අත්පොත් සහ කැඳවීම්
4. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නායකත්වය සහ මන්ත්‍රණ සභා


“4. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නායකත්වය සහ මන්ත්‍රණ සභා,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“4. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නායකත්වය සහ මන්ත්‍රණ සභා” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම

4.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ නායකත්වය සහ මන්ත්‍රණ සභා

4.0

හැඳින්වීම

සභාවේ නායකයෙකු ලෙස, ඔබව ස්වාමින්වහන්සේගේ බලයලත් සේවකයන් හරහා දේවානුභාවයෙන් කැඳවා ඇත. “මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒම” (මෝසෙස් 1:39) යන ස්වර්ගික පියාණන්වහන්සේගේ කාර්යයට සහය වීමේ වරප්‍රසාදය ඔබට ඇත.

4.2

සභා නායකත්වයේ මූලධර්ම

ගැලවුම්කරුවාණන්ගේ මෙලොව දේවසේවය අතරතුර, උන්වහන්සේ තම සභාව සඳහා නායකත්වයේ ආදර්ශය තැබුවේය. උන්වහන්සේගේ කේන්ද්‍රීය අරමුණ වූයේ උන්වහන්සේගේ ස්වර්ගික පියාණන්ගේ කැමැත්ත කිරීම සහ උන්වහන්සේගේ ශුභාරංචිය තේරුම් ගැනීමට සහ ඒ අනුව ජීවත් වීමට අනෙක් අයට උපකාර කිරීමයි (බලන්න යොහන් 5:30; මොසායා 15:7).

ඔබගේ කැඳවීමේ යුතුකම් ගැන ඉගෙනගැනීමට සහ ඒවා ඉටු කිරීමට ඔබට උපකාර කිරීමට ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම සොයන්න.

4.2.1.

අධ්‍යාත්මිකව සූදානම් වීම

යේසුස්වහන්සේ උන්වහන්සේගේ මෙලොව ධර්මදූතය සඳහා ආත්මිකව සූදානම් වූවේය (බලන්න ලූක් 4:1–2). යාච්ඤාව, ශුද්ධලියවිලි අධ්‍යයනය සහ ස්වර්ගික පියාණන්වහන්සේගේ ආඥාවලට කීකරු වීම තුළින් උන්වහන්සේට සමීප වීමෙන් ඔබත් එලෙසම ආත්මිකව සූදානම් වෙයි.

ඔබ නායකත්වය දෙන අයගේ අවශ්‍යතා සහ දෙවියන්වහන්සේ ඔබට කිරීමට කැඳවා ඇති කාර්යය ඉටු කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට එළිදරව් සොයන්න.

ආත්මික දීමනා සොයන අයට ඒවා ලබා දීමට ස්වාමින්වහන්සේ ද පොරොන්දු වී ඇත (බලන්න දහම සහ ගිවිසුම් 46:8).

4.2.2

දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට දේවසේවය කිරීම

යේසුස්වහන්සේ කළාක් මෙන් ඔබත් ඔබ සේවය කරන මිනිසුන්ට ප්‍රේම කරන්න. උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරී ඉතිරී යන ලෙස “හදවතේ සියලුම ශක්තියෙන් යුතුව” යාච්ඤා කරන්න (මොරෝනි 7:48).

පුද්ගලයන්ට ඔවුන්ගේ හැරීම ගැඹුරු කරගැනීමට සහ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උපකාර කරන්න. ඔවුන් ඔවුන්ගේ ඊළඟ නියෝගය ලබන විට ගිවිසුම් ඇති කරගැනීමට සූදානම් වීමට ඔවුන්ට උපකාර කරන්න. ඔවුන් ඇති කරගත් ගිවිසුම් තබා ගැනීමට සහ පසුතැවිලි වීමේ ආශිර්වාද ලබාගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න.

4.2.3

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වීම

සියලුම නායකයින් ගුරුවරුන් ය. ගුරුවරයෙකු ලෙස ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරන්න (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම; 17 වෙනි පරිච්ඡේදය). ඔබගේ වචන සහ ක්‍රියාවන් තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම සහ උන්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම උගන්වන්න (බලන්න 3 නෙපී 11:32–33; දහම සහ ගිවිසුම් 42:12–14).

