අත්පොත් සහ කැඳවීම්
24. ධර්මදූත නිර්දේශ සහ සේවය


“24. ධර්මදූත නිර්දේශ සහ සේවය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“24. ධර්මදූත නිර්දේශ සහ සේවය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
ධර්මදූතයින් ඇවිද යමින්

24.

ධර්මදූත නිර්දේශ සහ සේවය

24.0

හැඳින්වීම

“සියලු ජාතින් අතර ඉශ්‍රායෙල්වරුන්ව එක්රැස් කර, පියාණන්වහන්සේගේත්, පුත්‍රයාණන්වහන්සේගේත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම” කරන ලෙස ස්වාමින්වහන්සේ පුරාණ කාලයේදී නියෝගයක් ලබා දුන්නේය (මතෙව් 28:19; 20 වෙනි පදය ද බලන්න). ස්වාමින්වහන්සේ එම නියෝගය මෙම අවසාන දිනවලදී අලුත් කර ඇත (බලන්න දහම සහ ගිවිසුම් 39:11; 68:6–8; 112:28–30).

ධර්මදූතවරයෙකු ලෙස ස්වාමින්වහන්සේට සේවය කිරීම පරිශුද්ධ වරප්‍රසාදයකි. එය එම පුද්ගලයාටත් ඔහු හෝ ඇය සේවය කරන අයටත් සදාකාලික ආශිර්වාද ගෙන එයි (බලන්න දහම සහ ගිවිසුම් 18:14–16).

සෑම සුදුසු සහ හැකියාව සහිත තරුණ පිරිමි ළමයෙකුගෙන්ම ස්වාමින්වහන්සේ ඉල්ලා සිටින්නේ ධර්මදූතයක් සඳහා සූදානම් වී ධර්මදූතයක සේවය කරන ලෙසය.

ඒ සඳහා සුදුසු සහ හැකියාව ඇති තරුණ ගැහැණු ළමුන්ව, ඔවුන්ට ආශාවක් ඇත්නම් සේවය කිරීම සඳහා ස්වාමින්වහන්සේ පිළිගන්නා සේක.

ජ්‍යේෂ්ඨ ධර්මදූතවරුන්ව ද අවශ්‍ය වන අතර සේවය කිරීමට සූදානම් වීමට ඔවුන්ව දිරිමත් කරනු ලැබේ.

24.1

සේවය කිරීම සඳහා කැඳවීම

ධර්මදූතයින් ස්වාමින්වහන්සේව නියෝජනය කරන අතර ඔවුන්ව නිසි අධිකාරිත්වය මගින් කැඳවිය යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 42:11; ඇදහිල්ලේ කරුණු 1:5). ධර්මදූතයක සේවය කිරීම සඳහා සාමාන්‍යයෙන් කැඳවීම් ලබාදෙන්නේ සභාවේ සභාපතිවරයා විසිනි. ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතවරුන් සඳහා කැඳවීම් ලබාදෙන්නේ ස්ටේක සභාපතිවරයා විසිනි.

24.2

ධර්මදූත පැවරුම්

ධර්මදූතයෙකු ලෙස සේවය කිරීමට කැඳවීමට නිශ්චිත පැවරුමක් ඇතුළත් වේ. මෙම පැවරුම් පුළුල් ලෙස වෙනස් වේ.

24.2.1.

ඉගැන්වීමේ තරුණ ධර්මදූතයින්

බොහෝ තරුණ ධර්මදූතවරුන්ව පවරා ඇත්තේ නිවසින් බැහැරව ශුභාරංචිය ඉගැන්වීමට ය. මෙම පැවරුම් ප්‍රේරිතවරුන්ට එළිදරව් මගින් ලබා දී ඇත. මෙම ධර්මදූතයින් ධර්මදූත සභාපතිවරයෙකුගේ මගපෙන්වීම යටතේ සේවය කරති.

24.2.2

සේවය කිරීමේ තරුණ ධර්මදූතයින්

සමහර තරුණ ධර්මදූතයින්ව නිවසේ ජීවත් වෙමින් සභාවේ සහ ප්‍රජාව තුළ සේවය කිරීම සඳහා පවරා ඇත. මෙම පැවරුම් ප්‍රේරිතවරුන්ට එළිදරව් මගින් ලබා දී ඇති අතර සේවා ධර්මදූතයක් සඳහා වඩාත් සුදුසු තත්වයන් ඇති අපේක්ෂකයින්ට ඒවා ලබා දෙනු ලැබේ (බලන්න 24.3.3).

