2010–2019
මිල කල නොහැකි වටිනාකමක්
2017 ඔක්තෝම්බර්


මිල කල නොහැකි වටිනාකමක්

ශුද්ධාත්තමයාණන්වහන්සේගේ මිහිරි හඬ නිතර නිතර අපේ ආත්මික බව, වටිනාකම තහවුරු කිරීම අපට විඳිය හැකිය.

බටහිර අප්‍රිකාවේ සියොරා ලියෝනයට මා ගිය විට, ස්ටේකයක ප්‍රාථමිකයේ නායිකාවක් මෙහෙය වූ රැස්වීමට සහභාගි වීමට මට අවස්ථාව ලැබිණි. ප්‍රේමයෙන් ප්‍රසන්න බවෙන් හා නිශ්චිතව ඇය එය මෙහෙය වූ ආකාරයට හැඟෙන්නේ ඇය සභාවේ බොහෝ කාලයක් සිටි සාමාජිකාවක් ලෙසටය. නමුත් මරියාමා ලඟකදී හැරුණු අයෙකි.

රූපය
මරියාමා සහ දූවරුන්

ඇගේ නැගණිය සභාවට බැඳී, ඇය සමඟ සභාවේ පන්ති වලට සහභාගි වීමට මරියාමාට ආරාධනා කලාය. ඇය ඉගෙනගත් පාඩම බොහෝලෙස ඇගේ සිත් ගත්තේය. එම පාඩම පවිත්‍රතාවේ නීතිය ගැන පාඩමකි. ඇයට වැඩිදුර ඉගැනීමට ධර්මදූතයන්ට ආරාධනා කල ඈ, අනාගතවක්තෘවර ජෝසෆ් ස්මිත් පිළිබඳ සාක්ෂිය ඉක්මනින් ලැබීය. ඇය 2014 දී බෞස්තීම වූ අතර, ඇගේ දියණිය ගිය මස බෞස්තීම විය. මරියාමාගේ හැරවීමට මඟපෑදූ ප්‍රධාන ඉගැන්වීම් දෙක ගැන සිතන්න. ඒ අදාල නැති, යල් පැන්න සහ අපහසු ලෙස ලෝකය දකින පවිත්‍රතාවේ නීතිය සහ අනාගතවක්තෘවර ජෝසෆ් ස්මිත් ගැනය. නමුත් මරියාමා ආලෝකයට ආකර්ශනය වූ රෑ සමනලයකු වූ බවත්, ඇය ශුභාරංචිය සොයා ගත් විට, “ඇය ඇයවද සොයා ගත් බවත්” සාක්ෂි දැරුවාය. ඇගේ වටිනාකම, ඇගේ පූජනීය මූලධර්ම තුළින් සොයා ගත්තාය. දෙවියන්වහන්සේගේ දියණියක ලෙස ඇගේ වටිනාකම ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාර්ගයෙන් ඇය හැඳින ගත්තාය..

දැන් අපි හමුවෙමු, ඉන්දියාවේ සිං සහෝදරියන්ව. සභාවට බැඳුනු සහෝදරියන් පස් දෙනාගෙන්, දකුණු කෙලවරේ සිටින කෙනා මෙසේ අදහස් දැරීය.

රූපය
සිං සහෝදරියන්

සභාව ගැන සෙවීමට පටන්ගැනීමට පෙර මා ඉතා විශේෂ බව මට දැනුනේ නැත. බොහෝ මිනිසුන් අතර, මාද, ඒ එක්කෙනෙකු වීමි. පුද්ගලයෙකු ලෙස මට වටිනාකමක් ඇති බව, මගේ සමාජය හෝ සංස්කෘතිය මට ඉගැන්වූයේ නැත. මා අප ස්වර්ගීය පියාණන්ගේ දියණියක බව ශුභාරංචියෙන් ඉගෙන ගත් විට, මම වෙනස් වුනෙමි. හදිසියේම, මා විශේෂ යැයි හැඟුනි. ස්වර්ගීය පියාණන් වටිනාකමක් සහ අරමුණක් ඇතිව මගේ ආත්මය සහ ජීවනය මවා තිබෙන සේක.

ශුභාරංචිය මගේ ජීවිතයට ඒමට පෙර, මා විශේෂ කෙනෙක් බව අන් අයට ඔප්පු කරන්නට මම උත්සාහ කලෙමි. නමුත්, මා සත්‍යයෙන්ම දෙවියන්වහන්සේගේ දියණියක බව ඉගෙනගත් පසු, මා කිසිවෙකුට කිසිවක් ඔප්පු කරන්නට උවමනා නැත. මා විශේෂ බව මම දනිමි. කවදාවත් ඔබ කිසිවක් නැත්තෙකු යැයි නොසිතන්න.

සභාපති තෝමස් එස්. මොන්සන් මෙසේ කීය. “ආත්මයක වටිනාකම වන්නේ, දෙවියන්වහන්සේ හා සමානවීමට එයට ඇති හැකියාවයි.”1

රූපය
ටයානා

මෙම සත්‍ය තේරුම් ගන්නා තවත් තරුණියක් ළඟඳී හමුවීමට මම ආශිර්වාද ලදිමි. ඇයගේ නම ටයානා විය. සෝල්ට් ලේක් නගරයේ ප්‍රාථමික ළමා රෝහලකදී මට ඇය හමු වුනි. ඇයට පිළිකා රෝගයක් යැයි හඳුනාගැනීමේදී ඇය එකොලොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. මාස 18 ක් නිර්භීතව සටන් කොට, සති කීපයකට පෙර ඇය මිය ගියාය. ටයානා ආලෝකයෙන් හා ප්‍රේමයෙන් පිරි අයෙක් විය. බෝවන සිනහවක් ඇති ඇය සහ මහපට ඇඟිලි දෙක පෙන්වන සලකුණු ඇත්තිය ලෙස බොහෝදෙනා හඳුනයි.. “ටයානා, ඇයි ඔබටම ? “ යැයි යමෙකු ඇසූ විට ඇය “ ඇයි, මට නොවන්නේ“? යැයි පිළිතුරු දුන්නාය. ඇය බොහෝ ලෙස ප්‍රේම කළ ඇගේ ගැලවුම්කරුවානන්වහන්සේ මෙන් වීමට ඇය තීරණය කළාය. ඇය ඇගේ දිව්‍යමය වටිනාකම තේරුම් ගෙන ඇති බව හා ඇය දෙවියන්වහන්සේගේ දියණියක බව දැන ඇයගේ බාධක වලට ධනාත්මකව මුහුනදීමට උන්වහන්සේ ඇයට සාමය හා ධෛර්යය දෙන බවත්, ඇය තේරුම්ගත් බව, ඈ බලන්නට ගිය අවස්තාවේ මම වටහා ගත්තෙමි.

අපේ දිව්‍යමය වටිනාකම, ආත්මයානන් විසින් පුද්ගලිකව අපට ස්ථිර කරන බවට, මරියාමා, රේනු සහ ටයානා අපට ඉගැන්වීය. දෙවියන්වහන්සේගේ දියණියක් බව ඔබ සැබැවින්ම දැනගත් විට, ඔබේ ජීවිතයේ සියළු ආකාරයන්ට එය බලපා, සහ ඔබේ එදිනෙදා කරන සේවයට මඟ පෙන්වනු ලබයි. සභාපති ස්පෙන්සර් ඩබ්ලිව්. කිම්බල් ගේ මහිමවත් වචනින් මෙසේ පහදා දෙන ලදි;

“දෙවියන්වහන්සේ ඔබේ පියාණන්ය. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන සේක. එතුමන්ට සහ ස්වර්ගයේ වැඩ සිටින ඔබේ මෑණියන්ට ඔබව අසීමිතව වටින්නේය. … ඔබ අද්විතීයයි. සදාකාලික ජීවිතයකට අයිතිවාසිකම් කිවහැකි, සදාකාල ඥානය ඇති අතිවිශේෂ කෙනෙකු ලෙස ඔබව සාදා ඇත.

