අත්පොත් සහ කැඳවීම්
10. ආරෝනික පූජකවර ගණපූරණ


“10. ආරෝනික පූජකවර ගණපූරණ” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“10. ආරෝනික පූජකවර ගණපූරණ,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
සභාවේ සිටින තරුණ පිරිමි ළමුන්

10.

ආරෝනික පූජකවර ගණපූරණ

10.1

අරමුණ සහ සංවිධානය

10.1.1.

අරමුණ

ගණපූරණයක අරමුණ වන්නේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටු කිරීම සඳහා පූජකවරය දරන්නන්ට එකට එක්ව වැඩ කිරීමට උපකාර කිරීමයි.

10.1.2

ආරෝනික පූජකවර ගණපූරණ තේමාව

“මම දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයෙක් වෙමි, එමෙන්ම .මා ලවා කරගැනීමට උන්වහන්සේට කාර්යයක් ඇත.

“මගේ මුළු හදවතින්, බලයෙන්, මනසින් සහ ශක්තියෙන්, මම දෙවියන්වහන්සේට ප්‍රේම කරමි, මගේ ගිවිසුම් තබන්නෙමි, එමෙන්ම මගේම නිවසින් පටන්ගෙන අන් අයට සේවය කිරීමට උන්වහන්සේගේ පූජකවරය භාවිතා කරන්නෙමි.

“මම සෑම දිනකම සේවය කිරීමට, ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට, පසුතැවිලි වීමට, සහ දිනපතා වැඩිදියුණු වීමට උත්සාහ කරන විට, දේවමාළිගාවේ ආශිර්වාද සහ ශුභාරංචියේ නොනිමෙන ප්‍රීතිය ලැබීමට මම සුදුසුකම් ලබමි.

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු වීමෙන් උත්සහවන්ත ධර්මදූතයෙකු, විශ්වාසවන්ත ස්වාමිපුරුෂයෙකු සහ ආදරණීය පියෙකු වීමට මම සූදානම් වෙමි.

“ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණීමටත් උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාද ලබාගන්නටත් සියලුදෙනාටම ආරාධනා කිරීමෙන් ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට මම උපකාර කරමි.

10.1.3

ගණපූරණ

10.1.3.1

උපස්ථායක ගණපූරණය

තරුණ පිරිමි ළමුන් ඔවුන් වයස අවුරුදු 12 ක් වන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරමින් උපස්ථායක ගණපූරණයට සම්බන්ධ වේ. මේ අවස්ථාවේදී ඔවුන් සූදානම් නම් සහ සුදුසු නම් උපස්ථායකයන් ලෙස නියම වීමට ද ඔවුන් සුදුසුකම් ලබති.

උපස්ථායකයෙකුගේ යුතුකම් දහම සහ ගිවිසුම් 20:57–59; 84:111 හි විස්තර කර ඇත. අනෙකුත් යුතුකම් අතර සක්‍රමේන්තුව බෙදා දීම සහ “සියලු තාවකාලික දේවල් ක්‍රියාත්මක කිරීම උදෙසා” සභානායකවරයාට සහාය වීම ඇතුළත් වේ (දහම සහ ගිවිසුම් 107:68).

10.1.3.2

ගුරුවර ගණපූරණය

තරුණ පිරිමි ළමුන් ඔවුන් වයස අවුරුදු 14 ක් වන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරමින් ගුරුවර ගණපූරණයට සම්බන්ධ වේ. මේ අවස්ථාවේදී ඔවුන් සූදානම් නම් සහ සුදුසු නම් ගුරුවරුන් ලෙස නියම වීමට ද ඔවුන් සුදුසුකම් ලබති.

ගුරුවරුන්ට උපස්ථායකයන්ට සමාන යුතුකම් ඇත. එසේම ඔවුන් සක්‍රමේන්තුව පිළියෙළ කරති එමෙන්ම දේවසේවා සහෝදරයන් ලෙසද සේවය කරති. අමතර යුතුකම් දහම සහ ගිවිසුම් 20.53–59; 84:111 හි විස්තර කර ඇත.

