අත්පොත් සහ කැඳවීම්
33. වාර්තා සහ සටහන්


“33. වාර්තා සහ සටහන්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“33. වාර්තා සහ සටහන්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පිරිමින් පරිගණකයක් දෙස බලමින්

33.

වාර්තා සහ සටහන්

33.0

හැඳින්වීම

ස්වාමින්වහන්සේගේ සභාවේ වාර්තා තබා ගැනීම සැමවිටම වැදගත් වී ඇත. උදාහරණයක් ලෙස:

ආදම් “සිහිකිරීමේ පොතක්” තබා ගත්තේය (මෝසෙස් 6:5).

ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට බව්තීස්ම වූ අයගේ නම් සටහන් කර ඇත්තේ “ඔවුන්ව මතකයේ තබාගෙන, දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය කළ හැකි” නිසා බව මොරෝනි ඉගැන්වුවේය (මොරෝනි 6:4).

“සත්‍යයේ වාර්තාවක් ස්වාමින්වහන්සේ ඉදිරියේ තබන පිණිස” සෑම කොට්ඨාශයකම වාර්තා කරන්නෙකුව කැඳවිය යුතු බව ජෝසෆ් ස්මිත් උපදෙස් දුන්නේය (දහම සහ ගිවිසුම් 128:2).

33.1

සභා වාර්තා පිළිබඳ දළ විශ්ලේෂණය

සභාවේ වාර්තා පරිශුද්ධය. ඒවායේ ඇති තොරතුරු සංවේදී වන අතර ඒවා ආරක්ෂා කළ යුතුය. සභාවේ වාර්තා පද්ධති කැඳවීම් මත පදනම්ව සාමාජික තොරතුරු වෙත ප්‍රවේශය ලබා දෙයි.

වාර්තා නායකයින්ට උපකාර විය හැකි ආකාර:

  • විශේෂ සැලකිල්ලක් අවශ්‍ය විය හැකි අය හඳුනා ගැනීමට.

  • පුද්ගලයෙකුට ලැබී ඇති හෝ අවශ්‍ය විය හැකි ගැලවීමේ නියෝග මොනවාදැයි හඳුනා ගැනීමට.

  • සාමාජිකයින්ව සොයා ගැනීමට.

පහත දැක්වෙන ආකාරයේ වාර්තා සභා ඒකකවල තබා ඇත:

  • සාමාජික සහභාගිත්ව වාර්තා (බලන්න 33.5)

  • සාමාජික වාර්තා (බලන්න 33.6)

  • ඓතිහාසික වාර්තා (බලන්න 33.7)

  • මූල්‍යමය වාර්තා (34 වෙනි පරිච්ඡේදය බලන්න)

33.2

ලිපිකරුවන් සඳහා පොදු උපදෙස්

ඔවුන්ට වලංගු දේවමාළිගා නිර්දේශයක් තිබිය යුතුය.

ලිපිකරුවන් විසින් සභාවේ අරමුදල් ආරක්ෂා කිරීමට සහ සභාවේ වාර්තා නිවැරදි බව සහතික කිරීමට වත්මන් ප්‍රතිපත්ති ප්‍රවේශමෙන් අනුගමනය කරති. ලිපිකරුවන් වහාම පූජක නායකයින්ට කිසියම් නුසුදුසුකමක් ගැන දැනුම් දෙති. නුසුදුසුකම් විසඳීමේ දුෂ්කරතා ඇති වුවහොත්, ලිපිකරුවන් විසින් සභා මූලස්ථානයේ රහස්‍ය වාර්තා කාර්යාලය හා සම්බන්ධ විය යුතුය.

දුරකථන: 1-801-240-2053 හෝ 1-800-453-3860, දිගුව 2-2053

ගාස්තු රහිත (GSD දුරකථනය): 855-537-4357

විද්‍යුත් තැපෑල: ConfidentialRecords@ChurchofJesusChrist.org

ලිපිකරුවන්ගේ සේවා කාලය ඔවුන්ට ඔවුන්ගේ රාජකාරි ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ කාර්යයේ අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් විය යුතුය. ඔවුන් ස්ටේක සභාපතිත්වයේ හෝ සභානායකත්වයේ සාමාජිකයන් නොවන නිසා, ස්ටේක සභාපතිත්වයක් හෝ සභානායකත්වයක් ප්‍රතිසංවිධානය කරන විට ඔවුන්ව නිදහස් කිරීමට අවශ්‍ය නොවේ.

