අත්පොත් සහ කැඳවීම්
5. ප්‍රධාන සහ ප්‍රාදේශීය නායකත්වය


“5. ප්‍රධාන සහ ප්‍රාදේශීය නායකත්වය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“5. ප්‍රධාන සහ ප්‍රාදේශීය නායකත්වය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්.

රූපය
පළමු සභාපතිත්වය

5.

ප්‍රධාන සහ ප්‍රාදේශීය නායකත්වය

5.0

හැඳින්වීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාවේ “ප්‍රධාන ගල” වන සේක (එපීස 2:20). උන්වහන්සේ සියලු පූජක යතුරු දරයි. ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේදී උන්වහන්සේට උපකාර කිරීම සඳහා උන්වහන්සේ ප්‍රේරිතවරුන් සහ අනාගතවක්තෘවරුන් කැඳවයි. උන්වහන්සේ මෙම තෝරාගත් සේවකයන්ට පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අදාළ සියලුම යතුරු ලබා දෙයි. (බලන්න දහම සහ ගිවිසුම් 27:12–13; තවත් බලන්න මෙම අත්පොතෙහි 3.4.1.)

අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් හරහා, ස්වාමින්වහන්සේ විසින් හැත්තෑවරුන්ගේ තත්වයට මිනිසුන්ව කැඳවන්නේ උන්වහන්සේගේ කාර්යයට මුළු ලෝකය පුරාම සහාය වීම සඳහා ය (බලන්න දහම සහ ගිවිසුම් 107:38). මීට අමතරව, මුලසුන දරන සභානායකත්වය, ප්‍රධාන නිලධාරීන් සහ අනෙකුත් පිරිමි සහ කාන්තා නායකයින්ට මෙම කාර්යයට සහාය වීම සඳහා වැදගත් වගකීම් පවරනු ලබා ඇත.

වැඩි විස්තර සඳහා, ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම හි 5 වෙනි පරිච්ඡේදය බලන්න (ChurchofJesusChrist.org).