2010–2019
වැඩිහිටි ඝණපූර්ණය
2018 අප්‍රියෙල්


වැඩිහිටි ඝනපූර්ණය

කොට්ඨාශයක එක් මෙල්කිසදෙක් පූජකවර ඝණපූර්ණයක් ඇතිකර ගැනීමෙන් ගැලවීමේ සියලු කාර්යන් ඉටු කිරිම සඳහා පූජකවරයින් ඒකාබද්ධ කරයි.

මෙම අවසාන කාලපරිච්චේදයේදී සභාව සංවිධානය කොට වැඩිකල් යාමට මත්තෙන්, ස්වාමින්වහන්සේ මෙසේ එළිදරව් කළ සේක. “ඔබ ඇදහිල්ලෙන් යාච්ඤා කළ විට ඔබට මාගේ නීතිය ද, මාගේ සභාව පාලනය කළ යුතු ආකාරය හා සෑම දෙයක්ම මා අභිමුව තැබීමට හැකියාව ලැබෙනු ඇත.”1 එතැන් පටන් මෙම මූලධර්ම සභාව මගින් අනුගමනය කරන ලද අතර, ස්වාමින්වහන්සේද උන්වහන්සේ දුන් පොරොන්දුව එලෙසම රකින ලදි. මෙලෙස පූජකවර සංවිධානය හා එහි සේවය පිළිබඳව විවිධ අනාවරණයන්, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ පූජක නිලයන් සහ ඝණපූර්ණයන්ගේ ආරම්භ වීමේ සිටම, විටින් විට ලැබී ඇත. වැදගත් පිරිපහදුවක් එළිදරව්වීම සහ ඒවා ක්‍රියාවක නැංවීමද සභාපතීන් වූ බ්‍රිගම් යන්ග්, ජෝන් ටේලර්, ස්පෙන්සර් ඩබ්. කිම්බල් සහ අනෙත් අය අතර නිලයන් දරණ දොළොස්දෙනෙකුගෙන් සමන්විත ඝණපූර්ණයක්, හැත්තෑවරුන්, උත්තම පූජකයින් සහ අනෙකුත් නිලයන් සහ ඝණපූර්ණයන් ආරෝනික සහ මෙල්කිසදෙක් පූජකවර වකවානු තුළ සිදුවිය.2 දැන්, මොහොතකට පෙර, තවදුරටත් ඉතා වැදගත් වූ සකස් කිරීමක් පිළිබ, ඉතිහාසගත වන ප්‍රකාශයක් සභාපති රසල් එම්. නෙල්සන් ප්‍රකාශ කර ඇත.

මා නැවතත් එම ප්‍රකාශනය කිවහොත්: “ස්වාමින්වහන්සේගේ කාර්යය වඩාත් ඵලදායි ලෙස කිරීමට මෙල්කිසදෙක් පූජකවරය ඝණපූර්ණයට අදාළව, සුවිශේෂි නැවත පිළියෙළ කිරීමක්, අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ලබනවා. කොට්ඨාශ මට්ටමින් උත්තම පුජක කණ්ඩායම් සහ වැඩිහිටියන්ගේ ඝණපූර්ණ එකට එක්කාසු කොට, එය එක් වැඩිහිටි ඝණපූර්ණයක් බවට පත් කරනවා ... [සහ] මෙම නව සංයුතියේ ස්ටේක උත්තම පුජක ඝණපූර්ණයද, වර්ථමාන පූජක කැඳවීම් වලට පාදක කර ගනු ලබනවා.”

තවදුරටත් සභාපති නෙල්සන් අමතමින්:

“මෙම වෙනස් කිරිම් මාස ගණනක් තුළ අත්හදා බලමින් , නිරීක්ෂණය කරමින් සහ පිරිපහදුවන්ට ලක් කර ඇත. අප මිනිසුන් කෙරෙහි දකිවන සැලකිල්ල තවත් වැඩි දියුණු කළ යුතු බව අපට බලවත් ලෙස හැඟි ඇත.... එය එලෙස ඉටු කිරීමට, අපගේ පූජකවරු ඝණපූර්ණයන්, අපි ශක්තිමත් කළ යුතුයි. එවිට ඔවුන්ගෙන් ලැබෙන ශ්‍රේෂ්ට මගපෙන්වීම් තුළින්, ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වන ලෙස උන්වහන්සේගේ සාන්තුවරයන්ට, ආදරය හා ආධාරකයක් වී, උපස්ථාන කළ හැකි වේ. මම සාක්ෂිදරනවා මෙම සැකසීම් ස්වාමීන්වහන්සේගේ පෙලඹීමෙන් වූ බවත් සහ අප ඒවා ක්‍රියාත්මක කිරිමේදි පෙරටත් වඩා, අපට ඵලදායි විය හැකි බවත්.