33.4

කොට්ඨාශ වාර්තා සහ සටහන්

33.4.1

සභානායකත්වය

කොට්ඨාශයේ වාර්තා තබා ගැනීම අධීක්ෂණය කරන්නේ සභානායකවරයාය.

33.4.2

කොට්ඨාශ ලිපිකරු

සෑම කොට්ඨාශයකටම සුදුසුකම් ලත්, ක්‍රියාකාරී කොට්ඨාශ ලිපිකරුවෙකු සිටිය යුතුය. ඔහුව සභානායකත්වය විසින් නිර්දේශ කරනු ලබන අතර, ස්ටේක සභාපතිත්වයේ සාමාජිකයෙකු හෝ පවරා ඇති උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකු විසින් ඔහුව කැඳවා වෙන් කරනු ලැබේ. ඔහු මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකු විය යුතු අතර වලංගු දේවමාළිගා නිර්දේශයක් දැරිය යුතුය. ඔහු කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකි. 29.2 හි දක්වා ඇති පරිදි ඔහු කොට්ඨාශ රැස්වීම්වලට සහභාගී වේ.

කොට්ඨාශ ලිපිකරුට උපදෙස් දෙනු ලබන්නේ සභානායකත්වය සහ ස්ටේක ලිපිකරුවන් විසිනි. උපකාර සඳහා සහකාර කොට්ඨාශ ලිපිකරුවන් ද කැඳවිය හැකිය.

33.4.2.1

වාර්තා තබා ගැනීමේ වගකීම්

කොට්ඨාශ ලිපිකරුට හෝ පවරා ඇති සහකාර ලිපිකරුවෙකුට පහත වගකීම් ඇත:

  • කොට්ඨාශ නායකත්ව රැස්වීම්වලදී සිදු කරන ලද පැවරුම් සහ තීරණ පිළිබඳ වාර්තාවක් තබා ගැනීම.

  • වාර්තා සහ සටහන් නිවැරදි හා කාලෝචිත බව සහතික කර ගැනීම.

කොට්ඨාශ ලිපිකරු සභාවේ වාර්තා තැබීමේ මෙවලම් පිළිබඳව හුරුපුරුදු විය යුතුය (බලන්න 33.0). නායකයින්ට පහත සඳහන් දේවල් හඳුනා ගැනීමට උපකාර කිරීමට ඔහු මෙම මෙවලම් භාවිතා කරයි:

  • සාමාජිකයින්ගේ සහ සංවිධානවල අවශ්‍යතා.

  • මූල්‍යමය සම්පත් ඇතුළු සම්පත් ලබා ගැනීමේ හැකියාව.

සාමාජිකයින්ගේ සාමාජික තොරතුරු වල කිසියම් දෝෂයක් ඇත්නම් ඒවා වාර්තා කරන ලෙස කොට්ඨාශ ලිපිකරුවන් සාමාජිකයින්ව දිරිමත් කරති.

වෙනත් වාර්තා තැබීමේ වගකීම් වලට ඇතුළත් විය හැක්කේ:

  • නියෝග නිසියාකාරව සහ කඩිනමින් සටහන් කර ඇති බවට සහතික වීම.

  • කොට්ඨාශ සම්මන්ත්‍රණය සඳහා Officers Sustained form (නිලධාරීන්ගේ ස්ථිර කිරීමේ පෝරමය) සකස් කිරීම.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභා සඳහා තොරතුරු වාර්තා කිරීම.

  • මූල්‍ය වාර්තා පවත්වාගෙන යාම (බලන්න 34.2.2).

33.5

සාමාජික සහභාගීත්වය පිළිබඳ වාර්තා

සාමාජිකයින්ගේ ප්‍රගතිය සහ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීමට සාමාජිකයින්ගේ සහභාගීත්වය පිළිබඳ වාර්තා නායකයින්ට උපකාර කරයි.

