ශුද්ධලියවිලි
දහම සහ ගිවිසුම් 42


42 වන කොටස

1831 පෙබරවාරි 9 සහ 23, ඔහායෝ, කර්ට්ලන්ඩ් හිදී, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා තුළින් කොටස් දෙකක් ලෙස දෙනු ලැබූ එළිදරව්වකි. 1 සිට 72 දක්වා පද ඇතුළත් වන, පළමු කොටස, ඔහායෝ හිදී “නීතිය” ලබාදෙන බවට පෙරදී ස්වාමින්වහන්සේ දුන් පොරොන්දුව සම්පූර්ණ කිරීම පිණිස, වැඩිහිටියන් දොළොස්දෙනා ඉදිරියේ එය ලැබිණි (කොටස 38:32 බලන්න). දෙවන කොටසට 73 සිට 93 දක්වා පද ඇතුළත් වේ. අනාගතවක්තෘවරයා මෙම එළිදරව්ව “සභාවේ නීතිය වැලඳගැනීම” ලෙස විශේෂයෙන් සඳහන් කරයි.

1–10, ශුභාරංචිය දේශනා කිරීමට, හැරුණු අයවළුන්ව බව්තීස්ම කිරීමට, සහ සභාව ගොඩනැගීමට වැඩිහිටියන්ව කැඳවනු ලැබේ; 11–12, ශුද්ධලියවිලි වල තිබෙන ශුභාරංචි මූලධර්ම ඉගැන්වීමට ඔවුන්ව කැඳවා නියම කළ යුතුවේ; 13–17, ඔවුන් ආත්මයාණන්ගේ බලය මගින් ඉගැන්වීම සහ අනාවැකි කීම කළ යුතුය; 18–29, ශුද්ධවන්තයන්ට මිනිමැරීම, සොරකම් කිරීම, බොරුකීම, කාම තෘෂ්ණාව, කාමමිථ්‍යාචාරයේ යෙදීම, හෝ අනෙක් අයට විරුද්ධව නපුර කතා කිරීම නොකිරීමට ආඥා කරයි; 30–39, දේපළ කැපකිරීම පාලනය කරන්නාවූ නිතීය ඉදිරිපත් කරනු ලබයි; 40–42, උඩඟුකම සහ අලසකම අප්‍රසාදිතය; 43–52, අසනීප වූවන් ඇදහිල්ල සහ මෙහෙයවීම මගින් සුවකරනු ලබයි; 53–60, ශුද්ධලියවිලි සභාව පාලනය කරනු ලබයි තවද ලෝකයට ප්‍රකාශ කරනු ලැබිය යුතු වෙයි; 61–69, නව යෙරුසලමේ ස්ථානය සහ රාජ්‍යයේ අභිරහස් එළිදරව් කරනු ලබයි; 70–73, කැප කරනු ලැබූ දේපළ සභාවේ නිළධාරීන්ට උපකාරී වීමට යොදවනු ලබයි; 74–93, වේශ්‍යාකම, කාමමිථ්‍යාචාරය, මිනිමැරීම, සොරකම සහ පව් පාපොච්ඡාරණය කිරීමේ පාලනය කරන්නාවූ නීති දෙනු ලබයි.

1 නුඹලා එපමණකින් මාගේ නාමය විශ්වාස කරමින් මාගේ ආඥාවන් පිළිපදින්නේද, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ, ලෝකයේ ගැලවුම්කරු වූ; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වූ, මාගේ නාමයෙන් නුඹලාවම එක්රැස් කරගත්තාවූ, අහෝ මාගේ සභාවේ වැඩිහිටියන් වූ නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න.

2 නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, මම නුඹලා හට දෙනු ලබන එම නීති වලට උවමනාවෙන් සවන්දෙන්න තවද අසන්න එමෙන්ම කීකරු වන්න.

3 මක්නිසාද සැබවක් මම පවසන්නෙමි, මා විසින් නුඹලාට ආඥා කරනු ලැබූ එම ආඥාවන් අනුව නුඹලා නුඹලාවම එක්රැස්කොට ගෙන, තවද මෙම එක් දෙයක් සම්බන්ධව එකඟව, තවද මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නේ නම්, ඒ ආකාරයෙන් වුවත් නුඹලා ලබන්නෝය.

4 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මෙම පළමු ආඥාව මම නුඹලා හට දෙන්නෙමි, එනම් මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ සහ සිඩ්නි රිග්ඩන් හැර, නුඹලා සෑම කෙනෙක්ම, මාගේ නාමයෙන් පෙරට යා යුතු වන්නෝය.

