ශුද්ධලියවිලි
ශුද්ධලියවිලි අධ්‍යයනය කළ යුත්තේ ඇයි?


“ශුද්ධලියවිලි අධ්‍යයනය කළ යුත්තේ ඇයි?” ශුද්ධලියවිලි අධ්‍යයන අදහස් (2021)

“ශුද්ධලියවිලි අධ්‍යයනය කළ යුත්තේ ඇයි?” ශුද්ධලියවිලි අධ්‍යයන අදහස්

රූපය
ඇන්ඩෘ බොස්ලි විසින්, නෙපිවරුන් අතර ක්‍රිස්තුස්වහන්සේ සක්‍රමේන්තුව පිහිටුවමින්

ශුද්ධලියවිලි අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

අප උනන්දුවෙන් ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වන අතර උන්වහන්සේගේ ශුභාරංචිය සහ වන්දිගෙවීමේ පූජාව වඩාත් හොඳින් අවබෝධ කරගැනීමකට පැමිණේ. අනාගතවක්තෘ නෙපි මේ ආකාරයෙන් අපව දිරිමත් කළේය:

“එබැවින්, ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව, බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියකින්ද, දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමයෙන්ද ඉදිරියට යා යුතුය. එමනිසා නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳිමින් අවසානය දක්වා විඳදරාගෙන ඉදිරියට එන්නේ නම්, බලන්න, පියාණන්වහන්සේ මෙසේ පවසන සේක: ඔබට සදාකාල ජීවනය ලැබේ” (2 නෙපි 31:20).

රූපය
පවුලක් ශුද්ධලියවිලි කියවමින්

ශුද්ධලියවිලි වල ඉගැන්වීම් අපට අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යාමට උපකාර වනු ඇත. අපගේ පසුදවස් වල අනාගතවක්තෘවරුන් අපෙන් ඉල්ලා ඇත්තේ පුද්ගලයන් වශයෙන් සහ අදාළ වන විට පවුල් වශයෙන් ඒවා නිතිපතා අධ්‍යයනය කරන ලෙසයි. 1 නෙපි 19:23 හි නෙපි උපදෙස් දෙන පරිදි, ශුද්ධලියවිලි වල සඳහන් වන අයගේ අත්දැකීම් වලින් ඉගෙනගැනීමටත්, ශුද්ධලියවිලි වාර්තා සහ ඉගැන්වීම් අපේ ජීවිතයට අදාළ කරගැනීමටත් ඔවුන් අපට ආරාධනා කර ඇත. පැරණි හා නූතන අනාගතවක්තෘවරුන් යන දෙපිරිසම අපට ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට සහ “ක්රිස්තුස්වහන්සේගේ වචන මත භුක්ති විඳින්නට​” ආරාධනා කර ඇත (2 නෙපි 32: 3).

රූපය
ශුද්ධලියවිලි කියවන මිනිසා

සභාපති රසල් එම්. නෙල්සන් ද ශුද්ධලියවිලි පද මත “භුක්ති විඳීම” පිළිබඳ මෙම වැදගත් සත්‍යය ඉගැන්වීය:

“භුක්ති විඳීම වීම යනු රස බලනවාට වඩා වැඩි දෙයකි. භුක්ති විඳීම වීම යනු රසවිඳීමයි. ශුද්ධලියවිලි ප්‍රීතිමත්ව සොයාගැනීමේ ආත්මයෙන් හා ඇදහිලිවන්තව කීකරුකමින් අධ්‍යයනය කිරීමෙන් අපි ඒවා රසවිඳින්නෙමු. අපි ක්‍රිස්තුස්වහනේගේ වචන මත භුක්ති විඳින විට, ඒවා ‘හදවතේ මාංසමය වගු වලට’ කාවැදෙනු ඇත’ [2 කොරින්ති 3:3]. ඒවා අපේ ස්වභාවයේ අනිවාර්ය අංගයක් බවට පත්වේ” (“Living by Scriptural Guidance,” Ensign, Nov. 2000, 17).

අපි පෞද්ගලික සහ පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනයට නිරතුරුවම සහභාගි වන විට, අපගේ දවසේ බොහෝ අභියෝග වලට එරෙහිව අපට සහ අපගේ පවුල් වලට මගපෙන්වීම් ලබාගැනීමට, ආරක්ෂා වීමට, සහ ශක්තිමත් වීමට හැකිවේ.