ලියහෝනා
ශුභාරංචිය ජීවත්වීමේ කල් පවත්නා ප්රීතිය
2024 පෙබරවාරි


“ශුභාරංචිය ජීවත්වීමේ කල් පවත්නා ප්රීතිය,” ලියහෝනා 2024 පෙබරවාරි.

මාසික ලියහෝනා පණිවිඩය, 2024 පෙබරවාරි.

ශුභාරංචිය ජීවත්වීමේ කල් පවත්නා ප්රීතිය

විඳදරාගැනීම ප්‍රීතිය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ විඳදරාගැනීමෙන් සහ අන් අයටද එසේ කිරීමට උපකාර කිරීමෙන්ය.

රූපය
පසුබිමෙන් ආදම් සහ ඒව ඒදන් උයනේ

ඒදන් උයන, ග්රාන්ට් රොම්නි ක්ලව්සන් විසිනි; ඒදන් උද්‍යානය හැර යාම,ජෝසෆ් බ්‍රිකී විසින්

අපගේ ජීවිතයේ අරමුණ පිළිබඳ සංක්ෂිප්ත ප්‍රකාශනයක් පොළොවේ මිනිස් ජීවිත ආරම්භය පිළිබඳ ලෙහිගේ අනාවැකිමය ඉගැන්වීම් වලින් සොයාගත හැකිය. ඒදන් උයනේදී ආදම් සහ ඒව ජීවත් වුණේ අහිංසක තත්වයකයි. ඔවුන් එම තත්වයේ සිටියා නම්, ඔවුන්ට “[සතුටක්] නොතිබෙනු ඇත, මක්නිසාද ඔව්හු දුකක් නොදැන සිටියහ,ඔවුන් කිසිඳු පාපයක් නොදැන සිටි බැවින් යහපතක් නොකරන්නේය” (2 නෙපී 2:23). “ආදම් වැටුණේ මිනිසුන් පවතිනු පිණිසය, තවද මනුෂ්‍යයන් පැවතෙන්නේ එනම් ප්‍රීතිය තිබෙනු පිණිසය” (2 නෙපි 2:25; තවද බලන්න මොසස් 5:10–11).

අපි වැටුණු ලෝකයක වර්ධනය විට, අපට උගන්වන දෙයින් සහ අප අත්විඳින දෙයින් හොඳ සහ නරක අතර වෙනස අපි ඉගෙන ගනිමු. [අපි] යහපත් දේ අගය කිරීමට අපි දැනගන්නා පිණිස, අපි තිත්ත රස විඳිනවා. (මොසස් 6‍ :55). ප්‍රීතිය පැමිණෙන්නේ අප කටුක දේ ප්‍රතික්ෂේප කර වැඩි වැඩියෙන් ආදරය කරන විට සහ යහපත තදින් අල්ලාගෙන සිටින විටය.

ප්‍රීතිය සොයා ගැනීම

අප කෙරෙහි ඇති උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය නිසා, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දැන් සහ සදාකාලිකව, උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රීතිය අප සමඟ බෙදා ගැනීමට උනන්දු වේ. එය ආරම්භයේ සිටම සෑම දෙයකදීම උන්වහන්සේගේ අභිප්‍රේරණය වී ඇත, ඔවුන්වහන්සේගේ තේජාන්විත ප්‍රීතිය සැලැස්ම පිළිබඳව සහ අපව මුදවාගැනීම සඳහා උන්වහන්සේගේ එකම පුත්‍රයානන් පූජා කිරීම ඇතුළුව.

දෙවියන්වහන්සේ ප්‍රීතිය හෝ සතුට අප මත පැනවීමට උත්සාහ නොකරයි, නමුත් එය සොයා ගන්නේ කෙසේදැයි උන්වහන්සේ අපට උගන්වනසේක. ප්‍රීතිය සොයාගත නොහැකි තැන උන්වහන්සේ අපට පවසන්නේ - “දුෂ්ඨකම [නොවන අතර] කිසිදා සතුටක් නොවීය” (ඇල්මා 41:10). අපගේ ස්වර්ගීය පියාණන් අපට ප්‍රීතිය සඳහා මාර්ගය හෙළි කරන්නේ උන්වහන්සේගේ ආඥාවන් මගිනි.

සභාපති රසල් එම්. නෙල්සන් එය මෙසේ ප්‍රකාශ කළේය.

නමුත් මෙහි ඇති ශ්‍රේෂ්ඨ සත්‍යය මෙයයි: බලය, දේපළ, ජනප්‍රියත්වය සහ මාංශයේ සැප සම්පත්, සන්තෝෂය ගෙන දෙන බව ලෝකය අවධාරණය කළත්, ඒවා එසේ නොවේ! ඒවාට එසේ කරන්න බැහැ! ඒවා විසින් නිෂ්පාදනය කරන්නේ, “දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින අයගේ ආශිර්වාද ලත් හා ප්‍රීතිමත් තත්වයට හිස් ආදේශකයක් මිස අන් කිසිවක් නොවේ.’ [මොසායා 2;41].

සත්‍යය නම් ඔබට කිසිදා සොයාගත නොහැකි තැනක සතුට සෙවීම වඩා වෙහෙසකර බවකි! කෙසේ වෙතත්, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත වියගහකින් සම්බන්ධ වී, ලෝකය ජය ගැනීමට අවශ්‍ය අධ්‍යාත්මික කාර්යය කරන විට, මේ ලෝකයේ ඇදීමෙන් ඔබව ඔසවා තැබීමට බලය ඇත්තේ උන්වහන්සේට, ඇත්තෙන්ම උන්වහන්සේටම පමණයි.”1

මේ අනුව, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් සදාකාලික ප්රීතිය සොයාගත හැකි අතර, දෙවියන්වහන්සේගේ ආඥා යේසුස් ක්රිස්තුවහන්සේගේ ශුභාරංචිය තුළ දක්නට ලැබේ. එය අපේ තෝරා ගැනීමක්. අපගේ දුර්වලකම තුළ යම් කාලයක් ආඥා තබන්න අප අසමත් වුවහොත්, අපට නැවතත් හැරී, කටුක දේ ප්‍රතික්ෂේප කර, නැවත වරක් යහපත පසුපස යා හැකිය. දෙවියන්වහන්සේගේ ප්‍රේමය පාපයට සමාව නොදේ—එය දයාව යුක්තිය කොල්ලකෑමක් වනු ඇත—එහෙත් උන්වහන්සේගේ වන්දිගෙවීම මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාපයෙන් මිදීම පිරිනමනසේක:

“අමුලෙක් … පැවසූවේ… ස්වාමින්වහන්සේ අනිවාර්යයෙන්ම තම සෙනඟව මුදවා ගැනීමට පැමිණිය යුතු බවත්, නමුත් උන්වහන්සේ පැමිණෙන්නේ ඔවුන්ව ඔවුන්ගේ පාපයන් තුළ මුදවාගැනීමට නොව, නමුත් ඔවුන්ගේ පාපයන් වලින් මුදවාගැනීමට බවත් ඔහු පැවසුවා.

“තවද උන්වහන්සේ හට පියාණන්වහන්සේ වෙතින් ඔවුන්ව ඔවුන්ගේ පාපය වෙතින් මුදවාගැනීමට පසුතැවිල්ල නිසා බලය දී ඇත; එසේහෙයින් උන්වහන්සේ උන්වහන්සේගේ දේවදූතයන්ව පසුතැවිලිවීමේ කොන්දේසි ගැන පුවත් ප්‍රකාශ කිරිමට එවා ඇති සේක, එය ඔවුන්ගේ ප්‍රාණයන්ගේ ගැලවීම වෙතට මිදුම්කරුවාණන්ට බලය ගෙන එන්නේය.” ( හීලමන් 5:10–11; අවධාරණයන් එකතු කරන ලදී).

යේසුස්වහන්සේ මෙසේ වදාලසේක:

“මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම ඔබ සැමත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.

“මාගේ ප්‍රීතිය ඔබ සැම තුළෙහි පවතින පිණිසද ඔබ සැමගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් ඔබ සැමට කීවෙමි. ( යොහන් 15: 10-11).

දෙවියන්වහන්සේගේ ප්‍රේමය නියෝජනය කරන—ජීවන වෘක්ෂයේ පලතුර රස විඳිමින් සිටියදී ලෙහිට ඔහුගේ සිහිනයෙන් දැනුණේ මෙයයි. ඔහු පැවසුවේ, “මම එහි ඵල අනුභව කළ විට එය මගේ ආත්මය බලවත් ප්‍රීතියෙන් පිරී ගියේය” (1 නෙපි 8:12 ;11:21–23 ද බලන්න).

“එබැවින්, මගේ පවුලේ අය ද [පලතුර] අත්විදිනවාට මම ආශාවෙන් සිටියෙමි” (1 නෙපි 8:12) යනුවෙන් පැවසූ විට, අපගේ ජීවිතයට ප්‍රීතිය ගෙන දිය හැකි දෙවන ක්‍රමයක් ද ලෙහි හෙළි කළේය. (1 නෙපි 8:12).

