2010–2019
ඔබේ ආලෝකය දල්වන්න.
2017 ඔක්තෝම්බර්


ඔබේ ආලෝකය දල්වන්න

අනාගතවක්තෘන් අපව අමතයි මගේ සොයුරියනි. ඔබ ධර්මිෂ්ඨ වනවාද? ඔබ ඔබේ ඇදහිල්ල පැහැදිලි කර ගන්නවාද? ඔබ ඔබේ ආලෝකය දල්වනවාද?

ඔබ මෙය නොදන්නවා ඇති, නමුත් සභාපති මොන්සන් හා මා නිවුන්නුන් වේ. උතුරු කැලිෆෝනියාවේ මා ඉපදුණු දවසේම, මා ඉපදුනු පැයේම, තිස්හය හැවිරිදි තෝමස්  එස්. මොන්සන් නවතම ප්‍රේරිතවරයා ලෙස අනුමත කිරීම් ලැබුවේය. දෙවියන්වහන්සේ අනාගතවක්තෘ, සභාපති මොන්සන් වෙත මගේ විශේෂ හා පුද්ගලික සම්බන්ධයට මම ප්‍රේම කරමි.

අනාගතවක්තෘවරු කාන්තාවන් ගැන කතා කරයි.1 ඔබට ඔවුන්ගේ වචන සමහරක් මෙම රැස්වීමේදී ඇසෙන්නෝය. මගේ පාඨ සඳහා වසර 40 කට පමණ පෙර සභාපති ස්පෙන්සර්  ඩබ්ලිව්. කිම්බල් විසින් ලියන ලද අපූරු අනාවැකියක් කරා මම යමි. සැප්තැම්බර් 1979 ගෝලීය සභාවේ කාන්තාවන් ඔවුගේම ප්‍රධාන රැස්වීමක හමු වු දෙවන වතාව පමණක් විය. සභාපති කිම්බල් ඔහුගේ කතාව සුදානම් කළ ද, සම්මන්ත්‍රණයේ දිනය පැමිණි විට, ඔහු රෝහලේ සිටියේය. ඉතින් ඒ වෙනුවට, ඔහු වෙනුවෙන් ඔහුගේ සටහන් කියවන ලෙසට ඔහු ඔහුගේ බිරිඳට, කැමිලා අයිරින් කිම්බල්ට, කීවේය.2

රූපය
කැමිලා කිම්බල් සහෝදරිය දේශනා වේදිකාව මත කතාකරයි

ගැලවුම්කරුවාණන් වහන්සේගේ දෙවෙනි සම්ප්‍රාප්තියට පෙර ලෝකයේ යහපත් කාන්තාවන් මත LDS කාන්තාවන්ගේ ආභාෂය විශේෂ කොට දැක්වූ, අනාගතවක්තෘගේ වචන කිම්බල් සොහොයුරිය කියවුවාය. අවසානයට ළඟා වී, එතැන් සිට අප කතා කරන ආරෝපණයක් සභාවේ කාන්තාවන්ට ඇති විය.

සභාපති කිම්බල් කියු දෙයින් මඳක් උපුටන්නට අවසර දෙන්න:

“අවසානයට, මගේ දයාබර සොහොයුරියනි, පෙර නොකියු හෝ මේ ආකාරයටම නොකියු යමක් මා ඔබට යෝජනා කරන්නම්. අවසාන දිනවල සභාවට ලැබෙන ප්‍රභල වර්ධනයේ වැඩි කොටසක් එන්නේ ලෝකයේ යහපත් කාන්තාවන් බෙහොමයක්..... විශාල සංඛ්‍යාවලින් සභාවට ආකර්ශණය වන නිසාය. සභාවේ කාන්තාවන් ඔවුන්ගේ ජීවිතවල ධර්මිෂ්ඨකම හා පැහැදිලිකම ගැන සිතන තරමට සහ සභාවේ කාන්තාවන් ලෝකයේ කාන්තාවන්ගෙන් - ප්‍රීතිමත් ආකාරයන්ගෙන් - අනන්‍ය හා වෙනස් ලෙස පෙනෙන තරමට මෙය සිදු වේවි.”

