අලුත් ගිවිසුම 2023
උපග්‍රන්ථය: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීම


“උපග්‍රන්ථය: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීම,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023 (2022)

“උපග්‍රන්ථය,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2023

උපග්‍රන්ථය

දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීම

උන්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා, ඔබව විශ්වාස කරන නිසා සහ ඔබේ හැකියාවන් දන්නා නිසා, ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබගේ දරුවන්ට උන්වහන්සේගේ ගිවිසුම් මාර්ගය, එනම් සදාකාල ජීවනයට යන මාවතට ඇතුළු වීමට සහ ඉදිරියට යාමට උපකාර කිරීමට ඔබට අවස්ථාව ලබා දී ඇත (බලන්න දහම සහ ගිවිසුම් 68:25–28). බව්තීස්ම කිරීමේ ගිවිසුම සහ දේවමාළිගාවේ ඇති කරගන්නා ගිවිසුම් වැනි පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගැනීමට සහ තබා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම මෙයට ඇතුළත් වේ. මෙම ගිවිසුම් තුළින්, ඔබේ දරුවන් ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳෙනු ඇත.

ගිවිසුම් මාවතේ මෙම ගමන සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීමට බොහෝ ක්‍රම තිබේ, එමෙන්ම ඔවුන්ට උපකාර කිරීමට හොඳම මාර්ගය සොයා ගැනීමට ස්වර්ගික පියාණන් ඔබට උපකාර කරනු ඇත. ඔබ අනුභාවයක් සොයන විට, සියලු ඉගෙනීම් සිදුවන්නේ නියමිත පාඩම් අතරතුර පමණක් නොවන බව මතක තබා ගන්න. ඇත්තවශයෙන්ම, නිවසේ ඉගෙනීම එතරම් බලවත් කරන්නේ ආදර්ශයෙන් සහ කුඩා, සරල අවස්ථාවන් තුළින් ඉගෙන ගැනීමට ඇති අවස්ථා තුළිනුයි—ඒවා සිදුවන්නේ එදිනෙදා ජීවිතයේදී ස්වාභාවිකවම සිදුවන දේවල් හරහායි. ගිවිසුම් මාර්ගය අනුගමනය කිරීම ස්ථාවර, ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියක් වන්නා සේම, ගිවිසුම් මාර්ගය ගැන ඉගෙනීමද එසේ වේ. (බලන්න “නිවස සහ පවුල,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම [2022], 30–31.)

රූපය
මව දරුවා සමඟ

දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ගමන සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීමට බොහෝ ක්‍රම තිබේ.

පහත දැක්වෙන්නේ තවදුරටත් අනුභාවය ලබාගැනීමට හේතු විය හැකි අදහස් කිහිපයක්. එන්න මා අනුගමනය කරන්න—ප්‍රාථමිකය සඳහා හි “දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා ඔබේ දරුවන් සූදානම් කිරීම” තුළින් ප්‍රාථමික වයසේ දරුවන්ට ඉගැන්වීම සඳහා ඔබට අමතර අදහස් සොයාගැනීමට හැකිය.

බව්තිස්මය සහ ස්ථිර කිරීම

ගිවිසුම් මාර්ගයට “[අපි] ඇතුළු වන දොරටුව, පසුතැවිලි වීම සහ ජලය මගින් බව්තීස්මය” බව නෙපි ඉගැන්වීය (2 නෙපි 31:17). බව්තීස්මය සහ ස්ථිර කිරීම සඳහා සූදානම් වීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට ඔබ දරන උත්සාහයට ඔවුන්ව එම මාවතේ ස්ථිරව තැබිය හැකිය. මෙම ප්‍රයත්නයන් ආරම්භ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ පසුතැවිලි වීම ගැන ඉගැන්වීමෙනි. සෑම සතියකම සක්‍රමේන්තුවට සහභාගී වීමෙන් අපගේ බව්තීස්ම ගිවිසුම් අලුත් කරන ආකාරය ගැන ඉගැන්වීම ද ඒවාට ඇතුළත් ය.

ඔබට උපකාර කළ හැකි සම්පත් කිහිපයක් මෙන්න: 2 නෙපි 31. topics.ChurchofJesusChrist.org.

  • ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන අත්දැකීමක් ඔබ ලබන සෑම විටම, එය ඔබේ දරුවා සමඟ බෙදා ගන්න. ඇදහිල්ල යනු ජීවිත කාලය පුරාම තව තවත් ශක්තිමත්ව වර්ධනය විය හැකි දෙයක් බව ඔහුට හෝ ඇයට තේරුම් ගැනීමට උපකාර කරන්න. බව්තීස්ම වීමට පෙර ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි දැඩි ඇදහිල්ලක් වර්ධනය කර ගැනීමට ඔබේ දරුවාට කළ හැකි දේවල් මොනවාද?

  • ඔබේ දරුවා වැරදි තේරීමක් කරන විට, පසුතැවිලි වීමේ දීමනාව ගැන ප්‍රීතියෙන් යුතුව කතා කරන්න. එමෙන්ම ඔබ වැරදි තේරීමක් කරන විට, ඔබ පසුතැවිලි වන විට ලැබෙන ප්‍රීතිය බෙදා ගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳ අපගේ පව් උදෙසා මිය ගිය නිසා, උන්වහන්සේ අපට වෙනස් වීමට බලය දුන් බව සාක්ෂි දරන්න. ඔබේ දරුවා සමාව ඉල්ලා සිටින විට, නිදහසේ හා සතුටින් සමාව දෙන්න.

  • ඔබේ බව්තීස්මය ගැන ඔබේ දරුවාට කියන්න. පින්තූර පෙන්වන්න සහ මතකයන් බෙදා ගන්න. ඔබට හැඟුණු ආකාරය, ඔබේ බව්තීස්ම ගිවිසුම් ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට උපකාර වී ඇති ආකාරය සහ ඒවා ඔබේ ජීවිතයට දිගින් දිගටම ආශිර්වාද කරන ආකාරය ගැන කතා කරන්න. ප්‍රශ්න ඇසීමට ඔබේ දරුවාව දිරිමත් කරන්න.

  • ඔබේ පවුලේ හෝ ඔබේ කොට්ඨාශයේ බව්තීස්මයක් සිදුවන විට, එය බැලීමට ඔබේ දරුවා රැගෙන යන්න. ඔබ සහ ඔබේ දරුවා දුටු සහ දැනුණු දේ ගැන එකට එක්ව කතා කරන්න. හැකි නම්, බව්තීස්ම වන පුද්ගලයා සමඟ කතා කර පහත සඳහන් ආකාරයේ ප්‍රශ්න අසන්න: “ඔබ මෙම තීරණය ගත්තේ කෙසේද? ඔබ සූදානම් වූයේ කෙසේද?”

  • ඔබේ දරුවා ඔහු හෝ ඇය කිරීමට පොරොන්දු වූ දෙයක් කරන බව ඔබ දුටු විට, අවංකව එය ප්‍රශංසා කරන්න. අප බව්තීස්ම වන විට අප කරන ගිවිසුම් පැවැත්වීමට සූදානම් වීමට, කැපවීම් පැවැත්වීම අපට උපකාර වන බව පෙන්වා දෙන්න. අපි බව්තීස්ම වන විට අපි දෙවියන්වහන්සේට පොරොන්දු වන්නේ මොනවාද? උන්වහන්සේ අපට පොරොන්දු වන්නේ මොනවාද? (බලන්න මොසායා 18:8–10, 13).

  • ඔබ සහ ඔබේ දරුවා එකට එක්ව පාරිශුද්ධ අත්දැකීමක් ලබන විට (සභාවේදී, ශුද්ධලියවිලි කියවන විට, හෝ යමෙකුට සේවය කරන විට වැනි අවස්ථා වලදී), ඔබට ඇති අධ්‍යාත්මික හැඟීම් හෝ පෙළඹවීම් ගැන ඔහුට හෝ ඇයට කියන්න. ඔහුට හෝ ඇයට හැඟෙන ආකාරය බෙදා ගැනීමට ඔබේ දරුවාට ආරාධනා කරන්න. උන්වහන්සේ ඔබට පෞද්ගලිකව කතා කරන ආකාරය ද ඇතුලුව ආත්මයාණන්ට මිනිසුන්ට කතා කළ හැකි විවිධ ක්‍රම ගැන සැලකිලිමත් වන්න. ඔහු හෝ ඇය ශුද්ධාත්මයාණන්ගේ බලපෑම අත්විඳින අවස්ථා හඳුනා ගැනීමට ඔබේ දරුවාට උපකාර කරන්න.

  • ස්වාමින්වහන්සේගේ සේවකයන්ට උන්වහන්සේගේ හඬ ඇසෙන විවිධ ආකාර ගැන එකට එක්ව කතා කරන්න. ගැලවුම්කරුවාණන්ගේ හඬ ඔහුට හෝ ඇයට ඇසෙන ආකාරය ගැන පින්තූරයක් ඇඳීමට හෝ වීඩියෝවක් කිරීමට ඔබේ දරුවාට ආරාධනා කරන්න.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු වීම ඔබට ආශිර්වාද කර ඇති ආකාරය ගැන කතා කරන්න. ඔබ අන් අයට සේවය කරන විට සහ අන් අය ඔබට සේවය කරන විට ඔබ ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වී ඇත්තේ කෙසේද? සභාවේ සාමාජිකයෙකු ලෙස අන් අයට සේවය කිරීමට සහ ඔවුන්ව ශක්තිමත් කිරීමේ ක්‍රම ගැන සිතීමට ඔබේ දරුවාට උපකාර කරන්න.

