ඉගෙනුම ලැබීම

සභාව සංවිධානය කළ දින, දිවැසිවරයෙක්, අනාගතවක්තෘවරයෙක් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු1 ලෙස දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත් පත් කර සභාවට මෙසේ කී සේක.

“නුඹලා ඔහුගෙන් ලබන වචන, සියළු ඉවසීමෙන් සහ ඇදහිමෙන්, මාගේ මුඛයෙන් ලැබෙන ඒවා මෙන්ය,”

“මේවා කිරීමෙන්, ඔබට විරුද්ධව නිරයේ දොරටු දිනන්නේ නැත, සහ ඔබ ඉදිරියේ ඇති අන්ධකාරයේ බලය, ස්වාමිවු දෙවියන්වහන්සේ විසින් විසුරුවා හැර ඔබේ යහපත සඳහා ස්වර්ගය සෙලවීමට සලසන සේක.”2

පසුව පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනාගේ ඝනපුර්ණයේ ප්‍රේරිතවරුන්ද දිවැසිවරු, අනාගතවක්තෘවරු සහ එළිදරව්කරුවන් ලෙස ස්ථිර කර පැවිදි කරන ලදි.3

අපි දැන් සභාපති තෝමස් එස්. මොන්සන්ගේ මගපෙන්වීම යටතේ හමුවන විට අපි “ස්වාමීන්වහන්සේගේ කැමැත්ත ඇසීමට, ස්වාමීන්වහන්සේගේ සිත , ස්වාමීන්වහන්සේගේ හඬ සහ ගැලවීම වෙත දෙවියන්වහන්සේගේ බලය”4 ඇසීමට අපේක්ෂා කරමු. අපි එතුමන්ගේ පොරොන්දු මත විශ්වාසය තබමු, “මාගේ හඬින් වුවද, මාගේ සේවකයින්ගේ හඬින් වුවද, එය සමානය.”5

දැන් නවීන ලෝකයේ අවුල් වියවුල් මැද , අපේ ආත්මීක වැඩීමට හා දරා සිටීම සඳහා පළමු සභාපතිත්වයේ සහ දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ වචනයන්ට විශ්වාසය සහ භක්තිය තැබීම වැදගත්ය.6

අප මෙම අසිරිමත් සම්මන්ත‍්‍රණය සඳහා එකතුවී ඇත්තේමු. රටවල් 200 කට පමණ වැඩි දස ලක්ෂ ගණන් පසු දවස්වල සාන්තුවරයන්ද සහ අන් ඇදහීම් ඇති අයද සහ භාෂා 93 කට වැඩි ප‍්‍රමාණයක් කථා කරන අයද මේ රැස්වීම් වලට පැමිණෙති හෝ සම්මන්ත‍්‍රණ පණිවිඩ කියවති.

අපි පැමිණෙන්නේ යාච්ඤා කර සුදානම් වීමෙනි. අප බොහෝ දෙනෙකුට බලගතු කරදර හෝ ප‍්‍රශ්න තිබිය හැක. අපට ගැලවුම්කරුවාණන් වු යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ වෙත ඇති අපේ ඇදහීම අලුත් කිරීමටත්, විනිශ්චයන්ට විරෝධය පෑමටත් අපේ හැකියාව ශක්තිමත් කිරීමට සහ අපරික්ෂාවන් වැලැක්වීමටත් උවමනාය. ඉහළින් ඉගෙනගැනීමට අපි පැමිණෙන්නෙමු.

ස්වාමීන්වහන්සේගේ සිත හා කැමැත්ත

සෑම සම්මන්ත‍්‍රණයකදී සාමාන්‍යයෙන් කථා පවත්වන පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනා, පණිවිඩ සුදානම් කිරීමේ දී ඉතාමත් පරිස්සමින් අවධානය දීමට බැඳි ඇත. එය නැවත නැවත සිදුවන වගකීමකි, එමෙන්ම පුජනීය විශ්වාසයකි.

අවුරුදු කීපයකට පෙර ප‍්‍රධාන අධිකාරීයේ සේවයට පෙර මා වැඩිහිටි ඩාලින් එච්. ඕක්ස්ගෙන්, ඔහු සෑම ස්ටේක සම්මන්ත්‍රණයකටම වෙනමම කතාවන් සකසාගන්නවා දැයි ඇසීය, ඔහු නැත කියා පිළිතුරු දෙමින් මෙසේ ද කීය, “නමුත් මාගේ ප‍්‍රධාන සම්මන්ත්‍රණ කථා වෙනස්ය. ස්වාමීන්වහන්සේට උවමනා දේ මා කියනවාදැයි සැක නැති වනතුරු මම කටු සටහන් 15–20 පමණ ලියමි”7

ප‍්‍රධාන සම්මන්ත්‍රණ කථාවන් වලට අනුභාවය ලැබෙන්නේ කෙසේද සහ මොන වේලාවේද?