33.5.1

වාර්තා වර්ග

33.5.1.1

පැමිණීමේ වාර්තා

සක්‍රමේන්තු රැස්වීම් සහ ඉරිදා පූජකවර සහ සංවිධාන රැස්වීම්වලට පැමිණීම LCR හෝ සාමාජික මෙවලම් භාවිතයෙන් ඉලෙක්ට්‍රොනිකව සටහන් වේ.

සක්‍රමේන්තු රැස්වීම. සක්‍රමේන්තු රැස්වීමේ පැමිණීමේ වාර්තා සෑම සතියකම කොට්ඨාශ ලිපිකරු හෝ සහකාර කොට්ඨාශ ලිපිකරු විසින් වාර්තා කරනු ලැබේ. ගණන් කිරීම යනු අමුත්තන් ඇතුළුව, පුද්ගලිකව හෝ අන්තර්ජාලය හරහා රැස්වීමට පැමිණෙන සංඛ්‍යාවයි.

ඉරිදා ගණපූරණය සහ සංවිධාන රැස්වීම්. ගණපූරණ සහ සංවිධාන ලේකම්වරුන් සහ උපදේශකයින් විසින් සෑම සතියකම පැමිණීම වාර්තා කරනු ලැබේ. පැමිණීම වාර්තා කිරීමට යෞවන නායකයින්ටද සහාය විය හැකිය. ගණන් කිරීම යනු අමුත්තන් ඇතුළුව, පුද්ගලිකව හෝ අන්තර්ජාලය හරහා රැස්වීමට පැමිණෙන සංඛ්‍යාවයි. කොට්ඨාශයේ ප්‍රාථමික හෝ යෞවන නායකයින් ලෙස සේවය කරන සාමාජිකයින්වද පැමිණීමේ සංඛ්‍යාවට ඇතුළත් වේ.

කොට්ඨාශ ලිපිකරුට ඕනෑම සංවිධානයක් වෙනුවෙන් පැමිණීම වාර්තා කළ හැකිය.

33.5.1.2

දේවසේවා සම්මුඛ සාකච්ඡා වාර්තා

බලන්න 21.3.

33.5.1.3

කාර්තුමය වාර්තාව

වාර්තාවක ඇති සෑම අංකයක්ම අද්විතීය අවශ්‍යතා ඇති සැබෑ පුද්ගලයෙකුව නියෝජනය කරයි (බලන්න හිලමන් 15:13).

එම කාර්තුමය වාර්තාවේ නායකයින්ට ඔවුන්ගේ දේවසේවා ප්‍රයත්නයන් පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකි වන පරිදි ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වේ.

පුද්ගලයන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ස්ටේක සහ කොට්ඨාශ නායකයින් කාර්තුමය වාර්තාවට නිතිපතා යොමු වෙති.

සෑම කොට්ඨාශයක්ම කාර්තුමය වාර්තාවක් සම්පූර්ණ කර සභා මූලස්ථානයට ඉදිරිපත් කරයි. ලිපිකරු සභානායකවරයා සමඟ මෙම වාර්තාව සමාලෝචනය කර සෑම කාර්තුවක්ම අවසන් වීමෙන් පසු මාසයේ 15 වන දිනට පෙර එය ඉදිරිපත් කරයි.

33.5.2

සාමාජික ලැයිස්තු

සභාවේ වාර්තා තබා ගැනීමේ මෙවලම් නායකයින්ට සාමාජික ලැයිස්තුවට ප්‍රවේශය සපයයි. නායකයින්ට පහත සඳහන් දේවල් හඳුනා ගැනීමට මෙම ලැයිස්තු උපකාර කරයි:

  • ඔවුන් සුදුසුකම් ලබන නියෝග තවමත් ලැබී නොමැති සාමාජිකයින් කවුද.

  • ධර්මදූත සේවයක් කිරීමට සුදුසුකම් ලබන්නේ කුමන තරුණ පිරිමි ළමුන් හා තරුණ ගැහැණු ළමුන්ද.