ශුද්ධලියවිලි වලින් සහ පසුදවස්වල අනාගතවක්තෘවරුන්ගේ වචනවලින් උගන්වන්න (බලන්න දහම සහ ගිවිසුම් 52:9).

සභාවේ රැස්වීමක හෝ ක්‍රියාකාරකමක මුලසුන දැරීමට ඔබව කැඳවනු ලැබුවහොත් හෝ එය ඔබට පවරා තිබේ නම්, එම ඉගැන්වීම මනස දියුණු කරන බව සහ මූලධර්මාත්මකව නිවැරදි බව සහතික කර ගන්න (බලන්න දහම සහ ගිවිසුම් 50:21–23).

4.2.4

ධර්මිෂ්ඨව මුලසුන දැරීම

සෑම මූලාසනය දරන නිලධාරියෙකුම පූජකත්ව යතුරු දරන පුද්ගලයෙකුගේ මගපෙන්වීම යටතේ සේවය කරයි (බලන්න 3.4.1). මෙම ව්‍යුහය ස්වාමින්වහන්සේගේ කාර්යය කිරීමේදී වගකීම් සහ වගවීම පිළිබඳ පිළිවෙල සහ පැහැදිලි රේඛා සපයයි.

මුලසුන දරන නිලධාරියෙකු හට මුලසුන දැරීම සඳහා වෙනත් පුද්ගලයෙකුට තාවකාලික පැවරුමක් පැවරිය හැකිය.

සභාවේ සංවිධානයක, රැස්වීමක හෝ ක්‍රියාකාරකමක මුලසුන දරන නායකයෙකු ස්වාමින්වහන්සේගේ අරමුණු ඉටු වන බව සහතික කරයි. මෙය සිදු කිරීමේදී නායකයා ශුභාරංචි මූලධර්ම, සභාවේ ප්‍රතිපත්ති සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කරයි.

මුලසුන දැරීම සඳහා කැඳවීමක් හෝ පැවරීමක් ලබන පුද්ගලයා අන් අයට වඩා වැදගත් හෝ අගයක් ඇති බවක් අදහස් කරන්නේ නැත (බලන්න දහම සහ ගිවිසුම් 84:109–10).

ස්වාමින්වහන්සේගේ සභාවේ ඕනෑම සංවිධානයක මුලසුන දැරීමට බලාපොරොත්තුවෙන් සිටීම සුදුසු නොවේ (බලන්න දහම සහ ගිවිසුම් 121:34–37).

4.2.5

වගකීම පැවරීම සහ වගවීම සහතික කිරීම

ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට අර්ථවත් පැවරුම් සහ වගකීම් ලබා දුන්නේය (බලන්න ලූක් 10:1). ඔවුන්ට කිරීමට ලබා දී ඇති කාර්යය සඳහා ගණන් දීමටද උන්වහන්සේ ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නේය (බලන්න ලූක් 9:10).

නායකයෙකු ලෙස, ඔබට අනෙක් අයට පැවරුම් පැවරීමෙන් ඔවුන්ට වර්ධනය වීමට උපකාර කළ හැකිය. සියලුම සාමාජිකයන්ව දෙවියන්වහන්සේගේ කාර්යයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන්න.

පැවරීම මගින් ඔබේ සේවාව වඩාත් ඵලදායී වනු ඇත. ඔබට ඔබේ ඉහළම ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කළ හැකි වන පරිදි පැවරිය යුතු දේ පිළිබඳව ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයන්න.

4.2.6

නායකයන් සහ ගුරුවරුන් වීමට අනෙක් අයව සූදානම් කිරීම

සභාවේ කැඳවීම් හෝ පැවරුම්වල සේවය කළ හැක්කේ කාටදැයි සලකා බැලීමේදී, ඒ වෙනුවෙන් යාච්ඤා කරන්න. ස්වාමින්වහන්සේ තමන් කැඳවන අයව සුදුසු කරවන බව මතක තබාගන්න. වැදගත්ම දෙය නම්, ඔවුන් සේවය කිරීමට කැමැත්තෙන් සිටීම, නිහතමානීව ස්වාමින්වහන්සේගේ උපකාරය සෙවීම සහ සුදුස්සන් වීමට උත්සාහ කිරීමයි.

