2010–2019
පවුල් ඉතිහාසය සහ දෙවමාලිගා කාර්යන්: මුද්‍රාතැබීම සහ සුවකිරීම
2018 අප්‍රියෙල්


පවුල් ඉතිහාසය හා දේවමාළිගා කාර්ය : මුද්‍රා තැබීම හා සුව කිරීම.

අප අපේ පවුල් ඉතිහාස තොරතුරු එකතුකර අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් දෙවමාලිගාවට ගිය විට දෙවියන් වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද තිරයෙන් දෙපසෙහිම සමාන්තරව ඉටුකරනවා.

පවුල් සම්බන්ධතා අපට හමුවියහැකි වැඩියෙන්ම ප්‍රතිලාභ ලැබෙන හා අභියෝගාත්මක අත්දැකීම් වලින් සමහරක් විය හැක. අප අතරින් බොහෝ දෙනෙක් අප පවුල් තුළ කිසියම් ආකාරයෙක පළුදු වීමකට මුහුණ දී ඇත.මෙම පසු දවස්වල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නැවත පිහිටුවීමේ වීරයන් දෙදෙනෙකු අතර එවන් පළුදු වීමක් වර්ධනය විය. පාර්ලි හා ඕ(ර්)සන් ප්‍රැට් සහෝදරයන්, පෙර හැරී ආවත්, හා නියම කරන ලද අප්‍රේරිතවරුන් විය. එකිනෙකාට ඇදහිල්ලේ පරීක්ෂාවකට මුහුණ දුන්නද ස්ථිර ඇදහිල්ලක් පැමිණෙන ලදී. දෙදෙනාම සත්‍යයේ කාර්යය සඳහා බොහෝ කැප කිරීම් හා මහඟු දායකත්වයක්ද කරන ලදී.

රූපය
පාර්ලි ප්රැට්

නාවූ යුගයේ දී, ඔවුන්ගේ සම්බන්ධතාවය පීඩනයකට ලක් වී, අවසානයේදී කෝපයට පත්, 1864 දී ප්‍රකට සම්මතයක් විය. ගැඹුරු හා දික් වූ භේදයක් වර්ධනය විය. භේදය විසඳීමට පාර්ලි මුලදී ඕ(ර්)සන්ට ලියුව ද, ඕ(ර්)සන් පිළිතුරු නොදුන්නේය. පාර්ලි උත්සාහය අත් හැරියේය. ඕ(ර්)සන් විසින් ආරම්භ කළේ නැතිනම් ලියුම් හුවමාරු වීම සදහටම අවසන් බව ඔහුට හැඟුණි. 1

රූපය
ඔර්සන් ප්රැට්

වසර කිහිපයකට පසුව, 1853 මාර්තු හි දී, විලියම් ප්‍රැට්, සහෝදරයන්ගේ මුල්ම ඇමරිකානු මුතුන් මිත්තාගෙන්, පැවත එන්නන් ගැන පොතක් මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියක් ගැන ඕ(ර්)සන් දැනගත්තේය. ඕ(ර්)සන් පවුල් ඉතිහාසයේ මෙම නිධානය දුටු විට ඔහු “ කුඩා දරුවෙකු මෙන්” හඩන්නට ගත්තේය. ඔහුගේ හදවත උණු වී ඔහුගේ සොහොයුරා සමඟ පළුදු වීම හරිගැස්වීමට ඔහු අධිෂ්ඨාන කළේය.

