අත්පොත් සහ කැඳවීම්
12. ප්‍රාථමිකය


“12. ප්‍රාථමිකය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“12. ප්‍රාථමිකය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පවුලක් ශුද්ධලියවිලි අල්ලාගෙන සිටිමින්

12.

ප්‍රාථමිකය

12.1

අරමුණ සහ සංවිධානය

ප්‍රාථමිකය යනු නිවස කේන්ද්‍ර කරගත්, සභාවේ සහාය ලබන සංවිධානයකි. එය මාස 18 සිට අවුරුදු 11 දක්වා ළමුන් සඳහා වේ.

12.1.1.

අරමුණු

ප්‍රාථමිකය දරුවන්ට උපකාර කරන්නේ:

  • ඔවුන්ගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය දැනීමට සහ උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ගැන ඉගෙනගැනීම සඳහා.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ උන්වහන්සේගේ භූමිකාව ගැන ඉගෙනගැනීම සඳහා.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන ඉගෙනගැනීම සහ ඒ අනුව ජීවත් වීම සඳහා.

  • ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම දැනීම, හඳුනාගැනීම සහ ඒ මත ක්‍රියා කිරීම සඳහා.

  • පරිශුද්ධ ගිවිසුම් සඳහා සූදානම් වීම, ඒවා ඇතිකරගැනීම සහ ඒවා තැබීම සඳහා.

  • ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සඳහා සහභාගී වීම සඳහා.

12.1.3

පන්ති

ප්‍රමාණවත් තරම් දරුවන් සිටින විට, ඔවුන්ගේ වයස අනුව ඔවුන්ව පන්තිවලට බෙදනු ලැබේ.

දරුවන් සාමාන්‍යයෙන් ප්‍රාථමිකයේ සිට තරුණ ගැහැණු ළමුන්ගේ පන්තිය දක්වා හෝ උපස්ථායක ගණපූරණය දක්වා මාරු වන්නේ, ඔවුන්ට වයස අවුරුදු 12 ක් වන වසරේ ජනවාරි මාසයේදී ය.

12.1.4

ගායනා කාලය

දරුවන්ට ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය දැනීමට සහ උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ගැන ඉගෙනගැනීමට ගායනා කාලය උපකාර කරයි. දරුවන් ශුභාරංචි මූලධර්ම ගැන ගායනා කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඒවායේ සත්‍යවාදී බව ගැන සාක්ෂි දරයි.

ප්‍රාථමික සභාපතිත්වය සහ සංගීත නායකයා විසින් සෑම මාසයකම දරුවන් තම පන්තිවල සහ නිවසේදී ඉගෙන ගන්නා ශුභාරංචි මූලධර්ම ශක්තිමත් කිරීම සඳහා ගීත තෝරා ගනියි.

12.1.5

ළදරු පාසල

ළදරු පාසල මාස 18 සිට අවුරුදු 3 දක්වා දරුවන්ට ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය දැනීමට සහ උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ගැන ඉගෙන ගැනීමට උපකාර කරයි.

12.2

ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සඳහා සහභාගී වීම

12.2.1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

12.2.1.2

ශුභාරංචි ඉගෙනීම

ඉරිදා ප්‍රාථමික රැස්වීම්. ප්‍රාථමික සභාපතිත්වයේ සාමාජිකයෙක් ආරම්භය මෙහෙයවයි.

කාලසටහන පහත පරිදි වේ:

රැස්වීමේ කොටස

කාලය

රැස්වීමේ කොටස

විවෘත කිරීම (යාච්ඤාව, ශුද්ධලියවිලි හෝ ඇදහිල්ලේ කරුණු, සහ කතාවක්—සියල්ල දරුවන් විසින් දෙනු ලැබේ)

කාලය

මින්ත්තු 5

රැස්වීමේ කොටස

ගායනා කාලය

කාලය

මින්ත්තු 20

රැස්වීමේ කොටස

පන්ති වලට මාරුවීම

කාලය

මින්ත්තු 5

රැස්වීමේ කොටස

පන්ති සහ අවසන් යාච්ඤාව

කාලය

මින්ත්තු 20

මාස 18 සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ඇති ළදරු පාසල මින්ත්තු 50 ක් පැවැත්වේ. Behold Your Little Ones මගින් යෝජිත කාලසටහනක් සපයයි.

සක්‍රමේන්තු රැස්වීමේ දරුවන්ගේ ඉදිරිපත් කිරීම. දරුවන්ගේ වාර්ෂික සක්‍රමේන්තු රැස්වීමේ ඉදිරිපත් කිරීම වසරේ අවසාන මාස කිහිපය තුළ පවත්වනු ලැබේ.

ප්‍රාථමික සභාපතිත්වය සහ සංගීත නායකයා යාච්ඤාවෙන් යුතුව මෙම ඉදිරිපත් කිරීම සැලසුම් කරති. සභාපතිත්වය මගපෙන්වීම් ලබාදෙයි. දරුවන්ට ගායනා කිරීමට, කතා ලබා දීමට සහ කතන්දර, ශුද්ධලියවිලි පද හෝ සාක්ෂි බෙදා ගැනීමට හැකිය.