“සභාව තුළට පැමිණෙන ලෝකයේ සැබෑ වීර කාන්තාවන් අතරින් ආත්මාර්ථකාමී වීමට වඩා ධර්මිෂ්ඨ වීමට වැඩි සැලකිල්ලක් දක්වන කාන්තාවෝ සිටී. මේ සැබෑ වීර කාන්තාවෝ ළඟ දෘශ්‍යබාවයට වඩා අවංකකම මත වැඩි වටිනාකමක් තබන සැබෑ නිහතමානිත්වය ඇත ......”

“අවසාන දිනවල සභාවේ සංඛ්‍යාත්මක හා අධ්‍යාත්මික වර්ධනයේ සැලකිය යුතු බලයක් වන්නේ සභාවේ ස්ත්‍රී ආදර්ශයන්ය.”3

එය කෙතරම් අනාවැකි ඵල කරන ප්‍රකාශයක්ද. සාරාංශ කිරීම සඳහා:

  • ඉදිරි වසරවල සභාවේ පැමිණෙන්නට ඇති විශාල වර්ධනයින් වැඩි කොටසක් ක්‍රියාරම්භ කරන්නේ කාන්තාවන්ගේ යහපත් සම්බන්ධතාවයන්ය.

  • සහන සමිතියේ කාන්තාවන්, තරුණ කාන්තාවන්, සහ ප්‍රාථමිකයේ දැරියන් අනෙක් ඇදහිලි හා විශ්වාසවල සිටින අවංක, ඇදහිලිවන්ත, දිව්‍යමය කාන්තාවන් හා දැරියන් සමඟ ගොඩනගන මිතුදම් අවසාන දිනවල සභාව වර්ධනය වන ආකාරය තුළ සැලකිය යුතු බලයක් වේවි.

  • සභාපති කිම්බල් අනෙක් පසුබිම්වල කාන්තාවන්ව, ආත්මාර්ථකාමි වීමට වඩා ධර්මිශ්ඨකම ගැන සැලකිලිමත්වන්නට, දෘශ්‍යබාවයට වඩා අවංක කම වටිනා බව අපට පෙන්වන්නට සිටින “වීර කාන්තාවන්” ලෙස හැදින්වුවේය.

මා ලොව පුරා මාගේ කාර්ය කරන විට මේ යහපත් කාන්තාවන් විශාල සංඛ්‍යාවක් මට හමු වී ඇත. ඔවුන්ගේ මිත්‍රකම් මට බොහෝ වටී. ඔබේ මිතුරන් හෝ අසල්වාසීන් අතර ඔබ ද මොවුන්ව දනියි. වර්තමානයේ ඔවුන් සභාවේ සමාජිකයින් විය හැක හෝ නොහැක. නමුත්, ඉතා වැදගත් මට මිත්‍රකමින් අපි සම්බන්ධ වී සිටිමු. හොඳයි, අපි කොහොමද අපේ කොටස ඉටු කරන්නේ? සභාපති කිම්බල් කාරණා පහක් සඳහන් කරයි:

පළමුවැන්න ධර්මිෂ්ඨ වීමයි. ධර්මිෂ්ඨ වීම යනු අංග සම්පුර්ණ වීම හෝ කිසි දිනෙක වැරදි නොකිරීම හෝ නොව. දෙවියන්වහන්සේ සමඟ අභ්‍යන්තර සම්බන්ධතාවක් ගොඩනැගීම, අපේ පව් හා වැරදි ගැන පසුතැවිලි වීම, හා නිදහසේ අනුන්ට උදව් කිරීම එහි තේරුමයි.

පසුතැවිලි වූ කාන්තාවන් ඉතිහාසයේ පථය වෙනස් කර ඇත. කුඩා කල රිය අනතුරකට මුහුණ දී වේදනා නාශකවලට ඇබ්බැහි වූ මිතුරියක් මට සිටියි. පසුව, ඇගේ දෙමාපියන්ද දික්කසාද විය. කෙටි සම්බන්ධතාවයකින් ඇය ගැබ් ගත් අතර, ඇගේ ඇබ්බැහි වීම් නොනැවතුණි. නමුත් එක් රාත්‍රියක්, ඇය ඇයගේ ජීවිතයේ කලබලකාරීකම හා අවුල දෙස බලා, “ඇති,” කියා සිතුවාය. ඇය ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හට ඇයට උපකාර කරන ලෙසට ඇඬුවාය. ඇයගේ දරුණු වූ තත්වයන්ට පවා වැඩිය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බලවත් බව ඇය ඉගෙනගත් බව කීවාය. ඒ හේතුවෙන්, ඇය පසුතැවිල්ලේ මාර්ගය ඔස්සේ ගමන් කරන විට ඇයට උන්වහන්සේගේ ශක්තිය ගැන විශ්වාස කළ හැකි විය.

