අත්පොත් සහ කැඳවීම්
2. ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේදී පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීම


“2. ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේදී පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“2. පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීම,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පවුලේ ඡායාරූපය

2.

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේදී පුද්ගලයන්ට සහ පවුල්වලට උපකාර කිරීම

2.0

හැඳින්වීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නායකයෙකු ලෙස, දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටු කිරීමේදී ඔබ පුද්ගලයන්ට සහ පවුල්වලට සහාය දක්වයි (බලන්න 1.2). මෙම කාර්යයේ මූලික අරමුණ වන්නේ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට සදාකාල ජීවනයේ ආශිර්වාද සහ ප්‍රීතියේ පූර්ණත්වය ලබාගැනීමට උපකාර කිරීමයි.

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේ බොහෝමයක් කාර්යයන් ඉටුවන්නේ පවුල හරහා ය. සියලුම සභා සාමාජිකයන් සඳහා, මෙම කාර්යය නිවස තුළ කේන්ද්‍රගත වේ.

2.1

දෙවියන්වහන්සේගේ සැලැස්ම තුළ පවුලේ භූමිකාව

උන්වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස, ස්වර්ගික පියාණන්වහන්සේ පොළොවේ පවුල් පිහිටුවා ඇත. උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ පවුල් මගින් අපට ප්‍රීතිය ගෙන ඒමයි. ඉගෙනීමට, වර්ධනය වීමට, සේවය කිරීමට, පසුතැවිලි වීමට සහ සමාව දීමට පවුල් තුළ අවස්ථා සපයයි. සදාකාල ජීවනයට සූදානම් වීමට ඔවුන්ට අපට උපකාර කළ හැකිය.

සදාකාල ජීවනය පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුවට සදාකාලික විවාහය ඇතුළුව දරුවන් සහ සදාකාලික පවුලක අනෙකුත් සියලු ආශිර්වාදද ඇතුළත් වේ. මෙම පොරොන්දුව සභාවේ සිටින දැනට විවාහ වී නැති හෝ පවුලක් නොමැතිව සිටින අයටත් අදාළ වේ.

2.1.1.

සදාකාලික පවුල්

සභාවේ සාමාජිකයන් දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ නියෝග ලබාගනිමින් ගිවිසුම් ඇතිකර ගන්නා විට සදාකාලික පවුල් පිහිටුවනු ලැබෙයි. සාමාජිකයන් විසින් එම ගිවිසුම් රකින විට සහ ඔවුන් වරදට වැටුණු විට පසුතැවිලි වීම තුළින් සදාකාලික පවුලක ආශිර්වාද ලබාගනියි. සභා නායකයින් විසින් සාමාජිකයින්ට මෙම නියෝග ලබා ගැනීමට සූදානම් වීමට සහ ඔවුන්ගේ ගිවිසුම්වලට ගරු කිරීමට උපකාර කරයි.

සදාකාලික පවුල් පිහිටුවීමේ අතිරේක අංගයක් වන්නේ සාමාජිකයින්ට ඔවුන්ගේ මියගිය මුතුන් මිත්තන්ට මුද්‍රා වීමට ඉඩ සලසන නියෝග දේවමාළිගාව තුළ ඉටුකිරීමයි.

2.1.2

ස්වාමිපුරුෂයා සහ භාර්යාව

පුරුෂයෙකු හා ස්ත්‍රියක් අතර විවාහය දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත (බලන්න දහම සහ ගිවිසුම් 49:15). ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක් සදාකාල ජීවනය කරා එකට එක්ව ඉදිරියට යාම බලාපොරොත්තු වෙයි (බලන්න 1 කොරින්ති 11:11).

