අලුත් ගිවිසුම 2023
අප්‍රියෙල් 3–9. පාස්කුව: “එම්බා මරණය, තාගේ ජය කොයිද?”


“අප්‍රියෙල් 3–9. පාස්කුව: ‘එම්බා මරණය, තාගේ ජය කොයිද?’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“අප්‍රියෙල් 3–9. පාස්කුව,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2023

රූපය
උයනෙහි සොහොන්ගෙය

අප්‍රියෙල් 3–9

පාස්කුව

“එම්බා මරණය, තාගේ ජය කොයිද?”

ඔබ මෙම කොටසේ ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ශි කියවන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ වෙතින් ඔබට පැමිණෙන හැඟීම් සහ සංකල්පනා සටහන් කරගන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතිය තුළ, උන්වහන්සේ වටා සිටි බොහෝ යුදෙව්වන් පාස්කු සම්ප්‍රදායන් වලට සහභාගී වෙමින් සිටියහ. ඔවුන් ආහාර පාන සූදානම් කළහ, ගීත ගායනා කළහ, එමෙන්ම ඊශ්‍රායෙල් වංශය ඊජිප්තුවරුන්ගෙන් වහල්බවින් මුදවාගැනීම සැමරීමට එකතු වූහ. බැටළු පැටවුන්ගේ ලේ වලින් දොරවල් ලකුණු කළ තම මුතුන්මිත්තන්ගේ නිවස් පසුකර යන විනාශයේ දූතයාගේ කතා වලට පවුල් සවන්දුන්හ. ගැලවීමේ සංකේතවාදයෙන් පොහොසත් වූ මෙම උත්සව මධ්‍යයේ, දෙවියන්වහන්සෙගේ බැටළු පැටවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—උන්වහන්සේගේ වන්දිගෙවීමෙන්, උන්වහන්සේගේ මරණයෙන්, සහ උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් ඔවුන්ව පාපයේ සහ මරණයේ වහල්කමින් ගලවාගැනීමට සූදානමින් සිටින බව සාපේක්ශව දැනගෙන සිටියේ කිහිපදෙනෙක් පමණි. එසේවුවත්, ඔවුන්ගේ පොරොන්දු වූ මෙසියස්වහන්සේ ලෙස, ඔවුන්ගේ සදාකාලික ගැලවුම්කරුවාණන් ලෙස යේසුස්වහන්සේව හඳුනාගත් අය සිටියහ. එම කාලයේ පටන්, “අපේ පවු නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත් … ; උන්වහන්සේව තැන්පත් කෙරුණු බවත්, තුන්වනදා උන්වහන්සේ නැගිටුනු ලැබූ බවත්” (1 කොරින්ති 15:3–4) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් මුළු ලෝකයටම සාක්ශි දරා ඇත.

රූපය
පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 21–28

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාව පාපයෙන් හා මරණයෙන් ගලවා, මගේ දුර්වලකම් වලදී මා ශක්තිමත් කර, මගේ පීඩා වලදී මා සනසවන සේක.

මෙම සතියේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ආශිර්වාද වෙත අවධානය යොමුකිරීමට හැකි ක්‍රමයක් වන්නේ යේසුස්වහන්සේගේ ජීවිතයේ අවසාන සතිය පිළිබඳව සෑම දවසකම කියවීමට කාලය යොමුකිරීමයි (කියවිය හැකි කාලසටහනක් පහත දැක්වේ). ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය හැඟීමට ඔබට උපකාර කළහැකි මෙම පරිච්ඡේද වලින් ඔබට සොයාගත හැකි දේවල් මොනවාද? පාපයෙන්, මරණයෙන්, පීඩා වලින්, සහ දුර්වලකම් වලින් උන්වහන්සේ ඔබව ගලවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම පරිච්ඡේද ඔබට උගන්වන දේ ගැන මෙනෙහි කරන්න. උන්වහන්සේගේ ගලවාගැනීමේ බලය මත ඔබේ ඇදහිල්ල ඔබ ක්‍රියාවට නංවන්නේ කෙසේද?