  • වලංගු දේවමාළිගා නිර්දේශයක් නොමැති යෞවනයින් කවුද.

  • සභානායකත්වයේ සාමාජිකයෙකු සමඟ රැස්වීම් සඳහා සැලසුම් කළ යුත්තේ කුමන යෞවනයන්ද.

ගණපූරණ සහ සංවිධාන නායකයින්ට ඔවුන්ගේ ගණපූරණයට හෝ සංවිධානයට අයත් අයගේ ලැයිස්තු වෙත ප්‍රවේශය තිබිය යුතුය.

33.6

සාමාජික වාර්තා

සාමාජික වාර්තාවලට සාමාජිකයින්ගේ නම්, සම්බන්ධතා තොරතුරු, නියෝග විස්තර සහ අනෙකුත් වැදගත් තොරතුරු ඇතුළත් වේ.

සාමාජික වාර්තා තබා ගත යුත්තේ එම සාමාජිකයින් ජීවත් වන කොට්ඨාශයේය. දුර්ලභ ව්‍යතිරේක සඳහා, අදාළ සභානායකවරුන්ගේ සහ ස්ටේක සභාපතිවරුන්ගේ අනුමැතිය අවශ්‍ය වේ. ව්‍යතිරේකයක් ඉල්ලා සිටීම සඳහා, පළමු සභාපතිත්ව කාර්යාලයට එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ස්ටේක සභාපතිවරයා විසින් LCR භාවිතා කරයි.

පහත සඳහන් දෑ කඩිනමින් සිදු කිරීම ඉතා වැදගත් වේ:

  • නියෝග තොරතුරු වාර්තා කිරීම.

  • කොට්ඨාශයට හෝ ඉන් පිටතට මාරු වන සාමාජිකයින්ගේ වාර්තා මාරු කිරීම.

  • සාමාජික දෙමාපියන්ගේ නව සාමාජිකයින් සහ නව දරුවන් සඳහා වාර්තා සෑදීම.

  • සාමාජිකයෙකුගේ මරණය වාර්තා කිරීම.

  • විවාහ සහ ගෘහ තොරතුරු වාර්තා කිරීම.

සාමාජිකයෙකු පහත සඳහන් දේවල් ලබාගැනීම සඳහා සම්මුඛ සාකච්ඡාවකට යොමුවීමට පෙර, සාමාජික වාර්තාව අදාළ කොට්ඨාශයේ ඇති බවට සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා විසින් සහතික කරගනියි:

  • සභා කැඳවීමක්.

  • දේවමාළිගා නිර්දේශයක්.

  • මෙල්කිසදෙක් පූජකවරයට හෝ එම පූජකත්වයේ තත්වයකට නියම කිරීමක්.

එම වාර්තාවේ පහත සඳහන් කිසිවක් ඇතුළත් නොවන බව ද ඔහු සහතික කරගනියි:

  • විවරණයක්

  • මුද්‍රා තැබීමක් හෝ නියෝග සීමා කිරීමක් ගැන සටහනක්

  • විධිමත් සාමාජික සීමාවන්

කිසිම තත්වයක් යටතේ සභානායකවරයාට හෝ ලිපිකරුවෙකුට හැර වෙනත් කිසිවෙකුට සාමාජික ලේඛන ලබා දීම හෝ පෙන්වීම නොකළ යුතුය.

සාමාජිකයින්ට Member Tools (සාමාජික මෙවලම්) යෙදුම භාවිතා කරමින් තමන්ගේ සහ නිවසේ ජීවත් වන ඕනෑම යැපෙන දරුවන්ගේ සාමාජික තොරතුරු බැලීමට හැකිය. ඔවුන්ට ඔවුන්ගේ තනි පුද්ගල නියෝගයන් හි සාරාංශවල මුද්‍රිත පිටපත් ලිපිකරුගෙන් ඉල්ලා සිටිය හැකිය. දෝෂ හමු වුවහොත්, සාමාජික වාර්තාවල ඒවා නිවැරදි කර ඇති බවට ලිපිකරුවෙකු සහතික කරගනියි.