5 තවද මම ඔවුන් හට ආඥාවක් දෙන්නෙමි එනම් ඔවුහු කුඩා කාලයකට පෙරට යා යුතු වන්නෝය, තවද ඔවුන් නැවත පැමිණිය යුතු වේලාව ආත්මයාණන්ගේ බලය මගින් දෙනු ලබන්නේය.

6 තවද නුඹලා මාගේ ආත්මයාණන්ගේ බලයෙන් පෙරට යනු ලබන්නෙහුය, මාගේ ශුභාරංචිය දේශනා කරමින්, දෙදෙනා දෙදෙනා බැගින්ම, මාගේ නාමයෙන්, නුඹලාගේ හඬවල් හොරණෑවක ශබ්දයක් සමඟ මෙන් ඔසවමින්, දෙවියන්වහන්සේගේ දේවදූතයන් මෙන් මාගේ වචන ප්‍රකාශ කළ යුතුය.

7 තවද නුඹලා ජලයෙන් බව්තීස්ම කරමින් පෙරට යමින්, මෙසේ කිව යුතු වන්නේය: පසුතැවිලි වෙයල්ලා, පසුතැවිලි වෙයල්ලා, මක්නිසාද ස්වර්ග රාජ්‍යය ලංව තිබේ.

8 තවද මෙම ස්ථානය වෙතින් නුඹලා බටහිර දිශාවේ ප්‍රදේශ වෙතට යා යුතු වන්නෝය; තවද එපමණකින් නුඹලාව පිළිගන්නා ඔවුන්ව නුඹලා සොයාගන්නා තරමටම, නුඹලා මාගේ සභාව සියලු ප්‍රදේශයන් හි ගොඩනගනු ලැබිය යුතු වන්නේය—

9 එය නුඹලා හට ඉහළින් එළිදරව් කරන්නට කාලය පැමිණෙන තුරු, නව යෙරුසලම නගරය සූදානම් වී, එනම් නුඹලා එකට රැස්කරනු ලැබිය යුතු වන්නේය, එනම් නුඹලා මාගේ ජනතාව වී එමෙන්ම මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.

10 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, එනම් මාගේ සේවක එඩ්වර්ඩ් පැට්‍රිජ් මා විසින්ම ඔහුව පත්කරන ලද තනතුරෙහි නැගී සිටින්නේය. තවද එය මෙසේ සිදුවන්නේය, එනම් ඔහු ආඥා කඩකළහොත්, ඔහු වෙනුවට වෙනත් අයෙකුව පත්කරනු ලබන්නේය. එය එසේම වන්නේය. ආමෙන්.

11 නැවතත් මම නුඹලා හට පවසන්නෙමි, එනම් ඔහුව අධිකාරිත්වයේ සිටින කවර අයෙකු විසින් හෝ පත්කරනු ලැබුවොත් මිස, කිසි අයෙකුටවත් පෙරට ගොස් මාගේ ශුභාරංචිය දේශනා කිරීමට හෝ මාගේ සභාව ගොඩනැගීමට දෙනු නොලබන්නේය, තවද එය සභාවේ දැනගැනීම වන්නේය එනම් අධිකාරිත්වය ඇති ඔහුව තවද සභාවේ ප්‍රධානීන් මගින් ක්‍රමානුකූලව නියම කරනු ලබන්නේය.

12 තවද නැවතත්, මෙම සභාවේ වැඩිහිටියෝ පූජකවරු සහ ගුරුවරු, එම බයිබලයේ සහ මොර්මොන්ගේ පොතෙහි ඇති ශුභාරංචියේ සම්පූර්ණත්වය ඇත්තාවූ, මාගේ ශුභාරංචියේ මූලධර්ම උගන්වනු ලබන්නෝය.

13 තවද ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුන් එම ගිවිසුම් සහ සභා ලිපි පිළිපැදිය යුතුය, තවද ආත්මයාණන් විසින් මගපෙන්වනු ලබන පරිදි, මේවා ඔවුන්ගේ ඉගැන්වීම් වන්නේය.

14 තවද නුඹලාට ඇදහිල්ලේ යාච්ඤාව මගින් ආත්මායාණන් දෙනු ලබන්නේය; තවද නුඹලා ආත්මායාණන් නොලැබුවේ නම් නුඹලා ඉගැන්විය යුතු නොවන්නේය.