  • ඉරිදා: යෙරුසලමට උත්සවාකාර පිවිසුම (මතෙව් 21:6–11)

  • සඳුදා: දේවමාළිගාව පවිත්‍ර කිරීම (මතෙව් 21:12–16)

  • අඟහරුවාදා: යෙරුසලමේ ඉගැන්වීම (මතෙව් 21–23)

  • බදාදා: ඉගැන්වීම තවදුරටත් කරගෙන යෑම (මතෙව් 24–25)

  • බ්‍රහස්පතින්දා: පාස්කුව සහ ගෙත්සෙමනි උයනේ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම (මතෙව් 26)

  • සිකුරාදා: පීඩාව, කුරුසියේ ඇණ ගැසීම, සහ භූමදානය (මතෙව් 27:1–61)

  • සෙනසුරාදා: ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සොයොන්ගෙය තුල වැතිර සිටින අතරතුර (මතෙව් 27:62–66) උන්වහන්සේ ආත්මික ලෝකයේ දේවසේවයේ කිරීම (දහම සහ ගිවිසුම් 138)

  • ඉරිදා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම සහ උන්වහන්සේගේ ගෝලයන්ට පෙනී සිටීම (මතෙව් 28:1–10)

තවත් බලන්න Easter.ComeuntoChrist.org.

රූපය
යේසුස්වහන්සේ කුරුසිය මත

ලුයිස් පාකර් විසින්, Crucifixion [කුරුසියේ ඇණ ගැසීම]

මතෙව් 28:1–10; ලූක් 24:13–35; යොහාන් 20:19–29; 1 කොරින්ති 15:1–8, 55

බොහෝ සාක්ශිකරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව සාක්ශි දරති.

යේසුස්වහන්සේව සමච්චලයට ලක්කිරීම, හිරිහැරකිරීම, සහ කුරුසියේ ඇණගසනු දැකීම ගෝලයන්ට දැණුනේ කෙසේදැයි සිතාබලන්න. ඔවුන් උන්වහන්සේගේ බලයේ සාක්ශිකරුවන් වූහ, උන්වහන්සේගේ ඉගැන්වීම් වල සත්‍යතාව දැන සිටියහ, එමෙන්ම උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට ඇදහිල්ලක් ඔවුන්ට තිබුණේය. උන්වහන්සේගේ මරණය දැකීමෙන් උන්වහන්සේගේ ගෝලයන්ට ශෝකය සහ ව්‍යාකූලත්වය දැනෙන්නට ඇත. නමුත් වැඩිකල් නොගොස් ඔවුන් උන්වහන්සේගේ නැවත නැගිටීමේ මහා ප්‍රාතිහාර්යයේ සාක්ෂිකරුවන් බවට පත්වූහ.

මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන්ව දුටු අයගේ වාර්තා වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද? මතෙව් 28:1–10; ලූක් 24:13–35; යොහාන් 20:19–29; සහ 1 කොරින්ති 15:1–8, 55 හි එක් එක්කෙනාගේ අත්දැකීම් ලකුණු කරන්න නැතිනම් සටහන් කරන්න. (ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමේ අනෙකුත් සාක්ශිකාරයින්ව 3 නෙපි 11; මොර්මොන් 1:15; ඊතර් 12:38–39; දහම සහ ගිවිසුම් 76:19–24; 110:1–10 සහ ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:15–17 හි සොයාගත හැකිය.) මෙම සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි ගැන ඔබ සිත්ගත් දේ කුමක්ද? ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීමෙන් පසු, තවත් අය මරණයෙන් නැවත නැගිට බොහෝ දෙනෙකුට දර්ශනය වී ඇත (බලන්න මතෙව් 27:52–53; 3 නෙපි 23:9). ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ඇදහිල්ල සහ මරණයෙන් නැවත නැගිටීමේ පොරොන්දුව ඔබ ජීවත් වන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?

1 පේත්‍රැස් 1:3–11

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට බලාපොරොත්තුව සහ ප්‍රීතිය ලබාදෙන සේක.

1 පේත්‍රැස් 1:3–11 හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන වචන සහ වාක්‍ය ඛණ්ඩ මොනවාද? එම බලාපොරොත්තුව ඔබට දැනී ඇත්තේ කවදාද?