  • සක්‍රමේන්තුව ඔබේ පවුල තුළ පූජනීය හා ප්‍රීතිමත් සිදුවීමක් බවට පත් කරන්න. සක්‍රමේන්තුව අතරතුර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමට ක්‍රම සැලසුම් කිරීමට ඔබේ දරුවාට උපකාර කරන්න. සක්‍රමේන්තුව අපට පාරිශුද්ධ බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

  • මිතුරා සඟරාවේ දරුවන්ට බව්තීස්මය සහ ස්ථිර කිරීම සඳහා සූදානම් වීමට උපකාර වන ලිපි, කථා සහ ක්‍රියාකාරකම් ඇතුළත් වේ. ඔබේ දරුවාට ඒවායින් කිහිපයක් කියවා ඔබ සමඟ විනෝද වීමට ඉඩදෙන්න.

    රූපය
    පිරිමි ළමයෙකු බව්තිස්ම වෙමින්

    ගිවිසුම් මාර්ගයට “[අපි] ඇතුළු වන දොරටුව, පසුතැවිලි වීම සහ ජලය මගින් බව්තීස්මය” බව නෙපි ඉගැන්වීය (2 නෙපි 31:17).

ඔබේ දරුවන්ට පූජකවරය ගැන ඉගැන්වීම

පූජකවරය යනු දෙවියන්වහන්සේ තම දරුවන්ට ආශිර්වාද කරන අධිකාරිය සහ බලයයි. දෙවියන්වහන්සේගේ පූජකවරය අද පොළොවේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඇත. ඔවුන්ගේ ගිවිසුම් රකින සියලුම සභා සාමාජිකයින්ට ඔවුන්ව සහ ඔවුන්ගේ පවුල් ශක්තිමත් කිරීම සඳහා, ඔවුන්ගේ නිවෙස්වල දෙවියන්වහන්සේගේ පූජකවර බලය සමඟ ආශිර්වාද ලැබේ  ChurchofJesusChrist.org). මෙම බලය සාමාජිකයින්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සහ පවුල් තුළ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂයේ කාර්යය සම්පූර්ණ කිරීමට උපකාර කරනු ඇත. 

අපි නියෝගයන් ලබාගන්නේ පූජකවරයේ අධිකාරිය මගිනි. පිරිමින් සහ කාන්තාවන් සභා කැඳවීම්වල සේවය කරන විට, පූජකත්ව යතුරු දරන අයගේ ම​ගපෙන්වීම යටතේ, පූජකත්ව අධිකාරියෙන් ඔවුන් ඒවා කරති. ස්වර්ගීය පියාණන්වහන්සේගේ සියලුම දරුවන්—උන්වහන්සේගේ පුතුන් සහ දූවරුන්—පූජකත්වය වඩා හොඳින් අවබෝධ කර ගන්නා විට ආශිර්වාද ලබනු ඇත.

පූජකවරය ගැන වැඩිදුර ඉගෙන ගැනීම සඳහා බලන්න, රසල් එම්. නෙල්සන්, “ආත්මික නිධාන,” ලියහෝනා, නොවැම්බර් 2019, 76–79; 

  • පූජකත්ව නියෝග ඔබේ පවුල් ජීවිතයේ ස්ථිර කොටසක් බවට පත් කරගන්න. නිදසුනක් වශයෙන්, සෑම සතියකම සක්‍රමේන්තුව සඳහා ආත්මිකව සූදානම් වීමට ඔබේ දරුවාට උපකාර කරන්න. ඔබේ දරුවා අසනීප වූ විට හෝ සැනසීම හෝ මගපෙන්වීම අවශ්‍ය වූ විට පූජකත්ව ආශිර්වාද ලබාගැනීමට ඔහුව හෝ ඇයව දිරිගන්වන්න. පූජකවර බලය තුළින් ස්වාමින්වහන්සේ ඔබේ පවුලට ආශිර්වාද කරන ආකාරය පෙන්වා දීම පුරුද්දක් කරගන්න.

  • ඔබ එකට එක්ව ශුද්ධලියවිලි කියවන විට, දෙවියන්වහන්සේ තම බලය තුළින් මිනිසුන්ට ආශිර්වාද කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවන් සොයන්න. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පූජකත්වය තුළින් ඔබට ආශිර්වාද කළ අවස්ථා පිළිබඳ ඔබේම අත්දැකීම් බෙදා ගන්න.

