2010–2019
දේව සේවය
2018 අප්‍රියෙල්


දේව සේවය

අපි අන්අය වෙනුවෙන් දේවසේවය කිරිමට හා රැකබලා ගැනිමට වඩා අලුත් ආකිරයකින් ප්‍රවිෂ්ඨ වෙමු.

වැඩිහිටි ගොන්ග් සහ වැඩිහිටි සෝර්ස්ට ඔවුන්ගේ හදවතට දැනුනු ඇදහිල්ලේ ප්‍රකාශ සඳහා ස්තූතිවන්ත වෙනවා. ඔබ සහ ඔබේ සහකාරියන් සඳහා අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා.

ආදරණීය සහෝදර සහෝදරියනි, දෙවියන්වහන්සේගේ අණපනත් තැබීම සඳහා අපේ සාමාජිකයන්ට උදව් වන්නේ කෙසේද යන්න අපි නිරතුරුව මෙහෙයවීම ස්වාමීන්වහන්සේ හරහා සොයනවා, විශේෂයෙන්ම ඒ ඉතා විශේෂ අණපනත් යුගලය වන දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපේ අසල්වැසියාට ප්‍රේමකිරිම ගැන.1

මාස ගණනාවක්ම, අපේ සෙනගට ස්වාමින්වහන්සේගේ ආකාරයට ආත්මිකවත් භෞතිකවත් දේව සේවය කරන අයුරු සොයමින් සිටියා.

අපි දැනගෙන උන්නු “නිවාස බැහැදැකීම” සහ “බැහැදැක ඉගැන්වීම” යන ඒවා ඉවත් කරන්නට අපි තීරණයක් ගත්තා. ඒ වෙනුවට, අන් අයට දේව සේවය කරන්නට ශුද්ධවන්ත සහ අලුත් ආකාරයක් අපි ක්‍රියාවට නැංවුවා, මේ ප්‍රයත්න සරලව අපි “දේව සේවය” යන්නෙන් හඳුන්වමු.

සහෝදරියන්ට සහජයෙන්ම ඇති ත්‍යාග මගින් සහ සංසන්දනය කල නොහැකි බලයක් වූ පුජකවරයෙන් ප්‍රතිපලදායි දේව සේවා ප්‍රයත්නයන් පැවරෙනවා. නපුරේ කපටි ප්‍රයෝගයන්ට එරෙහිව අපිට එවැනි ආරාක්ශාවක් අවශ්‍ය වෙනවා.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගනපුර්ණයේ වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් සහ සහන සමිති ප්‍රධාන සභාපතිත්වයේ ප්‍රධාන සභාපති ජීන් බී. බින්ග්හම් සහෝදරිය, දැන් විස්තර කරයි නියම කරන ලද පූජකවර සහෝදරයින් සහ නියම කරන ලද සහන සමිති සොයුරියන් සහ තරුණ කාන්තාවන් ලොව පුරා සභා සාමාජිකයන්ට සේවය කිරීමේ සහ බලාගැනීමේ කාර්යය ඉටු කරන ආකාරය.

පළමු සභාපතීත්වය සහ දොළොස්දෙනාද එකතුව එම පණිවිඩය අනුමත කරනවා. ස්තුතිවන්තව සහ යාච්ඤාශීලීව සභා ඉතිහාසයේ අලුත් පිටුවක් අපි ආරම්භ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.