15 තවද මාගේ සම්පූර්ණත්වයේ ශුද්ධලියවිලි දෙනු ලබන තුරු, නුඹලාගේ ඉගැන්වීම් සම්බන්ධව මා විසින් ආඥා කළ පරිදි මේවා සියල්ල පැවැත්වීමට නුඹලා වගබලාගත යුතු වන්නේය.

16 තවද නුඹලාගේ හඬ සැණසිලිදායකයාණන් මගින් ඔසවනු ලබන විට, නුඹලා මට යහපත් වන ආකාරයට අනාගත වාක්‍යය කියමින් කතා කරන්නෙහුය.

17 මක්නිසාද, බලන්න, සැනසිලිදායකයාණන් සියලු දේවල් දන්නා සේක, තවද පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ගැන සාක්ෂි දරන සේක.

18 තවද දැන්, බලන්න, මම සභාව වෙතට කතා කරන්නෙමි. මිනී නොමරව; තවද එනම් මිනී මරන ඔහුට මෙම ලෝකය තුළත්, පැමිණෙන ලෝකය තුළත්, සමාවක් නොවන්නේය.

19 තවද නැවතත්, මම පවසන්නෙමි, මිනී නොමරව; එහෙත් මිනී මරන ඔහුව මරණයට පත්වන්නේය.

20 සොරකම් නොකරව; තවද සොරකම් කරන ඔහු තවද පසුතැවිලි නොවන්නේ නම් පිටතට දමනු ලබන්නේය.

21 බොරු නොකියව; බොරු කියන ඔහු පසුතැවිලි නොවන්නේ නම් තවද පිටතට දමනු ලබන්නේය.

22 නුඹ නුඹගේ භාර්යාවට නුඹගේ මුළු හදවතින්ම ප්‍රේම කළ යුතුය, තවද වෙන කිසිවෙකුටවත් නොව ඇයට ඇලුම් විය යුතුය.

23 තවද යමෙක් කාන්තාවක් දෙස බලා රාගයෙන් ඇය පසුව යන්නේද ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන අතර, තවද ආත්මයාණන් නොලබන්නේය; තවද ඔහු පසුතැවිලි නොවන්නේ නම් ඔහුව පිටතට දමනු ලබන්නේය.

24 කාමමිථ්‍යාචාරය නොකරන්න; තවද කාමමිථ්‍යාචාරය කරන්නා, පසුතැවිලි නොවන්නේ නම් පිටතට දමනු ලබන්නේය.

25 එහෙත් කාමමිථ්‍යාචාරය කර, තවද ඔහුගේ මුළු සිතින්ම පසුතැවිලි වන්නේ නම්, තවද එය එපා කරමින්, තවද එය තවත් නොකරන්නේ නම්, නුඹලා සමාව දිය යුතු වන්නෝය;

26 එහෙත් ඔහු නැවතත් එය කරන්නේ නම්; ඔහුට සමාව දෙනු නොලබන්නේය, එහෙත් පිටතට දමනු ලබන්නේය.

27 නුඹගේ අසල්වැසියාට විරුද්ධව නපුරු දේ කතා නොකරන්න, හෝ ඔහුට විරුද්ධව කිසිම හිංසනයක් නොකරන්න.

28 මෙම දේවල් සම්බන්ධව මාගේ ආඥාවන් මාගේ ලියවිලි වල දී ඇති බව නුඹ දන්නෙහිය; එනම් පව් කරන ඔහු තවද පසුතැවිලි නොවන්නේ නම් පිටතට දමනු ලබන්නේය.

29 නුඹ මට ප්‍රේම කරන්නේ නම් නුඹ මට සේවය කරමින් තවද මාගේ සියලු ආඥාවන් පිළිපැදිය යුතුය.

30 තවද බලන්න, නුඹලා දුප්පතුන්ව සිහිපත් කරන්න, බිඳ දැමිය නොහැකි ගිවිසුමක් සහ ක්‍රියාවක් සමඟ තවද ඔවුන් වෙනුවෙන් නුඹ දිය යුතු වන නුඹගේ සහයෝගය උදෙසා, නුඹගේ දේපළ කැප කරන්න.

31 තවද එපමණකින් නුඹ නුඹගේ ධනයෙන් කොටසක් දුප්පතුන් හට දෙනු ලබන තරමටම, නුඹලා එය කරන්නේ මා හට වන්නේය; තවද ඒවා මාගේ සභාවේ සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයන් සහ මෙම කාරණාව උදෙසා වෙන්කොට පත්කර ඇති වැඩිහිටියන් දෙදෙනෙකු, හෝ උත්තම පූජකයන් ඉදිරියේ තබනු ලබන්නේය.

