අත්පොත් සහ කැඳවීම්
25. කොට්ඨාශයේ සහ ස්ටේකයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය


“25. කොට්ඨාශයේ සහ ස්ටේකයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“25. කොට්ඨාශයේ සහ ස්ටේකයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
දේවමාළිගාව

25.

කොට්ඨාශයේ සහ ස්ටේකයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය

25.0

හැඳින්වීම

දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු යනු පවුල් සදාකාලිකව එකතු කිරීමේ සහ මුද්‍රා තැබීමේ ආකාරයයි (බලන්න මතෙව් 16:19). මෙම කාර්යයට ඇතුළත් වන්නේ:

වැඩි විස්තර “Temples” සහ “Family History” හරහා ලබා ගත හැකිය (Gospel Topics, topics.ChurchofJesusChrist.org).

25.1

දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයන් සඳහා සාමාජිකයින්ගේ සහ නායකයින්ගේ සහභාගීත්වය

සභාවේ සාමාජිකයින්ට ඔවුන්ගේ පවුල් සදාකාලිකව එක්සත් කිරීමට උපකාර කිරීමට වරප්‍රසාද සහ වගකීමක් ඇත. දේවමාළිගාවේ නියෝග ලබාගන්නා විට ගිවිසුම් ඇති කර ගැනීමට ඔවුන් සූදානම් වන අතර, එම ගිවිසුම් පවත්වා ගැනීමට ඔවුන් වෙහෙසෙති.

දේවමාළිගා නියෝග නොලැබුණු ඔවුන්ගේ මියගිය ඥාතීන් හඳුනා ගැනීමට සභාවේ සාමාජිකයන්ව දිරිමත් කරනු ලැබේ. ඉන්පසු සාමාජිකයින් විසින් එම ඥාතීන් වෙනුවෙන් එම නියෝග ඉටු කරයි (බලන්න දහම සහ ගිවිසුම් 128:18). ආත්මික ලෝකයේ, මියගිය පුද්ගලයන් වෙනුවෙන් අප ඉටු කරන නියෝග ඔවුන්ට පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගත හැකිය.

25.1.1

දේවමාළිගාවට සහභාගී වීම සඳහා ඇති පුද්ගල වගකීම

දේවමාළිගාවේ නමස්කාර කළ යුත්තේ කවදාද සහ කොපමණ වාරයක්ද යන්න සාමාජිකයින් විසින්ම තීරණය කරති. නායකයින් දේවමාළිගා සහභාගී වීම් සඳහා නිශ්චිත වාර හෝ වාර්තා කිරීමේ ක්‍රම ස්ථාපිත නොකරති.

25.2

කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයන් සංවිධානය කිරීම

25.2.1

සභානායකත්වය

කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස ප්‍රයත්නයන් මෙහෙයවන විට සභානායකත්වය වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිවරුන් සමඟ සම්බන්ධීකරණය කරයි. මෙම නායකයින් ක්‍රමවත්ව එකට එක් වී සාකච්ඡා කරති.

කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු සඳහා සභානායකත්වයට පහත වගකීම් ද ඇත:

  • දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු පිළිබඳ දහම සහ ආශිර්වාද සභාවේදී උගන්වනු ලබන බවට සහතික කරගැනීම.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවේදී සහ කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාවේදී දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු සම්බන්ධීකරණය කරන බවට සහතික කරගැනීම.

  • දේවමාළිගාව සඳහා සූදානම් වීමේ පාඨමාලා සංවිධානය කිරීම අධීක්ෂණය කිරීම (බලන්න 25.2.8).

  • දේවමාළිගා නිර්දේශ නිකුත් කිරීම (26 වෙනි පරිච්ඡේදය බලන්න).

25.2.2

වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන්

වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන් විසින් කොට්ඨාශයේ එදිනෙදා දේවමාළිගා සහ පවුල් ඉතිහාස ප්‍රයත්නයන්ට නායකත්වය ලබාදෙයි (බලන්න 8.2.4 සහ 9.2.4). සභානායකවරයාගේ සම්බන්ධීකරණය යටතේ, කොට්ඨාශ මන්ත්‍රණ සභාව සමඟ මෙම ප්‍රයත්නයන් මෙහෙයවීමට ඔවුන් එකට එක්ව කටයුතු කරති.

මෙම නායකයින්ට පහත වගකීම් ඇත:

  • සාමාජිකයින්ට දේවමාළිගා නියෝග ලබා ගැනීමට සහ දේවමාළිගා ගිවිසුම් ඇති කර ගැනීමට උදව් කිරීම.

  • ඔවුන්ගේ තත්වයන් ඉඩ දෙන සෑම විටම දේවමාළිගාවේ නමස්කාර කිරීමට සාමාජිකයන්ව දිරිගැන්වීම.