කිසිදු මාතෘකාවක් ලබා දීමකින් තොරව, ස්වර්ගීය අලංකාරයෙන් යුත් සදාකාලික සත්‍යයන් පිළිබඳ තේමාවන් සහ විෂයන් සෑම සම්මන්ත්‍රණයකම අපි දකිමු.

පසුගිය අප්‍රේල් මස ඔහුගේ කථාව නිම වු විගස, මේ සම්මන්ත‍්‍රණයට මාතෘකාවක් දුන් බව මාගේ සහෝදරයෙක් මට කීය. තව කෙනෙක් තවමත් යාච්ඤා කරමින් ස්වාමීන්වහන්සේගේ පිළිතුරු බලාපොරොත්තුව සිටින බව සති තුනකට පෙර කීවේය. තවත් එක් අයෙක්ගෙන් විශේෂ සංවේදී කථාවක් සැදීමට කොපමන කාලයක් ගතකලාද ඇසු විට, ඔහු පිළිතුරු දෙමින් “අවුරුදු 25ක්” ගතවූ බව පැවසුවේය.

යම් වේලාවන්හිදී මුලික වූ අදහස ඉක්මනින්ම ආවත්, ඇතුලාන්තයේ තොරතුරු ලබාගැනීමට අතිවිශාල ආත්මික වෙරදැරීම් අවශ්‍ය වෙයි. නිරාහාරව සිටීම සහ යාච්ඤා, අධ්‍යනය සහ ඇදහිල්ල මෙම ක්‍රියාවලියේ නිතරම ඇති දේවල්ය. ස්වාමීන්වහන්සේට උන්වහන්සේගේ ශුද්ධවන්තයින් සඳහා උන්වහන්සේගේ වචනයේ මැකීයන උපකල්පන ලබාදීමට අවශ්‍ය නැත.

මහා සම්මන්ත‍්‍රණ කතාවකට උපදේශ ලැබු විට එය නිතරම ලැබෙන්නේ රාත‍්‍රියක හෝ හිමිදිරි පාන්දරය. කථාව සිතේ ඇති සිතුවිලි වලින් බොහෝ දුර තිබෙන දෙයක් වේ. හදිසියෙන් බලාපොරොත්තු නොවු ප‍්‍රඥාවකින් විශේෂිත වචන සහ වාක්‍ය ඛන්ඩ පිරිසිදු එළිදරව් ලෙස ගලා එයි.8

ඔබ අසා සිටින විට, ඔබ ලබන පණිවිඩ බොහෝ ප‍්‍රායෝගික හෝ ඔබටම කියන දෙයක් විය හැක.

බොහෝ අවුරුදු කීපයකට පෙර, ප්‍රධාන සම්මන්ත්‍රණයකදී මා මාගේ සිතට ආ වාක්‍ය කාණ්ඩයක් කීවේ මා ධර්මදූත සේවයට සුදුසුදැයි මා සිතමින් ඉන්නා විටය. එම කාණ්ඩය වුයේ “ඔබ කිසිවක් දන්නේ නැත. නමුත් ඔබ දන්නා දේ ප‍්‍රමාණවත්ය!”9 යි. එදින ප්‍රධාන සම්මන්ත්‍රණයේ මා අසල සිටි තරුණ කාන්තාවක් ඇය ලැබු මංගල යෝජනාවක් සඳහා යාච්ඤා කරන බව සහ ඇය ඔහුව ප‍්‍රමාණවත්ව හඳුනනවා දැයි සිතන බවත්, මා සමග කීවාය. මම ඇයට මෙම වචන කීවෙමි, “ඔබ කිසිවක් දන්නේ නැත. නමුත් ඔබ දන්නා දේ ප‍්‍රමාණවත්ය” ඇය ඔහුව හඳුනා සිටි තරම ප‍්‍රමාණවත් යැයි ආනුභාවය ඇයට සාක්ෂි දැරීය. බොහෝ අවුරුදු ගණනක් පුරාවට ඔවුන් සතුටෙන් විවාහ වී සිටිති.