  • ඔබේ පවුලේ කෙනෙකුගේ පූජකත්ව අධිකාරි අනුපිළිවෙල ඉගෙනගන්න. (මෙල්කිසදෙක් පූජකත්වය දරන්නන්ට විද්‍යුත් තැපෑල් පණිවිඩයක් යැවීමෙන් ඔවුන්ගේ අධිකාරී රේඛාවේ පිටපතක් ලබා ගත හැකිය LineofAuthority@ChurchofJesusChrist.org ChurchofJesusChrist.org.) පූජකත්ව අධිකාරිය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ම බව දැනගැනීම වැදගත් වන්නේ මන්දැයි සාකච්ඡා කරන්න. උන්වහන්සේ එය අප සමඟ බෙදාගන්නේ ඇයි?

  • බව්තීස්මයෙන් පසු, බව්තීස්ම ගිවිසුම පවත්වා ගැනීමෙන් පූජකත්ව බලය ලබා ගත හැකි බව ඔබේ දරුවාට උගන්වන්න. සභාපති රසල් එම්. නෙල්සන්ගේ පණිවිඩය එක්ව සමාලෝචනය කරන්න “ආත්මික වස්තූන්” (ලියහෝනා, නොවැ. 2019, 76–79). පූජකත්ව නියෝග ඔබගේ ජීවිතයට දෙවියන්වහන්සේගේ බලය ගෙන ආ ආකාරය ඔබේ දරුවාට කියන්න. පූජකත්ව බලයෙන් අප ආශිර්වාද ලබන සමහර මාර්ග පිළිබඳ ලැයිස්තුවක් සඳහා, බලන්න General Handbook, 3.5.

  • “ස්වාමින්වහන්සේගේ සේවකයෙක් මොන වගේද?” යන ප්‍රශ්නය සාකච්ඡා කරන්න. දහම සහ ගිවිසුම් 121:36–42 එකට එක්ව කියවා පිළිතුරු සොයන්න. ඔබේ දරුවා (හෝ වෙනත් කෙනෙකු) මෙම පදවල ඇති එක් මූලධර්මයක් හෝ ගුණාංගයක් අදාළ කරගන්නා බව ඔබ දකින සෑම විටම එය පෙන්වා දෙන්න.

  • ඔබ හෝ ඔබේ දරුවා දොරක් අගුළු හැරීමට හෝ මෝටර් රථයක් ආරම්භ කිරීමට යතුරු භාවිතා කරන විට, එම යතුරු පූජක නායකයින් සතුව ඇති යතුරු සමඟ සංසන්දනය කිරීමට මොහොතක් ගත කරන්න. පූජකත්ව යතුරු අපට “අගුළු හරින්නේ” හෝ “ආරම්භ කරන්නේ” මොනවාද? ChurchofJesusChrist.org.

  • ඔබව කැඳවීමක් සඳහා වෙන් කරන විට, හැකි නම්, එයට සහභාගී වන ලෙස ඔබේ දරුවාට ආරාධනා කරන්න. ඔබ ඔබේ කැඳවීම ඉටු කරන බව ඔබේ දරුවාට දැකීමට ඉඩ දෙන්න. ඔහුට හෝ ඇයට ඔබට උපකාර කළ හැකි සුදුසු ක්‍රම සොයන්නට පවා ඔබට පුළුවන. ඔබගේ කැඳවීමේදී ස්වාමින්වහන්සේගේ බලය ඔබට දැනෙන ආකාරය විස්තර කරන්න.

දේවමාළිගාවට යාම—මළවුන් සඳහා බව්තීස්ම සහ ස්ථිර කිරීම්

දේවමාළිගා යනු ස්වර්ගික පියාණන්ගේ දරුවන් සඳහා වූ සැලැස්මේ කොටසකි. දේවමාළිගා තුළදී, අපි ශුද්ධ වූ නියෝගවලට සහභාගී වන විට, අපි ස්වර්ගික පියාණන් සමඟ පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගනිමු, ඒ සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපව යොමු කරයි. ස්වර්ගීය පියාණන් විසින් මේ ජීවිතයේ දී ඒවා නොලැබූ අය ඇතුළුව තම සියලුම දරුවන්ට ගිවිසුම් ඇති කර ගැනීමට සහ නියෝගවලට සහභාගී වීමට මාර්ගයක් සපයා දී ඇත. ඔහු හෝ ඇය වයස අවුරුදු 12 ක් වන අවුරුද්ද ආරම්භයේදී, ඔබේ දරුවා මියගිය මුතුන් මිත්තන් වෙනුවෙන් දේවමාළිගාවේ බව්තීස්ම වීමට සහ ස්ථිර වීමට තරම් වයසට පැමිණ තිබේ.

temples.ChurchofJesusChrist.org.