32 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් ඒවා මාගේ සභාවේ සභානායකවරයා ඉදිරියේ තබනු ලැබූ පසු, තවද ඔහු මෙම මාගේ සභාවේ දේපළ කැපකිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලැබූ පසු, එනම් ඒවා සභාව වෙතින් රැගෙන යා නොහැකිය, මාගේ ආඥාවන්ට එකඟව, සියලු මනුෂ්‍යයන් මා හට ගණන් දිය යුතු වීමට සලස්වා, ඔහුගේ ස්වකීය දේපළ වල මතටම, ඔහු සහ පවුල උදෙසා සෑහෙන ප්‍රමාණයකට, හෝ එනම් එය ඔහු කැපකිරීමෙන් ලබාගත් ඒවා මතට, ඔහු භාරකරු වන්නේය.

33 තවද නැවතත්, මෙම පළමු කැපකිරීමෙන් පසුව ඔවුන්ගේ සහය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා, එහි සභාව සතුව හෝ තනි පුද්ගලයින් සතුව දේපළ ඇත්නම්, එය සභානායකවරයාට කැප කළ යුතු අවශේෂයකි, කාලයෙන් කාලයට එය නොතිබෙන අයට සපයා දීමට, අවශ්‍යතාවය ඇති සෑම මනුෂ්‍යයෙකුටම ප්‍රමාණවත් ලෙස සැපයීමට සහ ඔහුගේ අවශ්‍යතා අනුව ලැබීමට එය තබාගත යුතු වන්නේය.

34 එසේහෙයින්, සභාවේ උසස් මන්ත්‍රණ සභා සභානායකවරයා සහ ඔහුගේ උපදේශකවරුන් දෙදෙනා මගින් පත්කරනු ලබන ලෙස, දුප්පතුන්ට සහ අවශ්‍යතාවයන් ඇති අයට උපකාර කිරීමට, එම අවශේෂය මාගේ ගබඩා ගෘහයේ තැන්පත් කරනු ලබන්නේය;

35 තවද ඒ සභාවේ පොදු යහපත පිණිස දේපළ මිලදී ගැනීමේ, සහ නමස්කාර ගෘහයන් ගොඩනැගීමේ, සහ එම මෙයින් පසු එළිදරව් කරන නව යෙරුසලම ගොඩනැගීමේ කාරණාව උදෙසාය—

36 එනම් මාගේ ගිවිසුම් ජනතාව මම මාගේ දේවමාළිගාවට පැමිණෙන එම දවසේදී එකට රැස්කරගනු ලබන පිණිසය. තවද මෙය මා කරනු ලබන්නේ මාගේ ජනතාවගේ ගැලවීම උදෙසාය.

37 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් පව් කරන ඔහු තවද පසුතැවිලි නොවන්නේ නම් සභාවෙන් පිටතට නෙරපා දමනු ලබන්නේය, එනම් ඔහු මාගේ සභාවේ දුප්පතුන්ට සහ අවශ්‍යතාවයන් ඇති අයට, නැතහොත් වෙනත් වචන වලින්, මා හට, කැප කළ එය, තවද නැවතත් ලබාගනු නොලබන්නේය—

38 මක්නිසාද එපමණකින් නුඹලා මේවායින් අවම වශයෙන් හෝ කරන ආකාරයටම, නුඹලා එය කරන්නේ මා හටය.

39 මක්නිසාද එය මෙසේ සිදුවන්නේය, එනම් මාගේ ආනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් මම කතා කරන ලද එම දේ සම්පූර්ණ කරනු ලබන්නේය; මක්නිසාද මම මාගේ ශුභාරංචිය වැළඳගත්තා වූ අන්‍ය ජාතිකයන් අතර පොහොසත්කම මාගේ දුප්පත් ජනතාව අතර වූ ඉශ්‍රායෙල් වංශයේ වූවන් අතර කැප කරන්නෙමි.

40 තවද නැවතත්, නුඹ නුඹගේ හදවතින් ආඩම්බර නොවිය යුතුය; නුඹගේ සියලු වස්ත්‍ර සරල වේවා, තවද ඒවායේ සුන්දරත්වය නුඹගේ ස්වකීය හස්තයේ ක්‍රියාවන්ගේ සුන්දරත්වය වේවා;

41 තවද සියලු දේවල් මා ඉදිරියේ පිරිසිඳුව කරත්වා.