10.1.3.3

පූජක ගණපූරණය

තරුණ පිරිමි ළමුන් ඔවුන් වයස අවුරුදු 16 ක් වන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරමින් පූජක ගණපූරණයට සම්බන්ධ වේ. මේ අවස්ථාවේදී ඔවුන් සූදානම් නම් සහ සුදුසු නම් පූජකයින් ලෙස නියම වීමට ද ඔවුන් සුදුසුකම් ලබති.

පූජකයින්ට, උපස්ථායකයන්ට සහ ගුරුවරුන්ට සමාන යුතුකම් ඇත. අමතර යුතුකම් දහම සහ ගිවිසුම් 20:46–52, 73–79; හි විස්තර කර ඇත.

10.1.4

පූජකවර යතුරු

මෙම යතුරු පිළිබඳ වැඩි විස්තර සඳහා, 3.4.1 බලන්න.

10.1.5

දේශීය අවශ්‍යතා සඳහා ගණපූරණ අනුගත කරගැනීම

තරුණ පිරිමි ළමුන් කිහිප දෙනෙකු සිටින කොට්ඨාශයක හෝ ශාඛාවක, ආරෝනික පූජකවර ගණපූරණ වලට උපදෙස් සහ ක්‍රියාකාරකම් සඳහා එකට එක්ව රැස්විය හැකිය.

10.2

ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සඳහා සහභාගී වීම

10.2.1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

10.2.1.2

ශුභාරංචිය ඉගෙනීම

ගණපූරණ රැස්වීම් මාසයේ දෙවන සහ හතරවන ඉරිදා දිනවල පැවැත්වේ. ඒවා විනාඩි 50ක් පැවැත්වේ. ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයෙකු (හෝ පූජක ගණපූරණයේ සභානායකවරයාගේ සහායකයෙකුගෙන් කෙනෙක්) එය මෙහෙයවයි. ඔහු තේමාව කියවීමේදී සහ පැවරුම්, රාජකාරි සහ වෙනත් කරුණු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීමේදී ගණපූරණය මෙහෙයවයි.

ගණපූරණ සාමාජිකයෙකු හෝ වැඩිහිටි නායකයෙකු විසින් පසුව ශුභාරංචි උපදෙස් මෙහෙයවනු ලබයි.

10.2.1.3

සේවය සහ ක්‍රියාකාරකම්

සේවය සහ ක්‍රියාකාරකම් මගින් සාක්ෂි ගොඩනැගිය යුතුය, පවුල් ශක්තිමත් කළ යුතුය, ගණපූරණ එකමුතුව පෝෂණය කළ යුතුය, සහ අන්‍යයන්ට ආශිර්වාද කිරීමට අවස්ථා සැපයිය යුතුය.

සමහර සේවා සහ ක්‍රියාකාරකම්වලට තරුණ පිරිමි ළමුන් සහ තරුණ ගැහැණු ළමුන්ව, විශේෂයෙන්ම වැඩිහිටි යෞවනයින්ව, ඇතුළත් කරගත යුතුය.

වාර්ශික ක්‍රියාකාරකම්. ක්‍රමවත් යෞවන ක්‍රියාකාරකම් වලට අමතරව, තරුණ පිරිමි ළමුන්ට සෑම වසරකම පහත සඳහන් දේවලට ද සහභාගී විය හැකිය:

  • ආරෝනික පූජක ගණපූරණ කඳවුරකට (ආරෝනික පූජක ගණපූරණ කඳවුරු මාර්ගෝපදේශය බලන්න).

  • කොට්ඨාශ හෝ ස්ටේක යෞවන සම්මන්ත්‍රණයකට හෝ යෞවනයින් සඳහා (FSY) සම්මන්ත්‍රණයකට

10.2.1.4

පුද්ගලික සංවර්ධනය

ගැලවුම්කරුවාණන් හා සමාන වීමට ඔවුන් දරන ප්‍රයත්නවලදී අධ්‍යාත්මිකව, සමාජීයව, ශාරීරිකව සහ බුද්ධිමය වශයෙන් වර්ධනය වීමට ඉලක්ක තැබීමට යෞවනයන්ට ආරාධනා කරනු ලැබේ (බලන්න ලූක් 2:52).

වැඩි විස්තර සඳහා, බලන්න ChildrenandYouth.ChurchofJesusChrist.org.