පුද්ගලයෙකු ලෙස ඔබේ වටිනාකම ගැන, ඔබේ සිතේ ප්‍රශ්න නොතිබේවා. ශුභාරංචියේ සැලැස්ම වනුයේ, ඔබ සෑම කෙනෙකුටම ඔබේ උපරිම හැකියාව වෙත ලඟා වීම සඳහා අවස්ථාවන් සැපයීමය. එනම් සදාකාලික වර්ධනය සහ දේවත්වය ලැබීමේ හැකියාව ලඟාකර ගැනීමටය.”2

වටිනා සහ සුදුසු. යන, අර්බුදකාරී වචන දෙකේ වෙනස මා පෙන්වන්නම්. ඒවා එකම තේරුම ඇති වචන නොවේ. ආත්මික වටිනාකම යනු, අපේ ස්වර්ගික පියාණන්වහන්සේට වටින ආකාරයට අපේ වටිනාකම බැලීමය. ලෝකයාට අප වටින ආකාරයට නොවේ. අපේ වටිනාකම ස්ථිර වූයේ අප මේ පොළවට පැමිණීමටත් පෙරය. “දෙවියන්වහන්සේගේ ප්‍රේමයට නිමක් නැත. සහ එය සදාකාලයටම පවතී.”3

අනික් අතට, සුදුසුකම ලැබිය හැක්කේ කීකරු කම තුලිනි. අපි පව් කලොත්, අපේ සුදුසුකම අඩු වේ. නමුත් අපිට සුදුසුකම නැත්තේ නොවේ. අපේ සුදුසුකම නොබිඳ, අපි දිගටම පසුතැවී, යේසුස්වහන්සේ මෙන් වීමට උත්සාහ කරමු. සභාපති බ්රිගම් යන්ග් ඉගැන්වූ ලෙස, “දැන් පොළවේ … සිටින අඩුම සහ වඩාත්ම බාල ආත්මයන්, ලෝකයක් තරමටම වටී.”4 කුමක් වුවත් අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ නෙත් ඉදිරියේ අපට නිතරම වටිනාකමක් ඇත්තේය.

මේ ආශ්චර්යවත් සත්‍යය තිබුණත්, අපි කී දෙනෙක්, කලින් කලට, අප ගැන ප්‍රතික්ෂේප සිතුවිලි හෝ දැනීම් සමඟ සටන් කරනවාද, මම එසේ කරමි. එය පහසු උගුලකි. සියලු බොරුවේ පියා සාතන්ය. විශේෂයෙන් අපේ පූජනීය ස්වභාවය සහ අරමුණ ගැන වැරදි නියෝජනයන් කිරීමට අපි, අප ගැන සුලුවට සිතීමෙන්, අපට හොඳ සේවයක් නොවන්නේය. එමඟින් අපව පස්සට තල්ලුවේ. අපට නිතරම උගන්වන ලෙස “ ඔබේ කැමැත්ත නැතිව, ඔබව අවතක්සේරු කිරීමට කිසිවෙකුට නොහැක.”5 අපගේ නරකම තත්වය තව කෙනෙකුගේ හොඳම තත්වය හා සැසඳීම අපට නැවැත්විය හැකිය. “සැසඳීම ප්‍රීතිය සොරාගන්නා සොරෙකි.”6

අපට යහපත් සිතුවිලි ඇති විට, අපට ආත්ම විශ්වාසය ලැබීමට හා ආත්මවිශ්වාසයන් යුතුව අප සත්‍යයෙන්ම කවුරුදැයි දැන ගැනීමට හැකිවන බවට හා ස්වාමින්වහන්සේ අපට සහතික වන සේක. “ඔබේ සිතුවිලි යහපත් දෙයින් නිතරම සරසන්න.” යන්නට කන් දීමට මීට වඩා තීරණාත්මක කාලයක් තවත් නැත. “ එවිට ඔබේ ආත්ම විශ්වාසය දෙවියන්වහන්සේ  ඉදිරියේ තදින් බැඳී සහ ශුද්ධාත්තමයාණන්වහන්සේ නිතරම ඔබේ සහකරුවානන් වනු ඇතැයි” එතුමන් පැවසූ සේක.7