ඕ(ර්)සන් පාර්ලි වෙත ලියුවේය, “ මගේ දයාබර සොහොයුරා, අපේ මුතුන් මිත්තෙකු වූ, ලුතිනාන් විලියම් ප්‍රැට්ගෙන්, පැවත ආ සියල්ලන් අතරින්, ඔහුගෙන් පැවත ආ අය සොයා ගැනීමට අප මෙන් ගැඹුරු උනන්දුවක් ඇත්තන් හැක“ අපේ මුතුන් මිත්තන් සදහා ජයග්‍රාහී නියෝගයක් ඉටු කිරීමට අපට හැකි වීමට පසුදවස්වල ශුද්ධවන්තයින් පවුල් ඉතිහාසය ගවේෂණය හා රැස් කිරීමට බැඳී සිටින බව මුලින්ම වටහාගත් අයගෙන් එක් අයෙක් ඕ(ර්)සන් විය. ඔහුගේ ලියුම තවදුරටත්: “ අපේ පියවරුන්ගේ දෙවියන් මේ සියලු දෙයටම සම්බන්ධ බව අපි දනිමු. ... ඔබට ලිවීමට පසුබට වීම ගැන මම සමාව ඉල්ලමි.” 2ඔබ මට සමාව දෙන බව මම පතමි.“ ඔවුන්ගේ වේදනාවක් නිවැරදි කිරීමට, හා සමාව සෙවීමට හා දීමට පාදක වූයේ ඔවුන්ගේ මුතුන් මිත්තන් සඳහා වූ ඔවුන්ගේ ප්‍රේමයයි.3

එක් දෙයක් කිරීමට දෙවියන් වහන්සේ අපව යොමු කරන විට, නිරතුරුවම උන්වහන්සේට අරමුණු බොහෝමයක් සිතේ ඇත. පවුල් ඉතිහාසය හා දේව මාළිඟා කටයුතු මියගියවුන් සඳහා පමණක් නොව ජීවත්ව සිටින්නවුන්ට ද ආශිර්වාද කරයි. පවුල් ඉතිහාසය හා දේවමාළිඟා කටයුතු සුව කිරීම අවශ්‍ය වූ දේ සුව කිරීමට බලය ලබා දෙන ලදී.

සභාවේ සාමාජිකයන් වශයෙන්, අපේ මුතුන් මිත්තනි සෙවීමට හා පවුල් ඉතිහාසයන් රැස් කිරීමට අවශ්‍ය දිව්‍යමය ලෙස එක් කළ වගකීමක් අපට ඇත. උනන්දු කරන ලද විනෝදාංශයට වැඩි දෙයක් මෙය. මන්ද ගැලවීමේ නියෝග දෙවියන් වහන්සේගේ සෑම දරුවෙකුටම අවශ්‍යවේ. 4 ගැලවීමේ නියෝග නොලබා මියගිය අපේ මුතුන් මිත්තන් අප හඳුනාගත යුතුයි. අපට දේව මාළිඟා තුළ නියෝග ඉටු කළ හැක. අපේ මුතුන් මිත්තන්ට නියෝගයක් පිළිගැනීමට තීරණය කළ හැක. 5 එමෙන්ම කොට්ඨාශ හා ස්ටේක සාමාජිකයකන්ට ඔවුන්ගේ පවුල් නාමයන් සමඟ උදව් කිරීමට අපව උනන්දු කර ඇත. පවුල් ඉතිහාසය හා දේවමාළිඟා කටයුතු තුළින් මිය ගිය අය නිදහස් කිරීමට අපට සහය වීමට හැකිවීම පුදුමාකාරජනයකය.

නමුත්, වර්තමානයේ අප පවුල් ඉතිහාසය හා දේවමාළිඟා කටයුතු වලට සහභාගී වන විට, අනාගතවාතෘන් හා අපෝස්තලුවරුන් පොරොන්දු වූ “සුව කිරීමේ” ආශිර්වාද සඳහා අපට අයිතිවාසිකම් ඇති වේ.6 මෙම ආශිර්වාද ඒවායේ පරාසය, විශේෂිත වීම හා මැරෙන සුළු බවේ ප්‍රතිඵල හේතුවෙන් පුදුමාකාර ජනකය. මෙම දිග ලයිස්තුවේ මෙම ආශිර්වාද ඇතුලත්ය.