ඔබේ ආත්මය සුදානම් කර සහ ස්වාමීන්වහන්සේගේ හඬ ඇසීමේ බලාපොරොත්තුවෙන් පැමිණි විට විශේෂයෙන් ඔබටම සැදුවා මෙන් සිතුවිලි සහ දැනීම් ඔබේ සිතට ලැබෙන බවට මම පොරොන්දු වෙමි. මේ සම්මන්ත‍්‍රණයේදී ඔබට දැනටමත් දැනි ඇති. නැතහොත් ඉදිරි සති කීපයේදී ඔබ මෙම පණිවිඩ කියවන විට දැනෙනු ඇත.

දැනට හා ඉදිරි මාස කීපයට

සභාපති මොන්සන් මෙසේ කීවේය:

“සම්මන්ත‍්‍රණ පණිවිඩ කියවීමට කාලය ගන්න.”10

“ඒවා මෙනෙහි කරන්න... වඩා ගැඹුරින් ඉගෙන ගන්නා විට මේ දේවානුභාවයෙන් දුන් දේශනා මා වැඩි වැඩියෙන් ලබන බව මා සොයා ගෙන තිබෙන්නෙමි.”11

ප්‍රධාන සම්මන්ත්‍රණයේ පණිවිඩ ඉදිරි මාස කීපයේදී ස්වාමීන්වහන්සේ අප ඉදිරියේ තැබීමට සැලකිල්ලට ගන්නා සේක.

එඬේරා “ඔහුගේ බැටළුවන් ඉදිරියෙන් ගමන් කරයි. බැටළුවන් ඔහු අනුගමනය කරන්නේ ඔවුන් ඔහුගේ කට හඬ දන්නා නිසාය.”12

නිතරම උන්වහන්සේගේ කටහඬ අපේ ජිවිතයේ යමක් වෙනස් කිරීමට නිර්දේශ කරති. එතුමන් අපට පසුතැවීමට ආරාධනා කරන සේක. උන්වහන්සේ අනුගමනය කිරීමට අපට ආරාධනා කරන සේක.

මේ සම්මන්ත‍්‍රණයේ ප‍්‍රකාශන ගැන සිතන්න:

සභාපති හෙන්රි බී. අයරින් අද උදැසන මෙසේ පැවසීය, ”පියාණන්වු දෙවියන්වහන්සේ ජිවමාන බව හා ඔබ උන්වහන්සේ වෙත එන බව මම සාක්ෂි දරමි. මෙය යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය සභාවයි. උන්වහන්සේ ඔබව දන්නා සේක. ඔබට පේ‍්‍රම කරන සේක; ඔබ රැකබලා ගන්නා සේක.”13

සභාපති ඩියේටර් එෆ්. උච්ඩ්රොෆ් ඊයෙ: “දෙවියන්වහන්සේ කරා යන මේ ආශ්චර්යමත් ගමන අපි අරඹන විට හෝ ගමන් කරන විට, අපගේ ජිවිත ඉතා යහපත් වේ… ස්වාමින්වහන්සේගේ පුදුමාකාර වූ කාර්යන්හි අප තුලින් අන් යට ආශිර්වාද කිරීමටත් උන්වහන්සේගේ සදාතනික අරමුණු ඉෂ්ට කිරීමටත් අපව යොදාගනී.”14

සභාපති රසල් එම්. නෙල්සන් ඊයෙ දහවල්: “ඔබ දිනපතා මෝර්මන් පොතෙහි ගිලෙන විට, භයානක අසභ්‍ය පොත් පත් වසංගතය සහ සිත වනසන වෙනත් ඇබ්බැහි වීම් ඇතුළු දවසේ නපුරු දේවලට විරුද්ධව ඔබ ප‍්‍රතිශක්තිය ලබන බවට මම පොරොන්දු වෙමි.”15

වැඩිහිටි ඩාලින් එච්. ඕක්ස් ඊයෙ: “පවුල් ප‍්‍රකාශනය යනු සදාකාල සත්‍යයේ ප්‍රකාශයකි, සදාකාලික ජීවිතය සොයනා ස්වාමීන්වහන්සේගේ දරුවන් සඳහා උන්වහන්සේගේ කැමැත්තකි.”16