දේවමාළිගාව සහ පූජකවරය සඳහා සූදානම් වීමේ රැස්වීම. ප්‍රාථමික සභාපතිත්වය සෑම වසරකම දේවමාළිගාව සහ පූජකවරය සඳහා සූදානම් වීමේ රැස්වීමක් සැලසුම් කරයි. සභාපතිත්වය මගපෙන්වීම් ලබාදෙයි. මෙම රැස්වීම වයස අවුරුදු 10 ක් වන ළමුන් සඳහා වේ. දෙමාපියන්ට ද ආරාධනා කරනු ලැබේ.

12.2.1.3

සේවය සහ ක්‍රියාකාරකම්

ඔවුන්ගේ වයස අවුරුදු 8 ක් වන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට, දරුවන්ට ප්‍රාථමික ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට ආරම්භ කළ හැකිය.

ප්‍රාථමික ක්‍රියාකාරකම් ඉරිදා හෝ සඳුදා සවස හැර වෙනත් වේලාවල් වලදී පැවැත්වේ.

  • හැකි අවස්ථා වලදී ප්‍රාථමික ක්‍රියාකාරකම් මසකට දෙවරක් පවත්වනු ලැබේ.

  • සාමාන්‍යයෙන් පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් වෙන වෙනම හමුවෙති. කෙසේ වෙතත්, ඔවුන්ට යම් යම් ක්‍රියාකාරකම් සඳහා හෝ දරුවන් කිහිප දෙනෙකු පමණක් සිටින ස්ථානවල එක් වී ක්‍රියාකාරකම් කළ හැකිය.

ප්‍රාථමිකයේ සිටින පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් සඳහා ඇති අයවැය සහ ක්‍රියාකාරකම් ප්‍රමාණවත් සහ සාධාරණ බව සභාපතිත්වය විසින් සහතික කරනු ලබයි.

12.2.1.4

පුද්ගලික සංවර්ධනය

ගැලවුම්කරුවාණන් හා සමාන වීමට ඔවුන් දරන ප්‍රයත්නවලදී අධ්‍යාත්මිකව, සමාජීයව, ශාරීරිකව සහ බුද්ධිමය වශයෙන් වර්ධනය වීමට ඉලක්ක තැබීමට—ඔවුන්ට වයස අවුරුදු 8 ක් වන අවුරුද්දේ ආරම්භයේ—දරුවන්ට ආරාධනා කරනු ලැබේ (බලන්න ලූක් 2:52).

ඔවුන්ට ඉලක්ක තැබීමට සහ වාර්තා කිරීමට Personal Development: Children’s Guidebook යන පොත භාවිතා කළ හැකිය.

12.3

කොට්ඨාශ ප්‍රාථමික නායකත්වය

12.3.1.

සභානායකත්වය

සභානායකවරයාගේ ප්‍රමුඛතම වගකීම යොමු වන්නේ දරුවන් ඇතුළු නැගී එන පරම්පරාව සඳහා වේ. ප්‍රාථමිකය සඳහා වූ සභානායකවරයාගේ වගකීම සඳහා උපකාර කිරීමට ඔහුට උපදේශකයෙකුව පත් කළ හැකිය. සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු ප්‍රාථමික සභාපතිවරයා සමඟ ක්‍රමවත්ව හමුවෙයි.

සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයින් ක්‍රමවත්ව ප්‍රාථමිකයට සහභාගී වේ.

12.3.2

ප්‍රාථමික සභාපතිත්වය

සභානායකවරයා විසින් කොට්ඨාශයේ ප්‍රාථමික සභාපතිනිය ලෙස සේවය කිරීම සඳහා වැඩිහිටි කාන්තාවක්ව කැඳවා වෙන් කරනු ලබයි.

කුඩා ඒකකයක, ප්‍රාථමික සභාපතිනිය ප්‍රාථමිකය සඳහා කැඳවනු ලබන එකම නායකයා විය හැකිය. මෙම කාරණයේදී, පාඩම්, ගායන කාලය සහ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සඳහා ඇය දෙමාපියන් සමඟ කටයුතු කරයි. ඒකකය ප්‍රමාණවත් තරම් විශාල නම්, අමතර කැඳවීම් මෙම අනුපිළිවෙලින් පිරවිය හැකිය: උපදේශකයින්, සංගීත නායකයා, ගුරුවරුන් සහ ළදරු පාසල් නායකයින්, ලේකම්වරයා සහ ක්‍රියාකාරකම් නායකයින්.