“මෙම වෙනස්කම් ස්වාමින්වහන්සේගේ පෙළඹවීම්. අප මේවා ක්‍රියාවට නංවනවිට, අප පෙරටත් වඩා කාර්යක්‍ෂම වෙනු ලබයි.”3

ප්‍රථමයෙන්ම, පළමු සභාපතීත්වයේ නිර්දේශයට, වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බැන්ඩ් සහ මම වැඩිදුර විස්තරාත්ම ඉදිරිපත් කිරිමක් කිරීමෙන්, ඔබ තුළ ඇති ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ලැබෙයි කියා විශ්වාස කරනවා.

වැඩිහිටි හා උත්තම පූජක ඝණපූර්ණ

ප්‍රථමයෙන්, නැවත නැවතත් කියහොත්, මොනවාද කොට්ඨාශ උත්තම පූජක කණ්ඩායම් සහ වැඩිහිටි ඝණපුර්ණයන් තුළ සිදුවන පිළිසකර කිරීම්? කොට්ඨාශවල, වැඩිහිටි ඝණපූර්ණ සාමාජිකයින් සහ උත්තම පූජක කණ්ඩායම් එකට එකතු කොට, එක මෙල්කිසදෙක් පූජකවර ඝණපූර්ණයක් බවට එක් සභාපතීත්වයක් බවට පත්වේ. සාමාජිකයින් ගණන හා ඒකත්වයෙන් වැඩි වූ මෙම ගනපූර්ණය, වැඩිහිටි ගණපූර්ණය ලෙස නම්කරනු ලබනවා. සියලුම වැඩිහිටියන්, එසේම උත්තම පූජකයින් නමුත් වර්තමානයේ සභානායකත්වයක, ස්ටේක් සභාපතීත්වයක, උසස් මන්ත්‍රණ සභාවක හෝ සේවය නොකරණ හා අදිපිතෘවරයෙකු ලෙස හෝ සේවය කරන සහ සභානායකත්වය දරණ උසස් මන්ත්‍රණ සභාවේ හෝ අදිපිතෘවරයකු ලෙස සේවය කරන උත්තම පූජකයින් ඇතුලත් වේ.

වැඩිහිටි ඝණපූර්ණ සභාපතීත්වය

වැඩිහිටි ඝණපූර්ණ සභාපතීත්වය සංවිධාන විය යුත්තේ කෙසේද? ස්ටේක සභාපතීත්වය වර්තමාන උත්තම පූජක නායක කණ්ඩායම් සහ වැඩිහිටි ඝණපූර්ණ සභාපතිත්වයන් නිදහස් කර, සෑම කොට්ඨාශයක හෝ ශාඛාවක සිටින නව වැඩිහිටි ගණපූර්ණ සභාපති සහ උපදේශකයන් කැඳවනු ඇත. නව වැඩිහිටි ඝණපූර්ණ සභාපතීත්වය තුළ විවිධ වයස් කාණ්ඩවල විවිධ වූ අත්දැකීම් ඇති වැඩිහිටියන් සහ උත්තම පූජකයන්, එකට එක්ව එක් ඝණපූර්ණ සභාපතීත්වයක් ලෙස සේවයේ යෙදෙනු ඇත. සභාපතීත්වය තුළ, වැඩිහිටියෙකු හෝ උත්තම පූජකයෙකු ඝණපූර්ණ සභාපති ලෙස හෝ උපදේශකයෙකු ලෙස සේවය කරනු ලබයි. මෙය උත්තම පූජකයින් විසින් වැඩිහිටි ඝණපූර්ණ පවරා ගැනීමක් නොවෙයි. අපේ බලාපොරොත්තුව වැඩිහිටියන් සහ උත්තම පූජකයන් එකට එක්ව, ඝණපූර්ණ සභාපතීත්වයේ සහ ඝණපූර්ණ සේවයේ, ඕනෑම සංයුතිය යටතේ වැඩ කිරීමයි. මෙම ඝණපූර්ණ නැවත පිළියෙල කිරිම් පහසු හා උච්ත ලෙස හැකි ඉක්මනින් ක්‍රියාත්මක කල යුතුය.

