අත්පොත් සහ කැඳවීම්
11. තරුණ ගැහැණු ළමුන්


“11. තරුණ ගැහැණු ළමුන්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“11. තරුණ ගැහැණු ළමුන්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
එළිමහනේ සිටින තරුණ ගැහැණු ළමුන්

11.

තරුණ ගැහැණු ළමුන්

11.1

අරමුණ සහ සංවිධානය

11.1.1.

අරමුණ

තරුණ ගැහැණු ළමුන්ට පරිශුද්ධ ගිවිසුම් ඇති කරගැනීමට සහ ඒවා තබා ගැනීමටත් එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත ඔවුන්ගේ හැරීම ගැඹුරු කරගැනීමටත් තරුණ ගැහැණු ළමුන්ගේ සංවිධානය උපකාරී වේ.

11.1.2

තරුණ ගැහැණු ළමුන්ගේ තේමාව

“මම දිව්‍යමය ස්වභාවයක් හා සදාකාලික ඉරණමක් සහිත ස්වර්ගීය දෙමාපියන්ගේ ආදරණීය දියණියකි.

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස මම උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරමි. මම උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් පුද්ගලික එළිදරව් මත ක්‍රියාකරමින් අනෙක් අයට දේවසේවය කරමි.

“මම සෑම විටම සෑම දෙයෙහිම සහ සෑම ස්ථානයකම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටිමි.

“උසස් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට මම වෙහෙසෙද්දී, මම පසුතැවිලි වීමේ ත්‍යාගය අගය කොට සෑම දිනකම දියුණු වීමට උත්සාහ කරමි. ඇදහිල්ලෙන්, මම මාගේ නිවස සහ පවුල ශක්තිමත් කරමි, පූජනීය ගිවිසුම් ඇති කර ගනිමි, ශුද්ධ වූ දේවමාළිගාවේ නියෝග සහ ආශිර්වාද ලබාගනිමි.”

11.1.3

පන්ති

තරුණ ගැහැණු ළමුන් ඔවුන්ට වයස අවුරුදු 12 ක් වන වසරේ ජනවාරි මාසයේ ආරම්භයේ සිට තරුණ ගැහැණු ළමුන්ගේ පන්තියක සාමාජිකාවන් බවට පත් වේ.

සභානායකවරුන් සහ තරුණ ගැහැණු ළමුන්ගේ වැඩිහිටි නායිකාවන් වයස අනුව පන්ති සංවිධානය කරන්නේ කෙසේදැයි යාච්ඤාවෙන් යුතුව තීරණය කරති. ප්‍රමාණය කුමක් වුවත්, සෑම පන්තියකටම සභාපතිනියක් සහ, හැකි සෑම අවස්ථාවකදීම, උපදේශිකාවක් හෝ දෙදෙනෙකු සහ ලේකම්වරියක් සිටිය යුතුය.

11.2

ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සඳහා සහභාගී වීම

11.2.1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

11.2.1.2

ශුභාරංචිය ඉගෙනීම

පන්ති රැස්වීම් මාසයේ දෙවන සහ හතරවන ඉරිදා දිනවල පැවැත්වේ. ඒවා විනාඩි 50ක් පැවැත්වේ. එම පන්ති සභාපතිත්වයේ සාමාජිකාවක් එය මෙහෙයවයි. තේමාව කියවීමේදී සහ පැවරුම් සහ වෙනත් කරුණු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීමේදී ඇය එම පන්ති මෙහෙයවයි.

පන්ති සාමාජිකාවක් හෝ වැඩිහිටි නායිකාවක් විසින් පසුව ශුභාරංචි උපදෙස් මෙහෙයවනු ලබයි.

11.2.1.3

සේවය සහ ක්‍රියාකාරකම්

සේවය සහ ක්‍රියාකාරකම් මගින් සාක්ෂි ගොඩනැගිය යුතුය, පවුල් ශක්තිමත් කළ යුතුය, පන්ති එකමුතුව පෝෂණය කළ යුතුය, සහ අන්‍යයන්ට ආශිර්වාද කිරීමට අවස්ථා සැපයිය යුතුය.

