2010–2019
ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න
2017 ඔක්තෝම්බර්


ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න

අපට සිදුවන සෑම දෙයක්ම පාලනය කිරීමට අපට නොහැකිය, නමුත් අපේ ජීවිතයේ සිදුවන වෙනස්වීම් වලට අපි ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් කිරීමට අපට අනිවාර්යයෙන්ම හැකිය.

1998 වසන්තයේ දී කැරොල් හා මම ව්‍යපාරික චාරිකාවක්, පවුලේ විනෝද චාරිකාවක් සමග සම්බන්ධ කරගෙන, අපගේ දරුවන් හතර දෙනාත් , මාගේ මෑතකදී වැන්දඹුවක් වූ නැන්දම්මාත් සමග දවස් කිහිපයකට හවායී වෙත යන්නට සැරසුණි.

අපගේ හවායී ගමනට පෙර රැයේදී අපේ මාස හතරක් වයසැති ජොනතන් නම් වූ පුතාට කන් දෙකේම අසාදනයක් ඇති බවත්, දවස් තුන හතරකට ඔහු ගමන් බිමන් නොයා සිටිය යුතු බවටත් අපට උපදෙස් ලැබිණි. ජොනතන් සමග කැරොල් ගෙදර නතර වූ අතර, මම පවුලේ අනෙක් අය සමග ගමන යන්නට තීරණය කෙරුණි.

අපගේ පැමිණිමෙන් අනතුරුව මා බලාපොරොත්තු වු චාරිකාව මෙය නොවන බවට පළමු සලකුණ ඉතා සුළු වේලාවකින්ම මට දැනිණි. හඳ එළියෙන් පිරුණු පාම් ගස් පේලියක් තිබෙන පාරක යමින්, මුහුදේ පැහැදිලි දසුනක් අප ඉදිරියේ තිබියදී දුපතේ ලස්සන ගැන කියන්නට හැරී බලන ඒ ආදරවන්ත මොහොතෙදී කැරොල් දකිනවා වෙනුවට මාගේ නෙත යොමු වුයේ මාගේ දයාබර නැන්දම්මාටය. ඇයට මම ගොඩක් ආදරෙයි. නමුත් මා බලාපොරොත්තු වු දෙය එය නොවේ. අපේ අසනීප ළදරු පුතා සමග තනිවම කැරොල් තම නිවාඩුව ගත කරනවා යැයි බලාපොරොත්තු නොවන්නටත් ඇති.

අවුල් වු නිවාඩු චාරිකාවකට වඩා දරුණු තත්වයක් ඇතිවී බලාපොරොත්තු නොවුන මාර්ගයකට අපගේ ජීවිත හැරෙන අවස්ථා පැමිණෙන්නට පුළුවන්. අපි සැලසුම් කෙරූ ජිවිතය, බොහෝ විට අපගේ පාලනයක් නැති සිද්ධීන් නිසා බලාපොරොත්තු නොවු ලෙස වෙනස් වු විට අපි ප‍්‍රතිචාර දිය හැක්කේ කෙසේද?

රූපය
හයිරම් ස්මිත් ශම්වේ

1944 ජුනි 6 වන දින දී ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවේ දෙවැනි ලූතිනන්වරයෙකු ලෙස සේවය කළ තරුණ හයිරම් ශම්වේ D-Day ආක්‍රමණයකට සහභාගි වී ඔමාහා මුහුදු වෙරළට ගොඩ වැදුණි. එහි සුරක්ෂිතව ඔහු ලඟා වූ නමුත් ජුලි 27 දිනයේදී එක්සත් බලවේගයේ පෙරටුවේ කොටසක් වශයෙන් සිටි කල, යුධ ටැංකි විනාශකාරක බිම් බෝම්බයක් පිපිරීමෙන් බරපතල තුවාල ලැබුවේය. ක්ෂණිකව ඔහුගේ ජිවිතයත් අනාගත වෛද්‍ය වෘත්තියත් මුළුමනින්ම වෙනස් විය. ශල්‍යකර්ම ගණනාවකට ලක් වී ඔහුගේ දරුණුම තුවාල වලින් ඔහුට සුවයක් ලැබුණද සහෝදර ශම්වේගේ පෙනීම නැවත පැමිණියේ නැත. ඔහුට ප‍්‍රතිචාර දිය හැක්කේ කෙසේද?