  • ඔබේ තත්වයන් ඉඩ දෙන සෑම විටම දේවමාළිගාවට යන්න. ඔබ දේවමාළිගාවට යන්නේ ඇයිද කියා සහ දේවමාළිගාව ඔබට ස්වර්ගීය පියාණන්ට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට උපකාර වන ආකාරය ගැන ඔබේ දරුවා සමඟ කතා කරන්න.

  • එකට එක්ව දේවමාළිගා නිර්දේශ ප්‍රශ්න සමාලෝචනය කරමින් සාකච්ඡා කරන්න. දේවමාළිගා නිර්දේශ සම්මුඛ පරීක්ෂණයකදී සිදු වන දේ ගැන ඔබේ දරුවා සමඟ කතා කරන්න. දේවමාළිගා නිර්දේශයක් තිබීම ඔබට වැදගත් වන්නේ මන්දැයි බෙදා ගන්න.

  • එකට එක්ව මලාකි 4:6 කියවන්න. ඔබේ හදවත් ඔබේ මුතුන් මිත්තන් වෙත හැරවිය හැකි ආකාරය ගැන කතා කරන්න. ඔබගේ පවුලේ ඉතිහාසය පිළිබඳ එකට එක්ව ගවේෂණය කිරීමෙන් ඔබේ මුතුන් මිත්තන් ගැන තව තවත් දැන ගන්න FamilySearch.org. බව්තීස්ම කර තහවුරු කළ යුතු මුතුන් මිත්තන් සොයන්න. කොට්ඨාශ දේවමාළිගා සහ පවුල් ඉතිහාස උපදේශකයෙකු හට ඔබට උපකාර කළ හැකිය.

  • ChurchofJesusChrist.org.)

ආදිපීතෘ ආශිර්වාදයක් ලැබීම

ආදිපීතෘ ආශිර්වාදයක් මගපෙන්වීමේ, සැනසීමේ සහ අනුභාවයේ මූලාශ්‍රයක් විය හැකිය. එහි ස්වර්ගීය පියාණන්ගෙන් අපට පුද්ගලික උපදෙස් අඩංගු වන අතර අපගේ සදාකාලික අනන්‍යතාවය සහ අරමුණ තේරුම් ගැනීමට ඒවා අපට උපකාර කරයි. ආදිපීතෘ ආශිර්වාදයේ වැදගත්කම සහ පාරිශුද්ධ ස්වභාවය ඔහුට හෝ ඇයට ඉගැන්වීමෙන් ආදිපීතෘ ආශිර්වාදයක් ලබාගැනීමට සූදානම් වීමට ඔබේ දරුවාට උපකාර කරන්න.

topics.ChurchofJesusChrist.org.

  • ආදිපීතෘ ආශිර්වාදයක් ලැබීමේ ඔබේ අත්දැකීම ඔබේ දරුවා සමඟ බෙදා ගන්න. ඔබ එය ලබා ගැනීමට සූදානම් වූ ආකාරය, එය ඔබට දෙවියන්වහන්සේ වෙත ළං වීමට උපකාර වී ඇති ආකාරය සහ ඔබේ ජීවිතයට ඔබ එම ආශිර්වාදය භාවිතා කරන ආකාරය වැනි දේවල් ඔබට බෙදා ගත හැකිය. ආදිපීතෘ ආශිර්වාදය ලබා ඇති අනෙකුත් පවුලේ සාමාජිකයන් සමඟ කතා කිරීමට ඔබට ඔබේ දරුවාට ආරාධනා කළ හැකිය.

  • ඔබට ආදිපීතෘ ආශිර්වාද ලැබූ මුතුන් මිත්තන් සිටී නම්, ඒවායින් සමහරක් ඔබේ දරුවා සමඟ කියවීම අනුභාවයක් විය හැකිය. ChurchofJesusChrist.org

  • ඔබේ දරුවාට ආදිපීතෘ ආශිර්වාදයක් ලැබුණු පසු, පැමිණ සිටි ඕනෑම පවුලේ සාමාජිකයෙකුට ඔවුන්ගේ හැඟීම් වාර්තා කිරීමට සහ ඒවා ඔබේ දරුවා සමඟ බෙදා ගැනීමට ආරාධනා කරන්න.

