අත්පොත් සහ කැඳවීම්
6. ස්ටේක නායකත්වය


“6. ස්ටේක නායකත්වය” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“6. ස්ටේක නායකත්වය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
නායකයා පවුලකට කතා කරමින්

6.

ස්ටේක නායකත්වය

6.1

ස්ටේකයක අරමුණු

යෙසායා පසුකාලීන සයොනය විස්තර කළේ කූඩාරමක් හෝ ස්ටේක වලින් ආරක්ෂා වූ නමස්කාර ස්ථානයක් ලෙසය (බලන්න යෙසායා 33:20; 54:2).

ස්වාමින්වහන්සේ තම සෙනඟ “එකට රැස් කිරීම” සඳහා සහ ලෝකයෙන් “ආරක්ෂාවක් සඳහා සහ … රැකවරණයක් සඳහා” ස්ටේක ස්ථාපිත කරයි (දහම සහ ගිවිසුම් 115:6).

6.2

ස්ටේක සභාපතිත්වය

ස්ටේක සභාපතිවරයා විසින් සභාවේ කාර්යයන් මෙහෙයවීම සඳහා පූජකවර යතුරු දරයි (බලන්න 3.4.1). ඔහු සහ ඔහුගේ උපදේශකයින් මගින් ස්ටේක සභාපතිත්වය නිර්මාණය වේ. ස්ටේක සාමාජිකයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් වීමට උපකාර කරමින්, ඔවුන් ප්‍රේමයෙන් යුතුව එම ස්ටේක සාමාජිකයන්ව රැකබලා ගනිති.

ස්ටේක සභාපතිවරයාට ප්‍රධාන වගකීම් හතරක් ඇත:

  1. ඔහු ස්ටේකයේ මුලසුන දරන උත්තම පූජකයා වේ.

  2. ඔහු ස්ටේකයේ ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය මෙහෙයවයි.

  3. ඔහු පොදු විනිශ්චයකරුවෙකි.

  4. ඔහු වාර්තා, මුදල් සහ දේපළ අධීක්ෂණය කරයි.

6.3

දිස්ත්‍රික්ක සභාපතිවරුන්ගේ අධිකාරී බලය සහ ස්ටේක සභාපතිවරුන්ගේ අධිකාරී බලය අතර ඇති වෙනස්කම්

සෑම සාමාජික දිස්ත්‍රික්කයකම, මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකුව දිස්ත්‍රික්ක සභාපති ලෙස කැඳවනු ලබයි. ඔහු ස්ටේක සභාපතිවරයෙකු ලෙසම සේවය කරන නමුත් පහත වෙනස්කම් සහිතව සේවය කරයි:

  • ඔහු උත්තම පූජක ගණපූරණයක සභාපතිවරයා නොවේ. එවැනි ගණපූරණ සංවිධානය කරන්නේ ස්ටේක වල පමණි.

  • ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව, දිස්ත්‍රික්ක සභාපතිවරයෙකුට වැඩිහිටියෙකු ලෙස නියම කිරීම සඳහා සහෝදරයෙකු සමඟ සම්මුඛ සාකච්ඡා කළ හැකිය. දිස්ත්‍රික්ක සභාපතිවරයෙකුට හෝ ඔහුගේ මගපෙන්වීම යටතේ සිටින අයෙකුට (1) ස්ථිර කිරීම සඳහා සහෝදරයෙකුව ඉදිරිපත් කිරීමට සහ (2) නියම කිරීම සිදු කිරීමටද හැකියාව ඇත (බලන්න 18.10.1.3, 18.10.3, සහ 18.10.4). කෙසේවෙතත්, දිස්ත්රික්ක සභාපතිවරයෙකුට ආදිපීතෘවරුන්, උත්තම පූජකයන් හෝ සභානායකවරුන්ව නියම කළ නොහැකිය.

  • ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව, දිස්ත්‍රික්ක සභාපතිවරයෙකුට ශාඛා සභාපතිවරුන්ව සේවය සඳහා වෙන් කළ හැකිය (බලන්න 18.11).

  • ඔහු පූර්ණ කාලීන ධර්මදූතයින්ව නිදහස් නොකරයි.

  • ඔහු දේවමාළිගා නිර්දේශ සම්මුඛ පරීක්ෂණ මෙහෙයවන්නේ හෝ දේවමාළිගා නිර්දේශ අත්සන් කරන්නේ නැත (බලන්න 26.3.1).

