අත්පොත් සහ කැඳවීම්
30. සභාවේ කැඳවීම්


“30. සභාවේ කැඳවීම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“30. සභාවේ කැඳවීම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසුන් දකුණු අත් ඔසවමින්

30.

සභාවේ කැඳවීම්

30.0

හැඳින්වීම

දෙවියන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමෙන් උන්වහන්සේට සේවය කිරීමේ ප්‍රීතිය විඳීමට මෙම කැඳවීම් සාමාජිකයින්ට අවස්ථා ලබා දෙයි (බලන්න මොසායා 2:17). සාමාජිකයින්ට ඔවුන්ගේ ඇදහිල්ල වැඩි කරගැනීමට සහ ස්වාමින්වහන්සේට සමීප වීමටද මෙම කැඳවීම් උපකාර කරයි.

සභාවේ නිශ්චිත කැඳවීම් සඳහා අපේක්ෂා කිරීම සුදුසු නොවේ (බලන්න මාර්ක් 10:42–45; දහම සහ ගිවිසුම් 121:34–37). සභාවේ සාමාජිකයන් එක් කැඳවීමකින් තවත් කැඳවීමකට “උසස්” වන්නේද නැත. කැඳවීම කුමක්ද යන්නට වඩා කැඳවීමකදී ඇදහිලිවන්තව සේවය කිරීම වැදගත් වේ. ස්වාමින්වහන්සේ තම සභාවේ සේවය කරන සියලු දෙනාගේ කැපවීමට ගරු කරයි.

30.1

කැඳවන්නේ කවුරුන්වද කියා තීරණය කිරීම

30.1.1

පොදු මාර්ගෝපදේශ

සභාවේ සේවය කරන අයව දෙවියන්වහන්සේගෙන් කැඳවූ අය ලෙස හැඳින්වේ (බලන්න හෙබ්‍රෙව් 5:4; ඇදහිල්ලේ කරුණු 1:5). කැඳවිය යුත්තේ කවුරුන්වද යන්න තීරණය කිරීමේදී නායකයන් ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයති (තවත් බලන්න 4.2.6). ඔවුන් මේවාද සලකා බලති:

  • සාමාජිකයාගේ සුදුසුකම (සම්මුඛ සාකච්ඡාවකදී තීරණය කරන පරිදි).

  • අන් අයට ආශිර්වාද කිරීම සඳහා සාමාජිකයාට ඇති, හෝ වර්ධනය කරගත හැකි දීමනා සහ හැකියාවන්.

  • ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය සහ වැඩ ඇතුළුව සාමාජිකයාගේ පුද්ගලික තත්වයන්.

  • එම කැඳවීම නිසා සාමාජිකයාගේ විවාහයට සහ පවුලට ඇති විය හැකි බලපෑම.

සභාවේ සේවය කිරීම සඳහා ඔවුන් කරන කැපකිරීම් සඳහා සාමාජිකයින්ට ආශිර්වාද ලැබේ. කෙසේ වෙතත්, කැඳවීමක් පුද්ගලයන් සහ පවුල් මත අනවශ්‍ය බරක් පැටවිය යුතු නොවේ. සාමාජිකයින්ට ඔවුන්ගේ රැකියා වගකීම් ඉටු කිරීමට එම කැඳවීම් බාධා නොවිය යුතුය.

සාමාන්‍යයෙන්, සෑම සාමාජිකයෙකුවම දේවසේවා සහෝදරයෙකු හෝ සහෝදරියක් වනවාට අමතරව, වරකට එක් කැඳවීමක පමණක් සේවය කිරීමට කැඳවනු ලැබේ.

විවාහක සාමාජිකයෙකුට කැඳවීමක් ලබා දීමේදී, එම සහකරු හෝ සහකාරිය එම කැඳවීම පිළිබඳව දැනුවත් බව සහ සහයෝගය දක්වන බව නායකයින් විසින් සහතික කරගනු ලබති. තරුණ පිරිමි ළමයෙකුට හෝ තරුණ ගැහැණු ළමයෙකුට කැඳවීමක් ලබා දීමට පෙර, නායකයින් විසින් ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් අනුමැතිය ලබා ගනිති.