රූපය
පසුබිමේ ගසක් සමඟ,එක් අතකින් පලතුර තවත් අතකට

ජීවනයේ වෘක්ෂය, කසුටෝ යුඔටා විසින්

අන් අයට ප්‍රීතිය සොයා ගැනීමට උපකාර කිරීම

බෙන්ජමින් රජුගේ සෙනඟ මෙන්, අපගේ පව්වලට සමාවක් ලැබී “හෘද සාක්ෂියේ සමාදානය” අත්විඳින විට අපි “ප්‍රීතියෙන් පිරී” සිටිමු ( මොසායා 4:3). අපි බාහිරව බලන විට සහ පවුලේ සාමාජිකයන්ට සහ අනෙක් අයට එම ප්‍රීතිය හා සාමය ලබා ගැනීමට උපකාර කිරීමට උත්සාහ කරන විට අපට එය නැවත දැනේ.

යෞවනයෙකු ලෙස, ඇල්මා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට විරුද්ධ සෑම දෙයකින්ම සතුට සෙවීය. දේවදූතයෙකු විසින් තරවටු කරනු ලැබීමෙන් පසු, ඔහු “තිත්ත” සිට “යහපත” දක්වා බොහෝ දුරක් පැමිණියේ “මරණයට ආසන්න” පසුතැවිල්ලෙන් ( මොසායා 27:28 ‍‍‍‍‍‍) සහ ගැලවුම්කරුවාගේ අසීමිත කරුණාවෙනි. වසර ගණනාවකට පසු, ඇල්මා සිය පුත් හීලමන් හට උද්දාමයෙන් මෙසේ ප්‍රකාශ කළේය.

“තවද අහෝ,, මොනතරම් ප්‍රීතියක්ද, තවද මම දුටුවේ මොනතරම් පුදුමාකාර ආලෝකයක්ද? එසේය, මගේ ප්‍රීතිය තරම් විශිෂ්ඨ හා අමිහිරි දෙයක් එහි තවත් තිබිය නොහැක! …

“තවද, ඒ කාලයේ පටන් මේ දක්වා, වුවත් මම ආත්මයන් පසුතැවිලි වන පිණිස, නොනැවතී වෙහෙසවී වැඩ කළෙමි; මම රස විඳපු අතිවිශාල ප්‍රීතිය ඔවුන්ට රස ගන්වන පිණිසය. …

“එසේය, දැන් බලන්න, මාගේ පුත්‍රය, මාගේ ශ්‍රමයේ ඵලය ගැන සමිඳාණන්වහන්සේ මට ඉමහත් ප්‍රීතියක් ගෙනඑන සේක;

“මක්නිසාද උන්වහන්සේ මට දුන් [යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය] වචනය නිසා, බලන්න, බොහෝ අය දෙවියන්වහන්සේගෙන් උපත ලැබ, මා රස බැලූ ලෙසම රස විඳිති” (ඇල්මා 36:20, 24-26).

තවත් අවස්ථාවක, ඇල්මා සාක්ෂි දුන්නේ:

“එසේය, තවද මෙය මාගේ මහිමයයි, එනම් සමහරවිට මම දෙවියන්වහන්සේගේ හස්තයෙහි යම් ප්‍රාණයක් පසුතැවිල්ලට ගෙන ඒමට උපකරණයක් වීමය; තවද මෙය මාගේ ප්‍රීතියයි.

“තවද බලන්න, මම සත්‍යයෙන්ම පසුතැවිලිවී මාගේ සහෝදරයන් බොහෝමයක් තවද ඔවුන්ගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ වෙතට පැමිණෙනවා දකින විට, එවිට මාගේ ප්‍රාණය ප්‍රීතියෙන් පිරෙන්නේය” (ඇල්මා 29: 9-10).

ක්‍රිස්තුස්වහන්සේ වෙතට ආත්මයන් ගෙන ඒමට අන්‍යයන් සාර්ථක වූ විට තමාට දැනුණු අතිමහත් ප්‍රීතිය ඇල්මා ප්‍රකාශ කළේය.

“එහෙත් මම මාගේ ස්වකීය සාර්ථකත්වයේ පමණක් ප්‍රීති නොවන්නෙමි, එහෙත් මාගේ ප්‍රීතිය වඩාත් සම්පූර්ණය, මක්නිසාද නෙපී දේශය වෙත ගියාවූ මාගේ සහෝදරයන්ගේ සාර්ථකත්වය හෙයිනි. …

“බලන්න, ඔවුහු බෙහෙවින් වෙහෙස මහන්සි වී බොහෝ පල දැරූහ; ඔවුන්ගේ යහපත් විපාකය කොතරම් උතුම්ද!