වැඩිහිටි ඝණපූර්ණය තුළ පූජකවර නිළධාරින්

වැඩිහිටි ඝනපූර්ණය තුල වූ ඝනපූර්ණ සැලැස්මේ සිදු වූ මෙම නැවත පිළියෙල කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස ඝණපූර්ණ සාමාජිකයින් විසින් දරණ පූජකවර නිලයන් වෙනස් වෙනවාද? නැත, මෙම ක්‍රියාව මගින් ඝණපූර්ණ සාමාජිකයන්ට අතීතයේ නියම වු කිසිම පූජකවර නිලයක් අවලංගු වන්නේ නැත. ඔබ දන්නා පරිදි, මිනිසෙකුට තම ජීවිත කාලය තුළ විවිධ වු පූජකවර නිලයන් නියම කිරිම් සිදු විය හැකි නමුත්, අලුත් නියම කිරිමක් ලද විට, කලින් ඔහු අදාළව පැවති නියම කිරිම් නැති වී යාමකට හෝ අහිමි වීමකට ලක්වන්නේ නැත. උදාහරණ ලෙස, ඇතැම් විට පූජකවරය දරන්නා එක් විටක, එක් නිලයකට වඩා සේවයෙහි නියුත්ත වන අතර, ආදිපිතෘ ලෙස හෝ සභානායකවරයා ලෙස සේවයකරන උත්තම පූජකයෙකු, එක් විටක, නියමානුකූලව ඔහුට අදාළ පූජක නිලයන් සියල්ලෙහිම ක්‍රියා කරනවා නොවිය හැක. උදාහරණයක් ලෙස සභානායකවරු සහ හැත්තෑවරු, ඔවුන්ගේ නිදහස් කළ හෝ ගෞරවාන්විත විශ්‍රාම කල පූජකවර නිලයන් තුළ, සක්‍රීය ලෙස සේවය කරන්නේ නැත. මෙලෙස, මොනයම් හෝ පූජකවර නිලයක් හෝ නිල මිනිසෙකු දැරුවද, ඔහු වැඩිහිටි ගණපූර්ණයේ සාමාජිකයෙක් සිටින තාක්, ඔහු සේවය කරන්නේ වැඩිහිටියකු ලෙසයි.

වසර ගණනකට පෙර, සභාපති බොයිඩ් කේ. පැකර් ප්‍රකාශ කලේ පූජකවරය එහි නිලයකට වඩා ශ්‍රේෂ්ඨ බවත් ........පූජකවරය බෙදා වෙන් කළ නොහැකි බවත්ය. වැඩිහිටියෙකු ප්‍රේරිතවරයෙකුගේ පූජකවරය තරමටම පූජකවරයක් දරණවා. (දහම සහ ගිවිසුම 20:38 බලන්න.) මිනිසෙකුට පූජකවරය පැවරූ විට, ඔහුට එය මුලුමනින්ම ලැබෙනවා. කෙසේ වුවද, පූජකවරය තුළ, බලය සහ වගකිම් බෙදිය යුතු නිලයක් පවතිනවා. ඇතැම්විට එක් නිලයක්, තව නිලයකට වඩා උසස් හෝ වඩා පහත් ලෙස දැක්වෙනවා.4 නිලයන්හි උසස් හෝ පහත් බවට වඩා, ඇත්තෙම්ම, මෙල්කිසදෙක් පූජකවර නිලයන්, එකක් තව එකකට වඩා උසස් ලෙස තබමින් කතා නොකළ යුතු බව මම බලාපොරොත්තු වෙනවා.

වැඩිහිටියන්, තව දුරටත් ස්ටේක සභාපතීත්වය, උසස් මන්ත්‍රණ සභාව හෝ සභානායකත්වයට කැඳවීම් ලද විට උත්තම පූජකයින් ලෙස නියම කෙරෙනු ඇත. නැතහොත් අනෙකුත් අවස්ථාවන්හීදි මෙය ස්ටේක සභාපති මඟින් යාච්ඤා තුළින් ලද පෙළඹවීමකින් සිදුවිය හැක. ඔවුන්ගේ ස්ටේක සභාපතීත්වය, උසස් මන්ත්‍රණ සභාව හෝ සභානායකත්වයට අදාළ වූ සේවයෙහි වු කොන්දේසින් සම්පුර්ණයෙන් නිම වූ විට, උත්තම පූජකයින් නැවත තම කොට්ඨාශයේ වැඩිහිටි ඝණපූර්ණයට සම්බන්ධ වනු ඇත.