ස්වාමීන්වහන්සේ හා උන්වහන්සේගේ මාර්ගය කරා නැවත පැමිණීමෙන්, ඇයට ඇයගේද, ඇයගේ කුඩා පුතනුවන්ගේද, ඇයගේ නව ස්වාමිපුරුශයාගේද ඉතිහාසයේ පථය වෙනස් කළ හැකි විය. ඇය ධර්මිෂ්ඨ වන අතර, වැරදි කර ඉන් වෙනස් වීමට වුවමනා අන් අය සදහා විවෘත හදවතක් ඇයට ඇත. අප සැම මෙන්ම, ඇයද අංග සම්පුර්ණ නැත. නමුත් පසුතැවිලි වී නැවත උත්සහ කරන ආකාරය ඇය දනී.

දෙවැන්න නම් පැහැදිලි වීමයි. යමක් ගැන ඔබට හැගෙන දේ හා ඊට හේතුව නිශ්චිතවම ප්‍රකාශ කිරීම පැහැදිලි වීම මඟින් අදහස් වේ. මේ වසර මුලදී, මගේ මුහුණුපොතේ පුවත් තීරුවේ ක්‍රිස්තියානිකම හෙළා දමන ප්‍රකාශයක් තිබුණි. මා එය කිය වු අතර යම්තමින් කෝපයක් ඇති වුව ද මම එය ගණන් නොගත්තෙමි. නමුත්, අපේ ඇදහිල්ලේ නොවූ, මා හඳුනන අයෙක් ඇයගේ ප්‍රකාශයකින් ඊට ප්‍රතිචාර දුන්නාය. ඇය මෙසේ ලියුවාය: “ (මෙය) යේසුතුමා නැඟි සිටි සියල්ලට සම්පූර්ණයෙන් විරුද්ධයි. උන්වහන්සේ උන්වහන්සේගේ කාලයේ අන්තවාදියෙකු වුණේ උන්වහන්සේ..... ලෝකය සමාන කළ ..... නිසා , ...... උන්වහන්සේ ගණිකාවන්ට කතා කළා, බදු එකතුකරන්නන්…  සමඟ (ඔහු කෑවා), බල රහිත කාන්තාවන් හා ළමුන්…  සමඟ මිත්‍ර වුණා, (සහ) අපට යහපත් සමරිතානුවාගේ කතා දුන්නා.. ඉන් පෙන්වන්නේ, සැබෑ ක්‍රිස්තියානුවන් ලෝකයේ වඩාත්ම ප්‍රේමබර පුද්ගලයන් වීමට උත්සහ කරන බවයි.” මට මෙය කියවූ විට, “මා ඒක ලියුවේ නැත්තේ ඇයි?” කියා මම මටම සිතුවෙමි.

අප එකිනෙකා අපේ ඇදහිලි සඳහා හේතූන් වඩා හොඳින් පැහැදිලි කිරීමට පුළුවන් විය යුතුය. ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන හැගෙන්නේ කුමක්ද? ඔබ සභාවේ තවමත් සිටින්නේ ඇයි? මෝර්මොන්ගේ පොත ශුද්ධලියවිල්ලක් බව ඔබ විශ්වාස කරන්නේ ඇයි? ඔබට ඔබේ සාමය ලැබෙන්නේ කොතැනින් ද? අනාගතවක්තෘට 2017 දී කීමට යමක් තිබීම වැදගත් වන්නේ ඇයි? - සමාජ වෙබ් අඩවිවල ඔබ දන්නා හා ඔබට දැනෙනා දේ, ඔබේ කටහඬ හා බලය යොදා ප්‍රකාශ කරන්න, ඔබේ මිතුරන් සමඟ සන්සුන් සාකච්ඡාවල, මුණුබුරන් හා මිණිබිරියන් සමඟ කතා කරන විට - ඔබට හැගෙන දේ හා දන්නා දේ පැහැදි කරන්න. ඔබ විශ්වාස කිරීමට හේතුව, ඔබ දන්නේ කොහොමද, එය කුමක් වගේ හැගෙනවාද, ඔබ කිසි දිනෙක හෝ සැක කළාද, ඔබ එය ජයගත් ආකාරය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට කුමක් ද යන්න ඔවුන්ට කියන්න. ප්‍රේරිතවර පේදුරු කියු ලෙසට, “බිය නොවී .....; ඔබගේ සිතින් ක්‍රිස්තුස්වහන්සේට සමිදාණන්වහන්සේ හැටියට ගෞරව කරන්න‍. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලට පිළිතුරු දීමට නිතර සුදානම්ව සිටින්න.”4