24.2.3

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්

සියලුම ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්ව, ඉගැන්වීමට පුද්ගලයින්ව සොයා ගැනීමට සහ බව්තීස්මයට සූදානම් වීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට දිරිමත් කරනු ලැබේ. පහත සඳහන් අයට සහ ආකාර වලට සහය වීම සඳහා ද ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්ව පැවරිය හැකිය:

  • සාමාජිකයින්ට සහ ප්‍රාදේශීය සහ දේශීය නායකයින්ට.

  • සභාවේ අංශ සහ පහසුකම් වලට.

  • පුණ්‍යායතන සංවිධාන වලට.

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්ගෙන්, තරුණ ධර්මදූතයින් මෙන් එකම වේලාවක වැඩ කිරීමට, එකම ක්‍රියාකාරකම් සිදු කිරීමට හෝ එකම අරමුණු ඉටු කිරීමට ඉල්ලා සිටින්නේ නැත.

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින් සඳහා පැවරුම් දෙනු ලබන්නේ ප්‍රේරිතවරුන් ලබන එළිදරව් මගිනි. අපේක්ෂකයින්ට පැවරුමක් සඳහා මනාපයක් ප්‍රකාශ කළ හැකි නමුත් ඕනෑම පැවරුමක් පිළිගැනීමට කැමැත්තෙන් සිටිය යුතුය.

24.2.4

සේවය කිරීමේ ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්

සාමාජිකයින්ට ඔවුන්ගේ නිවෙස් කොට්ඨාශයේ හෝ ස්ටේකයේ ඇති කැඳවීම් වලට අමතරව, ඔවුන්ට ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින් ලෙස ස්වාමින්වහන්සේට සේවය කළ හැකිය. මෙම ධර්මදූතයින් සභාවේ අංශ, පහසුකම් සහ ධර්මදූතවල වටිනා සේවාවක් ලබා දෙති (බලන්න 24.7.1). ඔවුන් නිවසේ ජීවත් වෙති.

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතවරුන්ව කැඳවනු ලබන්නේ ස්ටේක සභාපතිවරයා විසිනි. ඔවුන් ඔහුගේ මගපෙන්වීම යටතේ සේවය කරති. ඔවුන් සෑම සතියකම සේවය කරන කාලය රඳා පවතින්නේ ඔවුන්ගේ ධාරිතාව, ඔවුන්ගේ ප්‍රදේශයේ සේවා අවස්ථා සහ ප්‍රාදේශීය සභාපතිත්වයේ මගපෙන්වීම මත ය.

24.2.5

ධර්මදූත පැවරුම්වල සාරාංශය

පහත වගුව ධර්මදූත පැවරුම් වර්ග සාරාංශ කරයි.

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

කැඳවනු ලබන්නේ

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

සභාවේ සභාපතිවරයා

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

සභාවේ සභාපතිවරයා

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

සභාවේ සභාපතිවරයා

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

ස්ටේක සභාපතිවරයා

පත්කරනු ලබන්නේ

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

ප්‍රේරිතවරයෙකු

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

ප්‍රේරිතවරයෙකු

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

ප්‍රේරිතවරයෙකු

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

ස්ටේක සභාපතිවරයා

වෙන් කරනු ලබන්නේ

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

ස්ටේක සභාපතිවරයා

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

ස්ටේක සභාපතිවරයා

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

ස්ටේක සභාපතිවරයා

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

ස්ටේක සභාපතිවරයා හෝ උපදේශකයෙකු

ජීවත් වන්නේ

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

නිවසින් පිටත

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

නිවසේ

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

නිවසින් පිටත හෝ නිවසේ

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

නිවසේ

සභා නායකයා

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

ධර්මදූත සභාපතිවරයා හෝ ඓතිහාසික ස්ථාන සභාපතිවරයා

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

ස්ටේක සභාපතිවරයා

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

ධර්මදූත, දේවමාළිගා හෝ ඓතිහාසික ස්ථාන සභාපතිවරයා; හෝ ප්‍රාදේශීය සභාපතිවරයා

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

ස්ටේක සභාපතිවරයා

වාර්තා කරන්නේ

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

ධර්මදූත සභාපතිවරයා හෝ ඓතිහාසික ස්ථාන සභාපතිවරයා

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

සේවා ධර්මදූත නායකයා

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

ධර්මදූත, දේවමාළිගා හෝ ඓතිහාසික ස්ථාන සභාපතිවරයා; ප්‍රාදේශීය සභාපතිවරයා; අමුත්තන්ගේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂක; හෝ සභාවේ අංශයක් හෝ පහසුකම් කළමනාකරුවෙක්