  • සාමාජිකයින්ට ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැන ඉගෙන ගැනීමට සහ එම මුතුන් මිත්තන් වෙනුවෙන් දේවමාළිගා නියෝග ඉටු කිරීමට ඔවුන්ව දිරිමත් කිරීම.

  • කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයාගේ වැඩ කටයුතු මෙහෙයවීම. මෙම නායකයාව කැඳවා නොමැති නම්, වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයෙකු මෙම කාර්යභාරය ඉටු කරයි (බලන්න 25.2.3).

කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු මෙහෙයවීමට උපකාර කිරීම සඳහා වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා සහ සහන සමිති සභාපතිනිය යන දෙදෙනාම ඔවුන්ගේ සභාපතිත්ව සාමාජිකයෙකුව පත් කරයි. මේ සභාපතිත්ව සාමාජිකයින් දෙදෙනා එකට එක්ව වැඩ කරති. ඔවුන් කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස සම්බන්ධීකරණ රැස්වීම්වලට සහභාගී වෙති (බලන්න 25.2.7).

25.2.3

කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයා

කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයෙකු කැඳවිය යුතුද යන්න තීරණය කිරීමට සභානායකවරයා ස්ටේක සභාපතිවරයා සමඟ සාකච්ඡා කරයි. මෙම පුද්ගලයා මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විය යුතුය.

කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයා වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ සහ සහන සමිති සභාපතිත්වයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස වගකීම් වලදී ඔවුන්ට සහය දක්වයි. ඔහුට පහත වගකීම් ද ඇත:

  • කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස සම්බන්ධීකරණ රැස්වීම් මෙහෙයවීම (බලන්න 25.2.7).

  • කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස උපදේශකයින්ට උපදෙස් ලබාදීම. දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු සඳහා සාමාජිකයින්ට උපකාර කිරීමට ඔවුන්ගේ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම.

  • ශුභාරංචිය ඉගෙන ගන්නා අයට, නව සාමාජිකයින්ට සහ ආපසු පැමිණෙන සාමාජිකයින්ට දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතුවල නියැලීමට උපකාර කිරීම සඳහා කොට්ඨාශ ධර්මදූත නායකයා සහ ධර්මදූතයින් සමඟ වැඩ කිරීම.

25.2.4

කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස උපදේශකයින්

මෙම කාර්යභාරය ඉටු කරන කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස උපදේශකයින්, මෙම කාර්යභාරය ඉටු කරන කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයාගේ හෝ වැඩිහිටි ගණපූරණ සභාපතිත්ව සාමාජිකයාගේ මගපෙන්වීම යටතේ සේවය කරති. සභානායකත්වය මෙම සාමාජිකයින්ව සේවය කිරීම සඳහා කැඳවයි. වැඩිහිටියන් හා යෞවනයින්වද කැඳවිය හැකිය.

උපදේශකයින්ට පහත වගකීම් ඇත:

  • සාමාජිකයින්ට ඔවුන්ගේ මුතුන් මිත්තන්ව සොයා ගැනීමේ සහ ඔවුන් වෙනුවෙන් දේවමාළිගාවේ නියෝග ඉටු කිරීමේ ආශිර්වාද අත්විඳීමට උදව් කිරීම.

  • සාමාජිකයින්ට දේවමාළිගා නියෝග ලබා ගැනීමට සහ දේවමාළිගා ගිවිසුම් ඇති කර ගැනීමට උදව් කිරීම.

  • කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාසය සම්බන්ධීකරණ රැස්වීම් වලට සහභාගී වීම (බලන්න 25.2.7).

25.2.7

කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස සම්බන්ධීකරණ රැස්වීම්

කෙටි අවිධිමත් කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාසය සම්බන්ධීකරණ රැස්වීම් ක්‍රමවත්ව පවත්වනු ලැබේ. කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස නායකයෙකුව කැඳවනු ලැබුවහොත්, ඔහු මෙම රැස්වීම් මෙහෙයවයි. එසේ නොමැති නම්, මෙම භූමිකාව ඉටු කරන වැඩිහිටි ගණපූරණ සභාපතිත්ව සාමාජිකයා විසින් ඒවා මෙහෙයවනු ලැබේ.

මේ සඳහා ආරාධනා ලබන අනෙකුත් අය වන්නේ:

  • සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන්ගෙන් පත් කරන ලද සාමාජිකයින්.

  • පූජක ගණපූරණයේ සහායකයෙක්.

  • වයසින් වැඩිම තරුණ ගැහැණු ළමුන්ගේ පන්තියේ සභාපතිත්ව සාමාජිකාවක්.

  • දේවමාළිගා සහ පවුල් ඉතිහාස උපදීශකයින්.

මෙම රැස්වීම්වල අරමුණ වන්නේ:

  • ඉල්ලා සිටින පරිදි, නිශ්චිත කොට්ඨාශ සාමාජිකයින්ට ඔවුන්ගේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු සඳහා උපකාර කරන්නේ කෙසේදැයි සැලසුම් කිරීම.