  • ගැලවුම්කරුවණන් හා උන්වහන්සේගේ වන්දි ගෙවීමේ කැපකිරීම ගැන වැඩි වූ වැටහීම,

  • අප ජීවිත තුළ ශක්තිය සහ මගපෙන්වීම ලබාගැනීමට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම වැඩි වීම. 7

  • ඇදහිල්ලේ වැඩි වීම, ගැලවුම්කරුවාණන් කරා හැරීම ගැඹුරු හා ස්ථිර වන ලෙසට,

  • අපි කොන්හෙන්ද අවේ, අපි කවුද, සහ අපි කොහෙද යන්නේ කියන පැහැදිලි දැක්ම ගැන ඇති තේරුම්ගැනීම නිසා, ඉගෙනීමට හා පසුතැවීමට වැඩි වූ හැකියාව හා පෙළඹවීම. 8

  • අපේ හදවත් තුළ ශුද්ධ කිරීමේ, පවිත්‍ර කිරීමේ හා මධ්‍යස්ථ කරවන බලපෑම්වල වැඩි වීම.

  • ස්වාමින් වහන්සේගේ ප්‍රේමය දැනීමේ හැකියාව වැඩි වීම තුළින් ප්‍රීතිය වැඩි වීම,

  • අපේ වර්තමාන, අතීත හෝ අනාගත පවුල් තත්වය කුමක් වුවත් හෝ අපේ පවුල් වෘක්ෂය කොතරම් අසම්පූර්ණ වුවත්, පවුල් ආශිර්වාදවල වැඩි වීම.

  • මුතුන් මිත්තන් හා ජීවමාන ඥාතින් කෙරෙහි ප්‍රේමය හා අගය කිරීම වැඩි වීම,

  • සුව කිරීම අවශ්‍ය දේ හදුනා ගැනීමේ හැකියාව වැඩි වීම හා ඒ හරහා, ස්වාමින් වහන්සේගේ උපකාරය ඇතිව, අනුන්ට සේවය කිරීම.

  • පරීක්ෂාවන්ගෙන් හා සතුරාගේ තීව්ර වන බලපෑමෙන් ආරක්ෂාව වැඩි වීම, හා

  • කරදරයට පත්, බිදුණු, හෝ කාංසාවට පත් හදවත් සුව කිරීමට හා තුවාල වුවත් සම්පූර්ණ කිරීමට උපකාරය වැඩි වීම. 9

ඔබ මෙම ආශිර්වාද වලින් කුමකට හෝ යාච්ඥා කර ඇත්නම්, පවුල් ඉතිහාසය හා දේව මාළිඟා කටයුතු වලට සහභාගී වන්න. ඔබ එසේ කරන විට, ඔබේ යාච්ඥාවන්ට පිළිතුරු ලැබේ. මියගියවුවන් වෙනුවෙන් නියෝග ඉටු කරන විට, පොළව මත දෙවියන් වහන්සේගේ දරුවන් සුව වේ. සභාපති රසල් එම්. නෙල්සන්, සභාවේ සභාපති ලෙස ඔහුගේ පළමු පණිවුඩයෙහි මෙලෙස ප්‍රකාශ කිරීම පුදුමයක් නොවේ. “දේව මාළිඟාවේ දී ඔබේ වන්දනා කිරීම හා එහි දී ඔබේ මුතුන් මිත්තන් සදහා ඔබේ සේවය මඟින් ඔබට පෞද්ගලික එළිදරව් කිරීම් හා සාමය වැඩි වීමේ ආශිර්වාද ලැබෙන අතර ගිවිසුම් කළ මාර්ගය මත සිටීමට ඔබේ කැපවීමද ස්ථාවර කරයි. 10

පෙර අනාගතවාතෘවරයෙක් ද ජීවත් වන හා මියගිය දෙගොල්ලන්ටම ආශිර්වාද ගැන අනාවැකි දුටුවේය.11 දිව්‍යමය පණිවුඩකරුවෙක් වූ එසිකියෙල් හට ජලය එළියට ගලා යන දේවමාළිඟාවක් ගැන දර්ශනයක් පෙන්නුවේය. එසිකියෙල් හට මෙසේ කියන ලදී.