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

සේවා පැවරුම් කළමනාකරු

වයස් අවශ්‍යතා

තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින්
(බලන්න 24.2.1)

18–25 (පිරිමි)
19–29 (කාන්තා)

තරුණ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.2)

18–25 (පිරිමි)
19–29 (කාන්තා)

ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්
(බලන්න 24.2.3)

විවාහක නම් හෝ තනිකඩ සහෝදරියක් නම් 40 හෝ ඊට වැඩි

ජ්‍යේෂ්ඨ සේවා ධර්මදූතයින්
(බලන්න 24.2.4)

26 හෝ ඊට වැඩි

24.3

ධර්මදූතයක සේවය කිරීමට සූදානම් වීම සහ සුදුසුකම් ලැබීම

අනාගතයේ ධර්මදූතයින් වීමට සිටිනා අයව ධර්මදූත සේවයක් කිරීමට දිරිමත් කරනු ලබන්නේ ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන් කෙරෙහි ඔවුන්ට ඇති ආදරය නිසාවෙනි. ඔවුන් ධර්මදූත නිර්දේශ සම්මුඛ සාකච්ඡා ප්‍රශ්න පිළිබඳව දැන සිටිය යුතුය.

24.3.1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරීම

අනාගතයේ ධර්මදූතයින් වීමට සිටිනා අය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට සහ උන්වහන්සේගේ නැවත පිහිට වූ ශුභාරංචිය වෙතට ඔවුන්ගේ හැරීම ශක්තිමත් කරගැනීමට උත්සාහ කරති.

24.3.2

සුදුසුකමේ ප්‍රමිතීන් සපුරාලීම

අනාගතයේ ධර්මදූතයින් වීමට සිටිනා අය ආත්මයාණන්ගේ සහකාරත්වයට සුදුස්සන් වීමට උත්සාහ කරති. ඵලදායී ධර්මදූත සේවයක් සඳහා මෙය අවශ්‍ය වේ (බලන්න දහම සහ ගිවිසුම් 42:13–14).

24.3.2.1

පසුතැවිලි වීම

පසුතැවිලි වීමට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම, සැබෑ චේතනාවක් තිබීම සහ ආඥා පිළිපැදීම අවශ්‍ය වේ. පාපොච්චාරණය කිරීම සහ පාපය අත්හැරීම එයට ඇතුළත් වේ. බරපතළ පාප සඳහා, පසුතැවිලි වීම සඳහා සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා වෙත පාපොච්චාරණය කිරීම අවශ්‍ය වේ.

පසුතැවිලි වන පුද්ගලයෙකුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ කරුණාව තුළින් සමාව දී එම පුද්ගලයාව පවිත්‍ර කරනු ලැබේ. ස්වාමින්වහන්සේ එම පාපය තවදුරටත් මතක තබාගන්නේ නැත. (බලන්න යෙසායා 43:25; යාකොබ් 6:5; ඇල්මා 34:15–17; හිලමන් 5:10–11; දහම සහ ගිවිසුම් 58:42–43. මෙම අත්පොතෙහි 32.1 ද බලන්න.)

ස්ටේක සභාපතිවරයා විසින් ඔහුගේ හෝ ඇයගේ නිර්දේශය ඉදිරිපත් කිරීමට පෙර ධර්මදූත අපේක්ෂකයෙකු බරපතළ පාප ගැන පසුතැවිලි වී තිබිය යුතුය (බලන්න 32.6; තවත් බලන්න 24.4.4). පුද්ගලයාට පව් සමාව ලබාදීම මගින් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය ලැබී ඇති බව ධර්මිෂ්ඨ ජීවන රටා තුළින් පෙන්වීමට ප්‍රමාණවත් කාලයක් මෙම පසුතැවිලි වීමේ ක්‍රියාවලියට ඇතුළත් වේ.

24.3.3

ශාරීරික, මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යය

ධර්මදූත සේවය අභියෝගාත්මක ය. තරුණ ඉගැන්වීමේ ධර්මදූතවරුන් ඒ සඳහා කැපවිය යුතු අතර ඔවුන්ට සම්පූර්ණ ධර්මදූත කාලසටහනට අනුව වැඩ කිරීමට ශාරීරිකව, මානසිකව සහ චිත්තවේගීයව හැකියාව තිබිය යුතුය.