42 නුඹ අලසයෙකු නොවේවා; මක්නිසාද අලසයෙකු වන ඔහු පාන් අනුභව කිරීම හෝ සේවකයෙකුගේ වස්ත්‍ර ඇඟලා ගැනීම හෝ නොකළ යුතු වන්නේය.

43 තවද කවරෙකු හෝ නුඹලා අතරෙන් අසනීපව ඇත්නම්, තවද සුවපත් වීමට ඇදහිල්ල නොමැති නම්, එහෙත් විශ්වාස කරන්නේ නම්, ඔසු පැළ සහ සෞම්‍ය ආහාර සමඟින්, සියලු මෘදුකමින් පෝෂණය කරනු ලැබිය යුතු වන්නේය, තවද එය සතුරෙකුගේ හස්තයෙන් නොවන්නේය.

44 තවද සභාවේ වැඩිහිටියන්, දෙදෙනෙකු හෝ වැඩිදෙනෙකු, කැඳවනු ලැබ, තවද ඔවුන් මත මාගේ නාමයෙන් ඔවුන්ගේ හස්තයන් තබමින් යාච්ඤා කළ යුතු වේ; තවද ඔවුන් මැරෙන්නේ නම් ඔවුන් මැරෙන්නේ මා වෙතටය, තවද ඔවුන් ජීවත් වන්නේ නම් ඔවුන් ජීවත් වන්නේද මා වෙතට වන්නේය.

45 තවද වඩාත් විශේෂයෙන් නැවත නැගිටීමේ මහිමාන්විත බලාපොරොත්තුව නොමැති එවැන්නවුන් උදෙසාත්, මරණයට පත්වූ ඔවුන් අහිමි වීම උදෙසාත් නුඹලා හඬා වැලපෙන තරමටම, නුඹලා ප්‍රේමයෙන් එකට ජීවත්විය යුතු වන්නෝය.

46 තවද එය මෙසේ සිදුවන්නේය එනම් මා තුළ මරණයට පත්වූ අය මරණයේ රස නොවිඳින්නෝය, මක්නිසාද එය ඔවුන් හට මිහිරි වන්නේය;

47 තවද ඔවුන් එනම් මා තුළ නොමැරෙන්නන්ට, ඔවුන් හට දුක්වේ, මක්නිසාද ඔවුන්ගේ මරණය තිත්ත වන්නේය.

48 තවද නැවතත්, එය මෙසේ සිදුවන්නේය එනම් සුවපත් වීමට මා තුළ ඇදහිල්ල ඇත්තාවූ, තවද මරණයට නියම වී නැත්තාවූ ඔහුව, සුවපත් කරනු ලබන්නේය.

49 දැකීමට ඇදහිල්ල ඇති කවරෙකු වුවත් ඔහු දකින්නේය.

50 ඇසීමට ඇදහිල්ල ඇති කවරෙකු වුවත් ඔහු අසන්නේය.

51 පැනීමට ඇදහිල්ල ඇති කොරවූ කවරෙකු වුවත් පනින්නේය.

52 තවද මෙම දේවල් කිරීමට ඇදහිල්ල නොමැති කවරෙකු වුවත් එම අයට, එහෙත් මා තුළ විශ්වාස කරන්නේ නම්, මාගේ පුත්‍රයන් බවට පත්වීමට බලය ඇත්තේය; තවද එපමණකින් ඔවුන් මාගේ නීතීන් කඩ නොකරන තරමටම නුඹලා ඔවුන්ගේ දුබලකම් දරාගත යුතු වන්නෝය.

53 නුඹ නුඹගේ භාරකාරකමේ ස්ථානය තුළ නැගී සිටිය යුතු වන්නේය.

54 නුඹ නුඹගේ සහෝදරයාගේ වස්ත්‍ර නොගත යුතුය; නුඹ නුඹගේ සහෝදරයාගෙන් ලබාගන්නා එම දේවල් උදෙසා නුඹ ගෙවිය යුතු වන්නේය.

55 තවද නුඹ නුඹගේ උපකාරය උදෙසා එනම් එය වැඩියෙන් ලබාගත්තේ නම්, නුඹ එය මාගේ ගබඩා ගෘහයට දිය යුතුය, එනම් සියලු දේවල් මා පැවසූ එම ආකාරයට කළ යුතු වන්නේය.

