අත්පොත් සහ කැඳවීම්
7. සභානායකත්වය


“7. සභානායකත්වය” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“7. සභානායකත්වය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මිනිසෙක් දේශනා වේදිකාව මත සිට කතාකරමින්

7.

සභානායකත්වය

7.1

සභානායකවරයා සහ ඔහුගේ උපදේශකයින්

සභානායකවරයා විසින් සභාවේ කාර්යයන් මෙහෙයවීම සඳහා පූජකවර යතුරු දරයි (බලන්න 3.4.1). ඔහු සහ ඔහුගේ උපදේශකයින් මගින් සභානායකත්වය නිර්මාණය වේ.

සභානායකවරයාට ප්‍රධාන වගකීම් පහක් ඇත:

  • ඔහු කොට්ඨාශයේ මුලසුන හොබවන පූජකයායි.

  • ඔහු ආරෝනික පූජකවරයේ සභාපතිවරයායි.

  • ඔහු පොදු විනිශ්චයකරුවෙකි.

  • අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම ඇතුළුව, ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යයන් ඔහු සම්බන්ධීකරණය කරයි.

  • ඔහු වාර්තා, මූල්‍ය කටයුතු හා රැස්වීම් ශාලාවේ භාවිතය අධීක්ෂණය කරයි.

සභානායකවරයාගේ ප්‍රමුඛතම වගකීම යොමු වන්නේ කොට්ඨාශයේ නැගී එන පරම්පරාව කෙරෙහිය (ළමයින්, යෞවනයින් සහ තනි තරුණ වැඩිහිටියන්). මෙම වගකීම කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට හැකියාව ලබාදීම සඳහා, ඔහු බොහෝ පැවරුම් පවරයි (බලන්න 4.2.5).

7.1.1.

මුලසුන දරන උත්තම පූජකයා

සභානායකවරයා යනු කොට්ඨාශයේ ප්‍රධාන අධ්‍යාත්මික නායකයා වේ.

7.1.1.1

කොට්ඨාශ සංවිධාන සහ පූජකවර ගණපූරණය

කොට්ඨාශ සහන සමිතිය සහ තරුණ ගැහැණු ළමුන්ගේ සංවිධානවල වගකීම ඇත්තේ සභානායකවරයාටය. ඉරිදා පාසල සහ ප්‍රාථමිකය යන සංවිධාන වල සහ අනෙකුත් කොට්ඨාශ වැඩසටහන් වල වගකීම ඔහු ඔහුගේ උපදේශකයින්ට පවරයි.

ආරෝනික පූජකවර ගණපූරණය සඳහා සභානායකවරයාට ඇති වගකීම් 7.1.2 හි දක්වා ඇත. වැඩිහිටි ගණපූරණය සඳහා ඔහුට ඇති වගකීම් 8.3.1 හි දක්වා ඇත.

7.1.1.2

නියෝග සහ ආශිර්වාද

සභානායකවරයා කොට්ඨාශයේ පහත සඳහන් නියෝග සහ ආශිර්වාද පරිපාලනය මෙහෙයවයි:

  • සක්‍රමේන්තුව

  • දරුවන්ට නම් තැබීම සහ ආශිර්වාද කිරීම

  • 8-හැවිරිදි වාර්තාගත දරුවන්ගේ බව්තීස්මය සහ ස්ථිර කිරීම (හැරුණු අය සඳහා, 31.2.3.2 බලන්න)

  • ආරෝනික පූජකවරය ප්‍රදානය කිරීම සහ උපස්ථායකයා, ගුරුවරයා සහ පූජකවරයා යන තත්වයන්ට නියම කිරීම

7.1.1.3

මන්ත්‍රණ සභා සහ රැස්වීම්

සභානායකවරයා විසින් කොට්ඨාශ මන්ත්‍රණ සභාව සහ කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභාව මෙහෙයවයි (බලන්න 29.2.5 සහ 29.2.6).

සභානායකත්වය විසින් 29 වෙනි පරිච්ඡේදයේ ලැයිස්තුගත කර ඇති සක්‍රමේන්තු රැස්වීම් සහ අනෙකුත් කොට්ඨාශ රැස්වීම් සැලසුම් කරයි.

7.1.1.4

කැඳවීම් සහ නිදහස් කිරීම්

කැඳවීම් සහ නිදහස් කිරීම් සඳහා සභානායකවරයාට ඇති වගකීම් සම්බන්ධව 30 වෙනි පරිච්ඡේදයේ දක්වා ඇත.