33.6.1

සභාවේ වාර්තා වල භාවිතා වන නම්

දේශීය නීතිය හෝ චාරිත්‍ර මගින් අර්ථ දක්වා ඇති පරිදි, පුද්ගලයෙකුගේ සම්පූර්ණ නීත්‍යානුකූල නම සාමාජික ලේඛනවල සහ නියෝග සහතිකවල භාවිත කළ යුතුය.

33.6.2

වාර්තා වී ඇති සාමාජිකයින්

පහත සඳහන් පුද්ගලයින් වාර්තා වී ඇති සාමාජිකයන් වන අතර ඔවුන්ට සාමාජික වාර්තාවක් තිබිය යුතුය:

  • බව්තීස්ම කර ස්ථිර කර ඇති අය

  • ආශිර්වාද ලබා ඇති නමුත් බව්තීස්ම නොවූ වයස අවුරුදු 9 ට අඩු අය

  • වයස් භේදයකින් තොරව, බුද්ධිමය ආබාධ නිසා වගකිව නොයුතු අය

  • පහත සඳහන් කරුණු දෙකම අදාළ වන, වයස අවුරුදු 9 ට අඩු ආශිර්වාද නොලත් දරුවන්:

    • අවම වශයෙන් එක් දෙමාපියෙක් හෝ එක් ආච්චි හෝ සීයා කෙනෙක් සභාවේ සාමාජිකයෙක් නම්.

    • වාර්තාවක් නිර්මාණය කිරීමට දෙමාපියන් දෙදෙනාම අවසර දෙයි නම්. (දරුවාගේ නීත්‍යානුකූල භාරකාරත්වය ඇත්තේ එක් දෙමාපියෙකුට පමණක් නම්, එම දෙමාපිය අවසරය ප්‍රමාණවත් වේ.)

සාමාජිකත්ව වාර්තාවක් ඇති නමුත් බව්තීස්ම වී සහ ස්ථිර කර නොමැති වයස අවුරුදු 9 හෝ ඊට වැඩි පුද්ගලයෙක් වාර්තා වී ඇති සාමාජිකයෙකු නොවේ. කෙසේ වෙතත්, එම පුද්ගලයා වයස අවුරුදු 18 වන තෙක් එම පුද්ගලයා ජීවත් වන කොට්ඨාශයේ එම සාමාජික වාර්තාව රඳවා තබා ගනියි. එම අවස්ථාවේදී, එම පුද්ගලයා බව්තීස්ම නොවීමට තීරණය කළහොත්, සභානායකවරයා එම සාමාජික වාර්තාව අවලංගු කරයි. ස්ටේක සභාපතිවරයාගේ අවසරය අවශ්‍ය වේ.

බුද්ධිමය ආබාධයක් හේතුවෙන් බව්තීස්ම නොවූ අය හෝ දෙමව්පියන් ඇතුළුව නීත්‍යානුකූල භාරකරුවෙකු විසින් ඉල්ලා සිටියහොත් මිස, ඔවුන්ගේ වාර්තා අවලංගු නොවේ.

33.6.3

නව කොට්ඨාශ සාමාජිකයින්ගේ වාර්තා

කොට්ඨාශ ලිපිකරු හෝ සහකාර කොට්ඨාශ ලිපිකරු විසින් කොට්ඨාශයට අලුතින් පැමිණෙන සාමාජිකයින්ගේ සාමාජික වාර්තා පැමිණි විගසම එම තනි පුද්ගල නියෝග සාරංශ වල නිරවද්‍යතාව සාමාලෝචනය කිරීමට එම සමාජිකයින්ව සම්බන්ධ කරගනියි.

33.6.6

ඔවුන්ගේ භූගෝලීය කොට්ඨාශයෙන් පිටත සේවය කරන සාමාජිකයින්ගේ වාර්තා

33.6.6.2

පූර්ණ කාලීන ධර්මදූතයින්ගේ වාර්තා

බලන්න 24.6.2.8.