56 නුඹ ඇසිය යුතු වන්නේය, තවද මාගේ ශුද්ධලියවිලි මා නියම කළ ආකාරයට දෙනු ලබන්නේය, තවද ඒවා ආරක්ෂිතව සුරකිනු ලබන්නේය;

57 තවද ඒවා සම්බන්ධව නුඹගේ සාමාදානය රඳවා ගැනීම යෝග්‍ය වන්නේය, තවද ඒවා සම්පූර්ණයෙන් නුඹට ලැබෙන තුරු ඒවා ඉගැන්විය නොයුතුය.

58 තවද මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි එනම් එවිට නුඹලා ඒවා සියලු මනුෂ්‍යයන් හට ඉගැන්විය යුතුය; මක්නිසාද ඒවා සියලු ජාතීන්, වංශයන්, භාෂාවන් සහ ජනතාවන් අතර ඉගැන්විය යුතු වන්නේය.

59 නුඹලාට ලැබුනු එම දේවල් නුඹලා ලබාගත යුතුය, එය නුඹලා හට මාගේ ශුද්ධලියවිලි තුළින් දෙනු ලැබුවේ නීතිය උදෙසාය, මාගේ සභාව පාලනය කිරීමට මාගේ නීතිය වීම සඳහාය;

60 තවද මෙම දේවල් අනුව ක්‍රියාකරන්නේ නම් ඔහුව ගලවනු ලබන්නේය, තවද එනම් ඒවා නොකරන ඔහු එහි නොකඩවා පවතින්නේ නම් විනාශයට පත්වන්නේය.

61 නුඹලා ඉල්ලන්නේ නම්, නුඹලා එළිදරව්ව පිට එළිදරව්ව, දැනුම පිට දැනුම ලබන්නෝය, එනම් නුඹලා අභිරහස් සහ සමාදානයේ දේවල් දැනගනු ලබන පිණිසය—එනම් එය ප්‍රීතිය ගෙන එන්නේය, එනම් එය සදාකාල ජීවනය ගෙන එන්නේය.

62 නුඹලා ඉල්ලනු ලැබිය යුතු වන්නේය, තවද එය මාගේ ස්වකීය කාලයට අනුව නව යෙරුසලම කොතනක ගොඩනගන්නේ දැයි නුඹලාට එළිදරව් කරනු ලබන්නේය.

63 තවද බලන්න, එය මෙසේ සිදුවන්නේය එනම් මාගේ සේවකයන්ව නැගෙනහිරට සහ බටහිරට, උතුරට සහ දකුණට පෙරට යවනු ලබන්නේය.

64 තවද දැන් වුවත්, එනම් නැගෙනහිරට යන ඔහුට හැරෙන්නන්ට බටහිරට පලායන පිණිස උගන්වන්නට ඉඩදෙන්න, තවද මෙය එනම් එය පොළොව මතට පැමිණෙන එම දෙයෙහි ප්‍රතිඵලයකි, තවද රහසිගත සම්බන්ධතාවයකි.

65 බලන්න, නුඹලා මේ සියලු දේවල් නිරීක්ෂණය කරන්නෙහිය, තවද නුඹලාගේ විපාකය මහත් වන්නේය; මක්නිසාද නුඹලා හට රාජ්‍යයේ අභිරහස් දැනගැනීමට එය දෙනු ලැබ ඇත්තේය, එහෙත් ඒවා දැනගැනීමට ලෝකය හට දෙනු ලැබ නොමැත්තේය.

66 නුඹලා ලබා තිබෙන එම නීති නුඹලා පවත්වමින් තවද ඇදහිලිවන්ත විය යුතුය.

67 තවද නුඹ මෙයින් පසුව සභාවේ ගිවිසුම් ලබන්නෙහිය, මෙහි සහ නව යෙරුසලම තුළ යන දෙකෙහිම, නුඹව පිහිටුවීමට එය සෑහෙන්නේය.

68 එසේහෙයින්, ප්‍රඥාව අඩු ඔහු, ඔහු මාගෙන් ඉල්ලා සිටීවා, තවද මම ඔහුට බොහෝකොට දෙන්නෙමි තවද ඔහුට වරද නොතබන්නෙමි.

69 නුඹලාගේ හදවත් ඔසවා තවද ප්‍රීති ප්‍රමුදිත වන්න, මක්නිසාද රාජ්‍යය නුඹලාට වන්නේය, නැතහොත් වෙනත් වචන වලින්, සභාවේ යතුරු දෙනු ලැබ ඇත්තේය. එය එසේම වන්නේය. ආමෙන්.