24.3.4

මූල්‍යමය කරුණු

24.3.4.1

නිවසින් බැහැරව සේවය කරන තරුණ ධර්මදූතයින්ට මුදල් සැපයීම

තම හැකියාව අනුව සූදානම් වූ තරුණ අපේක්ෂකයින් මුල්‍ය හේතූන් මත සේවය කිරීම ප්‍රමාද නොකළ යුතුය. අපේක්ෂිත දායකත්ව බැඳීම් සපුරාලීමට මූල්‍ය උපකාර අවශ්‍ය අයට එය තම පවුලේ ඥාතින්ගෙන් සහ මිතුරන්ගෙන් ලබාගත හැකිය.

අවශ්‍යතාවය තවමත් තිබේ නම්, සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට කොට්ඨාශ ධර්මදූත අරමුදලට දායක වන ලෙස කොට්ඨාශයේ හෝ ස්ටේකයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිය හැකිය.

දේශීය ඒකක අයවැය සහ නිරාහාර දීමනා මේ සඳහා භාවිතා කළ නොහැකිය.

මාසික දායකත්වය කැපවීම. ඉගැන්වීමේ තරුණ ධර්මදූතයින් සහ ඔවුන්ගේ පවුල් මෙම ධර්මදූත වැඩසටහන් වියදම් පියවා ගැනීම සඳහා සෑම මසකම නිශ්චිත මුදලකින් දායක වේ.

මෙම දායකත්වයන් ලබා දෙන්නේ කොට්ඨාශ ධර්මදූත අරමුදලට ය. සෑම මසකම මෙම අරමුදල් දායකත්වය ලැබෙන බව සභානායකවරු තහවුරු කරගනිති. මාසික මුදල ඉක්මවන අරමුදල් ප්‍රමාණ කල්තියා දායක නොකළ යුතුය. ධර්මදූතයෙකු අදාළ කාලයට පෙර නිවසට පැමිණියහොත් කල්තියා දායක වූ අරමුදල් ආපසු ගෙවිය නොහැක.

ක්ෂේත්‍රය තුළ වියදම්. සෑම මසකම, තරුණ ධර්මදූතයින්ට ආහාර, ප්‍රවාහනය සහ අනෙකුත් ජීවන වියදම් සැපයීම සඳහා ධර්මදූතයෙන් අරමුදල් ලැබේ. මෙම අරමුදල් පරිශුද්ධ ය. ධර්මදූතයින් ඒවා භාවිතා කරන්නේ ධර්මදූතයට අදාළ අරමුණු සඳහා පමණි. ඒවා පුද්ගලික වියදම් සඳහා භාවිතා කිරීම, ඉතිරි කිරීම හෝ පවුලේ සාමාජිකයන් හෝ වෙනත් අය වෙත යැවීම නොකළ යුතුය. ධර්මදූතයින්ට අවශ්‍ය නොවන ඕනෑම අරමුදල් ප්‍රමාණයක් ඔවුන් නැවතත් ධර්මදූතයට ලබා දෙති.

වෙනත් වියදම් පියවා ගැනීමට ධර්මදූතයින් පුද්ගලික අරමුදල් භාවිතා කරති. මෙම පුද්ගලික වියදම් අවම විය යුතුය. (බලන්න Missionary Standards for Disciples of Jesus Christ, 4.8.)

24.3.4.2

නිවසින් බැහැරව සේවය කරන ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්ට මුදල් සැපයීම

මාසික දායකත්වය කැපවීම. නිවසින් බැහැරව සේවය කරන ජ්‍යේෂ්ඨ ධර්මදූතයින් සෑම මසකම තම නිවෙස් කොට්ඨාශයේ ධර්මදූත අරමුදලට දායක වෙති. මෙම දායකත්වය නිවාස සහ වාහන සඳහා යන වියදම් පියවා ගැනීමට උපකාරී වේ.

සෑම මසකම මෙම අරමුදල් දායකත්වය ලැබෙන බව සභානායකවරු තහවුරු කරගනිති. මාසික මුදල ඉක්මවන අරමුදල් ප්‍රමාණ කල්තියා දායක නොකළ යුතුය.

අමතර වියදම්. නිවාස සහ වාහන සඳහා වියදම් පියවා ගැනීමට උපකාර වන මාසික දායකත්වය ලබාදීමට අමතරව, ජ්‍යේෂ්ඨ ධර්මදූතයින් ආහාර ඇතුළු අනෙකුත් සියලුම වියදම් සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුමය.