තෙවැන්න නම් වෙනස් වීමයි. මෙම ජුලි මස, ෆ්ලොරිඩාවෙහි පැනමා නගර වෙරළේ සිදු වු කතාවක් මා ඔබට කියන්නම්.5 ගොඩක් හවස් වී, යාර 100ක් (90 m) පමණ මුහුදේ තම තරුණ පුතුන් දෙදෙනා උදව් ඉල්ලා කෑගසනවා රොබර්ටා අර්ස්රේ දුටුවාය. ඔවුන් ප්‍රබල දිය පාරකට හසු වී මුහුද වෙත ඇඳගෙන ගොස් ඇත. අසලක සිටි යුවලක් දරුවන් දෙදෙනාව බේරා ගැනීමට උත්සහ කර නමුත් ඔවුන්ද දිය පාරට හසුවිය. ඉතින් අර්ස්රේ පවුලේ සාමාජිකයන් දඟලමින් සිටි පිහිනුම්කරුවන්ව බේරා ගැනීමට ගිය ද , ඉක්මනින්ම තවත් පුද්ගලයන් දෙනෙකු සැඬ ජල පහරට හසු විය.

එහි ලණු තිබුණේ නැත. ආරක්ෂකයින් සිටියේ නැත. පොලිසිය විසින් බේරා ගැනීමට බෝට්ටුවක් එවා තිබුනත්, මුහුදේ සිටි අය විනාඩි 20ක් පමණ දැඟලීමෙන් විඩාවට පත්වී ඔවුන්ගේ හිස් ජලයට ගිලෙන්නට විය. වෙරළේ බලා සිටින්නන් අතර ජෙසිකා මේ සිමන්ස් සිටියාය. ඇයගේ සැමියාට මිනිස් දාමයක් සෑදීමේ අදහස ඇති විය. ඔවුහුට උපකාර කරන ලෙසට ඔවුන් වෙරළේ සිටි අයට කෑගැසුහ. මිනිසුන් දුසිම් ගණනක් අත් අල්ලා මුහුදට බැස්සෝ ය. ජෙසිකා පුවත්පතට මෙසේ ලීවාය: “වෙනස් වර්ග හා ලිංගවල මිනිසුන් නාඳුනන්ව බේරා ගැනීමේ ක්‍රියාවට එකතුවීම ඉතා අපූරුයි!!”6 මිනිසුන් 80 ක දාමයක් පිහිනුම්කරුවන් කරා ඇඳුණි. ඒ අසිරිමත් මොහොතේ මේ පින්තූරය දෙස බලන්න.

රූපය
පිහිනුම්කරුවන් මිනිස් දාමයක් නිර්මාණය

වෙරළේ සිටි සැමටම සාම්ප්‍රදායික පිළියම් පමණක් සිතී, කිසිවක් කරගත නොහැකි විය.. නමුත් එක් යුවලකට, ඒ මොහොතේ දීම , වෙනත් පිළියමක් ගැන සිතුණී. නව්‍යකරණය හා නිර්මාණය අධ්‍යත්මික දීමනා වේ. අපි අපේ ගිවිසුම් රකින විට , එය අපට අපේ සංස්කෘතියේ හා සමාජයේ අන් අයගෙන් වෙනස් කළ නමුත්, එමඟින් අපට වෙනස් පිළියම්, වෙනස් ආරම්භ කිරීම්, වෙනස් යෙදීම් ගැන සිතීමට හැකි වන ලෙස ආවේශයට අපට පිවිසීමට හැකි කරයි. අප සැම විටම ලෝකය සමඟ ගැලපෙන්නට යන්නේ නැත. නමුත් ධනාත්මක ආකාරයන්ගේ වෙනස් වීම අරගල කරමින් සිටින අන් අයට දිවිසෙතක් විය හැක.

