අත්පොත් සහ කැඳවීම්
23. ශුභාරංචිය බෙදාගැනීම සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින් ශක්තිමත් කිරීම


“23. ශුභාරංචිය බෙදාගැනීම සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින් ශක්තිමත් කිරීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“23. ශුභාරංචිය බෙදාගැනීම සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින් ශක්තිමත් කිරීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්.

රූපය
මිනිසුන් දුරකථනයක් දෙස බලා සිටිමින්

23.

ශුභාරංචිය බෙදාගැනීම සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින් ශක්තිමත් කිරීම

23.0

හැඳින්වීම

ශුභාරංචිය ලබා ගැනීමට සැමට ආරාධනා කිරීම ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේ කොටසකි (බලන්න මෙම අත්පොතෙහි 1.2; මතෙව් 28:19–20). එයට ඇතුළත් වන්නේ:

  • ධර්මදූත කාර්යයට සහභාගී වීම සහ ධර්මදූතවරුන් ලෙස සේවය කිරීම.

  • නව සහ නැවත පැමිණෙන සභා සාමාජිකයින්ට ගිවිසුම් මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට උපකාර කිරීම.

23.1

ශුභාරංචිය බෙදාගැනීම

23.1.1

ආදරය

අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන එක් ක්‍රමයක් වන්නේ උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කිරීම සහ සේවය කිරීමයි (බලන්න මතෙව් 22:36–39; 25:40). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළාක් මෙන් ප්‍රේම කිරීමටත් සේවය කිරීමටත් අපි උත්සාහ කරමු. මෙම ප්‍රේමය සියලු ආගම්, ජාතීන් සහ සංස්කෘතීන් වල මිනිසුන් වෙත ළඟා වීමට අපව පොළඹවයි (බලන්න ක්‍රියා 10:34; 2 නෙපි 26:33).

23.1.2

බෙදාගන්න

අපි දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන නිසා, උන්වහන්සේ අපට දී ඇති ආශිර්වාද බෙදා ගැනීමට (බලන්න යොහන් 13:34–35) සහ ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් කිරීමට අපට ස්වභාවිකවම අවශ්‍ය වේ. අපට දැනෙන ප්‍රීතිය දැනීමට මිනිසුන්ට උපකාර කිරීමට අපි උත්සාහ කරන්නෙමු (බලන්න ඇල්මා 36:24). අපි ගැලවුම්කරුවාණන් පිළිබඳව සහ අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ බලපෑම පිළිබඳව විවෘතව කතා කරන්නෙමු (බලන්න දහම සහ ගිවිසුම් 60:2). අපගේ පුද්ගලික, අන්තර්ජාලය හරහා සහ වෙනත් අන්තර්ක්‍රියා වල කොටසක් ලෙස අපි මෙම දේවල් සාමාන්‍ය සහ ස්වභාවික ආකාරයෙන් බෙදා ගනිමු.

23.1.3

ආරාධනා කරන්න

පහත සඳහන් දේවල් සඳහා අන් අයට ආරාධනා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දිව්‍ය අනුභාවය සහ මගපෙන්වීම සඳහා අපි යාච්ඤා කරන්නෙමු:

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ ශුභාරංචිය සහ උන්වහන්සේගේ සභාව තුළින් ලැබෙන ආශිර්වාද පැමිණ බැලීම සඳහා (බලන්න යොහන් 1:37–39, 45–46).

  • අවශ්‍යතා ඇති මිනිසුන්ට සේවය කිරීමට පැමිණ අපට උදව් කිරීම සඳහා.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවට පැමිණ අයිති වීම සඳහා.

බොහෝ විට, ආරාධනා කිරීම යනු අප දැනටමත් කරමින් සිටින දේවල් වලට අපගේ පවුලේ අය, මිතුරන් සහ අසල්වැසියන්ව ඇතුළත් කරගැනීමයි.