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට, මේ සත්‍යයන් එකතු කරමින් ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක. “දෙවියන්වහන්සේ පිළිගත් ඔහු, දෙවියන්වහන්සේට ඔහුගේ අගය පෙන්ව, ඔහුව දෙවියන්වහන්සේ වෙත භාර ගැනීමට සුදුසු වීම ගැන ප්‍රීති ප්‍රමෝද වීමට ඉඩහැරපල්ලා.”8 මේ පදය විස්තර කරන ලෙස; ශුද්ධාත්තමයාණන්වහන්සේගේ ආනුභාවය අපට දැනෙන විට, අපි හඳුනාගන්නවා අපට මේ දැනීම ලැබෙන්නේ අපේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේගෙන් බව. අපට ආශිර්වාද කිරීම ගැන අප උන්වහන්සේට කෘතඥතාව දක්වා ප්‍රසංසා කරමු. පිළිගැනීමට අප සුදුසු යැයි ගනන් ගැනුනු විට, අපි ප්‍රමුදිත වමු.

සිතන්න, එක් උදයක ඔබ ශුද්ධ ලියවිලි කියවන විට, ඔබ කියවන දෙය සත්‍යයි කියා, සිහින් හඬින් ආත්මයානන් ඔබට පවසනවා, ඔබට ආත්මයානන් හඳුනාගත හැකිද, ඔබට එතුමන්ගේ ප්‍රේමය දැනී එම පිලිගැනීම නිසා, ඔබ සුදුසු වීම ගැන සතුටු විය හැකිද?

මව්වරුනි, ඔබේ වයස අවුරුදු 4 ක් වයසැති දරුවා රාත්‍රී යාච්ඤාව කියන විට, ඔබත් ඔහු ළඟින් සිටිනවා විය හැක. එය අසා සිටින විට හැඟීමක් ඔබ පුරා ගලන්නේය. ඔබට උණුසුමක් සහ සාමයක් දැනෙන්නේය. හැඟීම සුළු මොහොතකට වුවත්, එම මෙහොතේ ඔබ දැනගන්නවා ඔබව පිළිගැනීමකට ඔබ සුදුසු වී ඇති බවට. විශාල ලෙස ආත්මික පහළ වීම් අපේ ජීවිතයට කලාතුරකින් හෝ ලැබුනත්, ශුද්ධාත්තමයාණන්ගේ මියුරු හඬෙහි ආස්වාදය මඟින් අපේ ආත්මික වටිනාකමේ සත්‍යකම පරීක්ෂා කරගැනීමට අපට පුලුවන්.

අපේ වටිනාකමේ සහ එතුමන්ගේ උතුම් වන්දි ගෙවීමේ යාගයත් අතර ඇති සබඳ කම ගැන ස්වාමීන්වහන්සේ මෙසේ පැවසූ සේක.

“ මතක තබා ගන්න, දෙවියන්වහන්සේ ඉදිරියේ ආත්මවල වටිනාකම අති මහත් බව;

තවද බලන්න, මිදුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේ, මාංශයෙන් මරණයට පත් වූ සේක. ඒ ලෙස එතුමන් සියලු මනුෂ්‍යයන්ගේ වේදනාව විඳිනු ලැබුයේ සියලු මනුෂ්‍යයන් පසුතැවී එතුමන් වෙතට එනු පිණිසය.”9

සහෝදරියනි, අප වෙනුවෙන් එතුමහන් කල දෙය නිසා, “ප්‍රේමණීය බැඳීමකින් අප එතුමන් සමඟ බැඳී ඇත.”10 “මගේ පියාණන් විසින් මා එවන ලද්දේ කුරුසියේ ඔසවනු ලබනු පිණිසය. පසුව කුරුසියේ මා ඔසවනු ලද්දේ, මා සියලු මිනිසුන් මා වෙත ගෙන්වා ගනු පිණිස යැයි”11 එතුමන් කී සේක.