දේවමාළිගාවට යාම—බලයෙන් සැරසීම

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සියලුම දරුවන්ට “ඉහළින් බලය” සමඟ ඔවුන්ව බලයෙන් සැරසවීමට හෝ ආශිර්වාද කිරීමටය (දහම සහ ගිවිසුම් 95:8). අපි අපේම බලයෙන් සැරසීම ලබා ගැනීමට දේවමාළිගාවට යන්නේ එක් වරක් පමණි, නමුත් දෙවියන්වහන්සේ සමඟ අප කරන ගිවිසුම් සහ බලයෙන් සැරසීමේ කොටසක් ලෙස උන්වහන්සේ අපට දෙන අධ්‍යාත්මික බලයට අපගේ ජීවිතයේ සෑම දිනකම අපට ආශිර්වාද කළ හැකිය.

temples.ChurchofJesusChrist.org

  • ඔබේ නිවසේ දේවමාළිගාවේ පින්තූරයක් ප්‍රදර්ශනය වන සේ තබන්න. දේවමාළිගාවේ ඔබ අත්විඳින හැඟීම් ගැන ඔබේ දරුවාට කියන්න. ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ ගෘහයට ඇති ඔබේ ප්‍රේමය සහ ඔබ එහි ඇති කරගත් ගිවිසුම් ගැන නිතර කතා කරන්න.

  • temples.ChurchofJesusChrist.org. ඔබේ දරුවාට දේවමාළිගාව ගැන තිබෙන ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙන්න. ඔබට දේවමාළිගාවෙන් පිටත කතා කළ හැකි දේ පිළිබඳ මගපෙන්වීමක් සඳහා, වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ “අවශ්‍ය සියලු දේ ලබා ගැනීමට සූදානම් වී” (ලියහෝනා, මැයි 2019, 101–4; විශේෂයෙන් “නිවස කේන්ද්‍ර කරගත් සහ සභාවට අනුග්‍රහය දක්වන දේවමාළිගා සූදානම” යන කොටස බලන්න).

  • ඔබ සහ ඔබේ දරුවා වෙනත් නියෝගවලට සහභාගී වන විට හෝ ඒවාට සාක්ෂි දරන විට (සක්‍රමේන්තුව හෝ සුව කිරීමේ ආශිර්වාදය වැනි), එම නියෝගවලට සම්බන්ධ සංකේතවාදය ගැන සාකච්ඡා කිරීමට මොහොතක් ගත කරන්න. සංකේත වලින් නියෝජනය වන්නේ මොනවාද? ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන්නේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන දේවමාළිගාවේ නියෝගවල සංකේතාත්මක අර්ථය ගැන මෙනෙහි කිරීමට මෙය ඔබේ දරුවාට උපකාර කරයි.

  • මොසායා 18:8–10, 13 හි විස්තර කර ඇති බව්තීස්ම ගිවිසුම ඔහු හෝ ඇය රකින ආකාරය දැකීමට ඔබේ දරුවාට උපකාර කරන්න. එමෙන්ම ස්වාමින්වහන්සේ ඔහුට හෝ ඇයට ආශිර්වාද කරන ආකාරය දැකීමට ඔබේ දරුවාට උපකාර කරන්න. ගිවිසුම් තබා ගැනීමට ඔහුගේ හෝ ඇයගේ හැකියාව ගැන ඔබේ දරුවාගේ විශ්වාසය ගොඩනගන්න.

  • ඔබේ දේවමාළිගාවේ ගිවිසුම් ඔබේ තෝරාගැනීම් වලට මගපෙන්වන ආකාරය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට ඔබට උපකාර කරන ආකාරය ගැන විවෘතව සහ නිතර නිතර කතා කරන්න.

ධර්මදූතයක සේවය කිරීම

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වූවේය: “සේවය කිරීම සඳහා කැඳවීමකට සූදානම් වීමට ඔබට කළ හැකි වැදගත්ම දෙය නම් ඔබ ධර්මදූතයකට යාමට බොහෝ කලකට පෙර සිටම ධර්මදූතයෙකු වීමයි. … ප්‍රශ්නය ධර්මදූත සේවයකට යාම නොවේ; ඇත්තෙන්ම, ප්‍රශ්නය වන්නේ ධර්මදූතවරයෙකු බවට පත්වෙමින් අපගේ මුළු ජීවිත කාලය පුරාම අපගේ මුළු හදවතින්, කැමැත්තෙන්, මනසින් සහ ශක්තියෙන් සේවය කිරීමයි. … ඔබ ජීවිත කාලය පුරාම සිදුවන ධර්මදූත සේවය සඳහා සූදානම් වෙමින් සිටී” (“Becoming a Missionary,” Liahona, Nov. 2005, 45–46). ඔබේ දරුවා ධර්මදූතවරයෙකු බවට පත් වී ලබාගන්නා අත්දැකීම් ඔහු හෝ ඇය ධර්මදූතවරයෙකු ලෙස සේවය කළ හැකි කාලය සඳහා පමණක් නොවේ, එහෙත් ඔහුට හෝ ඇයට සදාකාලිකව ආශිර්වාද කරනු ඇත.