23.2

නව සාමාජිකයින්ව ශක්තිමත් කිරීම

සෑම නව සාමාජිකයෙකුටම මිත්‍රත්වය, සේවය කිරීමට අවස්ථා සහ අධ්‍යාත්මික පෝෂණය අවශ්‍ය වේ. සභාවේ සාමාජිකයන් වශයෙන්, අපි නව සාමාජිකයින්ට අපගේ ආදරය සහ සහයෝගය ලබා දෙන්නෙමු (බලන්න මොසායා 18:8–10). අපි ඔවුන්ට සභාවට අයත් බවේ හැඟීමක් ඇති කරගැනීමට උදව් කරන්නෙමු. ගිවිසුම් මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට සහ වඩාත් ගැඹුරින් “ස්වාමින්වහන්සේ වෙතට හැරීමට” අපි ඔවුන්ට උපකාර කරන්නෙමු (ඇල්මා 23:6).

23.3

නැවත පැමිණෙන සාමාජිකයින්ව ශක්තිමත් කිරීම

සමහර සාමාජිකයන් සභාවට සහභාගී වීම නැවැත්වීමට තීරණය කරති. ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවේය, “එවැන්නන්ට නුඹලා නොකඩවා දේවසේවය කළ යුතුය, මක්නිසාද දවසක ඔවුන් හැරී විත් පසුතැවිලි වී, තවද හදවතේ සම්පූර්ණ අරමුණ ඇතිව මා වෙතට පැමිණෙන්නේ දැයි නුඹලා නොදන්නෙහුය, තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි; තවද නුඹලා ඔවුන් හට ගැලවීම ගෙන ඒම සඳහා මෙවලමක් වන්නෝය” (3 නෙපි 18:32).

සම්පූර්ණයෙන්ම සහභාගී නොවන සාමාජිකයින්ට සභාවේ අනෙකුත් සාමාජිකයන් සමඟ ශක්තිමත් සබඳතාවක් ඇත්නම් ඔවුන් නැවත පැමිණීමට වැඩි ඉඩක් ඇත. නව සාමාජිකයන් මෙන්, ඔවුන්ට මිත්‍රත්වය, සේවය කිරීමට අවස්ථාවන් සහ අධ්‍යාත්මික පෝෂණය අවශ්‍ය වේ.

23.4

ස්ටේක නායකයින්

23.4.1.

ස්ටේක සභාපතිත්වය

ශුභාරංචිය බෙදාගැනීම සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයන්ව ශක්තිමත් කිරීම සඳහා ස්ටේකය තුළ යතුරු දරන්නේ ස්ටේක සභාපතිවරයා ය. ඔහු සහ ඔහුගේ උපදේශකයන් මෙම උත්සාහයන් සඳහා සමස්ත මගපෙන්වීම ලබා දෙති.

සාමාන්‍යයෙන්, ස්ටේක සහ කොට්ඨාශ නායකයින් සහ පූර්ණ කාලීන ධර්මදූතවරුන් අතර ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ටේක සභාපතිවරයා ධර්මදූත සභාපතිවරයා සමඟ මාසිකව හමුවෙයි.

23.4.3

උසස් මන්ත්‍රණ සභා සාමාජිකයින්

වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්ට සහ කොට්ඨාශ නායකයින්ට උපදෙස් දීමට සහ සහාය වීමට, ස්ටේක සභාපතිත්වයට උසස් මන්ත්‍රණ සභා සාමාජිකයින්ව පත් කළ හැකිය. මෙම ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා එය උසස් මන්ත්‍රණ සභා සමාජිකයින් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට පැවරිය හැකිය. කෙසේ වෙතත්, සියලුම උසස් මන්ත්‍රණ සභා සාමාජිකයින්ට තමන්ට පවරා ඇති කොට්ඨාශ සහ ගණපූරණ සඳහා මෙම වගකීම් ඇත.