කැඳවීමක් ලබා දීමට පෙර, සභානායකවරයා එම පුද්ගලයාගේ සාමාජිකත්ව වාර්තාව ප්‍රවේශමෙන් සමාලෝචනය කර එහි විවරණයක් හෝ විධිමත් සාමාජික සීමාවන් ඇතුළත් නොවන බව තහවුරු කරගනියි.

30.1.2

නව සාමාජිකයින් සඳහා කැඳවීම්

සාමාජිකයින්ගේ අධ්‍යාත්මික වර්ධනයට උපකාර කිරීමට සේවය කිරීමට ඇති අවස්ථා.

කොට්ඨාශ නායකයින් විසින් නව සාමාජිකයින් බව්තීස්ම වී ස්ථිර වූ වහාම ඔවුන්ට සේවය කිරීමට අවස්ථාව ලබා දෙති.

30.1.3

සාමාජිකයන් නොවන පුද්ගලයින් සඳහා කැඳවීම්

සභාවේ සාමාජිකයන් නොවන පුද්ගලයින්ව ඕගන් වාදකයින්, සංගීත අධ්‍යක්ෂකවරුන් හෝ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට උපකාර කිරීම සඳහා කැඳවීමක් වැනි සමහර තනතුරුවලට කැඳවිය හැකිය. කෙසේ වෙතත්, ඔවුන්ව ගුරුවරුන් ලෙස, ගණපූරණයේ හෝ සංවිධානයේ සභාපතිත්ව සාමාජිකයන් ලෙස හෝ ප්‍රාථමිකයේ සංගීත නායකයන් ලෙස කැඳවිය යුතු නැත.

30.1.4

රහස්‍යභාවය

කැඳවීම් සහ නිදහස් කිරීම් පූජනීයයි. මේ හේතුව නිසා, නායකයින් යෝජිත කැඳවීම් සහ නිදහස් කිරීම් පිළිබඳ තොරතුරු රහසිගතව තබා ගනිති.

30.1.5

කැඳවීම් සඳහා නිර්දේශ සහ අනුමැතිය

සෑම කැඳවීමක්ම සඳහා නිර්දේශ කළ හැක්කේ කාටද සහ අනුමැතිය ලබා දෙන්නේ කවුරුන්ද යන්න කැඳවීම් ප්‍රස්ථාරයේ දැක්වේ (බලන්න 30.8).

සභානායකවරු සහ ස්ටේක සභාපතිවරු එය යාච්ඤාපූර්වකව සිදු කර ඇති බව හඳුනාගනිමින්, සෑම නිර්දේශයක්ම ප්‍රවේශමෙන් සලකා බලති. කැඳවිය යුත්තේ කවුරුන්වද යන්න පිළිබඳ දේවානුභාවයක් ලබා ගැනීමේ අවසාන වගකීම සභානායකත්වය හෝ ස්ටේක සභාපතිත්වය සතුය.

30.2

කැඳවීමක් ලබාදීම

සේවය කිරීමට කැඳවීමක් ලැබීම සාමාජිකයෙකුට අර්ථවත් අධ්‍යාත්මික අත්දැකීමක් විය යුතුය.

නායකයෙකු කැඳවීමක් පිරිනමන විට, එය ස්වාමින්වහන්සේගෙන් පැමිණ ඇති බව ඔහු පැහැදිලි කරයි.

නායකයාට පහත දේවල්ද කළ හැකිය:

  • කැඳවීමේ අරමුණ, වැදගත්කම සහ වගකීම් පැහැදිලි කිරීම.

  • කැඳවීම ඉටු කිරීමේදී ස්වාමින්වහන්සේගේ ආත්මය සෙවීමට සාමාජිකයාව දිරිමත් කිරීම.

