අත්පොත් සහ කැඳවීම්
13. ඉරිදා පාසල


“13. ඉරිදා පාසල,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“13. ඉරිදා පාසල,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පවුලක් ශුද්ධලියවිලි අධ්‍යයනය කරමින්

13.

ඉරිදා පාසල

13.1

අරමුණ

ඉරිදා පාසල් නායකයින්, ගුරුවරුන් සහ පන්ති:

  • “රාජ්‍යයේ මූලධර්මය” ඉගැන්වීමෙන් ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ශක්තිමත් කරති (දහම සහ ගිවිසුම් 88:77).

  • නිවස කේන්ද්‍ර කරගත් සහ සභා සහයෝගය ඇති ශුභාරංචි ඉගෙනීමට සහ ඉගැන්වීමට සහාය වෙති.

  • ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමට සාමාජිකයින්ට උදව් කරති.

13.2

කොට්ඨාශ ඉරිදා පාසල් නායකත්වය

13.2.1.

සභානායකත්වය

සභානායකත්වය විසින් ඉරිදා පාසල අධීක්ෂණය කරනු ලබයි. සාමාන්‍යයෙන් සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ මෙම වගකීම ඉටු කිරීම සඳහා ඔහු විසින් ඔහුගේ උපදේශකයින්ගෙන් කෙනෙකුව පත් කරනු ලබයි.

13.2.2

ඉරිදා පාසල් සභාපතිවරයා

13.2.2.1

ඉරිදා පාසල් සභාපතිවරයෙකුව කැඳවීම

කොට්ඨාශයේ ඉරිදා පාසල් සභාපතිවරයා වීම සඳහා මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙක්ව සභානායකවරයා විසින් කැඳවා වෙන් කරනු ලබයි. උපදේශකයන් අවශ්‍ය නම් සහ මෙම තනතුරුවල සේවය කිරීමට ප්‍රමාණවත් පිරිමින් සිටී නම්, ඉරිදා පාසල් සභාපතිවරයාට උපදේශකයෙකු හෝ දෙදෙනෙකුව නිර්දේශ කළ හැකිය.

13.2.2.2

වගකීම්

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ සේවය කිරීම.

  • නිවසේදී සහ සභාවේදී ශුභාරංචිය ඉගෙනීම සහ ඉගැන්වීම වැඩිදියුණු කිරීමට දරන උත්සාහයන් අධීක්ෂණය කිරීම.

  • ඉරිදා පාසල් ගුරුවරුන් ලෙස සේවය කිරීමට සුදුසු වැඩිහිටි සාමාජිකයින්ව සභානායකත්වයට නිර්දේශ කිරීම.

  • ඉරිදා පාසල් ගුරුවරුන්ට සහය දීම, දිරිගැන්වීම සහ උපදෙස් දීම.

  • සභානායකවරයා විසින් මෙහෙයවනු ලබන පරිදි ගුරු මන්ත්‍රණ සභා රැස්වීම් වලට නායකත්වය දීම (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම3).

13.2.3

ඉරිදා පාසල් ගුරුවරුන්

ඉගැන්වීමට සූදානම් වීම සඳහා, ඉරිදා පාසල් ගුරුවරුන් විසින් ශුද්ධලියවිලි, එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයින් සහ පවුල් සඳහා, සහ එන්න, මා අනුගමනය කරන්න—ඉරුදින පාසල සඳහා භාවිතා කරනු ලබයි.

13.3

ඉරිදා පාසල් පන්ති

ඉරිදා පාසල් පන්ති මාසයේ පළමුවන සහ තුන්වන ඉරිදා දිනවල පැවැත්වේ.

සභානායකත්වයේ අනුමැතිය ඇතිව, ඉරිදා පාසල් සභාපතිවරයා විසින් වැඩිහිටියන් හා යෞවනයින් සඳහා පන්ති සංවිධානය කරනු ලබයි.

සෑම යෞවන පන්තියකම අවම වශයෙන් වගකිවයුතු වැඩිහිටියන් දෙදෙනෙකුවත් සිටිය යුතුය.

යෞවනයින් සමඟ වැඩ කරන සියලුම වැඩිහිටියන් ඔවුන් ස්ථිර වී මාසයක් ඇතුළත ළමා හා යෞවන ආරක්‍ෂාව පිළිබඳ පුහුණුව සම්පූර්ණ කළ යුතුය (ProtectingChildren.ChurchofJesusChrist.org).

13.4

කොට්ඨාශය තුළ ඉගෙනීම සහ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ඔවුන්ගේ සංවිධානවල ඉගෙනීම සහ ඉගැන්වීම වැඩිදියුණු කිරීම සඳහා කොට්ඨාශ නායකයින් වගකිව යුතුය. ඔවුන්ට අවශ්‍ය නම් කොට්ඨාශයේ ඉරිදා පාසල් සභාපතිවරයාගෙන් උපකාර ඉල්ලා සිටිය හැකිය.

13.5

නිවස තුළ ඉගෙනීම සහ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

තම දරුවන්ට ශුභාරංචිය ඉගැන්වීමේ වගකීම දෙමාපියන් සතුය. ගුරුවරුන් ලෙස දියුණු වීමට ඔවුන්ට උපකාර කරන ලෙස ඉරිදා පාසල් සභාපතිවරයාගෙන් ඔවුන්ට ඉල්ලා සිටිය හැකිය.