අත්පොත් සහ කැඳවීම්
27. ජීවත්වන්නන් සඳහා වූ දේවමාළිගා නියෝග


“27. ජීවත්වන්නන් සඳහා වූ දේවමාළිගා නියෝග,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“27. ජීවත්වන්නන් සඳහා වූ දේවමාළිගා නියෝග,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මනාලයා සහ මනාලිය

27.

ජීවත්වන්නන් සඳහා වූ දේවමාළිගා නියෝග

27.0

හැඳින්වීම

දේවමාළිගාව ස්වාමින්වහන්සේගේ නිවසයි. එය අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපව යොමු කරයි. දේවමාළිගා වලදී, අපි පූජනීය නියෝග වලට සහභාගී වන අතර, අපව දෙවියන්වහන්සේට සහ අපගේ ගැලවුම්කරුවාණන්ට බැඳ තබන ගිවිසුම් අපි ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ඇති කර ගන්නෙමු. මෙම ගිවිසුම් සහ නියෝග, අපට ස්වර්ගික පියාණන්වහන්සේගේ අභිමුඛයට නැවත යාමට සහ සදාකාලයටම පවුල් වශයෙන් එකට මුද්‍රා වීමට අපව සූදානම් කරයි.

දේවමාළිගාවේ ගිවිසුම් සහ නියෝග වලදී, “දේවත්වයේ බලය එළිදරව් කරනු ලබන්නේය” (දහම සහ ගිවිසුම් 84:20).

දේවමාළිගාවේ ගිවිසුම් සහ නියෝග පරිශුද්ධයි. දේවමාළිගාවේ ගිවිසුම් හා සම්බන්ධ සංකේත දේවමාළිගාවෙන් පිටත සාකච්ඡා නොකළ යුතුය. එමෙන්ම අප දේවමාළිගාවේදී හෙළි නොකරන බවට පොරොන්දු වන ශුද්ධ තොරතුරු අප සාකච්ඡා නොකළ යුතුය. කෙසේවෙතත්, දේවමාළිගාවේ ගිවිසුම් සහ නියෝග වල මූලික අරමුණු සහ දහම සහ දේවමාළිගාව තුළ අපට ඇති වූ අධ්‍යාත්මික හැඟීම් ගැන අපට සාකච්ඡා කළ හැකිය.

කොට්ඨාශ සහ ස්ටේක නායකයින් මෙම පරිච්ඡේදයේ තොරතුරු, බලයෙන් සැරසීම් හෝ මුද්‍රා වීමේ නියෝගය ලබා ගැනීමට සූදානම් වන සාමාජිකයින් සමඟ සාකච්ඡා කරති.

27.1

දේවමාළිගා නියෝග ලබාගැනීම

27.1.1

දේවමාළිගා නියෝග ලැබීමට සූදානම් වීම

දේවමාළිගාවේ නියෝග ලබා ගැනීමට සහ දේවමාළිගාවේ ගිවිසුම් ඇති කර ගැනීමට සහ ඒවාට ගරු කිරීමට සාමාජිකයින් අධ්‍යාත්මිකව සූදානම් විය යුතුය.

දරුවන්ට දේවමාළිගා නියෝග ලබා ගැනීමට සූදානම් වීමට උපකාර කිරීමේ මූලික වගකීම දෙමාපියන් සතුය. ස්ටේක සහ කොට්ඨාශ නායකයන්, දේවසේවා සහෝදර සහෝදරියන් සහ පවුලේ ලඟම ඥාතීන් මෙම කාර්යභාරය සඳහා දෙමාපියන්ට සහයෝගය දක්වති.

දේවමාළිගා නියෝග ලබා ගැනීමට සාමාජිකයින්ට උපකාර කිරීම සඳහා සම්පත් පහත සබැඳිය හරහා ලබා ගත හැකිය temples.ChurchofJesusChrist.org.

තමන්ගේම බලයෙන් සැරසීම ලබා ගැනීමට හෝ කලත්‍රයෙකුට මුද්‍රා වීමට සූදානම් වන සාමාජිකයින්ව දේවමාළිගාව සඳහා සූදානම් වීමේ පාඨමාලාවකට සහභාගී වීමට උනන්දු කරනු ලැබේ (බලන්න 25.2.8).

