යෞවනයින්ගේ ශක්තිය සඳහා
යෞවනයින්ගේ ශක්තිය සඳහා:: ඔබට ගැලවුම්කරුවාණන්ගේ පණිවුඩය
2024 මාර්තු


“යෞවනයින් ශක්තිය සඳහා : ඔබට ගැලවුම්කරුවාණන්ගේ පණිවුඩය,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, 2024. මාර්තු.

මාසික යෞවනයින්ගේ ශක්තිය සඳහා පණිවිඩය, 2024 මාර්තු

යෞවනයින්ගේ ශක්තිය සඳහා:: ඔබට ගැලවුම්කරුවාණන්ගේ පණිවුඩය

මෙම මාර්ගෝපදේශය ඔබේ තේරීම් යේසුස් ක්රිස්තුස් වහන්සේට සහ උන්වහන්සේගේ දහමට සම්බන්ධ කිරීමට උපකාරී වේ.

රූපය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

මම දොර ළග සිටගෙන තට්ටු කරමි,ජේ. කර්ක් රිචඩ්ස් විසින්

සිතන්න ඔබ අවුරුදු 2000කට කලින් පැ රණි ගලීල‍‍‍‍යේ ජීවත් වෙනවා කියලා. නාසරෙත්හි යේසුස් වහන්සේ: විශේෂ ආරාධිත කථිකයා ඇතුළත් ප්රාදේශීය සිනගෝගය පවත්වන යෞවනයින්ගේ භක්තියකට ඔබට සහ ඔබේ මිතුරන්ට ආරාධනා කර ඇත. සහ උන්වහන්සේගේ පණිවුඩයේ එක්තරා අවස්ථාවක දී, යේසුස් වහන්සේ ප්රේක්ෂකාගාරයේ සිටින තරුණයන්ට උන්වහන්සේගෙන් ප්රශ්න ඇසීමට ආරාධනා කරනවා

මොන වගේ ප්රශ්ණද ඔබට ඇහෙන්න පුළුවන් කියලා හිතෙන්නේ?

සමහර ප්රශ්න එ් කාලේ සංස්කෘතිය සහ තත්වයන් පිළිබිඹු වේවි මම හිතනවා. නමුත් මම ඇත්තටම විශ්වාස කරනවා ඒවායින් බොහොමයක් අද අපට ඇති ප්රශ්න වගේ වේවි කියලා.

උදාහරනයක් ලෙස,‍ අළුත් ගිවිසුමේ, මිනිසුන් ගැලවුම්කරුවා නන්ගෙන් මෙවැනි ප්රශ්න ඇසුවා:

  • සදාකාලික ජීවනය ලබා ගැනීමට මා කළ යුත්තේ කුමක්ද?1

  • මාව පිළිගෙන ඇත්ද? මාව අයිතිද?2

  • මාගේ සහෝදරයා මට විරුද්ධව පව් කරන්නේ නම්, මම ඔහුට කී වතාවක් සමාව දිය යුතුද?3

  • අනාගතයේදී මේ ලෝකෙට කුමක් වේවිද? මම ආරක්ෂිත වේවි ද? 4

  • ඔබතුමන්ට මාගේ ආදරණීයා සුව කළ හැකි වේවිද?5

  • සත්‍ය කුමක්ද?6

  • මම නිවැරදි මාර්ගයේ යනවාදැයි මා දැන ගන්නේ කෙසේද?7

අපි හැමෝම කාලෙන් කාලෙට එකම දේ ගැන පුදුම වෙන්නේ නැද්ද? ශතවර්ෂ ගණනාවක් තිස්සේ, ප්රශ්න නම් එතරම් වෙනස් වී නැත. එ්වා අසන අය කෙරෙහි ගැළවුම්කරුවාණන්ගේ අනුකම්පාව ද වෙනස් වී නැත. ජීවිතය මොනතරම් කරදරකාරී සහ ව්යාකූල විය හැකිද කියලා. උන්වහන්සේ දන්නවා . අපි මාර්ගය වරද්දා ගැනීම කොතරම් පහසුදැයි උන්වහන්සේ දන්නවා , සමහර වෙලාවට අනාගතය ගැන අප කරදර වන බව උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ බොහෝ කලකට පෙර තම අනුගාමිකයන්ට පැවසූ ලෙස ඔබටත් මටත් පවසන්නේ:

  • “නුඹලාගේ සිත් කැලඹෙන්ට නොදෙන්න.”8

  • “මාර්ගයද, සත්‍යද, ජීවනයද මම වෙමි.”9

  • මා අනුගමනය කරන්න.”10

ඔබට වැදගත් තේරීම් කිරීමට ඇති විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තමයි හොඳම තේරීම. ඔබට ප්‍රශ්න ඇති විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තමයි හොඳම පිළිතුර.