සමහර සේවා සහ ක්‍රියාකාරකම්වලට තරුණ පිරිමි ළමුන් සහ තරුණ ගැහැණු ළමුන්ව, විශේෂයෙන්ම වැඩිහිටි යෞවනයින්ව, ඇතුළත් කරගත යුතුය.

වාර්ශික ක්‍රියාකාරකම්. ක්‍රමවත් යෞවන ක්‍රියාකාරකම් වලට අමතරව, තරුණ ගැහැණු ළමුන්ට සෑම වසරකම පහත සඳහන් දේවලට ද සහභාගී විය හැකිය:

  • තරුණ ගැහැණු ළමුන්ගේ කඳවුරකට (බලන්න Young Women Camp Guide).

  • කොට්ඨාශ හෝ ස්ටේක යෞවන සම්මන්ත්‍රණයකට හෝ යෞවනයින් සඳහා (FSY) සම්මන්ත්‍රණයකට

11.2.1.4

පුද්ගලික සංවර්ධනය

ගැලවුම්කරුවාණන් හා සමාන වීමට ඔවුන් දරන ප්‍රයත්නවලදී, අධ්‍යාත්මිකව, සමාජීයව, ශාරීරිකව සහ බුද්ධිමය වශයෙන් වර්ධනය වීමට ඉලක්ක තැබීමට යෞවනයන්ට ආරාධනා කරනු ලැබේ (බලන්න ලූක් 2:52).

වැඩි විස්තර සඳහා, බලන්න ChildrenandYouth.ChurchofJesusChrist.org.

11.2.2

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

තරුණ ගැහැණු ළමුන්ගේ පවුල් තුළ සහ ඔවුන්ගේ පවුල් සමඟ, යෞවන ක්‍රියාකාරකම් අතරතුරදී සහ ඔවුන් විසින්ම අන් අයට සේවය කිරීමට ඔවුන්ට ක්‍රමවත් අවස්ථා තිබිය යුතුය.

11.2.2.1

දේවසේවය

තරුණ ගැහැණු ළමුන්ට ඔවුන්ගේ වයස අවුරුදු 14 ක් වන වසරේ ජනවාරි මාසයේ සිට දේවසේවා පැවරුම් ලැබේ. වැඩි විස්තර සඳහා, 21 වෙනි පරිච්ඡේදය බලන්න.

11.2.3

ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

“සෑමවිටම හා සෑමදෙයකම, හා සෑමතැනකම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස නැගී සිටිමින්” (මොසායා 18:9) ශුභාරංචිය ලබාගැනීම සඳහා තරුණ ගැහැණු ළමුන් සැමට ආරාධනා කරයි.

තරුණ ගැහැණු ළමුන්ට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ශුභාරංචිය බෙදා ගැනීමට සූදානම් වීමට දෙමාපියන්ට සහ නායකයින්ට ඔවුන්ට උපකාර කළ හැකිය.

11.2.4

සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම

සදාකාලිකව පවුල් එක්සත් කිරීමට බොහෝ ආකාරවලින් උපකාර කිරීමට තරුණ ගැහැණු ළමුන්ට හැකියාව ඇත.

  • ඔවුන්ගේ දෙමාපියන්ට ගෞරව කර ඔවුන්ගේ නිවෙස් තුළ ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ජීවත් වීම සම්බන්ධයෙන් ආදර්ශයක් තැබීමෙන්.

  • සදාකාලික විවාහය ඇතුළු දේවමාළිගා නියෝග ලබා ගැනීමට සූදානම් වීමෙන්.

  • දේවමාළිගා නියෝග අවශ්‍ය මුතුන් මිත්තන් හඳුනා ගැනීමෙන් (බලන්න FamilySearch.org).