“ මේ වතුර ... ගලා ගොස්, අරබා සමග භූමියට බැස ගොස්, එහි මළ මුහුදට ඇතුළු වූ විට ජලය මිරිදියට හැරුණේය.

“ මේ ගංගා ගලායන සෑම තැනම රාශි ගණන් පණ ඇති සියළුම සත්වයෝ ජීවත් වන්නෝය: ... මන්ද මේ වතුර එහි පැමිණි විට අනික් ඒවා මිරිදිය වන්නේය. ගංගාව ගලා යන කොතැනක වුවද සිටින සියල්ලන් ජීවත් ව සිටිනු ඇත”12

මෙහි ජලයේ ගුණාංග 2 ක් සැලකිය යුතුයි. පළමුව, කුඩා දිය සීරාවට අතු ගංගා නොතිබුණද, එය බලවත් ගඟක් බවට, ඈතට ගලා යන විට පළල් වෙමින් හා ගැඹුරු වෙමින් වර්ධනය විය. එවන් දෙයක් පුද්ගලයන් පවුල් ලෙස මුද්‍රා තබන විට දේවමාළිඟාවෙන් ගලා එන ආශිර්වාදවලට සිදුවේ. මුද්‍රා තැබීමේ නියෝග පවුල් එකට සම්බන්ධ කරන විට පරම්පරා අතරේ පසුපසට හා ඉදිරියට යන විට අර්ථවත් වර්ධනයක් ඇතිවේ.

දෙවනුව, ගංඟාව එය ස්පර්ශ කළ සියල්ල අලුත් කළේය. දේවමාළිඟාවේ ආශිර්වාද වලට ද එවන් පුදුමාකාර සුව කිරීමේ හැකියාවක් ඇත. දේවමාළිඟා ආශිර්වාද වලට හදවත් හා ජීවිත හා පවුල් සුවකළ හැක.

රූපය
බ්රෙට්ගේ පුතා ටොඩ්

මම උදාහරණයක් දෙන්නට අවසර, 1999 දී, ටොඩ් නම් තරුණයෙක් ඔහුගේ මොළයේ රුධිර නාළිකාවක් පිපිරීමෙන් ඇද වැටුණි. ටොඩ් සහ ඔහුගේ පවුල සභාවේ සාමාජිකයන් වුවද, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය කඩින් කඩ විය. කිසිවෙකු දේවමාළිඟාවේ ආශිර්වාද අත්විද නොතිබුණි. ටොඩ්ගේ ජීවිතයේ අවසාන රාත්‍රියේ, ඔහුගේ මව, බෙටී, ඔහුගේ ඇද අසල වාඩි වී ඔහුගේ අත අතගාමින් කීවාය, “ ටොඩ්, ඔබ යා යුතුම නම්, ඔබගේ දේවමාළිඟා කටයුතු කෙරෙන බවට වගබලාගන්න බවට මම පොරොන්දු වෙමි. පසුදා උදෑසන ටෙඩ්ගේ මොලය මැරී ඇති බවට ප්‍රකාශ කරන ලදී. මගේ රෝගියෙකු වූ රොඩ් නමැති අපුරු පුද්ගලයෙකුට ටෝඩ්ගේ හදවත බද්ධ කරන ලදී.