27.1.3

ශාරීරික ආබාධ සහිත සාමාජිකයින්

ශාරීරික ආබාධ සහිත සුදුසු සාමාජිකයින්ට සියලුම දේවමාළිගා නියෝග ලැබිය හැකිය. මෙම සාමාජිකයින්ට උපකාර කළ හැකි එකම ස්ත්‍රී පුරුෂ භාවයේ ඥාතීන් හෝ මිතුරන් සමඟ ඔවුන්ට දේවමාළිගාවට පැමිණීමට උනන්දු කරනු ලැබේ. එම සාමාජිකයින්ට පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු සමඟ පැමිණීමට නොහැකි නම්, ඒ සඳහා කුමක් සූදානම් කළ හැකි දැයි බැලීමට ඔවුන්ට දේවමාළිගාවට කල්තියා ඇමතිය හැකිය.

27.1.4

පරිවර්තන හෝ අර්ථකථන සහාය

සාමාජිකයින්ට පරිවර්තන හෝ අර්ථකථන සහාය අවශ්‍ය නම්, එම සහය ලබාගත හැකි දැයි බැලීමට ඔවුන් කල්තියාම දේවමාළිගාව හා සම්බන්ධ විය යුතුය.

27.1.5

දේවමාළිගාවේදී අඳින ඇඳුම්

දේවමාළිගාවකට යන විට, සාමාජිකයින් සක්‍රමේන්තු රැස්වීමට සාමාන්‍යයෙන් අඳින ආකාරයේ ඇඳුම් ඇඳිය යුතුය.

දේවමාළිගා විවාහයකට හෝ මුද්‍රා තැබීමට ඇඳිය යුතු ඇඳුම් පිළිබඳ තොරතුරු සඳහා 27.3.2.6 බලන්න.

පහත දේවල් සම්බන්ධ තොරතුරු සඳහා 38.5 බලන්න:

  • බලයෙන් සැරසීම සහ මුද්‍රා වීමේ නියෝගය අතරතුර ඇඳීමට ඇඳුම්.

  • චාරිත්‍රානුකූල දේවමාළිගා ඇඳුම් සහ දේවමාළිගා වස්ත්‍ර ලබා ගැනීම, ඇඳීම සහ රැකබලා ගැනීම.

27.1.6

ළමා රැකවරණය

ළමයින් දේවමාළිගා භූමියේ රැඳී සිටී නම් වැඩිහිටියන්ගේ අධීක්ෂණය තිබිය යුතුය. දේවමාළිගා සේවකයින් ළමුන් අධීක්ෂණය කිරීම සඳහා ඉදිරිපත් වන්නේ පහත සඳහන් තත්වයන් යටතේ පමණි:

  • ඔවුන් දෙමාපියන්ට මුද්‍රා වෙනවා නම්

  • ඔවුන් තම ජීවත්ව සිටින සහෝදර සහෝදරියන්, සුළු සහෝදර සහෝදරියන් හෝ අර්ධ සහෝදර සහෝදරියන් තම දෙමාපියන්ට මුද්‍රා වීම නිරීක්ෂණය කරන්නේ නම්

27.1.7

දේවමාළිගා නියෝග ලැබීමෙන් පසු සාමාජිකයින්ව හමුවීම

දේවමාළිගා නියෝග ලැබුණු පසු සාමාජිකයන්ට බොහෝ විට ඇසීමට ප්‍රශ්න තිබේ. බලයෙන් සැරසුණු පවුලේ සාමාජිකයන්ට, සභානායකවරයාට, අනෙකුත් කොට්ඨාශ නායකයින්ට සහ දේවසේවා සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ දේවමාළිගා අත්දැකීම් සාකච්ඡා කිරීමට මෙම සාමාජිකයින්ව හමුවිය හැකිය.

ප්‍රශ්නවලට පිළිතුරු දීමට උපකාර වන සම්පත් මෙහි ඇත temples.ChurchofJesusChrist.org.

27.2

බලයෙන් සැරසීම

බලයෙන් සැරසීම යන වචනයේ තේරුම “තෑග්ගක්” යන්නයි. දේවමාළිගාවේ බලයෙන් සැරසීම වචනාර්ථයෙන්ම දෙවියන්වහන්සේගෙන් ලද තෑග්ගක් වන අතර එමඟින් උන්වහන්සේ තම දරුවන්ට ආශිර්වාද කරයි. දේවමාළිගා බලයෙන් සැරසීම හරහා සාමාජිකයින්ට ලැබෙන සමහර තෑගි වලට ඇතුළත් වන්නේ:

  • ස්වාමින්වහන්සේගේ අරමුණු සහ ඉගැන්වීම් පිළිබඳ වැඩි දැනුමක්.

  • ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් කරනවාට උන්වහන්සේ කැමති, සියල්ල කිරීමට බලය.

