ශුද්ධලියවිලි
ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්


“ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” ශුද්ධලියවිලි අධ්‍යයන අදහස් (2021)

“ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” ශුද්ධලියවිලි අධ්‍යයන අදහස්

රූපය
කාන්තාවක් ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්

ශුද්ධලියවිලි වල දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ ඔබගේ අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා සරල ක්‍රම කිහිපයක් මෙන්න.

පෙළඹවීම් ලබාගැනීම සඳහා යාච්ඤා කරන්න

ශුද්ධලියවිලි වල දෙවියන්වහන්සේගේ වචනය අඩංගු වේ. ඔබ ඒවා අධ්‍යයනය කරමින් සිටින විට ඔබේ ස්වර්ගික පියාණන්ගේ මගපෙන්වීම ලබාගනිමින් ඒවා තේරුම්ගැනීමට ඔබට උපකාර කිරීමට උන්වහන්සේගේ ආත්මය ලබාගන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යයන් සොයන්න

සෑමදෙයක්ම ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන බව ශුද්ධලියවිලි අපට උගන්වයි (බලන්න 2 නෙපි 11:4; මෝසෙස් 6:63), එබැවින් ශුද්ධලියවිලි වල සිදුවීම්, කථා, සහ ඉගැන්වීම් තුළ උන්වහන්සේව සොයන්න. ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේව අනුගමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වන පද සටහන් කිරීම හෝ සලකුණු කිරීම ගැන සලකා බලන්න.

පොළඹවන සුළු වචන සහ වැකි සඳහා බලන්න

ශුද්ධලියවිලි වල ඇති ඇතැම් වචන සහ වාක්‍ය ඛණ්ඩයන් ඔබ වෙනුවෙන් විශේෂයෙන් ලියා ඇති ආකාරයට ඔබව විශ්මයට පත්කරන බව ඔබට පෙනී යා හැකිය. ඒවා පුද්ගලිකව අදාළ යැයි හැඟෙන අතර ඔබව පෙලඹවීමට හා උද්යෝගීමත් කිරීමට හැකිය. ඒවා ඔබේ ශුද්ධලියවිලි වල සලකුණු කිරීම හෝ අධ්‍යයන සඟරාවක ඒවා ගැන ලිවීම ගැන සලකා බලන්න.

ශුභාරංචි සත්‍යයන් සොයන්න

සමහරවිට ශුභාරංචි සත්‍යයන් (බොහෝවිට දහම හෝ මූලධර්ම ලෙස හැඳින්වේ) කෙලින්ම ප්‍රකාශ වන අතර සමහරවිට ඒවා නිදසුනක් හෝ කතාවක් මගින් ගම්‍ය වේ. “මෙම පද වල උගන්වනු ලබන ශුභාරංචියේ සත්‍යයන් මොනවාද?” කියා ඔබෙන්ම අසන්න.

ආත්මයාණන්වහන්සේට සවන්දෙන්න

ඔබ කියවන දෙයට සම්බන්ධයක් නැති බවක් පෙනුනත්, ඔබේ සිතුවිලි සහ හැඟීම් කෙරෙහි අවධානය යොමුකරන්න. එම හැඟීම් ඔබේ ස්වර්ගීය පියාණන්ට ඔබ ඉගෙනගැනීමට සහ දැනීමට ඉතා අවශ්‍ය දේවල්ම විය හැකිය.

රූපය
ශුද්ධලියවිලි අධ්‍යනය කරන කාන්තාව 2

ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට සමාන කරගන්න

ඔබ කියවන කතන්දර සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළ වන්නේ කෙසේදැයි සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, “මට ඇති මම කියවන දෙයට සමාන අත්දැකීම් මොනවාද?” හෝ “ශුද්ධලියවිලි වල මෙම පුද්ගලයාගේ ආදර්ශය මම අනුගමනය කරන්නේ කෙසේද?” කියා ඔබෙන්ම මෙසේ අසාගත හැකිය.

ප්‍රශ්ණ අසන්න

ශුභාරංචිය ගැන ප්‍රශ්ණ ඇසීමෙන් ඔබට අධ්‍යයනය කළ යුතු දේ තීරණය කිරීමට උපකාර කළ හැකිය. ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, විට ප්‍රශ්ණද සිතට ඒමට හැකිය. මෙම ප්‍රශ්ණ ඔබ කියවන දේට හෝ පොදුවේ ඔබේ ජීවිතයට සම්බන්ධ විය හැකිය. ඔබ දිගටම ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට මෙම ප්‍රශ්ණ ගැන මෙනෙහි කරමින් පිළිතුරු සොයන්න. ඔබේ අධ්‍යයනයෙන් පසු, දෙවියන්වහන්සේගෙන් ඔබට තවත් ඉගෙනගැනීමට ඇත්තේ කුමක්දැයි අසන්න, සහ ඉදිරි පැය සහ දින තුළ පිළිතුරු සඳහා බලන්න.