24.3.4.3

නිවසේ සිට සේවය කරන ධර්මදූතයින්ට මුදල් සැපයීම

නිවසේ සිට සේවය කරන ධර්මදූතයින් ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා වගකිව යුතුය.

24.3.4.4

වෛද්‍ය රක්ෂණ සහ වියදම්

හැකි නම් ඔවුන්ගේ පවතින වෛද්‍ය රක්ෂණය තබා ගැනීමට තරුණ ඉගැන්වීම් ධර්මදූතයින් ඇතුළු, සියලුම ධර්මදූතයින්ව දැඩි ලෙස දිරිමත් කරනු ලැබේ.

නිවසේ සිට සේවය කරන ධර්මදූතයින් ඔවුන්ගේම වෛද්‍ය සහ වෙනත් රක්ෂණ ආවරණයක් සපයාගත යුතුමය. නිවසින් බැහැරව සේවය කරන ජ්‍යේෂ්ඨ ධර්මදූතයින් ද මෙම ආවරණය සපයාගත යුතුමය. තම මව් රටෙන් පිටත සේවය කරන ජ්‍යේෂ්ඨ ධර්මදූතයින්ට Senior Service Medical Plan [ජ්‍යේෂ්ඨ සේවා වෛද්‍ය සැලැස්ම] හරහා රක්ෂණයක් ලබා ගත හැකිය.

24.3.5

ධර්මදූතයින්ව සූදානම් කිරීමේදී පවුලේ සාමාජිකයින්ගේ සහ නායකයින්ගේ කාර්යභාරය

පවුලේ සාමාජිකයන්, සභානායකවරුන් සහ අනෙකුත් නායකයින් ධර්මදූතයක සේවය කිරීමට සූදානම් වීමට යෞවනයින්ට උපකාර කරති.

පවුලේ සාමාජිකයන් සහ නායකයින් සියලුම ධර්මදූත අපේක්ෂකයින්ව පහත දේවල් අධ්‍යයනය කිරීම සඳහා දිරිමත් කරති:

  • මොර්මොන්ගේ පොත සහ අනෙකුත් ශුද්ධලියවිලි.

  • මාගේ ශුභාරංචිය දේශනා කරන්න.

  • තාක්ෂණය භාවිතා කිරීම සඳහා වන ආරක්ෂණ.

පවුලේ සාමාජිකයන් සහ නායකයින්, සියලුම අපේක්ෂකයින්ට ධර්මදූත ප්‍රමිතීන් අනුගමනය කිරීමට කැපවී සිටීම සඳහා උපකාර කරති. ඔවුන්ට ලැබිය හැකි පැවරුමට අදාළ ධර්මදූත ප්‍රමිති අත්පොත අධ්‍යයනය කිරීමට ඔවුන් අපේක්ෂකයින් දිරිමත් කරති:

  • තරුණ ඉගැන්වීමේ ධර්මදූතයින් සඳහා: Missionary Standards for Disciples of Jesus Christ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සඳහා වූ ධර්මදූත ප්‍රමිති]

24.4

ධර්මදූතයින්ව නිර්දේශ කිරීම

24.4.1

සෞඛ්‍ය ඇගයීම්

සියලුම අපේක්ෂකයින් වෛද්‍ය වෘත්තිකයන් ලවා ඔවුන්ගේ සෞඛ්‍ය සූදානම තක්සේරු කරගැනීම අවශ්‍ය වේ.

24.4.2

සම්මුඛ පරීක්ෂණ සහ නිර්දේශ පෝරම

සෑම අපේක්ෂකයෙකු සමඟම සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා ගැඹුරු, අධ්‍යාත්මික බව සෙවීමේ සහ නඟා සිටුවීමේ සම්මුඛ සාකච්ඡා පවත්වති. ඔවුන් ධර්මදූත නිර්දේශ සම්මුඛ සාකච්ඡා ප්‍රශ්න භාවිතා කරති.

සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා විසින් Missionary Online Recommendation System [ධර්මදූතයින් සඳහා අන්තර්ජාලය තුළ ඇති නිර්දේශ පද්ධතිය] තුළ, එම සුදුසුකමේ සහ සෞඛ්‍ය සූදානමේ ප්‍රමිතීන් සමාලෝචනය කරනු ලබයි. සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා විසින් කිසිඳු සුදුසුකම් ප්‍රමිතියක් එකතු කරන්නේ නැත. එමෙන්ම ඔවුන් සම්මුඛ සාකච්ඡා ප්‍රශ්න වෙනස් කරන්නේ ද නැත.

