අත්පොත් සහ කැඳවීම්
8. වැඩිහිටි ගණපූරණය


“8. වැඩිහිටි ගණපූරණය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“8. වැඩිහිටි ගණපූරණය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසෙකු කතා කරමින්

8.

වැඩිහිටි ගණපූරණය

8.1

අරමුණ සහ සංවිධානය

8.1.1.

අරමුණ

වයස අවුරුදු 18 සහ ඊට වැඩි සුදුසු පිරිමින්ට මෙල්කිසදෙක් පූජකවරය ලබාගෙන වැඩිහිටි තත්වයට නියම විය හැකිය. එම තනතුරට නියම වන පිරිමියෙක් දෙවියන්වහන්සේගේ කාර්යය ඉටු කිරීමට උපකාර කිරීම සඳහා පරිශුද්ධ ගිවිසුමකට ඇතුල් වේ (බලන්න දහම සහ ගිවිසුම් 84:33–44).

8.1.2

වැඩිහිටි ගණපූරණයේ සාමාජිකත්වය

සෑම කොට්ඨාශයකටම වැඩිහිටි ගණපූරණයක් ඇත. එයට පහත සඳහන් සහෝදරයන් ඇතුළත් වේ:

  • කොට්ඨාශයේ සියලුම වැඩිහිටියන්.

  • කොට්ඨාශයේ සිටින අනාගතයේදී වැඩිහිටියන් විය හැකි සියලුම අය (බලන්න 8.4).

  • දැනට ස්ටේක සභාපතිත්වයක, සභානායකත්වයක, උසස් මන්ත්‍රණ සභාවක හෝ ආදිපීතෘවරයෙකු ලෙස සේවය කරන අය හැර, කොට්ඨාශයේ සිටින සියලුම උත්තම පූජකයින්.

තරුණ පිරිමි ළමයෙකු තවමත් වැඩිහිටියෙකු ලෙස නියම වී නොසිටියද, ඔහුට වයස අවුරුදු 18 වන විට ඔහුට වැඩිහිටි ගණපූරණ රැස්වීම්වලට සහභාගී වීමට පටන් ගත හැකිය. වයස අවුරුදු 19 වන විට හෝ විශ්ව විද්‍යාලයකට යාමට හෝ ධර්මදූත සේවයකට වැනි දෙයකට නිවසින් පිටතට මාරු වන විට, ඔහු සුදුසු නම් ඔහුව වැඩිහිටියෙකු ලෙස නියම කළ යුතුය.

වයස අවුරුදු 18ට අඩු විවාහක පිරිමින් අනාගතයේදී වැඩිහිටියන් විය හැකි අය වන අතර වැඩිහිටි ගණපූරණයේ සාමාජිකයන් ද වේ.

8.2

ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සඳහා සහභාගී වීම

8.2.1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

8.2.1.2

ගණපූරණ රැස්වීම්වලදී ශුභාරංචි ඉගෙනීම

මෙම රැස්වීම් මාසයේ දෙවන සහ හතරවන ඉරිදා දිනවල පැවැත්වේ. ඒවා විනාඩි 50ක් පැවැත්වේ. වැඩිහිටි ගණපූරණ සභාපතිත්වය මෙම රැස්වීම් සැලසුම් කරයි. එම සභාපතිත්වයේ සාමාජිකයෙක් එය මෙහෙයවයි.

මෑතකාලීන ප්‍රධාන සම්මන්ත්‍රණයේ කතා එකක හෝ කිහිපයක මාතෘකා කෙරෙහි මෙම ගණපූරණ රැස්වීම් අවධානය යොමු කරයි.

8.2.1.3

ක්‍රියාකාරකම්

වැඩිහිටි ගණපූරණ සභාපතිත්වය විසින් ක්‍රියාකාරකම් සැලසුම් කරයි. බොහෝ ක්‍රියාකාරකම් ඉරිදා හෝ සඳුදා සවස හැර වෙනත් අවස්ථාවලදී පැවැත්වේ.

8.2.2

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

8.2.2.1

දේවසේවය

වැඩිහිටි ගණපූරණයේ සාමාජිකයින්ට ගණපූරණ සභාපතිත්වයෙන් දේවසේවා පැවරුම් ලැබේ. වැඩි විස්තර සඳහා, 21 වෙනි පරිච්ඡේදය බලන්න.

8.2.2.2

කෙටි කාලීන අවශ්‍යතා

තමන් සේවය කරන අයගේ අවශ්‍යතා තේරුම් ගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට දේවසේවයේ යෙදෙන සහෝදරයෝ උත්සාහ කරති. අසනීප, උපත්, මරණ, රැකියා අහිමිවීම් සහ වෙනත් අවස්ථා වලදී සාමාජිකයින්ට කෙටි කාලීන ආධාර අවශ්‍ය විය හැකිය.