“දැන්, මෙම මාගේ සහෝදරයන්ගේ සාර්ථකත්වය ගැන මා සිතනා විට මාගේ ප්‍රාණය ශරීරයවෙතින් පවා වූවත් වෙන්වීමට රැගෙන යන්නේය, එසේ වූවාක් මෙන්ම මාගේ ප්‍රීතියද බලවත් වන්නේය.” (ඇල්මා 29:14-16).

“ක්‍රිස්තුස්වහන්සේගේ පවිත්ර ප්‍රේමයෙන්” අන් අයට ප්‍රේම කරන ප්‍රීතියම අපට සොයාගත හැකිය ( මොරෝනි 7:47 ; තවද බලන්න 48, වැ නි පදය ), බෙදාගන්න ඔවුන් සමඟ නැවත පිහිටවූ සත්‍යය,සහ ගිවිසුම් ජනතාව සමඟ රැස් වන්න ඔවුන්ට ආරාධනා කරන්න .

රූපය
ගැලවුම්කරුවාණන් ගෙත්සෙමනෙහිදී

අහෝ මාගේ පියාණෙනි, සයිමන් ඩුවී විසින්

පීඩා මැද ප්රීතිය

මරණීයත්වයදී අප අනිවාර්යයෙන්ම මුහුණ දෙන පීඩා සහ අභියෝග අපගේ ප්‍රීතිය වළක්වනු ඇතැයි හෝ විනාශ කරනු ඇතැයි අප බිය නොවිය යුතුය. ඇල්මා යනු අන් අය වෙනුවෙන් කරන ලද පරාර්ථකාමී සේවය නිසා බොහෝ සෙයින් පාඩු ලැබූ අයෙකි. ඔහු සිරගත කිරීම්, දිගු කලක් කුසගින්නෙන් හා පිපාසයෙන්, පහරදීම්, ඔහුගේ ජීවිතයට තර්ජන සහ නැවත නැවතත් සමච්චලයට හා ප්‍රතික්ෂේප කිරීම්වලට ගොදුරු විය. එහෙත්, ඒ සියල්ල “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතියෙන් යටපත් විය” (ඇල්මා 31:38). සමහර විට ඇල්මාගේ දුක් වේදනා පසුව ඇති වූ ප්‍රීතිය තවත් වැඩි කළේය.

සභාපති නෙල්සන් අපට මතක් කර දෙන්නේ ගැලවුම්කරුවාගේ දුක් වේදනා සඳහා ප්‍රීතිය කාර්යභාරයක් ඉටු කළ බවයි—“උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා කුරුසිය දරාගත්සේක” ( හේබ්‍රව් 12:2).

ඒ ගැන සිතන්න! මෙලොව මෙතෙක් විඳින ලද ඉතාමත්ම දුක්ඛදායක අත්දැකීම උන්වහන්සේ විඳදරා ගැනීම සඳහා, අපගේ ගැළවුම්කාරයාණන් ප්‍රීතිය කෙරෙහි අවධානය යොමු කළා!

“උන්වහන්සේ ඉදිරියෙහි තිබූ ප්‍රීතිය කුමක්ද? නිසැකවම අපව පවිත්‍ර කිරීම, සුව කිරීම සහ ශක්තිමත් කිරීම යන ප්‍රීතිය ඊට ඇතුළත්; පසුතැවිලි වන සියල්ලන්ගේ පාපයන්ට වන්දිගෙවීමේ ප්‍රීතිය; අපගේ ස්වර්ගික දෙමාපියන් සහ පවුල් සමග ජීවත් වීමට ඔබටත් මටත් පිරිසිඳු—සහ සුදුසු ලෙස සිටීමෙන්—නිවෙස් කරා යාමට හැකිවීම පිළිබඳ ප්‍රීතිය.

“අපට හෝ ආදරය කරන අයට ලැබෙන ප්‍රීතිය කෙරෙහි අප අවධානය යොමු කරන්නේ නම්, වර්තමානයේ අතිමහත්, වේදනාකාරී, බියජනක, අසාධාරණ හෝ සරලව කළ නොහැකි දෙයක් ලෙස අපට පෙනෙන කුමක් විඳදරාගත හැකිද?” 2

විඳදරාගැනීමේ ප්‍රීතිය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ විඳදරාගැනීමෙන් සහ අන් අයටද එසේ කිරීමට උපකාර කිරීමෙන්ය. සදාකාලික ප්‍රීතිය පැමිණෙන්නේ අප දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි රැඳී සිටින විට, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වෙමින් සහ ගැලවුම්කරුවාගේ කරුණාව ලබන විටය. ශුභාරංචි මාර්ගය තුළ, ගමනේ ප්‍රීතිය මෙන්ම අවසානයේ ප්‍රීතිය ද ඇත. යේසුස් ක්රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දිනපතා ප්රීතියේ මාර්ගයයි.