වැඩි විස්තර සඳහා බලන්න, රසල් එම්. නෙල්සන්, “සාමයේ ශුභාරංචිය දේශනා කිරීම,” ලියහෝනා, මැයි 2022, 6–7; එම්. රසල් බැලර්ඩ්, “ධර්මදූත සේවය මගේ ජීවිතයට සදාකාලිකව ආශිර්වාද කළේය,” ලියහෝනා, මැයි 2022, 8–10  ChurchofJesusChrist.org.

  • ස්වභාවික මාර්ගවලින් ශුභාරංචිය බෙදාගන්නා ආකාරය ආදර්ශවත් කරන්න. ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබේ හැඟීම් සහ උන්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු ලෙස ඔබට ලැබෙන ආශිර්වාද ගැන අන් අය සමඟ බෙදා ගැනීමට ඇති අවස්ථාවන් පිළිබඳව සැමවිටම අවදියෙන් සිටින්න. සභාවට සහ පවුලට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට ඔබේ පවුල සමඟ සම්බන්ධ වීමට අන් අයට ආරාධනා කරන්න.

  • ඔබේ පවුලට ධර්මදූතවරුන් සමඟ සම්බන්ධ වීමට හැකි අවස්ථා සොයන්න. ඔබේ මිතුරන්ට ඉගැන්වීමට ඔවුන්ට ආරාධනා කරන්න, නැතහොත් ඔබේ නිවසේ සිට අන් අයට ඉගැන්වීමට ඔවුන්ට ඉඩ දෙන්න. ධර්මදූතවරුන්ගෙන් ඔවුන් ලබන අත්දැකීම් සහ ධර්මදූත සේවය ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සමීප වීමට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසන්න. ධර්මදූතයින් වීමට සූදානම් වීම සඳහා ඔවුන් කළේ කුමක්ද (නැතහොත් ඔවුන් කළා නම් හොඳ යැයි සිතන්නේ මොනවාද) කියා අසන්න.

  • ඔබ ධර්මදූත සේවයක් කළේ නම්, ඔබේ අත්දැකීම් ගැන විවෘතව හා නිතර නිතර කතා කරන්න. නැතහොත් ධර්මදූතයක සේවය කළ මිතුරන්ට හෝ පවුලේ සාමාජිකයන්ට ඔවුන්ගේ අත්දැකීම් ගැන කතා කිරීමට ආරාධනා කරන්න. ඔබේ ජීවිත කාලය පුරාම ඔබ අන් අය සමඟ ශුභාරංචිය බෙදාගත් ආකාරය ගැනද ඔබට කතා කළ හැකිය. ඔහුට හෝ ඇයට ශුභාරංචිය බෙදා ගත හැකි ආකාරය ගැන සිතීමට ඔබේ දරුවාට උපකාර කරන්න.

  • ශුභාරංචි මූලධර්ම පිළිබඳ ඔබේ පවුලට ඉගැන්වීමට ඔබේ දරුවාට අවස්ථා ලබා දෙන්න. ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ විශ්වාසයන් අන් අය සමඟ බෙදා ගැනීමට පුරුදු විය හැකිය. උදාහරණයක් ලෙස, “මොර්මොන්ගේ පොත පිළිබඳ කිසිදා අසා නැති කෙනෙකුට අපි එය හඳුන්වා දෙන්නේ කෙසේද?” හෝ “කිතුනුවකු නොවන කෙනෙකුට ගැලවුම්කරුවාණන්ගේ අවශ්‍යතාවය අපි විස්තර කරන්නේ කෙසේද?” වැනි ප්‍රශ්න ඔබට සාකච්ඡා කළ හැකිය.

  • ඔබේ දරුවාට මිනිසුන් සමඟ කතා කිරීමට පහසු වීමට උදව් කරන්න. සංවාදයක් ආරම්භ කිරීමට හොඳ ක්‍රම මොනවාද? අන් අය පවසන දෙයට සවන් දීමට, ඔවුන්ගේ හදවත් තුළ ඇති දේ තේරුම් ගැනීමට සහ ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාද කළ හැකි ශුභාරංචිය පිළිබඳ සත්‍යයන් බෙදා ගැනීමට ඉගෙන ගැනීමට ඔබේ දරුවා දිරිමත් කරන්න.