සදාකාල ජීවනය ලබාගැනීම සඳහා අවශ්‍ය දේවල් වලින් එක් කරුණක් වන්නේ පුරුෂයෙකු හා ස්ත්‍රියක් සෙලෙස්ටියල් විවාහ ගිවිසුමට ඇතුල් වීමයි (බලන්න දහම සහ ගිවිසුම් 131:1–4). යුවළකට දේවමාළිගාවේදී මෙම විවාහ මුද්‍රා තැබීමේ නියෝගය ලැබුණු විට ඔවුන් මෙම ගිවිසුම ඇතිකරගනිති. සදාකාලික පවුලක පදනම වන්නේ මෙම ගිවිසුමයි. විශ්වාසවන්තව තබාගත් විට, ඔවුන්ගේ විවාහය සදහටම පවතිනු පිණිස එය පිටුවහලක් වෙයි.

ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ශාරීරික සමීපත්වය සුන්දර හා පූජනීය විය යුතු යැයි අදහස් කරයි. එය දරුවන් මැවීම සඳහා සහ ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ආදරය ප්‍රකාශ කිරීම සඳහා දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත. ආත්මාර්ථකාමිත්වයෙන් තොර—මුදු මොළොක් බව සහ ගෞරවය—ඔවුන්ගේ සමීප සම්බන්ධතාවයට මග පෙන්විය යුතුය.

ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර විවාහය සඳහා මෙම ලිංගික සමීපත්වය වෙන් වී තිබිය යුතු බව දෙවියන්වහන්සේ ආඥා කර ඇත.

ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ එක සමානය. එක් අයෙක් අනෙකා මත ආධිපත්‍යය නොදැරිය යුතුය. ඔවුන් දෙදෙනාගේම පූර්ණ සහභාගීත්වය ඇතිව සමගියෙන් හා ආදරයෙන් යුතුව ඔවුන්ගේ තීරණ ගත යුතුය.

2.1.3

දෙමාපියන් සහ දරුවන්

පසුදවස් වල අනාගතවක්තෘවරුන් මෙසේ උගන්වා ඇත “පොළොව පූර්ණ කොට බොහෝ සෙයින් වැඩි වර්ධනය වීම සඳහා වූ දෙවියන්වහන්සේගේ ආඥාව තවමත් බලාත්මකව පවතී” (“පවුල: ලෝකයට ප්‍රකාශනයකි”; තවත් බලන්න දහම සහ ගිවිසුම් 49:16–17).

ආදරණීය ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක් එක්ව දරුවන් ඇති දැඩි කිරීම සහ පෝෂණය කිරීම සඳහා හොඳම පසුබිම සපයති. යම් පුද්ගලික තත්වයන් දෙමාපියන්ට එකට එක්ව තම දරුවන්ව ඇති දැඩි කිරීමට බාධා ඇති කළ හැකිය. කෙසේවෙතත්, ඔවුන් ස්වාමින්වහන්සේගේ උපකාරය සොයමින් උන්වහන්සේ සමඟ ඔවුන්ගේ ගිවිසුම් තබා ගැනීමට උත්සාහ කරන විට උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනු ඇත.

සදාකාල ජීවනයේ ආශිර්වාද ලබා ගැනීමට තම දරුවන්ට සූදානම් වීමට උපකාර කිරීමේ වැදගත් වගකීම දෙමාපියන් සතුය. දෙවියන්වහන්සේට සහ අනෙක් අයට ප්‍රේම කිරීමට හා සේවය කිරීමට ඔවුන් තම දරුවන්ට උගන්වති (බලන්න මතෙව් 22:36–40).

“දිව්‍යමය සැලැස්මට අනුව, පියවරු තම පවුල්වල ප්‍රේමයෙන් හා ධර්මිෂ්ඨකමින් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු අතර, ඔවුන්ගේ පවුල් සඳහා ජීවන අවශ්‍යතා සහ ආරක්ෂාව සැපයීමේ වගකීම දරති” (“පවුල: ලෝකයට ප්‍රකාශනයකි”). නිවසේ ස්වාමිපුරුෂයා හෝ පියා නොමැති විට, මව පවුලෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි.

