අත්පොත් සහ කැඳවීම්
26. දේවමාළිගා නිර්දේශ


“26. දේවමාළිගා නිර්දේශ,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“26. දේවමාළිගා නිර්දේශ,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
සභානායකවරයා පිරිමි පුද්ගලයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින්

26.

දේවමාළිගා නිර්දේශ

26.0

හැඳින්වීම

දේවමාළිගාවට ඇතුළුවීම පූජනීය වරප්‍රසාදයකි. කොට්ඨාශ සහ ස්ටේක නායකයින් සියලුම සාමාජිකයින්ව දිරිමත් කරන්නේ, ඔවුන් දේවමාළිගාවක් අසල වාසය නොකළත්, දේවමාළිගා නිර්දේශයක් සඳහා සුදුසු වීමට සහ එය ලබාගැනීමට ය.

දේවමාළිගාවට ඇතුළු වන සියල්ලන්ම එසේ ඇතුළු වීමට සුදුස්සන් බව වගබලා ගැනීමට සභාවේ නායකයින් සෑම උත්සාහයක්ම දරති (බලන්න ගීතාවලිය 24:3–5).

දේවමාළිගාවකට ඇතුළු වීමට සාමාජිකයින්ට වත්මන් දේවමාළිගා නිර්දේශයක් තිබිය යුතුය.

සභානායකවරයෙකුට දේවමාළිගාවේ නිර්දේශ පිළිබඳ මෙම පරිච්ඡේදයේ පිළිතුරු සපයා නොමැති ප්‍රශ්න තිබේ නම් ඔහුට ඔහුගේ ස්ටේක සභාපතිවරයා සමඟ ඒ සම්බන්ධව සාකච්ඡා කළ හැකිය. ස්ටේක සභාපතිවරයාට ප්‍රශ්න සමඟ පළමු සභාපතිත්ව කාර්යාලය හා සම්බන්ධ විය හැකිය.

26.1

දේවමාළිගා නිර්දේශ වර්ග

නිර්දේශ වර්ග තුනක් තිබේ:

  1. බලයෙන් සැරසී නොමැති සාමාජිකයන් සඳහා දේවමාළිගා නිර්දේශ. මෙම නිර්දේශයන් ලබාදෙන්නේ තම දෙමාපියන්ට මුද්‍රා වීමට හෝ නියෝජිත බව්තීස්ම සහ ස්ථිර කිරීම් සිදු කිරීමට යන බලයෙන් සැරසී නොමැති සාමාජිකයින් සඳහා වේ. නායක සහ ලිපිකරු සම්පත් [Leader and Clerk Resources] (LCR) හරහා ඒවා නිකුත් කෙරේ. වැඩි විස්තර සඳහා, 26.4 බලන්න.

  2. ජීවත් වන අය සඳහා වූ නියෝග සඳහා දේවමාළිගා නිර්දේශය මෙම නිර්දේශ ලබාදෙන්නේ තම බලයෙන් සැරසීම ලබාගැනීමට හෝ කලත්‍රයෙකුට මුද්‍රා වීමට යන සාමාජිකයින් සඳහා වේ. ජීවත් වන අය සඳහා වූ නියෝග සඳහා වන නිර්දේශය බලයෙන් සැරසුණු සාමාජිකයන් සඳහා ඇති සාමාන්‍ය දේවමාළිගා නිර්දේශය සමඟ අමුණා ඇත (පහත විස්තර කර ඇත).

  3. බලයෙන් සැරසී ඇති සාමාජිකයන් සඳහා දේවමාළිගා නිර්දේශ. මෙම නිර්දේශ කලින් බලයෙන් සැරසී ඇති සාමාජිකයින් සඳහා වේ. ඒවා LCR හරහා නිකුත් කෙරේ. මියගිය අය සඳහා වන සියලුම දේවමාළිගා නියෝග වලට සහභාගී වීමට ඒවා සාමාජිකයෙකුට බලය ලබාදෙයි. බලයෙන් සැරසී සිටින සාමාජිකයෙකු, ජීවත්ව සිටින හෝ මියගිය දෙමාපියන්ට හෝ දරුවන්ට මුද්‍රා වන විටද ඒවා භාවිතා වේ. වැඩි විස්තර සඳහා, 26.3 බලන්න.

26.2

දේවමාළිගා නිර්දේශ ආරක්ෂා කිරීම

26.2.1.