පුනරුත්ථාපන රෝහලක වසර 3 ක් ගත කිරීමෙන් පසුව, ඔහු වයෝමිං නගරයේ ලෝවෙල් හි ඔහුගේ නිවස කරා පැමිණියේය. වෛද්‍යවරයෙකු වීමේ තම සිහිනය අත් කරගත නොහැකි බව ඔහු දැන සිටි නමුත්, ඉදිරියටම යමින් විවාහ වී පවුලක් දරාගැනිමට ඔහුට උවමනා වී තිබුණි.

මේරිලන්ඩ් නගරයේ බැල්ටොමෝර් හි, අන්ධයින්ට පුනරුත්ථාපන අනුශාසකවරයෙකු හා ඔවුනගේ රැකියා විශේෂඥයෙකු ලෙස ඔහුට රැකියාවක් හිමි වුණි. තමන්ගේම පුනරුත්ථාපන ක‍්‍රියාවලියේ දී සිතුවාට වඩා, අන්ධයින්ට හැකියාවන් තිබෙන බව ඔහු ඉගෙනගත් අතර ඔහුගේ ධූරයේ වසර අටක් සේවය කර සිටියදී රටේ සියළු එවැනි අනුශාසකවරුන්ට වඩා මොහු අන්ධයින්ට රැකියා අවස්ථා අත්කර දුන්නේය.

රූපය
ශම්වේ පවුල

පවුලක් නඩත්තු කිරීමට තමන්ට පුළුවන් බවට ආත්ම විශ්වාසයක් තිබුණු නිසා, හයිරම් තම පෙම්වතියට යෝජනා කළේ ඇයට “ලියුම් ටික කියවන එක, මේස් වෙන්කරන එක, වාහනය පදවන එක ඔයා කරනවා නම්, ඉතුරු ටික මම කරන්නම්” යැයි කියමිනි. නොබෝ කලකින් සෝල්ට් ලේක් දේවමාළිගයේ දී ඔවුන් මුද්‍රා තැබුණු අතර අවසානයේ දී ළමයින් අට දෙනෙකුගෙන් ආශිර්වාද ලැබුවෝය.

1954 දී ශම්වේ පවුල නැවතත් වයෝමිං වෙතට පැමිණි අතර, සහෝදර ශම්වේ අන්ධ හා බිහිරි රජයේ අධ්‍යාපන අධ්‍යක්ෂක වශයෙන් වසර 32 ක් සේවය කළේය. ඒ කාලය අතරතුරදි චෙයෙනි පළමු කොට්ඨාශයේ සභානායක වශයෙන් වසර 7 ක් ද, පසුව ස්ටේටයේ ආදීපිතෘ වශයෙන් වසර 17 ක් ද සේවය කළේය. විශ‍්‍රාමයෙන් පසුව සහෝදර ශම්වේ හා ශම්වේ සහෝදරිය දකුණු එංගලන්ත, ලන්ඩන් නුවර වැඩිහිටි ධර්මදූත යුවලක් ලෙස සේවය කළෝය.

2011 මාර්තු මාසයේ දී හයිරම් ශම්වේ මිය ගියේය.  දරුවටන්, මිණිබිරියන්ට හා ඔවුන්ගේ දරුවන්ටද, අසීරු තත්වය යටතේ දී වුවත් ස්වාමින්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ල හා විශ්වාසය පිලිබඳ පුරාවෘත්තයක් ඉතිරි කරමින් ඔහු මිය ගියේය.1

