2010–2019
සෑමවිටම උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමග පවතින පිණිසය
2018 අප්‍රියෙල්


සෑමවිටම උන්වහන්සේගේ ආත්මය ඔබ සමග පවතින පිණිසය

මගේ මුළු හදවතින්ම මම යාච්ඤා කරනවා නොමසුරුව ඔබට ලබා දී ඇති ආත්මයේ කටහඩ ඔබට ඇසෙන ලෙසට.

මගේ සහෝදර සහෝදරියනි, මේ පාස්කු සමයේ, උන්වහන්සේගේ සභාවේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, ස්වාමින්වහන්සේගේ සබත් දවසේ, ඔබට කතාකරන්නට ලැබුණු අවස්තාව ගැන මම ස්තූතිවන්ත වෙනවා. සිය කැමැත්තෙන්ම අපේ මිදුම්කරුවාණන් වන්නට මේ පොළවට පැමිණි උන්වහන්සේගේ ප්‍රේමනීය පුත්‍රයාණන් වෙනුවෙන් මම ස්වර්ගයේ වැඩසිටින පියාණන්වහන්සේට ස්තූති කර සිටිනවා. උන්වහන්සේ අපගේ පව් වෙනුවෙන් වන්දිගෙවා උත්තානයේදී නැවත නැගිටි බව දැනගැනීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා දවසක මමත් නැවත නැගිට ආදරණීය පවුලක ජීවත් වන බව දිනපතාම දැනගැනීමට හැකිවීම මා ලද ආශිර්වාදයක්.

අපි හැමෝටම මේ දේ දැනගන්න තියන එකම මාර්ගය තුළිනුයි මම මේ දේවල් දැනගත්තේ. එක් වරක් නෙවේ නිතරම, ශුද්ධාත්මයාණන්වහන්සේ මගේ මනසටත් හදවතටත් කතා කරලා මේ දේවල් ඇත්ත බව කියලා තියනවා. ඒ නොනැවතෙන සැනසුම මට අවශ්‍යයි. ශුද්ධාත්මයාණන්ගෙන් සරණක් අවශ්‍ය වෙන විදිහේ දුක් සහිත අත්දැකීම් අපි හැමෝටම එනවා. එක දවසක් මම මගේ පියාත් එක්ක හිටගෙන රෝහලක ඉද්දි මට ඒක දැනුනා. මගේ මව ගන්නා නොගැඹුරු හුස්ම කීපයක් දිහා අපි බලාගෙන හිටියා - මොහොතකින් එය නැති වෙලා ගියා. අපි ඇය දිහා බලාගෙන ඉද්දී, වේදනාව නැතිවෙනවාත් එක්කම ඇය සිනාසෙමින් සිටියා. නිහඬ මොහොතවල් කීපයකට පසු, මගේ පියා මුලින්ම කතා කළා. ඔහු මෙහෙම කිව්වා, “පුංචි දියණියක් ගෙදර ගිහිල්ලා.”

ඔහු ඉතා සියුම්ව කිව්වා. ඔහු සාමයෙන් සිටින බව පෙනෙන්නට තිබුනා. සත්‍ය බව ඔහු දන්නා දෙයක් ඔහු වාර්තා කරමින් සිටියා. නිහඬවම මවගේ පුද්ගලික බඩු මුට්ටු එකතු කරන්නට ඔහු පටන් ගත්තා. ඔහු රෝහල් ශාලාව දිගේ යමින් ඇයට දින ගණනක් සේවය කල හෙදියන් හා දොස්තරවරුන් එක් එක්කෙනාට ස්තූති කරන්නට පටන් ගත්තා.

ඔහු එදා දවසේදී කල දේවල් කරන්නට, දැනෙන්නට, ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහය මගේ පියාට තිබුනා. බොහෝ දෙනක් මෙන්ම ඔහුටත් ඒ පොරොන්දුව ලැබී තිබුනා: “උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමග පවතිනු ඇත.” (දහම සහ ගිවිසුම20:79).

අද දවසේදී මගේ බලාපොරොත්තුව ශුද්ධාත්මයාණන්වහන්සේ ලබාගැනීමට ඔබගේ උවමනාවත් හැකියාවත් වර්ධනය කිරීමයි. මතක තබාගන්න, උන්වහන්සේ දේව ත්‍රිත්වයේ තෙවන සාමාජිකයායි. පියාණන් සහ පුත්‍රයාණන් වහන්සේලා නැවත නැගිටි අයයි. ශුද්ධාත්මයාණන්වහන්සේ ආත්මයාණන් වහන්සේයි.(දහම සහ ගිවිසුම 130:22බලන්න.) උන්වහන්සේව ඔබේ හදවතට සහ මනසට ආරාධනා කර ලබාගැනීම ඔබේ තේරීමක්.

ඒ දිව්‍යමය ආශිර්වාද ලැබීමට අවශ්‍ය කොන්දේසි සෑම සතියකම කථාකෙරෙන වචන වලින් පැහැදිලි උනත් ඒවා බොහෝ වේලාවට අපේ හදවතට සහ මනසට කිඳා බහින්නේ නෑ. ශුද්ධාත්මයාණන් අප වෙතට හැමවෙලාවෙදීම එවන්නට නම් ගැලවුම්කරුවාණන්වත් සහ “උන්වහන්සේගේ අණපනත් පිලිපදින්නටත්” අපි “හැමවෙලේම මතකතබාගත යුතුයි” (දහම සහ ගිවිසුම20:77).

නැවත නැගිටි අයෙක් ලෙස උන්වහන්සේගේ නැගිටීමත් ගැලවුම්කරුවාණන්ගේ වන්දි ගෙවීමත් මතක තබා ගන්නට අවුරුද්දේ මේ කාලය අපිට උදව් වෙනවා. අපි බොහෝ දෙනෙක් ඒ අවස්ථාවල රූප අපේ මතකයන්ගේ තබාගෙන සිටිනවා. යෙරුසලමේ සොහොන් ගෙයක් පිටත මමත් මගේ බිරිඳත් දවසක හිටගෙන හිටියා. කුරුසියේ දිවි ගෙවූ ගැලවුම්කරුවාණන් ජීවත් වන දෙවි කෙනෙක් ලෙස නැවත නැගිටියේ එම සොහොන් ගෙයතුල බව ගොඩක් අය විශ්වාස කළා.

එක් ගෞරවනීය මගපෙන්වන්නෙක් ඔහුගේ අතින් පෙන්වමින් අපිට මෙහෙම කිව්වා, “එන්න, බලන්න මේ හිස් සොහොන් ගෙය.”

ඇතුලට යන්නට අපි ඉදිරියට නැමුනා. බිත්තියට විරුද්ධව තිබූ ගල් බංකුවක් අපි දැක්කා. නමුත් මගේ මනසට තවත් චිත්‍රයක් ආවා, අපේ ඒ දවසේ දැකපු දෙය ඇත්තක් වගේ. ඒ තමයි, ප්‍රේරිතවරයෙකු විසින් සොහොන් ගෙය ළඟ තබා ගිය මේරි. ඒ තමයි ශුද්ධාත්මයාණන් විසින් මගේ මනසට අසන්නටත් දකින්නටත් සැලැස්වූ දෙය, හරියට මම එතන ඉඳල තියනවා වගේ ඒ දේ පැහැදිලි උනා.

“නුමුත් මරියා සොහොන්ගෙය ළඟ පිටත හඬමින් සිටියාය. මෙසේ ඈ හඬන්නී, නැමී සොහොන්ගේ ඇතුළ බැලුවාය.

“එවිට යේසුස්වහන්සේගේ ශරීරය තබනලද ස්ථානයෙහි සුදු වස්ත්‍ර හඳනා ලද දේවදූතයන් දෙදෙනෙක් එක්කෙනෙක් හිස ළඟද එක්කෙනෙක් පාද ළඟද ඉඳගෙන ඉන්නවා දුටුවාය.

එකල ඔව්හු: ස්ත්‍රිය, මක්නිසා හඬනවාදැයි ඇගෙන් ඇසුවෝය. ඈ ඔවුන්ට කථාකොට: මාගේ ස්වාමීන්වහන්සේව අහක්කොට ගෙනගොස් කොතැන තබන ලද්දේදැයි මා නොදන්නා නිසායයි කීවාය

ඈ මෙසේ කියා, ආපසු හැරී, යේසුස්වහන්සේ සිටිනවා දුටුවාය, නුමුත් ඒ යේසුස්වහන්සේ බව ඈ නොදත්තීය.

යේසුස්වහන්සේ: ස්ත්‍රිය, ඔබ මක්නිසා හඬනවාද? කවරෙකු සොයනවාදැයි ඇගෙන් ඇසූසේක. ඈ උන්වහන්සේ උයන්ගොව්වායයි සිතා: ස්වාමීනි, ඔබ උන්වහන්සේව ගෙනගියානම්, උන්වහන්සේ කොතැන තැබුවාද කියා මට කිව මැනව, මම උන්වහන්සේ ඉවත්කොට ගෙනයමියි කීවාය.

යේසුස්වහන්සේ: මරියා කියා ඈට කීසේක. ඈ හැරී හෙබ්‍රෙව් භාෂාවෙන්: රබ්බෝනියි උන්වහන්සේට කීවාය; එහි අර්ථය ආචාරිනි යනුයි.

“මට අත නොගසන්න, යේසුස්වහන්සේ කී සේක; මක්නිසාද මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි. නුමුත් මාගේ සහෝදරයන් ළඟට ගොස්- මම මාගේ පියාණන්වහන්සේ හා ඔබ සැමගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා ඔබ සැමගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි ඔවුන්ට කියන්නැයි ඈට කීසේක.” (යොහාන්20:11–17).

සොහොන් ගෙය අසලදී මේරිට දැනුනු දෙයත්, ප්‍රේරිතවරුන් දෙදෙනා එම්මොස් කරා යන මග නැවත නැගිට සිටි ගැලවුම්කරුවාණන්, උන්වහන්සේ යෙරුසලමට ආගන්තුකයෙකු යයි සිතමින් උන්වහන්සේ සමග ගමන් කරද්දී ඔවුන්ට දැනුනු දෙයත් වැනි දෙයක් දැනෙන්නට කියා මම යාච්ඤා කළා:

“නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව” කියා උන්වහන්සේට උදක්ම පෙරැත්ත කළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක.

“තවද උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට වාඩිවූ කල්හි, රොටි රැගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දුන්සේක.”

“එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය. එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක.”

එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.” (ලූක්24:29–32).

ඒ වචන වලින් සමහරක් අවුරුදු 70 කටත් වඩා කලින් මම සහභාගී වුනු සක්‍රමේන්තු රැස්වීමකදී නැවත කතා කළේය. ඒ දවස් වලදී සක්‍රමේන්තු මෙහෙය පැවැත්වුනේ සවස් කාලයේදීයි. එලිය ඒ වෙලාවේ අඳුරුව තිබුනා. මේ හුරු වචන සභාව ගායනා කරන්නට උනා. ඒවා බොහෝ වරක් මට ඇහිලා තිබුනා. නමුත් මගේ සදාකාලික මතකය ඒ රාත්‍රියේ හැඟීම් මත නැවතුනා. එය ගැලවුම්කරුවාණන් වෙතට මාව ලංකලා. කෙසේ නමුත්, ඒ දේ අපි හැමටම නැවත එන පිණිස මම ආයෙත් ඒ වචන කියන්නම්:

සවස් වන තුරු මා සමග රැඳෙන්න

දිනය නිමවෙලා ගෙවිලා ගිහින්;

සවස අන්ධකාරයේ සෙවනැලි;

රාත්‍රිය ලඟා කරවනවා.

මගේ හදවතේ ආගන්තුකයාව පිලිගන්නවා

මගේ නිවසේ රැඳෙන්නට.

මගේ නිවසේ රැඳෙන්නට

ඔබගේ ගමන අද මා සමගයි

මගේ හදවත මා තුල දැවෙනවා,

මම ඔබ සමග කතා කරන විට.

ඔබගේ අව්‍යාජ වචන මාගේ ආත්මයම පුරවලා

ඔබගේ පසෙක මාව තබලා.

අනේ ගැලවුම්කරුවාණනි, මේ රාත්‍රියේ මා සමග රැඳෙන්න;

බලන්න, සවස් කාලය දක්වා පමණක්වත්.

අනේ ගැලවුම්කරුවාණනි, මේ රාත්‍රියේ මා සමග රැඳෙන්න;

බලන්න, සවස් කාලය දක්වා පමණක්වත්. 1

අවස්තාවන් වල මතකයන්ට වඩා වැදගත්ම දේ වෙන්නේ, ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ හදවත් ස්පර්ශ කර සත්‍ය පිලිබඳ නොකඩවාම උන්වහන්සේ දෙන තහවුරු කිරීමේ මතකයයි. අපේ ඇසින් දකිනවාටත්, කියවූ හා ඇසුණු වචන මතක තබාගන්නවාටත් වැඩියෙන් ඉතාම වටින්නේ, ශුද්ධාත්මයාණන්ගේ නිහඬ හඬින් අනුබද්ධ වූ හැඟීම් නැවත මතක් කිරීමයි. කලාතුරකින්, එම්මවුස් වලට ගමන් ගත් ගමන්ගන්නන් වගේ - මගේ හදවතේ සියුම් නමුත් නොවරදිය හැකි ගින්නක් මට දැනිලා තියනවා. ගොඩක් වේලාවට, එය ආලෝකයේ සහ නිහඬ ආරක්ෂණයේ හැඟීමක්.

අපිට ශුද්ධාත්මයාණන්වහන්සේ සහයකයෙක් ලෙස මිල කල නොහැකි පොරොන්දුව සහ ඒ ත්‍යාගය ලබාගන්නා ආකාරය ගැන සත්‍ය මගපෙන්වීම් තියෙනවා. “ශුද්ධාත්මයාණන්වහන්සේ ලබාගන්න” යන වචන ස්වාමීන්වහන්සේ බලය පැවරූ සේවකයෙක් ඔහුගේ අත් අපේ හිස මත තබා කියා තියෙනවා. ඒ මොහොතේදී, උන්වහන්සේව අප වෙත එවන සැනසුම ඔබටත් මටත් තියනවා. නමුත් අපේ බැඳීම නම් අපේ හදවත් විවෘත කර ශුද්ධාත්මයාණන්ගේ සේවය ජීවිත කාලය පුරාම ලබාගැනීමයි.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ අත්දැකීම අපට මෙහෙයවීමක් ලබාදෙනවා. ඔහු කල යුතු දෙය ඉටුකරන්නට ඔහුගේම ප්‍රඥාව පමණක් ප්‍රමාණවත් නොවන බව දැනගෙන ඔහු ඔහුගේ සේවය ආරම්භ කලා. දෙවියන්වහන්සේ ඉදිරියේ නිහතමානී වීමට ඔහු තෝරාගත්තා.

ඉන්පසු, දෙවියන්වහන්සේගෙන් අසන්න ජෝසෆ් තෝරාගත්තා. දෙවියන්වහන්සේ පිළිතුරු දේ යැයි ඇදහිල්ලකින් ඔහු යාච්ඤා කළා. ඔහු තරුණ පිරිමි ළමයෙක් කාලයේදී ඔහුට පිළිතුර ලැබුනා. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සභාව ගොඩනැගුවේ කෙසේ දැයි ඔහුට දැනගන්නට අවශ්‍ය වූ විට ඒ පණිවිඩ ඔහු කරා පැමිණියා. ඔහුගේ ජීවිතය පුරාවටම ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහුව අස්වැසුවා සහ මෙහෙයවුවා.

අමාරු අවස්ථා වලදී ඔහු දේව ආඥා වලට කීකරු උනා. උදාහරණයක් ලෙස, ඔහුට දොළොස්දෙනාව අවශ්‍යම අවස්ථාවේදී ඔවුන්ව එංගලන්තයට යැවීමට ඔහුට මගපෙන්වීමක් ලැබුනා. ඔහු ඔවුන්ව යැවුවා.

ඔහු සිරගතවී සිටි අවස්ථාවේදී හා ශුද්ධවන්තයන් පිඩාවට ලක්වී සිටි අවස්ථාවේදී, ශුද්ධාත්මයාණන් තුලින් ලද නිවැරදි කිරීම් සහ සැනසුම ඔහු පිළිගත්තා. ඔහු කාර්තේජ් මාර්ගයේ පහලට යනවිට මරණ අවධානමක් තිබූ බව දැනගෙනත් ඔහු කීකරු උනා.

ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නොකඩවා ආත්මික මගපෙන්වීමත් සැනසීමත් ලබාගන්න ආකාරය අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඔහුගේ ආදර්ශයෙන් අපිට පෙන්නුවා.

ඔහු ගත් පළමු තෝරාගැනීම වුනේ දෙවියන්වහන්සේ ඉදිරියේ නිහතමානී වීමයි.

දෙවනුව ඔහු ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇදහිල්ලෙන් යුතුව යාච්ඤා කළා.

තෙවනුව ඔහු සම්පුර්ණයෙන්ම කීකරු උනා. කීකරුකම කියන්නේ ඉක්මනින් ගමන් කිරීමයි. සුදානම්වීමත් එයින් අදහස් කරන්න පුළුවන්. හෝ තවත් මගපෙන්වීම් සඳහා ඉවසීමෙන් බලාසිටිමත් එයින් අදහස් කරන්න පුළුවන්.

හතරවෙනි දෙය තමයි අනෙක් අයගේ හදවත් වල ඇති අවශ්‍යතා දැනගෙන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් ඔවුන්ට උදව් කරන්නට දැනගැනීම සඳහා යාච්ඤා කිරීම. ජෝසෆ් සිරගත වෙලා ඉද්දි දුකින් සිටින ශුද්ධවන්තයන් වෙනුවෙන් ඔහු යාච්ඤා කළා. මට ලැබිලා තියන අවස්තාව තමයි අනාගතවක්තෘවරුන් දෙවියන්වහන්සේට යාච්ඤා කරද්දී ඔවුන්ව බලා හිඳ, පෙළඹවීම් සඳහා ඉල්ලීම, මගපෙන්වීම් ලබාගැනීම, සහ ඒ මත ක්‍රියාකිරීම.

මම ගොඩක් වේලාවට දැකලා තියන දෙයක් තමයි ඔවුන් යාච්ඤා කරන්නේ ඔවුන් සේවය කරන හා ආදරය කරන සෙනග වෙනුවෙන්. අන් අය ගැන ඔවුන්ට ඇති උවමනාව පෙළඹවීම් වලට ඔවුන්ගේ හදවත් විවෘත කරනවා. එය ඔබ සඳහාත් සත්‍යයි.

ස්වාමීන්වහන්සේ වෙනුවෙන් අන් අයට සේවය කරන්නට, පෙළඹවීම් අපට උදව් වෙනවා. මට වගේම ඔබලාගේ අත්දැකීම් වලත් ඔබ එය දැකලා තියනවා. මගේ බිරිඳ ඇයගේ ජිවිතයේ මහත් පිඩාවක ඉන්නා අතරතුර - මගේ සභානායකවරයා දවසක් මට මෙහෙම කිව්වා - “කොට්ටාශයේ යම් කෙනෙකුට උදව් අවශ්‍ය බව මට ඇසුණු හැමවෙලාවකම, මම එතනට ගිය පසු, මම දකිනවා ඔබටත් කලින් ඔබේ බිරිඳ එතන ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද?”

ඇය හරියට ස්වාමින්වහන්සේගේ රාජධානියේ ඉන්න ශ්‍රේෂ්ට සේවකයන් වගේ. ඔවුන් කරන දේවල් දෙකක් තියන බව පේනවා. තමා ලඟින්ම සිටින සහයකයා ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබීමට ඔවුන් සුදුසුකම් ලබලා තියනවා. තවත් ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ආදරය වූ ප්‍රේමයේ ත්‍යාගය ලබන්නට ඔවුන් සුදුසු වෙලා තියනවා. ඔවුන් ඔවුන්ව ස්වාමීන්වහන්සේ වෙනුවෙන් ප්‍රේමයෙන් යුතුව සේවය කරන්නට යොමු කරද්දී ඒ ත්‍යාග ඔවුන් තුල වර්ධනය වෙලා තියනවා

යාච්ඤාව, පෙළඹවීම සහ ස්වාමින්වහන්සේගේ ප්‍රේමය අපේ සේවයට එකතු වී ඇති අයුරු මේ වචන වලින් සර්ව සම්පුර්ණව පැහැදිලි කරනවා:

“ඔබ සැම විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ටකරන්නෙමි .

“ඔබ සැම මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්නහුය.

“මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ ඔබ සැම සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු ඔබ සැමට දෙනසේක;

“ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. ඔබ සැම උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ ඔබ සැම සමඟ නැවතී සිටිනසේක, ඔබ සැම තුළෙහි සිටිනසේක.

“ඔබ සැම අනාථව නාරින්නෙමි. ඔබ සැම වෙතට එමි.

“තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් ඔබ සැම මා දකින්නහුය. මා ජීවත්වන බැවින් ඔබ සැමත් ජීවත්වන්නහුය.

“ඒ දවසේදී මා පියාණන්වහන්සේ තුළෙහිද ඔබ සැම මා තුළෙහිද මා ඔබ සැම තුළෙහිද සිටින බව ඔබ සැම දැනගන්නහුය.

“යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක” (යොහාන්14:14–21).

පියාණන්වහන්සේ මේ අවස්ථාවේදී ඔබ ගැනත්, ඔබේ සිතිවිලි ගැනත්, සහ ඔබ වටේ සිටින සෑම කෙනෙකුගේම ආත්මික සහ භෞතික අවශ්‍යතා ගැනත් අවධානයෙන් සිටින බවට මම මගේ සාක්ෂිය බෙදා ගන්නවා. ඒ ත්‍යාගය ඇති සැමටත්, ආශිර්වාද ඉල්ලන සැමටත්, ඒ සඳහා සුදුසු වන්නට සොයන අයටත්, පියාණන් හා පුත්‍රයාණන් විසින් ශුද්ධාත්මයාණන්ව එවන බවට මම මගේ සාක්ෂිය බෙදා ගන්නවා. පියාණන්වහන්සේවත්, පුත්‍රයාණන්වහන්සේවත්, ශුද්ධාත්මයාණන්වහන්සේවත් අපේ ජිවිත තුලට බලෙන් ඇතුළු වන්නේ නෑ. තෝරාගන්නට අපි නිදහස්. ස්වාමීන්වහන්සේ හැමෝටම මෙහෙම කිව්වා:

“මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.

“මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි

“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා” (එළිදරව්3:20–22).

ඔබ වෙනුවන්ම නිර්ලෝභීව එවා ඇති, ශුද්ධාත්මයාණන්ගේ හඬ ඔබට ඇසේවා යැයි මුළු හදවතින්ම මම ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා. ඔබ හැමවිටම ඔබේ හදවත විවෘත කර උන්වහන්සේව ලබාගන්නා ලෙස මම යාච්ඤා කරනවා. ඔබ සත්‍ය උවමනාවකින් ඇදහිල්ලෙන් යුතුව පෙළඹවීම් සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අසන විට, උන්වහන්සේගේ වෙලාවේදී උන්වහන්සේගේ ආකාරයට ඔබට එය දෙනු ලබයි. තරුණ ජෝසෆ් ස්මිත් සඳහා දෙවියන්වහන්සේ එසේ කලා. අපේ ජීවත් වන අනාගතවක්තෘවරයා වන සභාපති රසල් එම්. නෙල්සන් සඳහා උන්වහන්සේ එසේ කරනවා. උන්වහන්සේ ඔබව උන්වහන්සේගේ අනෙක් දරුවන්ගේ මාර්ගයේ තබා තිබෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් ඔවුන්ට සේවය කිරීමටයි. මම එය දන්නේ මගේ ඇසින් මම දැක ඇති දේ නිසා පමණක්ම නොවෙයි නමුත් ඉතා බලවත් ලෙස ශුද්ධාත්මයාණන් මගේ හදවතට කෙඳිරූ දේ නිසයි.

පියාණන්වහන්සේගේත් උන්වහන්සේගේ ප්‍රේමනීය පුත්‍රයාණන්ගේත් ආදරය මේ පොලවේ දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහිත් ආත්මික ලෝකයේ උන්වහන්සේගේ දරුවන් කෙරෙහිත් ඇති අයුරු මට දැනිලා තියනවා. මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ සැනසුමත් මගපෙන්වීමත් දැනිලා තියනවා. ඔබගේ සහයකයෙකු වශයෙන් ඔබ සමග ශුද්ධාත්මයාණන් සිටීමේ ප්‍රීතිය ඔබට සැමවිටම ලැබේවායි මම යාච්ඤා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. “Abide with Me; ’Tis Eventide,” Hymns, no. 165.