පූජක නායකයන් විසින් දේවමාළිගා නිර්දේශ ආරක්ෂා කිරීම

දේවමාළිගා නිර්දේශ පොත් ලඟ තබාගැනීමට අවසර දී ඇති පූජක නායකයින් ඒවා ප්‍රවේශමින් ආරක්ෂා කළ යුතුය.

LCR හි දේවමාළිගා නිර්දේශ තොරතුරු සඳහා අනවසර පුද්ගලයින්ට ප්‍රවේශය නොමැති බව පූජකවරය දරන නායකයින් වගබලා ගත යුතුය.

26.2.3

නැතිවූ සහ සොරකම් කරන ලද නිර්දේශ

සාමාජිකයින්ගේ නිර්දේශයක් නැතිවී හෝ සොරකම් කර ඇති නම් ඒ පිළිබඳව වහාම සභානායකවරයාට දන්වන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. ඔහු හෝ පවරා ඇති උපදේශකයෙකු හෝ ලිපිකරුවෙකු හැකි ඉක්මනින් නිර්දේශය අවලංගු කිරීමට LCR භාවිතා කරයි. මෙම පද්ධතිය ක්‍රියාත්මක නොමැති නම්, නිර්දේශය අවලංගු කිරීමට සභානායකවරයා දේවමාළිගා කාර්යාලය අමතයි.

26.2.4

සුදුසුකමේ ප්‍රමිතීන්ට අනුකූලව ජීවත් නොවන නිර්දේශ හිමිකරුවන්

වත්මන් නිර්දේශයක් ඇති සාමාජිකයෙකු එහි සුදුසුකමේ ප්‍රමිතීන්ට අනුකූලව ජීවත් නොවන බව සභානායකවරයා තීරණය කරන්නේ නම් (බලන්න 26.3), ඔහු සාමාජිකයාගෙන් නිර්දේශය ඉල්ලා සිටියි. ඔහු නිර්දේශය අවලංගු කිරීමට LCR භාවිතා කරයි. මෙම පද්ධතිය ක්‍රියාතමක නොමැති නම්, නිර්දේශය අවලංගු කිරීමට සභානායකවරයා දේවමාළිගා කාර්යාලය අමතයි.

26.3

දේවමාළිගා නිර්දේශ නිකුත් කිරීම සඳහා පොදු මාර්ගෝපදේශ

පූජකවරය දරන නායකයින් නිර්දේශයක් නිකුත් කළ යුත්තේ සාමාජිකයා විසින් දේවමාළිගා නිර්දේශ ප්‍රශ්නවලට නිසි ලෙස පිළිතුරු දෙන්නේ නම් පමණි.

දේවමාළිගා නිර්දේශ සඳහා වන සම්මුඛ සාකච්ඡා ඉක්මන් නොවිය යුතුය. ඒවා පුද්ගලික විය යුතුය. කෙසේ වෙතත්, සම්මුඛ සාකච්ඡාවට භාජනය වන පුද්ගලයාට වෙනත් වැඩිහිටියෙකුට පැමිණ සිටින ලෙස ආරාධනා කළ හැකිය.

දේවමාළිගා නිර්දේශ පොතේ දක්වා ඇති අවශ්‍යතා වලට අමතර වෙනත් කිසිඳු දෙයක් පූජකවරය දරන නායකයින් විසින් එකතු නොකළ යුතුය. එමෙන්ම ඔවුන් කිසිඳු අවශ්‍යතාවයක් එයින් ඉවත් නොකළ යුතුය.

ස්ටේක වලදී, දේවමාළිගා නිර්දේශයක් නිකුත් කිරීමෙන් පසු ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙකු හෝ ස්ටේක ලිපිකරුවෙකු විසින් එය LCR හි සක්‍රීය කරයි. දිස්ත්‍රික්ක වලදී, ධර්මදූත සභාපතිත්වයේ සාමාජිකයෙකු හෝ ධර්මදූතයේ ලිපිකරුවෙකු විසින් එම නිර්දේශය ක්‍රියාත්මක කරයි. නියෝජිත බව්තීස්ම සහ ස්ථිර කිරීම් සඳහා වන නිර්දේශ සක්‍රීය වන්නේ, සභානායකත්වයේ සාමාජිකයෙකු හෝ ශාඛා සභාපතිවරයා විසින් ඒවා මුද්‍රණය කළ විට ය.

26.3.1.