වැඩිහිටි ගැරිට් ඩබ්. ගොන්ග් මෙසේ සාක්ෂි දැරීය, මරණයෙන් නැවත නැගිටීම “අත් පා අහිමි වූ, දැකීමට, ඇසීමට, හෝ ඇවිදීමට හැකියාව නැති වූ, හෝ නිර්දය රෝග, මානසික රෝග, හෝ වෙනත් අඩුවූ ධාරිතාවයක් හේතුවෙන් අහිමි සිතුවිලි නිසා පෙළෙන අයට බලාපොරොත්තුවක් ලබාදෙයි. උන්වහන්සේ අපව සොයාගනියි. උන්වහන්සේ අපව සම්පූර්ණ කරයි. [එසේම,] ‘දෙවියන්වහන්සේම ලෝකයේ පාප උදෙසා වන්දිගෙවූ’ නිසා [ඇල්මා 42:15], … උන්වහන්සේට දයාවෙන්, අපගේ දුර්වලතා අනුව අපට උපකාර කළ හැකිය. … අපි පසුතැවිලි වී අපට හැකි සෑමදෙයක්ම කරමු. උන්වහන්සේ අපව ‘උන්වහන්සේගේ ප්‍රේමයේ දෑතින්’ සදාකාලිකව වට කරගන්නා සේක [2 නෙපි 1:15]” (“හෝසන්නා සහ හාලේලූයියා—ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ: නැවත පිහිටුවීමේ හා පාස්කුවේ හදවත,” ලියහෝනා, මැයි 2020, 54).

තවත් බලන්න ඇල්මා 27:28; 36:1–24; 3 නෙපි 9:11–17; මොරෝනි 7:40–41.

රූපය
පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ComeuntoChrist.org.Easter.ComeuntoChrist.org හි ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතියේ සෑම දිනකම සිදුවූ දේ පිළිබඳ කාල-රාමුවක් සහ විස්තරයක් අඩංගු වේ. සතියේ සෑමදිනකම එම දවසේදී ගැලවුම්කරුවාණන් කළේ කුමක්ද කියා දැනගැනීමට ඔබේ පවුලට මෙම විස්තර නැවත පරික්ෂා කළ හැකිය නැතිනම් පවුලක් ලෙස ශුද්ධලියවිලි වල උන්වහන්සේගේ අවසාන සතිය පිළිබඳව ඔබට කියවිය හැකිය (“පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්” කොටසෙහි ඉහත යෝජිත ලැයිස්තුව බලන්න).

ගීතිකා සහ Children’s Songbook.ඔබට එතරම් හුරුපුරුදු නැති ඒවාද ඇතුළුව, මෙම සතිය තුළ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ ගීත එකට එක්ව ගායනා කිරීම සලකා බලන්න. මෙම ගීත ඉගෙනගැනීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා, ඔබට එම ගීතයේ වචන සමඟ ගැළපෙන පින්තූර පෙන්විය හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ” යන මාතෘකාවෙන් යුත් ශුභාරංචි පුස්තකාල එකතුවට මෙම පාස්කු ඉරිදා ගැලවුම්කරුවාණන්ගේ නැවත නැගිටීම සැමරීමට ඔබේ පවුලට උපකාර කළ හැකි වීඩියෝ, කලා නිර්මාණ, සහ සංගීතය ඇතුළත් වේ.

“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය.”පවුලක් ලෙස, “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය කියවන්න (ChurchofJesusChrist.org). අනෙක් අය සමඟ බෙදාගැනීමට මෙම සාක්ෂියෙන් පාස්කු පණිවිඩයක් තෝරාගැනීමට පවුලේ සෑම සාමාජිකයෙකුටම ආරාධනා කරන්න. උදාහරණයක් ලෙස, ඔබේ නිවසේ, ඔබේ ඉදිරිපස දොරටුවේ, හෝ සමාජ මාධ්‍යය වල ප්‍රදර්ශණය කිරීම සඳහා ඔබට පෝස්ටර් නිර්මාණය කළ හැකිය.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

කළමනාකරණය කළ හැකි ඉලක්ක තබාගන්න. ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට දිනකට විනාඩි කිහිපයක් ගතකිරීම පවා ඔබේ ජීවිතයට ආශිර්වාද කළ හැකිය. සෑමදිනකම අධ්‍යයනය කිරීමට කැපවන්න, ඔබේ කැපවීම මතක්කර දීමට ක්‍රමයක් සොයාගන්න, එමෙන්ම එය අනුගමනය කිරීමට ඔබේ උපරිමය කරන්න. ඔබට අමතක වූවා නම්, අත්හරින්න එපා. නමුත් නැවත ආරම්භ කරන්න.

රූපය
ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනියේ

ඇඩම් ඒබ්‍රම් විසින්, Gethsemane [ගෙත්සෙමනිය]