අත්පොත් සහ කැඳවීම්
21. දේවසේවය


“21. දේවසේවය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“21. දේවසේවය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසුන් ගල් ඔසවමින්

21.

දේවසේවය

21.0

හැඳින්වීම

දේවසේවයේ යෙදීම යනු ගැලවුම්කරුවාණන් මෙන් අන් අයට සේවය කිරීමයි (බලන්න මතෙව් 20:26–28).

ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සභාවේ සියලුම සාමාජිකයින්ට එවැනි සැලකිල්ලක් ලැබීමයි. මේ හේතුව නිසා, සෑම සාමාජික නිවසකටම දේවසේවා සහෝදරයන් ලෙස පූජකවරය දරන්නන්ව පත්කරනු ලැබේ. සෑම වැඩිහිටි සහෝදරියක් සඳහාම දේවසේවා සහෝදරියන්ව පත්කරනු ලැබේ.

21.1

දේවසේවා සහෝදර සහ සහෝදරියන්ගේ වගකීම්

දේවසේවා සහෝදරියන්ට සහ සහෝදරයන්ට ඔවුන්ට පවරා ඇති පුද්ගලයන් සහ පවුල් සඳහා පහත වගකීම් ඇත:

  • ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට ඔවුන්ට උපකාර කිරීම.

  • ඔවුන්ට නියෝග ලැබෙන විට දෙවියන්වහන්සේ සමඟ පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගැනීමට සහ ඒවා තබා ගැනීමට සූදානම් වීමට ඔවුන්ට උපකාර කිරීම.

  • අවශ්‍යතා හඳුනාගෙන ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රේමයක්, සැලකිල්ලක් සහ සේවයක් ලබාදීම.

  • ඔවුන්ට අධ්‍යාත්මිකව සහ ලෞකිකව ස්වාධීන වීමට උපකාර කිරීම.

21.2

දේවසේවය සංවිධානය කිරීම

21.2.1

පැවරුම් සෑදීම

වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිවරුන් විසින් මෙම දේවසේවා සහෝදර සහෝදරියන් සඳහා ලබාදෙන පැවරුම් පිළිබඳව යාච්ඤාවෙන් යුතුව සලකා බලනු ලබයි. ඔවුන් සාමාන්‍යයෙන් සහෝදරයන් දෙදෙනෙකුව හෝ සහෝදරියන් දෙදෙනෙකුව සහයකයින් ලෙස පත් කරති. දේවසේවා සහකාරත්ව සහ පැවරුම් සඳහා ඔවුන් විසින් සභානායකවරයාගේ අනුමැතිය ලබා ගනියි.

විවාහක යුවළකට පුද්ගලයෙකුට හෝ පවුලකට එකට එක්ව සේවය කිරීමට පැවරිය හැකිය.

දේවසේවා සහෝදර සහෝදරියන්ව කැඳවන්නේවත්, ස්ථිර කරන්නේවත්, වෙන් කරන්නේවත් නැත.

21.2.2

යෞවනයින් සඳහා වූ දේවසේවා පැවරුම්

තරුණ ගැහැණු ළමයෙකු ඇය ඒ සඳහා කැමැත්තෙන් සිටින විට සහ ඇයට එසේ කළ හැකි විට, සහන සමිති සහෝදරියකගේ දේවසේවා සහායිකාවක් ලෙස ඇයට සේවය කළ හැකිය. ඇයගේ වයස අවුරුදු 14 ක් වන අවුරුද්දේදී ඇයට සේවය කිරීම ආරම්භ කළ හැකිය.

තරුණ පිරිමි ළමයෙකුව ගුරුවර හෝ පූජක යන තත්වයකට නියම කළ පසු, ඔහුට මෙල්කිසදෙක් පූජකවරයෙකු සමඟ දේවසේවා සහයකයෙකු ලෙස සේවය කළ හැකිය.

21.3

දේවසේවා සම්මුඛ සාකච්ඡා

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා සහ ඔහුගේ උපදේශකයන් දේවසේවා සහෝදරයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වති. සහන සමිති සභාපතිනිය සහ ඇයගේ උපදේශිකාවන් දේවසේවා සහෝදරියන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වති.

මෙම සම්මුඛ සාකච්ඡා අවම වශයෙන් සෑම කාර්තුවකටම වරක් පවත්වනු ලැබේ.

ඒවායෙහි අරමුණු වන්නේ:

  • පවරා ඇති පුද්ගලයන්ගේ සහ පවුල්වල ශක්තීන්, අවශ්‍යතා සහ අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීම.

  • අවශ්‍ය අවස්ථා වලදී නියෝග ලබාගැනීමට සූදානම් වීමට පුද්ගලයන්ට උපකාර කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීම.

  • වැඩිහිටි ගණපූරණය, සහන සමිතිය, කොට්ඨාශ මන්ත්‍රණ සභාව සහ වෙනත් අයට උපකාර කළ හැකි ආකාරය සලකා බැලීම.

  • දේවසේවා සහෝදර සහෝදරියන්ට ඉගැන්වීම සහ ඔවුන්ව දිරිගැන්වීම.

21.4

දේවසේවා කටයුතු සම්බන්ධීකරණය කිරීම

සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්ව අවම වශයෙන් කාර්තුමය වශයෙන්වත් එකට රැස්වේ. දේවසේවා සම්මුඛ සාකච්ඡා වලදී ඔවුන් ඉගෙන ගත් දේ එහිදී ඔවුන් සමාලෝචනය කරති (බලන්න 21.3). ඔවුන් දේවසේවා පැවරුම් ද සම්බන්ධීකරණය කරති.

ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙකු සිටින ඒකකවල, සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්ට, දේවසේවා සහෝදරියන් සහ දේවසේවා සහෝදරයන් යන දෙපාර්ශවයම එකම සාමාජිකයින්ට නොපැවරීමට තීරණය කළ හැකිය.