  • ඔබේ දරුවාට වෙනත් සංස්කෘතීන් සහ ඇදහිලි ගැන ඉගෙන ගැනීමට අවස්ථා සොයන්න. අන් අයගේ විශ්වාසයන් තුළ ඇති යහපත් සහ සැබෑ ප්‍රතිපත්ති හඳුනාගෙන ඒවාට ගරු කිරීමට ඔහුට හෝ ඇයට උදවු කරන්න.

දේවමාළිගාවට යාම—මුද්‍රා වීම

දේවමාළිගාවේදී ස්වාමිපුරුෂයා සහ භාර්යාව සදාකාලිකව විවාහ විය හැකිය. මෙය සිදුවන්නේ මුද්‍රා තැබීම නම් නියෝගය හරහායි. මෙම නියෝගය ඔබේ පුතාට හෝ දුවට ලබාගැනීමට වසර ගණනාවක් ගත විය හැකි වුවද, එම අවුරුදු තුළ ඔබ එක්ව කරන කුඩා, සරල, ස්ථාවර දේවල් ඔහුට හෝ ඇයට මෙම අසිරිමත් ආශිර්වාදය සඳහා සූදානම් වීමට උපකාරී වේ.

topics.ChurchofJesusChrist.org.

  • පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” එකට එක්ව කියවන්න ChurchofJesusChrist.org. පවුල් ජීවිතයේ සන්තෝෂය ගැන සහ සාර්ථක විවාහයන් ගැන මෙම ප්‍රකාශයෙන් උගන්වන්නේ මොනවාද? ඔබේ දරුවා සමඟ අධ්‍යයනය කිරීම සඳහා මෙම ප්‍රකාශයේ ලැයිස්තුගත කර ඇති මූලධර්මවලින් එකක් තෝරන්න. එම ප්‍රතිපත්තිය ඔබේ පවුල තුළ වඩාත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඔබට ඉලක්ක තැබිය හැකියි. ඔබ ඔබේ ඉලක්ක මත වැඩ කරන විට, එම ප්‍රතිපත්තිය අනුව ජීවත් වීම පවුල් ජීවිතයට ඇති කරන බලපෑම එකට එක්ව සාකච්ඡා කරන්න.

  • ඔබ විවාහක නම්, ඔබ යුවලක් ලෙස හොඳින් කරන බව ඔබට හැඟෙන දේවල්, ඔබ ඉගෙන ගන්නා දේවල් සහ ඔබ වැඩිදියුණු වීමට උත්සාහ කරන ආකාරය පිළිබඳව ඔබේ දරුවා සමඟ විවෘතව සිටින්න. ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දේවමාළිගාවේ මුද්‍රා වී ඇත්නම්, ඔබ එකිනෙකා සමඟ සහ ස්වාමින්වහන්සේ සමඟ ඔබේ ගිවිසුම් තබා ගැනීමට උත්සාහ කරන ආකාරය ඔබේ දරුවාට ආදර්ශයෙන් පෙන්වන්න. ස්වර්ගික පියාණන්වහන්සේව සහ ගැලවුම්කරුවාණන්ව ඔබේ සම්බන්ධතාවයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට ඔබ උත්සාහ කරන ආකාරය සහ උන්වහන්සේලා ඔබට උපකාර කරන ආකාරය ඔබේ දරුවාට කියන්න.

  • පවුලේ තීරණ ගැනීමට අවශ්‍ය වූ විට, පවුල් සභා සහ සාකච්ඡා පවත්වන්න. පවුලේ සියලුම සාමාජිකයින්ගේ අදහස්වලට සවන් දීමට සහ අගය කිරීමට වග බලා ගන්න. සෑම කෙනෙකුටම දේවල් එකම ආකාරයකින් නොපෙනුනත්, පවුල් සබඳතා තුළ නිරෝගී සන්නිවේදනය සහ කරුණාව ආදර්ශයට ගැනීමට මෙම සාකච්ඡා අවස්ථාවක් ලෙස භාවිතා කරන්න.

  • පවුල තුළ මතභේදයක් හෝ ගැටුම් ඇති වූ විට, ඉවසීම සහ දයානුකම්පාව විදහා පෙන්වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයේ මාර්ගවලින් ගැටුම් හැසිරවීම ප්‍රීතිමත් විවාහයක් සඳහා සූදානම් වීමට ඔහුට හෝ ඇයට උපකාර කරන්නේ කෙසේදැයි බැලීමට ඔබේ දරුවාට උපකාර කරන්න. දහම සහ ගිවිසුම් 121:41–42 එකට එක්ව කියවා, මෙම පදවල ඇති මූලධර්ම විවාහයට අදාළ කරගත හැකි ආකාරය ගැන කතා කරන්න.