  • තත්වයන් ඉඩ දෙන සෑම විටම මළවුන් සඳහා බව්තීස්ම සහ ස්ථිර කිරීම් වලට සහභාගී වීමෙන්.

11.3

කොට්ඨාශ තරුණ ගැහැණු ළමුන්ගේ නායකත්වය

11.3.1.

සභානායකත්වය

සභානායකවරයාගේ පළමු සහ ප්‍රධාන වගකීම වන්නේ ඔහුගේ කොට්ඨාශයේ තරුණ ගැහැණු ළමුන් සහ තරුණ පිරිමි ළමුන් රැකබලා ගැනීමයි. ඔහු සහ ඔහුගේ උපදේශකයින් ඔවුන්ගේ නම් ඉගෙන ගන්නා අතර ඔවුන්ගේ නිවෙස් වල තත්වයන් තේරුම් ගනිති. සෑම තරුණ ගැහැණු ළමයෙකු සමඟම අවම වශයෙන් වසරකට දෙවරක්වත් ඔවුන් හමුවෙති (බලන්න 31.3.1).

තරුණ ගැහැණු ළමුන්ගේ සංවිධානයේ වගකීම ඇත්තේ සභානායකවරයාටය. ඔහු ක්‍රමවත්ව තරුණ කාන්තා සභාපතිනිය හමුවෙයි.

සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයින් තරුණ කාන්තා රැස්වීම්, සේවා සහ ක්‍රියාකාරකම් සඳහා ක්‍රමවත්ව සහභාගී වෙති.

11.3.2

තරුණ ගැහැණු ළමුන්ගේ වැඩිහිටි සභාපතිත්වය

කොට්ඨාශයේ තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිනිය ලෙස සේවය කිරීමට සභානායකවරයා විසින් වැඩිහිටි කාන්තාවක්ව කැඳවා වෙන් කරනු ලබයි. ඒකකය ප්‍රමාණවත් තරම් විශාල නම්, ඇයගේ උපදේශිකාවන් ලෙස කැඳවීම සඳහා වැඩිහිටි කාන්තාවක් හෝ දෙදෙනෙකුව ඇය නිර්දේශ කරයි (බලන්න 30 වෙනි පරිච්ඡේදය).

කුඩා ඒකකයක් තුළ, තරුණ ගැහැණු ළමුන්ගේ සංවිධානය සඳහා කැඳවනු ලබන එකම වැඩිහිටි නායිකාව තරුණ කාන්තා සභාපතිනිය විය හැකිය. මෙම කාරණයේදී, තරුණ කාන්තාවන් සඳහා උපදෙස් සහ ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට ඇය දෙමාපියන් සමඟ කටයුතු කරයි.

ශාඛාවකට තරුණ ගැහැණු ළමුන් සඳහා සභාපතිනියක් නොමැති නම්, තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිනියක්ව කැඳවන තුරු සහන සමිති සභාපතිනියට තරුණ ගැහැණු ළමුන් සඳහා උපදෙස් සංවිධානය කළ හැකිය.

තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිනියට පහත වගකීම් ඇත. ඇයගේ උපදේශිකාවන් ඇයට උපකාර කරයි.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ සේවය කිරීම.

  • කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාවේ සාමාජිකාවක් ලෙස සේවය කිරීම (බලන්න 29.2.6).

  • තරුණ ගැහැණු ළමයින් සෑම කෙනෙකුටම දේවසේවය කිරීම.

  • තරුණ ගැහැණු ළමුන්ගේ අනෙකුත් නායිකාවන්ට සහ පන්ති සභාපතිනියන්ට ඔවුන්ගේ වගකීම් ඉගැන්වීම.

  • සභානායකවරයාව අවශ්‍ය නොවන හෝ අපයෝජනයට සම්බන්ධ නොවන අභියෝග පිළිබඳව තරුණ ගැහැණු ළමුන් සමඟ සාකච්ඡා කිරීම (බලන්න 32.3, 31.3.1, සහ 38.6.2).

