අත්පොත් සහ කැඳවීම්
35. රැස්වීම් සභා ආරක්ෂා කිරීම සහ භාවිතය


“35. රැස්වීම් සභා ආරක්ෂා කිරීම සහ භාවිතය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“35. රැස්වීම් සභා ආරක්ෂා කිරීම සහ භාවිතය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසුන් ජනෙල් සෝදමින් සහ පිරිසිඳු කරමින්

35.

රැස්වීම් සභා ආරක්ෂා කිරීම සහ භාවිතය

35.1

අරමුණ

සභාව විසින් රැස්වීම් ශාලා සපයා ඇත්තේ එවිට එහි ඇතුළු වන සැමට:

  • පූජනීය නියෝග හරහා ගිවිසුම් ඇති කරගැනීමට සහ අලුත් කරගැනීමට හැකිවන ලෙසය (බලන්න දහම සහ ගිවිසුම් 20:75; 59:9–12).

  • එකට හමුවීමට හැකිවන ලෙසය (බලන්න 3 නෙපි 18:22–23).

  • එකට නමස්කාර කර සහ යාච්ඤා කිරීමට හැකිවන ලෙසය (බලන්න මොසායා 18:25; මොරෝනි 6:9).

  • එකිනෙකාට උගන්වමින් සේවය කළ හැකිවන ලෙසය (බලන්න මොරෝනි 6:4–5).

  • මෙම පරිච්ඡේදයේ විස්තර කර ඇති පරිදි වෙනත් අනුමත භාවිතයන්ට සහභාගී විය හැකිවන ලෙසය.

35.2

භූමිකාවන් සහ වගකීම්

35.2.2

සභා පහසුකම් කළමනාකරු

සභාවේ සේවයේ නියුතු පහසුකම් කළමනාකරුවෙකු විසින් සෑම ස්ටේකයකම ඇති රැස්වීම් ශාලා පවත්වාගෙන යාමට උපකාර කරයි. ඔහු හෝ ඇය ප්‍රධාන අලුත්වැඩියාවන්, ගැඹුරු පිරිසිඳු කිරීම් සහ සාමාන්‍ය ගොඩනැගිලි නඩත්තු කටයුතු සංවිධානය කරයි.

අවශ්‍ය පරිදි, ගොඩනැගිල්ල පිරිසිඳු කිරීම සහ අනෙකුත් දේශීය කාර්යයන් ඉටු කිරීම පිළිබඳව ස්ටේක සහ කොට්ඨාශ ගොඩනැගීමේ නියෝජිතයින්ට උපදෙස් දීමට පහසුකම් කළමනාකරු උපකාර කරයි. ඔහු හෝ ඇය උපදෙස්, ද්‍රව්‍ය සහ උපකරණ සපයයි.

ඔහුට හෝ ඇයට සභානායකවරුන් සමඟ ගොඩනැගිලි වියදම් සමාලෝචනය කිරීමද කළ හැකිය.

35.2.7

සභානායකත්වය

සභානායකත්වය (හෝ කොට්ඨාශ ගොඩනැගිලි නියෝජිතයා) විසින් සාමාජිකයන්ට ගොඩනැගිල්ල භාවිතා කිරීම, රැකබලා ගැනීම සහ සුරක්ෂිත කිරීම පිළිබඳ උගන්වයි. සභානායකත්වය විසින් කොට්ඨාශ නායකයින්ට ගොඩනැගිලි යතුරු ද බෙදා හරිනු ලැබේ.

ගොඩනැගිල්ලේ සහ භූමියේ ක්‍රියාකාරකම් ආරක්ෂිතව සිදු කරන බවට ඔවුන් වග බලා ගනිති (බලන්න 20.7).

නඩත්තු සහ මෙහෙයුම් අවශ්‍යතා පිළිබඳව ඔවුන් සභාවේ පහසුකම් කළමනාකරු සමඟ සන්නිවේදනය කරයි. ඔවුන්ට පහසුකම් කළමනාකරු සමඟ අදාළ වියදම් සමාලෝචනය කිරීමද කළ හැකිය.

35.2.9

කොට්ඨාශ ගොඩනැගිලි නියෝජිත

කොට්ඨාශ ගොඩනැගිලි නියෝජිතයෙකු කැඳවිය යුතුද යන්න තීරණය කරන්නේ සභානායකත්වය ය. ඔවුන් මෙම කැඳවීම ලබා දීමට තීරණය කරන්නේ නම්, සභානායකත්වයට වැඩිහිටි පිරිමි හෝ කාන්තා සාමාජිකයෙකුව කැඳවිය හැකිය. කොට්ඨාශ ගොඩනැගිලි නියෝජිතයකුව කැඳවන්නේ නැති නම්, සභානායකවරයාට මෙම වගකීම ඔහුගේ උපදේශකයෙකුට, කොට්ඨාශ ලිපිකරුවෙකුට හෝ සහකාර කොට්ඨාශ ලිපිකරුවෙකුට හෝ විධායක ලේකම්වරයාට පැවරිය හැකිය.