  • ස්වාමින්වහන්සේට, ඔවුන්ගේ පවුල්වලට සහ වෙනත් අයට සේවය කරන විට දිව්‍යමය මගපෙන්වීම.

  • වර්ධනය වූ බලාපොරොත්තුව, සැනසීම සහ සාමය.

මෙම ආශිර්වාදවල ඉටුවීම රඳා පවතින්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඇදහිලිවන්තව සිටීම මතය.

බලයෙන් සැරසීම කොටස් දෙකකින් ලැබේ. පළමු කොටසේදී, පුද්ගලයෙකුට මූලික නියෝගය ලෙස හඳුන්වනු ලැබෙන ආරම්භක නියෝගය ලැබේ. මෙම මූලික නියෝගය සේදීම සහ ආලේප කිරීම ලෙසද හැඳින්වේ (බලන්න නික්මයාම 29:4–9). අදාළ පුද්ගලයාගේ දිව්‍යමය උරුමය හා හැකියාව සම්බන්ධ විශේෂ ආශිර්වාද එහි ඇතුළත් වේ.

මෙම මූලික නියෝගය අතරතුර, දේවමාළිගා වස්ත්‍ර ඇඳීමට සාමාජිකයාට බලය ලැබේ. මෙම වස්ත්‍රයෙන් නියෝජනය කරන්නේ දෙවියන්වහන්සේ සමඟ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික සම්බන්ධතාවය සහ දේවමාළිගාවේ ඇති කරගත් ගිවිසුම්වලට කීකරු වීමට ඇති කැපවීමයි. සාමාජිකයන් ඔවුන්ගේ ගිවිසුම්වලට ඇදහිලිවන්තව සිටිමින්, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම නිසි ලෙස එම වස්ත්‍ර පැළඳ සිටින විට, එය ආරක්ෂාවක් ලෙසද සේවය කරයි. මෙම වස්ත්‍ර ඇඳීම සහ රැකබලා ගැනීම පිළිබඳ තොරතුරු සඳහා, 38.5.5 බලන්න.

බලයෙන් සැරසීමේ දෙවන කොටසෙහි, මැවීම, ආදම් සහ ඒවගේ වැටීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, ඇදහිල්ලෙන් වැටීම, සහ නැවත පිහිටුවීම ඇතුළු ගැලවීමේ සැලැස්ම උගන්වනු ලැබෙයි. ස්වාමින්වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණෙන ආකාරය පිළිබඳ උපදෙස් ද සාමාජිකයින්ට ලැබේ.

බලයෙන් සැරසීමේදී, පහත සඳහන් පරිදි පූජනීය ගිවිසුම් ඇති කර ගැනීමට සාමාජිකයින්ට ආරාධනා කරනු ලැබේ:

  • කීකරුකමේ නීතියට අනුව ජීවත් වීම සහ ස්වර්ගික පියාණන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උත්සාහ කිරීම.

  • පරිත්‍යාග කිරීමේ නීතියට කීකරු වීම, එනම් ස්වාමින්වහන්සේගේ කාර්යයට සහය දැක්වීම සඳහා කැපකිරීම, සහ බිඳුණු හදවතකින් හා පසුතැවිලි වූ ආත්මයකින් පසුතැවිලි වීම.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ නීතියට කීකරු වීම, එය උන්වහන්සේ පොළොවේ සිටියදී ඉගැන්වූ උසස් නීතියයි.

  • නිර්මලකමේ නීතිය තැබීම, එයින් අදහස් කරන්නේ සාමාජිකයෙකු ලිංගික සම්බන්ධතා පවත්වන්නේ ඔහු හෝ ඇය දෙවියන්වහන්සේගේ නීතියට අනුව නීත්‍යානුකූලව හා නෛතිකව විවාහ වී සිටින පුද්ගලයා සමඟ පමණක් බවයි.

  • කැප කිරීමේ නීතිය පිළිපැදීම, එයින් අදහස් කරන්නේ සාමාජිකයන් ඔවුන්ගේ කාලය, දක්ෂතා සහ ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර ඇති සෑම දෙයක්ම පොළොවේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගොඩනැගීමට කැප කරන බවයි.

ඒ වෙනුවට, ස්වර්ගීය පියාණන්වහන්සේ පොරොන්දු වන්නේ ඔවුන්ගේ දේවමාළිගාවේ ගිවිසුම්වලට ඇදහිලිවන්තව සිටින අයට “ඉහළ සිට බලය” ලබා දෙන බවයි (දහම සහ ගිවිසුම් 38:32, 38; තවත් බලන්න ලූක් 24:49; දහම සහ ගිවිසුම් 43:16).