යුද්ධය නිසා හයිරම් ශම්වේගේ ජීවිතය වෙනස් වුවත්, ඔහු තමන්ගේ දිව්‍යමය ගුණයත්, සදාකාලික විභවයත් කිසිවිටෙකත් සැක කළේ නැත. ඔහු මෙන් අපිත් දෙවියන්වහන්සේගේ ආත්මික දරුවන් වන අතර අපි “භෞතික ශරීරයක් ලබාගෙන සර්වසම්පුර්ණත්වය තෙක් වර්ධනය වෙන්නට අවසානයේ දී සදාකාලික ජිවිතයේ උරුමකරුවන් වශයෙන් අපගේ දිව්‍යමය ඉරණම අත් කරගන්නා තෙක් ලෞකික අත්දැකීම් ලබා ගන්නට උන්වහන්සේ ගේ සැලසුම භාරගෙන ඇත.”2 ඒ සදාකාලික මාර්ගයට වෙනස්කම් කරන්නට කිසිදු වෙනස් වීමක්, පිරික්සුමක් හෝ අභියෝගයකට නොහැක. එය වෙනස් කළ හැක්කේ අපි අපගේ තීරණ ගැනීමේ නිදහස ක‍්‍රියාකරමින් අපි ගන්නා තීරණ වලට පමණි.

මැරෙන සුළු සමයේ දී අපට හමුවන වෙනස්වීම් හා ඉන් මතුවන විවිධ වූ හැඩයේ හා විවිධ වූ ප්‍රමාණයේ අභියෝග අපිට අනන්‍ය වු ආකාරයෙන් බලපෑම් කරයි. ඔබ මෙන්, මමත් මිතුරන් හා පවුලේ සාමාජිකයන් විවිධ සිද්ධින් නිසා ඇති වු අභියෝගවලට මුහුණ දෙන අයුරු දැක තිබේ.

  • හිතාදර කෙනෙකුගේ මිය යාම.

  • වේදනාබර දික්කසාදයක්.

  • විවාහ වීමට අවස්ථාවක් කිසිදා නොලැබීම.

  • බරපතළ රෝගයක් වැළඳීම හෝ තුවාල ලැබීම.

  • අපි මෑතකදී ලොවපුරා දැක ඇති සේ, ස්වාභාවික විපත් වුවත් විය හැකිය.

ලැයිස්තුවේ අවසානයක් නැත. අපගේ අනන්‍යයතාවය මත සෑම “වෙනස්වීමක්ම” විශේෂිත විය හැකි වුවත්, ඉන් මතුවෙන පිරික්සුම හෝ අභියෝගය තුළ පොදු සාධකයක් ඇත. එනම් බලාපොරොත්තුව හා සැනසිල්ල සෑම විටම යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවිම වන කැපකිරීමෙන් ලබා ගත හැකි බවයි. සෑම තුවාල වු ශරීරයකටම හානි වු ආත්මයටම හා බිඳුනු හදවතකටම අවශ්‍ය වන ඉහළම නිවැරදි කරන හා සුවකරන ක‍්‍රියාමාර්ග, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සපයයි.

වෙනස්වීම් ඉදිරියේ ඉදිරියටම යන්නට අපිට, විශේෂිතව අවශ්‍යවන දෙය අන් කිසිවකුට තේරුම් ගන්නට නොහැකි මට්ටමකින්, උන්වහන්සේ දන්නා සේක. අපගේ මිතුරන් හා ආදරය කරන්නන් මෙන් නොව, උන්වහන්සේ අපි සිටිනා මට්ටම දැන හඳුනන නිසා අප සමග අනුකම්පා වනු පමණක් නොව, අප සමග සර්වසම ලෙසින් සානුකම්පනය විය හැක. අපගේ පව් වලට වන්දි ගෙව්වා පමණක් නොව අප මැරෙනසුළු සමයේ දී හමුවන්නා වු සෑම මාවතක්ම සෑම අභියෝගයකටම මුහුණ දී සෑම ශාරීරික, හැඟීමක්ම, අධ්‍යාත්මික වේදනාවක්ම උන්වහන්සේද විඳ දැරූ සේක.