සතරවැන්න විශේෂ වීමයි. හඳුනාගත හැකි පරිදි හොඳින් නිශ්චිත වීම විශේෂ වීමෙන් අදහස් වේ. වෙරළේ ජෙසිකා මේ සිමන්ස්ගේ කතාවට මම නැවත යන්න අවසරයි. එම මිනිස් දාමයට පිහිනුම්කරුවන් කරා දිග් වු පසු, ඇය දැන ගෙන සිටියා ඇයට උදව් කළ හැකි බව. ජෙසිකා මේ මෙසේ කීවාය, “මට හුස්ම අල්ලාගෙන ඔලිම්පික් පිහිනුම් තටාකයක් වටා යාම පහසුවෙන් කළ හැක! (ප්‍රබල දිය පහරකින් බේරෙන (ආකාරය) මම දැන ගෙන සිටියා.7 මට (සෑම පිහිනුම්කරුවෙකුටම) මිනිස් දාමයට, ගෙනයාමට හැකි බව මම දැන සිටියා.” ඇය හා ඇයගේ සැමියා පිහිනුම් ලෑලි ගෙන දාමය දිගේ පිහිනා ගියා ඔවුන්ට හා අනෙකුත් අයට පිහිනුම්කරුවන්ව හමුවන තෙක්. ඉන්පසුව එකින් එක ඔවුන්ව වෙරළේ ආරක්ෂාවට තල්ලු කර දාමය තෙක් රැගෙන ගියහ. ජෙසිකාට විශේෂ හැකියාවක් තිබුණි: ප්‍රබල දිය පාරකට එරෙහිව පිහිනන ආකාරය ඇය දැන සිටියාය.

නැවත ස්ථාපිත කළ ශුභාරංචිය හඳුනාගත හැකි ලෙස නිශ්චිත වේ. නමුත් එය අප අනුගමනය කරන ආකාරයේ අපි විශේෂ විය යුතු වෙමු. ජෙසිකා පිහිනීම පුහුණු වන ලෙසම, හදිසි අවස්ථාවට පෙර අපි ශුභාරංචියේ ජිවත් වීම පුහුණු විය යුතු වන්නේ, බිය රහිතව, අනුන්ව දිය පාරින් ගසාගෙන යන විට උදව් කිරීමට අප ප්‍රමාණවත් ලෙස ශක්තිමත් වන ලෙස‍ට‍ය.

අවසානවශයෙන්, පස්වැන්න නම්, හතර වන පියවර තෙක් තෙක් ප්‍රීතිමත් ආකාරවලින් කිරීමයි. කුමක් සිදු වුවත් ඔබේ මුහුණෙන් ප්ලාස්ටික් සිනාවක් රඳවා ගැනීම ඉන් අදහස් නොකෙරෙයි. නමුත් ඉන් දෙවියන්වහන්සේගේ නීති රැකීම හා අන් අයව ගොඩනැගීම හා ඔසවා තැබීම අදහස් වේ.8 අපි ගොඩනගන විට, අපි අනුන්ගේ පීඩාවන් උසුලන විට, අපේ පරීක්ෂාවලට අප කරා ලඟාවිය නොහැකි ලෙස එය අපේ ජීවිතවලට ආශිර්වාද කරයි. මා ළඟ මට සැමදාම පෙනෙන තැනක තැබු සභාපති ගෝර්ඩ්න් බී. හින්ක්ලිගේ උපුටාගැනීමක් ඇත: ඔහු මෙසේ කිවේය; “ඔබ .... ඝෘණාත්මක බවින් හෝ නරුමකමික් ගොඩනැගී නැත. ඔබ ධනාත්මක බවින් බලන්න, ඇදහිල්ලෙන් වැඩ කරන්න, එවිට සිදුවිය යුතු දේ සිදු වේවි.”9

එම සතුටු, ධනාත්මක ආත්මයට උදාහරණයක් ලෙස, 13 හැවිරිදි එල්සා නම් දැරියක්, ඇයගේ මිතුරන්ගෙන් සැතපුම් 1‍්800 (2900 km) ඈතට, පවුල සමඟ බැටොන් රූජ්, ලූසියානා වලට යන මම දැනගතිමි. වයස අවුරුදු 13 වූ විට අලුත් ස්ථානයකට යාම එතරම් පහසු නැත. ස්ථාන මාරු කිරීම ගැන අවබෝධ කරගත නොහැකි ලෙස අවිනිශ්චිත හැඟීමකින් සිටි එල්සාට ඇයගේ පියා ආශිර්වාදයක් දුන්නේය. ආශිර්වාදයේ ඒ මොහොතේ දීම, ඇයගේ මවගේ ජංගම දුරකතනයට පණිවිඩයක් ලැබී හඬ නැගුණී. ලූසියානාවල විසු තරුණ කාන්තාවන් “කරුණාකරලා අපේ කොට්ඨාශයට එන්න!” කියන ශීර්ෂය යොදා පින්තූරයක් එවා තිබුණි.10