මෙම රැස්වීම් පුද්ගලිකව හෝ දුරස්ථව පැවැත්විය හැකිය. සම්බන්ධීකරණය දුරකථන ඇමතුම්, කෙටි පණිවිස සහ විද්‍යුත් තැපෑල ඇතුළු වෙනත් ආකාරවලින්ද සිදු විය හැකිය.

25.2.8

දේවමාළිගාවට සූදානම් වීමේ පාඨමාලාව

සාමාජිකයින් දේවමාළිගා නියෝග ලබාගන්නා විට ඔවුන්ට ගිවිසුම් ඇති කර ගැනීමට සූදානම් වීමට උපකාර කිරීම සඳහා දේවමාළිගාව සඳහා සූදානම් කිරීමේ පාඨමාලාවක්, සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කළ හැකිය. මෙම පාඨමාලා සාමාන්‍ය ඉරිදා රැස්වීම්වලින් පිටත සාමාජිකයින්ට පහසු වේලාවක පවත්වනු ලැබේ. ඒවා සභා ශාලාවක හෝ නිවසක පැවැත්විය හැකිය.

මෙම පාඨමාලාව සංවිධානය කිරීම සඳහා පාඩම් සහ උපදෙස් Endowed from on High: Temple Preparation Seminar Teacher’s Manual හි ඇත. සහභාගිවන්නන්ට Preparing to Enter the Holy Temple යන්නෙහි පිටපත් ලබා දෙනු ලැබේ. පුද්ගලික අධ්‍යයනය සහ පාඩම් සම්පත් සඳහා, බලන්න temples.ChurchofJesusChrist.org.

25.4

පවුල් ඉතිහාස සම්පත්

25.4.1

මගේ පවුල: අපව එකට එක්රැස් කරන කථාන්දර

My Family: Stories That Bring Us Together යන පොත පුද්ගලයින්ට ඔවුන්ගේ ඥාතීන් සහ මුතුන් මිත්තන්ව සොයා ගැනීමට සහ ඔවුන්ගේ කථා එකතු කිරීමට උපකාර කරයි. මෙම පොත් පිංච සාමාජිකයන්ට දේවමාළිගා නියෝග සඳහා පෙළපත් නම් සකස් කිරීමටද උපකාරී විය හැකිය.

මෙම පොත් පිංච පහතින් බාගත කළ හැකිය ChurchofJesusChrist.org. භෞතික පිටපත් store.ChurchofJesusChrist.org තුළින් ඇණවුම් කළ හැකිය.

25.4.2

FamilySearch.org සහ FamilySearch යෙදුම්

FamilySearch.org යනු දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු සඳහා සභාවේ වෙබ් අඩවිය වේ. එය පරිශීලකයින්ට මෙසේ උපකාර කරයි:

  • පවුල් ගස් සම්බන්ධතා සහ සබඳතා ගොඩනගා ගැනීමට.

  • මුතුන් මිත්තන්ව සහ ඔවුන්ගේ කථා සොයා ගැනීමට.

  • පවුලේ කථා, ඡායාරූප සහ ඉතිහාස බෙදා ගැනීමට සහ සුරැකීමට.

  • දේවමාළිගා නියෝග සඳහා පෙළපත් නම් සකස් කිරීමට.

FamilySearch Tree යෙදුම සහ FamilySearch Memories යෙදුම ජංගම උපාංගවලින් දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතුවලට සහභාගී වීමට පුද්ගලයින්ට හැකියාව ලබා දෙයි.

25.5

දේවමාළිගා සේවකයන් නිර්දේශ කිරීම සහ කැඳවීම

25.5.1

දේවමාළිගා සේවකයන් නිර්දේශ කිරීම

දේවමාළිගා සේවකයින් විය හැකි අයව පහත ආකාරවලින් හඳුනා ගැනේ:

  • සභානායකවරයා හෝ වෙනත් කොට්ඨාශ නායකයෙකු විසින් හඳුනාගත් සාමාජිකයින්

  • සේවය කිරීම සඳහා සභානායකවරයා වෙත පැමිණෙන සාමාජිකයින්

  • දේවමාළිගා සභාපතිවරයා, එම සහායිකාව හෝ වෙනත් දේවමාළිගා නායකයෙකු විසින් නිර්දේශ කරනු ලබන සාමාජිකයින්

  • ධර්මදූත සේවය සඳහා සූදානම් වන හෝ මෑතකදී ආපසු පැමිණි සාමාජිකයන් (24 වෙනි පරිච්ඡේදය බලන්න)

දේවමාළිගා සේවකයින් විය හැකි අයගේ නම් ඉදිරිපත් කරනු ලබන්නේ Recommend Temple Worker මෙවලම භාවිතා කරමිනි. මෙම මෙවලමට සභානායකවරුන්ට, ස්ටේක සභාපතිවරුන්ට සහ දේවමාළිගා සභාපතිවරුන්ට ප්‍රවේශ විය හැකිය.