70 පූජකවරු සහ ගුරුවරු ඔවුන්ගේ භාරකාරත්වය සාමාජිකයන් මෙන්ම ලබන්නෝය.

71 තවද සභානායකවරයාට සියලු දේවල් වලදී උපදේශකයන් ලෙස උපකාරී වීමට පත්කරනු ලැබ ඇති වැඩිහිටියන් සහ උත්තම පූජකයන්, දුප්පතුන්ගේ යහපත උදෙසා, තවද වෙනත් කාරණා උදෙසා, පෙර සඳහන් වූ ලෙස, සභානායකවරයාට කැපකරනු ලැබුවා වූ එම දේපළ මගින් ඔවුන්ගේ පවුල් වලට උපකාර ලබාගත යුතු වන්නෝය;

72 එසේත් නැතිනම් භාරකාරත්වය හෝ වෙනත් ආකාරයකින්, සභානායකවරයාට සහ උපදේශකයන්ට යහපත් යැයි සිතෙන හෝ තීරණය කරන ලෙස, ඔවුන්ගේ සියලු සේවය උදෙසා සාධාරණ වේතනයක් ඔවුන් ලබාගත යුතු වන්නෝය.

73 තවද සභානායකවරයාද, එසේම, ඔහුට උපකාරයක් හෝ සභාවේ ඔහුගේ සියලු සේවය උදෙසා තරමක දීමනාවක් ලැබිය යුතු වන්නේය.

74 බලන්න, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, එනම් නුඹලා අතරෙන් කවරාකාර පුද්ගලයන් වුවත්, ඔවුන්ගේ සහකාරයන්ව කාමමිථ්‍යාචාර කාරණය උදෙසා පිටතට දමා ඇත්නම්, නැතහොත් වෙනත් වචන වලින්, ඔවුන් නුඹ ඉදිරියේ හදවතේ සියලු යටහත්කමින් සාක්ෂි දරන්නේද එනම් මෙම කාරණයේදී, නුඹලා ඔවුන්ව නුඹලා අතරෙන් පිටතට නොදමන්නෙහුය;

75 එහෙත් එනම් කිසියම් පුද්ගලයෙකු කාමමිථ්‍යාචාරය උදෙසා ඔවුන්ගේ සහකාරයන්ව හැරගොස් ඇත්දැයි නුඹලා සොයාගන්නේද, තවද ඔවුන් ඔවුන්ම වරදකරුවන්ව, තවද ඔවුන්ගේ සහකරුවන් ජීවත්වන්නේ නම්, ඔවුන්ව නුඹලා අතරෙන් පිටතට දැමිය යුතු වන්නේය.

76 තවද නැවතත්, මම නුඹලා හට පවසන්නෙමි, සියලු සෝදිසිය සමඟින්, එනම් නුඹලා අවදිව සහ සැලකිලිමත්ව සිටිය යුතුය, එනම් ඔවුන් විවාහක නම් ඔබ අතරට එවැනි කිසිවෙකු නොලබන පිණිසය;

77 තවද ඔවුන් විවාහ වී නොමැති නම්, ඔවුන් ඔවුන්ගේ සියලු පාපයන්ට පසුතැවිලි වන්නේ නැතහොත් නුඹලා ඔවුන්ව ලබා නොගන්නෙහුය.

78 තවද නැවතත්, මෙම ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට අයත් සෑම පුද්ගලයෙක්ම, සභාවේ සියලු ආඥාවන් සහ ගිවිසුම් පිළිපැදිය යුතුය.

79 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් නුඹලා අතරෙන් යම් පුද්ගලයෙකු මිනී මරන්නෙකු වන්නේ නම් ඔවුන්ව දේශයේ නීති වලට අනුව ක්‍රියා කිරීමට භාරදිය යුතුය; මක්නිසාද ඔහුට පව් සමාවක් නොවන බව සිහිතබා ගනින්න; තවද එය දේශයේ නීති වලට අනුව ඔප්පු කරනු ලැබිය යුතු වන්නේය.

80 තවද කිසියම් මනුෂ්‍යයෙකු හෝ ස්ත්‍රියක් කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නේද, ඔහු හෝ ඇයව සභාවේ වැඩිහිටියන් දෙදෙනෙකු හෝ වැඩිදෙනකු ඉදිරියේ විභාග කළ යුතු අතර, තවද සෑම වචනයක්ම ඔහුට හෝ ඇයට විරුද්ධව තවද තරහකරුවන් නොවන, සභාවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින්, ඔප්පු කළ යුතුය; එහෙත් එහි සාක්ෂිකරුවන් දෙදෙනෙකුට වඩා ඇත්නම් එය යහපත් වේ.