අපේක්ෂකයෙකු සුදුසුකමේ ප්‍රමිතීන් සපුරාලීම හෝ ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය සූදානම ගැන සභානායකවරයාට සහ ස්ටේක සභාපතිවරයාට කනස්සල්ලක් ඇත්නම්, ඔවුන් දෙදෙනා එක්ව සහ එම අදාළ පුද්ගලයා සමඟ සාකච්ඡා කරති. තරුණ අපේක්ෂකයෙකුගේ අවසරය ඇතිව, ඔවුන්ට ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් සමඟද සාකච්ඡා කළ හැකිය. එම පුද්ගලයා බරපතළ පාපයක් ගැන පසුතැවිලි වන තුරු සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා නිර්දේශයක් ඉදිරිපත් නොකරයි (බලන්න 24.3.2.1). එම පුද්ගලයාගේ ශාරීරික, මානසික හෝ චිත්තවේගීය සෞඛ්‍ය මත පදනම්ව, සේවා ධර්මදූතයෙකු ලෙස පැවරීමට ඇති හැකියාව ගැන ඔවුන්ට සාකච්ඡා කළ හැකිය.

හදිසි අවස්ථා වලදී සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා නොමැති විට, මෙම සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහුට ඔහුගේ උපදේශකයෙකුට බලය පැවරිය හැකිය.

දිස්ත්‍රික්කවල, ධර්මදූත සභාපතිවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් ධර්මදූත අපේක්ෂකයින් සමඟ සම්මුඛ සාකච්ඡා කර ඔවුන්ව නිර්දේශ කරනු ලබයි. දිස්ත්‍රික්ක සභාපතිවරු මෙම සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ නැත.

24.4.4

පූර්ණ කාලීන ධර්මදූතයින් ලෙස සේවය කිරීමට නොහැකි අය

සමහර විට සේවය කිරීමට කැමති සාමාජිකයෙකුව පූර්ණ කාලීන ධර්මදූතයෙකු ලෙස කැඳවන්නේ නොමැති වන්නට පුළුවන. මෙය සිදුවන්නේ සෞඛ්‍ය අභියෝග, සුදුසුකමේ ප්‍රමිතීන්, නීතිමය ගැටළු හෝ වෙනත් තත්වයන්ට අනුකූල නොවීම නිසා විය හැකිය. ස්ටේක සභාපතිවරයාට ඔහුව හෝ ඇයව පූර්ණ කාලීන ධර්මදූත සේවයක් කළ යුතු බවින් නිදහස් කළ හැකිය.

24.5

ධර්මදූතයකට කැඳවීමක් ලැබීමෙන් පසු

ඔවුන්ගේ ධර්මදූතය ආරම්භ කිරීමට පෙර මොර්මොන්ගේ පොත කියවීමට හෝ නැවත කියවීමට අලුතින් කැඳවන ධර්මදූතයින්ව දිරිමත් කරනු ලැබේ. “නුඹගේ සිතුවිලි ද, තවද නුඹගේ වචන ද, තවද නුඹගේ ක්‍රියාවන් ද, තවද දෙවියන්වහන්සේගේ ආඥා පැවැත්වීම ගැනද සැලකිලිමත් වන්න” යන බෙන්යමින් රජුගේ උපදෙස ඔවුන් අනුගමනය කරති (මොසායා 4:30).

24.5.1

දේවමාළිගා බලයෙන් සැරසීම සහ දේවමාළිගා සේවය

අලුතින් කැඳවනු ලැබූ ධර්මදූතයින් දේවමාළිගාවේ බලයෙන් සැරසීමේ නියෝගය ලබාගෙන නොමැති නම්, හැකි සෑම විටම ධර්මදූත සේවය ආරම්භ කිරීමට පෙර ඔවුන් එය ලබා ගත යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 43:15–16; 105:33). සේවා ධර්මදූතයින්ගේ තත්වයන් ඉඩ දෙන්නේ නම් ඔවුන්ට ද මෙය අදාළ වේ.

බලයෙන් සැරසුණු සහ ධර්මදූතයින් ලෙස කැඳවීම ලැබූ අයට ඔවුන්ගේ ධර්මදූත සේවය ආරම්භ කිරීමට පෙර දේවමාළිගා නියෝග සේවකයන් ලෙස සේවය කළ හැකිය (බලන්න 25.5).