7.1.2

ආරෝනික පූජකවරයේ සභාපතිවරයා

කොට්ඨාශයේ ආරෝනික පූජකවරයේ සභාපතිවරයා ලෙස සභානායකවරයාට පහත වගකීම් ඇත. ඔහුගේ උපදේශකයන් ඔහුට උපකාර කරයි.

  • යෞවනයන්ට ඉගැන්වීමේදී දෙමාපියන්ට සහාය වීම.

  • ආරෝනික පූජක ගණපූරණය සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති ගැන බැලීම. සභානායකවරයා පූජක ගණපූරණයේ සභාපතිවරයා වේ (බලන්න දහම සහ ගිවිසුම් 107:87–88). ඔහුගේ පළමු උපදේශකවරයාට ගුරු ගණපූරණය සඳහා වගකීම ඇත. ඔහුගේ දෙවන උපදේශකවරයාට උපස්ථායක ගණපූරණය සඳහා වගකීම ඇත.

  • කොට්ඨාශයේ තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිනිය සමඟ සාකච්ඡා කරයි.

  • සෑම යෞවනයෙකු සමඟම ක්‍රමානුකූලව හමුවෙයි.

7.1.3

පොදු විනිසුරුවරයා

සභානායකවරයා යනු කොට්ඨාශයේ පොදු විනිසුරුවරයා වේ (බලන්න දහම සහ ගිවිසුම් 107:71–74). ඔහුට පහත වගකීම් ඇත:

  • යෞවනයින්ට සහ වැඩිහිටියන්ට දේවමාළිගා නිර්දේශයක් සඳහා සුදුසුකම් ලැබීමට සහ සුදුසු වීමට උදව් කිරිම.

  • 31.2 හි දක්වා ඇති පරිදි සම්මුඛ සාකච්ඡා පැවැත්වීම.

  • අධ්‍යාත්මික මගපෙන්වීම් සොයන, බරපතළ පෞද්ගලික ගැටලු ඇති, හෝ බරපතළ පව් කර ඇති කොට්ඨාශ සාමාජිකයින් සමඟ හමුවී ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ බලය ලබාගැනීමට උපකාර කිරීම.

  • ස්ටේක සභාපතිවරයාගේ මගපෙන්වීම යටතේ, අවශ්‍ය පරිදි සාමාජික මන්ත්‍රණ සභා පැවැත්වීම. මාර්ගෝපදේශ සඳහා, 32 වෙනි පරිච්ඡේදය බලන්න.

7.1.4

ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සම්බන්ධීකරණය කිරීම

සභානායකවරයා කොට්ඨාශයේ ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සම්බන්ධීකරණය කරයි (බලන්න 1 වෙනි පරිච්ඡේදය). ඔහුගේ උපදේශකයින් සහ අනෙකුත් කොට්ඨාශ නායකයින් ඔහුට සහාය වේ.

7.1.4.1

තාවකාලික අවශ්‍යතා ඇති අය රැකබලා ගැනීමේ උත්සාහයන් මෙහෙයවීම

සභානායකවරයා විසින් අවශ්‍යතා ඇති අයව රැකබලා ගන්නා ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, 22.6.1 බලන්න.

7.1.5

වාර්තා, මූල්‍ය සම්පත් සහ රැස්වීම් ශාලාව

වාර්තා පිළිබඳ තොරතුරු සඳහා, 33 වෙනි පරිච්ඡේදය බලන්න. දසයෙන් කොටස ඇතුළු මූල්‍ය සම්පත් පිළිබඳ තොරතුරු සඳහා, 34 වෙනි පරිච්ඡේදය බලන්න. රැස්වීම් ශාලා පිළිබඳ තොරතුරු සඳහා, 35 වෙනි පරිච්ඡේදය බලන්න.

7.3

කොට්ඨාශ විධායක ලේකම් සහ සහකාර කොට්ඨාශ විධායක ලේකම්වරුන්

කොට්ඨාශයේ විධායක ලේකම්වරයා ලෙස සේවය කිරීමට සභානායකත්වය විසින් මෙල්කිසදෙක් පූජකවරයෙකුව නිර්දේශ කරයි.

ඔහුට පහත වගකීම් ඇත:

  • සභානායකත්වය සමඟ හමුවී පවරා ඇති පරිදි න්‍යාය පත්‍ර සකස් කිරීම.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සහ කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම්වලට සහභාගී වීම.

  • සභානායකත්වය සඳහා හමුවීම් සැලසුම් කිරීම.

7.4

කොට්ඨාශ ලිපිකරු සහ සහකාර කොට්ඨාශ ලිපිකරුවන්

කොට්ඨාශ ලිපිකරුගේ සහ සහකාර කොට්ඨාශ ලිපිකරුවන්ගේ වගකීම් 33.4.2 හි දක්වා ඇත.