රූපය
පිළිගැනීමේ සංඥාවක් ඔසවා සිටින් තරුණ කාන්තාවක්

මෙම තරුණ කාන්තාවන් එල්සාව හමු නොවුවත් ඇයට ඔවුන් කැමති වන බව ගැන ධනාත්මක විය. ඔවුන්ගේ උද්යෝගය එල්සා තුළ පැමිණෙන්නට තිබු ස්ථාන මාරුව ගැන ධනාත්මක බවක් ඇති කළ අතර සියල්ල හරි යයි ද යන ඇයගේ යාච්ඤාවට පිළිතුරු සම්බවීය.

ධනාත්මක බව හා ප්‍රීතිය නිසා පැමිණෙන මෙම ශක්තිය අපට ආශිර්වාද කරනවා පමණක් නොව අප වටා සිටින සැවෝම ගොඩනගයි. ඔබ අනුන් තුළ සැබෑ සතුට දැල්වීමට කරන ඕනෑම කුඩා දෙයකින්, සභාපති කිම්බල් දල්වන ලද පන්දම ඔබ දරා සිටින බව පෙන්නුම්කරයි.

සභාපති කිම්බල්ගේ කතාව දුන් කළ මට වයස අවුරුදු 14 ක් විය. දැන් අවුරුදු 40 ටත් වඩා වැඩිමහල් අපි, එදා සිට මෙම උපදේශය සභාපති කිම්බල්ගෙන් ඔසවා සිටිමු. මම වර්තමානයේ, වයස අවුරුදු 8 වූ අය, වයස අවුරුදු 14 ක් වූ අය, හා වයස අවුරුදු 20 ක් වු අය, හා වයස අවුරුදු 35 ක් වූ අය දෙස බලා, මෙම පන්දම ඔබට භාර දෙමි. ඔබ මෙම සභාව තුළ ආනාගත නායකයින් වේ. මෙම ආලෝකය ඉදිරියට ගෙන ගොස් හා මේ අනාවැකිය සම්පූර්ණ කිරීම වීම ඔබට භාරයි. වයස අවුරුදු 40 ට වැඩි අපි අපේ අත් ඔබ හා පටලවා ඔබේ ශක්තිය හා ජවය විඳිමු. අපට ඔබව අවශ්‍යයයි.

දහම සහ ගිවිසුම 49:26 – 28 හමු වන මෙම ශූභාරංචියට සවන් දෙන්න. එය වෙනස් අවස්ථා යටතේ ලියවූවත්, අද රාත්‍රියේ ශුද්ධාත්මයාණන් වහන්සේ හරහා, මේ ශූද්ධ වූ කාර්යයට ඔබේ පුද්ගලික කැඳවීමක් ලෙස ගන්නා බවට මම ප්‍රාර්ථනා කරමි.

“බලව මම නුඹට කියමි, මා නුඹට අණ කළ පරිදි පෙරට යන්න : නුඹගේ පවුලවලින් පසුතැවිලිවන්න; ඉල්ලන්න නුඹට එය ලැබේවි; තට්ටු කරන්න ඔබට එය විවර වේවි.

“බලව, මම නුඹ ඉදිරියට ගොස් නුඹ හා නුඹගේ පිටුපස ද සිටිමි; තව ද මා නුඹ මධ්‍යයේ ද සිටින අතර, නුඹ කලබලයට පත් නොවන්නෙහිය”

“බලව, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වීමි, මම ඉක්මණින් පැමිණෙමි.”11

දෙවියන්වහන්සේ ඔබ සඳහා ඇති නිර්ලෝභී ප්‍රේමය ඔබට දැනෙන ස්ථානයක ඔබව තබන ලෙසට මම ඔබ එකනෙකා වෙනුවෙන් අයැදිමි. ඒ ප්‍රේමයේ දුර ප්‍රමාණයට පිටින් ඔබට ඔබව තැබිය නොහැක. ඔබට උන්වහන්සේගේ ප්‍රේමය දැනෙන විට , ඔබ පසුතැවිලි වී උන්වහන්සේගේ ආඥා තබයි. ඔබ උන්වහන්සේගේ ආඥා තබව විට, එහි දී උන්වහන්සේගේ කාර්යය සඳහා ඔබව භාවිතා කල හැකියි. උන්වහන්සේගේ කාර්යය හා මහිමය කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ උත්කර්ෂය හා සදාතනික ජීවයයි.