24.5.2

සක්‍රමේන්තු රැස්වීම්

අලුතින් කැඳවන ලද ධර්මදූතයින්ට ඔවුන්ගේ ධර්මදූතය ආරම්භ කිරීමට පෙර සක්‍රමේන්තු රැස්වීමේදී කතා කිරීමට සභානායකත්වය විසින් ආරාධනා කරනු ලබයි. මෙය සාමාන්‍ය සක්‍රමේන්තු රැස්වීමකි. එහි අවධානය තිබිය යුත්තේ සක්‍රමේන්තුව සහ ගැලවුම්කරුවාණන් වෙතය.

24.5.3

ධර්මදූතයින්ව වෙන් කිරීම

ඔවුන්ගේ නිවස ඇති ප්‍රදේශයේ ස්ටේක සභාපතිවරයා විසින් සෑම ධර්මදූතයෙකුවම ඔහුගේ හෝ ඇයගේ ධර්මදූතය ආරම්භ කරන දිනයට හැකි තරම් ආසන්නව ඔවුන්ව වෙන් කරනු ලබයි. හදිසි අවස්ථා වලදී ස්ටේක සභාපතිවරයා නොමැති විට, ධර්මදූතයින්ව වෙන් කිරීම සඳහා ඔහුට ඔහුගේ උපදේශකයෙකුට බලය පැවරිය හැකිය.

ධර්මදූත සභාපතිවරයා හෝ ඔහුගේ උපදේශකයෙකු විසින් ඔහුගේ ධර්මදූතය තුළ ඇති දිස්ත්‍රික්කවලින් කැඳවනු ලබන ධර්මදූතයින්ව වෙන් කරනු ලබයි. දිස්ත්‍රික්ක සභාපතිවරයා ධර්මදූතයින්ව වෙන් කරන්නේ නැත.

නිවසින් බැහැරව සේවය කරන සහෝදරයෙකුව ධර්මදූතයෙකු ලෙස වෙන් කිරීමට පෙර ඔහු මෙල්කිසදෙක් පූජකවරය ලබා තිබිය යුතුය. සේවා ධර්මදූතයෙකු ලෙස සේවය කරන සහෝදරයෙකු ඔහුගේ තත්වයන්ට සුදුසු නම් මෙල්කිසදෙක් පූජකවරය දැරිය යුතුය.

24.6

නිවසින් බැහැර සේවාව

24.6.2

ක්ෂේත්‍රයේ

24.6.2.5

අනෙක් අයට මූල්‍යමය වශයෙන් හෝ පාසල් අධ්‍යාපනය සඳහා හෝ විගමනය සමඟ සහයෝගය දැක්වීමට ඉල්ලීම්

ධර්මදූතයින් සහ ඔවුන්ගේ පවුල් විසින් ඔවුන් සේවය කරන ප්‍රදේශයේ ජීවත් වන අය සඳහා පාසල් අධ්‍යාපනය සඳහා මූල්‍ය ආධාර ඇතුළු මූල්‍ය ආධාර ලබා නොදිය යුතුය. එමෙන්ම වෙනත් රටවලට සංක්‍රමණය වීමට අවශ්‍ය පුද්ගලයින්ට ධර්මදූතයින් සහ ඔවුන්ගේ පවුල් අනුග්‍රහය නොදැක්විය යුතුය (බලන්න 38.8.19).

24.6.2.8

සාමාජික වාර්තා සහ දසයෙන් කොටස

ධර්මදූතවරයෙකුගේ නිවෙස් කොට්ඨාශය විසින් සාමාජික වාර්තාව තබා ගනියි. එම නිවෙස් කොට්ඨාශය ඔහුගේ හෝ ඇයගේ දසයෙන් කොටසේ තත්වය ද වාර්තා කරයි. ධර්මදූතයින් ඔවුන්ගේ ධර්මදූතයෙන් ලැබෙන ආධාර අරමුදල් මත දසයෙන් කොටස ගෙවන්නේ නැත. කෙසේ වෙතත්, ඔවුන්ට කිසියම් පුද්ගලික ආදායමක් ඇත්නම් ඔවුන් දසයෙන් කොටස ගෙවති.