බද්ධ කිරීමට මාස කිහිපයකට පසු, රොඩ් ඔහුට හෘදය පරිත්‍යාග කල තැනැත්තාගේ පවුල කවුරුන්ද යන වග දැන ඔවුන් සමඟ ලිපි හුවමාරු කළේය. වසර දෙකකට පමණ පසුව, ටොඩ්ගේ මව, බෙටී, ඇය පළමුවරට දේවමාළිඟාවට යන විට එතැන සිටීමට රොඩ්ට ආරාධනා කළාය. රොඩ් සහ බෙටී පළමු වරට මුහුණට මුහුණ හමුවූයේ ශාන්ත ජෝර්ජ් යූටා දේවමාළිඟාවේ සෙලෙස්ටියල් කාමරයෙහිය.

ඉන් කලකට පසු, ටොඩ්ගේ පියා - ‍බෙටීගේ සැමියා - මිය ගියේය. වසර කිහිපකට පසුව, ඔහුගේ දේවමාළිඟා නියෝග ලබාගැනීමට ඇයගේ මියගිය පුතාව පරාර්ථකෘතව නියෝජනය කිරීමට බෙටී රොඩ්ට ආරාධනා කළාය. රොඩ් කෘතඥ ලෙස එය කළේය. නියෝජිත කාර්යය ශාන්ත ජෝර්ජ් යුටා දේවමාළිඟාවේ මුද්‍රා තැබීමේ කාමරයක අවසන් විය. බෙටී ඇයගේ මියගිය සැමියා හා මුද්‍රා තබන ලද්දේ, නියෝජිතයා වූ ඇයගේ මුණුබුරාට අල්තාරයට විරුද්ධව දනගසමිනි. ඉන්පසු ඇයගේ කම්මුල්වල කදුළු ගලමින්, ඇය අල්තාරය අසල ඔවුන් හා එක්වීමට රොඩ් හට සංඥා කළාය. ඇයගේ පුතුගේ හදවත තවම රොඩ්ගේ පපුවේ ගැසෙමින් තිබුණු අතර, ටොඩ් සදහා නියෝජිතයෙකු ලෙස, රොඩ් ඔවුන් සමඟ දණ ගැසුවේය. එවිට රොඩ්ගේ හදවත් පරිත්‍යාගකල ටොඩ්, ඔහුගේ දෙමාපියන් සමඟ සදාකාලිකව මුද්‍රා තබන ලදී. ටොඩ්ගේ මව ඇයගේ මරණාසන්නව සිටි පුතු හට වසර ගණනාවකට පෙර කළ පොරොන්දුව ඉටු කළාය.

රූපය
රොඩ් සහ කිම් ඔවුන්ගේ මංගල දිනයේදී

නමුත් කතාව එතනින් අවසන් වන්නේ නැත. ඔහුගේ හදවත් බද්ධ කිරීමට වසර පහළොවකට පසු, රොඩ් විවාහ වීමට නියැලුණ අතර ප්‍රෝවො යූටා දේව මාළිඟාවේදී මුද්‍රා තැබීමට ඉෂ්ඨ කරන ලෙස මගෙන් ඉල්ලුවේය. විවාහ උත්සව දින, මා රොඩ් හා ඔහුගේ අසිරිමත් මනමාලි, කිම් සමඟ, මුද්‍රා තැබීමේ කාමරයට යාබද, ඔවුන්ගේ පවුල් හා සමීපතම මිතුරන් රැදී සිටි, කාමරය හමු විය. රොඩ් හා කිම් සමඟ මදක් බැහැ දැකීමෙන් පසු, ඔවුන්ට ප්‍රශ්න තිබෙනවා ද මම ඇසුවෙමි.

රොඩ් කීවේය, “ ඔව්, මට පරිත්‍යාග කළ පවුල පැමිණ සිටින අතර ඔබව හමු වීමට කැමැත්තෙමු.”

මම විස්මිත වූ අතර ඇසුවෙමි, “ ඔබ පවසන්නේ ඔවුන් මෙතන බවද? මේ දැන්?”