  • ස්වාමින්වහන්සේ එම සාමාජිකයාට උපකාර කරන බවත් ඇදහිලිවන්තව සේවය කිරීම සඳහා ඔහුට හෝ ඇයට ආශිර්වාද කරන බවත් සාක්ෂි දැරීම.

  • කැඳවීම සඳහා පුහුණුව සහ සහාය ලබා දෙන්නේ කවුරුන්ද කියා සාමාජිකයාට පැවසීම.

  • ඔහු හෝ ඇය සහභාගී විය යුතු ඕනෑම රැස්වීමක් සහ පවතින සම්පත් පිළිබඳව සාමාජිකයාට දැනුම් දීම.

30.3

සාමාජිකයින්ව කැඳවීම් වල ස්ථීර කිරීම

සභාවේ බොහෝ තනතුරු සඳහා කැඳවනු ලබන අයව, සේවය ආරම්භ කිරීමට පෙර ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කළ යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 28:13; 42:11).

ස්ථිර කිරීම මෙහෙයවන පුද්ගලයා එම තනතුරෙන් නිදහස් කළේ කවුරුන්වද යන්න (අදාළ නම්) පළමුව නිවේදනය කරයි. එම පුද්ගලයාගේ සේවය සඳහා ස්තූතිය ප්‍රකාශ කිරීමට ඔහු සාමාජිකයින්ට ආරාධනා කරයි (බලන්න 30.6).

ස්ථිර කිරීම සඳහා පුද්ගලයෙකුව ඉදිරිපත් කරන විට, බලයලත් පූජක නායකයෙකු ඔහුට හෝ ඇයට නැගී සිටින ලෙස ආරාධනා කරයි. එම නායකයාට පහත සඳහන් වචන වලට සමාන වචන භාවිතා කළ හැකිය:

“[නම] [තනතුර] ලෙස කැඳවනු ලබා ඇත. [ඔහුව හෝ ඇයව] ස්ථිර කිරීමට පක්ෂව සිටින අයට එය අත ඔසවමින් පෙන්විය හැකිය. [කෙටි විරාමයක් ගනී.] විරුද්ධ අය සිටී නම් එලෙසම පෙන්විය හැකිය. [කෙටි විරාමයක් ගනී.]”

යහපත් තත්ත්වයක සිටින සාමාජිකයෙකු එම කැඳවීම සඳහා විරුද්ධ නම්, මුලසුන දරන නායකයා හෝ වෙනත් පූජකවර නායකයෙකු රැස්වීමෙන් පසු ඔහු හෝ ඇය සමඟ පුද්ගලිකව හමුවෙයි.

30.4

කැඳවීම් වල සේවය කිරීමට සාමාජිකයින් වෙන්කිරීම

වැඩි විස්තර සඳහා, 18.11 බලන්න.

30.6

කැඳවීම් වලින් සාමාජිකයින්ව නිදහස් කිරීම

සභාපතිවරයෙකුව හෝ සභානායකවරයෙකුව නිදහස් කරන විට, ඔහුගේ හෝ ඇයගේ උපදේශකයින් ද ස්වයංක්‍රීයව නිදහස් වේ.

නිදහස් කිරීමක් පිරිනැමීම, නායකයෙකුට කෘතඥතාව පළ කිරීමට සහ එම සාමාජිකයාගේ සේවයේ තිබූ දෙවියන්වහන්සේගේ හස්තය ගැන පැවසීමට වැදගත් අවස්ථාවකි. නිදහස් කිරීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පෙර ඔහුට හෝ ඇයට දැනුම් දීමට නායකයා පුද්ගලිකව එම සාමාජිකයාව හමුවෙයි. නිදහස් කිරීමක් නිවේදනය කිරීමට පෙර එය දැනුම් දෙනු ලබන්නේ දැනගත යුතු අයට පමණි.