27.2.1

බලයෙන් සැරසීම ලැබිය හැක්කේ කාටද

සභාවේ සියලුම වගකිවයුතු වැඩිහිටි සාමාජිකයින්ට ඔවුන්ගේම බලයෙන් සැරසීමක් ලැබීම සඳහා සූදානම් වීමට සහ එය ලබා ගැනීමට ආරාධනා කෙරේ. සාමාජිකයින් බලයෙන් සැරසීම ලැබීමට පෙර ඔවුන් සියලුම පූර්ව අවශ්‍යතා නියෝග ලබා ඒවා වාර්තා වී තිබිය යුතුය (බලන්න 26.3.1).

27.2.1.1

අලුතින් බව්තීස්ම වූ සාමාජිකයන්

සුදුසු නව වැඩිහිටි සාමාජිකයින් ඔවුන්ගේ බලයෙන් සැරසීම ලැබීම සඳහා ඔවුන් තහවුරු කළ දින සිට අවම වශයෙන් එක් වසරක් වත් සිටිය යුතුය.

27.2.1.2

බලයෙන් සැරසීම නොලත් කලත්‍රයෙකු සිටින සාමාජිකයින්

පහත සඳහන් කොන්දේසි සපුරා ඇති විට, සහකරු හෝ සහකාරිය බලයෙන් සැරසී නොමැති සාමාජිකයෙකුට ඔහුගේ හෝ ඇයගේ බලයෙන් සැරසීම ලැබිය හැකිය:

  • බලයෙන් සැරසී නොමැති කලත්‍රයා ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත ලබා දිය යුතුය.

  • දේවමාළිගා ගිවිසුම් සමඟ භාර ගන්නා වගකීම විවාහයට බාධාවක් නොවන බව සාමාජිකයා, සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා විසින් විශ්වාස කළ යුතුය.

කලත්‍රයා සභාවේ සාමාජිකයෙකු වුවත් නැතත් මෙම කොන්දේසි අදාළ වේ.

27.2.1.3

බුද්ධිමය ආබාධ සහිත සාමාජිකයින්

බුද්ධිමය ආබාධ සහිත සාමාජිකයින්ට ඔවුන්ගේම බලයෙන් සැරසීමක් ලබා ගත හැක්කේ:

  • ඊට පෙර ඔවුන් ලැබිය යුතු සියලු නියෝග ඔවුන් ලබා ඇති විට (බලන්න 26.3.1).

  • ඒ ආශ්‍රිත ගිවිසුම් අවබෝධ කර ගැනීමට, ඒවා ඇති කර ගැනීමට සහ පවත්වා ගැනීමට ඔවුන්ට බුද්ධිමය හැකියාවක් තිබෙන විට.

සභානායකවරයා සාමාජිකයා සමඟ සහ අදාළ වන විට ඔහුගේ හෝ ඇයගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරයි. ඔහු ආත්මයාණන්ගේ මගපෙන්වීම ද සොයයි. ඔහුට ස්ටේක සභාපතිවරයා සමඟද සාකච්ඡා කළ හැකිය.

27.2.2

බලයෙන් සැරසීම ලැබිය යුත්තේ කවදාද යන්න තීරණය කිරීම

බලයෙන් සැරසීම ලබා ගැනීමේ තීරණය පුද්ගලික වන අතර එම තීරණය ගත යුත්තේ යාච්ඤාවෙන් යුතුවය. බලයෙන් සැරසීම ලැබීමට සූදානම් වන සියල්ලන්ටම එය බලයේ සහ එළිදරව්වේ ආශිර්වාදයක් වේ. පහත සඳහන් සියලු කොන්දේසි සපුරාලන විට සාමාජිකයින්ට ඔවුන්ගේම බලයෙන් සැරසීමක් ලබා ගැනීමට තෝරා ගත හැකිය:

  • ඔවුන් අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය.

  • ඔවුන් උසස් පෙළ, ද්විතීයික පාසල හෝ ඊට සමාන අධ්‍යාපනයක් සම්පූර්ණ කර හෝ තවදුරටත් සහභාගී නොවනවා විය යුතුය.

  • ඔවුන්ගේ ස්ථිර කිරීමෙන් වසරක් සම්පූර්ණ වී තිබිය යුතුය.

  • ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ශුද්ධ වූ දේවමාළිගාවේ ගිවිසුම් ලබා ගැනීමට හා ඒවාට ගරු කිරීමට ඔවුන්ට ආශාවක් දැනිය යුතුය.

ධර්මදූත කැඳවීමක් ලැබුණු හෝ දේවමාළිගාවේ මුද්‍රා වීමට සූදානම් වන සාමාජිකයින් බලයෙන් සැරසීම ලැබිය යුතුය.

සාමාජිකයෙකුට බලයෙන් සැරසීම ලබා ගැනීම සඳහා දේවමාළිගා නිර්දේශයක් නිකුත් කිරීමට පෙර, එම පුද්ගලයා පූජනීය දේවමාළිගා ගිවිසුම් අවබෝධ කර ගැනීමට සහ තබා ගැනීමට සූදානම් බව සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයාට හැඟිය යුතුය. මෙම සුදුසුකම් එක් එක් පුද්ගලයා සඳහා තනි තනිව තීරණය වේ.

27.2.3

බලයෙන් සැරසීම සැලසුම් කිරීම සහ දින නියම කරගැනීම

27.2.3.1

ජීවත් වන අයගේ නියෝග සඳහා නිර්දේශයක් ලැබීම

දේවමාළිගාවකට ඇතුළු වී බලයෙන් සැරසීම ලබා ගැනීම සඳහා සාමාජිකයෙකු ජීවත් වන අයගේ නියෝග සඳහා නිර්දේශයක් ලැබිය යුතුමය. මෙම නිර්දේශ පිළිබඳ තොරතුරු සඳහා, 26.5.1 බලන්න.

27.2.3.2

දේවමාළිගාව හා සම්බන්ධ වීම

බලයෙන් සැරසීම ලබා ගැනීමට අදහස් කරන සාමාජිකයින් විසින් එම නියෝගය සඳහා වේලාවක් වෙන් කරගැනීම සඳහා දේවමාළිගාව හා සම්බන්ධ විය යුතුය.

27.2.3.3

බලයෙන් සැරසීම ලබන සාමාජිකයින් සඳහා සහය වන්නන්

තමන්ගේම බලයෙන් සැරසීම ලබා ගන්නා සාමාජිකයින්ට සහය වන්නෙකු ලෙස ක්‍රියා කිරීමට සහ බලයෙන් සැරසීමේ සැසියේදී ඔවුන්ට සහාය වීමට එකම ස්ත්‍රී පුරුෂ භාවයේ සාමාජිකයෙකුට ආරාධනා කළ හැකිය. සහය වන්නෙකුට වලංගු දේවමාළිගා නිර්දේශයක් තිබිය යුතුය. අවශ්‍ය නම් සහය වන්නෙකුව දේවමාළිගාව විසින් ලබාදිය හැකිය.

27.3

ස්වාමිපුරුෂයා සහ භාර්යාවව මුද්‍රා තැබීම

දේවමාළිගා මුද්‍රා වීමක් මගින් ස්වාමිපුරුෂයාව සහ භාර්යාව මේ කාලය සහ සදාකාලය සඳහා එකට එකතු කරයි. ඔවුන් දේවමාළිගාවේ ඇති කරගන්නා ගිවිසුම්වලට ඇදහිලිවන්තව සිටින්නේ නම් ඔවුන්ට මෙම ආශිර්වාද ලැබෙනු ඇත. මෙම නියෝගය හරහා, ඔවුන්ගේ දරුවන්ට ද ඔවුන්ගේ සදාකාලික පවුලේ කොටසක් විය හැකිය.

දේවමාළිගාවක විවාහ වීමට සහ මුද්‍රා වීමට සූදානම් වන ලෙස සභාවේ නායකයන් විසින් සාමාජිකයන්ව දිරිමත් කරනු ලබති. දේවමාළිගා විවාහ නීත්‍යානුකූලව පිළිගෙන නොමැති ස්ථාන වල, බලයලත් සභා නායකයින්ට හෝ වෙනත් අයට දේවමාළිගා මුද්‍රා තැබීමකට පෙර සිවිල් විවාහ සිදු කළ හැකිය (බලන්න 38.3). දේවමාළිගාවේ විවාහ මංගල්‍යයක් නිසා දෙමාපියන්ට හෝ සමීපතම පවුලේ සාමාජිකයන්ට දේවමාළිගා වත්පිළිවෙතට සහභාගි විය නොහැකි නිසා ඔවුන්ව මග හැරේවි යැයි හැඟෙන විටද මෙම රටාව අනුගමනය කළ හැකිය.

