2010–2019
තව එක දිනක්
2018 අප්‍රියෙල්


තව එක් දිනක්

අප සැමට ජීවත් වීමට දවසක් තිබේ. අපේ දවස සාර්ථක කර ගත හැකි යතුර නම්, පරිත්‍යාගය කිරීමට කැමැති වීමය.

අවුරුදු කිහිපයකට පෙර මාගේ මිතුරන්ට බ්‍රිගම් නමින් ලස්සන දරුවෙක් ලැබුණි. ඔහු ඉපදුන පසු කලාතුරකින් හැදෙන හන්ටර් නැමැති මාරාන්තික රෝගය බ්‍රිගම්ට වැළදුන බැවින් ජීවිත කාලය කෙටිවිය. දිනක් බ්‍රිගම් සහ ඔහුගේ පවුලේ අය දේව මාලිග භූමියේ ඇවිඳිමින් සිටින විටදී, බ්‍රිගම් සුවිශේෂි වාක්‍යක්, දෙවරක් කීවේය. “තවත් එක් දිනක්” යැයි ඔහු කීය. ඊට පසු දින බ්‍රිගම් මිය ගියේය.

රූපය
බ්‍රිගම්
රූපය
බ්‍රිගම්ගේ පවුල
රූපය
බ්‍රිගම්ගේ සොහොන

බ්‍රිගම්ගේ සොහොන බැලීමට මා කීපවරක් ගියෙමි. මා යන සෑම විටදීම මා කල්පනා කරනවා තව එක් දිනක් යන වාක්‍යය ගැන. තව එක් දිනක් පමනයි මට ජීවත් වීමට තිබෙන්නේ යැයි මා දැනගතහොත්, එය මට කෙසේ බලපායිද? මගේ බිරිඳට, දරුවන්ට හා අන් අයට මා කෙසේ සලකාවිද. මා කොපමණ ඉවසිලිවත් සහ ආචාරශීලී වේවිද? මගේ ශරීරය ගැන මා කොපමණ පරිස්සම් වේවිද? මා කොපමන උද්යෝගයෙන් යාච්ඤා කරයිද සහ ශුදධ ලියවිලි සොයයිද? මට හිතෙනවා යමි ආකාරයකින් තවත් එක් දිනයයි යන්න අපටද තේරුම් ගැනීමට දවසක් එන බව. එය අපට ඇති කාලය, ඥානවන්ත ලෙස භාවිතා කිරීමට තේරුම් ගැනීමට දවසක් එන බව.

ජුදාවේ හෙසකියා රජ ගැන අපි පරණ ගිවිසුමෙහි කියවා ඇත්තෙමු. ඔහුගේ ජීවිතය නිම වීමට ඉතා ලඟ බව දිවැසිවර යෙසායා ප‍්‍රකාශ කල විට, ඔහු යාච්ඤා කිරීමටත්, කන්නලවු කිරීමටත්, තදබල ලෙස හදන්නටත් පටන් ගත්තේය. එම අවස්ථාවේ දී දෙවියන්වහන්සේ හෙසකියාගේ ජීවිතයට අවුරුදු 15 එකතු කලේය. (යෙසායා 38:1–5බලන්න.)

අපට ජීවත් වීමට තියෙන්නේ ටික කාලයයි යැයි කිවහොත් අප කළ යුතුව තිබු කාරණා හෝ, වෙනස් ලෙස කිරිමට තිබ කාරණා කිරිම වෙනුවෙන් අපද , ජීවත්වීමට තව දින ඉල්ලා යදිනු ඇත.

ස්වාමින්වහන්සේගේ ඥාණයෙන් අප සෑම කෙනෙකුට සහතික විය හැකි දෙයක් ප‍්‍රධානය කිරීමට තීරණය කළ සේක. එනම්, අපට ජීවත් වීමට දවසක් තිබිමය. අපේ එම දවස සාර්ථක කර ගත හැකි යතුර නම්, පරිත්‍යාග කිරීමට කැමති වීමය.

ස්වාමින් මෙසේ කී සේක. බලව, එය අද යැයි කියනු ලබන්නේ, මිනිසාගේ පුත‍්‍රයා පැමිණෙන තුරුය. සහ ඇත්තෙන්ම එය පූජා කිරීමේ දවසයි. (දහම සහ ගිවිසුම 64:23; අවධාරන සහිතයි).

පරිත්‍යාගයේ ඉංග‍්‍රිසි වචන වන Sacrifice යන්න සෑදි ඇත්තේ ලතින් වචන වන සේසර්, එනම් පූජනීය සහෆෙසරේ එනම් කිරීම යන්නයි. වෙනත් වචනයකින් කියනවා නම්, ඔවුන්ට ගෞරවය ගෙන ඒම පිනිස, කාරණා පූජනීය කිරීමය.