බලය ලත් පූජක නායකයෙකු එම පුද්ගලයාව ස්ථිර කළ සැකසුම තුළම නිදහස් කිරීම නිවේදනය කරයි. එම නායකයාට පහත සඳහන් වචන වලට සමාන වචන භාවිතා කළ හැකිය:

“[නම] [තනතුර] ලෙස සේවයෙන් නිදහස් කර ඇත. [ඔහුගේ හෝ ඇයගේ] සේවයට ස්තූතිය ප්‍රකාශ කිරීමට කැමති අයට එය අත ඔසවා පෙන්විය හැකිය.

කිසිවෙකු විරුද්ධ වන්නේද කියා නායකයා අසන්නේ නැත.

30.8

කැඳවීම් ප්‍රස්තාරය

30.8.1

කොට්ඨාශ කැඳවීම්

කැඳවීම

නිර්දේශ කරනු ලබන්නේ

අනුමත කරනු ලබන්නේ

ස්ථිර කරනු ලබන්නේ

කැඳවා වෙන් කරනු ලබන්නේ

කැඳවීම

සභානායකවරයා2

නිර්දේශ කරනු ලබන්නේ

LCR භාවිතා කරමින්, ස්ටේක සභාපතිවරයා

අනුමත කරනු ලබන්නේ

පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනාගේ ගණපූරණය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

පළමු සභාපතිත්වයේ අනුමැතිය ලැබීමෙන් පසු ස්ටේක සභාපතිවරයා

කැඳවීම

සභානායකත්වයේ උපදේශකයින්2

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකවරයා

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභාව

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක සභාපතිවරයා හෝ පවරන ලද උපදේශකයෙකු

කැඳවීම

කොට්ඨාශ ලිපිකරු

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභාව

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක සභාපතිවරයා හෝ පවරන ලද උපදේශකයෙකු උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු

කැඳවීම

කොට්ඨාශ විධායක ලේකම්

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභාව

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක සභාපතිවරයා හෝ පවරන ලද උපදේශකයෙකු හෝ උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු

කැඳවීම

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා

නිර්දේශ කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය (සභානායකවරයා සමඟ සාකච්ඡා කර)

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභාව

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක සභාපතිවරයා

කැඳවීම

වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ උපදේශකයින්

නිර්දේශ කරනු ලබන්නේ

ගණපූරණ සභාපතිවරයා (සභානායකවරයා සමඟ සාකච්ඡා කර)

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභාව

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක සභාපතිවරයා හෝ පවරන ලද උපදේශකයෙකු හෝ උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු

කැඳවීම

අනෙකුත් වැඩිහිටි ගණපූරණ කැඳවීම්

නිර්දේශ කරනු ලබන්නේ

ගණපූරණ සභාපතිත්වය

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

ගණපූරණ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ගණපූරණ සභාපතිවරයා හෝ පවරන ලද උපදේශකයෙකු

කැඳවීම

කොට්ඨාශ සංවිධාන සභාපතිවරු

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා

කැඳවීම

කොට්ඨාශ සංවිධාන සභාපතිත්වයන්ගේ උපදේශකයින්

නිර්දේශ කරනු ලබන්නේ

සංවිධානයේ සභාපතිවරයා

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

වෙනත් කොට්ඨාශ සහන සමිති කැඳවීම්

නිර්දේශ කරනු ලබන්නේ

සහන සමිති සභාපතිත්වය

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

සහන සමිති සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

කොට්ඨාශයේ අනෙකුත් තරුණ ගැහැණු ළමුන්, ප්‍රාථමික සහ ඉරිදා පාසල් කැඳවීම්

නිර්දේශ කරනු ලබන්නේ

සංවිධාන සභාපතිත්වය

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

කොට්ඨාශ ධර්මදූත නායකයා (වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයෙකුට මෙම කාර්යභාරය ඉටු කළ හැකිය; එසේ නම්, ඔහුව කැඳවීමට, ස්ථිර කිරීමට හෝ වෙන් කිරීමට අවශ්‍ය නොවේ)

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය (වැඩිහිටි ගණපූරණය සහ සහන සමිති සභාපතිවරුන් සමඟ සාකච්ඡා කර)