4.2.7

රැස්වීම්, පාඩම් සහ ක්‍රියාකාරකම් පැහැදිලි අරමුණු සහිතව සැලසුම් කිරීම

පැහැදිලි අරමුණු ඇති රැස්වීම්, පාඩම් සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී ආත්ම​යාණන්ගේ මගපෙන්වීම සොයන්න. මෙම අරමුණු පුද්ගලයන්ව සහ පවුල් ශක්තිමත් කළ යුතුය, ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේ වෙත සමීප කළ යුතුය, සහ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටු කිරීමට උපකාර කළ යුතුය (බලන්න 1 සහ 2 පරිච්ඡේද).

4.2.8

ඔබගේ උත්සාහයන් ඇගයීම

නායකයෙකු ලෙස ඔබේ වගකීම් සහ අධ්‍යාත්මික වර්ධනය නිතිපතා සමාලෝචනය කරන්න. ඔබ නායකත්වය දෙන අයගේ වර්ධනය ද සලකා බලන්න.

නායකයෙකු ලෙස ඔබගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත ගෝලයන් වීමට උපකාර කිරීමට ඔබගේ කැපවීම මගිනි. ආත්මයාණන්වහන්සේ ඔබ තුළින් ක්‍රියා කරන බව ඔබට හැඟෙන විට ඔබේ උත්සාහය ගැන ස්වාමින්වහන්සේ සතුටු වන බව ඔබට දැනගත හැකිය.

4.3

සභාවේ මන්ත්‍රණ සභා

ස්වාමින්වහන්සේගේ කාර්යය කිරීමේදී උන්වහන්සේගේ සභාවේ නායකයින්ට එකට එක්ව උපදෙස් ලබාගන්නා ලෙස උන්වහන්සේ උපදෙස් දී ඇත (බලන්න දහම සහ ගිවිසුම් 41:2–3). මන්ත්‍රණ සභා සාමාජිකයින් දෙවියන්වහන්සේගේ දරුවන්ගේ අවශ්‍යතා තේරුම්ගැනීමට උත්සහ කරන විට සහ ඒවා ඉටුකිරීමට උපකාර වීමට සැලසුම් කරන විට ඔවුන්ට එළිදරව් ලබාගැනීම සඳහා මන්ත්‍රණ සභා අවස්ථා සලසා දෙයි.

4.4

ඵලදායී මන්ත්‍රණ සභා සඳහා මූලධර්ම

4.4.1.

මන්ත්‍රණ සභාවන් හි අරමුණු

සාමාජිකයින්ට නියෝග ලබා ගැනීමට සහ ඒ ආශ්‍රිත ගිවිසුම් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා මන්ත්‍රණ සභා විශේෂ අවධානයක් යොමු කරයි.

4.4.2

මන්ත්‍රණ සභා රැස්වීම් සඳහා සූදානම් වීම

සභාපතිත්වයන් සහ මන්ත්‍රණ සභා ක්‍රමවත්ව රැස්විය යුතු බව අපේක්ෂා කෙරේ. මෙම නායකයින් මන්ත්‍රණ සභා රැස්වීම් සැලසුම් කිරීම සඳහා ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම සොයති. සාකච්ඡා කළ යුතු දේ තීරණය කිරීමේදී ඔවුන් මන්ත්‍රණ සභා සාමාජිකයින්ගෙන් ද අදහස් ලබා ගනිති.

සාකච්ඡා කළ යුතු කරුණු ගැන නායකයන් විසින් මෙම මන්ත්‍රණ සභා සාමාජිකයන්ට කල්තියා දැනුම් දෙති. මෙම කරුණු පිළිබඳ අවබෝධය බෙදා ගැනීම සඳහා මන්ත්‍රණ සභා සාමාජිකයින් සූදානම් වෙති.

