අත්පොත් සහ කැඳවීම්
14. තනි සාමාජිකයන්


“14. තනි සාමාජිකයන්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“14. තනි සාමාජිකයන්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසුන් කතා කරමින්

14.

තනි සාමාජිකයන්

14.0

හැඳින්වීම

මේ වන විට විවාහ නොවූ හෝ දික්කසාද වූ හෝ වැන්දඹු වූ පිරිමින් සහ කාන්තාවන් සභාවේ සාමාජිකත්වයේ සැලකිය යුතු කොටසක් වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් බලාපොරොත්තුව සොයාගැනීම සැමට වැදගත් වේ (බලන්න ඊතර් 12:4). පහත සඳහන් සදාකාලික සත්‍යයන් එවැනි බලාපොරොත්තුවක් වර්ධනය කර ගැනීමට උපකාරී වේ:

  • ශුභාරංචි ගිවිසුම් පිළිපැදීමට ඇදහිලිවන්තව සිටින සෑම කෙනෙකුටම උත්කර්ෂවත් වීමට අවස්ථාව ඇති බව ශුද්ධලියවිලි වල හා පසුදවස්වල අනාගතවක්තෘවරු සනාථ කරති.

  • උත්කර්ෂවත් වීමේ ආශිර්වාද ලබා දෙන නිශ්චිත කාලය සහ ආකාරය පිළිබඳ සියල්ල හෙළි කර නොමැත. එහෙත් ඒවා කෙසේ වෙතත් සහතික වී ඇත (බලන්න මොසායා 2:41).

  • ස්වාමින්වහන්සේ වෙනුවෙන් නොකඩවා බලාසිටීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේ කෙරෙහි දිගටම කීකරු වීම සහ අධ්‍යාත්මික දියුණුව ඇතිව සිටීමයි (බලන්න යෙසායා 64:4).

  • දෙවියන්වහන්සේ සිය සියලු දරුවන්ට සදාකාල ජීවනය ලබාදෙයි. ගැලවුම්කරුවාණන්ගේ කරුණාවන්ත ත්‍යාගය වන සමාව සඳහා සුදුසුකම් ලබන සහ උන්වහන්සේගේ ආඥා අනුව ජීවත් වන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබේ. (බලන්න මොසායා 26:30; මොරෝනි 6:8.)

  • මෙම සහතිකයන් කෙරෙහි විශ්වාසය මුල් බැස ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළ ය. උන්වහන්සේගේ කරුණාව තුළින්, ලෞකිකත්වයට අදාළ සියල්ල නිවැරදි කර ඇත (බලන්න ඇල්මා 7:11–13).

ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ සියලුම සාමාජිකයින් ඔවුන්ගේ කොට්ඨාශ සහ ස්ටේක වල ගැලවීමේ කාර්යයට උපකාර කිරීමයි (බලන්න 1 කොරින්ති 12:12–27). ආත්මයාණන් විසින් මෙහෙයවන ලද පරිදි, තනි සාමාජිකයන්ව නායකත්වය සහ ඉගැන්වීමේ තනතුරු සඳහා කැඳවනු ලැබේ.

මෙම පරිච්ඡේදයේ:

  • “තනි සාමාජිකයන්” යන්නෙන් අදහස් කරන්නේ දැනට විවාහ වී නොමැති සභාවේ සියලුම වැඩිහිටි සාමාජිකයන්ය.

  • “තරුණ තනි වැඩිහිටියන්” යන්නෙන් අදහස් කරන්නේ වයස අවුරුදු 18–30 අතර අයයි.

  • “තනි වැඩිහිටියන්” යන්නෙන් අදහස් කරන්නේ වයස 31 සහ ඊට වැඩි අයයි.

14.1

භූගෝලීය ඒකකවල සිටින තනි සාමාජිකයන්

14.1.1.

ස්ටේක නායකත්වය

14.1.1.2

ස්ටේක තරුණ තනි වැඩිහිටි සහ තනි වැඩිහිටි කමිටු

ස්ටේක සභාපතිත්වය විසින් තරුණ තනි වැඩිහිටි කමිටුවක් නිර්මාණය කරනු ලබයි.

ස්ටේක සභාපතිත්වය විසින් තනි වැඩිහිටි කමිටුවක් ද නිර්මාණය කරනු ලබයි.

සාමාජිකයින්ට මිත්‍රත්වය සහ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වීමට ඇති අවස්ථාවන් තුළින් සහාය වීමට මෙම කමිටු උත්සාහ කරයි (බලන්න 14.2).