අනාගතවක්තෘන් අපව අමතයි, මගේ සොයුරියනි. ඔබ ධර්මිෂ්ඨ වනවාද? ඔබේ ඇදහිල්ල පැහැදිලි කරනවාද? ඔබට විශේෂ හා වෙනස් වීම දරා ගත හැකි ද? ඔබේ පරීක්ෂා කෙසේ වුවද අවශ්‍ය යහපත් හා උතුම් අන් අයව ඔබ ගාවට ආකර්ෂණය කර ගන්නවාද? ඔබ ඔබේ ආලෝකය දල්වනවාද? ස්වාමීන්වහන්සේ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප ඉදිරියේ හා අප මධ්‍යයේ සිටින බවට මම සාක්ෂි දරමි.

මම අපේ ඉතා ප්‍රේම කරන අනාගතවාතෘ, තෝමස්  එස්. මොන්සන්ගේ වදනින් අවසන් කරමි: “මගේ දයාබර සොයුරියනි, මේ ඔබේ දිනයයි, ඔබේ කාලයයි”12 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙනි, ආමේන් .

සටහන්

  1. සභාපති බ්රිගම් යන්ග්: "සහෝදරවරියන්ට විවිධ වූ ඔවුන්ගේ කොට්ඨාශ වල සහන සමිති සංවිධානය කිරීමට ඉඩදෙන්න. දක්ශ කාන්තාවන් විශාල ප්රමානයක් අප අතර සිටී, මෙම කාරණයේදී ඔවුන්ගේ උපකාර අපි බලාපොරොත්තු වෙමු. යම්කෙනෙක් මෙය අසුභ ලෙස දුටුවත් එය එසේ නොවේ. මෙම වකවානුවේදී කාන්තාවන් ප්රධාන ස්තානයක් ගන්නා බව ඔබ හදුනාගනී." (in Daughters in My Kingdom: The History and Work of Relief Society [2011], 41).

    සභාපති ලොරෙන්සෝ ස්නොව්: "පූජකත්වයේ පසෙක ඔබව සොයාගෙන ඇත, දෙවියන්වහන්සේගේ රාජධානිය ගොඩ්නැංවීමට ඔබගේ සහය සහ කැමැත්ත ලබාගැනීමට; ඔබ ඔබේ ශ්‍රමය දායක කරන තරමටම මෙම කාර්‍යයයේ ජයග්‍රහණයද දෙවියන්වහන්සේ තම ඇදහිලිවන්ත දරුවන් හට පුද කරන මහිමයද ඔබ ලගාකරගනී.” ” (in Daughters in My Kingdom, 7).

    සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල්: "මෙම සංවිධානය බලසම්පන්නයි (සහන සමිතිය), නමුත් එය තවමත් එහි ශක්තිය සයොනයේ නිවාස ශක්තිමත් කිරීමටවත්, දෙවියන්වහන්සේගේ රාජධානිය ගොඩ්නැංවීමටවත් සම්පුර්ණ ලෙස භාවිතා කර නැහැ, සහෝදරියන් සහ පූජකත්වය හිමි සහෝදරයන් එකතු වී සහන සමිතියේ දැක්ම හොදින් වටහා ගතයුතුයි."( in Daughters in My Kingdom, 142).

    සභාපති හෝවර්ඩ් ඩබ්ලිව්. හන්ටර්: "අප වටා ඇති නපුර මගහැර ස්වාමීන්වහන්සේගේ කාර්යය සදහා ඉදිරියටම යාමට සභාවේ සහෝදරියන් හා සහෝදරයන් සමග එකට නැගීසිටීමේ විශාල උවමනාවක් පවතී. අපි ඔබගෙන් බැගෑපත්ව ඉල්ලාසිටිනවා, අපගේ පවුල්ද, අපගේ සභාවන්ද, අපගේ ප්‍රජාවද සදහා ඉතාමත් උනන්දුවෙන් සේවය කරන්න.” (in Daughters in My Kingdom, 157).