27.3.1

දේවමාළිගාවේ මුද්‍රා විය හැක්කේ කාටද

දේවමාළිගාවේ මුද්‍රා තැබීම සඳහා සූදානම් වන ලෙස සභාවේ සියලුම වගකිවයුතු අවිවාහක සාමාජිකයින්ට ආරාධනා කරනු ලැබේ. සිවිල් ලෙස විවාහ වූ අයට ඔවුන් සූදානම් වූ වහාම දේවමාළිගාවේදී මේ කාලය හා සදාකාලය සඳහා මුද්‍රා වීමට දිරිගන්වනු ලැබේ. සාමාජිකයින් මුද්‍රා වීමට පෙර ඔවුන්ගේ බලයෙන් සැරසීම ලබාගත යුතුමය (බලන්න 27.2).

දේවමාළිගාවේ මුද්‍රා තබන යුවලයන් (1) මුද්‍රා වීමට පෙර සිවිල් ලෙස විවාහ විය යුතුය, නැතහොත් (2) එකම දේවමාළිගා වත්පිළිවෙතක් තුළ විවාහ වී මුද්‍රා විය යුතුය. බලන්න 27.3.2.

27.3.1.2

බුද්ධිමය ආබාධ සහිත සාමාජිකයින්

බුද්ධිමය ආබාධ සහිත සාමාජිකයින්ට ඔවුන්ගේ කලත්‍රයාට හෝ විවාහ ගිවිසගත් තැනැත්තාට මුද්‍රා විය හැක්කේ:

  • ඔවුන් බලයෙන් සැරසීම ඇතුළුව අවශ්‍ය සියලුම පූර්ව නියෝග ලබා ඇත්නම් (බලන්න 27.2.1.3).

  • ඒ ආශ්‍රිත ගිවිසුම් අවබෝධ කර ගැනීමට, ඒවා ඇති කර ගැනීමට සහ පවත්වා ගැනීමට ඔවුන්ට බුද්ධිමය හැකියාවක් තිබේ නම්.

සභානායකවරයා එම සාමාජිකයා සහ ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයා හෝ විවාහ ගිවිසගත් තැනැත්තා සමඟ සාකච්ඡා කරයි. ඔහු ආත්මයාණන්ගේ මගපෙන්වීම ද සොයයි. ඔහුට ස්ටේක සභාපතිවරයා සමඟද සාකච්ඡා කළ හැකිය.

27.3.2

දේවමාළිගා විවාහයක් හෝ මුද්‍රා තැබීමක් සැලසුම් කිරීම සහ දින නියම කරගැනීම

27.3.2.1

ජීවත් වන අයගේ නියෝග සඳහා නිර්දේශයක් ලැබීම

සාමාජිකයෙකු ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාට මුද්‍රා වීම සඳහා ජීවත් වන අයගේ නියෝග සඳහා නිර්දේශයක් ලැබිය යුතුමය. මෙම නිර්දේශ පිළිබඳ තොරතුරු සඳහා, 26.3 බලන්න.

27.3.2.2

දේවමාළිගාව හා සම්බන්ධ වීම

විවාහ වීමට හෝ කලත්‍රයෙකුට මුද්‍රා වීමට අදහස් කරන සාමාජිකයින් නියෝගය සඳහා වේලාවක් වෙන් කරගැනීමට කල්තියාම දේවමාළිගාව හා සම්බන්ධ විය යුතුය.

27.3.2.3

විවාහ බලපත්‍රයක් ලබා ගැනීම

විවාහ වීමට පෙර, යුවළක් විසින් විවාහය සිදු කරනු ලබන ස්ථානයේ නීත්‍යානුකූල විවාහ බලපත්‍රයක් ලබා ගත යුතුය. එම යුවළ එකම වත්පිළිවෙතකදී විවාහ වී මුද්‍රා වීමට සැලසුම් කරන්නේ නම්, ඔවුන් දේවමාළිගාවට වලංගු විවාහ බලපත්‍රයක් රැගෙන යා යුතුය.

සිවිල් විවාහයකින් පසු මුද්‍රා වන යුවලයන් දේවමාළිගාවට පැමිණීමේදී බලපත්‍රයක් ගෙන ඒම අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, ඔවුන් වාර්තා සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ඔවුන්ගේ සිවිල් විවාහයේ දිනය සහ ස්ථානය සපයයි.