23.4.4

ස්ටේක සහන සමිති සභාපතිත්වය

ස්ටේක සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ, ස්ටේක සහන සමිතියේ සභාපතිත්වය, ශුභාරංචිය බෙදාගැනීම සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින්ව ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ වගකීම් සඳහා කොට්ඨාශ සහන සමිති සභාපතිනියන්ට උපදෙස් සහ සහාය ලබා දෙයි.

23.5

කොට්ඨාශ නායකයින්

23.5.1

සභානායකත්වය

ශුභාරංචිය බෙදා ගැනීමට සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින්ව ශක්තිමත් කිරීමට කොට්ඨාශයේ ප්‍රයත්නයන් මෙහෙයවන විට, සභානායකත්වය විසින් වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන් සමඟ සම්බන්ධීකරණ කටයුතු කරනු ලබයි. මෙම නායකයින් ක්‍රමවත්ව එකට එක් වී සාකච්ඡා කරති.

මෙම උත්සාහයන් කොට්ඨාශ මන්ත්‍රණ සභා සහ කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභා රැස්වීම්වලදී සාකච්ඡා කර සම්බන්ධීකරණය කරන බව සභානායකත්වය විසින් සහතික කරනු ලබයි.

සභානායකවරයා විසින් නියෝජිත බව්තීස්ම සහ ස්ථිර කිරීම් ඉටු කිරීමට සුදුසු වයසේ සිටින නව සාමාජිකයින් සමඟ දේවමාළිගා නිර්දේශයක් සඳහා සම්මුඛ සාකච්ඡා පවත්වයි (බලන්න 26.4.2). ඔහු ආරෝනික පූජකවරය ලබා ගැනීම සඳහා සුදුසු වයසේ සිටින සහෝදරයන් සමඟ ද සම්මුඛ සාකච්ඡා පවත්වයි. ඔහු සාමාන්‍යයෙන් මෙම සම්මුඛ සාකච්ඡා පවත්වනු ලබන්නේ සාමාජිකයාගේ ස්ථිර කිරීමෙන් සතියක් ඇතුළතය.

23.5.2

වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන්

වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන් විසින් ශුභාරංචිය බෙදා ගැනීමේ සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින්ව ශක්තිමත් කිරීමේ දෛනික ප්‍රයත්නයන් මෙහෙයවනු ලබයි (බලන්න 8.2.3 සහ 9.2.3).

මෙම නායකයින්ට පහත වගකීම් ඇත:

  • දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කිරීමට, ශුභාරංචිය බෙදා ගැනීමට සහ ගැලවුම්කරුවාණන්ගේ ආශිර්වාද ලබා ගැනීමට අන් අයට ආරාධනා කිරීමට සාමාජිකයින්ට උපකාර කිරීම.

  • නව සහ නැවත පැමිණෙන සාමාජිකයින් වෙනුවෙන් දේවසේවා සහෝදර සහෝදරියන්ව පත් කිරීම (බලන්න 21.2.1).

  • කොට්ඨාශ ධර්මදූත නායකයාගේ කාර්යය මෙහෙයවීම.

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා සහ සහන සමිති සභාපතිනිය යන දෙදෙනාම මෙම ප්‍රයත්නයන් මෙහෙයවීම සඳහා සභාපතිත්වයේ සාමාජිකයෙකුට පවරති. මේ සභාපතිත්ව සාමාජිකයින් දෙදෙනා එකට එක්ව වැඩ කරති. ඔවුන් සතිපතා සම්බන්ධීකරණ රැස්වීම්වලට සහභාගී වෙති (බලන්න 23.5.7).

23.5.3

කොට්ඨාශ ධර්මදූත නායකයා

කොට්ඨාශ ධර්මදූත නායකයෙකු කැඳවිය යුතුද යන්න තීරණය කිරීමට සභානායකවරයා ස්ටේක සභාපතිවරයා සමඟ සාකච්ඡා කරයි. මෙම පුද්ගලයා මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විය යුතුය. මෙම නායකයාව කැඳවන්නේ නැතිනම්, වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයෙකු විසින් මෙම කාර්යභාරය ඉටු කරයි.