පවුල තුළ මූලිකත්වය දැරීම යනු දෙවියන්වහන්සේගේ අභිමුඛයේ නැවත වාසය කිරීමට පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීමේ වගකීමයි. මෙය සිදු කරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් මෘදුකමින්, නිහතමානීව සහ නිර්මල ප්‍රේමයෙන් සේවය කිරීමෙන් සහ ඉගැන්වීමෙනි (බලන්න මතෙව් 20:26–28). පවුල තුළ මූලිකත්වය දැරීමට නිරන්තර යාච්ඤාව, ශුභාරංචිය අධ්‍යයනය සහ නමස්කාරයේ වෙනත් අංශවල පවුලේ සාමාජිකයන්ව මෙහෙයවීම” ඇතුළත් වේ. මේ වගකීම් ඉටු කිරීමට දෙමාපියන් සමගියෙන් කටයුතු කරති.

“මව්වරුන් තම දරුවන්ගේ පෝෂණය සඳහා මූලිකවම වගකිව යුතුය” (“පවුල: ලෝකයට ප්‍රකාශනයකි”). පෝෂණය කිරීම යන්නෙන් අදහස් වන්නේ ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරමින් පෝෂණය කිරීම, ඉගැන්වීම සහ සහාය වීමයි (බලන්න 3 නෙපී 10:4). තම ස්වාමිපුරුෂයා සමඟ එකමුතුකමින්, මවක් තම පවුලට ශුභාරංචි සත්‍යයන් ඉගෙන ගැනීමට සහ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගැනීමට උපකාර කරයි. ඔවුන් එක්ව පවුල තුළ ප්‍රේමයෙන් යුත් පරිසරයක් ඇති කරති.

“මෙම පරිශුද්ධ වගකීම් වලදී, පියවරුන් සහ මව්වරුන් සමාන හවුල්කරුවන් ලෙස එකිනෙකාට උපකාර කිරීමට බැඳී සිටිති” (“පවුල: ලෝකයට ප්‍රකාශනයකි”). ඔවුන් යාච්ඤාවෙන් යුතුව එකට එක්ව උපදෙස් ලබාගනිමින් ස්වාමින්වහන්සේගෙන්ද උපදෙස් ලබාගනිති. ඔවුන් දෙදෙනාගේම පූර්ණ සහභාගීත්වය ඇතිව ඔවුන් සමගියෙන් හා ආදරයෙන් එකට එක්ව තීරණ ගනිති.

2.2

නිවසේදී ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය

පළමු සභාපතිත්වය මෙසේ පැවසුවේය, “නිවස ධර්මිෂ්ඨ ජීවිතයක පදනමයි” (පළමු සභාපතිත්ව ලිපිය, පෙබරවාරි 11, 1999).

නිවසේදී ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටු කිරීමට සාමාජිකයින්ට සහාය වීම සඳහා, ආත්මයාණන්වහන්සේ සිටින නිවසක් පිහිටුවීමට සභා නායකයින් ඔවුන්ව දිරිමත් කරයි. සබත් දවසට ගෞරව කිරීමටත්, නිවසේදී ශුභාරංචිය අධ්‍යයනය කිරීමටත්, ඉගෙනීමටත්, සතිපතා නිවාස සන්ධ්‍යාව පැවැත්වීමටත් ඔවුන් සාමාජිකයන්ව දිරිමත් කරති.

2.2.3

නිවසේදී ශුභාරංචි අධ්‍යයනය සහ ඉගෙනීම

ශුභාරංචිය ඉගැන්වීම සහ ඉගෙනීම නිවස කේන්ද්‍ර කරගෙන සභාවේ සහය ඇතිව සිදුවෙයි. සබත් දවසේදී සහ සතිය පුරාම නිවසේදී ශුභාරංචිය අධ්‍යයනය කිරීමට සභා නායකයින් විසින් සියලුම සාමාජිකයන්ව දිරිමත් කරති.

එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයින් සහ පවුල් සඳහා හි දක්වා ඇති ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම නිවසේදී ශුභාරංචිය අධ්‍යයනය කිරීමේ යෝජිත පාඨමාලාවයි.

2.2.4

නිවාස සන්ධ්‍යාව සහ අනෙකුත් ක්‍රියාකාරකම්

සතිපතා නිවාස සන්ධ්‍යාවක් පවත්වන ලෙස පසුදවස් වල අනාගතවක්තෘවරුන් සභාවේ සාමාජිකයන්ට උපදෙස් දී ඇත. පුද්ගලයින්ට සහ පවුල්වලට ශුභාරංචිය ඉගෙන ගැනීමට, සාක්ෂි ශක්තිමත් කරගැනීමට, එකමුතුකම ගොඩනගා ගැනීමට සහ එකිනෙකා සමඟ සතුටු වීමට මෙය පරිශුද්ධ කාලයකි.