33.6.13

දික්කසාද වූ දෙමාපියන්ගේ දරුවන්ගේ වාර්තා

සියලුම සාමාජික වාර්තා දේශීය නීතිය හෝ චාරිත්‍ර මගින් අර්ථ දක්වා ඇති පරිදි පුද්ගලයෙකුගේ නීත්‍යානුකූල නම භාවිතා කරයි. දික්කසාද වූ දෙමාපියන්ගේ දරුවන් ද මෙයට ඇතුළත් ය.

දික්කසාද වූ දෙමාපියන් සිටින දරුවන් බොහෝ විට දෙමාපියන් දෙදෙනාගේම කොට්ඨාශ වල සභා රැස්වීම්වලට සහභාගී වෙති. එක් ඒකකයකට පමණක් දරුවෙකුගේ නිල සාමාජික වාර්තාව තබාගෙන යාවත්කාලීන කළ හැකි අතර, ඔහු හෝ ඇය සහභාගි වන අනෙක් කොට්ඨාශයේ ඒකකයෙන් පිටත සාමාජික වාර්තාවක් නිර්මාණය කළ හැකිය. මෙමගින් දරුවාගේ නම සහ සම්බන්ධතා තොරතුරු කොට්ඨාශ ලැයිස්තු සහ පන්ති ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඉඩ සලසයි.

ඒකකයෙන් පිටත සාමාජික වාර්තාවක් ඇති දරුවන්ට එම ඒකකයේ කැඳවීමක් ලැබිය හැකිය.

33.6.15

සාමාජික වාර්තා වල සීමාවන් මාරු කිරීම

විධිමත් සාමාජික සීමා කිරීම් හෝ වෙනත් බරපතල කාරණයක් ඉතිරිව තිබියදී සාමාජිකයෙකු මාරු වන්නේ නම්, සභානායකවරයාට හෝ බලයලත් ලිපිකරුවෙකුට එම සාමාජිකත්ව වාර්තාවේ මාරු වීමට සීමා කිරීමක් කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා ඔහු LCR භාවිතා කරයි.

සීමා පැනවූ පූජක නායකයා එය ඉවත් කිරීමට අවසර දෙන තුරු, මාරු වීම සීමා කිරීමක් ඇති වාර්තාවක් නව ඒකකයකට ගෙන යා නොහැක.

33.6.16

“ලිපිනය නොදන්නා” ගොනුවේ වාර්තා

“ලිපිනය නොදන්නා ගොනුව” තුළ ඔහුගේ හෝ ඇයගේ වාර්තාව තිබීමෙන් පසුව සමහර විට සාමාජිකයෙකුව සභා මූලස්ථානයේ ස්ථානගත කරයි. මෙම තත්වය තුළ, කොට්ඨාශ ලිපිකරු LCR භාවිතයෙන් එම වාර්තාව ඉල්ලා සිටියි.

33.6.17

නියෝග තොරතුරු පටිගත කිරීම සහ නිවැරදි කිරීම

බලන්න 18 වෙනි පරිච්ඡේදය.

33.6.19

සාමාජික වාර්තා විගණනය

සෑම වසරකම ස්ටේක ලිපිකරු හෝ සහකාර ස්ටේක ලිපිකරු විසින් LCR භාවිතයෙන් සෑම කොට්ඨාශයකම සාමාජික වාර්තා විගණනයක් සිදු කරන බව සහතික කරයි. සෑම වසරකම ජුනි 30 වන විට විගණන සම්පූර්ණ කළ යුතුය.

33.7

ඓතිහාසික වාර්තා

33.7.1

කොට්ඨාශ සහ ස්ටේක ඉතිහාසයන්

ස්වාමින්වහන්සේගේ සභාව සම්බන්ධයෙන් “සියලු වැදගත් දේවල් ගැන ඉතිහාසයක්” ලියා තබා ගන්නා ලෙස උන්වහන්සේ ආඥා කර ඇත (දහම සහ ගිවිසුම් 69:3; තවත් බලන්න 5 වෙනි පදය; ඇල්මා 37:2).

සභාවේ සෑම ඒකකයක්ම එම ඒකකයට අදාළ සියලුම වැදගත් කරුණු ලේඛනගත කළ යුතුය.