කොට්ඨාශ සහ ශාඛා වල සාමාජිකයින්ට දේවමාළිගා නිර්දේශ සඳහා සම්මුඛ පරීක්ෂණ

කොට්ඨාශයක, සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් දේවමාළිගා නිර්දේශ සම්මුඛ සාකච්ඡා පවත්වන අතර සුදුසු අයට නිර්දේශ නිකුත් කරයි. ශාඛාවක, දේවමාළිගා නිර්දේශ සම්මුඛ සාකච්ඡා පවත්වා නිර්දේශ නිකුත් කරන්නේ ශාඛා සභාපතිවරයා පමණි.

කොට්ඨාශයක, පහත සඳහන් සාමාජිකයින් සමඟ සභානායකවරයා පුද්ගලිකව සම්මුඛ සාකච්ඡා පවත්වයි:

  • තමන්ගේ බලයෙන් සැරසීම ලබාගන්නා අය (බලන්න 27.1 සහ 27.2).

  • කලත්‍රයෙකුට මුද්‍රා‍ වන අය (බලන්න 27.3).

හදිසි අවස්ථා වලදී සභානායකවරයා නොමැති විට, මෙම සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහුට ඔහුගේ උපදේශකයෙකුට බලය පැවරිය හැකිය.

ඉහත ලැයිස්තුගත කර ඇති ඕනෑම අවස්ථාවක නිර්දේශයක් නිකුත් කිරීමට පෙර, සභානායකවරයා විසින් සාමාජිකයාගේ වාර්තාව සමාලෝචනය කර එහි සභාවේ සාමාජික සීමාවන් පිළිබඳ සටහනක් ඇතුළත් කර නොමැති බව තහවුරු කරයි. තමන්ගේම බලයෙන් සැරසීම ලබාගන්නා හෝ කලත්‍රයෙකුට මුද්‍රා වන සාමාජිකයින් සඳහා, ඔහු පහත සඳහන් දේවල් පිළිබඳවද සැලකිලිමත් වෙයි:

  • පුද්ගලයාගේ බව්තීස්මය සහ ස්ථිර කිරීම සාමාජික වාර්තාවේ සටහන් කර ඇති බව.

  • සහෝදරයන් මෙල්කිසදෙක් පූජකවරය ලබා ඇති බව.

සභානායකත්වයේ සාමාජිකයෙකු හෝ ශාඛා සභාපතිවරයාගේ සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙකු විසින් එම ස්ටේකයේ ජීවත් වන සාමාජිකයින් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වයි. දිස්ත්‍රික්කයක ජීවත් වන සාමාජිකයින් සඳහා ධර්මදූත සභාපතිත්වයේ සාමාජිකයෙකු විසින් සම්මුඛ සාකච්ඡා පවත්වයි. පළමු සභාපතිත්වයේ අවසර ලබාගැනීමෙන් තොරව දිස්ත්‍රික්ක සභාපතිවරයෙකු සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ නැත.

26.3.2

හුදකලා ප්‍රදේශවල සාමාජිකයින්ට දේවමාළිගා නිර්දේශ සඳහා සම්මුඛ පරීක්ෂණ

සමහර සාමාජිකයින් ස්ටේක හෝ ධර්මදූත සභාපතිත්වයේ සාමාජිකයෙකු හමුවීමට මිල අධික ගමන් හෝ විශාල දුෂ්කරතා අවශ්‍ය ප්‍රදේශවල ජීවත් වෙති. මෙම අවස්ථා වලදී, දේවමාළිගා සභාපතිවරයෙකුට එම පුද්ගලයා සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා නිර්දේශයට අත්සන් කළ හැකිය. සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට පෙර, ඔහු ස්ටේක හෝ ධර්මදූත සභාපතිවරයා සමඟ සාකච්ඡා කරයි. සභානායකවරයා, බලයලත් උපදේශකයෙකු හෝ ශාඛා සභාපතිවරයා දැනටමත් එම සාමාජිකයා සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා නිර්දේශයට අත්සන් කර තිබිය යුතුය.

26.4

බලයෙන් සැරසී නොමැති සාමාජිකයින් සඳහා දේවමාළිගා නිර්දේශ නිකුත් කිරීම

26.4.1.