කොට්ඨාශ ධර්මදූත නායකයා විසින් වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයට සහ සහන සමිති සභාපතිත්වයට ඔවුන්ගේ ධර්මදූත වගකීම් වලදී සහාය දක්වනු ලබයි. ඔහුට ද පහත වගකීම් ඇත:

  • කොට්ඨාශ සාමාජිකයින්ගේ සහ නායකයින්ගේ, කොට්ඨාශ ධර්මදූතයින්ගේ සහ පූර්ණ කාලීන ධර්මදූතයින්ගේ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම.

  • සතිපතා පැවැත්වෙන සම්බන්ධීකරණ රැස්වීම් මෙහෙයවීම (බලන්න 23.5.7).

23.5.4

කොට්ඨාශ ධර්මදූතයින්

කොට්ඨාශ ධර්මදූතයින් මෙහි 23.1 හි විස්තර කර ඇති පරිදි ශුභාරංචිය බෙදාගැනීමේ ප්‍රීතිය අත්විඳීමට කොට්ඨාශ සාමාජිකයින්ට උපකාර කරති. ඔවුන් මෙම කාර්යභාරය ඉටු කරන කොට්ඨාශ ධර්මදූත නායකයාගේ හෝ වැඩිහිටි ගණපූරණ සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ සේවය කරති.

23.5.5

කොට්ඨාශ මන්ත්‍රණ සභාව සහ කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව

ශුභාරංචිය බෙදාගැනීම සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින්ව ශක්තිමත් කිරීම පිළිබඳව කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම්වලදී ක්‍රමවත්ව සාකච්ඡා කළ යුතුය. කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම්වලට සහභාගි වන ලෙස සභානායකවරයාට කොට්ඨාශ ධර්මදූත නායකයාට ආරාධනා කළ හැකිය.

පහත දැක්වෙන ආකාරයේ ආකෘති මෙම සාකච්ඡා සඳහා උපකාර විය හැකිය:

කොට්ඨාශයේ යෞවනයින්ගේ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කිරීමේදී, ධර්මදූතයින් විසින් උගන්වනු ලබන නව සහ නැවත පැමිණෙන සාමාජිකයින් සහ යෞවනයින් ගැන කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව විශේෂ අවධානයක් යොමු කරයි.

23.5.7

සම්බන්ධීකරණ රැස්වීම්

සෑම සතියකම, ශුභාරංචිය බෙදාගැනීමේ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීමට සහ නව සහ නැවත පැමිණෙන සාමාජිකයින්ව ශක්තිමත් කිරීමට කෙටි අවිධිමත් රැස්වීම් පවත්වනු ලැබේ. කොට්ඨාශ ධර්මදූත නායකයෙකුව කැඳවනු ලැබුවහොත්, ඔහු විසින් මෙම රැස්වීම් පවත්වනු ලබයි. එසේ නොමැති නම්, මෙම භූමිකාව ඉටු කරන වැඩිහිටි ගණපූරණ සභාපතිත්ව සාමාජිකයා විසින් ඒවා මෙහෙයවනු ලැබේ.

මේ සඳහා ආරාධනා ලබන අනෙකුත් අය වන්නේ:

  • සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්ගෙන් පත් කරන ලද සාමාජිකයින්.

  • කොට්ඨාශ ධර්මදූතයින්.

  • පූජක ගණපූරණයේ සහායකයෙක් (හෝ කොට්ඨාශයේ පූජකයන් නොමැති නම් ගුරුවර හෝ උපස්ථායක ගණපූරණ සභාපති).

  • වයසින් වැඩිම තරුණ ගැහැණු ළමුන්ගේ පන්තියේ සභාපතිත්ව සාමාජිකාවක්.

  • පූර්ණ කාලීන ධර්මදූතවරුන්.