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

කොට්ඨාශ ධර්මදූතයින්

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය හෝ වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිවරුන්

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයා (වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයෙකුට මෙම කාර්යභාරය ඉටු කළ හැකිය; එසේ නම්, ඔහුව කැඳවීමට, ස්ථිර කිරීමට හෝ වෙන් කිරීමට අවශ්‍ය නොවේ)

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය (වැඩිහිටි ගණපූරණය සහ සහන සමිති සභාපතිවරුන් සමඟ සාකච්ඡා කර)

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

පූජක ගණපූරණ සභාපතිවරයාගේ සහායකයින්

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකවරයා (පූජක ගණපූරණ සභාපතිවරයා ලෙස)

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

ගණපූරණ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා

කැඳවීම

ගුරු සහ උපස්ථායක ගණපූරණ සභාපතිවරුන්

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

ගණපූරණ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් කැඳවනු ලැබේ; සභානායකවරයා විසින් වෙන් කරනු ලැබේ

කැඳවීම

ගුරු සහ උපස්ථායක ගණපූරණ සභාපතිත්වයන්ගේ උපදේශකයින් සහ ගණපූරණ ලේකම්වරුන්

නිර්දේශ කරනු ලබන්නේ

ගණපූරණ සභාපතිවරයා

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

ගණපූරණ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

තරුණ කාන්තා පන්ති සභාපතිවරුන්

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය (තරුණ කාන්තා සභාපතිත්වය සමඟ සාකච්ඡා කර)

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

පන්ති සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති සභාපතිත්වයන්ගේ උපදේශකයින් සහ පන්ති ලේකම්වරුන්

නිර්දේශ කරනු ලබන්නේ

පන්ති සභාපතිවරයා

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

පන්ති සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

අනෙකුත් කොට්ඨාශ කැඳවීම්

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකත්වය

අනුමත කරනු ලබන්නේ

සභානායකත්වය

ස්ථිර කරනු ලබන්නේ

කොට්ඨාශ සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

  1. දේවමාළිගාවේ ක්‍රියාකාරී මුද්‍රා තබන්නන්ව සභානායකත්ව වල සේවය කිරීමට කැඳවීම නොකළ යුතුය. මුද්‍රා තබන්නන්ව කැඳවනු ලබන්නේ සභාවේ සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේය.

30.8.2

ශාඛා කැඳවීම්

කැඳවීම

නිර්දේශ කරනු ලබන්නේ

අනුමත කරනු ලබන්නේ

ස්ථිර කරනු ලබන්නේ

කැඳවා වෙන් කරනු ලබන්නේ

කැඳවීම

ශාඛා සභාපතිවරයා1

නිර්දේශ කරනු ලබන්නේ

ස්ටේක, ධර්මදූත, හෝ දිස්ත්‍රික්ක සභාපතිවරයා

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභා හෝ ධර්මදූත සභාපතිත්වය

ස්ථිර කරනු ලබන්නේ

ශාඛා සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයා (හෝ පවරා ඇත්නම් දිස්ත්‍රික්ක සභාපතිවරයා)

කැඳවීම

ශාඛා සභාපතිත්වයේ උපදේශකයින්

නිර්දේශ කරනු ලබන්නේ

ශාඛා සභාපතිවරයා

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභා හෝ ධර්මදූත සභාපතිත්වය (හෝ, ධර්මදූත සභාපතිවරයා විසින් බලය පවරා ඇත්නම්, දිස්ත්‍රික්ක සභාපතිත්වය)

ස්ථිර කරනු ලබන්නේ

ශාඛා සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක, ධර්මදූත, හෝ දිස්ත්‍රික්ක සභාපතිවරයා හෝ පවරා ඇති උපදේශකයෙක්