27.3.2.4

මනාලිය හා මනාලයා සඳහා සහය වන්නන්

බලයෙන් සැරසුණු සහෝදරියකට මනාලිය සමඟ ඇඳුම් අඳින කාමරයේදී ඇයට සහාය වීමට පැමිණිය හැකිය. බලයෙන් සැරසුණු සහෝදරයෙකුට මනාලයා වෙනුවෙන්ද එසේ කළ හැකිය. සහය වන්නෙකුට වලංගු දේවමාළිගා නිර්දේශයක් තිබිය යුතුය. අවශ්‍ය නම් සහය වන්නෙකුව දේවමාළිගාව විසින් ලබාදිය හැකිය.

27.3.2.5

දේවමාළිගා විවාහයක් හෝ මුද්‍රා තැබීමක් ඉටු කළ හැක්කේ කාටද

දේවමාළිගා විවාහයක් හෝ මුද්‍රා තැබීමක් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ එම යුවළ විවාහ වන හෝ මුද්‍රා වන දේවමාළිගාව සඳහා පවරන ලද මුද්‍රා තබන්නෙකු විසිනි. පවුලේ සාමාජිකයෙකු හෝ දන්නා හඳුනන අයෙකු මුද්‍රා තැබීමේ අධිකාරිත්වය දරන්නේ නම් සහ යුවළ විවාහ වන හෝ මුද්‍රා වන දේවමාළිගාවට ඔහුව පවරා ඇත්නම්, විවාහය හෝ මුද්‍රා තැබීම සිදු කිරීමට ඔහුට ආරාධනා කළ හැකිය.

27.3.2.6

දේවමාළිගා විවාහයක් හෝ මුද්‍රා තැබීමක් සඳහා සුදුසු ඇඳුම්

මනාලියගේ ඇඳුම. දේවමාළිගාවේදී පැළඳ සිටින මනාලියගේ ඇඳුම සුදු වර්ණයෙන් විය යුතුය, මෝස්තරයෙන් හා රෙදිවලින් විනීත විය යුතුය, සහ අලංකාර සැරසිලි වලින් තොර විය යුතුය. එමගින් දේවමාළිගා වස්ත්‍රය ද ආවරණය විය යුතුය. විනිවිද පෙනෙන රෙදිපිළි තවත් රෙද්දක් සමඟ එකතු වී තිබිය යුතුය.

දේවමාළිගාවේ පැළඳ සිටින අනෙකුත් ඇඳුම්වලට අනුකූල වීමට නම්, මනාලියගේ ඇඳුමට දිගු අත් හෝ තුනෙන් හතරේ අත් තිබිය යුතුය. මුද්‍රා තැබීමේ වත්පිළිවෙත සඳහා එය ඉහළට ඇමිණීමට හෝ ඉවත් කිරීමට හැකි නම් මිස ඇඳුම්වලට පිටුපසින් එල්ලෙන කොටසක් නොතිබිය යුතුය.

අවශ්‍ය නම් මේ සඳහා ඇඳුමක් දේවමාළිගාව විසින් ලබාදිය හැකිය.

මනාලයාගේ ඇඳුම්. මනාලයා විවාහය හෝ මුද්‍රා තැබීමේ වත්පිළිවෙතේදී සාමාන්‍ය දේවමාළිගා ඇඳුම් අඳියි (38.5.1 සහ 38.5.2 බලන්න).

අමුත්තන්ගේ ඇඳුම්. විවාහයකට හෝ මුද්‍රා තැබීමේ වත්පිළිවෙතකට සහභාගී වන අය සක්‍රමේන්තු රැස්වීමකට අඳින ඇඳුමට සමාන ඇඳුම් ඇඳිය යුතුය. බලයෙන් සැරසීමේ සැසියකින් පසු සෘජුවම මුද්‍රා තැබීමකට පැමිණෙන සාමාජිකයින්ට එම වත්පිළිවෙත් සඳහා වූ දේවමාළිගා ඇඳුම් ඇඳිය හැකිය.

මල්. විවාහය හෝ මුද්‍රා තැබීමේ වත්පිළිවෙතේදී එම යුවළ සහ ඔවුන්ගේ අමුත්තන් මල් පැළඳ නොගත යුතුය.

27.3.2.7

දේවමාළිගා විවාහයක් හෝ මුද්‍රා තැබීමකින් පසුව මුදු මාරු කිරීම

මුදු මාරු කිරීම දේවමාළිගාවේ මුද්‍රා තැබීමේ වත්පිළිවෙතේ කොටසක් නොවේ. කෙසේ වෙතත්, එම වත්පිළිවෙතින් පසු මුද්‍රා තැබීමේ කාමරයේදී එම යුවළට මුදු හුවමාරු කර ගත හැකිය. යුවළයන් දේවමාළිගාව ඇතුළත හෝ දේවමාළිගා භූමියේ වෙනත් කිසිම අවස්ථාවක හෝ ස්ථානයක මුදු හුවමාරු නොකළ යුතුය.