14.1.2

කොට්ඨාශ නායකත්වය

14.1.2.1

සභානායකත්වය

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට තනි සාමාජිකයන්ව යොදා ගැනීම සඳහා සභානායකත්වය මූලික වේ. තනි සාමාජිකයින් සඳහා ඉදිරිපත් කළ හැකි අර්ථවත් කැඳවීම් සහ පැවරුම් හඳුනා ගැනීමට ඔවුන් කොට්ඨාශ මන්ත්‍රණ සභාව සමඟ කටයුතු කරති. ඔවුන් තනි දෙමාපියන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරාලීමට උත්සාහ කරති.

  • සභාපතිත්වයේ සාමාජිකයෙකු සෑම තරුණ තනි වැඩිහිටියෙකු සමඟම අවම වශයෙන් වසරකට වරක්වත් හමුවෙයි.

  • සභානායකවරයාට කොට්ඨාශ තරුණ තනි වැඩිහිටි කමිටුවක් සංවිධානය කළ හැකිය.

14.1.2.2

තරුණ තනි වැඩිහිටියන් වෙනුවෙන් පත්කර ඇති වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයේ සාමාජිකයන්

තරුණ තනි වැඩිහිටියන්ට සහාය වීම සඳහා වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිවරුන්ට ඔවුන්ගේ සභාපතිත්ව වලින් එක් පුද්ගලයෙකු බැගින් පත්කළ හැකිය. මෙම සභාපතිත්ව සාමාජිකයන් විසින් තරුණ තනි වැඩිහිටියන්ගේ ශක්තීන් ගැන ඉගෙන ගන්නා අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට උපකාර කරනු ලබයි.

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයාට සහ සහන සමිති සභාපතිනියට මෙම උත්සාහයන් පිළිබඳව කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීමේදී වාර්තා කළ හැකිය.

14.1.2.3

තනි තරුණ වැඩිහිටි නායකයින්

බොහෝ තරුණ තනි වැඩිහිටියන් සිටින කොට්ඨාශයක, තරුණ තනි වැඩිහිටි පිරිමියෙකු සහ කාන්තාවක්ව තරුණ තනි වැඩිහිටි නායකයින් ලෙස කැඳවීමට සභානායකත්වයට හැකියාව ඇත. ඔවුන්ගේ වගකීම්වලට ඇතුළත් වන්නේ:

  • ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වීමට තරුණ තනි වැඩිහිටියන්ට උපකාර කිරීම (බලන්න 14.2).

  • ස්ටේක තරුණ තනි වැඩිහිටි කමිටුවේ සේවය කිරීම.

  • කොට්ඨාශ තරුණ තනි වැඩිහිටි කමිටුවක් නිර්මාණය කළහොත් එයට නායකත්වය දීම.

  • වැඩිහිටි ගණපූරණ සභාපතිත්වය සහ සහන සමිති සභාපතිත්වය සමඟ ක්‍රමවත්ව හමුවීම. මෙම රැස්වීම්වලදී, ඔවුන් තරුණ තනි වැඩිහිටියන්ගේ ශක්තීන් සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට උපකාර කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරති. ඔවුන් තරුණ තනි වැඩිහිටියන්ට දේවසේවය කිරීම කෙරෙහි ද අවධානය යොමු කරති.

14.2

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය සඳහා සහභාගී වීම

14.2.1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

14.2.1.1

නිවාස සන්ධ්‍යාව සහ ශුභාරංචි අධ්‍යයනය

සහභාගී වීමට කැමති නායකයින් හෝ සාමාජිකයින්ට තනි වැඩිහිටියන් සඳහා නිවාස සන්ධ්‍යා කණ්ඩායම් එකක් හෝ කිහිපයක් සහ තරුණ තනි වැඩිහිටියන් සඳහා වෙනත් කණ්ඩායම් ද සංවිධානය කළ හැකිය.

14.2.1.3

ක්‍රියාකාරකම්

කොට්ඨාශ හෝ ස්ටේක නායකයින්ගේ මගපෙන්වීම යටතේ, තරුණ තනි වැඩිහිටියන්ට ඔවුන් සඳහා විශේෂයෙන් ක්‍රියාකාරකම් සැලසුම් කර ඒවාට සහභාගී විය හැකිය. උදාහරණ ලෙස:

  • දේවමාළිගා චාරිකා.

  • පවුල් ඉතිහාස කාර්යය.

  • ශුභාරංචිය බෙදාගැනීම.

  • ප්‍රජා සේවාවන්.

  • සංගීත හා සංස්කෘතික සිදුවීම්.

  • ක්‍රීඩා.

ස්ටේක නායකයන්ගේ මගපෙන්වීම යටතේ, තනි වැඩිහිටියන්ට ස්ටේක මට්ටමින් ඒ හා සමාන ක්‍රියාකාරකම් සැලසුම් කළ හැකිය.