ශුද්ධලියවිලි අධ්‍යයන උපකාර භාවිතා කරන්න

ඔබ කියවන පද පිළිබඳව අමතර අවබෝධයක් ලබාගැනීම සඳහා, පාද සටහන්, මාතෘකා මාර්ගෝපදේශය, බයිබල් ශබ්දකෝශය, ශුද්ධලියවිලි මාර්ගෝපදේශය (scriptures.ChurchofJesusChrist.org), සහ අනෙකුත් අධ්‍යයන උපකාර භාවිතා කරන්න.

ශුද්ධලියවිලි වල සම්බන්ධය සලකා බලන්න

ශුද්ධලියවිලි වල සම්බන්ධය හෝ ශුද්ධලියවිලි වල තත්වයන් හෝ පසුබිම සලකා බැලුවහොත් ඔබට එහි අර්ථවත් අවබෝධයක් සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘවරයෙකු කතා කළ පුද්ගලයන්ගේ පසුබිම සහ විශ්වාසයන් දැනගැනීම ඔහුගේ පණිවිඩ වල අභිප්‍රාය තේරුම්ගැනීමට ඔබට උපකාර කරයි.

රූපය
මිනිසෙකු ශුද්ධලියවිලි අධ්‍යනය කරමින්

ඔබගේ සිතිවිලි සහ හැඟීම් සටහන් කරන්න

ඔබ අධ්‍යයනය කරන විට ඇතිවන හැඟීම් සටහන් කිරීමට බොහෝ ක්‍රම තිබේ. නිදසුනක් වශයෙන්, ඔබට අර්ථවත් වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් සලකුණු කර ඔබේ සිතුවිලි ඔබේ ශුද්ධලියවිලි වල සටහනක් ලෙස වාර්තා කළ හැකිය. ඔබට ලැබෙන පෙළඹවීම්, හැඟීම් සහ සංකල්පනා පිළිබඳ පොතක්ද ඔබට තබාගත හැකිය. එසේත් නැත්නම් අධ්‍යයනය ආරම්භ කිරීමට පෙර ඔබ ඇසූ ප්‍රශ්නයත් පසුව ඔබට මගපෙන්වූ පිළිතුරත් සටහන් කරගැනීමට ඔබට හැකිය.

පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතවරුන්ගේ වචන අධ්‍යයනය කරන්න

ශුද්ධලියවිලි වල ඔබ සොයාගත් මූලධර්ම පිළිබඳව පසුදවස් වල අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් උගන්වා ඇති දේ කියවන්න. ඔවුන්ගේ පණිවිඩ “පොදු සම්මන්ත්‍රණය,” “සඟරා,” සහ ශුභාරංචි පුස්තකාලයේ ඇති අනෙකුත් එකතු කිරීම් වල ඇත.

කතන්දර කියවන්න

ඒවායේ සන්දර්භය (කාලය, ස්ථානය, කථිකයා, සහ ප්‍රේක්ෂකයින්) තේරුම්ගැනීමට උත්සාහ කරමින් ශුද්ධලියවිලි වල ඇති කතන්දර කියවන්න. විශේෂයෙන් ළමයින්ට සහ ශුද්ධලියවිලි පිළිබඳව එතරම් හුරුපුරුදු නැති සාමාජිකයින්ට, නිදර්ශන සහිත ශුද්ධලියවිලි කතන්දර මේ සඳහා විශිෂ්ට සම්පතක් වේ.

අදහස් බෙදාගන්න

ඔබේ පෞද්ගලික අධ්‍යයනයෙන් ලැබෙන අවබෝධය ගැන සාකච්ඡා කිරීම අන් අයට ඉගැන්වීම සඳහා හොඳ ක්‍රමයක් වන අතර, ඔබ කියවා ඇති දේ පිළිබඳ ඔබේ අවබෝධය ශක්තිමත් කිරීමට එය උපකාරී වේ.

ඔබ ඉගෙනගන්නා දේ අනුව ජීවත් වන්න

ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන් අපට පෙළඹවීම් ලබාගත හැකි අතර අප ජීවත් වන ආකාරය වෙනස් කිරීමට මගපෙන්විය හැකිය. ඔබ කියවන විට ආත්මයාණන්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින දෙයට සවන්දෙන්න, ඉන්පසු එම ඉල්ලීම් ඉටුකිරීමට කැපවන්න.