  • ධර්මදූත සභාපතිවරයා විසින් අවසර දෙනු ලැබුවහොත් මිස ඔහු සාමාජික මන්ත්‍රණ සභාවක් කැඳවන්නේ නැත.

6.5

උසස් මන්ත්‍රණ සභාව

ස්ටේක ප්‍රධාන මන්ත්‍රණ සභාව පිහිටුවීම සඳහා ස්ටේක සභාපතිත්වය විසින් උත්තම පූජකයන් 12 දෙනෙකුව කැඳවයි (බලන්න දහම සහ ගිවිසුම් 102:1; 124:131).

6.5.1.

ස්ටේක සභාපතිත්වය නියෝජනය කිරීම

ස්ටේක සභාපතිත්වය විසින් ස්ටේකයේ සෑම කොට්ඨාශයකටම උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකුව නියම කරයි.

ස්ටේක සභාපතිත්වය විසින් ස්ටේකයේ සෑම වැඩිහිටි ගණපූරණයකටම උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකුව නියම කරයි.

දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු සහ ධර්මදූත කාර්යයන් සඳහා පහත සඳහන් පුද්ගලයින්ට ඔවුන්ගේ වගකීම් පිළිබඳව උපදෙස් දීම සඳහාද ස්ටේක සභාපතිත්වයට උසස් මන්ත්‍රණ සභා සාමාජිකයින්ව නියම කළ හැකිය:

  • වැඩිහිටි ගණපූරණ සභාපතිත්වය

  • කොට්ඨාශ ධර්මදූත නායකයා

  • කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයා

6.7

ස්ටේක සංවිධාන

ස්ටේක සහන සමිතිය, තරුණ ගැහැණු ළමුන්, ප්‍රාථමිකය, ඉරිදා පාසල සහ තරුණ පිරිමි ළමුන් යන එක් එක් සංවිධාන සභාපතිවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ. මෙම සභාපතිවරු ස්ටේක සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ සේවය කරති.

මෙම නායකයින්ගේ ප්‍රධාන වගකීම් වන්නේ ස්ටේක සභාපතිත්වයට සහාය වීම සහ කොට්ඨාශ සංවිධාන වල සභාපතිත්වයන් සඳහා උපදෙස් දීම සහ සහාය දීමයි.

6.7.1.

ස්ටේක සහන සමිතිය, තරුණ ගැහැණු ළමුන්, ප්‍රාථමිකය සහ ඉරිදා පාසල් යන ඒවා හි සභාපතිත්ව

මෙම සභාපතිත්වයන් හි සාමාජිකයින්ට පහත වගකීම් ඇත:

  • ස්ටේක මන්ත්‍රණ සභාවේ (සභාපතිවරුන් පමණක්) සේවය කිරීම.

  • අලුතින් කැඳවූ කොට්ඨාශ සභාපතිත්වයන් සූදානම් කිරීම.

  • අඛණ්ඩ සහාය සහ උපදෙස් ලබාදීම. කොට්ඨාශ සංවිධාන සභාපතිත්වයන්ගේ අවශ්‍යතා ගැන ඉගෙන ගැනීමට, ඔවුන් සේවය කරන සාමාජිකයින්ගේ අවශ්‍යතා සාකච්ඡා කිරීමට සහ ස්ටේක සභාපතිත්වයෙන් ලැබෙන තොරතුරු ලබාදීම සඳහා ඔවුන් සමඟ නිතිපතා සන්නිවේදනය කිරීම.

  • ස්ටේක නායක රැස්වීම්වලදී කොට්ඨාශ සංවිධානයන් හි සභාපතිත්වයන්ට උපදෙස් දීම (බලන්න 29.3.4).

6.7.2

ස්ටේක තරුණ පිරිමි ළමුන්ගේ සභාපතිත්වය

තරුණ පිරිමි ළමුන්ගේ ස්ටේක සභාපතිත්වයට පහත වගකීම් ඇත:

  • ආරෝනික පූජකවර සහෝදරයන් සඳහා ඔවුන්ගේ වගකීම් වලදී සභානායකත්වයන්ට සම්පතක් ලෙස සේවය කිරීම.

  • ස්ටේක යෞවන නායකත්ව කමිටුවේ සේවය කිරීම (බලන්න 29.3.10).

  • ස්ටේක සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ, ස්ටේක ආරෝනික පූජකවර ක්‍රියාකාරකම් සහ කඳවුරු සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.