බොයිඩ් කේ. පැකර් සභාපති තුමා ඉගැන්වුයේ, ”යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුකම්පාව හා මහිමය පව් කරන්නන්ට පමණක් සීමා වී නැත… , එනම් උන්වහන්සේව පිළිගෙන අනුගමනය කරන සියළු දෙනාටම සදාකාලික සාමයේ පොරොන්දුව ද ඉන් සම්පුර්ණ වේ. උන්වහන්සේගේ මහිමය තුවාල වු අහිසංකයාට ද උතුම් වූ වෙදැදුරා වන සේක.”3

මේ මැරෙනසුළු අත්දැකීමේ දී අප වෙත ඇති සියළු දේම අපට පාලනය කරන්නට බැරිවුවද , අපගේ ජිවිතයේ වන වෙනස්වීම් වලට ප‍්‍රතිචාර දෙන ආකාරය පිළිබඳව අපට සම්පුර්ණ පාලනයක් ඇත. එයින් අපි මුහුණදෙන අභියෝග හා පිරික්සුම් වල කිසිදු බරපතල කමක් නැති බවත්, පහසුවෙන් ඒවාට විසඳුම් සොයාගත හැකි බවත් කියැවෙන්නේ නැත. අපි වේදනාවෙන් සිත් තැවුලෙන් නිදහස් වන බව හැගවෙන්නේ නැත. නමුත් එයින් අරුත් වන්නේ බලාපොරොත්තුවක් තබාගන්නට පුළුවන් බවත්, යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා අපිට ඉදිරියටම යමින් වඩා යහපත් සාමයෙන්, ප‍්‍රීතියෙන්, ආලෝකයෙන් හා සැනසුමෙන් පිරි සමයක් සොයාගන්නට පුළුවන් බවයි.

මොසායා පොතෙහි අපි නෝවා රජුගේ හිටපු පුජකවරයෙකු වු ඇල්මා හා ඔහුගේ ජනතාව පිළිබඳව ඉගෙන ගන්නෙමු. ඔවුන් “ස්වාමින්වහන්සේ විසින් හඟවනු ලැබ… [,] නෝවා රජුගේ හමුදාවන්ට පෙර වනාන්තරය තුළට පිටත් විය.” දින අටකට පසුව, ”ඉතාමත් ප‍්‍රසන්න වු දේශයකට පැමිණියහ” එහිදි ඔවුන් “ඔවුන්ගේ කූඩාරම් ගැසූහ. එසේම භූමිය වගා කිරීමට පටන් ගත්තෝය, තවද ගොඩනැගිලි ගොඩනැගිමට පටන් ගත්තෝය.”4

ඔවුන්ගේ තත්ත්වය පොරොන්දු සහිත යැයි පෙණුනි. ඔවුන් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වැළඳගෙන සිටියහ. ස්වාමින්වහන්සේට සේවය කරන ලෙසත් උන්වහන්සේගේ අණපණත් රකින බවටත් ඔවුන් ගිවිසුම්කර බෞතීස්ම වී සිටියෝය. තවද “ඔවුහු දේශයේ බෙහෙවින් සමෘද්ධිමත් වීමට පටන් ගත්තෝය.”5

එනමුත් ඔවුන්ගේ පරිසරය නොබෝ කලකින් වෙනස් විය. “දේශයේ සීමාවෙහි ලාමන්වරුන්ගේ හමුදාවක් විය”6 ඇල්මා හා ඔහුගේ ජනතාව සිරභාරයට ගැණුන අතර, “ඔවුන්ගේ පීඩාවන් ඉතා බලවත් විය. එනම් ඔවුහු දෙවියන්වහන්සේ හට බලවත්ව මොර ගැසීමට පටන්ගත්තෝය. “ඊට පසුව යාච්ඤා කිරීම නවත්වන ලෙසට ඔවුන්ගේ රැකවල්කරුවන් අණ කරන ලදී. නැතහොත් “කවරෙකු වුවත් දෙවියන්වහනසේ හට හඬ ගසනවුන් සොයා ගන්නේද, මරණයට පත් කළ යුතුයි.”7 මොවුන්ගේ මේ නව වටාපිටාවට සුදුසුකම් කීමට ඇල්මා හා ඔහුගේ ජනතාව කිසිවක් කළේ නැත. ඔවුන් ප‍්‍රතිචාර දැක්වුයේ කෙසේද?

දෙවියන්වහන්සේට දොස් පවරනවා වෙනුවට ඔවුන්, උන්වහන්සේ වෙත හැරී “ඔවුන්ගේ හදවත් උන්වහන්සේ වෙතට වැගිරවු” අතර ඔවුන්ගේ ඇදහිල්ල හා යාච්ඤාවන්ට ප‍්‍රතිචාරයක් ලෙස, ස්වාමීන්වහන්සේ පිලිතුරු දුන් සේක. “යහපත් සැනසිල්ලෙන් සිටපල්ලා... මම එසේම නුඹලාගේ උරහිස් මත තැබුවාවු බර අඩුකරන්නෙමි. එනම් නුඹලා ඒවා නුඹලාගේ පිට මත තිබෙනවා දැනෙන්නේ නැත” ඉන්පසුව, “පටවනු ලැබු බර සැහැල්ලූ කරනු ලැබීය. ස්වාමින්වහන්සේ ඔවුන්ව එනම් ඔවුන්ගේ බර දැරීමට ලෙහෙසිවීමට ශක්තිමත් කළ සේක, තවද ඔවුහු ප‍්‍රීතිමත්ව හා ඉවසිල්ලෙන් ස්වාමින්වහන්සේගේ සියළු කැමැත්තට යටත් වුහ.”8 වහල්කමින් ඔවුන් ගැලවීම ලැබුවේ නැතත්, ස්වාමීන්වහන්සේගෙන් ඉවතට නොව උන්වහන්සේ වෙතට හැරීමෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට හා ස්වාමින්වහන්සේගේ අනුදැනුමට අනුකූලව ඔවුන් ආශිර්වාද ලැබුහ.

වැඩිහිටි ඩාලින් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වීය, “සුව කරනා ආශිර්වාදයක් නොයෙක් ආකාරයෙන් පැමිණේ, එකිනෙකාගේ උවමනා වලට අනුකූලව එය වෙනස් වේ, ඒවා අපිට උසස්ම ලෙසින් ප්‍රේම කරනා උන්වහන්සේ ගේ අනුදැනුමින් පැමිණෙන්නේය. ‘සුවවීමකින්’ සමහර විට අපගේ රෝගයක් වන්නට හෝ අපගේ වේදනාවක් නිදහස් කරන්නට පුළුවන්. එනමුත් සමහරවිට අපට ‘සුවවීමක්’ ලැබෙන්නේ අප මත තැබුණු බර දරා සිටින්නට අවශ්‍ය ශක්තිය හෝ අවබෝධය හෝ ඉවසීම ලැබීමෙනි.”9

අවසානයේ දී “ඔවුන්ගේ ඇදහිල්ල හා ඉවසිලිමත්කම ඉතා බලවත් විය.” ඇල්මා හා ඔහුගේ පිරිස අප ලබාගන්නවා මෙන්ම ස්වාමින්වහන්සේ තුළින් නිදහස ලබාගත් අතර, ”ඔවුන් දෙවියන්වහන්සේට ස්තූති කලහ. ..මක්නිසාද ඔවුන් සිටියේ වහල් භාවයෙන්ය. ඔවුන්ගේ ස්වාමින්වු දෙවියන්වහන්සේ හැරුණු විට වෙනත් කිසිවෙකුට ඔවුන්ව බේරා ගැනිමට නොහැකි විය.”10

දුක්බර කාරණය වන්නේ, අවශ්‍යතාවය ඇති විට බොහෝ දෙනෙකු අපගේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන අපගේ සර්වසම්පුර්ණ වු එකම උපකාරකයාණන්ගෙන් ඉවතට හැරෙන බවය. “ගිනියම් සර්පයා” ගේ සුපුරුදු ශූද්ධ ලියවිලි වල කථා වස්තුවක් අභියෝග හමුවු විට අපට තීරණයක් ගන්නට තිබෙන බව උගන්වයි. ඊශ‍්‍රායලයේ දරුවන් බොහොමයක් “ඉගිලෙන ගිණි සර්පයන්”11 ගෙන් දෂ්ඨ වූ පසුව “ඔවුන්ව සුව කරනු පිණිස උන්වහන්සේ මාර්ගයක් සුදානම් කළ සේක. තවද ඔවුන්ට ඉෂ්ඨ කිරීමට තිබුණු වැඩය වුයේ බැලීම පමණි. [නමුත් එය තෝරාගත යුතුව තිබිණි.] බොහෝදෙනා එදෙස බලා ජීවත් විය.

“…නමුත් දැඩි වූ බොහෝදෙනා ඒ දෙස නොබැලූ අතර, ඔවුන් විනාශවී ගියෝය.”12

පුරාණ ඊශ‍්‍රායල වැසියන් මෙන්, අපිත් ගැලවුම්කරුවාණන් දෙස බලා ජිවත් වන ලෙසට උන්නදු කෙරේ. මක්නිසාද උන්වහන්සේගේ බන්ධනය පහසුය. අපගේ බර වැඩි වූවද උන්වහන්සේගේ බර සැහැල්ලුය.

බාල ඇල්මා මේ ශූද්ධ වු සත්‍යය මෙලෙස ඉගැන්වුවේය, “මම දන්නෙමි, කවරකු වුවත් ඔහුගේ විශ්වාසය දෙවියන්වහන්සේ තුළ තබන්නේද ඔවුන් පරික්ෂාවන් තුළදී ද ඔවුන්ගේ කරදර තුළදීද ඔවුන්ගේ පීඩාවල දී ද උපකාර ලබන්නේය. තවද අවසන් දවසේ දී ඔසවනු ලබන්නේය.”13

මේ පසුදවස් වලදී ස්වාමින්වහන්සේ අප හට “ගිනි සර්පයින් ” මෙන් නිම කෙරු නොයෙක් සම්පත් සපයා දී ඇත, මේ සෑම දෙයක්ම උන්වහන්සේ අපට දෙන්නේ උන්වහන්සේ කෙරෙහි බලමින් උන්වහන්සේ මත අපගේ විශ්වාසය තැබීමටය. ජිවිතයේ අභියෝග වලට මුහුණ දීම යනු යථාර්තය නොසලකා හැරීම නොව අපි අවධානය දෙන්නට තීරණය කරන දෙය, ගොඩනගන්නට යොදා ගන්නා අත්තිවාරම සොයා ගැනීමයි.

එම සම්පත් වලට මේවා ඇතුළත් වුවත් ඉන් සීමා නොවේ:

  • ශූද්ධ ලියවිලි හා ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් නිතරම අධ්‍යනය.

  • නිතරම අවංකව යාච්ඤා කිරීම හා උපවාස කිරීම.

  • සුදුසුකම් ඇතිව සක‍්‍රමේන්තුව ලබාගැනිම.

  • නිතරම දේවමාළිගාවට සහභාගි විම.

  • පූජකවර ආශිර්වාද.

  • පුහුණුලත් වෘත්තිමතය මට්ටමේ අයගේ ඥාණවත් අනුශාසනා ලබාගැනීම.

  • එමෙන්ම , නිසි ආකාරයට නියම කර අවසර දී ඇති ඖෂධ භාවිතය.

ඉදිරියේ දී අපගේ ජිවිතයේ කුමන හෝ අංගයක් වෙනස් වුවත්, අපිට යන්නට නොසිතු මගක ගමන් කරන්නට සිදුවුණු සෑම විටෙකත් , අපි ප‍්‍රතිචාර දෙන ආකාරය තීරණය කිරීම අපේ තෝරාගැනීමකි. ගැලවුම්කරු වාණන්වහන්සේ වෙත හැරී උන්වහන්සේ දිගුකර සිටිනා අත අල්වා ගැනීම සැම විටම අපේ හොඳම තීරණයයි.

සභාපති රිචඩ් ජී. ස්කොට් මෙම සදාතනික සත්‍යය ඉගැන්වූවේය, “සැබෑ දිගුකාලීන ප‍්‍රීතිය සමග අසීරුතම අභියෝග වුවත් මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය, එඩිතරකම හා හැකියාව පැමිණෙන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කේන්ද්‍ර කරගත් ජිවිතයකිනි... ක්ෂණික ප‍්‍රතිඵල වලට සහතිකයක් නැත. එනමුත් ස්වාමින්වහන්සේගේ වේලාවට, විසඳුම් පැමිණෙන සාමය පවතින හිස් බව පිරවෙන ලෙසට ස්ථිර පොරොන්දුවක් ඇත.”14

මේ සත්‍යයන්ට මම සාක්ෂි දරන්නේ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ගේ නාමයෙන්, ආමෙන්.