ඉතිහාසයක් තබා ගැනීම එය ලියන සහ කියවන අයගේ ඇදහිල්ල ශක්තිමත් කරන අධ්‍යාත්මික කාර්යයකි.

ස්ටේක ලිපිකරු හෝ සහකාර ස්ටේක ලිපිකරු විසින් ස්ටේකයක ඉතිහාසය සකස් කරයි. සභානායකවරයා විසින් කොට්ඨාශය සඳහා ද ඒ හා සමාන ප්‍රවේශයක් අනුගමනය කරයි. ස්ටේක, දිස්ත්‍රික්ක සහ ධර්මදූත වාර්ෂික ඉතිහාස පිළිබඳ පහත සඳහන් සබැඳිය හරහා උපදෙස් ලබාගත හැකිය ChurchofJesusChrist.org.

33.8

වාර්තා වල රහස්‍යභාවය

සභාවේ වාර්තා කඩදාසි මත හෝ ඩිජිටල් ලෙස පැවතියද ඒවා රහසිගතය. මේවාට ඇතුළත් වන්නේ:

  • සාමාජික වාර්තා.

  • මූල්‍ය වාර්තා.

  • රැස්වීම් වල සටහන්.

  • නිල ආකෘති පත්‍ර සහ ලේඛන (සාමාජික මන්ත්‍රණ සභා වාර්තා ඇතුළුව).

සාමාජිකයින්ගෙන් රැස් කරන තොරතුරු පහත පරිදි බව නායකයින් සහතික කරයි:

  • සභාවට අවශ්‍ය දේට සීමා වේ.

  • අනුමත සභා අරමුණු සඳහා පමණක් භාවිතා වේ.

  • එය භාවිතා කිරීමට බලය ඇති අයට පමණක් ලබා දී ඇත.

ඉලෙක්ට්‍රොනිකව ගබඩා කර ඇති තොරතුරු සුරක්ෂිතව තබා ගත යුතු අතර සුදුසු පරිදි ආරක්ෂා කළ යුතුය (බලන්න 33.9.1).

33.9

වාර්තා කළමනාකරණය

33.9.1

ආරක්ෂාව

සියලුම සභා වාර්තා, සටහන් සහ දත්ත වලට අනවසරයෙන් ප්‍රවේශ වීම, ඒවා වෙනස් කිරීම, විනාශ කිරීම හෝ හෙළිදරව් කිරීමෙන් ආරක්ෂා කළ යුතුය. මෙම තොරතුරු ආරක්ෂිත ස්ථානයක තබා ගත යුතුය.

නැතිවූ හෝ සොරකම් කරන ලද සභාව සතු උපාංග හෝ ගබඩා මාධ්‍ය ඉක්මනින් වාර්තා කළ යුතුය incidents.ChurchofJesusChrist.org. සභාවේ තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම ද වාර්තා කළ යුතුය.

33.9.1.1

පරිශීලක නාම සහ මුරපද

ස්ටේක සභාපතිවරුන්, සභානායකවරුන් සහ අනෙකුත් නායකයින් කිසිවිටෙක ඔවුන්ගේ සභාවේ පරිශීලක නාමය සහ මුරපදය උපදේශකයින්, ලිපිකරුවන්, විධායක ලේකම්වරුන් හෝ වෙනත් අය සමඟ බෙදා නොගත යුතුය.

33.9.1.3

දත්ත පෞද්ගලිකත්වය

බොහෝ රටවල් පුද්ගලික දත්ත සැකසීම නියාමනය කරන දත්ත ආරක්ෂණ නීති පනවා ඇත. සාමාජික වාර්තා වල ඇති පුද්ගලයන් හඳුනා ගන්නා තොරතුරු සහ වෙනත් සභා වාර්තාවල තොරතුරු මෙයට ඇතුළත් වේ. සභාවේ වාර්තා වල ප්‍රාදේශීය කළමනාකාරිත්වයට දත්ත ආරක්ෂණ නීති යොදා ගැනීම ගැන ප්‍රශ්න ඇති නායකයින්ට, සභාවේ දත්ත රහස්‍යතා කාර්යාලය ඇමතිය හැකිය DataPrivacyOfficer@ChurchofJesusChrist.org.