වැඩිහිටි ඝනපූර්ණය සභාපති හට මඟපෙන්වීම

වැඩිහිටි ඝණපූර්ණ සභාපතිගේ කාර්යය සඳහා ඔහුට මඟපෙන්වන්නේ කවුද? ස්ටේක සභාපති, ඔහුගේ ස්ටේකයේ මෙල්කිසදෙක් පූජකවරයට ඉහළින් මුලසුන දරණවා. එම නිසා, වැඩිහිටියන්ගේ ඝණපූර්ණ සභාපති, ස්ටේක සභාපතිට එක එල්ලේ වගකීමෙන් බැඳී සිටිනවා. තවද අවශ්‍ය පුහුණු කිරිම් සහ මගපෙන්වීම් ස්ටේක සභපති විසින් උසස් මන්ත්‍රණ සභාව හරහා ස්ටේක සභාපතීත්වය ලබා දෙයි. කොට්ඨාශයේ මුලසුන දරණ උත්තම පූජක ලෙස සිටින සභානායකවරයා ද, නිත්‍ය දිනයන්හි සාමාජිකයන්ට උසස් සේවයක් සහ ඔහුනට ආශිර්වාද කළ යුතු ආකාරය සහ සියළුම කොට්ඨාශ සංවිධානය සමඟ සමගියෙන් වැඩ කල යුතු ආකාරයනට අදාළ වූ උපදෙස් හා සුදුසු මගපෙන්වීම් සභාපතියාට ලබා දෙනු ලබයි.5

එම වෙනස්කම් වල අරමුණ

මෙල්කිසදෙක් පූජකවර ඝණපූර්ණයන් නැවත පිළියෙළ කිරීමේ අරමුණ කුමක්ද? එක් කොට්ඨාශයක එක් මෙල්කිසදෙක් පූජකවර ඝණපූර්ණයක් තිබීමෙන්, පූජකවර හිමියන් ඒකාබද්ධ කොට ගැලවිමේ කාර්යය ඉටු කිරිමටත්, උත්තම පූජක කණ්ඩායම් විසින් ඉදිකරන ලද පවුල් ඉතිහාසය පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු කරගෙන යාමටත් හැකිවේ. තවද එමඟින් විවිධ වූ වයස් මට්ටම් වලින් හා පසුබිම් වලින් පැමිණි ඝනපූර්ණ සාමාජිකයන්ගේ සහ ජීවිතයේ විවිධ වූ අවධින් පසු කරමින් සිටින ඝණපූර්ණ සාමාජිකයන්ගේ දෘෂ්ටි කෝණයන්හි වගකිම් ප්‍රයෝජනවත් වනු ලබනවා. තවද මින් අත්දැකීම් ඇති පූජකවර හිමියන්ට උපදේශකවරයෙකු ලෙස අනන්‍යයන්ට සේවය කිරිමේ අමතර අවස්ථාවක්ද සැලසෙනවා. මෙයට අනාගත වැඩිහිටියන් අලුත් සාමාජිකයන්, තරුණ වැඩිහිටියන් හා නැවත ක්‍රියාකාරී ලෙස සභාවට පැමිණෙන්නන්ද ඇතුළත්. අනාගතයේ දි වැඩිහිටි ඝණපූර්න කාර්යභාරයේ දි ඇති වැදගත්කම වැඩිවීම ගැන සිතන විට ප්‍රමාණයෙන් මෙතකැයි ප්‍රකාශ කිරිම සතුටක් ගෙන දෙනවා. මෙම ඝණපූර්නයන් තුළ හමුවන ප්‍රඥාව, අත්දැකිම්, හැකියාවන් සහ ශක්තීන් අලුත් හෙට දිනයකට පෙර නිමිති දක්වන අතර සභාව හරහා වූ පූජකවර සේවය නව උසස් තලයකට ගෙන එනු ලබනවා.

වසර 20 කට පෙර ප්‍රධාන සම්මන්ත්‍රණයකදී කියැවුණු කතාවක් මම මෙහිදි පවසනවා, මක්නිසාදයත්, එය මෙහිදි කීමට වටිනවා යැයි මම සිතන නිසා. මෙය ප්‍රථමයෙන් පවසන ලද්දේ හැත්තෑවරුනගේ වැඩිහිටි වෝගන් ජේ. ෆෙදර්ස්ටෝන් විසින්.