කොට්ඨාශ ගොඩනැගිලි නියෝජිතයා විසින් ගොඩනැගිල්ල පිරිසිඳු කිරීම හා නඩත්තු කිරීම සඳහා සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන්ව සංවිධානය කරයි. පවතින සැපයුම් සහ උපකරණ සමඟ එක් එක් කාර්යය කරන්නේ කෙසේදැයි ඔහු හෝ ඇය ඔවුන්ට උගන්වයි.

35.3

රැස්වීම් ශාලා සැපයීම

දේශීය අවශ්‍යතා සහ කොන්දේසි මත පදනම්ව රැස්වීම් ශාලා ප්‍රමාණයෙන් සහ වර්ගයෙන් වෙනස් වේ. රැස්වීම් ශාලාවක් යනු සභාව විසින් ඉදිකරන ලද හෝ මිලදී ගත් ඉඩක්, සාමාජිකයෙකුගේ නිවසක්, දේශීය පාසලක් හෝ ප්‍රජා මධ්‍යස්ථානයක්, බදු දී ඇති ඉඩක් හෝ වෙනත් අනුමත විකල්පයක් විය හැකිය.

ප්‍රාදේශීය සහ දේශීය නායකයින් දැනට පවතින රැස්වීම් ශාලා සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට උත්සාහ කරන අතර අමතර ඉඩක් නිර්දේශ කිරීමේදී බුද්ධිමත් වීමට වෙහෙසෙති.

35.4

රැස්වීම් ශාලා නඩත්තු කිරීම

35.4.1

රැස්වීම් ශාලා පිරිසිඳු කිරීම සහ නඩත්තු කිරීම

සෑම ගොඩනැගිල්ලක්ම පිරිසිඳුව හා හොඳ තත්ත්වයේ තබා ගැනීමට උපකාර කිරීමට යෞවනයින් ඇතුළු ප්‍රාදේශීය නායකයින්ට සහ සාමාජිකයින්ට වගකීමක් ඇත.

පිරිසිඳු කිරීමේ කාලසටහන සාමාජිකයින්ට බරක් නොවිය යුතුය. නිදසුනක් වශයෙන්, ගොඩනැගිල්ලට ගමන් කිරීම අභියෝගාත්මක නම්, සාමාජිකයින් දැනටමත් ගොඩනැගිල්ලේ සිටින විට සතිපතා සිදුවීම්වල කොටසක් ලෙස ඔවුන්ට පිරිසිඳු කළ හැකිය.

35.4.2

අලුත්වැඩියා කිරීම් ඉල්ලා සිටීම

කොට්ඨාශ සහ ස්ටේක මන්ත්‍රණ සභා සාමාජිකයින්ට ගොඩනැගිලි අලුත්වැඩියාව සඳහා අවශ්‍යතා වාර්තා කළ හැකිය. Facility Issue Reporting (FIR) (පහසුකම් ගැටළු වාර්තා කිරීමේ) මෙවලම භාවිතයෙන් මෙය සිදු කළ හැකිය.

35.4.5

ආරක්ෂාව සහ සුරක්ෂිත බව

නායකයින් සහ සාමාජිකයින් කළ යුතු දේවල්:

  • ආරක්ෂිතව ඇතුල්වීම සහ පිටවීම සඳහා ශාලා, පඩිපෙළ, පිටවීම් සහ උපයෝගිතා කාමර පිරිසිඳුව තබා ගැනීම.

  • ගොඩනැගිලි තුළ අනතුරුදායක හෝ ගිනිගන්නා ද්‍රව්‍ය භාවිතා නොකිරීම හෝ ගබඩා නොකිරීම.

  • ගොඩනැගිලි අගුලු දැමීමේ ක්‍රියා පටිපාටි ස්ථාපිත කර අනුගමනය කිරීම.

  • සභාව සතු උපකරණ සොරකම් වලින් ආරක්ෂා කරගැනීම.

  • ජලය, විදුලිය, ගෑස් හෝ ඉන්ධන වැනි උපයෝගිතා වසා දමන්නේ කෙසේදැයි දැන ගැනීම.

අවශ්‍ය පරිදි, පහසුකම් කළමනාකරුට ගිනි නිවන උපකරණ, ප්‍රථමාධාර කට්ටල සහ උපයෝගිතා වසා දැමීමට ස්ථාන පෙන්වන සිතියමක් සැපයිය හැකිය. ආරක්ෂාව පිළිබඳ වැඩි විස්තර “Maintaining Meetinghouse” (රැස්වීම් නිවාස නඩත්තු කිරීම) තුළ (රැස්වීම් ශාකා පහසුකම් මාර්ගෝපදේශය) “Security and Lockup Procedures” (ආරක්ෂාව සහ අගුලු දැමීමේ ක්‍රියා පටිපාටි) තුළ සොයාගත හැකිය. තවත් බලන්න 20.7.

35.5

සභාවේ දේපළ භාවිතා කිරීම පිළිබඳ ප්‍රතිපත්ති

35.5.1

කලා කෘති

රැස්වීම් ශාලා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගරු කිරීමේ ආකල්පයක් පිළිබිඹු කළ යුතු අතර සාමාජිකයින්ට උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය ගැන සාක්ෂි දැරිය යුතුය. මෙම කේන්ද්‍රීය විශ්වාසය පෙන්වීමට උපකාර කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව නිරූපණය කරන චිත්‍ර රැස්වීම් ශාලාවේ ආලින්ද ස්ථාන වල තැබිය යුතුය.