4.4.3

සාකච්ඡා සහ තීරණ

මන්ත්‍රණ සභා රැස්වීමක් අතරතුර, නායකයා (හෝ නායකයා පවරන අයෙකු) සලකා බලනු ලබන කාරණය පැහැදිලි කරයි. ඉන්පසු එම නායකයා විසින් ප්‍රශ්න අසමින් සහ අදහස් සොයමින් සියලුම මන්ත්‍රණ සභා සාමාජිකයින් අතර සාකච්ඡා සඳහා දිරිගන්වයි.

සාමාජිකයින් විසින් යෝජනා බෙදාහදා ගන්නා අතර එකිනෙකාට ගෞරවයෙන් යුතුව සවන් දෙයි. ඔවුන් ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමට උත්සාහ කරන විට, ආශ්වාදයේ සහ එකමුතුකමේ ආත්මයක් පැවතිය හැකිය.

කාන්තාවන් සහ පිරිමින් ඇතුළත් මන්ත්‍රණ සභාවකදී, නායකයා විසින් අවබෝධය සහ අදහස් ලබාගැනීම සඳහා මෙම දෙපාර්ශවයම සම්බන්ධ කරගනියි. බොහෝ විට කාන්තාවන්ට සහ පිරිමින්ට ඇත්තේ අවශ්‍ය සමතුලිතතාවය ලබා දෙන විවිධ දෘෂ්ටිකෝණයන් ය.

නායකෙයෙකු විසින් මන්ත්‍රණ සභාවේ සාකච්ඡා මෙහෙයවයි. කෙසේවෙතත්, ඔහු හෝ ඇය කතා කිරීමට වඩා සවන් දිය යුතුය.

සාකච්ඡාවෙන් පසු, නායකයාට ක්‍රියාමාර්ගයක් තීරණය කිරීමට හෝ අමතර තොරතුරු සහ මගපෙන්වීමක් ලබාගැනීම උදෙසා තීරණය කල් දැමීමට හැකිය.

4.4.4

එකමුතුකම

මන්ත්‍රණ සභා සාමාජිකයන් ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ මහත් උවමනාවෙන් හා අරමුණෙන් එකෙකු වීමට උත්සාහ කරති. ඔවුන් තම සාකච්ඡා සහ තීරණ වලදී එකමුතුකම සඳහා වෙහෙසෙති.

4.4.5

ක්‍රියාව සහ වගවීම

මන්ත්‍රණ සභා සාමාජිකයින් ඔවුන්ගේ වැඩ කටයුතු බොහොමයක් ඉටුකරන්නේ මන්ත්‍රණ සභා රැස්වීමට පෙර සහ පසුව ය. රැස්වීම් අතරතුර, තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කිරීමේදී ඔවුන් අවශ්‍ය පෙළඹවීම් ලබාගනිති. මෙම සැලසුම්වලට අදාළ පැවරුම් ඉටු කිරීමට මන්ත්‍රණ සභා නායකයා සාමාජිකයින්ට ආරාධනා කරයි.

මන්ත්‍රණ සභා සාමාජිකයින් විසින් ඔවුන්ගේ පැවරුම් පිළිබඳව වාර්තා කරයි. ප්‍රගතිය සඳහා සාමාන්‍යයෙන් තිරසාර අවධානයක් සහ පසු විපරම් පැවරුම් අවශ්‍ය වේ.

4.4.6

රහස්‍යභාවය

මන්ත්‍රණ සභාවක් සමඟ පුද්ගලික තොරතුරු බෙදාගැනීමේදී නායකයින් විසින් ඔවුන්ගේ විචක්ෂණ බුද්ධිය භාවිතා කරයි. මෙම තොරතුරු බෙදා ගැනීමට ඔවුන් සාමාන්‍යයෙන් සාමාජිකයෙකුගේ අවසරය පතති.

මන්ත්‍රණ සභා නායකයාගේ පැවරුමක් ඉටු කිරීමට අවශ්‍ය නම් මිස මන්ත්‍රණ සභා සාමාජිකයන් පුද්ගලික තොරතුරු මන්ත්‍රණ සභාවෙන් පිටත බෙදා නොගත යුතුය.

සමහර කරුණු මුළු මන්ත්‍රණ සභාවක් ඉදිරියට ගෙන ඒමට නොහැකි තරම් සංවේදී විය හැකිය.