එකම වත්පිළිවෙතේදී විවාහ වී මුද්‍රා වන යුවළයන් හට දේවමාළිගා විවාහයට සහභාගී වීමට නොහැකි පවුලේ සාමාජිකයින් සමඟ එය සැමරීම සඳහා පසු අවස්ථාවකදී මුදු හුවමාරු කර ගත හැකිය. එම හුවමාරුවේදී, දේවමාළිගා විවාහයේ හෝ මුද්‍රා තැබීමේ වත්පිළිවෙතේ කිසිඳු කොටසක් අනුකරණය නොකළ යුතුය. විවාහ වූ පසු හෝ දේවමාළිගාවේ මුද්‍රා තැබීමෙන් පසු එම යුවළ විවාහ පොරොන්දු හුවමාරු නොකළ යුතුය.

ඔවුන්ගේ දේවමාළිගා මුද්‍රා තැබීමට පෙර සිවිල් ලෙස විවාහ වූ යුවළකට, ඔවුන්ගේ සිවිල් උත්සවයේදී, ඔවුන්ගේ දේවමාළිගා මුද්‍රා තැබීමේදී හෝ එම උත්සව දෙකේදීම මුදු හුවමාරු කර ගත හැකිය.

27.3.4

දේවමාළිගා විවාහයක් හෝ මුද්‍රා තැබීමක් සඳහා සහභාගී විය හැක්කේ කාටද

දේවමාළිගා විවාහයකට හෝ මුද්‍රා තැබීමකට එම යුවළයන් විසින් ආරාධනා කළ යුත්තේ සමීපතම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට පමණි. වගකීම් ඇති සාමාජිකයින් බලයෙන් සැරසී සිටිය යුතු අතර සහභාගී වීම සඳහා වත්මන් දේවමාළිගා නිර්දේශ තිබිය යුතුය.

බුද්ධිමය ආබාධ හේතුවෙන් බව්තීස්ම නොවූ හෝ බලයෙන් සැරසීම නොලැබූ පුද්ගලයෙකුට, ඔහුගේ හෝ ඇයගේ ජීවත්වන සහෝදර සහෝදරියන්ගේ දේවමාළිගා විවාහය හෝ මුද්‍රා තැබීම නිරීක්ෂණය කිරීමට ස්ටේක සභාපතිවරයාට අවසර දිය හැකිය. එම පුද්ගලයා:

  • අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුමය.

  • වත්පිළිවෙත අතරතුර ගෞරවාන්විතව සිටීමට හැකි විය යුතුමය.

මුද්‍රා තැබීම නිරීක්ෂණය කිරීමට එම පුද්ගලයාට හැකියාව ඇති බව සඳහන් කරමින් ස්ටේක සභාපතිවරයා ලිපියක් ලියයි. මෙම ලිපිය දේවමාළිගාවට ඉදිරිපත් කළ යුතුය.

27.4

ජීවත් වන දරුවන්ව දෙමාපියන්ට මුද්‍රා තැබීම

දේවමාළිගාවකදී තම මව ස්වාමිපුරුෂයෙකුට මුද්‍රා තැබීමෙන් පසු උපදින දරුවන් එම මුද්‍රා ගිවිසුමේ උපත ලබයි. ඔවුන් දෙමාපියන්ට මුද්‍රා තැබීමේ නියෝගය ලැබීමට අවශ්‍ය නැත.

ගිවිසුමේ උපත නොලබන දරුවන්ට ඔවුන් උපන් හෝ දරුකමට හදාගත් දෙමාපියන්ට මුද්‍රා වීමෙන් සදාකාලික පවුලක කොටසක් විය හැකිය. ගිවිසුමේ උපන් අයට ලැබෙන ආශිර්වාදම මෙම දරුවන්ටත් හිමි වේ.

27.4.2

දේවමාළිගාව හා සම්බන්ධ වීම

තම දරුවන්ව ඔවුන්ට මුද්‍රා කර ගැනීමට අවශ්‍ය යුවළක් හෝ තම මියගිය දෙමාපියන්ට මුද්‍රා වීමට කැමති දරුවන්, එම නියෝගය සඳහා වේලාවක් වෙන් කරගැනීම සඳහා කල්තියාම දේවමාළිගාව හා සම්බන්ධ විය යුතුය.