1918 ගොවියෙකු වුණු සහෝදර ඨැදරටැ ජෝර්ජ් ගොට්ස් - යූටාහි සීනි බීට් වගා කරනු ලැබුවා. එම වසරේ, කලින් ශීත සෘතුව පැමීණීම හේතුවෙන් භූමියෙ වු බීට් වගාවේ බොහොමයක් මිදී ගියා. ජෝර්ජ්ට සහ ෆ්‍රැන්සිස් වූ ඔහුගේ බාල සොහොයුරු හට අස්වැන්න ලබා ගැනීම ඉතා මන්දගාමි සහ අසීරු කාර්යයක් වූවා. ඒ අතර වාරේ ඉන්ෆ්ලුවෙන්සා වසන්ගතය උග්‍රවුණා. මෙම භයානක රෝගයට ජෝර්ජ්ගේ පුතු වූ චාර්ල්ස්ද, චාර්ල්ස්ගේ කුඩා දරුවන් තිදෙනෙක් පුංචි දියනියන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙකුගේ ජීවිත බිලිගත්තා. හුදෙක් දින හයක් ඇතුළත, බලවත් සිත් වේදනාවෙන් පසු වන ජෝර්ජ් ගොට්ස් භුමිදානය පිණිස මෘත ශරීරය නිවසට ගෙන ඒමට තුන් සැරයක් ඔග්ඩන් - යූටා වෙතට ගමන් කලා, මෙම දරුණු විරාමයෙන් පසු ජෝර්ජ් සහ ෆ්‍රැන්සිස් වුන්ගේ කරත්ත බැඳ වගා භූමියට ගියා.

“යන අතර මගදී අසල්වාසි ගොවියන් පදවාගෙන කර්මාන්තශාලා වෙත ඇදෙන, බීට් පැටවූ එක් කරත්තයක් පසු පස තවත් කරත්තයක් ලෙස ඔවුන්ව පසු කළා. එසේ මොවුන්ව පසුකර යද්දී, එක් එක් රියදුරා අතවනමින්, අචාර කරමින් ‘ජෝර්ජ් මාමේ ඇත්තටම අපට කණගාටුයි, ජෝර්ජ් දරුණු බාධාකිරිමක් වුනේ, ඔබට ගොඩක් මිතුරන් සිටිනවා ජෝර්ජ්, යන ආදි ලෙස පැවසුවා.’

අවසාන කරත්තය සිටියේ, මුහුණේ ලා දුඹුරු ලප ඇති ජස්පර් රෝල්ෆ්. ඔහු සතුටින් අතවනා අචාර කරමින්, ‘මේ තමා අවසාන එක, ජෝර්ජ් මාමේ ලෙස පැවසුවා.’

සහෝදර ගොට්ස් ෆ්‍රැන්සිස් දෙසට හැරෙමින්: ‘ඒ සියල්ල අපේ වුණා නම්’ ලෙස පැවසුවා.

මොවුන් ගොවිපලේ ගේට්ටුව අසලට පැමිණියා. ෆ්‍රැන්සිස් ලොකු රතු පාට බීට් කරත්තයෙන් බිමට පැන ගේට්ටුව විවෘත කලා. ඔහුගේ පියා ජෝර්ජ් රථය පදවා ගෙන වගාව වෙත ගියා. ජෝර්ජ් රථය නවතා වගාව හොඳින් නිරීක්ෂණය කළා. මුළු වගාවේම කිසිම සීනි බීට් අලයක් තිබුණේ නැහැ. එවිට ඔහුට ජස්පර් රෝල්ෆ් පැවසූ වදන් වල තේරුම අවබෝධ වුණා, මේ තමා ඒවායේ අවවසානය, ජෝර්ජ් මාමේ!’

“ජෝර්ජ් කරත්තයෙන් බැස, ඔහු ඉතා ආදරය කළ දුඹුරු පැහැති පොළොවෙන් පස් පිඩක් දෑතට ගත්තා. එවිට...... බීට් උඩු කොටසක් ඇස් අදහා ගත නොහැකි වූවා සේ, ඔහුගේ මහන්සියේ සංකේතය වූ බීට් උඩු කොටස් දෙස බලා සිටියා.