පොදු මාර්ගෝපදේශ

බලයෙන් සැරසී නොමැති සාමාජිකයින්ට දේවමාළිගා නිර්දේශ නිකුත් කරන්නේ පහත ආකාරයටය:

  • වයස අවුරුදු 11 සහ ඊට වැඩි අයට මළවුන් සඳහා බව්තීස්ම වීමට සහ ස්ථිර වීමට. (තරුණ ගැහැණු ළමුන් සහ නියම කරන ලද තරුණ පිරිමි ළමුන් ඔවුන්ට වයස අවුරුදු 12 ක් වන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට දේවමාළිගා නිර්දේශයක් ලැබීමට සුදුසුකම් ලබයි.)

  • වයස අවුරුදු 8 සිට 20 දක්වා සාමාජිකයින් සඳහා ඔවුන්ගේ දෙමාපියන්ට මුද්‍රා වීමට. වයස අවුරුදු 8 ට අඩු දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන්ට මුද්‍රා වීමට නිර්දේශයක් අවශ්‍ය නොවේ (බලන්න 26.4.4).

  • වයස අවුරුදු 8 සිට 20 දක්වා සාමාජිකයින් සඳහා ඔවුන්ගේ ජීවත්වන සහෝදර සහෝදරියන්, සුළු සහෝදර සහෝදරියන් හෝ අර්ධ සහෝදර සහෝදරියන් ඔවුන්ගේ දෙමාපියන්ට මුද්‍රා වීම නිරීක්ෂණය කිරීම සඳහා.

කලින් බලයෙන් සැරසීම ලබා ඇති සාමාජිකයින්ට මෙම කොටසේ පැහැදිලි කර ඇති නිර්දේශ කිසිවක් නිකුත් නොකෙරේ.

පූජකවරය දැරීමට තරම් වයසැති සභාවේ පිරිමි සාමාජිකයෙකු දේවමාළිගා නිර්දේශයක් ලැබීමට පෙර ඔහුව පූජකවර තත්වයකට නියම කළ යුතුමය.

26.4.2

අලුතින් බව්තීස්ම වූ සාමාජිකයින් සඳහා දේවමාළිගා නිර්දේශ

නියෝජිත බව්තීස්ම සහ ස්ථිර කිරීම් සඳහා පමණක් වන දේවමාළිගා නිර්දේශයක් ලබා ගැනීමට සුදුසු වයසේ සිටින නව සාමාජිකයින් සමඟ සභානායකවරයා සම්මුඛ සාකච්ඡා පවත්වයි. සාමාන්‍යයෙන් සතියක් ඇතුළත, සාමාජිකයාගේ ස්ථිර කිරීමෙන් පසු ඔහු මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වයි (බලන්න 26.4.1). සහෝදරයන් සඳහා, මෙම සම්මුඛ සාකච්ඡාව ආරෝනික පූජකවරය ලබා ගැනීම සඳහා කරන සම්මුඛ සාකච්ඡාවේ කොටසක් ලෙස පැවැත්විය හැකිය.

26.4.3

නියෝජිත බව්තීස්ම සහ ස්ථිර කිරීම් සඳහා පමණක් වූ දේවමාළිගා නිර්දේශ

නියෝජිත බව්තීස්ම සහ ස්ථිර කිරීම් සඳහා නිකුත් කරන දේවමාළිගා නිර්දේශ භාවිතා කළ හැක්කේ ඒ සඳහා පමණි.

26.4.4

ජීවත්වන දරුවන්ව දෙමාපියන්ට මුද්‍රා තැබීම සඳහා වූ දේවමාළිගා නිර්දේශ

වයස අවුරුදු 21ක් වන හෝ ඊට වැඩි සාමාජිකයින්ට ඔවුන්ගේ දෙමාපියන්ට මුද්‍රා විය හැක්කේ හෝ මුද්‍රා තැබීමක් නිරීක්ෂණය කළ හැක්කේ ඔවුන් (1) බලයෙන් සැරසී ඇත්නම් සහ (2) වලංගු දේවමාළිගා නිර්දේශයක් ඇත්නම් පමණි.

26.5

විශේෂ අවස්ථා වලදී දේවමාළිගා නිර්දේශ නිකුත් කිරීම

26.5.1.

ඔවුන්ගේම බලයෙන් සැරසීම ලබාගන්නා සාමාජිකයින්

තමන්ගේම බලයෙන් සැරසීම ලබා ගැනීමට කැමති සුදුසුකම් ලත් සාමාජිකයින්ට පහත සඳහන් සියලු කොන්දේසි සපුරාලීමෙන් ඒ සඳහා සහභාගී විය හැකිය:

  • ඔවුන් අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය.