35.5.2

ගොඩනැගිලි භාවිතය සඳහා අවසර නොමැති අවස්ථා

35.5.2.1

වාණිජ භාවිතය

සභාවේ දේපළ වාණිජමය අරමුණු සඳහා භාවිතා කළ නොහැකිය. උදාහරණයක් ලෙස, එය ඕනෑම ආකාරයක ව්‍යාපාරයකට සහාය වීමට භාවිතා කළ නොහැකිය. එවැනි භාවිතයන් සභාවේ දේපළ වල අරමුණු සමඟ නොගැලපේ. එය සභාවේ දේපළ වල බදු නිදහස් කිරීමට ඉඩ සලසන දේශීය හෝ ජාතික නීති සමඟ ද ගැටිය හැකිය.

සම්මන්ත්‍රණ, පාඩම් (පෞද්ගලික පියානෝ හෝ ඕගන් වාදනය උපදෙස් හැර; බලන්න 19.7.2), ව්‍යායාම පන්ති සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා සහභාගිවන්නන් බඳවා ගන්නා, ගනුදෙනුකරුවන් හෝ සේවාදායකයින් ඉල්ලා සිටින හෝ ගාස්තුවක් ගෙවන කථිකයන් හෝ උපදේශකයින් අනුමත නොකෙරේ.

35.5.2.2

දේශපාලන අරමුණු

සභාවේ දේපළ දේශපාලන අරමුණු සඳහා භාවිතා කළ නොහැකිය. දේශපාලන රැස්වීම් හෝ උද්ඝෝෂණ පැවැත්වීම මෙයට ඇතුළත් ය. සභාව දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ ය (බලන්න 38.8.30).

35.5.2.3

වෙනත් භාවිතයන්

අවසර නොලබන සභාවේ දේපළෙහි වෙනත් භාවිතයන් වන්නේ:

  • සභාවේ අනුග්‍රහය නොලබන සංවිධානාත්මක මලල ක්‍රීඩා පුහුණුවීම් හෝ වෙනත් ඉසව් පැවැත්වීම. ප්‍රජා ගීතිකා කණ්ඩායම් සහ සිවිල් විවාහ ව්‍යතිරේක විය හැකිය (සිවිල් විවාහ පිළිබඳව බලන්න 38.3.4).

  • රැයකට නවාතැන් ගැනීමට ඉඩ දීම (හදිසි අවස්ථාවන්හිදී හැර; බලන්න 35.5.4).

  • කඳවුරු බැඳීම හෝ රැයෙහි නිදාගැනීම ඇතුළත් වෙනත් ක්‍රියාකාරකම්.

පහත සඳහන් භාවිතයන් සාමාන්‍යයෙන් අනුමත නොකෙරේ. ව්‍යතිරේකයක් අවශ්‍ය යැයි හැඟෙන්නේ නම් දේශීය නායකයින් පහසුකම් කළමනාකරු ඇමතිය යුතුය.

  • සභා ගොඩනැගිලි සහ දේපළ කුලියට දීම හෝ බදු දීම

  • දේශපාලන ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම සඳහා හෝ ඡන්ද ස්ථාන ලෙස දේපළ භාවිතා කිරීම; සාධාරණ විකල්පයක් නොමැති විට රජයේ නිලධාරීන්ගේ ඉල්ලීම මත ව්‍යතිරේකයක් සිදු කළ හැකි අතර එම සිදුවීම සහාවේ ප්‍රතිරූපයට හෝ මධ්‍යස්ථ තත්ත්වයට හානියක් නොවන විට එය කළ හැකිය (බලන්න 38.8.30)

35.5.4

හදිසි අවස්ථා

හදිසි අවස්ථාවකදී, කොට්ඨාශ සහ ස්ටේක රැස්වීම් පැවැත්විය යුතුද යන්න ස්ටේක සභාපතිවරයා විසින් තීරණය කරයි. ඔහුට ගොඩනැගිලි සහ සභාවේ දේපළ ආපදා සහන ආයතනවලට සහ ඒ ආශ්‍රිත ප්‍රයත්නයන් සඳහා භාවිතා කිරීමට ද ඉඩ දිය හැකිය.

35.5.10

සක්‍රමේන්තු රැස්වීම අතරතුර ඡායාරූප ගැනීම් සහ වීඩියෝ පටිගත කිරීම්

සක්‍රමේන්තු රැස්වීම් පරිශුද්ධය. මේ හේතුව නිසා, සක්‍රමේන්තු රැස්වීම් ඡායාරූප ගැනීමට හෝ පටිගත කිරීමට අවසර නැත.

සක්‍රමේන්තු රැස්වීම් සහ අනෙකුත් රැස්වීම් විකාශනය කිරීම හෝ ප්‍රවාහ කිරීම පිළිබඳ තොරතුරු සඳහා, බලන්න 29.7.