10.2.2

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

“සියලු තාවකාලික දේවල් ක්‍රියාත්මක කිරීම උදෙසා” ආරෝනික පූජකවරය දරන්නන් සභානායකවරයාට සහාය වේ (දහම සහ ගිවිසුම් 107:68). ඔවුන්ගේ පවුල් තුළ සහ ඔවුන්ගේ පවුල් සමඟ, යෞවන ක්‍රියාකාරකම් අතරතුරදී සහ ඔවුන් විසින්ම අන් අයට සේවය කිරීමට ඔවුන්ට ක්‍රමවත් අවස්ථා තිබිය යුතුය.

10.2.2.1

දේවසේවය

ආරෝනික පූජකවරය දරන්නන්ට ඔවුන්ගේ වයස අවුරුදු 14 ක් වන වසරේ ජනවාරි මාසයේ සිට දේවසේවා පැවරුම් ලැබේ. වැඩි විස්තර සඳහා, 21 වෙනි පරිච්ඡේදය බලන්න.

10.2.3

ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

“ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස සියල්ලන්ට ආරාධනා කිරීමට” ආරෝනික පූජකවරය දරන්නන්ට යුතුකමක් ඇත (දහම සහ ගිවිසුම් 20:59).

පූර්ණ කාලීන ධර්මදූතයක සේවය කිරීමට සහ ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ශුභාරංචිය බෙදා ගැනීමට සූදානම් වන ලෙස දෙමාපියන් සහ නායකයින් තරුණ පිරිමි ළමුන්ව දිරිමත් කරති.

10.2.4

සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම

සදාකාලිකව පවුල් එක්සත් කිරීමට බොහෝ ආකාරවලින් උපකාර කිරීමට ආරෝනික පූජකවරය දරන්නන්ට හැකියාව ඇත.

  • ඔවුන්ගේ දෙමාපියන්ට ගෞරව කර ඔවුන්ගේ නිවෙස් තුළ ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ජීවත් වීම සම්බන්ධයෙන් ආදර්ශයක් තැබීමෙන්.

  • සදාකාලික විවාහය ඇතුළු දේවමාළිගා නියෝග ලබා ගැනීමට සූදානම් වීමෙන්.

  • දේවමාළිගා නියෝග අවශ්‍ය මුතුන් මිත්තන් හඳුනා ගැනීමෙන් (බලන්න FamilySearch.org).

  • තත්වයන් ඉඩ දෙන සෑම විටම මළවුන් සඳහා බව්තීස්ම සහ ස්ථිර කිරීම් වලට සහභාගී වීමෙන්.

10.3

සභානායකත්වය

සභානායකවරයාගේ පළමු සහ ප්‍රධාන වගකීම වන්නේ ඔහුගේ කොට්ඨාශයේ තරුණ පිරිමි ළමුන් සහ තරුණ ගැහැණු ළමුන් රැකබලා ගැනීමයි. ඔහු ඔවුන්ගේ නම් ඉගෙන ගන්නා අතර ඔවුන්ගේ නිවසේ තත්වයන් තේරුම් ගනියි. ඔහු ක්‍රමවත්ව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සහ ඉරිදා රැස්වීම්වලට සහභාගී වේ.

සභානායකවරයා පූජක ගණපූරණයේ සභාපති වේ.

සභානායකත්වයේ පළමු උපදේශකවරයාට ගුරු ගණපූරණය සඳහා වගකීම ඇත. දෙවන උපදේශකවරයාට උපස්ථායක ගණපූරණය සඳහා වගකීම ඇත.

සභානායකත්වයට ආරෝනික පූජකවර ගණපූරණ සඳහා පහත සඳහන් අමතර වගකීම් ද ඇත:

  • සෑම තරුණ පිරිමි ළමයෙකු සමඟම අවම වශයෙන් වසරකට දෙවරක්වත් හමුවීම (බලන්න 31.3.1).

  • මෙල්කිසදෙක් පූජකවරය ලැබීමට සූදානම් වීමට තරුණ පිරිමි ළමුන්ට උපකාර කිරීම.

  • ආරෝනික පූජකවර ගණපූරණ වල වාර්තා, සටහන් සහ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම.

ඉල්ලා සිටින පරිදි ගණපූරණ උපදේශකයින් සහ විශේෂඥයින් මෙම වගකීම් සඳහා උපකාර කරති.

10.4

යෞවන ගණපූරණ නායකයින්

10.4.1.