අවශ්‍ය වූ විට, දේවසේවයේ යෙදෙන සහෝදරයන් විසින් වැඩිහිටි ගණපූරණ සභාපතිවරයාගෙන් උපකාර ඉල්ලා සිටියි.

8.2.2.3

දිගු කාලීන අවශ්‍යතා සහ ස්වාධීනත්වය

සභානායකවරයා විසින් සම්බන්ධීකරණය කරන ලද පරිදි, වැඩිහිටි ගණපූරණය සහ සහන සමිති සභාපතිත්වයන් විසින් දිගුකාලීන අවශ්‍යතා සහ ස්වාධීන සාමාජිකයින් සඳහා උපකාර කරයි.

වැඩිහිටි ගණපූරණ සභාපති, සහන සමිති සභාපති, හෝ වෙනත් නායකයෙකු විසින් එම පුද්ගලයාට හෝ පවුලට ස්වාධීනත්ව සැලැස්මක් වර්ධනය කරගැනීමට උපකාර කරයි. දේවසේවා සහෝදරයන්ට හෝ සහෝදරියන්ටද එම සැලැස්මට උපකාර කළ හැකිය.

8.2.2.4

කොට්ඨාශ සාමාජිකයෙකු මිය ගිය විට

කොට්ඨාශ සාමාජිකයෙකු මිය ගිය විට, වැඩිහිටි ගණපූරණ සහ සහන සමිති සභාපතිත්වයන් විසින් සැනසීම සහ උපකාර ලබා දෙයි. සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ ඔවුන්ට අවමංගල්‍ය කටයුතු සඳහා උපකාර කළ හැකිය.

වැඩි විස්තර සඳහා, බලන්න 38.5.8.

8.2.3

ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා විසින් කොට්ඨාශයේ ධර්මදූත සේවයට නායකත්වය දීම සඳහා සභාපතිත්වයේ සාමාජිකයෙකුව පත්කරයි. මෙම ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු සහන සමිතියේ සභාපතිත්වය විසින් පත්කර ඇති සාමාජිකයා සමඟ කටයුතු කරයි.

බලන්න 23.5.1 සහ 23.5.3.

8.2.4

සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම

කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයන් මෙහෙයවීමට උපකාර කිරීම සඳහා වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා විසින් සභාපතිත්වයේ සාමාජිකයෙකුව පත්කරයි. මෙම ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු සහන සමිතියේ සභාපතිත්වය විසින් පත්කර ඇති සාමාජිකයා සමඟ කටයුතු කරයි.

බලන්න 25.2.2.

8.3

වැඩිහිටි ගණපූරණ නායකයින්

8.3.1.

ස්ටේක සභාපතිත්වය සහ සභානායකවරයා

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා ස්ටේක සභාපතිත්වයට සෘජුවම වගකිව යුතුය. මගපෙන්වීම ලබා ගැනීමට සහ ඔහුගේ වගකීම් පිළිබඳව වාර්තා කිරීමට ඔහු ක්‍රමානුකූලව සභාපතිත්වයේ සාමාජිකයෙකු හමුවෙයි.

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා ද කොට්ඨාශයේ මුලසුන දරන නිලධාරියා වන සභානායකවරයාගෙන් මගපෙන්වීම ලබාගනියි. ඔවුන් ක්‍රමවත්ව හමුවේ.

8.3.2

උසස් මන්ත්‍රණ සභා සාමාජිකයා

සෑම වැඩිහිටි ගණපූරණයක් තුළම ස්ටේක සභාපතිත්වය නියෝජනය කිරීම සඳහා ඔවුන් විසින් උසස් මන්ත්‍රණ සභා සාමාජිකයෙකුව පත්කරයි. ඔහුගේ වගකීම් 6.5 හි දක්වා ඇත.

8.3.3

වැඩිහිටි ගණපූරණ සභාපතිත්වය

8.3.3.1

වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයක් කැඳවීම

සභානායකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, ස්ටේක සභාපතිවරයා විසින් වැඩිහිටියෙකුව හෝ උත්තම පූජකයෙකුව වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා ලෙස සේවය කිරීම සඳහා කැඳවනු ලබයි.