“ඉන්පසු ඔහු ගොඩගසා තිබූ බීට් උඩු කොටස් මත වාඩි වූවා. තමන් දැඩි ලෙස ආදරය කළ හතර දෙනෙකුගේ දේහයන් භූමදානයන් සඳහා, දින හයක් තුල, නිවසට ගෙන ආ මෙම මිනිසා, මීනි පෙට්ටි සාදා, මීනි වලවල් හාරා, භූමදාන ඇදුම් සඳහා පවා උදව් වූ, කිසිම විටක නොපැකිලිව වේදනාවෙන් නොපසුබටව ඉතා සෝචනීය වූ මෙම දුෂ්කර අවස්ථාවනට මුහුණ දුන් මෙම අරුම පුදුම මිනිසා, කුඩා දරුවෙකු මෙන් ගොඩගැසූ බීට්උඩු කොටස් මත වාඩිවී, ඉකිගසා හඬන්නට වූවා.

“ඉන්පසු ඔහු නැගිට කඳුළු පිසදමා......අහස දෙසට නෙත් යොමා: ‘ස්තූතියි, පියාණෙනි, අපගෙ කොට්ඨාශයේ සිටිනා වැඩිහිටියන් වෙනුවෙන්”’ ලෙස පැවසුවා.6

ඔව්, පූජකවරයෙහි සිටින මිනිසුන් වෙනුවෙන් සහ තවදුරටත් ගොඩනැගීමෙහිලා, පුද්ගලයින්ට සහ පවුල් වලට ඔවුන් කරන්නාවු ගොඩනැංවීම වෙනුවෙන් දෙවියන්වහන්සේට ස්තුති වේවා.

පළමු සභාපතිත්වය, ප්‍රේරිතයන් දොළොස්දෙනෙකුගෙන් හෙබි ඝණපූර්ණය සහ හැත්තෑවරු සහ හැත්තෑවරුන්ගේ සභාපතිත්වය විසින් දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ මෙම නැවත පිළියෙල කිරීම් සැලකිල්ලට භාජනය කරන ලදි. බලවත් යාච්ඤාවෙන්, ඝණපූර්ණ පූජකවරයේ ශුද්ධලියවිලි පදනම්වල සාවධාන අධ්‍යනයෙන් සහ ස්වාමීන්වහන්සේගේ අභිප්‍රායද මෙය බව වු සනාථ කිරීමෙන් අප, අපට ක්‍රමයෙන් එළිදරව්වු ප්‍රතිසංස්කරණයේ තවත් පියවරක් තබමින්, යථාර්තවාදී ලෙස, ඒකමතිකව ඉදිරියට ගමන් කරනවා. ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීමේ ප්‍රකාශය තුළ මම ඉමත්සේ ප්‍රීති වෙනවා, මක්නිසාදයත්, ස්වාමීන්වහන්සේටත්, උන්වහන්සේගේ පූජකවරය තුළ වු නියමයන් සඳහාත්, මා සාක්ෂි කරුවකු වන බැවින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමේන්.

සටහන්

  1. දහම සහ ගිවිසුම 41:3.

  2. See, for example, William G. Hartley, “The Priesthood Reorganization of 1877: Brigham Young’s Last Achievement,” in My Fellow Servants: Essays on the History of the Priesthood (2010), 227–64; “To the Seventies,” in James R. Clark, comp., Messages of the First Presidency of The Church of Jesus Christ of Latter-day Saints (1965), 352–54; Hartley, “The Seventies in the 1880s: Revelations and Reorganizing,” in My Fellow Servants, 265–300; Edward L. Kimball, Lengthen Your Stride: The Presidency of Spencer W. Kimball (2005), 254–58; Susan Easton Black, “Early Quorums of the Seventies,” in David J. Whittaker and Arnold K. Garr, eds., A Firm Foundation: Church Organization and Administration (2011), 139–60; Richard O. Cowan, “The Seventies’ Role in the Worldwide Church Administration,” in A Firm Foundation, 573–93.

  3. Russell M. Nelson, “Introductory Remarks,” Liahona, May 2018, 54.

  4. Boyd K. Packer, “What Every Elder Should Know—and Every Sister as Well: A Primer on Principles of Priesthood Government,” Tambuli, Nov. 1994, 17, 19.

  5. See Handbook 2: Administering the Church (2010), 7.3.1.

  6. D. Todd Christofferson, “The Priesthood Quorum,” Liahona, Jan. 1999, 47; see also Vaughn J. Featherstone, “Now Abideth Faith, Hope, and Charity,” Ensign, July 1973, 36–37.