  • ඔවුන් උසස් පාසල, ද්විතීයික පාසල හෝ ඊට සමාන අධ්‍යාපනයක් සම්පූර්ණ කර හෝ තවදුරටත් සහභාගී නොවනවා විය යුතුය.

  • ඔවුන්ගේ ස්ථිර කිරීමෙන් වසරක් සම්පූර්ණ වී තිබිය යුතුය.

  • ඔවුන්ගේ ජීවිත කාලය පුරාම දේවමාළිගාවේ ගිවිසුම් ලබා ගැනීමට හා ඒවාට ගරු කිරීමට ඔවුන්ට ආශාවක් දැනිය යුතුය.

මීට අමතරව, පිරිමි පුද්ගලයෙකු තම බලයෙන් සැරසීම ලබාගැනීමට පෙර මෙල්කිසදෙක් පූජකවරය දැරිය යුතුය. තමන්ගේම බලයෙන් සැරසීම ලබා ගැනීමට සාමාජිකයින්ගේ සූදානම් වීම පිළිබඳ තොරතුරු සඳහා, 25.2.8 බලන්න. බලයෙන් සැරසීම ලැබිය හැක්කේ කාටද යන්න පිළිබඳ තොරතුරු සඳහා, 27.2.1 බලන්න.

26.5.3

නිවසින් බැහැර සේවයෙන් ආපසු පැමිණෙන තරුණ ධර්මදූතයින්

ධර්මදූත සභාපතිවරයා මෙම නිර්දේශයේ දිනය සඳහන් කර එය සක්‍රීය කරයි, එවිට ධර්මදුතවරයා නැවත නිවසට පැමිණි දින සිට මාස තුනකින් එය කල් ඉකුත් වේ.

මාස තුනක කල් ඉකුත් වීමේ කාලය අවසන් වීමට ආසන්නව නව දේවමාළිගා නිර්දේශයක් නිකුත් කිරීම සඳහා සභානායකවරයා විසින් සේවය නිම වී නැවත පැමිණි ධර්මදූතවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි.

26.5.4

අවම වශයෙන් එක් වසරක් පුරාවට එකම කොට්ඨාශයේ ජීවත් නොවූ සාමාජිකයින්

දේවමාළිගා නිර්දේශ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට පෙර එම සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් පෙර සභානායකවරයාව සම්බන්ධ කර ගනියි.

26.5.7

සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා සාමාජිකයින්

තනි පුද්ගල තත්වයන් සංවේදීව හා ක්‍රිස්තුස්වහන්සේගේ හා සමාන ප්‍රේමයකින් ආමන්ත්‍රණය කිරීම සඳහා ස්ටේක සභාපතිවරයා ප්‍රදේශීය සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතුය (බලන්න 38.6.23).

26.5.8

බරපතළ පාපයක් කර ඇති සාමාජිකයින්

බරපතළ පාපයක් කර ඇති සාමාජිකයෙකුට ඔහු හෝ ඇය පසුතැවිලි වන තෙක් දේවමාළිගා නිර්දේශය ලැබිය නොහැකිය (බලන්න 32.6).

26.5.9

සභාවේ සාමාජිකත්වය ඉවත් කිරීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු නැවත ඇතුළත් කර ඇති සාමාජිකයින්

26.5.9.1

කලින් බලයෙන් සැරසී නොමැති සාමාජිකයින්

මෙම සාමාජිකයින්ව බව්තීස්මය සහ ස්ථිර කිරීම මගින් සභාවට නැවත භාරගත් දින සිට වසරක් සම්පූර්ණ වන තෙක් ඔවුන්ගේම බලයෙන් සැරසීම ලබා ගැනීම සඳහා ඔවුන්ට නිර්දේශ නිකුත් කළ නොහැකිය.

26.5.9.2

කලින් බලයෙන් සැරසී ඇති සාමාජිකයින්

ආශිර්වාද නැවත පිහිටුවීමේ නියෝගය හරහා මෙම සාමාජිකයින්ගේ දේවමාළිගා ආශිර්වාද නැවත ලබාදෙන තුරු කලින් බලයෙන් සැරසී ඇති සාමාජිකයින්ට කිසිම ආකාරයක දේවමාළිගා නිර්දේශයක් ලැබිය නොහැකිය.