කැඳවීම, ස්ථීර කිරීම සහ වෙන් කිරීම

පූජක ගණපූරණය මෙහෙයවීම සඳහා සභානායකවරයා විසින් ඔහුගේ සහයකයින් වීම සඳහා පූජකවරුයෙකුව හෝ දෙදෙනෙකුව කැඳවනු ලබයි.

සභානායකත්වයේ සාමාජිකයෙකු විසින් උපස්ථායක සහ ගුරු ගණපූරණ සභාපතිවරුන්ව කැඳවනු ලබයි. සේවය කිරීමට ප්‍රමාණවත් ආරෝනික පූජකවරය දරන්නන් සිටින විට, මෙම තරුණ පිරිමි ළමුන් විසින් උපදේශකවරුන් සහ ලේකම්වරයෙකුව නිර්දේශ කිරීම සඳහා යාච්ඤාවෙන් යුතුව සලකා බලයි.

මෙම කැඳවීම් ලබාදීමෙන් පසු, සභානායකත්වයේ සාමාජිකයෙකු විසින් එම යෞවන ගණපූරණ නායකයින්ව ස්ථිර කිරීම සඳහා ඔවුන්ගේ ගනපූරණ රැස්වීමේදී ඉදිරිපත් කරනු ලබයි. සභානායකවරයා විසින් ඔහුගේ සහායකයින්ව සහ උපස්ථායක සහ ගුරු ගණපූරණ සභාපතිවරුන්ව වෙන් කරනු ලබයි. ඔහු ගණපූරණ සභාපතිවරුන් මත පූජකත්ව යතුරු පිරිනමයි. අනෙකුත් සභාපතිත්ව සාමාජිකයින්ව සහ ලේකම්වරුන්ව වෙන් කිරීමට ඔහුට තම උපදේශකයින්ට පැවරිය හැකිය.

10.4.2

වගකීම්

  • ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වීමට ගණපූරණයේ උත්සාහයන් මෙහෙයවීම (බලන්න 1 වෙනි පරිච්ඡේදය).

  • ගණපූරණ රැස්වීම්වලට නොපැමිණෙන අය ඇතුළුව, සෑම ගණපූරණ සාමාජිකයෙකුවම දැන හඳුනාගැනීම සහ ඔවුන්ට සේවය කිරීම.

  • කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාවේ සේවය කිරීම (බලන්න 10.4.4).

  • ගණපූරණ සාමාජිකයින්ට ඔවුන්ගේ පූජකවර යුතුකම් පිළිබඳව ඉගැන්වීම (බලන්න දහම සහ ගිවිසුම් 107: 85–88).

  • ගණපූරණ රැස්වීම් සැලසුම් කිරීම සහ පැවැත්වීම (බලන්න 10.2.1.2).

  • ගණපූරණ සේවා සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම (බලන්න 10.2.1.3).

10.4.3

ගණපූරණ සභාපතිත්ව රැස්වීම

ආරෝනික පූජකවර ගණපූරණ සභාපතිවරුන් ක්‍රමවත්ව හමුවේ. ගණපූරණ සභාපතිවරයා විසින් මෙම රැස්වීම් මෙහෙයවනු ලබයි. මේ සඳහා අවම වශයෙන් වැඩිහිටියන් දෙදෙනෙකු සහභාගී වේ—සභානායකත්වයේ සාමාජිකයෙක්, උපදේශකයෙක් හෝ විශේෂඥයෙක්.

10.4.4

කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව

කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව පිළිබඳ වැඩි විස්තර සඳහා 29.2.6 බලන්න.

10.8

අතිරේක මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති

10.8.1.

යෞවනයින්ව ආරක්ෂා කිරීම

වැඩිහිටියන් සභාවේ සැකසුම් තුළ යෞවනයන් සමඟ අන්තර් ක්‍රියා කරන විට, අවම වශයෙන් වගකිවයුතු වැඩිහිටියන් දෙදෙනෙකු සහභාගී වී සිටිය යුතුය.

යෞවනයින් සමඟ වැඩ කරන සියලුම වැඩිහිටියන් ළමා හා යෞවන ආරක්‍ෂාව පිළිබඳ පුහුණුව ස්ථිර වී මාසයක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය (ProtectingChildren.ChurchofJesusChrist.org).