රොඩ් පිළිතුරු දුන්නේය, “ඔව්”

මම මුද්‍රා තැබීමේ කාමරයෙන් පිටතට ගොස් පරිත්‍යාග කල පවුලට කතා කළෙමි. බෙටී, ඇයගේ දුව, හා බෑනා අප හා එක් විය. රොඩ් බෙටීව පිළිගත්තේ ඇයව බදාගෙන, පැමිණීම ගැන ඇයට ස්තූති කර, ඉන්පසු මාව ඇයට හදුන්වා දුන්නේය. රොඩ් කීවේය, “බෙටී, මේ වැඩිහිටි රෙන්ලන්ඩ්, ඔහු තමයි ඔබේ පුතාගේ හදවත වසර ගණනාවකට පෙර පරිස්සම් කළ වෛද්‍යවරයා.” ඇය කාමරය හරහා ඇවිත් මාව බදාගත්තාය. ඊළඟ මිනිත්තු කිහිපයදී, බදාගැනීම් හා ප්‍රීතියේ කදුළු පැතිරී තිබුණි.

අපි සන්සුන් වූ පසු, අපි මුද්‍රා තැබීමේ කාමරයට ගියෙමු. එහි රොඩ් හා කිම් කාලය හා මුළු සදාතනයටම මුද්‍රා තබන ලදී. රොඩ්ට, කිම්ට, බෙටීට, සහ මට ස්වර්ගය ඉතා සමීප වූ බවට මැරෙන සුළුත්වයේ තිරය හරහා පෙර ගමන් කරන ලද වෙනත් අය අප සමඟ එදින සිටි බවට සාක්ෂි දැරිය හැක.

දෙවියන් වහන්සේගේ අපරිමිත හැකියාව තුළ, ඛේදවාචකය, නැති වීම, හා අපහසුතා තිබියදීත් පුද්ගලයන් හා පවුල් මුද්‍රා තබන අතර සුව කරන සේක. සමහරවිට අපි දේවමාළිඟා තුළ ලබන අත්දැකීම් මදක් ස්වර්ගය දැකීමට සමාන කරමු. 13 සී. එස්. ලෙවිස්ගේ මෙම ප්‍රකාශය මා තුළ රැව් දුණි. “(මැරුණ අය) සමහර ලෞකික පීඩාවන් ගැන, ‘ කිසිදු අනාගත සැපකට මෙම පාඩුව පිරිමැසිය නොහැක,‘ ලෙස පවසන්නේ ස්වර්ගය ලබාගත් පසුව, පසු පසට කාර්යය කරමින් එම පීඩාව පවා මහිමයට පත් කරන බව නොදැනය. ආශිර්වාදලත්තවුන් පවසාවි, ‘ අප ස්වර්ගයේ හැර වෙන කොහෙවත් ජීවත් වී නැත.14

දෙවියන් වහන්සේ අපව ශක්තිමත් කරාවි, උදව් කරාවි, හා ඔසවා තබාවි; 15 එසේම අපේ ගැඹුරුම කණගාටුව උන්වහන්සේ අපව පවිත්‍ර කරාවි.16අපි අපේ පවුල් ඉතිහාසය රැක ගෙන අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් දේවමාළිඟාවට යන විට, පොරොන්දු වූ ආශිර්වාදයන්ගෙන් බොහෝමයක් තිරයේ දෙපසම ඒකවර දෙවියන් වහන්සේ ඉටු කරන සේක. ඒසේම, අපි ආශිර්වාද ලබමු. දේවමාළිඟාවක් සමීපයේ ජීවත් නොවන සාමාජිකයන්ටද මෙම ආශිර්වාද පවුල් ඉතිහාස කටයුතු වලට සහභාගී වීමෙන්, දේවමාළිඟා නියෝග ඉටු කිරීම සදහා ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ නාම ඒකතු කිරීමෙන් ලබාගත හැක.