“පරිත්‍යාගය මගින් අපට ස්වර්ගයේ ආශිරිවාද ගෙනු දෙනු ලබයි”. (“Praise to the Man,” ගීතිකාවනො. 27).

කුමන ආකාරයෙන්ද පූජාව, අපේ දවස් අර්ථවත් සහ ආශිර්වාද ලත් කරන්නේ?

පලවැන්න, පුද්ගලික පරිත්‍යාග කිරීම්, අපව ශක්තිමත් කර සහ අප කළ පරිත්‍යාගයට වටිනාකමක් ගෙන දෙන්නේය.

අවුරුදු කිපයකට පෙර එක් නිරහාර ඉරිදාවක, සහෝදරියක්, ඇගේ සාක්ෂිය බෙදා ගැනීම පිණිස දේශනා කූඩුවට ආවාය. ඇය පේරු වේ ඇමසන් හි ඉකොටෝස් නගරයේ ජිවත් වන බව කීවාය. ලිමා පේරුවේ ඇති දේවමාළිගායට ගොස්, නියෝග ලබා ගැනීමේ අරමුන, ඇය බෞතීස්ම වු දින පටන් නිතරම තීබු බව කීවාය. ඇය ඇදහීමෙන් සම්පුර්ණ දසයෙන් කොටස ගෙවා ඇගේ සුලූ ආදායම අවුරුදු පුරා ඉතුරු කළාය.

දේවමාළිගයට ගොස් පූජනීය නියෝග ලැබීම ගැන ඇගේ සතුට මෙම වදනින් ප‍්‍රකාශ කළාය. “මට කියන්න හැකියි, මම අද තිරය තුළින් යාමට සුඋදානම් බව. ලෝකයේ සතුටුම ස්ත‍්‍රිය මමයි. මා කොපමණ කල්සිට මුදල් ඉතිරි කලෙද යන්න ඔබ දන්නේ නැතුව ඇති. දින 7 ක් ගංගාවේ සහ පැය 18 ක් බසයේ ගොස් අන්තිමට ස්වාමීන්වහන්සේගේ නිවසට පැමිණියෙමි. එම ශුද්ධ වූ ස්ථානය හැර යනවිට මා මටම කියා ගත්තා, මට දේවමාළිගාවට පැමිණිමට කොතරම් පරිත්‍යාග කිරීමට සිදුවූවාද, සියලූ ගිවිසුම්, සැහැල්ලූවකට ගැනීමට මා කිසි දෙයකට ඉඩ තබන්නේ නැත. එය පලක් නැති වන්නේය. මෙය ඉතා ගාම්භීර කැපවීමකි.

පුද්ගලික පරිත්‍යාග මගින් අපේ අධිශ්ඨාන සහ තීරණ ගැනීම සඳහා, වටිනා බලවේගක් ඇතිවන බව මේ ප‍්‍රියමනාප සහෝදරියන්ගෙන් මා ඉගෙන ගතිමි. අපේ ක‍්‍රියාවන්ට හා කැපවීම් වලට සහ ගිවිසුම් වලට සහ ශුද්ධ වූ කාරණා වන්ට අර්ථ ගෙන දීමට අපේ පුද්ගලික පරිත්‍යාග බලවේගයක් වන්නේය.

දෙවැන්න, අප අන් අය වෙනුවෙන් වන කැපවීම් සහ අන් අය අප වෙනුවෙන් කරණ කැපවීම් නිසා, අප සියලූ දෙනාට අශිර්වාද ලැබෙන්නේය.

මා දන්ත වෛද්‍ය පීටයේ ඉගෙන ගන්නා අවධියේ, අපේ ප‍්‍රදේශයේ ආර්තිකය එතරම් යහපත් වූයේ නැත. උද්දමනය විශ්මය ලෙස මුදලේ අගය දිනෙන් දින අඩු කලේය.

මට මතකයි, මට ශෛල්‍ය කර්ම පුහුණුවීමි සඳහා යාමට තිබූ අවුරුද්දේ, මට නියම වී තිබුණා ශෛලය කර්මයන්ට උවමනා සියලූ උපකරණ, ලියාපදිංචි වීමට පෙර ගැනීමට. එයට උවමනා මුදල් මගේ දෙමව්පියන් ඉතිරි කර තිබුණි. නමුත්, ඒක් රැයක විශ්ම ජනක යමක් සිදු විය. අපි උපකරණ ගැනීමට ගිය විට, මගේ දෙමව්පියන් සියලූ උපකරණ ගැනීමට ඉතිරි කළ මුදලින් ගත හැකි වීමට තිබුණේ අක්ශි ජෝඩුවක් පමනි. අපි ගෙදර පැමිණියෙ හිසි අතින් සහ විශ්ව විද්‍යාල වාරයක් මග හැරීම ගැන සිත කම්පා කරගෙනය. හදිසියෙන්ම, මගේ මව මෙසේ කිවේය, “ටයිල මා සමඟ එන්න, අපි එලියට යමු”.