11.3.4

පන්ති සභාපතිත්වය සහ ලේකම්වරිය

11.3.4.1

කැඳවීම, ස්ථීර කිරීම සහ වෙන් කිරීම

තරුණ ගැහැණු ළමුන්ගේ සෑම පන්තියකටම පන්ති සභාපතිත්වයක් තිබිය යුතුය.

සභානායකත්වයේ සාමාජිකයෙක් විසින් පන්ති සභාපතිනිය ලෙස සේවය කිරීමට තරුණ ගැහැණු ළමයෙකුව කැඳවනු ලබයි. සේවය කිරීමට ප්‍රමාණවත් තරුණ ගැහැණු ළමුන් සිටින විට, උපදේශිකාවන් සහ ලේකම්වරියක් ලෙස නිර්දේශ කිරීම සඳහා සුදුසු පන්ති සාමාජිකාවක් ගැන ඇය යාච්ඤාවෙන් යුතුව සලකා බලයි.

මෙම කැඳවීම් ලබාදීමෙන් පසු, සභානායකත්වයේ සාමාජිකයෙකු විසින් එම තරුණ ගැහැණු ළමුන්ව ඔවුන්ගේ පන්තියේදී ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබයි. සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් මෙම තරුණ ගැහැණු ළමුන්ව වෙන්කරනු ලබයි.

11.3.4.2

වගකීම්

කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාවේ සේවය කරන පන්ති සභාපතිනියන් (බලන්න 11.3.4.4 ). පන්ති සභාපතිත්වයන්ට පහත වගකීම් ද ඇත:

  • ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වීමට පන්ති වල උත්සාහයන් මෙහෙයවීම (බලන්න 1 වෙනි පරිච්ඡේදය).

  • පන්ති රැස්වීම්වලට නොපැමිණෙන අය ඇතුළුව, සෑම තරුණ ගැහැණු ළමයෙකුවම දැන හඳුනාගැනීම සහ ඔවුන්ට සේවය කිරීම.

  • ඉරිදා පන්ති රැස්වීම් සැලසුම් කිරීම සහ මෙහෙයවීම (බලන්න 11.2.1.2).

  • පන්ති සේවා සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම (බලන්න 11.2.1.3).

11.3.4.3

පන්ති සභාපතිත්ව රැස්වීම

තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති සභාපතිත්වයන් ක්‍රමවත්ව හමුවේ. පන්ති සභාපතිනිය විසින් මෙම රැස්වීම් මෙහෙයවනු ලබයි. පන්ති සභාපතිත්වයන්ට සහාය දැක්වීමට පවරා ඇති තරුණ ගැහැණු ළමුන්ගේ වැඩිහිටි නායිකාවන් ද සහභාගි වෙති.

11.3.4.4

කොට්ඨාශ තරුණ තරුණියන්ගේ මන්ත්‍රණ සභාව

කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව පිළිබඳ වැඩි විස්තර සඳහා 29.2.6 බලන්න.

11.6

අතිරේක මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති

11.6.1.

යෞවනයින්ව ආරක්ෂා කිරීම

වැඩිහිටියන් සභාවේ සැකසුම් තුළ යෞවනයන් සමඟ අන්තර් ක්‍රියා කරන විට, අවම වශයෙන් වගකිවයුතු වැඩිහිටියන් දෙදෙනෙකු සහභාගී වී සිටිය යුතුය. මෙය සිදු කිරීම සඳහා පන්ති ඒකාබද්ධ කිරීම අවශ්‍ය විය හැකිය.

යෞවනයින් සමඟ වැඩ කරන සියලුම වැඩිහිටියන් ඔවුන් ස්ථිර වී මාසයක් ඇතුළත ළමා හා යෞවන ආරක්‍ෂාව පිළිබඳ පුහුණුව සම්පූර්ණ කළ යුතුය (ProtectingChildren.ChurchofJesusChrist.org).