අත්පොත් සහ කැඳවීම්
0. හඳුන්වාදීමේ දළ විශ්ලේෂණය


“0. හඳුන්වාදීමේ දළ විශ්ලේෂණය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“0. හඳුන්වාදීමේ දළ විශ්ලේෂණය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

0.

හඳුන්වාදීමේ දළ විශ්ලේෂණය

0.0

හැඳින්වීම

ස්වාමින්වහන්සේ මෙසේ ඉගැන්වූයේය, “දැන් සෑම මනුෂ්‍යයෙකුම ඔහුගේ වගකීම ඉගෙනගනිත්වා, තවද ඔහුව පත්කරන ලද්දාවූ එම තනතුරෙහි, සියලු උද්යෝගයෙන් යුතුව ක්‍රියාකරත්වා” (දහම සහ ගිවිසුම් 107:99). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ නායකයෙකු ලෙස, ඔබ ඔබේ කැඳවීමේ යුතුකම් ඉගෙන ගැනීමට සහ ඒවා ඉටු කිරීමට උපකාර වශයෙන් පුද්ගලික එළිදරව් සෙවිය යුතුය.

ශුද්ධලියවිලි සහ පසුදවස්වල අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීම, ඔබට ඔබේ යුතුකම් තේරුම් ගැනීමට සහ ඒවා ඉටු කිරීමට උපකාරී වේ. ඔබ දෙවියන්වහන්සේගේ වචන අධ්‍යයනය කරන විට, ඔබ ආත්මයාණන්ගේ බලපෑමට වඩා හොඳින් ප්‍රතිචාර දක්වනු ඇත (බලන්න දහම සහ ගිවිසුම් 84:85).

මෙම අත්පොතෙහි ඇති උපදෙස් අධ්‍යයනය කිරීමෙන් ද ඔබ ඔබේ යුතුකම් ඉගෙන ගනියි. ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයන අතර මූලධර්ම, ක්‍රියාමාර්ග, සහ ක්‍රියා පටිපාටි පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙම උපදෙස් භාවිතා කරන්නේ නම්, ඒවාට එළිදරව් සඳහා ආරාධනා කළ හැකිය.

0.1

අත්පොත

ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම මගින් සභාවේ ප්‍රධාන සහ ප්‍රාදේශීය නායකයින් සඳහා මගපෙන්වීමක් සපයයි.

මෙම අත්පොතෙහි ඇති මාතෘකා සහ උපමාතෘකා එම කාරණා පහසුවෙන් සොයාගැනීමට සහ යොමුවීම සඳහා අංකනය කර ඇත. නිදසුනක් වශයෙන්, දේවමාළිගාවක මුද්‍රා විය හැක්කේ කාටද යන්න පිළිබඳ උපදෙස් 27.3.1 හි දක්වා ඇත. අංක 27 පරිච්ඡේදයට යොමු කරයි, අංක 3 එම පරිච්ඡේදයේ කොටසකට යොමු කරයි, සහ අංක 1 උපවගන්තියකට යොමු කරයි.

0.2

අනුවර්තන සහ විකල්ප සම්පත්

සියලුම ස්ටේක සහ කොට්ඨාශ වලට ඇත්තේ එක සමාන අවශ්‍යතා නොවේ.

සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කළ යුතු මාර්ගෝපදේශ සහ විකල්ප සම්පත් පිළිබඳව නායකයෝ දිව්‍යඥානයක් අපේක්ෂා කරති.

0.4

උපදෙස් පිළිබඳ ප්‍රශ්න

ශුද්ධලියවිලි වල, ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචනවල හෝ මෙම අත්පොතෙහි ආමන්ත්‍රණය නොකළ ප්‍රශ්න පැනනගින විට, සභාවේ සාමාජිකයන් දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගෙන ඇති ඔවුන්ගේ ගිවිසුම්, ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයින්ගේ උපදෙස් සහ මගපෙන්වීම සහ ආත්මයාණන්ගේ දිව්‍යඥානය මත විශ්වාසය තැබිය යුතුය.

නායකයින්ට මෙම අත්පොතෙහි ඇති තොරතුරු හෝ එය ආමන්ත්‍රණය නොකරන ගැටළු පිළිබඳව ප්‍රශ්න තිබේ නම්, ඔවුන් ඔවුන්ගේ ආසන්නතම මුලසුන දරන අධිකාරිත්වය සමඟ සාක​ච්ඡා කරයි.

0.5

පාරිභාෂිතය

වෙනත් ආකාරයකින් දක්වා ඇති ස්ථාන හැර:

  • මෙම අත්පොතෙහි සභානායකවරයා සහ සභානායකත්වය යන යෙදුම් ශාඛා සභාපතිවරුන් සහ ශාඛා සභාපතිත්වයන් සඳහාද අදාළ වේ. ස්ටේක සභාපතිවරයා සහ ස්ටේක සභාපතිත්වයන් යන යෙදුම් දිස්ත්‍රික්ක සභාපතිවරුන් සහ ශාඛා සභාපතිත්වයන් වෙතද යොමු වේ. දිස්ත්‍රික්ක සභාපතිවරුන්ගේ අධිකාරිත්වය ස්ටේක සභාපතිවරුන්ගේ අධිකාරිත්වයට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳ සාරාංශයක් සඳහා, 6.3 බලන්න.

  • කොට්ඨාශ සහ ස්ටේක සඳහා යොමු කිරීම් සාමාන්‍යයෙන් ශාඛා, දිස්ත්‍රික්ක සහ ධර්මදූතයන් සඳහා ද අදාළ වේ.

  • ඉරිදා දිනය සඳහා යොමු කිරීම් දේශීය වශයෙන් සබත් දිනය පවත්වන ඕනෑම දිනයකට අදාළ වේ.

  • ඒකකය යන යෙදුම කොට්ඨාශ සහ ශාඛා වලට යොමු වේ.

  • දෙමාපියන් සඳහා ඇති යොමු කිරීම් සාමාන්‍යයෙන් නීත්‍යානුකූල භාරකරුවන්ට ද අදාළ වේ.

සභානායකවරයාගේ සහ ශාඛා සභාපතිවරයාගේ කැඳවීම් අධිකාරි බලයෙන් සහ වගකීමෙන් සමාන නොවේ, එමෙන්ම ස්ටේක සභාපතිවරයා සහ දිස්ත්‍රික්ක සභාපතිවරයාගේ කැඳවීම් ද සමාන නොවේ. සභානායකවරයා යනු පූජකවරයේ තත්වයක් වන අතර ඒ සඳහා නියම කිරීම සඳහා අවසර දෙනු ලබන්නේ පළමු සභාපතිත්වය විසින් පමණි. ස්ටේක සභාපතිවරුන්ව කැඳවනු ලබන්නේ ප්‍රධාන අධිකාරීවරුන් සහ ප්‍රාදේශීය හැත්තෑවරුන් විසිනි.

0.6

සභා මූලස්ථානය හෝ ප්‍රාදේශීය කාර්යාලය සම්බන්ධ කරගැනීම

මෙම අත්පොතෙහි සමහර පරිච්ඡේදවල සභාවේ මූලස්ථානය හෝ ප්‍රාදේශීය කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උපදෙස් ඇතුළත් වේ. සභාවේ මූලස්ථානය හා සම්බන්ධ වීමට ලබා දී ඇති උපදෙස් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිටින අයට අදාළ වේ. ප්‍රාදේශීය කාර්යාලය හා සම්බන්ධ වීමට ලබා දී ඇති උපදෙස් එක්සත් ජනපදයේ සහ කැනඩාවෙන් පිටත සිටින අයට අදාළ වේ.