81 එහෙත් ඔහු හෝ ඇයව සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ මුඛයෙන් වරදට පත්කරනු ලබන්නේද; තවද වැඩිහිටියන් සභාව ඉදිරියේ කාරණාව තබන්නේද, තවද සභාව ඔහුට හෝ ඇයට විරුද්ධව ඔවුන්ගේ හස්තය ඔසවනු ලැබ, එනම් දෙවියන්වහන්සේගේ නීතියට අනුව ඔවුන් සමඟ කටයුතු කරනු පිණිසය.

82 තවද එසේ හැකියාවක් ඇත්නම්, සභානායකවරයාද එහි සිටීම අවශ්‍ය වන්නේය.

83 තවද මෙසේ නුඹලා ඉදිරියට පැමිණෙන සියලු කාරණා වලදී නුඹලා එසේ ක්‍රියා කරන්නෝය.

84 තවද මනුෂ්‍යයෙකු හෝ කාන්තාවක් මංකොල්ලකන්නේද, ඔහු හෝ ඇයව දේශයේ නීතිය වෙතට භාර කළ යුතු වන්නේය.

85 තවද ඔහු හෝ ඇය සොරකම් කරන්නේද, ඔහු හෝ ඇයව දේශයේ නීතිය වෙතට භාර කළ යුතු වන්නේය.

86 තවද ඔහු හෝ ඇය බොරු පවසන්නේද, ඔහු හෝ ඇයව දේශයේ නීතිය වෙතට භාර කළ යුතු වන්නේය.

87 තවද ඔහු හෝ ඇය යම් ආකාරයක අයුතුකමක් කරන්නේද, ඔහු හෝ ඇයව නීතියට, එනම් දෙවියන්වහන්සේ වෙතට භාර කළ යුතු වන්නේය.

88 තවද නුඹගේ සහෝදරයා හෝ සහෝදරිය නුඹට විරුද්ධව වැරදි කරන්නේද, නුඹ ඔහු හෝ ඇයව, ඔහු හෝ ඇය සහ නුඹ අතරට පමණක් රැගෙන ගොස්; තවද ඔහු හෝ ඇය පාපොච්ඡාරණය කරන්නේද නුඹ සමගි විය යුතු වන්නේය.

89 තවද ඔහු හෝ ඇය පාපොච්ඡාරණය නොකරන්නේ නම්, නුඹ ඔහුව හෝ ඇයව සභාවට භාර දෙන්නෙහිය, සමාජිකයන්ට නොවේ, එහෙත් වැඩිහිටියන්ටය. තවද ලෝකය ඉදිරියේ නොව, එය රැස්වීමකදී සිදුවිය යුතුය.

90 තවද නුඹගේ සහෝදරයා හෝ සහෝදරිය බොහෝ දෙනෙකුට විරුද්ධව වැරදි කරන්නේද, ඔහුට හෝ ඇයට බොහෝ දෙනෙකු ඉදිරියේ තරවටු කළ යුතුය.

91 තවද යමෙක් විවෘතව වැරදි කරන්නේද, ඔහු හෝ ඇය ලැජ්ජා වීමට ඔහුට හෝ ඇයට විවෘතව තරවටු කර වැරදි තැබිය යුතුය, තවද ඔහු හෝ ඇය පාපොච්ඡාරණය නොකරන්නේද, ඔහුව හෝ ඇයව දෙවියන්වහන්සේගේ නීතිය වෙතට භාරදිය යුතුය.

92 යමෙක් රහසින් වරදෙහි යෙදන්නේද, ඔහුට හෝ ඇයට රහසින් තරවටු කළ යුතුය, එනම් ඔහු හෝ ඇය කළ වරද, ඔහුට හෝ ඇයට සහ දෙවියන්වහන්සේටද රහසින් පාපොච්ඡාරණය කිරීමේ අවස්ථාවක් ඔහුට හෝ ඇයට දිය යුතුය, එනම් ඔහු හෝ ඇය ගැන සභාව දෝෂාරෝපණ කතා නොකළ යුතුය.

93 තවද මෙසේ නුඹලා සියලු දේවල් මෙහෙයවිය යුතු වන්නේය.