24.6.3

ධර්මදූත සේවයකින් පසු ආපසු නිවසට පැමිණීම

24.6.3.1

මුලින් නියමිත පරිදි ආපසු නිවසට පැමිණීම

ධර්මදූතයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් පුද්ගලික පහසුව සඳහා කලින් නිදහස් වීම් හෝ සේවා දිගු කිරීම් ඉල්ලා නොසිටිය යුතුය.

තරුණ ධර්මදූතයින් ඔවුන්ගේ ධර්මදූතයන්ගෙන් පසු කෙලින්ම ගෙදර යා යුතුය. වෙනත් ඕනෑම සංචාරයක් අනුමත කළ හැක්කේ එම ධර්මදූතවරයා සමඟ අවම වශයෙන් එක් දෙමාපියෙකු හෝ භාරකරුවෙකු සිටී නම් පමණි.

ධර්මදූතයින් ඔවුන්ගේ ස්ටේක සභාපතිවරයා වෙත වාර්තා කරන තුරු ඔවුන්ව නිදහස් නොකෙරේ. ඔවුන් ඒ කාලය දක්වා ධර්මදූත ප්‍රමිති අනුගමනය කරති.

24.6.3.2

වේලාසනින් නිවසට පැමිණීම

සමහර ධර්මදූතයින්ව සෞඛ්‍යය, සුදුසුකම හෝ වෙනත් හේතූන් මත කලින් නිදහස් කරනු ලැබේ. ආපසු පැමිණි මෙම ධර්මදූතයින්ට සභානායක්වරුන් සහ ස්ටේක සභාපතිවරුන් විශේෂ සහයෝගයක් ලබා දෙති. ඔවුන්ට ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යථා තත්ත්වයට පත් කරගැනීමට හෝ හැකි නම් නැවත සේවයට යාමට නායකයින් උපකාර කරති.

24.7

සේවා ධර්මදූත

24.7.1

සේවා ධර්මදූතයින් සඳහා අවස්ථා හඳුනාගැනීම

සභානායකවරයා, ස්ටේක සභාපතිවරයා සහ සේවා ධර්මදූතයා යන අය එකට එක්ව සාකච්ඡා කර සේවය කිරීම සඳහා ඇති දේශීය අවස්ථා හඳුනා ගනිති. තරුණ සේවා ධර්මදූතයින් සඳහා, සේවා ධර්මදූත නායකයෙකු සහ ධර්මදූතයාගේ දෙමාපියන් හෝ භාරකරුවන් මෙම සාකච්ඡාවට සහභාගී වෙති.

24.8

ධර්මදූත සේවයෙන් පසුව

24.8.2

ධර්මදූතවරයාව නිදහස් කිරීමේ සම්මුඛ සාකච්ඡාව

ස්ටේක සභාපතිවරයා විසින් ධර්මදූතයින්ව නිදහස් කර නිදහස් කිරීමේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වනු ලබයි. දිස්ත්‍රික්කවල, සාමාන්‍යයෙන් ධර්මදූත සභාපතිවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් ධර්මදූතයින්ව නිදහස් කරනු ලබයි.

මෙම සම්මුඛ සාකච්ඡාව සඳහා පහත මාර්ගෝපදේශ ප්‍රයෝජනවත් විය හැකිය.

  • ජීවිත කාලය පුරාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස දිගටම සිටීමට ඔවුන්ව දිරිමත් කිරීම.

  • ධර්මදූතයෙකු ලෙස ඔවුන් වර්ධනය කරගත් හොඳ පුරුදු මත නොවැටී සිටීමට ඔවුන්ට උපදෙස් දීම.

  • තරුණ ධර්මදූතයින් සඳහා අධ්‍යාපනය සහ රැකියා ඇතුළුව අනාගතය ගැන සලකා බැලීමට සහ සූදානම් වීමට ඔවුන්ව දිරිමත් කිරීම.

  • සෑම විටම දේවමාළිගා නිර්දේශයට සුදුසු ලෙස ජීවත් වීමට ඔවුන්ව දිරිමත් කිරීම.

24.8.4

කැඳවීම්

නායකයන් ඉක්මනින්ම මෑතකදී නිදහස් කරන ලද ධර්මදූතයින්ට දේවසේවා පැවරුම් සහ කැඳවීම් ලබා දෙති. සුදුසු පරිදි දේවමාළිගා නියෝග සේවකයන් ලෙස සේවය කිරීමට සලකා බැලීම ද මෙයට ඇතුළත් වේ (බලන්න 25.5).

24.9

ධර්මදූත නිර්දේශ සහ සේවය සඳහා සම්පත්

24.9.2

වෙබ් අඩවි