ගිවිසුම් මාවතට ඇතුළු වීමට සහ එහි වර්ධනය වීමට දරුවන්ව සූදානම් කිරීම සඳහා ප්‍රාථමික සභාපතිත්වය දෙමාපියන්ට උපකාර කරයි.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, බව්තීස්ම වීමට සහ ස්ථිර වීමට තම දරුවන් සූදානම් කිරීමට දෙමාපියන්ට උපකාර කිරීම සඳහා ප්‍රාථමික සභාපතිනියට එම සභාපතිත්වයේ සාමාජිකයෙකුව පත් කළ හැකිය. තම දරුවන්ව දේවමාළිගාව සහ පූජකවරය සඳහා සූදානම් කිරීම සඳහා දෙමාපියන්ට උපකාර කිරීමට ප්‍රාථමික සභාපතිනියට වෙනත් සභාපතිත්ව සාමාජිකයෙකුව පත් කළ හැකිය.

ප්‍රාථමික සභාපතිනියට පහත සඳහන් අමතර වගකීම් ඇත. ඇයගේ උපදේශකයින් ඇයට උපකාර කරයි.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ සේවය කිරීම.

  • ප්‍රාථමික සභාපතිත්ව රැස්වීම් ක්‍රමවත්ව පැවැත්වීම සහ සභානායකවරයා හෝ ඔහු පත් කර ඇති උපදේශකයෙකුව ක්‍රමවත්ව හමුවීම.

  • ඉල්ලා සිටින විට වාර්තාවේ ඇතුළත් දරුවන් සඳහා බව්තීස්ම සේවා සැලසුම් කිරීමට උදව් කිරීම (බලන්න 18.7.2).

  • ඉරිදා ප්‍රාථමික රැස්වීම් වල ආරම්භය සැලසුම් කිරීම සහ මෙහෙයවීම.

  • එක් එක් දරුවාට, ගුරුවරුන්ට සහ ප්‍රාථමිකයේ නායකයින්ට දේවසේවය කිරීම.

  • ප්‍රාථමික නායකයින්ට සහ ගුරුවරුන්ට ඔවුන්ගේ වගකීම් ඉගැන්වීම සහ ඔවුන්ගේ කැඳවීම්වලට ඔවුන්ව යොමු කිරීමෙන් එම වගකීම් වලදී ඔවුන්ට සහය වීම (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම [2016], 38).

  • ප්‍රාථමිකයේ වාර්තා, සටහන්, අයවැය සහ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම.

12.3.4

සංගීතය මෙහෙයවන්නා සහ පියානෝ වාදකයා

සංගීතය මෙහෙයවන්නා සහ පියානෝ වාදකයා විසින් ගායන කාලය තුළ සංගීතය තුළින් දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උගන්වනු ලබයි.

පියානෝ වාදකයෙක් හෝ පියානෝවක් නොමැති නම්, නායකයින්ට පටිගත කිරීම් භාවිතා කළ හැකිය.

12.3.5

ගුරුවරුන් සහ ළදරු පාසල් නායකයින්

ප්‍රාථමික ගුරුවරුන් සහ ළදරු පාසල් නායකයින් ලෙස ක්‍රියා කිරීම සඳහා පිරිමින්ව සහ කාන්තාවන්ව ප්‍රාථමික සභාපතිත්වය විසින් සභානායකත්වයට නිර්දේශ කරයි. ළමුන්ගේ නිශ්චිත වයස් කාණ්ඩවලට ඉගැන්වීමට සහ දේවසේවය කිරීමට මෙම සාමාජිකයන්ව කැඳවනු ලැබේ.

ප්‍රාථමික ගුරුවරු සහ ළදරු පාසල් නායකයෝ, Come, Follow Me—For Primary [එන්න මා අනුගමය කරන්න—ප්‍රාථමිකය] (වයස අවුරුදු 3–11) සහ Behold Your Little Ones [බලන්න ඔබේ කුඩා දරුවන්] තුළින් උගන්වති.

12.3.6

ක්‍රියාකාරකම් නායකයින්

ප්‍රාථමික ක්‍රියාකාරකම් නායකයින් විසින් දරුවන් වයස අවුරුදු 8ක් වන අවුරුද්දේ ජනවාරි ආරම්භයේ සිට සේවා සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී එම දරුවන්ට දේවසේවය කරනු ලබයි (බලන්න 12.2.1.3). සේවා සහ ක්‍රියාකාරකම් ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය කෙරෙහි අවධානය යොමු කරයි. ඒවා විනෝදාත්මක හා ආකර්ෂණීය වේ.

12.5

අතිරේක මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති

12.5.1.

දරුවන්ව ආරක්ෂා කිරීම

වැඩිහිටියන් සභාවේ සැකසුම් තුළ දරුවන් සමඟ අන්තර් ක්‍රියා කරන විට, අවම වශයෙන් වගකිවයුතු වැඩිහිටියන් දෙදෙනෙකු සහභාගී වී සිටිය යුතුය.

දරුවන් සමඟ වැඩ කරන සියලුම වැඩිහිටියන් ඔවුන් ස්ථිර වී මාසයක් ඇතුළත ළමා හා යෞවන ආරක්‍ෂාව පිළිබඳ පුහුණුව සම්පූර්ණ කළ යුතුය (ProtectingChildren.ChurchofJesusChrist.org).