කෙස් නමුදු, සභාපති රසල් ඒම්. නෙල්සන් අවවාද කෙළ්ය: “අනුන් අත්විදි දේවමාළිඟා හා පවුල් ඉතිහාස කටයුතු පිළිබඳව මුළු දවසෙම වුවද ආනුභාවයන් ලබාගත හැක. නමුත් එම සතුට අපිටම අත්විදීමට අපි ඇත්තටම කුමක් හෝ කල යුතුය. කිරීමට ඔබට කුමන ආකාරයේ කැපවීමක් - කාලය කැපකිරීම වඩා හොදයි - පවුල් ඉතිහාසය හා දෙවමාලිග කටයුතු සඳහා ඔබට කළ හැකි ද යන්න යාඥාශීලිව සිතන බවට මම ඔබට ආරාධනා කරමි. 17 ඔබ සභාපති නෙල්සන්ගේ ආරාධනාව පිළිගන්නා විට, එසිකියෙල් පැවසූ ගංඟාව මෙන් ආශිර්වාද ඔබ හා ඔබේ පවුල කරා ගලා ඒවි. සුව කිරීම අවශ්‍ය දේට ඔබ සුවකිරීම ලැබේවි.

ඔ(ර්)සන් හා පාර්ලි ප්‍රැට් මේ කාල වකවානුවේ පවුල් ඉතිහාසය හා දේවමාළිඟා කටයුතු වලට සුව කිරීමේ හා මුද්‍රා තැබීමේ බලපෑම ප්‍රථමෙන් අත්විද ඇත්තවුන් අතර විය. ඔබටත් ඒසේ කළ හැක. උන්වහන්සේගේ වන්දි ගෙවීමේ කැපකිරීම තුළින්, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ ආශිර්වාද සැමට, මියගියවුන් හා ජීවමාන දෙපළටම, පිරිනමන සේක. මේ ආශිර්වාද නිසා, අප රූපාත්මක ලෙස, “ස්වර්ගය හැර වෙන කොහේවත් ජීවත් වී නැති”18 බව අපට හමුවේ. මා මෙස් සාක්ෂි දරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙයනි, ආමෙන්.

සටහන්

  1. See Parley P. Pratt to Orson Pratt, May 25, 1853, Orson Pratt Family Collection, Church History Library, Salt Lake City; in Terryl L. Givens and Matthew J. Grow, Parley P. Pratt: The Apostle Paul of Mormonism (2011), 319.

  2. Orson Pratt to Parley P. Pratt, Mar. 10, 1853, Parley P. Pratt Collection, Church History Library, Salt Lake City; in Givens and Grow, Parley P. Pratt, 319.

  3. සැලකිය යුතුයි, ඔර්සන් ප්රැට් විලියම් ප්රැට්ගේ මුතුන්මිත්තන් සම්බන්ධ පොත පල කිරීමට උදවු කළා පමණක් නොව, අවුරුදු කිහිපයකට පසු, 1870 දී ඔහු සහ ඔහුගේ පවුල පොතේ සඳහන් නැතිවුණ පුද්ගලයන් 2600කට පමණ සෝල්ට් ලේක් නගරයේ එන්ඩවුමන්ට් නිවසේදී නියෝජන බෞතිස්ම ඉටුකරන ලදී. (see Breck England, The Life and Thought of Orson Pratt [1985], 247).

  4. ජෝසේෆ් ස්මිත් සභාවේ ඉතිහාසය 6:312–13. බලන්න.

  5. “දෙවමාලිගා වත්පිළිවෙත් සඳහා ඉදිරිපත් කර ඇති නම්” බලන්න, පළමු සභාපතිත්ව ලියුම, පෙබ 29, 2012. නියෝජන දෙවමාලිගා වත්පිළිවෙත් සඳහා ඉදිරිපත් කර ඇති මුතුන්මිත්තන්ගේ නම් ඉදිරිපත්කරන්නාගේ නෑදෑයන් විය යුතුයි. කිසිදු හේතුවක් මත, සභාවේ සාමාජිකයන් අවසරයක් නොමැති කණ්ඩායම් වල, නලුනිලියන් සහ ජුදෙවූ සමුල ඝාතන වලට අසුවූ තැනැත්තන් වැනි අයගේ නම් ඉදිරිපත් නොකළ යුතුයි.

  6. See Dallin H. Oaks, “In Wisdom and Order,” Tambuli, Dec. 1989, 18–23; D. Todd Christofferson, “The Redemption of the Dead and the Testimony of Jesus,” Liahona, Jan. 2001, 10–13; Boyd K. Packer, “Your Family History: Getting Started,” Liahona, Aug. 2003, 12–17; Thomas S. Monson, “Constant Truths for Changing Times,” Liahona, May 2005, 19–22; Henry B. Eyring, “Hearts Bound Together,” Liahona, May 2005, 77–80; M. Russell Ballard, “Faith, Family, Facts, and Fruits,” Liahona, Nov. 2007, 25–27; Russell M. Nelson, “Salvation and Exaltation,” Liahona, May 2008, 7–10; Russell M. Nelson, “Generations Linked in Love,” Liahona, May 2010, 91–94; David A. Bednar, “The Hearts of the Children Shall Turn,” Liahona, Nov. 2011, 24–27; Richard G. Scott, “The Joy of Redeeming the Dead,” Liahona, Nov. 2012, 93–95; Quentin L. Cook, “Roots and Branches,” Liahona, May 2014, 44–48; Thomas S. Monson, “Hastening the Work,” Liahona, June 2014, 4–5; Henry B. Eyring, “The Promise of Hearts Turning,” Liahona, July 2014, 4–5; David A. Bednar, “Missionary, Family History, and Temple Work,” Liahona, Oct. 2014, 14–19; Neil L. Andersen, “‘My Days’ of Temples and Technology,” Liahona, Feb. 2015, 26–33; Neil L. Andersen, “Sharing the Temple Challenge,” Family Discovery Day, Feb. 2015, LDS.org; Quentin L. Cook, “The Joy of Family History Work,” Liahona, Feb. 2016, 22–27; Gary E. Stevenson, “Where Are the Keys and Authority of the Priesthood? Liahona, May 2016, 29–32; Dieter F. Uchtdorf, “In Praise of Those Who Save,” Liahona, May 2016, 77–80; Quentin L. Cook, “See Yourself in the Temple,” Liahona, May 2016, 97–101; Dale G. Renlund, Ruth L. Renlund, and Ashley R. Renlund, “Family History and Temple Blessings,” Liahona, Feb. 2017, 34–39; Dallin H. Oaks and Kristen M. Oaks, “Connected to Eternal Families,” Family Discovery Day, Mar. 2018, LDS.org.

  7. දහම සහ ගිවිසුම 109:15බලන්න.

  8. දහම සහ ගිවිසුම 109:21බලන්න

  9. See Boyd K. Packer, “Balm of Gilead,” Ensign, Nov. 1987, 16–18; Jeremiah 8:22; 51:8.

  10. Russell M. Nelson, “As We Go Forward Together,” Liahona, Apr. 2018, 7.

  11. එසකියෙල් 40–47; Bible Dictionary, “එසකියෙල් බලන්න.

  12. එසකියෙල් 47:8–9.

  13. See Spencer W. Kimball, “Glimpses of Heaven,” Ensign, Dec. 1971, 36–37.

  14. C. S. Lewis, The Great Divorce: A Dream (2001), 69.

  15. යෙසායා 41:10බලන්න.

  16. “How Firm a Foundation,” ගීතිකාව, no. 85. බලන්න

  17. Russell M. Nelson and Wendy W. Nelson, “Open the Heavens through Temple and Family History Work,” Liahona, Oct. 2017, 19.

  18. Lewis, The Great Divorce, 69.