ඒකකය ප්‍රමාණවත් තරම් විශාල නම්, වැඩිහිටි ගණපූරණ සභාපතිවරයා විසින් ඔහුගේ උපදේශකයින් ලෙස සේවය කිරීම සඳහා වැඩිහිටියන් දෙදෙනෙකුව හෝ උත්තම පූජකයින් දෙදෙනෙකුව ස්ටේක සභාපතිවරයාට නිර්දේශ කරයි.

8.3.3.2

වගකීම්

වැඩිහිටි ගණපූරණ සභාපතිවරයාට පහත වගකීම් ඇත. ඔහුගේ උපදේශකයන් ඔහුට උපකාර කරයි.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ සේවය කිරීම.

  • ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වීමට ගණපූරණයේ උත්සාහයන් මෙහෙයවීම (බලන්න 1 වෙනි පරිච්ඡේදය).

  • දේවසේවා සහෝදරයන්ගේ සේවය සංවිධානය කිරීම සහ අධීක්ෂණය කිරීම.

  • සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ, කොට්ඨාශයේ වැඩිහිටි සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීම.

  • තනි සහ විවාහක තරුණ වැඩිහිටි සහෝදරයන්ව ශක්තිමත් කිරීම සඳහා වැඩිහිටි ගණපූරණයේ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම.

  • සෑම ගණපූරණ සාමාජිකයෙකු සමඟම අවම වශයෙන් වසරකට වරක්වත් තනි තනිව හමුවීම.

  • ගණපූරණ සාමාජිකයින්ට ඔවුන්ගේ පූජකවර රාජකාරි පිළිබඳව ඉගැන්වීම (බලන්න දහම සහ ගිවිසුම් 107:89). නියෝග සහ ආශිර්වාද ඉටු කිරීමේදී ඔවුන්ගේ පූජකවරය ක්‍රියාත්මක කරන ආකාරය ඔවුන්ට ඉගැන්වීම මෙයට ඇතුළත් වේ.

  • ගණපූරණ වාර්තා, සටහන් සහ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම (බලන්න LCR.ChurchofJesusChrist.org).

8.3.3.3

සභාපතිත්ව රැස්වීම

වැඩිහිටි ගණපූරණ සභාපතිත්වය සහ ලේකම්වරයා ක්‍රමවත්ව හමුවේ. සභාපතිවරයා විසින් මෙම රැස්වීම් මෙහෙයවනු ලබයි. ගණපූරණයට පවරා ඇති උසස් මන්ත්‍රණ සභා සාමාජිකයා වරින් වර සහභාගී වේ.

එහි න්‍යාය පත්‍රයට පහත අයිතම ඇතුළත් විය හැකිය:

  • ගණපූරණ සාමාජිකයින්ව (අනාගතයේදී වැඩිහිටියන් විය හැකි අය ඇතුළුව) සහ ඔවුන්ගේ පවුල් ශක්තිමත් කරන ආකාරය සැලසුම් කිරීම.

  • ධර්මදූත කාර්යය සහ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය සම්බන්ධීකරණය කිරීම.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම් වලින් ලැබූ පැවරුම් වලට ප්‍රතිචාර දැක්වීම.

  • දේවසේවා සම්මුඛ සාකච්ඡා වලින් ලැබුණු තොරතුරු සමාලෝචනය කිරීම.

  • කැඳවීම්වල සහ පැවරුම්වල සේවය කිරීම සඳහා සහෝදරයන්ව සලකා බැලීම.

  • ගණපූරණ රැස්වීම් සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.

8.3.4

ලේකම්වරයා

සභානායකවරයාගේ අනුමැතිය ඇතිව, ගණපූරණ ලේකම්වරයා ලෙස, වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයෙකුට ගණපූරණ සාමාජිකයෙකුව කැඳවිය හැකිය.

8.4

මෙල්කිසදෙක් පූජකවරය ලැබීමට සූදානම් වීමට අනාගතයේදී වැඩිහිටියන් විය හැකි අයට උපකාර කිරීම

අනාගතයේදී වැඩිහිටියෙක් විය හැකි අයෙක් යනු මෙල්කිසදෙක් පූජකවරය ලබා නොගත් සහ (1) වයස අවුරුදු 19 හෝ ඊට වැඩි හෝ (2) වයස අවුරුදු 19 ට වඩා අඩු සහ විවාහක සභාවේ පිරිමි සාමාජිකයෙකි.

මෙල්කිසදෙක් පූජකවරය ලැබීමට සූදානම් වීමට අනාගතයේදී වැඩිහිටියන් විය හැකි අයට උපකාර කිරීම ගණපූරණ සභාපතිත්වයේ ඉහළම ප්‍රමුඛතාවයකි.