කැඳවීම

ශාඛා ලිපිකරු, සහකාර ලිපිකරුවන් සහ විධායක ලේකම්වරයා

නිර්දේශ කරනු ලබන්නේ

ශාඛා සභාපතිත්වය

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභා හෝ ධර්මදූත සභාපතිත්වය (හෝ, ධර්මදූත සභාපතිවරයා විසින් බලය පවරා ඇත්නම්, දිස්ත්‍රික්ක සභාපතිත්වය)

ස්ථිර කරනු ලබන්නේ

ශාඛා සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක සභාපතිවරයා හෝ පවරන ලද උපදේශකයෙකු හෝ උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු (ශාඛා සහ ස්ටේක සඳහා); දිස්ත්‍රික්ක සභාපතිවරයා හෝ ඔහු පවරන පූජක නායකයෙක් (ධර්මදූත තුළ ඇති ශාඛා සඳහා)

කැඳවීම

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා

නිර්දේශ කරනු ලබන්නේ

ස්ටේක, දිස්ත්‍රික්ක හෝ ධර්මදූත සභාපතිත්වය (ශාඛා සභාපතිවරයා සමඟ සාකච්ඡා කර)

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභා හෝ ධර්මදූත සභාපතිත්වය (හෝ, ධර්මදූත සභාපතිවරයා විසින් බලය පවරා ඇත්නම්, දිස්ත්‍රික්ක සභාපතිත්වය)

ස්ථිර කරනු ලබන්නේ

ශාඛා සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයා (හෝ පවරා ඇත්නම් දිස්ත්‍රික්ක සභාපතිවරයා)

කැඳවීම

වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ උපදේශකයින්

නිර්දේශ කරනු ලබන්නේ

ගණපූරණ සභාපතිවරයා (ශාඛා සභාපතිවරයා සමඟ සාකච්ඡා කර)

අනුමත කරනු ලබන්නේ

ස්ටේක සභාපතිත්වය සහ උසස් මන්ත්‍රණ සභා හෝ ධර්මදූත සභාපතිත්වය (හෝ, ධර්මදූත සභාපතිවරයා විසින් බලය පවරා ඇත්නම්, දිස්ත්‍රික්ක සභාපතිත්වය)

ස්ථිර කරනු ලබන්නේ

ශාඛා සාමාජිකයින්

කැඳවා වෙන් කරනු ලබන්නේ

ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු හෝ උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු (හෝ දිස්ත්‍රික්ක සභාපතිවරයා හෝ පවරා ඇත්නම් වෙනත් පූජක නායකයෙකු)

කැඳවීම

ශාඛාවේ වෙනත් කැඳවීම්

නිර්දේශ කරනු ලබන්නේ

සභානායකවරයා වෙනුවට ශාඛා සභාපතිවරයා සහ කොට්ඨාශය වෙනුවට ශාඛාව ආදේශ කිරීම සඳහා, බලන්න 30.8.1.

අනුමත කරනු ලබන්නේ

සභානායකවරයා වෙනුවට ශාඛා සභාපතිවරයා සහ කොට්ඨාශය වෙනුවට ශාඛාව ආදේශ කිරීම සඳහා, බලන්න 30.8.1.

ස්ථිර කරනු ලබන්නේ

සභානායකවරයා වෙනුවට ශාඛා සභාපතිවරයා සහ කොට්ඨාශය වෙනුවට ශාඛාව ආදේශ කිරීම සඳහා, බලන්න 30.8.1.

කැඳවා වෙන් කරනු ලබන්නේ

සභානායකවරයා වෙනුවට ශාඛා සභාපතිවරයා සහ කොට්ඨාශය වෙනුවට ශාඛාව ආදේශ කිරීම සඳහා, බලන්න 30.8.1.

  1. දේවමාළිගාවේ ක්‍රියාකාරී මුද්‍රා තබන්නන්ව ශාඛා සභාපතිත්ව වල සේවය කිරීමට කැඳවීම නොකළ යුතුය. මුද්‍රා තබන්නන්ව කැඳවනු ලබන්නේ සභාවේ සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේය.