අත්පොත් සහ කැඳවීම්
18. පූජකවර නියෝග ඉටුකිරීම සහ ආශිර්වාද


“18. පූජකවර නියෝග ඉටුකිරීම සහ ආශිර්වාද,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“18. පූජකවර නියෝග ඉටුකිරීම සහ ආශිර්වාද,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පවුලක් දේවමාළිගාව අසලින් ඇවිද යමින්

18.

පූජකවර නියෝග සහ ආශිර්වාද ඉටුකිරීම

18.0

හැඳින්වීම

නියෝග සහ ආශිර්වාද යනු පූජකවර අධිකාරිත්වය මගින් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සිදු කරනු ලබන පරිශුද්ධ ක්‍රියාවන්ය. පූජකවර නියෝග සහ ආශිර්වාද දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශය සපයයි (බලන්න දහම සහ ගිවිසුම් 84:20).

නියෝග සහ ආශිර්වාද ඉටු කළ යුත්තේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම අනුව ය. ඒවා නිසි අනුමැතියකින් (අවශ්‍ය අවස්ථාවලදී), අවශ්‍ය පූජක අධිකාරිත්වය සමඟ, නිසි ආකාරයෙන් සහ සුදුසුකම් ලත් සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන බව නායකයින් විසින් සහතික කරනු ලබයි (බලන්න 18.3).

18.1

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ නියෝග

ගැලවීම සහ උත්කර්ෂවත් වීම සඳහා අවශ්‍ය ශුභාරංචි නියෝග ක්‍රියාත්මක කිරීමේ අධිකාරිත්වය පූජකවරයට ඇතුළත් වේ. පුද්ගලයින්ට මෙම නියෝග ලැබෙන විට ඔවුන් දෙවියන්වහන්සේ සමඟ පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගනිති. ගැලවීම සහ උත්කර්ෂවත් වීමට අදාළ නියෝග පහත දැක්වේ:

  • බව්තීස්මය

  • ස්ථීර කිරීම සහ ශුත්මයාණන්ගේ දීමනාව

  • මෙල්කිසදෙක් පූජකවරය ප්‍රදානය කිරීම සහ එහි තත්වයකට නියම කිරීම (පිරිමින් සඳහා)

  • දේවමාළිගාවේ බලයෙන් සැරසීම

  • දේවමාළිගාවේ මුද්‍රා වීම

ගිවිසුමේ උපන් දරුවෙකු වයස අවුරුදු 8 ට පෙර මිය ගියහොත්, කිසිඳු නියෝගයක් ඉටුකිරීම අවශ්‍ය නොවේ. එම දරුවා ගිවිසුමේ ඉපදුණේ නැත්නම්, ඔහුට හෝ ඇයට අවශ්‍ය එකම නියෝගය වන්නේ දෙමාපියන්ට මුද්‍රා තැබීම පමණි. මක්නිසාද ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා, වයස අවුරුදු 8 ට පෙර මිය යන සියලුම දරුවන් “ස්වර්ගයේ සෙලෙස්ටියල් රාජ්‍යයේ ගැලවීම” ලබයි (දහම සහ ගිවිසුම් 137:10; තවත් බලන්න මොරෝනි 8:8–12).

18.3

නියෝගයකට හෝ ආශිර්වාදයකට සහභාගී වීම

නියෝගයක් හෝ ආශිර්වාදයක් ඉටු කරන හෝ එයට සහභාගී වන අයට ඒ සඳහා අවශ්‍ය පූජක බලය තිබිය යුතුම අතර, ඔවුන් සුදුසු විය යුතුය. සාමාන්‍යයෙන්, සුදුසුකමේ ප්‍රමිතිය වන්නේ දේවමාළිගා නිර්දේශයක් දරා සිටීමයි. කෙසේවෙතත්, ආත්මයාණන් විසින් මගපෙන්වනු ලබන පරිදි සහ මෙම පරිච්ඡේදයේ උපදෙස් අනුව, සභානායකවරුන් සහ ස්ටේක සභාපතිවරුන් විසින් අවශ්‍ය පූජක තනතුර දරන පියවරුන් සහ ස්වාමිපුරුෂයන් සම්පූර්ණයෙන්ම දේවමාළිගාවට යාමට සුදුසු නොවූවත් සමහර නියෝග සහ ආශිර්වාද ලබාදීමට හෝ ඒවාට සහභාගී වීමට ඔවුන්ට ඉඩ දෙනු ලබයි. නොවිසඳුණු බරපතල පව් ඇති පූජකවරය දරන්නෙකු ඒවා සඳහා සහභාගී නොවිය යුතුය.

සමහර නියෝග සහ ආශිර්වාද ක්‍රියාත්මක කිරීම හෝ ලබා ගැනීම සඳහා, එයට අදාළ පූජකවර යතුරු දරන මුලසුන දරන නායකයෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ (බලන්න 3.4.1). අවශ්‍ය පරිදි, ඔහු බලය පවරන උපදේශකයෙකුට එම අනුමැතිය ලබා දිය හැකිය. පහත ප්‍රස්ථාර බලන්න. ස්ටේක සභාපතිවරුන් වෙත යොමු කිරීම් ධර්මදූත සභාපතිවරුන්ට ද අදාළ වේ. සභානායකවරුන් වෙත යොමු කිරීම් ශාඛා සභාපතිවරුන්ට ද අදාළ වේ.

ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ නියෝග ඉටු කිරීමට හෝ ලබා ගැනීමට අනුමැතිය ලබා දීමට යතුරු දරා සිටින නායකයින් කවුද?

නියෝගය

යතුරු දරන්නේ කවුද

නියෝගය

බව්තීස්මය

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා (අවුරුදු 8 ක් වයසැති ළමුන් සඳහා සහ බුද්ධිමය ආබාධ හේතුවෙන් බව්තීස්ම වීම ප්‍රමාද වූ වාර්තාවේ ඇතුළත් වයස අවුරුදු 9 සහ ඊට වැඩි සාමාජිකයින් සඳහා)

ධර්මදූත සභාපතිවරයා (අලුතින් හැරුණු අය සඳහා)

නියෝගය

ස්ථීර කිරීම සහ ශුත්මයාණන්ගේ දීමනාව

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා (අවුරුදු 8 ක් වයසැති ළමුන් සඳහා සහ බුද්ධිමය ආබාධ හේතුවෙන් බව්තීස්ම වීම ප්‍රමාද වූ වාර්තාවේ ඇතුළත් වයස අවුරුදු 9 සහ ඊට වැඩි සාමාජිකයින් සඳහා)

ධර්මදූත සභාපතිවරයා (අලුතින් හැරුණු අය සඳහා)

නියෝගය

මෙල්කිසදෙක් පූජකවරය ප්‍රදානය කිරීම සහ එහි තත්වයකට නියම කිරීම (පිරිමින් සඳහා)

යතුරු දරන්නේ කවුද

ස්ටේක සභාපතිවරයා

නියෝගය

දේවමාළිගාවේ බලයෙන් සැරසීම

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා

නියෝගය

දේවමාළිගාවේ මුද්‍රා වීම

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා සහ ස්ටේක සභාපතිවරයා

අනෙකුත් නියෝග සහ ආශිර්වාද ඉටු කිරීමට හෝ ලබා ගැනීමට අනුමැතිය ලබා දීමට යතුරු දරා සිටින නායකයින් කවුද?

නියෝගය හෝ ආශිර්වාදය

යතුරු දරන්නේ කවුද

නියෝගය හෝ ආශිර්වාදය

දරුවන්ට නම් තැබීම සහ ආශිර්වාද කිරීම

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා

නියෝගය හෝ ආශිර්වාදය

සක්‍රමේන්තුව

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා

නියෝගය හෝ ආශිර්වාදය

ආරෝනික පූජකවරය ප්‍රදානය කිරීම සහ එහි තත්වයකට නියම කිරීම (තරුණ පිරිමි ළමුන් සහ පිරිමින් සඳහා)

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා

නියෝගය හෝ ආශිර්වාදය

කැඳවීම් වල සේවය කිරීමට සාමාජිකයින් වෙන්කිරීම

යතුරු දරන්නේ කවුද

බලන්න 30.8

නියෝගය හෝ ආශිර්වාදය

තෙල් කැපකිරීම

යතුරු දරන්නේ කවුද

අනුමැතිය අවශ්‍ය නොවේ

නියෝගය හෝ ආශිර්වාදය

රෝගීන්ට ආශිර්වාද කිරීම

යතුරු දරන්නේ කවුද

අනුමැතිය අවශ්‍ය නොවේ

නියෝගය හෝ ආශිර්වාදය

පියාගේ ආශිර්වාදය ඇතුළුව සැනසීම ලබාදීමේ සහ උපදේශනයේ ආශිර්වාද

යතුරු දරන්නේ කවුද

අනුමැතිය අවශ්‍ය නොවේ

නියෝගය හෝ ආශිර්වාදය

නිවෙස් කැපකිරීම

යතුරු දරන්නේ කවුද

අනුමැතිය අවශ්‍ය නොවේ

නියෝගය හෝ ආශිර්වාදය

සොහොන් කැපකිරීම

යතුරු දරන්නේ කවුද

එම සේවයේ මුලසුන දරන පූජක නායකයා

නියෝගය හෝ ආශිර්වාදය

ආදිපීතෘ ආශිර්වාද

යතුරු දරන්නේ කවුද

සභානායකවරයා

18.4

කුඩා ළමුන් සඳහා නියෝග

බාලවයස්කාර දරුවෙකුව ආශිර්වාද කිරීම, බව්තීස්ම කිරීම, ස්ථිර කිරීම, පූජක තත්වයකට නියම කිරීම හෝ කැඳවීමකට වෙන් කිරීම සිදුකළ හැක්කේ (1) තීරණයට සහභාගී වීමට නීත්‍යානුකූල අයිතියක් ඇති දෙමාපියන්ගේ හෝ (2) නීත්‍යානුකූල භාරකරුවන්ගේ කැමැත්ත ඇතිව පමණි.

18.6

දරුවන්ට නම් තැබීම සහ ආශිර්වාද කිරීම

දරුවන්ව සාමාන්‍යයෙන් නම් කර ආශිර්වාද කරනු ලබන්නේ ඔවුන්ගේ දෙමාපියන් සිටින කොට්ඨාශයේ නිරාහාර සහ සාක්ෂි රැස්වීමේදී ය.

18.6.1.

ආශිර්වාදය ලබාදෙන්නේ කවුද

දරුවෙකුව නම් කිරීම සහ ආශිර්වාද කිරීම පිළිබඳ නියෝගය මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් විසින් සිදු කරනු ලබන්නේ, දහම සහ ගිවිසුම් 20:70 ට අනුකූලව ය.

දරුවෙකුට නමක් සහ ආශිර්වාදයක් ලබාගැනීමට කැමති පුද්ගලයෙකු හෝ පවුලක් සභානායකවරයා සමඟ එම නියෝගය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරයි. කොට්ඨාශයේ දරුවන්ට නම් තැබීම සහ ආශිර්වාද කිරීම සඳහා පූජක යතුරු දරන්නේ ඔහු ය.

මෙල්කිසදෙක් පූජකවරය දරන පියෙකුට, ඔහු දේවමාළිගාව සඳහා සම්පූර්ණයෙන් සුදුසු නොවූවත්, තම දරුවාව නම් කිරීමට සහ ආශිර්වාද කිරීමට සභානායකවරයාට ඔහුට අවසර දිය හැකිය (බලන්න 18.3). තම දරුවන්ව ආශිර්වාද කිරීමට සූදානම් වන ලෙස සභානායකවරු පියවරුන්ව දිරිමත් කරති.

18.6.2

උපදෙස්

සභානායකත්වයේ මගපෙන්වීම යටතේ, මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් දරුවෙකුට නම් තැබීමට සහ ආශිර්වාද කිරීමට රවුමක ආකාරයට රැස්වේ. ඔවුන් ළදරුවෙකුගේ පිට පැත්තේ තම අත් තබයි, නැතහොත් ඔවුන් වැඩිහිටි දරුවෙකුගේ හිස මත සැහැල්ලුවෙන් ඔවුන්ගේ අත් තබයි. එවිට ආශිර්වාදය පවසන පුද්ගලයා:

  1. යාච්ඤාවේදී මෙන් ස්වර්ගීය පියාණන්වහන්සේව අමතයි.

  2. ආශිර්වාදය ඉටු කරනු ලබන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  3. දරුවාට නමක් ලබා දෙයි.

  4. දරුවාව ආමන්ත්‍රණය කරයි.

  5. ආත්මයාණන්ගේ මගපෙන්වීම අනුව දරුවාට ආශිර්වාදයක් ලබා දෙයි.

  6. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

18.6.3

ළමා වාර්තා පෝරමය සහ ආශිර්වාද සහතිකය

දරුවෙකු ආශිර්වාද කිරීමට පෙර, ලිපිකරුවෙකු විසින් Child Record Form [ළමා වාර්තා පෝරමයක්] සකස් කිරීම සඳහා Leader and Clerk Resources (LCR) භාවිතා කරනු ලබයි. ආශිර්වාදයෙන් පසු ඔහු එම පද්ධතියේ සාමාජික වාර්තාව නිර්මාණය කර Blessing Certificate [ආශිර්වාද සහතිකයක්] සකස් කරයි. සභානායකවරයා විසින් මෙම සහතිකය අත්සන් කර දරුවාගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට ලබා දෙනු ලැබේ.

සාමාජික වාර්තාවේ සහ සහතිකයේ ඇති නම උප්පැන්න සහතිකය, සිවිල් උප්පැන්න ලේඛනය හෝ වත්මන් නීත්‍යානුකූල නාමයට ගැළපිය යුතුය.

18.7

බව්තීස්මය

පුද්ගලයෙකුට සභාවේ සාමාජිකයෙකු වීමට සහ ශුද්ධාත්මයාණන්වහන්සේව ලබා ගැනීමට, අධිකාරිත්වය ඇති අයෙකු විසින් ජලයේ ගිල්වීමෙන් බව්තීස්ම කිරීම අවශ්‍ය වේ. උත්කර්ෂවත් වීම සඳහා බලාපොරොත්තුවක් ඇති සියල්ලෝම මෙම නියෝග ලැබීමෙන් ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.

18.7.1.

පුද්ගලයෙකුව බව්තීස්ම කිරීම සහ ස්ථිර කිරීම සඳහා අනුමැතිය

18.7.1.1

වාර්තා වී ඇති සාමාජිකයින් වන දරුවන්

කොට්ඨාශයක වයස අවුරුදු 8 ක් වන වාර්තා වී ඇති සාමාජිකයන්ව බව්තීස්ම කිරීම සඳහා පූජකවර යතුරු දරන්නේ සභානායකවරයායි. මෙම දරුවන්ව හැකියාව ඇති පරිදි ඔවුන්ගේ 8 වැනි උපන්දිනය දිනට හෝ එය පසු වූ වහාම බව්තීස්ම කර ස්ථිර කළ යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 68:27). මොවුන් සභාවේ සාමාජික වාර්තා දැනටමත් පවතින දරුවන් වේ (බලන්න 33.6.2). ඔවුන් වයස අවුරුදු 8 ට ළඟා වූ විට, ශුභාරංචිය පිළිගැනීමට සහ බව්තීස්ම වීමට සහ ස්ථිර වීමට ඔවුන්ට සෑම අවස්ථාවක්ම ඇති බව සභානායකවරයා විසින් සහතික කරනු ලබයි.

සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු බව්තීස්මය සහ ස්ථිර කිරීම සඳහා වාර්තා වී ඇති දරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වයි. උපදෙස් 31.2.3.1 හි ඇත.

බව්තීස්ම සහ ස්ථිර කිරීමේ වාර්තාව පිරවීම පිළිබඳ තොරතුරු සඳහා, 18.8.3 බලන්න.

18.7.1.2

ආගමට හැරුණු පුද්ගලයින්

ආගමට හැරුණු පුද්ගලයින්ව බව්තීස්ම කිරීම සඳහා පූජකවර යතුරු දරන්නේ ධර්මදූත සභාපතිවරයා ය. මේ හේතුව නිසා, පූර්ණ කාලීන ධර්මදූතවරු ආගමට හැරුණු පුද්ගලයින් සමඟ බව්තීස්මය සහ ස්ථිර කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා පවත්වනු ලබති.

18.7.2

බව්තීස්ම මෙහෙයන්

බව්තීස්ම මෙහෙය සරල, කෙටි හා ආත්මිකව උසස් කරන රැස්වීමක් විය යුතුය. එයට පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:

  1. පූර්විකා සංගීතය

  2. රැස්වීම මෙහෙයවන සහෝදරයාගෙන් කෙටි පිළිගැනීමක්

  3. ආරම්භක ගීතිකාවක් සහ යාච්ඤාවක්

  4. බව්තීස්මය සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව වැනි ශුභාරංචි කාරණා පිළිබඳ කෙටි පණිවිඩ එකක් හෝ දෙකක්

  5. තෝරාගත් සංගීතයක්

  6. බව්තීස්මය

  7. බව්තීස්මයට සහභාගී වූ අය වියළි ඇඳුම් වලට මාරු වන අතරතුර ගෞරවයෙන් යුතු කාලයක් (මෙම කාලය තුළ ගීතිකා හෝ ප්‍රාථමික ගීත වාදනය කිරීමට හෝ ගායනා කිරීමට හැකිය)

  8. වයස අවුරුදු 8 ක් වන වාර්තා වී ඇති සාමාජිකයින්ගේ ස්ථිර කිරීම; සභානායකවරයා විසින් තීරණය කරනු ලැබුවහොත් ආගමට හැරුණු පුද්ගලයින්ගේ ස්ථිර කිරීම (බලන්න 18.8)

  9. අවශ්‍ය නම්, අලුතින් ආගමට හැරුණු පුද්ගලයින්ගේ සාක්ෂි බෙදාගැනීම

  10. අවසාන ගීතිකාවක් සහ යාච්ඤාවක්

  11. පසු සංගීතය

සාමාජිකයෙකු ලෙස වාර්තා වී ඇති දරුවෙකු බව්තීස්ම වීමට සූදානම් වන විට, සභානායකත්වයේ සහ ප්‍රාථමික සභාපතිත්වයේ සාමාජිකයෙකු බව්තීස්ම මෙහෙයක් සැලසුම් කිරීමට සහ දින නියම කරගැනීම සඳහා පවුලේ අය සමඟ සාකච්ඡා කරති. සභානායකත්වයේ සාමාජිකයෙක් විසින් සේවා රැස්වීම මෙහෙයවනු ලබයි. එම මාසය තුළ එක් දරුවෙකුට වඩා බව්තීස්ම වන්නේ නම්, ඔවුන්ට එක් බව්තීස්ම මෙහෙයක් පැවැත්විය හැකිය.

වාර්තා වී ඇති දරුවන් බොහෝ දෙනෙක් සිටින ස්ටේක වලදී, කොට්ඨාශ කිහිපයක දරුවන්ට එකම බව්තීස්ම මෙහෙයක් බෙදාගත හැකිය. ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙකු හෝ පත්කර ඇති උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු සේවා රැස්වීම මෙහෙයවයි.

පියෙකු පූජකවරය ලබාගෙන බව්තීස්මය තමා විසින්ම සිදු කරන තුරු පවුලේ සාමාජිකයෙකුගේ බව්තීස්මය ප්‍රමාද නොකළ යුතුය.

සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ, කොට්ඨාශයේ ධර්මදූත නායකයා (එවැන්නෙක්ව කැඳවනු ලැබ ඇත්නම්) හෝ කොට්ඨාශයේ ධර්මදූත කටයුතු මෙහෙයවන වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයා ආගමට හැරුණු පුද්ගලයින් සඳහා බව්තීස්ම මෙහෙයන් සැලසුම් කරයි. ඔවුන් පූර්ණ කාලීන ධර්මදූතවරුන් සමඟ එය සම්බන්ධීකරණය කරති.

18.7.3

නියෝගය ඉටු කරන්නේ කවුද

බව්තීස්ම කිරීමේ නියෝගය පූජකයෙකු හෝ මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විසින් සිදු කරනු ලැබේ. බව්තීස්මය සිදු කරන පුද්ගලයාව සභානායකවරයා විසින් අනුමත කළ යුතුය (හෝ පූර්ණ කාලීන ධර්මදූතවරයෙකු විසින් බව්තීස්මය සිදු කරන්නේ නම් ධර්මදූත සභාපතිවරයා විසින්).

පූජකයෙකු හෝ මෙල්කිසදෙක් පූජකවරය දරන පියෙකුට, ඔහු දේවමාළිගාව සඳහා සම්පූර්ණයෙන් සුදුසු නොවූවත්, තම දරුවාව බව්තීස්ම කිරීමට සභානායකවරයෙකුට ඔහුට අවසර දිය හැකිය (බලන්න 18.3). තම දරුවන්ව බව්තීස්ම කිරීමට සූදානම් වන ලෙස සභානායකවරු පියවරුන්ව දිරිමත් කරති.

18.7.4

නියෝගය ඉටු කරන්නේ කොහේද

බව්තීස්ම තටාකයක් තිබේ නම් බව්තීස්ම කිරීම සිදු කළ යුත්තේ එහි ය. තටාකයක් නොමැති නම්, ජලය ඇති ආරක්ෂිත ස්ථානයක් භාවිතා කළ හැකිය.

ආරක්ෂාව සඳහා, තටාකය පුරවන අතරතුර වගකිවයුතු වැඩිහිටියෙකු සිටිය යුතුම අතර එහි ජලය ඉවත් කර, පිරිසිඳු කර, සුරක්ෂිත කරන තෙක් එම පුද්ගලයා රැඳී සිටිය යුතුය. සෑම බව්තීස්ම මෙහෙයකින්ම පසු තටාකයෙහි ජලය වහාම හිස් කළ යුතුය. එම තටාකය භාවිතයේ නොමැති විට එහි දොරවල් අගුළු දමා වසා තිබිය යුතුය.

18.7.5

ඇඳුම්

බව්තීස්මය සිදු කරන පුද්ගලයන් සහ බව්තීස්ම වන පුද්ගලයන් විසින් තෙත් වූ විට විනිවිද නොපෙනෙන සුදු ඇඳුමක් අඳිනු ලබයි. බලයෙන් සැරසුණු පුද්ගලයෙකු බව්තීස්මයේදී මෙම ඇඳුමට යටින් දේවමාළිගා වස්ත්‍ර අඳියි. දේශීය ඒකක ඔවුන්ගේ අයවැය අරමුදල් භාවිතා කරමින් බව්තීස්ම ඇඳුම් මිලදී ගන්නා අතර එහි භාවිතය සඳහා මුදල් අය නොකෙරයි.

18.7.6

සාක්ෂිකරුවන්

මුලසුන දරන නායකයා විසින් අනුමත කරන ලද සාක්ෂිකරුවන් දෙදෙනෙක්, සෑම බව්තීස්මයක්ම නිසි ලෙස ඉටු කරන බවට වග බලා ගැනීම සඳහා නිරීක්ෂණය කරති. ළමුන් සහ යෞවනයන් ඇතුළු සභාවේ බව්තීස්ම වූ සාමාජිකයින්ට සාක්ෂිකරුවන් ලෙස සේවය කළ හැකිය.

දහම සහ ගිවිසුම් 20:73 හි දක්වා ඇති පරිදි වචන හරියටම කියවුනේ නැති නම් බව්තීස්මය නැවතත් කළ යුතුය. පුද්ගලයාගේ ශරීරයේ කොටසක්, හිසකෙස් හෝ ඇඳුම් සම්පූර්ණයෙන්ම ගිල්වුනේ නොමැති නම් එය නැවතත් කළ යුතුය.

18.7.7

උපදෙස්

බව්තීස්ම කිරීමේ නියෝගය ඉටු කිරීම සඳහා, පූජකයෙකු හෝ මෙල්කිසදෙක් පූජකත්වය දරන්නෙකු:

  1. බව්තීස්ම වන පුද්ගලයා සමඟ ජලය තුළ සිටගනියි.

  2. එම පුද්ගලයාගේ දකුණු මැණික් කටුව ඔහුගේ වම් අතෙන් අල්ලාගෙන සිටියි (පහසුව සහ ආරක්ෂාව සඳහා). බව්තීස්ම වන පුද්ගලයා පූජකවරය දරන තැනැත්තාගේ වම් මැණික් කටුව ඔහුගේ හෝ ඇයගේ වම් අතින් අල්ලාගෙන සිටියි.

  3. ඔහුගේ දකුණු අත හතරැස් ආකාරයට ඔසවයි.

  4. එම පුද්ගලයාගේ සම්පූර්ණ නම සඳහන් කරමින් මෙසේ පවසයි, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අධිකාරිත්වය ලැබ, පියාණන්ගේද පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් මම ඔබව බව්තීස්ම කරමි. ආමෙන්” (දහම සහ ගිවිසුම් 20:73).

  5. එම පුද්ගලයාට ඔහුගේ හෝ ඇයගේ නාසය දකුණු අතෙන් අල්ලාගන්නට සලස්වා (පහසුව සඳහා); ඉන්පසු ඔහුගේ දකුණු අත පුද්ගලයාගේ පිටේ ඉහළට තබා, ඇඳුම් ඇතුළුව පුද්ගලයාව සම්පූර්ණයෙන්ම ගිල්වයි.

  6. ජලයෙන් ගොඩ ඒමට එම පුද්ගලයාට උපකාර කරයි.

18.8

ස්ථීර කිරීම සහ ශුත්මයාණන්ගේ දීමනාව

යම් පුද්ගලයෙකු බව්තීස්ම වූ පසු, ඔහු හෝ ඇය සභාවේ සාමාජිකයෙකු ලෙස ස්ථිර වී, අත් තැබීමෙන් ශුද්ධාත්මයාණන්වහන්සේව ලබා ගනියි (බලන්න දහම සහ ගිවිසුම් 20:41; ක්‍රියා 19:1–6). මෙම නියෝග දෙකම සම්පූර්ණ කර නිසි ලෙස වාර්තා කිරීමෙන් පසු එම පුද්ගලයා සභාවේ සාමාජිකයෙකු බවට පත් වේ (බලන්න යොහන් 3:5; දහම සහ ගිවිසුම් 33:11; 3 නෙපී 27:20).

ස්ථිර කිරීමේ කාර්යය සභානායකවරයා විසින් අධීක්ෂණය කරනු ලබයි. අවුරුදු අටක් වයසැති දරුවන්ව සාමාන්‍යයෙන් බව්තීස්ම වූ දිනයේදීම ස්ථිර කරනු ලැබේ. ආගමට හැරුණු පුද්ගලයින්ව සාමාන්‍යයෙන් ඔවුන් ජීවත් වන ප්‍රදේශයට අදාළ කොට්ඨාශයේ ඕනෑම සක්‍රමේන්තු රැස්වීමකදී ස්ථිර කරනු ලැබේ, වඩාත් සුදුසු වන්නේ ඔවුන්ගේ බව්තීස්මයෙන් පසු ඉරිදා දිනය වේ.

නව සාමාජිකයින්ව හඳුන්වා දීමේදී සභානායකත්වයයේ සාමාජිකයෙකු විසින් 29.2.1.1 හි මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබයි.

18.8.1.

නියෝගය ඉටු කරන්නේ කවුද

ස්ථිර කිරීමක් සඳහා තම හඬින් ආශිර්වාදය ලබා දිය හැක්කේ දේවමාළිගාවට සුදුසු මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකුට පමණි. කෙසේවෙතත්, මෙල්කිසදෙක් පූජකවරය දරන පියෙකුට, ඔහු දේවමාළිගාව සඳහා සම්පූර්ණයෙන් සුදුසු නොවූවත්, තම දරුවාව ආශිර්වාද කරන වක්‍රයෙහි සිටීමට සභානායකවරයාට ඔහුට අවසර දිය හැකිය (බලන්න 18.3).

අවම වශයෙන් සභානායකත්වයේ එක් සාමාජිකයෙකු හෝ මෙම නියෝගයට සහභාගී විය යුතුය. ධර්මදූත වැඩිහිටියන් විසින් ආගමට හැරුණු පුද්ගලයෙකුට උගන්වා ඇති විට, සභානායකවරයා ඔවුන්ට ද සහභාගී වීමට ආරාධනා කරයි.

18.8.2

උපදෙස්

සභානායකත්වයේ මගපෙන්වීම යටතේ, මෙල්කිසදෙක් පූජකවරය දරන එක් අයෙකු හෝ කිහිප දෙනෙකුට ස්ථිර කිරීමකට සහභාගී විය හැකිය. ඔවුන් තම දෑත් එම පුද්ගලයාගේ හිස මත සැහැල්ලුවෙන් යුතුව තබති. එවිට ආශිර්වාදය පවසන පුද්ගලයා:

  1. එම පුද්ගලයාව ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ නමින් අමතයි.

  2. එම නියෝගය ඉටු කරනු ලබන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  3. එම පුද්ගලයාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක් ලෙස ස්ථිර කරයි.

  4. මෙසේ ප්‍රකාශ කරයි “ශුද්ධාත්මයාණන්වහන්සේව ලබාගන්න” (“ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබාගන්න” නොවේ).

  5. ආත්මයාණන්වහන්සේ මගපෙන්වන පරිදි ආශිර්වාද වචන ලබා දෙයි.

  6. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

18.8.3

බව්තීස්මයේ සහ ස්ථීර කිරීමේ වාර්තාව සහ සහතිකය

වාර්තා වී ඇති සාමාජිකයෙකු වන දරුවෙකුව බව්තීස්මය සඳහා සම්මුඛ සාකච්ඡාවකට ලක් කිරීමට පෙර, ලිපිකරුවෙකු LCR භාවිතා කරමින් බව්තීස්ම සහ ස්ථිර කිරීමේ පෝරමය සකස් කරයි. සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් සම්මුඛ සාකච්ඡාව පවත්වා පෝරමයට අත්සන් කරනු ලබයි. බව්තීස්මයෙන් සහ ස්ථිර කිරීමෙන් පසු, ලිපිකරුවෙකු විසින් LCR හි දරුවාගේ සාමාජිකත්ව වාර්තාව යාවත්කාලීන කිරීමට මෙම පෝරමය භාවිතා කරනු ලබයි.

පූර්ණ කාලීන ධර්මදූතවරයෙකු බව්තීස්මය සඳහා ආගමට හැරුණු අයෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේදී, ඔහු ප්‍රාදේශීය සැලසුම් පොත [Area Book Planner] (ABP) භාවිතා කරමින් බව්තීස්ම සහ ස්ථිර කිරීමේ වාර්තාව පුරවයි. බව්තීස්මයෙන් හා ස්ථිර කිරීමෙන් පසුව, ධර්මදූතයින් විසින් ABP හි තොරතුරු වාර්තා කර එය කොට්ඨාශ ලිපිකරු වෙත ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කරනු ලබයි. කොට්ඨාශ ලිපිකරු විසින් LCR හි තොරතුරු සමාලෝචනය කර සාමාජික වාර්තාව නිර්මාණය කරනු ලබයි.

සාමාජික වාර්තාව නිර්මාණය කිරීමෙන් පසුව, ලිපිකරුවෙකු විසින් බව්තීස්ම සහ ස්ථිර කිරීමේ සහතිකයක් සකස් කරනු ලබයි. සභානායකවරයා විසින් මෙම සහතිකය අත්සන් කර අදාළ පුද්ගලයාට ලබා දෙනු ලැබේ.

සාමාජික වාර්තාවේ සහ සහතිකයේ ඇති නම උප්පැන්න සහතිකය, සිවිල් උප්පැන්න ලේඛනය හෝ වත්මන් නීත්‍යානුකූල නාමයට ගැළපිය යුතුය.

18.9

සක්‍රමේන්තුව

සභාවේ සාමාජිකයින් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට සහ සක්‍රමේන්තුවට සහභාගී වීමට සබත් දිනයේ රැස්වෙති (බලන්න දහම සහ ගිවිසුම් 20:75; 59:9; මොරෝනි 6:5–6). මෙම නියෝගය අතරතුර, ගැලවුම්කරුවාණන්ගේ මාංශයේ සහ රුධිරයේ පරිත්‍යාගය සිහිපත් කිරීමට සහ ඔවුන්ගේ පරිශුද්ධ ගිවිසුම් අලුත් කිරීමට ඔවුන් පාන් සහ ජලය ලබාගනිති (බලන්න මතෙව් 26:26–28; ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මාර්ක් 14:20–25; ලූක් 22:15–20; 3 නෙපී 18; මොරෝනි 6:6).

18.9.1.

සක්‍රමේන්තුව පාලනය කිරීම සඳහා අනුමැතිය

කොට්ඨාශයේ සක්‍රමේන්තුව පාලනය කිරීම සඳහා පූජකවර යතුරු දරන්නේ සභානායකවරයායි. සක්‍රමේන්තුව සූදානම් කිරීමට, ආශිර්වාද කිරීමට සහ බෙදා දීමට සහභාගී වන සියල්ලන්ම ඔහුගෙන් හෝ ඔහුගේ මගපෙන්වීම යටතේ සිටින කෙනෙකුගෙන් අනුමැතිය ලබා ගත යුතුය.

18.9.2

නියෝගය ඉටු කරන්නේ කවුද

  • ගුරුවරුන්ට, පූජකයන්ට සහ මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට සක්‍රමේන්තුව සූදානම් කළ හැකිය.

  • පූජකයන්ට සහ මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට සක්‍රමේන්තුව ආශිර්වාද කිරීමට හැකිය.

  • උපස්ථායකවරුන්ට, ගුරුවරුන්ට, පූජකයන්ට සහ මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට සක්‍රමේන්තුව බෙදා දීමට හැකිය.

18.9.3

සක්‍රමේන්තුව සඳහා මාර්ගෝපදේශ

සක්‍රමේන්තුවේ පරිශුද්ධ ස්වභාවය නිසා, එය පිළිවෙලට හා ගෞරවයෙන් යුක්ත වන පිණිස, පූජක නායකයින් ඉතා උවමනාවෙන් සූදානම් විය යුතුය.

සක්‍රමේන්තුව පරිපාලනය කරන අය ඔවුන් ස්වාමින්වහන්සේව නියෝජනය කරන බව වටහාගෙන, එය ගෞරවාන්විතව කළ යුතුය.

සක්‍රමේන්තුව බෙදා දීම ස්වාභාවික විය යුතු අතර ඕනෑවට වඩා විධිමත් නොවිය යුතුය.

සක්‍රමේන්තුව සභාවේ සාමාජිකයන් සඳහා වන දෙයක් වුවද, අන් අය එයට සහභාගී වීම වැළැක්වීමට කිසිවක් නොකළ යුතුය.

18.9.4

උපදෙස්

  1. සක්‍රමේන්තුව පිළියෙළ කරන, ආශිර්වාද කරන හෝ බෙදා දෙන අය පළමුව සබන් හෝ වෙනත් පිරිසිඳුකාරකයකින් අත් සෝදති.

  2. ගුරුවරුන්, පූජකයන් හෝ මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්, රැස්වීමට පෙර නොකැඩූ පාන් සහිත පාන් තැටි, පිරිසිඳු වතුර කෝප්ප සහිත වතුර බන්දේසි සහ පිරිසිඳු මේස රෙදි ඇති බවට වග බලා ගනිති.

  3. කොට්ඨාශ සාමාජිකයින් විසින් සක්‍රමේන්තු ගීතිකාවක් ගායනා කරන විට, සක්‍රමේන්තුව ආශිර්වාද කරන අය ගෞරවාන්විතව සිටගෙන, පාන් තැටි ආවරණය කර ඇති රෙදි ඉවත් කර, පාන් පෙති කුඩා කැබලි වලට කඩනු ලබයි.

  4. ගීතිකාවෙන් පසුව, පාන් ආශිර්වාද කරන පුද්ගලයා දණ ගසා, පාන් සඳහා ඇති සක්‍රමේන්තු යාච්ඤාව පවසයි (බලන්න දහම සහ ගිවිසුම් 20:77).

  5. සක්‍රමේන්තු යාච්ඤා පැහැදිලිව, නිවැරදිව හා ගෞරවාන්විතව කියවන බව සභානායකවරයා වග බලා ගනියි. යමෙක් වචනවල වැරැද්දක් කර තමාවම නිවැරදි කර ගන්නේ නම්, තවත් නිවැරදි කිරීමක් අවශ්‍ය නොවේ. පුද්ගලයා ඔහුගේ වරද නිවැරදි නොකළහොත්, සභානායකවරයා කාරුණිකව යාච්ඤාව නැවත කරන ලෙස ඉල්ලා සිටියි.

  6. යාච්ඤාවෙන් පසු පූජකවරය දරන අය ගෞරවාන්විතව මෙම පාන් සාමාජිකයන් වෙත බෙදා දෙයි. මුලසුන දරන නායකයා එය මුලින්ම ලබා ගනියි, ඉන්පසු නියම අනුපිළිවෙලක් නොමැත. සාමාජිකයින්ට තැටියක් ලබා දුන් පසු, ඔවුන්ට එය එකිනෙකාට මාරු කළ හැකිය.

  7. සාමාජිකයින් හැකි විට එය ඔවුන්ගේ දකුණු අතෙන් ලබා ගනිති.

  8. සියලුම සාමාජිකයින්ට පාන් බෙදා දුන් පසු, සක්‍රමේන්තුව බෙදා දෙන අය තැටි සමඟ නැවත සක්‍රමේන්තු මේසය වෙත යති. සක්‍රමේන්තුව ආශිර්වාද කරන අය පාන් තැටි මත රෙදි කඩක් තබා වතුර තැටි විවෘත කරති.

  9. ජලය ආශිර්වාද කරන පුද්ගලයා දණ ගසා, ජලය සඳහා ඇති සක්‍රමේන්තු යාච්ඤාව පවසයි (බලන්න දහම සහ ගිවිසුම් 20:79). ඔහු වයින් යන වචනය වෙනුවට ජලය යන වචනය ආදේශ කරයි.

  10. යාච්ඤාවෙන් පසු පූජකවරය දරන අය ගෞරවාන්විතව මෙම ජලය සාමාජිකයන් වෙත බෙදා දෙයි. මුලසුන දරන නායකයා එය මුලින්ම ලබා ගනියි, ඉන්පසු නියම අනුපිළිවෙලක් නොමැත.

  11. සියලුම සාමාජිකයින්ට ජලය බෙදා දුන් පසු, සක්‍රමේන්තුව බෙදා දෙන අය තැටි සමඟ නැවත සක්‍රමේන්තු මේසය වෙත යති. සක්‍රමේන්තුවට ආශිර්වාද කළ අය තැටි මත රෙද්දක් තබන අතර, සක්‍රමේන්තුව ආශිර්වාද කළ සහ බෙදා දුන් අය ගෞරවයෙන් යුතුව තම අසුන් වෙත යති.

  12. රැස්වීමෙන් පසු, සක්‍රමේන්තුව පිළියෙළ කළ අය එය පිරිසිඳු කර, මේස රෙදි නවා, එමෙන්ම භාවිතයට නොගත් පාන් ඉවත් කරති.

18.10

පූජකවරය ලබාදීම සහ එහි තත්වයකට නියම කිරීම

පූජකවරයේ කොටස් දෙකක් ඇත: ආරෝනික සහ මෙල්කිසදෙක් (බලන්න 3.3; දහම සහ ගිවිසුම් 107:1, 6). යම් පුද්ගලයකුට පූජකවරය ලබාදුන් විට, ඔහුව එම පූජකවරයේ තත්වයකට ද නියම කරනු ලැබෙයි. මෙම පූජකවර තත්වයන් දෙකෙන් කුමන හෝ එකක් පිරිනැමීමෙන් පසුව, අවශ්‍ය වන්නේ එම පිරිමි පුද්ගලයාව එම පූජකවරයේ අනෙකුත් තත්වයන්ට නියම කිරීම පමණි.

18.10.1.

මෙල්කිසදෙක් පූජකවරය

මෙල්කිසදෙක් පූජකවරය ප්‍රදානය කිරීමට සහ වැඩිහිටි සහ උත්තම පූජක තත්වයන්ට නියම කිරීම සඳහා පූජකවර යතුරු ඇත්තේ ස්ටේක සභාපතිවරයාටය. කෙසේවෙතත්, සාමාන්‍යයෙන් සභානායකවරයා මෙම නියෝග සඳහා නිර්දේශ ලබා දෙයි.

18.10.1.1

වැඩිහිටියන්

සුදුසුකම් ඇති සහෝදරයන්ට ඔවුන්ට වයස අවුරුදු 18 ක් හෝ ඊට වැඩි වූ විට මෙල්කිසදෙක් පූජකවරය ලබා වැඩිහිටියන් ලෙස නියම විය හැකිය. එක් එක් පුද්ගලයාගේ තත්වයන් මත පදනම්ව, තරුණ පිරිමි ළමයෙකුව ඔහුගේ 18 වෙනි උපන්දිනයෙන් පසු වැඩිහිටියෙකු ලෙස නියම කිරීම සඳහා නිර්දේශ කළ යුතුද නැතිනම්, ඔහු පූජක ගණපූරණයේ තවදුරටත් රැඳී සිටිය යුතුද යන්න සභානායකවරයා තීරණය කරයි.

මෙම තීරණය ගැනීමේදී සභානායකවරයා මුලින්ම තරුණ පිරිමි ළමයා සහ ඔහුගේ දෙමාපියන් හෝ භාරකරුවන් සමඟ සාකච්ඡා කරයි. සුදුසුකම් ඇති පිරිමි ළමුන්ව, ඔවුන්ට වයස අවුරුදු 19 වන විට හෝ ඔවුන් විද්‍යාලයට යාමට, පූර්ණ කාලීන ධර්මදූතයක සේවය කිරීමට, හමුදාවේ සේවය කිරීමට හෝ පූර්ණ කාලීන රැකියාවක් භාර ගැනීමට නිවසින් පිටව යනවානම් ඊට පෙර ඔවුන්ව වැඩිහිටියන් ලෙස නියම කළ යුතුය.

වයස අවුරුදු 18 සහ ඊට වැඩි මෑතදී බව්තීස්ම වූ පිරිමි පුද්ගලයින්ව පහත කාරණා වලින් පසු වැඩිහිටියන් ලෙස නියම කරනු ලැබේ:

  • ආරෝනික පූජකවරය ලබා පූජකයන් ලෙස සේවය කළ පසු.

  • ශුභාරංචිය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් වර්ධනය කරගත් පසු.

  • ඔවුන්ගේ සුදුසුකම පෙන්නුම් කළ පසු.

මේ සඳහා සභාවේ සාමාජිකයෙකු ලෙස නිශ්චිත කාලයක් පසුකිරීම අවශ්‍ය නොවේ.

18.10.1.2

උත්තම පූජකයන්

පිරිමි පුද්ගලයින්ව උත්තම පූජකයන් ලෙස පත් කරනු ලබන්නේ ඔවුන්ව ස්ටේක සභාපතිත්වයකට, උසස් මන්ත්‍රණ සභාවකට හෝ සභානායකත්වයකට කැඳවූ විටය.

18.10.1.3

සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ස්ථිර කිරීම

ස්ටේක සභාපතිත්වයේ අනුමැතිය ඇතිව, මෙල්කිසදෙක් පූජකවරය නියම කිරීමේ වාර්තාවේ උපදෙස් පරිදි සභානායකවරයා එම සහෝදරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි. ඉන්පසුව ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙක් ද ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි. සහෝදරයෙකුව වැඩිහිටියෙකු ලෙස නියම කිරීම සඳහා දිස්ත්‍රික්ක සභාපතිවරයාට ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව, එම පුද්ගලයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විය හැකිය (බලන්න 6.3).

18.10.2

ආරෝනික පූජකවරය

ආරෝනික පූජකවරය ප්‍රදානය කිරීමට සහ උපස්ථායක, ගුරුවර සහ පූජක යන තත්වයන්ට නියම කිරීම සඳහා පූජකවර යතුරු ඇත්තේ සභානායකවරයාටය. සුදුසුකම් ඇති සහෝදරයන්ව සාමාන්‍යයෙන් පහත සඳහන් වයස්වලදී මෙම තත්වයන්ට නියම කරනු ලැබේ, නමුත් ඊට පෙර එසේ නොකරයි:

  • ඔවුන්ට වයස අවුරුදු 12 ක් වන අවුරුද්ද ආරම්භයේදී උපස්ථායකයෙකු ලෙස

  • ඔවුන්ට වයස අවුරුදු 14 ක් වන අවුරුද්ද ආරම්භයේදී ගුරුවරයෙකු ලෙස

  • ඔවුන්ට වයස අවුරුදු 16 ක් වන අවුරුද්ද ආරම්භයේදී පූජකවරයෙකු ලෙස

උපස්ථායකවරුන් සහ ගුරුවරුන් ලෙස නියම වීමට සිටින පුද්ගලයින් ආත්මිකව සූදානම් දැයි තීරණය කිරීම සඳහා සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු ඔවුන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වයි. පූජකවරුන් ලෙස නියම වීමට සිටින සහෝදරයින් සමඟ සභානායකවරයා සම්මුඛ සාකච්ඡා පවත්වයි.

පූජකවරය නියම කිරීම සඳහා තරුණ පිරිමි ළමයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට පෙර, සභානායකත්වයේ සාමාජිකයෙකු එම තරුණ පිරිමි ළමයාගේ දෙමව්පියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් අවසර ලබා ගනියි. දෙමව්පියන් දික්කසාද වී ඇත්නම්, ඔහු නීත්‍යානුකූල භාරකාරත්වය සහිත දෙමාපියන්ගෙන් අවසර ලබා ගනියි.

18.10.3

සාමාජිකයෙකුව නියම කිරීමට පෙර ඔහුව ඉදිරිපත් කිරීම

යම් සහෝදරයෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඔහු පූජකවර තත්වයකට සුදුසු බව සොයාගත් පසු, ඔහුව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබේ (බලන්න දහම සහ ගිවිසුම් 20:65, 67). වැඩිහිටියන් හෝ උත්තම පූජකයින් ලෙස නියම වීමට සිටින සහෝදරයින්ව ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙකු විසින් ස්ටේක සම්මන්ත්‍රණයේ ප්‍රධාන සැසිවාරයේදී ඉදිරිපත් කරනු ලබයි (දිස්ත්‍රික්ක සභාපතිවරුන් සඳහා උපදෙස් සඳහා 6.3 බලන්න). උපස්ථායකවරුන්, ගුරුවරුන් හෝ පූජකයන් ලෙස නියම වීමට සිටින සහෝදරයන්ව සක්‍රමේන්තු රැස්වීමේදී සභානායකත්ව සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබේ.

ස්ථිර කිරීම මෙහෙයවන පුද්ගලයා අදාළ සහෝදරයාට නැගී සිටින ලෙස ඉල්ලා සිටියි. ඔහු විසින් ආරෝනික හෝ මෙල්කිසදෙක් පූජකවරය සහ (අවශ්‍ය නම්) එම සහෝදරයාට පූජකවර තත්වයක් ප්‍රදානය කිරීමේ යෝජනාව නිවේදනය කරනු ලබයි. ඉන්පසු එම යෝජනාව ස්ථිර කරන ලෙස ඔහු සාමාජිකයින්ට ආරාධනා කරයි. නිදසුනක් වශයෙන්, සහෝදරයෙකුව වැඩිහිටියෙකු ලෙස නියම කිරීම සඳහා ඉදිරිපත් කිරීමට, ඔහුට මෙවැනි වචන භාවිතා කළ හැකිය:

“[නම] යන සහෝදරයාව මෙල්කිසදෙක් පූජකවරය ලබාගෙන වැඩිහිටියෙකු ලෙස නියම වීම සඳහා අපි යෝජනා කරමු. කැමති සියල්ලන්ට අත ඔසවා එය පෙන්විය හැකිය. [කෙටි විරාමයක් ගනී.] විරුද්ධ අය සිටී නම් එලෙසම පෙන්විය හැකිය. [කෙටි විරාමයක් ගනී.]”

යහපත් තත්ත්වයක සිටින සාමාජිකයෙකු එම නියම කිරීම සඳහා විරුද්ධ නම්, මුලසුන දරන නායකයා හෝ වෙනත් පූජකවර නායකයෙකු රැස්වීමෙන් පසු ඔහු හෝ ඇය සමඟ පුද්ගලිකව හමුවෙයි. එම සාමාජිකයා විරුද්ධ වන්නේ මන්දැයි තේරුම් ගැනීමට නායකයා උත්සාහ කරයි. එම පූජකවර තත්තවයට පත්වීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කළ හැකි හැසිරීමක් ගැන සාමාජිකයා දන්නේ දැයි ඔහු සොයා බලයි.

සමහර අවස්ථාවලදී, ස්ටේක සම්මන්ත්‍රණයට ඉදිරිපත් කිරීමට පෙර සහෝදරයෙකුව වැඩිහිටියෙකු හෝ උත්තම පූජකයෙකු ලෙස පැවිදි කිරීමට අවශ්‍ය විය හැකිය. මෙවැනි අවස්ථාවක, ස්ථිර කිරීම සඳහා ඔහුගේ කොට්ඨාශයේ සක්‍රමේන්තු රැස්වීමේදී ඔහුව ඉදිරිපත් කරනු ලැබේ. ඉන්පසු එම නියම කිරීම වලංගු බවට පත්කිරීම සඳහා ඔහුව ඊලඟ ස්ටේක සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කරනු ලබයි (ඉහත විස්තර කර ඇති ස්ථිර කිරීමේ ක්‍රියාවලිය අනුවර්තනය කරගනිමින්).

18.10.4

නියෝගය ඉටු කරන්නේ කවුද

ස්ටේක සභාපතිවරයාට හෝ ඔහුගේ මගපෙන්වීම යටතේ සිටින මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකුට යම් පිරිමි පුද්ගලයෙකුව වැඩිහිටි තත්වයට නියම කළ හැකිය. ධර්මදූත සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව, දිස්ත්‍රික්ක සභාපතිවරයාට හෝ ඔහුගේ මගපෙන්වීම යටතේ සිටින කෙනෙකුට නියම කිරීම සිදු කළ හැකිය (බලන්න 6.3). ආශිර්වාද රවුමේ නැගී සිටිය හැක්කේ මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට පමණි.

ස්ටේක සභාපතිවරයාට හෝ ඔහුගේ මගපෙන්වීම යටතේ සිටින උත්තම පූජකවරයෙකුට යම් පිරිමි පුද්ගලයෙකුව උත්තම පූජකවරයෙකු ලෙස නියම කළ හැකිය. ආශිර්වාද රවුමේ නැගී සිටිය හැක්කේ උත්තම පූජකයින්ට පමණි.

යම් පුද්ගලයෙකුව මෙල්කිසදෙක් පූජකවරයට නියම කරන තැනැත්තා දේවමාළිගාවට සුදුසු විය යුතුය. ස්ටේක සභාපතිවරයා හෝ ඔහු නම් කරන කෙනෙකු එහි සිටිය යුතුමය.

පූජකයෙකුට හෝ මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකුට යම් සහෝදරයෙකුව උපස්ථායක, ගුරුවර හෝ පූජක යන තත්වයන්ට නියම කළ හැකිය. ඔහුට සභානායකවරයා විසින් අවසර දිය යුතුය. ඔහු සභානායකවරයා විසින් අවසර ලබා තිබිය යුතුමය.

ආරෝනික පූජකවරයට නියම කිරීමක් සඳහා සහභාගී වීමට, පුද්ගලයෙකු පූජකයෙකු හෝ මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විය යුතුමය.

පූජකයෙකු හෝ මෙල්කිසදෙක් පූජකවරය දරන පියෙකුට, ඔහු දේවමාළිගාව සඳහා සම්පූර්ණයෙන් සුදුසු නොවූවත්, තම දරුවාව උපස්ථායක, ගුරුවර සහ පූජක යන තත්වයන්ට නියම කිරීමට සභානායකවරයෙකුට ඔහුට අවසර දිය හැකිය (බලන්න 18.3). තම දරුවන්ව නියම කිරීමට සූදානම් වන ලෙස සභානායකවරු පියවරුන්ව දිරිමත් කරති.

18.10.5

උපදෙස්

පූජකවරය ලබාදීමට සහ යම් පුද්ගලයෙකුව පූජකවර තත්වයකට නියම කිරීමට, අධිකාරිත්වය ඇති පූජකවරය දරන්නෙකු හෝ කිහිප දෙනෙකු එම පුද්ගලයාගේ හිස මත සැහැල්ලුවෙන් ඔවුන්ගේ අත් තබති. එවිට ආශිර්වාදය පවසන පුද්ගලයා:

  1. එම පුද්ගලයාව ඔහුගේ සම්පූර්ණ නමින් අමතයි.

  2. එම නියෝගය (ආරෝනික හෝ මෙල්කිසදෙක් පූජකවරය) ක්‍රියාත්මක කිරීමට ඔහුට පුද්ගලිකව ඇති අධිකාරිත්වය ප්‍රකාශ කරයි.

  3. එය දැනටමත් ප්‍රදානය කර නොමැති නම්, ආරෝනික හෝ මෙල්කිසදෙක් පූජකවරය ප්‍රදානය කරයි.

  4. එම පුද්ගලයාව ආරෝනික හෝ මෙල්කිසදෙක් පූජකවරයේ තත්වයකට නියම කර, එම තත්වයේ අයිතිවාසිකම්, බලතල සහ අධිකාරිත්වය ලබා දෙයි.

  5. ආත්මයාණන්වහන්සේ මගපෙන්වන පරිදි ආශිර්වාද වචන ලබා දෙයි.

  6. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

අදාළ පූජකවරය යම් පුද්ගලයෙකුට පිරිනමා ඇති විටක, ඔහුව පූජකවර තත්වයකට නියම කිරීමේදී, නියෝගය ඉටු කරන පුද්ගලයා 3 වන පියවර මගහරියි.

18.10.6

නියම කිරීමේ වාර්තාව සහ සහතිකය

ආරෝනික පූජකවරයේ තත්වයකට නියම කිරීම සඳහා සහෝදරයෙකු සමඟ සම්මුඛ සාකච්ඡා සිදුකිරීමට පෙර, ආරෝනික පූජකවරයට නියම කිරීමේ වාර්තාව සකස් කිරීම සඳහා ලිපිකරුවෙකු විසින් LCR භාවිතා කරනු ලබයි. සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු විසින් සම්මුඛ සාකච්ඡාව පවත්වා සියලු සුදුසුකම් කොන්දේසි සපුරා ඇත්නම් පෝරමයට අත්සන් කරනු ලබයි.

නියම කිරීමෙන් පසුව, සභානාකයවරයා හෝ පත්කර ඇති උපදේශකයෙකු මෙම පෝරමය සම්පූර්ණ කර එය නැවතත් ලිපිකරුවාට ලබා දෙයි. ඔහු විසින් එම නියම කිරීම LCR හි සටහන් කර නියම කිරීමේ සහතිකයක් සකස් කරයි.

නියම කිරීමේ වාර්තාවේ සහ සහතිකයේ යම් පුද්ගලයෙකුගේ වත්මන් නීත්‍යානුකූල නම භාවිතා කළ යුතුය.

18.11

කැඳවීම් වල සේවය කිරීමට සාමාජිකයින් වෙන්කිරීම

සභාවේ බොහෝ තනතුරු සඳහා කැඳවනු ලබන සහ ස්ථිර කරන සාමාජිකයන්ව එම තනතුරේ සේවය කිරීම සඳහා වෙන් කළ යුතුය (බලන්න යොහන් 15:16; දහම සහ ගිවිසුම් 42:11; තවත් බලන්න මෙම අත්පොතෙහි 3.4.3.1). වෙන් කිරීම අතරතුර, පුද්ගලයාට (1) කැඳවීමෙහි ක්‍රියා කිරීමට බලය සහ (2) ආත්මයාණන් විසින් මගපෙන්වන පරිදි ආශිර්වාදමය වචන, ලබාදෙනු ලබයි.

ස්ටේක සභාපතිවරුන්ව, සභානායකවරුන්ව සහ ගණපූරණ සභාපතිවරුන්ව වෙන් කළ විට ඔවුන් සභාපතිත්ව යතුරු ලබති (බලන්න 3.4.1.1). කෙසේවෙතත්, සභාපතිත්වයන්ගේ උපදේශකයින් ඇතුළු, වෙනත් කැඳවීම් වලට සාමාජිකයින්ව වෙන් කිරීමේදී යතුරු යන වචනය භාවිතා නොකළ යුතුය.

18.11.1.

වෙන්කිරීම සිදු කරන්නේ කවුද

වෙන් කිරීමක් සිදු කරනු ලබන්නේ මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විසිනි. සුදුසු පූජක යතුරු දරන නායකයාගෙන් ඔහුට ඒ සඳහා අනුමැතිය ලැබිය යුතුමය. වෙන් කිරීමක් සිදු කිරීමට බලය ඇති අය කවුරුන්ද කියා 30.8 හි දක්වා ඇත. යම් පුද්ගලයෙකුව යම් තත්වයකට වෙන් කිරීමේදී එය ඉටුකරන පුද්ගලයා උත්තම පූජකයෙකු විය යුතු අවස්ථාවක, වැඩිහිටියෙකු ආශිර්වාදය පැවසීමට හෝ එම රවුමේ ඇතුළත්ව නොසිටිය යුතුය.

මුලසුන දරන නායකයාගේ මගපෙන්වීම යටතේ, මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට වෙන් කිරීමකට සහභාගී විය හැකිය. සභාපතිවරුන්ව ඔවුන්ගේ උපදේශකයින්ට පෙර වෙන් කරනු ලැබේ.

මෙල්කිසදෙක් පූජකවරය දරන ස්වාමිපුරුශයෙකුට හෝ පියෙකුට, ඔහු දේවමාළිගාව සඳහා සම්පූර්ණයෙන්ම සුදුසු නොවූවත්, ඔහුගේ භාර්යාව හෝ දරුවන්ව වෙන් කිරීමකදී එම රවුමේ සිටගැනීමට, මුලසුන දරන නායකයාට ඉඩ දිය හැකිය. (බලන්න 18.3).

18.11.2

උපදෙස්

බලය ඇති මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අදාළ පුද්ගලයාගේ හිස මත ඔවුන්ගේ අත් සැහැල්ලුවෙන් තබති. එවිට ආශිර්වාදය පවසන පුද්ගලයා:

  1. එම පුද්ගලයාව ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ නමින් අමතයි.

  2. ඔහු ක්‍රියා කරන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  3. ස්ටේකයේ, කොට්ඨාශයේ, ගණපූරණයේ හෝ පන්තියේ එම කැඳවීමට පුද්ගලයාව වෙන් කරයි.

  4. පුද්ගලයා යතුරු ලැබිය යුතු නම් ඒවා පවරා දෙයි.

  5. ආත්මයාණන්වහන්සේ මගපෙන්වන පරිදි වචනයෙන් ආශිර්වාදය ලබා දෙයි.

  6. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

18.12

තෙල් කැපකිරීම

රෝගී හෝ පීඩාවට පත්වූවන් ආලේප කිරීම සඳහා ඔලිව් තෙල් භාවිතා කිරීමට පෙර මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් විසින් ඒවා කැප කළ යුතුය (යාකොබ් 5:14). වෙනත් තෙල් භාවිතා කළ නොහැක.

සාමාජිකයන් කැප කළ තෙල් පරිභෝජනය නොකළ යුතු අතර ශරීරයේ පීඩාවට පත් වූ කොටස්වල ඒවා ආලේප නොකළ යුතුය.

18.12.1.

නියෝගය ඉටු කරන්නේ කවුද

මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට තෙල් කැප කළ හැකිය. ඔවුන්ට පූජක නායකයකුගෙන් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නැත.

18.12.2

උපදෙස්

තෙල් කැප කිරීම සඳහා, මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු:

  1. විවෘත කළ ඔලිව් තෙල් බඳුනක් අල්ලාගෙන සිටියි.

  2. යාච්ඤාවේදී මෙන් ස්වර්ගීය පියාණන්වහන්සේව අමතයි.

  3. ඔහු ක්‍රියා කරන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  4. තෙල් (බඳුන නොවේ) කැප කර, ආලේප කිරීම සහ රෝගීන්ට සහ පීඩාවට පත් වූවන්ට ආශිර්වාද කිරීම සඳහා එය වෙන් කරයි.

  5. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

18.13

රෝගීන්ට ආශිර්වාද කිරීම

“අත් තැබීමෙන්” රෝගීන්ට ආශිර්වාද කිරීම කොටස් දෙකකින් සමන්විත වේ: තෙල්වලින් ආලේප කිරීම සහ ආශිර්වාදයක් සමඟ එම ආලේපය මුද්‍රා කිරීම. කැප කළ තෙල් නොමැති නම්, ආලේප කිරීමකින් තොරව මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් ආශිර්වාදයක් ලබා දිය හැකිය.

18.13.1.

ආශිර්වාදය ලබාදෙන්නේ කවුද

රෝගී හෝ පීඩාවට පත් වූවන්ට ආශිර්වාද කළ හැක්කේ මෙල්කිසදෙක් පූජකවරය දරන සුදුසු පුද්ගලයින්ට පමණි. ඔවුන්ට පූජක නායකයකුගෙන් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නැත. හැකි නම්, මෙල්කිසදෙක් පූජකවරය දරන පියෙක් තම පවුලේ රෝගී සාමාජිකයින්ට ආශිර්වාද කරයි.

සාමාන්‍යයෙන්, මෙල්කිසදෙක් පූජකවරය දරන්නන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු එකතු වී රෝගීන්ට ආශිර්වාද කරති. කෙසේ වෙතත්, එක් අයෙකුට ආලේප කිරීම සහ මුද්‍රා තැබීම යන දෙකම කළ හැකිය.

18.13.2

උපදෙස්

තෙල් ආලේප කිරීම සිදු කරනු ලබන්නේ මෙල්කිසදෙක් පූජකවරය දරන එක් අයෙකු විසිනි. ඔහු:

  1. එම පුද්ගලයාගේ හිස මත කැප කළ තෙල් බිංදුවක් දමයි.

  2. එම පුද්ගලයාගේ හිස මත ඔහුගේ දෑත් සැහැල්ලුවෙන් තබා එම පුද්ගලයාගේ සම්පූර්ණ නමෙන් ඔහුව හෝ ඇයව අමතයි.

  3. ඔහු ක්‍රියා කරන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  4. ආලේප කිරීමට සහ අසනීප සහ පීඩාවට පත්වූ අයට ආශිර්වාද කිරීම සඳහා කැප කර ඇති තෙල් වලින් ඔහු ආලේප කරන බව ප්‍රකාශ කරයි.

  5. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

ආලේප කිරීම මුද්‍රා කිරීම සඳහා, මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු හෝ කිහිප දෙනෙකු එම පුද්ගලයාගේ හිස මත සැහැල්ලුවෙන් අත් තබති. එවිට ආලේප කිරීම මුද්‍රා තබන තැනැත්තා:

  1. එම පුද්ගලයාව ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ නමින් අමතයි.

  2. ඔහු ආලේප කිරීම මුද්‍රා කරන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  3. ආත්මයාණන්වහන්සේ මගපෙන්වන පරිදි වචනයෙන් ආශිර්වාදය ලබා දෙයි.

  4. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

18.14

පියාගේ ආශිර්වාදය ඇතුළුව සැනසීම ලබාදීමේ සහ උපදේශනයේ ආශිර්වාද

18.14.1.

ආශිර්වාදය ලබාදෙන්නේ කවුද

මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට තම පවුලේ සාමාජිකයින්ට සහ ආශිර්වාද ඉල්ලා සිටින වෙනත් අයට සැනසිල්ලේ සහ උපදේශනයේ ආශිර්වාද ලබාදිය හැකිය.

මෙල්කිසදෙක් පූජකවරය දරන පියෙකුට තම දරුවන් සඳහා පියෙකුගේ ආශිර්වාදය ලබා දිය හැකිය. අවශ්‍ය අවස්ථාවලදී පියාගේ ආශිර්වාදය ලබා ගැනීමට දෙමාපියන් තම දරුවන්ව දිරිමත් කරයි. පුද්ගලික භාවිතය සඳහා පියාගේ ආශිර්වාදය පටිගත කර ගත හැකිය.

සැනසිල්ලේ සහ උපදේශනයේ ආශිර්වාදයක් හෝ පියෙකුගේ ආශිර්වාදයක් ලබා දීමට මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු පූජක නායකයෙකුගෙන් අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවේ.

18.14.2

උපදෙස්

සැනසිල්ලේ සහ උපදේශනයේ ආශිර්වාදයක් හෝ පියෙකුගේ ආශිර්වාදයක් ලබා දීම සඳහා, මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු හෝ කිහිප දෙනෙක් එම පුද්ගලයාගේ හිස මත ඔවුන්ගේ අත් සැහැල්ලුවෙන් තබති. එවිට ආශිර්වාදය පවසන පුද්ගලයා:

  1. එම පුද්ගලයාව ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ නමින් අමතයි.

  2. ආශිර්වාදය ඉටු කරනු ලබන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  3. ආත්මයාණන්වහන්සේ මගපෙන්වන පරිදි වචනයෙන් ආශිර්වාදය, සැනසීම සහ උපදේශය ලබා දෙයි.

  4. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

18.15

නිවෙස් කැපකිරීම

සභාවේ සාමාජිකයින්ට ඔවුන්ගේ නිවෙස් මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වය විසින් කැප කරවාගත හැකිය.

18.15.2

උපදෙස්

නිවසක් කැප කිරීම සඳහා, මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු:

  1. යාච්ඤාවේදී මෙන් ස්වර්ගීය පියාණන්වහන්සේව අමතයි.

  2. ඔහු ක්‍රියා කරන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  3. ශුද්ධාත්මයාණන්ට වාසය කළ හැකි පූජනීය ස්ථානයක් ලෙස එම නිවස කැප කර, ආත්මයාණන් විසින් මගපෙන්වනු ලබන පරිදි තවත් දේ පවසයි.

  4. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

18.16

සොහොන් කැපකිරීම

18.16.1.

සොහොන කැපකරන්නේ කවුද?

සොහොනක් කැප කරන පුද්ගලයෙකු මෙල්කිසදෙක් පූජකවරය දැරිය යුතුය එමෙන්ම එම සේවය මෙහෙයවන පූජකවරය දරන නායකයාගෙන් අවසර ලබා සිටිය යුතුය.

18.16.2

උපදෙස්

සොහොනක් කැප කිරීම සඳහා, මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු:

  1. යාච්ඤාවේදී මෙන් ස්වර්ගීය පියාණන්වහන්සේව අමතයි.

  2. ඔහු ක්‍රියා කරන්නේ මෙල්කිසදෙක් පූජකවරයේ අධිකාරිත්වයෙන් බව ප්‍රකාශ කරයි.

  3. මියගිය පුද්ගලයාගේ දේහය සඳහා විවේක ස්ථානය ලෙස සුසාන භූමිය කැප කර ආලේප කරනු ලබයි.

  4. මරණයෙන් නැවත නැගිටීම දක්වා එම ස්ථානය ශුද්ධ කර ආරක්ෂා කරන ලෙස යාච්ඤා කරයි (සුදුසු තැන්වල).

  5. එම පවුල සනසන ලෙස ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලා සිටිමින් ආත්මයාණන් විසින් මගපෙන්වනු ලබන පරිදි සිතුවිලි ප්‍රකාශ කරයි.

  6. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අවසන් කරයි.

සභාවේ සාමාජිකයෙකුගේ දේහය ආදාහනය කළහොත්, අළු තබා ඇති ස්ථානය කැප කළ යුතුද යන්න තීරණය කිරීමට මුලසුන දරන නායකයා ඔහුගේ විනිශ්චය භාවිතා කරයි.

18.17

ආදිපීතෘ ආශිර්වාද

සුදුසු, බව්තීස්ම වූ සෑම සාමාජිකයෙකුටම ආදිපීතෘ ආශිර්වාදයක් ලැබීමට හිමිකම් ඇත, එය ස්වර්ගික පියාණන්වහන්සේගෙන් දේවානුභාවයෙන් යුත් මගපෙන්වීම සපයයි (බලන්න උත්පත්ති 48:14–1649; 2 නෙපී 4:3–11).

ආදිපීතෘ ආශිර්වාදයක් ලබාගැනීමට කැමති සාමාජිකයින් සමඟ සභානායකවරයා හෝ පවරා ඇති උපදේශකයෙකු සම්මුඛ සාකච්ඡා පවත්වයි. සාමාජිකයා සුදුසු නම්, සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ පුද්ගලයා ආදිපීතෘ ආශිර්වාද නිර්දේශයක් සූදානම් කරයි. ඔහු එය ආදිපීතෘ ආශිර්වාද පද්ධතිය හරහා ඉදිරිපත් කරයි ChurchofJesusChrist.org.

ආදිපීතෘ ආශිර්වාද නිර්දේශයක් නිකුත් කරන පුද්ගලයා විසින් එම ආශිර්වාදයේ වැදගත්කම සහ පරිශුද්ධ ස්වභාවය අවබෝධ කර ගැනීමට තරම් සාමාජිකයා පරිණත බව සහතික කරනු ලබයි.

18.17.1.

ආදිපීතෘ ආශිර්වාදයක් ලැබීම

නිර්දේශයක් ලැබීමෙන් පසු, සාමාජිකයා විසින් ආදිපීතෘ ආශිර්වාදයක් ලබා ගැනීම සඳහා හමුවීමක් සැලසුම් කිරීමට ආශිපීතෘවරයාව සම්බන්ධ කර ගනියි. සැලසුම් කළ දිනයේදී, එම සාමාජිකයා ආදිපීතෘවරයා හමුවීමට යා යුත්තේ යාච්ඤාශීලීව සහ ඉරිදා ඇඳුමෙන් සැරසී ය.

සෑම ආදිපීතෘ ආශිර්වාදයක්ම ශුද්ධ ය, රහස්‍ ය සහ පුද්ගලික ය. එමනිසා, පැමිණ සිටිය හැකි සීමිත පවුල් සාමාජිකයින් ප්‍රමාණයක් සමඟ මිස එය පුද්ගලිකව ලබා දෙනු ලැබේ.

ආදිපීතෘ ආශිර්වාදයක් ලබන පුද්ගලයා එහි වචන අගය කොට, ඒවා මෙනෙහි කර, මෙලොවදී හා සදාකාලිකව එම පොරොන්දු වූ ආශිර්වාද ලැබීමට සුදුසු ලෙස ජීවත් විය යුතුය.

සභාවේ සාමාජිකයන් විසින් එම ආශිර්වාද සන්සන්දනය නොකළ යුතු අතර සමීප පවුලේ සාමාජිකයන් සමඟ මිස වෙනත් අය සමඟ ඒවා බෙදා නොගත යුතුය. ආදිපීතෘ ආශිර්වාද සභාවේ රැස්වීම්වලදී හෝ වෙනත් පොදු රැස්වීම්වලදී කියවිය නොයුතුය.