අපි ටවුමේ ආභරණ මිලට ගන්නා සහ විකුණන ස්ථානයකට පැමිණි විට, මගේ මව ඇගේ පසුම්බියෙන් කුඩා නිල් පාට බෑගයකින් ලස්සන රන් වළල්ලක් එලියට ගත්තේය. මගේ පේ‍්‍රමනිය දියණියට ඔබේ පියාගෙන් යැයි, එහි කොටා තිබුණි. මගේ සීයා විසින් මගේ මවට, එය ඇගේ උපන් දිනයකට දුන් රන් වළල්ලකි. මගේ දෑස් ඉදිරිපිට අය එය විකුණුවාය.

ඇයට මුදල් ලැබුණු පසු, ඇය මට මෙසේ කීය. මට යම්කිසි විශ්වාස දෙයක් තිබේ නම් ඒ, නුඹ දොස්තර කෙනෙකු වෙනවා යන්නය. යන්න ගොස් නුඔට උවමනා කරන සියලූ උපකරණ මිලට ගන්න. දැන් එම මොහොතේ සිට මා කුමන ආකාරයේ ශිෂ්‍යයෙකු වූව දැයි ඹබ දන්නවාද? මට උවමනා කල ඉස්තරම් පුද්ගලයා වී, සහ මගේ ඉගෙනීම් ඉක්මනට නිම කිරීමට මන්ද, මම දන්නවා ඇය කළ පරිත්‍යාගයේ වටිනාකම.

අපේ ප‍්‍රියයන් අප වෙනුවෙන් කරන පරිත්‍යාග කිරීම්, අපව ප‍්‍රානවත් කරනවා කාන්තාරයක් මැද ජලය මෙන්. එවැනි පූජා කිරිමි මගින් බලාපොරොත්තු සහ පොළඹවීම් ගෙන දෙනු ලබයි.

තුන්වැන්න. දේව පුත‍්‍රයාගේ පරිත්‍යාගය හා සමාන කරනවිට, අපේ සියලූ පරිත්‍යාගයන් සුලූය.

දෙවියන්වහන්සේගේගේ පුත‍්‍රයානන්ගේ පරිත්‍යාගය හා සමාන කරන විට, රන් වළල්ලක් වුවත්, එහි වටිනාකම කුමක්ද? එම අපරිමිත පූජාවට, අපි කෙසේ ගෞරව කරම්ද? සැම දිනකම අපට ජීවත් වීමට ඇත්තේ එක දවසක් කියා මතක තබාගෙන ඇදහිල්ලෙන් යුතුව සිටින්න. ඇමියුලෙක් ඉගැන්වුවා: එසේය, දැන් නුඹලා පෙරට පැමිණ නුඹලාගේ හදවත් තවදුරටත් දඩිකරනොගන්නේ නම් මම කැමැත්තෙමි, මක්නිසාද බලන්න නුඹලාගේ ගැලවීමේ කාලයත් සහ දවසත් දැන්ය, තවද එසේ හෙයින්, නුඹලා පසුතැවිලි වී නුඹලාගේ හදවත් දැඩිකර ගන්නේ නැතිනම්, නුඹලා වෙතට ඉක්මනින් බලවත් වූ මිදීමේ සැලැස්ම ගෙනෙනු ලබන්නේය” (ඇල්මා 34:31). වෙනත් වචනින් කියනවා නම්, බිඳුනු හදවතකින් සහ තැලූණු ආත්මයකින් පරිත්‍යාගයක් ස්වාමින් වෙත පුද කළ හොත්, එසැනින්ම, සන්තෝෂයේ උතුම් සැලැස්මේ ආශිර්වාද අපේ ජීවිත වලට ප‍්‍රකාශ වනු ඇත.

එයට ජේසුස්වහන්සේගේ පරිත්‍යාගයට ස්තූති වන්ත වන්න මිදීමේ සැලැස්ම පහසුය. පරිත්‍යාගය ගැන එතුමන්ම මෙසේ විස්තර කළ සේක. “මන්ද, සියලූ දෙයට වඩා උදාර දෙවියන වන මමද, වේදනාවෙන් වෙව්ලා, සෑම රෝමකූපයකින් ලේ ගලමින්, ශරීරයෙන් සහ ආත්මයෙන්යන දෙකෙන්ම වේදනා වින්දේය. නමුත් මම එම තිත්ත කුසලානය බිවුවේ නැතිද”? (දහම සහ ගිවිසුම 19:18).

මෙම පරිත්‍යාගය නිසා අවංක පසු තැවීමකින් පසුව අප කල වැරදිවල සහ අපේ පාපයන් වල බර ඔසවනු ලබන්නේය. වරද, ලැජ්ජාව, වේදනාව, දුක අපව පහත් කර සිතීම වෙනුවට පැහැදිලි දැනුවත් වීම. සතුට, සංතෝසය සහ බලාපොරොත්තුව අපට ලැබෙනවා.

ඒ වගේම උන්වහන්සේවගේම පරිත්‍යාගයට අප කලගුන සලකා, ගෞරවය කරන විටදී, කවදාවත් නොකල ලෙස ඉතා උවමනාවෙන් ගිවිසුම් තබා, දෙවිතුමන්ගේ යහපත් දරුවන් වීමට අප තුල තදබල ආශාවක් බොහෝ ලෙස ලැබෙනුයේය.

එවිට, තම පාපයන්ට සමාව ලබා ගත් ඊනොස් මෙන්, අපේ සහෝදර සහෝදරියන්ගේ සුභ සිද්ධිය සඳහා අපව පරිත්‍යාග කිරීමට අපට ආශාවක් ඇතිවේ. (ඊනොස් 1:9බලන්න.) එවිට, අප සෑම දෙනාටම සෑම “එක් දවසක්දී” සභාපති හවඩ් ඩබ්ලිවු. හන්ටර්ගේ ආරාධනය වන “භේදයක් නිවරදි කරන්න, අමතක වූ යහළුවෙක්ව සොයන්න, සැකය මගහැර විශ්වාසය ගොඩනගන්න... මෘදු පිළිතුරු ලබාදෙන්න, තරුණ තරුණයින් දිරිමත් කරන්න, ඔබගේ අවංක බව වචනයෙන් සහ ක්‍රියාවෙන් පෙන්වන්න, පොරොන්දු ඉටුකරන්න, එදිරිවාදිකම් අමතක කරන්න, සතුරෙකුට සමාව දෙන්න, සමාව ඉල්ලන්න, තේරුම්ගන්න උත්සහ කරන්න, අන් අය ඔබවෙත ඇති ඉල්ලීම් පරික්ෂා කරන්න, තවකෙනෙකු ගැන මුලින්ම සිතන්න, කරුණාවන්ත වන්න, ආචාරසම්පන්න වන්න, ටිකක් වැඩියෙන් හිනාවෙන්න, ඔබගේ ස්තුතිය පලකරන්න, ආගන්තුකයෙකු පිළිගන්න, දරුවෙකුගේ හිත සතුටු කරන්න.. ඔබගේ ආදරය ප්‍රකාශ කර නැවතත් එය ප්‍රකාශ කරන්න” ඉතා උවමනාවෙන් අනුගමනය කරයි. (Teachings of Presidents of the Church: Howard W. Hunter [2015], 32; adapted from “What We Think Christmas Is,” McCall’s, Dec. 1959, 82–83).

අපේ පුද්ගලික පරිත්‍යාගයෙන් සහ, අප අන් අය වෙනුවෙන් කරන පරිත්‍යාග සහ අන් අය අප වෙනුවෙන් කරන පරිත්‍යාග වල ජවයෙන් සහ ශක්තියෙන් අපේ දවස් පිරෙනු ලැබේවා. විශේෂ ලෙස කියනවානම්, ඒක ජාතකයාණන්ගේ පරිත්‍යාගය අපට පිරිනමන සාමය සහ ප‍්‍රමෝදය අපි භුක්ති විඳිනු ලැබේවා. මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් ආදම්ගේ වැටීම ගැන කියවන විට සඳහන් වන සාමය, එම මිනිසා යනු ඔබයි - මිනිසා වන ඔබට, සන්තෝෂය ලැබෙනු පිණිස. (2 නෙපි 2:25 බලන්න) එම ප‍්‍රමෝදය සැබෑ ප‍්‍රමෝදයයි. එය සැපයිය හැක්කේ ගැලවුම්කරුවාණන් වන ජේසුස් කි‍්‍රස්තුස් තුමන්ගේ පරිත්යාගයෙන් සහ වන්දි ගෙවීමෙන් පමණි

සැම විටම, තව එක් දවසක් ජීවත් වීමට අපට අවස්ථාව ලැබීමේදී, අපි එතුමන්ව අනුගමනය කරමින්, විශ්වාසය කරමින්, පේ‍්‍රම කරමින් සහ අප ජීවත්වන සෑම එක දවසකදීම එතුමන්ගේ පරිත්‍යාගයෙන් දක්වන පේ‍්‍රමය අපට හැගීමට ලැබීම මගේ යාඥාව. ජේසුස් කි‍්‍රස්තුස් තුමන්ගේ නාමයෙන් ආමේන්.