    සභාපති ගෝර්ඩ්න් බී. හින්ක්ලි: "මෙම සභාවේ කාන්තාවන් තුල ඉතා විශාල හැකියාවක්ද, ශක්තියක්ද ඇත. ස්වාමීන්වහන්සේගේ රාජධානිය තුල නායකත්වයක් හා මගපෙන්වීමක්ද, ස්වාධීනයේ ආත්මයක්ද, මෙහි කොටස්කරුවෙකු වීමේ වූ විශාල තෘප්තියක්ද පවතින අතර ඔවුන් පූජකවරය හා එක්ව කරින් කර වැඩ කරමින් ඉදිරියටම ගමන් කරයි. (in Daughters in My Kingdom, 143).

    සභාපති තෝමස්  එස්. මොන්සන්, සහන සමිතියේ නමවන ප්‍රධාන සභාපතිනී බෙල්ලෙ ස්මිත් සොඇෆර්ඩ් උපුටා දක්වමින්: " අද ලෝකයේ තරම් බලපෑමක් කෙදිනවත් කාන්තාවන්ට තිබී නැතිතරම්‍ ය. අවස්තාවන් සදහා දොරවල් මේ තරම් පුලුල් ලෙස විවෘත වී නැත. මෙය කාන්තාවන් සදහා ආරාධනාවකි, මෙය ආකර්ෂණීය, අභියෝගාත්මක හා බලසම්පන්න කාලයකි. මේ කාලයේදී අපි අපේ සමබරතාව තබාගනිමින්, අපේ ජීවිතයේ සැබෑ අරුත වටහාගනිමින්, අපේ ප්‍රමුකතා වඩා ප්‍රඤාවෙන් යුතුව හදුනාගනිමින්[A Woman’s Reach (1974), 21] ක්‍රියා කිරීමෙන් අපේ ප්‍රතිලාභය වඩා පොහොසත් වේ. (“The Mighty Strength of the Relief Society,” Ensign, Nov. 1997, 95).

    සභාපති රසල් එම්. නෙල්සන්: "නූතන සාන්තුවරයන්ගෙන් යුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සහෝදරියන් වෙත මම බැගෑපත්ව ඉල්ලා ස්ටින්නේ, ඉදිරියටම යන්න! අන් කිසිකලකටත් වැඩියෙන් ඔබග්ගේ සත්‍යවන්ත වූත් අවශ්‍යවූත් ස්තානය ඔබේ නිවෙස්වලද, ඔබේ සමාජයේද, ස්වාමීන්වහන්සේගේ රාජධානියේද ලබාගන්න. මම ඔබගෙන් බැගෑපත් ලෙස ඉල්ලන්නේ සභාපති කිම්බල්ගේ අනාවැකිය සම්පූර්ණ කරන ලෙසයි. ඔබ එසේ කරන කල්හි ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට සිතාගැනීමටත් නොහැකි අයුරින් ඔබේ ක්‍රියාවන් තුල බලසම්පන්න වන බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම ඔබට පොරොන්දු වෙමි!” (“A Plea to My Sisters,” Liahona, Nov. 2015, 97).

  2. සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් ගේ කතාව කැමිලියා කිම්බල් සහෝදරිය විසින් කියවීම බලන්න, conference.lds.org; see also ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල්, ““The Role of Righteous Women ,” Ensign, Nov. 1979, 102–4.

  3. ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල්, “The Role of Righteous Women,” 103–4; අවධාරණය කිරීම් එකතුකර ඇත.

  4. 1 පේදුරු3:14–15.

  5. මැක්කින්ලි කෝබ්ලි, 80 Beachgoers Form Human Chain to Save Family Being Dragged Out to Sea by Riptide,” July 12, 2017, goodnewsnetwork.org බලන්න

  6. ජෙසිකා මේ සිමොන්ස්, in Corbley, “80 Beachgoers Form Human Chain.”

  7. සිමොන්ස්, in Corbley, “80 Beachgoers Form Human Chain.”

  8. බලන්න, ඇල්මා 41:10; , 34:28; දහම සහ ගිවිසුම 38:27; ලූක්16:19–25.

  9. Teachings of Presidents of the Church: Gordon B. Hinckley (2016), 71.

  10. වර්ජීනියා පර්ස් පවුලෙන් සටහනක්

  11. දහම සහ ගිවිසුම 49:26–28.

  12. තෝමස් එස්. මොන්සන් , “The Mighty Strength of the Relief Society,” 95.