අත්පොත් සහ කැඳවීම්
ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් භාවිතය


ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් භාවිතය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් භාවිතය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් භාවිතය

ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් යනු සම්පූර්ණ පොදු අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළ සේවය කිරීම තුළ ඇති අත්‍යවශ්‍ය උපදෙස් වල සම්පාදනයකි. එය පහත විස්තර කරන නායකයින් සඳහා වේ:

  • ඔවුන්ට අවශ්‍ය භාෂාවෙන් සම්පූර්ණ අත්පොත වෙත තවමත් ප්‍රවේශය නොමැති.

  • ප්‍රධාන අත්පොතෙහි සංක්ෂිප්ත අනුවාදයකින් ප්‍රයෝජන ගත හැකි.

ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් හි භාවිතා වන පරිච්ඡේද, කොටස් සහ උපවගන්ති අංකනය සම්පූර්ණ ප්‍රධාන අත්පොතෙහි භාවිතා වන අංකනයට ගැලපේ. මෙය පහසුවෙන් හරස්-යොමු කිරීම් කිරීමට සහ ඒවා අතර සංසන්දනය කිරීමට ඉඩ සලසයි.

ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් හි ඇති අංකනය සමහර විට සම්පූර්ණ අත්පොතෙහි කොටස් හෝ උප වගන්තිවල අංක මගහරිනු ඇත. එයට හේතුව මෙම සංක්ෂිප්ත අත්පොත සම්පූර්ණ අත්පොතෙන් අත්‍යවශ්‍ය අන්තර්ගතය පමණක් රඳවා තබා ගැනීමයි.

කෙසේවෙතත් ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් හි නායකයින් නිතර අසන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සපයන නමුත්, එය ආමන්ත්‍රණය නොකරන හෝ සම්පූර්ණයෙන් පිළිතුරු නොදෙන සමහරක් ප්‍රශ්න නායකයින්ට තිබිය හැකිය. එවැනි අවස්ථාවන්හිදී, නායකයින්ට භාවිතා කළ හැකි භාෂාවකින් එය තිබේ නම් සම්පූර්ණ ප්‍රධාන අත්පොත වෙත යොමු විය හැකිය. මගපෙන්වීම් ලබාගැනීම සඳහා නායකයින්ට ඔවුන්ගේ ආසන්නම මුලසුන දරන අධිකාරිවරුන්ගෙන් උපදෙස් ලබාගත හැකිය.

දෙවියන්වහන්සේගේ දරුවන් සඳහා ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට ඔබ උන්වහන්සේ සමඟ එක්වන විට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනු ලැබේවා.

පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය