2010–2019
පූජකවරයේ බලයන්
2018 අප්‍රියෙල්


පූජකවරයේ බලයන්

ඔබේ පවුලේ සහ සභාවේ කැඳවීම් ගැන ස්වාමින්වහන්සේගේ කාර්යයන් කිරීම පිණිස, ඔබ දරණ පූඡනීය පූඡකවරය විශාල කර පෙන්වීම ඉතා වැදගත් කරුණක් වෙනවා.

මාගේ ආදරණීය සහෝදරවරුනි, සභාපති රසල් එම්. නෙල්සන්ගෙන් ඵලිදරව් සහිත ප‍්‍රකාශයක් ද, වැඩිහිටි ක්‍රිස්ටෝෆර්සන් සහ රස්බැන්ඩ් සහ සභාපති අයරින්ගෙන් වැදගත් විස්තර කිරීම්ද අපට අසන්නට ලැබිණි. ස්වාමින්වහන්සේගේ මඟ පෙන්වන්නන් සහ පූඡකවර දරන්නන් ලෙස ඔබේ වගකීම් වැඩි විස්තර කිරීමට සභාපති නෙල්සන් තව ප‍්‍රකාශ කිරීම් ඇත. ඵයට උපකාරයක් ලෙස, ඔබ දරණ පූජකවරය රජකරවන ප‍්‍රධාන මූලධර්මයන් කිහිපයක් සමාලෝචනය කරන්නම්.

I. පූජකවරය

“මනුෂ්‍යයාගේ සදාකාලික ජීවිතය ලඟා කරදීමේ” (මෝසෙස් 1:39) දෙවියන්වහන්සේගේ කාර්යය ඉටුකරදීම පිණිස දෙවියන්වහන්සේ විසින් දෙන ලද දිව්‍යමය බලය මෙල්කිසදෙක් පූජකවරයයි. වෂී 1829 දී, ගැලවුම්කරුවානන්ගේ අපෝස්තුලූවරු වන පේදුරු, ජුවාම් සහ යොහාන් (දහම සහ ගිවිසුම 27:12 බලන්න) විසින් ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කෞඩ්රි වෙත එය පවරනු ලැබින. අපට විස්තර කිරීමට බැරි තරමටම එය බලගතු හා ශුද්ධවන්ත වේ.

පූජකවරයේ යතුරු වනුයේ, පූජකවරයේ අධිකාරිය යෙදවීමේ බලයයි. ඵසේම, ප්‍රේරිතවරුන් ජෝසෆ් සහ ඔලිවර්ට මෙල්කිසදෙක් පූජකවරය ප්‍රධානය කළ විට, ඵය යෙදවීමේ යතුරු දුනි. (දහම සහ ගිවිසුම 27:12–13) නමුත්, සියලූ පූජකවර යතුරු ඵම කාලයේදි නොදෙන ලදි. “මේ සම්පුර්ණ වූ කාලවකවානුවේ” (දහම සහ ගිවිසුම 128:18) අවශ්‍ය සියලූම යතුරු හා අවශ්‍ය දැනුම දෙනු ලබන්නේ “පේළියෙන් පේළියටය” (පදය 21). අවුරුදු 7 කට පසුව අමතර යතුරු, කර්ට්ලන්ඩ් දේවමාලිගයේදි දෙනු ලැබිණ (දහම සහ ගිවිසුම 110:11–16 බලන්න). මෙම යතුරු දෙනු ලැබුවේ මියගිය අය බෞතීස්ම කිරීම වැනි පැවරුම් සඳහා පූජකත්ව බලය මෙහෙයවන්ටය.

මෙල්කිසදෙක් පූජකවරය යනු තත්වයක් හෝ ලේබලයක් නොවේ. ඵය, උන්වහන්සේගේ දරුවන්ගේ සුභසිද්ධිය සඳහා දෙවියන්වහන්සේගේ කාර්යය කිරීම පිණිස විශ්වාසයෙන් දරා භාවිතා කරන දිව්‍යයම බලයකි. අප නිතරම මතක තබා ගත යුතුයි පූජකවරය දරණ පුරුෂයන් “පූජකවරය” නොවන බවට. “පූජකවරයට සහ ස්ත‍්‍රින්ට” ලෙස යොමු කිරීම සුදුසු නැත. “පූජකවරය දරන්නන් සහ ස්ත‍්‍රීන්” ලෙස අප සඳහන් කළ යුතුය.

II. දේවසේවයේ සේවයක්

උන්වහන්සේගේ පූජකවරය දරණ අයගෙන් ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේබලාපොරොත්තු වන දෙය ගැන අපි සලකා බලමු. අප උන්වහන්සේ වෙත ආත්මයන් ගෙනෙන්නේ කෙසේද.

“සභාව සර්ව සම්පුර්ණ ලෙස සංවිධානය කර ඇති බව සත්‍ය වශයෙන්ම පවසනු ලබා ඇතිබව සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් ඉගැන්නුවේය. මෙම සංවිධාන මත ඇති පොරොන්දු වලට, සම්පූර්ණ ලෙස ප‍්‍රාණවත් නොවිම ඇති ඵකම ආපදාවයි. ඔවුන්ගෙන් බලාපොරොත්තුවන පරිදි ඔවුන් මුලුමනින්න්ම අවදි වූ විට, ඔවුන්ගේ වගකීම් වඩා ඇදහිලිවන්තව ඔවුන් ඉටුකරාවි, සහ ලෝකයේ බලපෑම් වලට එරෙහිව ස්වාමින්වහන්සේගේ කාර්යයන් වඩා ශක්තිමත් හා වඩා බලවත් වේවි.” 1

සභාපති ස්මිත්, මෙසේද අවධාරණය කලේය:

“පුජනීය පූජකවරය පිළිබඳ රාජකාරි හෝ පදවි පිළිබඳ දෙවියන්වහන්සේ දුන් ගෞරවනීය පදවි, ප‍්‍රයෝජනයට ගැනීම හෝ මිනිසාගෙන් පැවත එන ඵ්වා ලෙස නොවැ, අප සේවය කිරීමට ප‍්‍රකාශ කරන ඵකම ස්වාමියෙකුගේ කාර්යයන් තුළ බැහැපත් සේවයක් කිරීමේ පත්වීමකි.  …

“... අප මහන්සි වනුයේ, ආත්මයන්ගේ ගැලවීම සඳහාය, එය අප මත ඇති වැදගත් යුතුකමක් ලෙස අපට දැනිය යුතුය. එමනිසා දෙවියන්වහන්සේට ඇති පේ‍්‍රමය සඳහාද, මිනිසාගේ ගැලවීම සහ පොලවේ දෙවියන්වහන්සේගේ ජයග‍්‍රහණය සඳහාද, උවමනා වුවහොත් අපේ සියල්ල පරිත්‍යාග කිරිමට අප කැමති විය යුතුය.”2

III. පූජකවරයේ තනතුරු

ස්වාමින්වහන්සේගේ සභාවේ පුජකවරයේ තනතුර සඳහා, නොයෙක් ආකාරයන් ඇත. දහම සහ ගිවිසුම පොත, උත්තම පූජකවරයන්ට සදහන් කරන්නේ “ස්ථාවර සභාපතිවරු හෝ ලෝකය පුරා විසිරී ඇති නොයෙක් කොට්ඨාශවල මෙහෙකරුවන්” ලෙසය(දහම සහ ගිවිසුම 124:134). ඵය, වැඩිහිටියන්ට සඳහන් කරන්නේ “ස්වාමින්වහන්සේගේ සභාවේ ස්ථාවර උපස්තායකවරු” ලෙසය (දහම සහ ගිවිසුම 124:137). මේ එම කාර්යයන් ගැන වෙනත් ඉගැන්වීම් මෙන්න.

උත්තම ජූජකවරයෙකු විසින් ආත්මීය කටයුතු පිළිබඳ නිල කටයුතු කරමින් හා මෙහෙකිරීම් කරයි (දහම සහ ගිවිසුම 107:10, 12 බලන්න). තවද, සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් ඉගැන්වූ ලෙස, “ඔහු උත්තම පූජකවරයෙකු ලෙස ඉදිරියේ ආදර්ශවත්වී, ධර්මිශ්ටකමේ ගුරුවරයෙකු වීමට නියෝගයෙන් පමණක් නොව උදාහරණයෙන් ද සුදුසු තත්වයට පත් වී සහ වයසින් ලැබූ යහපත් අත්දැකීම් තරුණ අයට දෙමින් සිටි නිසා ඔහු ජීවත් වන සමාජයේ ඔහුට පුද්ගලීකව බලවත් වී සිටිය හැකිය.”3

දොළොස් දෙනාගේ ඝණපූර්ණයේ වැඩිහිටි බ්රූස් ආර්. මැකොන්කි මෙසේ ඉගැන්වීය: “ස්වාමින්වූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ උපස්තායෙකි වැඩිහිටිලෙකු ඔහුගේ ස්වාමියාගේ ස්ථානයේ සිට, තම සමාජයට උපස්ථාන කිරිමට ඔහුට අණ ලැබී ඇත. ඔහු ස්වාමියාගේ නියෝජිතයකි.”4

ඔහු උපස්ථායෙකු පමණක් යන අදහස වැඩිහිටි මැකොන්කි විවේචනය කළේය. සභාවේ සෑම වැඩිහිටිලෙකු, සභාවේ සභාපති තරමට පුජකවරය දරන්නේය… ,” ඔහු මෙසේ ඇසුවේය, වැඩිහිටිලෙකු යනු කව්ද? ඔහු යහපත් ඵඬේරාගේ බැටලූ රැලට සේවය කරන ඵඬේරෙකි.”5

යහපත් එඬේරාගේ බැටලූ රැලට උපස්ථාන කරන මෙම වැදගත් කි‍්‍රයාවේදී, උත්තම පූජකවර තනතුර හා මෙල්කිසදෙක් පුජකවරයේ වැඩිමහලෙකු අතර වෙනසක් නැත. දහම සහ ගිවිසුමෙහි, 107 වෙනි කොටසෙහි, ස්වාමීන්වහන්සේ මෙසේ වදාල සේක, “මෙල්කිසදෙක් පූජකවරු තත්වයෙන් පසු, උත්තම පූජකවරයෙකු හට, තම ස්ථාවරයේ සිට, සභාපතිත්වයේ මග පෙන්වීම මත, ආත්මීය කාරනා සහ වැඩිහිටිලෙකුගේ කාර්යාලයේ හෝ ආරෝනික පූජකවරයෙකුගේ හෝ මෙහෙයන් පැවැත්වීම සඳහා අයිතියක් ඇත.” (දහම සහ ගිවිසුම 107:10; තවද බලන්න 12 වන පදය).

මෝර්මන් පොතෙහි, අනාගතවක්තෘ යාකොබ් ඉගැන්වු මූලධර්මය නම්, සියලූ පූජකවරය දරන්නන්ට, සියලූ මූලධර්මයන්ට වඩා වැදගත් මූලධර්මයක් වන්නේය. ඔහු සහ ඔහුගේ සහෝදර ජනයාගේ පූජකවරු සහ ගුරුවරු ලෙස කැප කල පසු, මෙසේ කීහ: “අපි අපේ මෙහෙය, ස්වාමීන්වහන්සේ වෙත ලොකුකර පෙන්වුයෙමු. අපේ සියලූ උද්යෝගයෙන් ස්වාමින්වහන්සේගේ වචනය ජනයාට ඉගැන්වුයේ නම්, ඔවුන්ගේ පාප අප හිස මත ගෙන, ඒවාට පිළිතුරු දීමටත් වගකීම අප හිස මතය” (යාකොබ් 1:19).

සහෝදරවරුනි, පූජකවරය දරන්නන් ලෙස, අපේ වගකීම් වැදගත් කාරනාවක්ය. ඔවුන්ගේ පණිවිඩ සහ වෙනත් කාර්යයන් ලෞකික මට්ටමින් සිදු කරන විට වෙනත් සංවිධානයනට සතුටු විය හැකියි, නමුත් දෙවියන්වහන්සේගේ පූජකවරය දරන අපට, දෙවියන්වහන්සේගේ සෙලෙස්ටියල් රාජධානියට ඇතුලූ වීමට ප‍්‍රාරම්භයේදී, ස්වාමීන්වහන්සේ එලිදරව් කල ලෙස අපට අරමුණු හා වගකීම් ඇත. ලෝකයට මෙය හෙලි කල යුත්තේ අපියි:

“සෑම මිනිසෙකුම, ලෝකය ගලවාගත් ගැලවුම්කාරයාණන් වුත් ස්වාමින්වුත් දෙවියන්වහන්සේගේ නාමයෙන් කතා කරනු ලැබිය යුතුය;

“පොලොව පුරා ඇදහිල්ල වැඩිවිය යුතුය;

“මාගේ සදාකාල ගිවිසුම තහවුරු වනු පිණිස;

“මාගේ ශුභාරංචියේ සම්පූර්ණය, දුර්වල සහ සරල අය විසින්, ලෝකයේ කෙලවර දක්වා හෙලි කරනු පිණිස” (දහම සහ ගිවිසුම 1:20–23).

මෙම දිව්‍යමය උපදේශය සම්පුර්ණ කිරීමට, අපි අපේ පූජක කැඳවීම් සහ වගකීම් ලොකුකර පෙන්වීම පිණිස ඇදහිලිමත්විය යුතුය(දහම සහ ගිවිසුම 84:33 බලන්න). වැඩිහිටි හැරල්ඩ් බී. ලී පූජකවරය ලොකු කර පෙන්වීම යනු කුමක්දැයි මෙසේ පැහැදිලි කලේය; “යමෙක්, පූජකවරය දරන්නෙක් වු විට, ඔහු ස්වාමින්වහන්සේගේ ඒජන්තවරයෙකු වන්නේය. ඔහු තම කැඳවීම් ගැන සිතිය යුත්තේ, ඔහු ස්වාමින්වහන්සේගේ සංදේශ කරමින් සිටින ලෙසය. පූජකවරය ලොකුකර දැක්වීම යන්නෙන් අදහස් වන්නේ එයයි.” 6

එම නිසා සහෝදරවරුනි, උන්වහන්සේගේ සේවකයන් මාර්ගයෙන් කරනවා මෙන්, උන්වහන්සේගේ පුත‍්‍රයෙකුට හෝ දියණියකට උපකාර කිරීමට ස්වාමීන්වහන්සේ විසින්ම ඇසුවහොත්, ඔබ එය කරනවාද? ඔබ එය කලොත්, ස්වාමීන්වහන්සේ පොරොන්දු වු උපකාරය මත රැඳෙමින් “උන්වහන්සේගේ ඒජන්තවරයෙකු” ලෙස කි‍්‍රයා කරනවාද?

සභාපති ලී තවද මෙලෙස ඉගැන්වූවා, පූජකවරය ලොකු කර පෙන්වීම ගැන උගන්වන විට ඔබ, ලොකුකර පෙන්වන කණ්නාඩියක් ගැන සිතන්න. ඔබ ලොකුකර පෙන්වන කණ්නාඩියක් යමක් ඉදිරියෙන් තැබූ විට, පියවි ඇසට පෙනෙනවාට වඩා ලොකුවට එය පෙනෙයි. එය ලොකුකර පෙන්වු විට, ඔවුන් පළමුව දුටුවාට වඩා ලොකු සහ සිතුවාට වඩා වැදගත් බවක් පෙනේවි. ඔබේ පූජකවරය ලොකු කල යුත්තේ එසේයි.” 7

තම පූජකවරයේ වගකීම ලොකු කර පෙන්වු පූජකවරය දරන්නෙකුගේ උදාහරණයක් මෙන්න. මා මෙය ඇසුවේ අයිඩහෝ ස්ටේක සම්මන්ත්‍රණයක මගේ සහකරු වු වැඩිහිටි ජෙෆ්රි ඩි. ඉරේක්සන් ගෙනි. ඉතා දුප්පත් විවාහක වැඩිමහල්ලෙක් වු ඔහු, විද්‍යාලයේ අන්තිම අවුරුද්ද ගෙවා ගැනීමට අපහසුව, හොඳ රැකියාවකට යාමට, දින කිහිපයකට පසුව, ඔහුගේ වැඩිහිටි ඝනපූර්ණයේ සභාපති ඔහුගේ නිවසට පැමින, ඔබ දන්නවාද මා දරන පූජකවරයේ යතුරෙහි සුවිශේෂතාවය? යනුවෙන් ඇසීය. ජෙෆ්රි දන්නවා යැයි කීවිට, සභාපති මෙසේ කීය. විද්‍යාලයෙන් අස්වීමට ගත් තීරණය ඇසු පසු, මෙම පණිවිඩය දෙන තුරු ස්වාමීන්වහන්සේ ඔහුට නිදි නැති රාති‍්‍රයේ පීඩා දුන් බව පැවසිය. ඔබේ වැඩිහිටි ඝනපූර්ණයේ සභාපති ලෙස, මා ඔබට අවවාද දෙනවා විද්‍යාලයෙන් අස්නොවීමට. ඒ ස්වාමීන්ගෙන් ලත් පණිවිඩයකි ඔබට” ජෙෆ්රි විද්‍යාලයෙන් අස්නොවුනි. අවුරුදු කිහිපයකට පසු මට ඔහු හමු වන විට, ඔහු ජයග‍්‍රාහී ව්‍යාපාරිකයෙකුව සිටියේය. පූජකවර දරන්නෙක්ගේ රැස්වීමක ඔහු මෙසේ කියනවා මට ඇසුනි, එම උපදේශය මගේ ජීවිතයේ සියලූ වෙනස් වීම් කලේය.”

පූජකවරෙයක්, ඔහුගේ පූජකවරය සහ කැඳවීම ලොකු කර පෙන්වීය සහ එමගින් දෙවියන්වහන්සේගේ දරුවෙකුගේ ජීවිතයකට සියලූ වෙනස්වීම් ලැබුනි.

IV. පවුල තුල පූජකවරය

දැන් වෙන තුරු, මා කථා කලේ, සභාවේ පූජකවරයේ ඇති කාර්යයන් ගැනය. දැන් මා කථා කරන්නම්, පවුලේ පූජකවරය ගැන මා පටන් ගන්නම් යතුරු වලින්. පූජකවර බලය කි‍්‍රයාවේ යෙදවිය හැක්කේ එයට අදාළ යුතුරු දරන්නෙකුගේ මග පෙන්වීම යටතේ පමණය. එය සභාවේ මුලික කරුණකි. නමුත් පූජකවර අධිකාරිය පවුලේ යෙදවීම සඳහා එය අවශ්‍ය නැත.8 පූජකවරය දරන පියෙකුට තම පවුලේ සාමාජිකයන්ට උපදෙස් දීමට, පූජකවර ආශිර්වාද දීමට හෝ පවුලේ අයට සහ අන් අයට සුව කිරීමේ ආශිර්වාද දීමට ඔහුට පූජකවර යතුරු දරන්නෙකුගේ මග පෙන්වීම හො අනැමැතිය අවශ්‍ය නැත.

රූපය
පවුල එක්ව අධ්‍යනය කිරීම

පියවරු, තම පවුල තුල ඔවුන්ගේ පූජකවරය විශාල කර පෙන්වනවා නම්, එය වෙන යමක් කරනවාට වඩා, සභාවේ දූතමෙහෙය තව දූරට ගෙන යන්නේය. මෙල්කිසදෙක් පුජකවරය දරන පියවරු පනත් තැබිය යුතුය. එමගින් ඔවුන්ට පූජකවරයේ බලය ලැබ, තම පව්ලේ සාමාජිකයන්ට ආශිර්වාද කල හැක. පියවරු තම පවුලේ සාමාජිකයන්ට පේ‍්‍රමණිය බැඳීම් දියුනු කල යුතුය. එමගින් ඔවුන් තම පියවරුන්ගෙන් ආශිර්වාද ඉල්ලනු ලබන්නේය. පූජකවර ආශිර්වාද පවුලට වඩ වඩා ලැබීමට දෙමාපියන් අනුබල දිය යුතුය.

රූපය
පූජකවර ආශිර්වාදය

පියවරුනි, පවුල ලෝකයට ප්‍රකාශනයකි යන්නෙහි උගන්වනවා මෙන්, “ඔබේ බිරිඳ සමග අසම-සම සහකරුවන්” ලෙස කි‍්‍රයා කරන්න.9 පියවරුනි, ඔබේ පූජකවර අධිකාරියේ බලය සහ ආනුභාවය භාවිතා කිරීම සඳහා ඔබ ආශිර්වාද ලැබු නිසා, එය කරන්න කැමති කරවා ගැනීමෙන් සහ ඉවසිලිවත්ව සහ අවංක පේ‍්‍රමයෙන් පූජකවර අධිකාරිය කි‍්‍රයා කිරිමේ එම ඉහල තත්වය, පවුලට ඉතා වැදගත්ය. (දහම සහ ගිවිසුම 121:41). සභාපති හැරල්ඩ් බී. ලී සභාවේ සභාපති ලෙස පත්වු විගස, ඔහු මෙම පොරොන්දුව දුනි. ඔබ දරන පූජකවරය වඩාත් පුදුමාකාර වනුයේ ඔබේ පවුලේ විපතකදී හෝ තදබල අසනීපයකදී හෝ ගතයුතු බලවත් තීරණයකදීය. සර්ව පරාක‍්‍රම වු දෙවියන්වහන්සේගේ බලය වන පූජකවරයේ බලයෙන් ආවරණය වු විට, එය ස්වාමින්වහන්සේගේ කැමැත්ත නම්, ප‍්‍රාතිහාර්ය සිදු කිරීමට බලය ඇත. නමුත්, එම පූජකවරය අපට භාවිතා කිරීමට නම් අප සුදුසු විය යුතුය. මෙම මුලධර්මය තේරුම් ගැනීමට අසමත්වීම, යනු උතුම් පූජකවරය දරන ආශිර්වාදය ලැබීමට අසමත් වීමයි.”10

මා පේ‍්‍රමණීය සහෝදරවරුනි, ඔබ දරන පූජකවරය ලොකු කර පෙන්වීම, ඔබේ පවුලේ සහ ඔබේ සභාවේ කැඳවීම් සඳහා ස්වාමින්වහන්සේගේ කාර්යයන් කිරීම සඳහා ඉතා වැදගත්ය.

පූජකවරය හිමි උන්වහන්සේ ගැන මම සාක්‍ෂි දරමි. උන්වහන්සේගේ වේදනාකාර වන්දි ගෙවීම් සහ පූජාව සහ නැවත නැගිටීම තුලින්, සියලූ ස්ති‍්‍ර සහ පුරුෂයින්ට සහතිකයන් තිබෙනවා අමරනීය භාවයට සහ සදාකාල ජීවිතයට අවස්ථාවක් අපේ සදාකාල පියාණන් වන දෙවියන්වහන්සේගේ මෙම උතුම් කාර්ය කිරීම සඳා අප සෑම කෙනෙක්ම ඇදහිලිමත්ව සහ උනන්දුවෙන් අපේ කොටස කල යුතුය. යේසුස් කි‍්‍රස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. Teachings of Presidents of the Church: Joseph F. Smith (1998), 343.

  2. Teachings: Joseph F. Smith, 340, 343.

  3. Joseph F. Smith, Gospel Doctrine, 5th ed. (1939), 182.

  4. Bruce R. McConkie, “Only an Elder,” Ensign, June 1975, 66; emphasis in original not preserved.

  5. Bruce R. McConkie, “Only an Elder,” 66; emphasis in original not preserved.

  6. Teachings of Presidents of the Church: Harold B. Lee (2000), 93.

  7. The Teachings of Harold B. Lee, ed. Clyde J. Williams (1996), 499.

  8. See Dallin H. Oaks, “Priesthood Authority in the Family and the Church,” Liahona, Nov. 2005, 24–27.

  9. See “The Family: A Proclamation to the World,” Liahona, May 2017, 145.

  10. Teachings: Harold B. Lee, 97.