යෞවනයේ ශක්තිය සඳහා:: තේරීම් කිරීමට මාර්ගෝපදේශයට ඒ නිසයි මම ආදරය කරන්නේ. එය යේසුස් ක්රිස්තුස් වහන්සේ වෙත අපව යොමු කරන අතර එමඟින් අපට උන් වහන්සේගේ ශක්තිය ලබා ගත හැකිය. මම හැම වෙලාවෙම පිටපතක් මගේ සාක්කුවේ තියාගෙන සිටිනවා. යේසුස් ක්රිස්තුස්ගේ සභා වේ සාමාජිකයින් ලෙස අප කරන දේ කරන්නේ ඇයිදැයි දැන ගැනීමට අවශ්ය ලොව පුරා සිටින පුද්ගලයින් හමුවන විට, මම මෙම මාර්ගෝපදේශය ඔවුන් සමඟ බෙදා ගනිමි.

යෞවනයින්ගේ ශක්තිය සඳහා උගන්වයි සදාකාලික සත්‍යන්ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ මාර්ගය ගැන. එය ඔබට සෘජුවම ආරාධනා කරනවා.ක්‍රිස්තුස්වහන්සේගේ දහම මත පදනම්ව තේරීම් කිරීමට. තවද උන්වහන්සේ අනුගමනය කරන අයට එතුමන් ලබා දීමට පොරොන්දු වූ ආශීර්වාද එහි බෙදා ගනී. කරුණාකර මෙම මාර්ගෝපදේශය කියවන්න, මෙනෙහි කරන්න, සහ බෙදාගන්න!

උන්වහන්සේට ආරාධනා කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවශ්‍ය වන්නේ —නිරන්තර, දිනපතා , යහපත් සහ අයහපත් කාලවලදී ඔබේ ජීවිතයේ කොටසක් වීමටය. උන්වහන්සේ මග කෙළවරේ සිටගෙන සිටිනවා පමණක් නොවේ, ඔබ උන්වහන්සේ සමග ගමන අල්ලා ගන්නා තෙක් බලා සිටිනවා . උන්වහන්සේ ඔබ සමග මාර්ගයෙ සෑම පියවරක් පාසාම ඇවිදියි. උන්වහන්සේ තමයි මාර්ගය!

නමුත් එතුමන් ඔබේ ජීවින මාර්ගයට බලෙන් ඇතුල් නොකරනු ඇත. ඔබේ තේරීම් හරහා., ඔබ උන්වහන්සේට ආරාධනා කරන්න. යෞවනයේ ශක්තිය සඳහා වැනි තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශකයක් මෙතරම් වටින්නේ එබැවිනි. ගැළවුම්කරුවාණන්ගේ සදාකාලික සත්යයන් මත පදනම්ව ඔබ ධර්මිෂ්ඨ තේරීමක් කරන සෑම අවස්ථාවකම, ඔබේ ජීවිතයේ ඔබට උන්වහන්සේ අවශ්ය බව ඔබ පෙන්වයි. එම තේරීම් ස්වර්ගයේ දොරටු අගුළු විවර කර, උන් වහන්සේගේ ශක්තිය ඔබේ ජීවිතයට ගලා එයි.11

ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර ගන්න

ගැළවුම්කරුවාණන් තම කියමන් අසන සහ කරන අය “පර්වතයක් මත තම නිවස ගොඩනැගූ” ප්රඥාවන්තයා හා සංසන්දනය කළ බව ඔබට මතක ඇති. ඔවුන්වහන්සේ පැහැදිලි කළේය:

“වර්ෂාව ඇද හැ,ලී, ගංවතුර පැමිණියේය, සුළං හමා, ඒ නිවසට පහර දුන්නේය; එය වැටුණේ නැත, මක්නිසාද එය පර්වතයක් මත පිහිටුවන ලද්දකි.” 12

නිවසක් කුණාටුවකින් නොනැසී පවතින්නේ නිවස ශක්තිමත් බැවිනි. ඒ වගේම පර්වතය ශක්තිමත් වූ පමණින් එය නොනැසී පවතින්නේ නැහැ. නිවස කුණාටුවෙන් බේරෙන්නේ එය එම ශක්තිමත් පර්වතයට තදින් බැඳී ඇති බැවිනි. පර්වතයට ඇති සම්බන්ධතාවයේ ශක්තිය තමයි වැදගත් වෙන්නේ.

