අත්පොත් සහ කැඳවීම්
37. විශේෂිත ස්ටේක, කොට්ඨාශ සහ ශාඛා


“37. විශේෂිත ස්ටේක, කොට්ඨාශ සහ ශාඛා,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“37. විශේෂිත ස්ටේක, කොට්ඨාශ සහ ශාඛා,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පිටත සිට ආහාර ගන්නා මිනිසුන්

37.

විශේෂිත ස්ටේක, කොට්ඨාශ සහ ශාඛා

37.0

හැඳින්වීම

මෙම පරිච්ඡේදයේ දක්වා ඇති පරිදි, සාමාජිකයින්ට සේවය කිරීම සඳහා විශේෂිත ස්ටේක, කොට්ඨාශ සහ ශාඛා නිර්මාණය කිරීමට ස්ටේක සභාපතිවරයෙකුට යෝජනා කළ හැකිය.

37.1

භාෂා කොට්ඨාශ සහ ශාඛා

ස්ටේක සභාපතිවරයෙකුට (1) දේශීය මව් භාෂාව කතා නොකරන හෝ (2) සංඥා භාෂාව භාවිතා කරන, ස්ටේක සාමාජිකයින් සඳහා භාෂා කොට්ඨාශයක් හෝ ශාඛාවක් නිර්මාණය කිරීමට යෝජනා කළ හැකිය.

37.7

ස්ටේක, ධර්මදූතයන් සහ ප්‍රදේශ වල කණ්ඩායම්

කණ්ඩායම් යනු සභානායකවරයෙකු, ශාඛා සභාපතිවරයෙකු හෝ ධර්මදූත සභාපතිවරයෙකු විසින් අධීක්ෂණය කරනු ලබන සාමාජිකයින්ගෙන් යුත් කුඩා බලයලත් රැස්වීම් වේ. ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයාට පහත සඳහන් තත්වයන් යටතේ කණ්ඩායමක් නිර්මාණය කිරීම නිර්දේශ කළ හැකිය:

  • එහි සාමාජිකයින් විය හැකි අයට කොට්ඨාශයක් හෝ ශාඛාවකට සහභාගී වීම සඳහා ගමන් කිරීම දුෂ්කර වූ විට.

  • සාමාජිකයින් සුළු ප්‍රමාණයක් කතා කරන්නේ කොට්ඨාශයේ හෝ ශාඛාවේ භාෂාවට වඩා වෙනස් භාෂාවක් වූ විට.

  • හමුදාවේ සාමාජිකයන්ට වඩාත් හොඳින් සේවය ලබාදිය හැක්කේ කණ්ඩායමක සිටීමෙන් වූ විට.

කණ්ඩායමකට අවම වශයෙන් සාමාජිකයින් දෙදෙනෙකු සිටිය යුතුය. එක් අයෙක් ආරෝනික පූජකත්වයේ සුදුසු පූජකයෙකු හෝ සුදුසුකම් ඇති මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විය යුතුය.

ස්ටේක වලදී, ස්ටේක සභාපතිවරයා විසින් එම කණ්ඩායම සංවිධානය කිරීමට සහ අධීක්ෂණය කිරීමට සභානායකවරයෙකුව හෝ ශාඛා සභාපතිවරයෙකුව පවරයි. ධර්මදූත වලදී, ධර්මදූත සභාපතිවරයා විසින් එය සංවිධානය කිරීමට සහ අධීක්ෂණය කිරීමට ශාඛා සභාපතිවරයෙකුව පවරයි.

ස්ටේක සභාපතිවරයා, ධර්මදූත සභාපතිවරයා, සභානායකවරයා හෝ ශාඛා සභාපතිවරයා විසින් කණ්ඩායම් නායකයෙකු කැඳවා ඔහුව වෙන් කරනු ලබයි. කණ්ඩායම් නායකයා විසින් සක්‍රමේන්තු පරිපාලනය ඇතුළු කණ්ඩායම් රැස්වීම් සංවිධානය කර මෙහෙයවනු ලබයි.

කණ්ඩායම් නායකයෙකු පූජකවර යතුරු දරන්නේ නැති අතර, ඔහුට පහත සඳහන් දේවල් වලට අවසර නැත:

  • දසයෙන් කොටස සහ පිදුම් ලබා ගැනීමට.

  • බරපතල පාප ගැන සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමට.

  • අවිධිමත් හෝ විධිමත් සාමාජික සීමාවන් පැනවීමට.

  • පූජකවර යතුරු අවශ්‍ය‍ වන වෙනත් රාජකාරි ඉටු කිරීමට.

සාමාන්‍යයෙන්, කණ්ඩායම් Basic Unit Program (මූලික ඒකක වැඩසටහන) භාවිතා කරයි.

කණ්ඩායම් සාමාජිකයින්ගේ සාමාජික වාර්තා එම කණ්ඩායම අධීක්ෂණය කරන කොට්ඨාශයේ හෝ ශාඛාවේ තබා ඇත.

සභා මූලස්ථානය විසින් එම කණ්ඩායම් සඳහා ඒකක අංකයක් ලබා නොදේ.