වැඩිහිටි එම්. රසල් බැලර්ඩ් දැන් මොහොතකට කලින්: ”වර්ගවාදය, ස්ත්‍රී පුරුෂ වෙනස්කම් හා ජාතිවාදය ඇතුළුව සෑම අපක්ෂපාතීත්වයක්ම ඉවත්කර අපි දෙවියන්වහන්සේගේ දරුවන්ව කාරුණිකව වැළඳ ගැනීමට අවශ්‍යය.”17

අපට අතිරේක මිනිත්තුවක් තිබීම නිසා, මම වැඩිහිටි රොබර්ට් ඩි. හේල්ස් ගැන කෙටි විස්තරයක් එකතු කිරීමට කැමත්තෙමි. පළවෙනි සභාපතිත්වය වැඩිහිටි හේල්ස්ට පවසා තිබුනේ, ඔහුගේ සෞඛ්යය තත්වය යහපත් නම්, ඔහුට ඉරිදා උදේ සැසිවාරයේදී කෙටි පණිවුඩයක් ලබා දිය හැකි බවයි. ඔහුගේ සෞඛ්යයෙන් එයට අවසර නොලැබුණු අතර, ඔහු පසුගිය සතියේ අවසන් කර මා සමඟ බෙදාගත් පණිවිඩයක් ඔහු පිළියෙළ කළේය. පැය තුනකට පමණ පෙර ඔහු මිය ගිය අතර, මම ඔහුගේ කතාවෙන් පේලි තුනක් බෙදාගන්නෙමි.

වැඩිහිටි හේල්ස් උපුටා දැක්වීම: "අපි ඇදහිල්ලෙන් තෝරාගත් විට, අපි දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටීමට සූදානම්ව සිටිමු. ... ගැලවුම්කරුවාණන්ගේ කුරුසපත් වීමෙන් පසුව, උන්වහන්සේ මරණයට පත් වූ විට උන්වහන්සේගේ සාක්ෂියෙහි විශ්වාසවන්තව සිටි අයට පමණක් උන්වහන්සේ පෙනුණේය. [දහම සහ ගිවිසුම 138:12] අනාගතවක්තෘවරුන් පිළිබඳ "සාක්ෂි දීම ප්රතික්ෂේප කළ අයට" ගැලවුම්කරුවාණන්ගේගේ අභිමුඛයේ සිටින්නටවත්, උන්වහන්ස්ගේ මුහුණ දෙස බලන්නටත් නොහැකි විය" ] දහම සහ ගිවිසුම 138: 21 .]  අපේ ඇදහිල්ල ස්වාමින්වහන්සේ ඉදිරියේ සිටීමට අප සූදානම් කරයි.”

සභාපති රසල් එම්. නෙල්සන්ව යොමුකිරීමට ස්වාමීන්වහන්සේ කොතරම් කරුණාවන්තද? ඔහු අද උදෑසන සැසිය අවසානයේ දී ඉක්මනින් ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස්, දිවා ආහාරය අතහැර, වැඩිහිටි හේල්ස්ගේ ඇඳ අසලට  පැමිණ, ඔහුගේ ඝණපූර්ණ සභාපති වූ සභාපති හේල්ස් ඔහුගේ මැරෙනසුළු ජිවිතයෙන් උසස් වෙද්දී ඔහු ඒ අසල ඇන්ජලික් මේරි හේල්ස් සමග සිටියේය.

ස්වාමීන්වහන්සේගේ හඬට ප‍්‍රතිචාර දැක්වීම

මේ සම්මන්ත‍්‍රණයේ දී අපට එතුමන්ගේ කට හඬ ඇසුනු බවට මම සාක්ෂි දරමි

ස්වාමීන්වහන්සේගේ සේවකයන්ගේ වචන ලෝකයාගේ චින්තනයට හා ඇතැම් විට අපේ චින්තනයට, විරුද්ධ වු විට අප කම්පා විය යුතු නැත. එය සැමවිටම මෙලෙසය. මම නිරන්තරයෙන්ම මාගේ සහෝදරයන් සමග දේවමාළිගාව තුළ මාගේ දණහිස්වලය. එසේම මම ඔවුන්ගේ ආත්මයන්ගේ යහපත්කමට සාක්ෂි දරමි. ඔවුන්ගේ දැඩි කැමැත්ත ස්වාමීන්වහන්සේව සතුටු කිරීම හා උන්වහන්සේගේ පැවැත්ම කරා දෙවියන්වහන්සේගේ දරුවන්ට නැවත යාමට උදා කිරිමයි.

හැත්තෑවරුන්, සභානායකත්වය, සහන සමිතියේ ප්‍රධාන සභාපතීත්වය, තරුණ ස්ත‍්‍රීන්, ප‍්‍රාථමිකය සහ අනෙක් ආධාරක නායකයන් මේ සම්මන්ත‍්‍රණයට අති විශාල අනුභාවයක් එකතු කලා මෙන්ම අලංකාර ගායනයෙන් සහ කල්පනා සහිත යාච්ඤාවෙන් ද එලෙස විය.

ප්‍රධාන සම්මන්ත්‍රණයේ පණිවුඩ තුළ ස්වර්ගීක මගපෙන්වීම් සොයාගැනීමට ඇති නිධන් පෙට්ටියක් ඔබගේ සොයා ගැනීම බලාසිටී. අපි අපට ඇසෙන දේට, අප කියවන දේට හා අපට හැඟෙන දේට ප‍්‍රතිචාර දක්වන ආකාරය අප එකිනෙකාගේ පරික්ෂණයි.

සභාපති රසල් එම්. නෙල්සන්ගේ ජිවිතයෙන් අනාගතවක්තෘ වදනකට ප‍්‍රතිචාර දක්වීම ගැන අත්දැකීමත් බෙදා ගැනීමට මට ඉඩ දෙන්න.

වර්ෂ 1979 දී ප‍්‍රධාන අධිකාරීයට ඔහුගේ කැඳවීමට පෙර, සහෝදර නෙල්සන් ප්‍රධාන සම්මන්ත්‍රණයට පෙර රැස්වීමකට සහභාගී විය. සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් එතැන සිටි සියළු දෙනාට අභියෝගයක් කලේය. එනම් ශූභාරංචිය මුළු ලෝකයට ගෙන යාම පිණිස ඔවුන් තබන අඩි දිගු කිරීමටය. රටවල් අතරින් සභාපති චීනය විශේෂයෙන් මතක් කලේය. “අපි චීන ජාතිකයන්ට සේවය කළ යුතුයි. අපි ඔවුන්ගේ භාෂාව ඉගෙන ගත යුතුයි. අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කර උදව් කල යුතුයි.” යැයි ඔහු කිවේය.18

රූපය
සභාපති රසල් එම්. නෙල්සන් ශල්‍යවෛද්‍යවරයෙකු ලෙස

වයස අවුරුදු 54 දී සහෝදර නෙල්සන්ට රැස්වීම අතරතුරදී මැන්ඩරින් භාෂාව ඉගෙන ගැනීමට සිතුනි. ඔහු අවිවේකී හදවත් ශල්‍යවෛද්‍යවරයෙකු වුවත්, ඉක්මනින් ගුරුවරයෙකුගේ සහය ලබා ගත්තේය.

ඉගෙනීම ආරම්භ කර ටික දිනකින් දොස්තර නෙල්සන් සම්මන්ත‍්‍රණයකට සහභාගී වී බලාපොරොත්තු නොවු ලෙස අසුන් ගෙන සිටියේ දොස්තර වූ යින්ග්කායි නම් වැදගත් චීන ජාතිකයෙකු අසලය. සහෝදර නෙල්සන් මැන්ඩරින් භාෂාව ඉගෙනගනිමින් සිටි නිසා දොස්තර වූ සමග කතාකරන්නට පටන් ගත්තේය.19

රූපය
දොස්තර රසල් එම්. නෙල්සන් සහ දොස්තර වූ යින්ග්කායි

අනාගතවක්තෘවරයාගේ අනුගමනය පිළිපැදීම නිසා, දොස්තර වූ ට සෝල්ට් ලේක් නගරය බැහැදැකීමටත්, දොස්තර නෙල්සන්ට චීනයට ගොස් දේශන පැවැත්වීමට හා ශල්‍යකර්මයන් කිරීමටත් හැකිවිය.

චීන ජාතිකයන් වෙත ඔහුගේ පේ‍්‍රමය වැඩි වුනි. සහ ඔහු වෙත ඔවුන්ගේ තිබු පේ‍්‍රමය හා ගෞරවය වැඩි වුනි.

වර්ෂ 1985 දී දොළොස්දෙනාගේ ඝනපුර්ණයට කැඳවා මාස 10 කට පසුව වැඩිහිටි නෙල්සන්ට බලාපොරොත්තු නොවු දුරකථන පණිවිඩයක් චීනයෙන් ලැබුණේය. ඒ චීනයේ සිටින ඉතා ප‍්‍රසිද්ධ ඔපෙරා ගායිකාවගේ දුර්වල වෙමින් පවතින හදවත ශල්‍යකර්මයක් කිරීමට බීජීං නගරයට පැමිණිමට යදින පණිවිඩයයි. සභාපති ගෝර්ඩ්න් බී. හින්ක්ලිගේ අනුබලය ඇතිව ඔහු නැවත චීනයට ගොස් ඔහුගේ අවසාන ශල්‍යකර්මය මහජන ජනරජ චීන සමුහාණ්ඩු වේදී සිදු කළේය.

රූපය
සභාපති රසල්එම්. නෙල්සන් ගෞරවයට පාත්‍ර වෙමින්

අවුරුදු දෙකකට පෙර 2015 ඔක්තෝම්බර් මස සභාපති රසල් එම්. නෙල්සන්ව නැවත වරක් “චීනයේ පැරණි මිතුරෙක්” යන විරුදාවලියෙන් ගෞරවයට පාත්‍ර විය.

ඊයේ අපට ඇසුනා දැන් වයස අවුරුදු 93 ක් වන සභාපති රසල් එම්. නෙල්සන්, තෝමස් එස්. මොන්සන්ගේ ගිය අප්‍රියෙල් සම්මන්ත‍්‍රණයේදී කල යැදීම ගැන කථා කරනවා, එය නම්, “සැමදාම අප සෑම කෙනෙක්ම මොර්මන්ගේ පොත යාච්ඤාවෙන් ඉගෙන සහ මෙනෙහි කිරීමට ”

කාර්යබහුල හදවත් ශල්‍යවෛදවරයෙක් වුවත් කඩිනමින් චීන ගුරුවරයකු සොයාගත්තා මෙන්, සභාපති නෙල්සන් වහාම, සභාපති මොන්සන් දුන් උපදෙස් ඔහුගේ ජීවිතයට අදාළ කර ගත්තේය. ඔහු මෝර්මන්ගේ පොත කියවීම පමණක් නොව “මෝර්මන්ගේ පොත කුමක්ද, එය තහවුරු කරන්නේ කුමක්ද,නිශ්ප‍්‍රභා කරන්නේ කුමක්ද, එය පරිපුර්ණ කරන්නේ කුමක්ද, එය පැහැදිලි කරන්නේ කුමක්ද සහ එය අනාවරනය කරන්නේ කුමක්ද යන මේවායේ ලයිස්තු සාදා” ඔහු එකතු කළේය.20

අද උදෑසන පුදුම ලෙස, දෙවන සාක්ෂිකරුවෙක් ලෙස, සභාපති මොන්සන්ගේ කියමන ගැන සභාපති හෙන්රි බී. අයරින්ද කථා කලේය. ඔහු කිවේ, “ඔබ බොහෝ දෙනා සේ මට ද මා වෙත ස්වාමීන්වහන්සේගේ හඬ සේ අනාගතවක්තෘවරයාගේ වදන ඇසුණි.” එසේම  ඔබ බොහෝ දෙනා සේ මමද ඒ වදන් වලට කීකරු වීමට තීරණය කළෙමි.21

මේවා අපේ ජිවිත සඳහා ආදර්ශ ලෙස අපි දකිමු.

පොරොන්දුවක් හා ආශිර්වාදයක්

මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඉගැන්වීම්වලට ඔබ වෙත ස්වාමින්වහන්සේගේ හඬ ඇසෙන විට, හා ඉන්පසු එම පොළඹවීම් මත ක‍්‍රියා කරන විට, ඔබ මත ස්වර්ගයේ හස්තය ඔබට දැනේවි, හා ඔබේ හා ඔබ අවට සිටින්නන්ගේ ජිවිත ආශිර්වාද ලබන බවට මම ඔබට පොරොන්දු වෙමි.22

මෙම සම්මන්ත‍්‍රණයේදී අපි අපේ දයාබර අනාගතවක්තෘවරයා ගැන සිතා ඇත්තෙමු. සභාපති මොන්සන් අපි ඔබට පේ‍්‍රම කරමු. මෙම දේශනා කුඩුවේ සිට දුන් ඔහුගේ වදනින් මම අවසන් කරමි. “අපි මේ සම්මන්ත‍්‍රණයෙන් පිටව යන විට ඔබ එකිනෙකා මත ස්වර්ගයේ ආශිර්වාද මම යදිමි... අපේ දෙවිපියාණන්වහන්සේ ඔබට හා ඔබේ පවුල් වලට ආශිර්වාද කරන මෙන් මම යාච්ඤා කරමි. මේ සම්මන්ත‍්‍රණයේ පණිවිඩ සහ ආත්මය ඔබේ නිවසේ ඔබේ කාර්යයේ, ඔබේ රැස්වීම් වල හා ඔබේ ඒම් හා යාම්වල හා ඔබ කරන සියල්ලෙන් ප‍්‍රකාශ වේවා.”

ඔහු අවසන් කළේය, “මම ඔබට පේ‍්‍රම කරමි. මා ඔබ වෙනුවෙන් යාච්ඤා කරමි. දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. දැන් හා සැමවිටම උන්වහන්සේගේ පොරොන්දු වු සාමය ඔබ සමග තිබේවා”23

යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමෙන්.

සටහන්

  1. දහම සහ ගිවිසුම 21:1 බලන්න.

  2. දහම සහ ගිවිසුම 21:5–6.

  3. 1836 මාර්තු 27 වන දින, කර්ට්ලන්ඩ් දෙවමාළිගා කැපකිරීමෙදී ජෝසෆ් ස්මිත් මෙය සටහන් කලේය.

    මම පසුව සභාවට කෙටියෙන් ඇමතීමි, සහ යම් යම් ගණපූර්ණයන්ට කතා කළෙමි, සහ මුළු සභාවටම කතා කළෙමි, පළමු සභාපතිත්වය අනාගතවක්තෘන් හා දිවැසිවරුන් ලෙස මම හදුන්වා දුන්නෙමි. ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඉල්ලුවෙමි. නැගිටීමෙන් ඔවුන් එය පිලිගත්තෝය.

    “ඉන් අනතුරුව, මම ගණපූර්ණයන්ට හා මුළු සභාවටම කතා කරමින්, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාද, දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, එළිදරව්කරුවන් හා මුළු ලෝකයටම විශේශ සාක්ශිකරුවන් වශයෙනුත්, රාජධානියේ යතුරු හිමි අය වශයෙන්ද ඉදිරිපත් කරමින් ඔවුන් වෙනුවෙන්ද යාච්ඤා කරන ලෙස ඉල්ලුවෙමි. නැගිටීමෙන් ඔවුන් එය පිලිගත්තෝය.”(Teachings of Presidents of the Church: Joseph Smith [2007], 199).

  4. දහම සහ ගිවිසුම 68:4.

  5. දහම සහ ගිවිසුම 1:38.

  6. සභාපති හෙන්රි බී. අයරින් දිනක් මෙසේ කීවේය:

    “අනාගතවක්තෘ වචන පිළිනොගැනීම අප සිටගෙන සිටිනා තැන හැමදෙයක්ම වෙනස් කරයි. එය වඩාත් භයානක වේ. අනාගතයේදී අප ගන්න උපදෙස් අපට ලබාගැනීමට ඇති බලයද එයින් අඩුවී යයි. නෝවාට නැව තැනීමෙදී උදව් වීමට තිබූ හොඳම අවස්ථාව ඔහු ඇසූ පළවෙනිම අවස්ථාවයි. ඉන්පසු ඔහු අසනු ලැබූ හැම අවස්ථාවකදීම එහි සංවේදීතාව අඩු වී තිබුණි. එමනිසා ඔහුගෙ අයැදීම අනුවණ දෙයක් ලෙස පෙනුණි. ඒ වැස්ස වහින්නට පටන් ගන්නා තුරුය. ඉන්පසු එය ප්‍රමාද වැඩිවිය.

    “මාගේ ජීවිතයට ලැබුනු උපදෙස් ක්‍රියාත්මක කිරීමට පමාවූ හැමවේලාවකදීම ඒවා මට නොවෙන බව මම සිතගත් කල, මම මාවම ප්‍රශ්නයකට දාගත් බවක් මට හැඟිණි. අනාගතවක්තෘන්ගේ වචන වලට සවන් දී, ඒ පිළිබඳ යාච්ඤා කර, ඒවා පිළිපදින විටදී මම ආරක්ශා සහිත බව මම සොයාගත්තෙමි.” (“Finding Safety in Counsel,” Ensign, May 1997, 25).

  7. See Neil L. Andersen, “Teaching Our Children to Love the Prophets,” Ensign, Apr. 1996, 47.

  8. බොයිඩ් කේ. පැකර් දිනක මෙසේ පැවසීය:

    සභාපති හැරොල්ඩ් බී. ළී එළිදරව් පිළිබඳ මෙසේ ප්‍රකාශයක් කරනවා මට ඇසුනේය: “උදේ පාන්දර පැය වලදී, මම මෙම කාරනය ගැන සිතමින් සිටියදී…”ඔහු එළිදරව් ලබගැනීමට සෙව්වේ උදේ පාන්දර කලබලයක් නැති නැවුම් වේලාවන්දීය.

    ස්වාමීන්වහන්සේ දහම සහ ගිවිසුමෙහි මෙසේ පැවසුවේ හේතුවක් ඇතිවමය, ‘අවශ්‍ය ප්‍රමානයට වඩා වැඩි නින්දක් නොලබන්න; ඔබ මහන්සි නොවෙන පිණිස, වේලාසනින් ඇඳට යන්න, ඔබගේ ශරීරයත් මනසත් හොඳින් ක්‍රියාකරනු පිණිස, වේලාසනින් අවදිවන්න.’ (දහම සහ ගිවිසුම 88:124.) …

    මම මේ කතාවේ බලය ගැන ඉගෙනගත්තෙමි, ‘ඉක්මනින් ඇඳට, ඉක්මනින් අවදියට.’ මම ඉතා පීඩනයෙන් යුතුව සිටින විට ඔබ මාව මැදියම් රෑ පහන් කරනවා නොදකිනු ඇත, මම උදේ පාන්දරම නැගිට උන්වහන්සේට තවත් ලං වෙමින් උපකාර සොයමින් සිටිමි” (Teach Ye Diligently [2005], 244–45).

  9. Neil L. Andersen, “You Know Enough,” Liahona, Nov. 2008, 13.

  10. Thomas S. Monson, “Until We Meet Again,” Liahona, May 2014, 115.

  11. Thomas S. Monson, “God Be with You Till We Meet Again,”Liahona, Nov. 2012, 110.

  12. යොහාන් 10:4.

  13. Henry B. Eyring, “Fear Not to Do Good,” Liahona, Nov. 2017, 103.

  14. Dieter F. Uchtdorf, “A Yearning for Home,” Liahona, Nov. 2017, 22, 24.

  15. Russell M. Nelson, “The Book of Mormon: What Would Your Life Be Like without It?Liahona, Nov. 2017, 63.

  16. Dallin H. Oaks, “The Plan and the Proclamation,” Liahona, Nov. 2017, 30.

  17. M. Russell Ballard, “The Trek Continues!Liahona, Nov. 2017, 106.

  18. Spencer J. Condie, Russell M. Nelson: Father, Surgeon, Apostle (2003), 215.

  19. Spencer J. Condie, Russell M. Nelson, 215.

  20. Russell M. Nelson, “The Book of Mormon: What Would Your Life Be Like without It?” 61.

  21. Henry B. Eyring, “Fear Not to Do Good,” 100.

  22. ගෝර්ඩ්න් බී. හින්ක්ලි දිනක් මෙසේ පැවසීය:

    අපට ලැබී ඇති ඉගැන්වීම් වල යොදාගැනීමක් ලෙස පරීක්ශාවන් පැමිණේවි. මෙයින් පසු අපි ටිකක් වැඩියෙන් කාරුණික නම්, අප අසල්වැසියන් පිළිබඳ ධනාත්මක නම්, අපි ගැලවුම්කරුවාණන්වහන්සේට තවත් ටිකක් ලංවී ඇතිනම්, උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට අපි ලැදිනම්, එසේ නම් මෙමෙ සම්මන්ත්‍රණය සාර්ථකය. අනික් අතට මෙයින් අපේ ජීවිතයේ කිසිඳු වෙනසක් සිදුවී නැත්නම් මේ කතාකල සියළු දෙනාගේම එය අසමත් වීමකි.

    මාසයකින්, සතියකින් හෝ දිනයකින් මේ වෙනස්වීම් මැනීමට නොහැකිවන්නට පුළුවන්. ‍යෝජනා ඉකමනින් සාදා ඉක්මනින්ම නැතිවී යාමට පුළුවන්. නමුත්, තවත් අවුරුද්දකින් අපි මේ සිටින විදියට වඩා හොඳ වී ඇත්නම්, මේ දවස් වල යෙදූ උත්සහයන් අපතේ යාමක් වී නැහැ” (“An Humble and a Contrite Heart,” Ensign, Nov. 2000, 88).

  23. Thomas S. Monson, “A Word at Closing,” Liahona, May 2010, 113.