ඒ හා සමානව, අප අපගේ ජීවිත ගොඩනඟන විට, හොඳ තේරීම් කිරීම වැදගත්ය. ඒ වගේම ගැළවුම්කරුවාණන්ගේ සදාකාලික සත්යය තේරුම් ගැනීම වැදගත් නමුත් ජීවිතයේ කුණාටු වලට ඔරොත්තු දීමට අපට අවශ්ය ශක්තිය පැමිණෙන්නේ අපගේ තේරීම් යේසුස් ක්රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේගේ දහම සමඟ සම්බන්ධ කරන විටය. එ් වෙනුවෙන් තමයියෞවනයින්ගේ ශක්තිය සඳහා අපට උපකාර වන්නේ.

උදාහරනයක් වශයෙන්, ඔබ අපහාසාත්මක හෝ සිත් රිදවන භාෂාවක් භාවිතා නොකිරීමට උත්සාහ කරන බව ඔබේ මිතුරන් දැන සිටිය හැකිය. බොහෝ අය නොසලකා හරින හෝ හිරිහැර කරන පාසලේ සිටින එම ළමයා වෙත ඔබ ළඟා වන බව ඔවුන් දකිනු ඇත. නමුත් ඔබ මෙම තේරීම් කරන්නේ “සියලු මිනිසුන් ඔබේ සහෝදර සහෝදරියන්—ඔබට වඩා වෙනස් පුද්ගලයන් ඇතුළුව”? බව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ නිසා බව ඔවුන් දන්නවාද? 13

ඔබ සෑම ඉරිදාවකම සභාවටට යන බව ඔබේ මිතුරන් දන්නවා විය හැකිය. ඔබ යම් ගීතයක් ක්රියා විරහිත කරන විට හෝ යම් චිත්රපටයක් නැරඹීම සඳහා ආරාධනයක් ප්රතික්ෂේප කරන විට හෝ පෙනෙනු ඇත. නමුත් ඔබ මෙම තේරීම් කරන්නේ “ස්වර්ගීය පියාණන් සහ යේසුස් ක්රිස්තුස් වහන්සේ සමඟ ප්රීතිමත් ගිවිසුම් සම්බන්ධතාවයක්” ඇති නිසා බවත්, ගැලවුම්කරුවා අනුගමනය කිරීමට එම කැපවීමේ කොටසක් ලෙස, “ශුද්ධාත්මයාණන් ඔබේ නිරන්තර සහකරුවා ලෙස සිටීම ගැන ඔබ ස්තූතිවන්ත වන බවත් ඔවුන් දන්නවාද? 14

ඔබ මත්පැන් පානය නොකරන බව හෝ දුම් පානය නොකරන බව හෝ වෙනත් හානිකර ඔෂධ භාවිතා නොකරන බව මිනිසුන් දන්නවා විය හැකිය. නමුත් යේසුස් ක්රිස්තුස්වහන්සේ “ඔබේ ශරීරය ශුද්ධවූ” සහ “ඔබේ ස්වර්ගීය පියාණන්ගෙන් විස්මිත ත්යාගයක්”, හා උන් වහන්සේගේ ස්වරූපයෙන් සෑදු බව ඔබට ඉගැන්වූ නිසා ඔබ මෙම තේරීම් කරන බව ඔවුන් දන්නවාද? 15

ඔබ වංචා නොකරන හෝ බොරු නොකියන බවත් ඔබ අධ්යාපනය බැරෑරුම් ලෙස සලකන බවත් ඔබේ මිතුරන් දන්නවා විය හැකිය. නමුත් යේසුස් ක්රිස්තුස් වහන්සේ “සත්යය ඔබව නිදහස් කරනු ඇත” කියා ඉගැන්වූ නිසා මෙය සිදු වූ බව ඔවුන් දන්නවාද?16

සියල්ලටම වඩා, ඔබේ මිතුරන් දන්නවාද ඔබ සමහර විට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ශක්තිය” බව ඔබ දන්නා නිසා ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රමිති වලට අවංකව සිටීමට මෙම සමහර විට ජනප්‍රිය නොවන තේරීම් කරන බව ?17

උන්වහන්සේ ඔබේ ශක්තියයි.

යේසුස් ක්රිස්තුස් වහන්සේ දීප්තිමත් හා මහිමවත් අනාගතයකට එනම් ඔබේ අනාගතයට යන මාර්ගය බව මම ඔබට සහතික සාක්ෂියක් දෙමි තවද ඔහු දීප්තිමත් හා මහිමවත් වර්තමානයකට යන මාර්ගය ද වේ. උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න, එවිට එතුමන් ඔබ සමඟ ගමන් කරනු ඇත. ඔබට මෙය කරන්නට පුළුවන්.

මගේ ආදරණීය යෞවන මිතුරනී, යේසුස් ක්රිස්තුස් වහන්සේ ඔබේ ශක්තියයි. උන්වහන්සේ සමඟ දිගටම ගමන් කරන්න, එතුමන් “රාජාලීන් මෙන් පියාපත් වලින්” ඉහළට යාමට ඔබට උපකාර කරනු ඇත