සාමාජිකයින්ගේ තත්වයන් අනුව නිවාස සන්ධ්‍යාව නම්‍යශීලී වේ. එය සබත් දිනයේ හෝ වෙනත් දින සහ වේලාවන් හි පැවැත්විය හැකිය. එයට ඇතුළත් විය හැකි දේවල්:

  • ශුභාරංචි අධ්‍යයනය සහ උපදෙස් (එන්න, මා අනුගමනය කරන්න යන පොත අවශ්‍ය පරිදි භාවිතා කළ හැකිය).

  • අන් අයට සේවය කිරීම.

  • ගීතිකා සහ ප්‍රාථමික ගීත ගායනා කිරීම හෝ වාදනය කිරීම (19 වෙනි පරිච්ඡේදය බලන්න).

  • ළමා හා යෞවන සංවර්ධනය සඳහා පවුලේ සාමාජිකයින්ට සහාය වීම.

  • ඉලක්ක තැබීමට, ගැටළු විසඳීමට සහ කාලසටහන් සම්බන්ධීකරණය කිරීම සඳහා පවුල් මන්ත්‍රණ සභාවක් පැවැත්වීම.

  • විනෝදාත්මක ක්‍රියාකාරකම්.

තනි සාමාජිකයින්ට සහ වෙනත් අයට සාමාන්‍ය සබත් නමස්කාර සේවාවලින් පිටත කණ්ඩායම් වශයෙන් රැස්වී නිවාස සන්ධ්‍යාවට සහභාගි වීමට සහ ශුභාරංචිය අධ්‍යයනය තුළින් එකිනෙකා ශක්තිමත් කිරීමට හැකිය.

2.2.5

පුද්ගලයින්ට සහාය වීම

පවුලේ සහයෝගය නොමැති සාමාජිකයන්ට සභානායකවරුන් සහය වෙති.

නායකයින් මෙම සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහයෝගීතාව, යහපත් සමාජ අත්දැකීම් සහ අධ්‍යාත්මික වර්ධනය සඳහා අවස්ථා ලබා ගැනීමට උපකාර කරති.

2.3

නිවස සහ සභාව අතර සම්බන්ධතාවය

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය නිවස තුළ කේන්ද්‍රගත වී ඇති අතර එයට සභාවේ සහය ලැබේ. නිවස සහ සභාව අතර සම්බන්ධතාවයේ දී පහත සඳහන් මූලධර්ම අදාළ වේ.

  • නායකයින් සහ ගුරුවරුන් දෙමාපියන්ගේ කාර්යභාරයට ගරු කරන අතර ඔවුන්ට උපකාර කරති.

  • සමහර සභා රැස්වීම් සෑම කොට්ඨාශයකම හෝ ශාඛාවකම අත්‍යවශ්‍ය ඒවා වේ. මේවාට සක්‍රමේන්තු රැස්වීම සහ සබත් දින පවත්වනු ලබන පන්ති සහ ගණපූරණ රැස්වීම් ඇතුළත් වේ. වෙනත් බොහෝ රැස්වීම්, ක්‍රියාකාරකම් සහ වැඩසටහන් අත්‍යවශ්‍ය ඒවා නොවේ.

  • සභාවේ සේවය සහ සහභාගීත්වයට යම් ප්‍රමාණයක පරිත්‍යාගයක් ඇතුළත් වේ. ස්වාමින්වහන්සේගේ සභාවේ සේවය කරන විට සහ පරිත්‍යාගයන් කරන විට උන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනු ඇත. කෙසේවෙතත්, යමෙක් සභාවේ සේවය සඳහා ලබා දී ඇති කාලය, නිවසේ, රැකියාවේ සහ වෙනත් තැන්වල ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට සාමාජිකයින්ට ඇති හැකියාව අඩු නොකළ යුතුය.