අපේ ගැලවුම්කරුවානන්වහන්සේ සමඟ ඇති මේ බැඳීම ගැන බෙන්ජමින් රජතුමා මෙසේ විසිතර කලේය; “බලව, එතුමන් පරීක්ෂාවන් විඳ, සහ ශරීර වේදනා විඳ, බඩගින්න, පිපාසය හා තෙහෙට්ටු හා මිනිසෙකුට විඳිය නොහැකි තරම් ද, මරණය මෙන් විඳ, බලව සෑම රෝම කූපයකින් රුධිරය ගලා, එතුමන්ගේ ශරීර වේදනාව ඉමහත්ය.”12  අපේ පාප නිසා එම වේදනාව හා එම වේදනාවේ ප්‍රතිඵලයන් නිසා අපේ හදවත් ප්‍රේමයෙන් හා කෘතඥතාවෙන් පිරෙනු ලබයි. වැඩිමහල් පෝල් ඒ. කොයෙලයිකර් මෙසේ ඉගැන්වීය, “අපව ලෝකය දෙසට ඇදගන්නා අවධානය ගලවා දමා සහ එතුමන්ව සොයනා අපේ කැමැත්ත ක්‍රියා කරන විට, උන්වහන්සේ වෙතට ලඟා වෙන සෙලෙස්ටියල් බලවේගයට අපේ හදවත් විවර කරන්නෙමු.”13 දුර්වල කමට සහ ආත්ම විශ්වාසයට හෝ නරක පුරුදු වලට අප දෙන ශක්තියට වඩා, ගැලවුම්කරුවානන් වෙත ඇති අපේ ප්‍රේමය හා එතුමන් අපට කල දේවල් බොහෝ උතුම් නම්, උන්වහන්සේ අපේ ජීවිතයට දුක් කරදර ඇති කරවන කාරනා මැඩපැවැත්වීමට උපකාර වන සේක. එතුමන් අපෙන් අපව බේරා ගත් සේක.

මට නැවත අවධාරනය කරන්න ඉඩ දෙන්න. ගැලවුම්කරුවානන්වහන්සේ වෙත ඇති අපේ ඇදහීමට හා විශ්වාසයට වඩා වැඩි ශක්තියක් ලෝකයාගේ ඇදීමට තිබේ නම්, ලෝකයේ ඇදීම සැමදා දිනනු ඇත. ගැලවුම්කරුවානන්වහන්සේ වෙත වෙලී සිටිනවා වෙනුවට, අපි අපේ රිනාත්මක සිතුවිලි සහ අපේ වටිනාකම ගැන සැක සිතන්න තෝරා ගතහොත් ශුද්ධාත්තමයානන්වහන්සේගේ සංකල්පය දැනීමට අපට බොහෝ අපහසු වන්නේය.

සහෝදරියනි, අප කව්රුන්ද යන්න ගැන ව්‍යාකූල නොවන්න. අපේ දිව්‍යමය අනන්‍යතාවය මතක තබා, එය වැලඳ ගැනීමට ආත්මික උත්සාහය පෙරට දමනවා වෙනුවට, නිතරම අපහසු ආත්මික උදාසීන කමෙන් පෙලී ආශාවේ ගැලී සිටීම, අපට මෙම අන්තිම කාලයේ කල නොහැක. බලාපොරොත්තු තබා ගන්න. “මාර්ගයේ ස්ථීරව සිටින්න. ආත්මයානන්වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කරන්න. අප සහෝදරියන් ලෙස ක්‍රිස්තුස්වහන්සේ; … වෙත ඇදහීමෙන් සිටිමු, ක්‍රිස්තුස්වහන්සේ විසින් අපව ඔසවනු ලැබේවා, උන්වහන්සේගේ විඳීම් සහ මරණය, … සහ එතුමන්ගේ දයාව සහ දීර්ඝ විඳ දරා ගැනීම සහ එතුමන්ගේ මහිමයේ බලාපොරොත්තු සහ සදාකාල ජීවිතය, අපේ සිත් තුල සාදාකාලයට රැඳේවා.”14  යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රී නාමයෙන් ආමෙන්.